Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8701-8800 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT251. කොණ්ඩඤ්ඤානන්දිනන්දාදී තිට්ඨන්ති රාහුලො ජිනො, සුඛිතො සහිතො සඞ්ඝො හතදප්පා ච තිත්ථියා.
Sinhala BJT251. කොණ්ඩඤ්ඤ - ආනන්‍ද - නන්‍ද ආදී තෙරණුවෝ ද, ජිනපුත්‍ර රාහුල තෙරහු ද සිටුනාහ. සඞ්ඝ තෙමේ සුඛිත යැ සහිත යැ තීර්‍ත්‍ථකයෝ නැසුණු දර්ප (-මාන) ඇත්තාහු යි.
Pali BJT252. ඔක්කාකවංසස්ස යසො උස්සිතො මාරමද්දනො, නනු සම්පති කාලො මෙ නිබ්බානත්ථාය පුත්තිකා.
Sinhala BJT252. ඔක්කාක වංසයේ මරුන් මඩනා යශස උස්වැ නැගැ සිටියේ යැ. දැරියනි, නිවන් සඳහා මාහට දැන් කාලය නො වන්නේ ද?
Pali BJT253. චිරප්පභූති යං මය්හං පත්ථිතං අජ්ජ සිජ්ඣතෙ, ආනන්දභෙරිකාලො’යං කිං වො අස්සූහි පුත්තිකා.
Sinhala BJT253. බොහෝ කලෙකැ සිට මා විසින් යමක් පතන ලද නම් එය අද සිදු වෙයි, මේ වනාහි සන්තෝෂජනක හේරිවාදනයට කාලයයි. දැරියනි, තොපගේ කඳුළින් කවර වැඩෙක් ද?
Pali BJT254. සචෙ මයි දයා අත්ථි යදි චත්ථි කතඤ්ඤුතා, සද්ධම්මට්ඨිතියා සබ්බා කරොථ විරියං දළ්හං.
Sinhala BJT254. ඉදින් මා කෙරෙහි දයායෙක් ඇත් නම් කෘතඥතායෙක් ඇත් නම් (තෙපි) සියල්ලෝ සද්ධර්‍මස්ථිතිය සඳහා දැඩි වීර්‍ය්‍ය කරව.
Pali BJT255. ථිනං අදාසි පබ්බජ්ජං සම්බුද්ධො යාචිතො මයා, තස්මා යථා’හං නන්දිස්සං තථා තමනුතිට්ඨථ.
Sinhala BJT255. මා විසින් අයදනා ලද බුදුරජාණන් වහන්සේ මාගමුන්ට ප්‍රව්‍රජ්‍යාව දුන්සේකැ, එහෙයින් යම්සේ මම් සතුටු වන්නෙම් නම් එසේ ඒ අනු වැ (තෙපි දු) සිටුව” යි.
Pali BJT256. තා එවමනුසාසිත්වා භික්ඛුනීහි පුරක්ඛතා, උපෙච්ච බුද්ධං වන්දිත්වා ඉදං වචනමබ්රවි:
Sinhala BJT256. ඔවුනට මෙසේ අනුශාසනා කොට මෙහෙණන් විසින් පෙරටු කරන ලද්දී බුදුරදුන් වෙතැ එළැඹැ වැඳ මෙ වදන් පැවසූ යැ:
Pali BJT257. “අහං සුගත මාතා තෙ{1} ත්වං ච වීර පිතා මම, සද්ධම්මසුඛදො{2} නාථ තයා ජාතම්හි{3} ගොතම.
Sinhala BJT257. “සුගතයන් වහන්ස, මම ඔබගේ මවු වෙමි, වීරයන් වහන්ස, ඔබ ද මාගේ පියා වෙති. නාථයන් වහන්ස, (ඔබ මට) සදහම් සුව දුන්හ, ගෞතමයන් වහන්ස, ඔබ වෙතින් (මම්) උපන්නෙම් වෙමි.
Pali BJT258. සංවඩ්ඪිතො’යං{4} සුගත රූපකායො මයා තව, අනින්දියො{5} ධම්මකායො{6} මම සංවඩ්ඪිතො{4} තයා.
Sinhala BJT258. සුගතයන් වහන්ස, ඔබගේ රූ කය මා විසින් වඩන ලද යැ, මාගේ අනින්‍දනීය දහම් කය ඔබ විසින් වඩන ලදි.
Pali BJT259. මුහුත්ත{7}තණ්හාසමනං ඛීරං ත්වං පායිතො මයා, තයා’හං සන්තමච්චන්තං ධම්මඛීරං හි{8} පායිතා.
Sinhala BJT259. මා විසින් ඔබ මොහොතක් (සා) පිපාසා සන්හිඳුවන කිරි පොවන ලදහු. මම ඔබ විසින් අත්‍යන්ත ශාන්ත වූ දහම් නැමැති කිරි පොවන ලද වෙමි.
Pali BJT260. වද්ධනරක්ඛනෙ{9} මය්හං අනණො{10} ත්වං මහාමුනෙ, පුත්තකාමා ථියො යා තා{11} ලභන්තු{12} තාදිසං සුතං.
Sinhala BJT260. මහාමුණිවරයාණෙනි, මා විසින් වැඩීමෙහි රැකීමෙහි ලා ඔබ ණයගැති නො වෙති. පුතුන් කැමැති යම් ස්ත්‍රීහු වෙත් නම් ඔහු ඔබ බඳු පුතකු ලබත්වා.
Pali BJT261. මන්ධාතාදිනරින්දානං යා මාතා සා භවණ්ණවෙ, නිමුග්ගා’හං තයා පුත්ත තාරිතා භවසාගරා.
Sinhala BJT261. මන්‍ධාතු ආදී රජුන්ගේ යම් මවක් වූ නම් ඕ බවසයුරෙහි ගිලුණා යැ. පුත්‍රයාණෙනි, ඔබ විසින් (මම්) බවසයුරෙන් තරණය කරන ලද වෙමි.
Pali BJT262. රඤ්ඤො මාතා මහෙසීති සුලභං නාමමිත්ථිනං, බුද්දමාතාති යං නාමං එතං පරමදුල්ලභං.
Sinhala BJT262. “රාජ මාතා - රාජ මහේසී” යන නම ස්ත්‍රීන්හට සුලභ යැ, බුද්ධමාතා යි යම් නමෙක් ඇද්ද, තෙල නම පරම දුර්‍ලභ යි.
Pali BJT263. තඤ්ච ලද්ධං මයා වීර පණිධානං මමං තයා, අණුකං වා මහන්තං වා තං සබ්බං පූරිතං මයා.
Sinhala BJT263. මාගේ ඒ ප්‍රණිධිය ද ඔබ වෙතින් මා ලද යැ. කුඩා වේවයි, මහත් වේවයි ඒ සියලු කිස මා විසින් පුරණ ලදි.
Pali BJT264. පරිනිබ්බාතුමිච්ඡාමි විහායෙමං කලෙබරං,{1} අනුජානාහි මෙ වීර දුක්ඛන්තකර නායක.
Sinhala BJT264. මේ කය හැර පියා පිරිනිවෙන්නට රිසියෙමි, වීර වූ දුක් කෙළවර කරන නායකයන් වහන්ස, (ඒ සඳහා) මට අනුදැන වදාළ මැනැවි.
Pali BJT265. චක්කඞ්කුසධජාකිණ්ණෙ පදෙ කමලකොමලෙ, පසාරෙහි පණාමං තෙ කරිස්සං පුත්තපෙමසා.{2}
Sinhala BJT265. සක් - අකුසු - දද ලකුණින් ගැවැසුණු පියුම් බඳු සියුමැලි පා දිගු කරනු මැනැවි. පුත්‍රප්‍රේමයෙන් ඔබට ප්‍රණාම කරමි.
Pali BJT266. සුවණ්ණරාසිසංකාසං සරීරං කුරු පාකටං, කත්වා දෙහං සුදිට්ඨං තෙ සන්තිං ගච්ඡාමි නායක.”
Sinhala BJT266. රන්කඳක් බඳු (ඔබ) සිරුර පාළ කරනු මැනැවි. නායකයන් වහන්ස, ඔබගේ කය මැනැවින් දැකීමකොට ශාන්තියට යන්නෙමි” යි.
Pali BJT267. ද්වත්තිංසලක්ඛණූපෙතං සුප්පභාලඞ්කතං තනුං. සඤ්ඣාඝනාව බාලක්කං මාතුච්ඡං දස්සයී ජිනො.
Sinhala BJT267. ජිනේන්‍ද්‍රයන් වහන්සේ ද්වත්ත්‍රීංශද්වර ලක්‍ෂණොපේත සුප්‍රභායෙන් අලංකෘත සන්‍ධ්‍යාවලායෙන් ඉවත් වූ බාලාර්ක (ළහිරු) බඳු (ස්ව) ශරීරය සුළුමවට දර්‍ශනය කර වූ සේකැ.
Pali BJT268. ඵුල්ලාරවින්දසඞ්කාසෙ තරුණාදිච්චසප්පභෙ, චක්කඞ්කිතෙ පාදතලෙ තතො සා සිරසා පති.
Sinhala BJT268. ඉක්බිති ඕ තොමෝ ප්‍රබුද්ධපද්මසදෘශ වූ තරුණ සූර්‍ය්‍යා බඳු ප්‍රභාවත් චක්‍ර ලක්‍ෂණ ඇති ශ්‍රීපාද මතුයෙහි සිරසින් වැඳ වැටුනා යැ.
Pali BJT269. “පණමාමි නරාදිච්චං ආදිච්චකුලකෙතුකං, පච්ඡිමෙ මරණෙ{3} මය්හං න තං ඉක්ඛාමහං පුනො.
Sinhala BJT269. සූර්‍ය්‍යවංශයට ධ්‍වජයක් වූ නරාදිත්‍යයන් (නරශ්‍රේෂ්ඨයන්) හට මේ පැසුළු මරණයෙහි දී ප්‍රණාම කරමි. මම යළි තොප නො දක්මි.
Pali BJT270. ඉත්ථියො නාම ලොකග්ග සබ්බදොසකරා මතා, යදි කො චත්ථි දොසො මෙ ඛමස්සු කරුණාකර.
Sinhala BJT270. ලෝකාග්‍රයන් වහන්ස, ස්ත්‍රීහු නම් සියලු වරද කෙරෙත් යි දන්නා ලදහ. ඉදින් මාගේ කිසියම් දොසෙක් ඇත්නම් කරුණාවට ආකර වූ උතුමාණෙනි, එය ක්‍ෂමා කරනු මැනැවි.
Pali BJT271. ඉත්ථිකානඤ්ච පබ්බජ්ජං යමහං{4} යාචිං පුනප්පුනං, තත්ථ චෙ අත්ථි දොසො මෙ තං ඛමස්සු නරාසභ.”
Sinhala BJT271. යම් හෙයෙකින් මම් ස්ත්‍රීනට ද පැවිද්ද පුනපුනා යාඥා කළමු ද, ඉදින් එහිලා මාගේ දොසෙක් ඇත්නම් නරෝත්තමයාණෙනි, එය ක්‍ෂමා කරනු මැනැවි.
Pali BJT272. මයා භික්ඛුනියො වීර තවානුඤ්ඤාය සාසිතා, තත්ර චෙ අත්ථි දුනතීතං තං ඛමස්සු ඛමාධිප.{5}
Sinhala BJT272. වීරයන්වහන්ස, ඔබගේ අනුඥානයෙන් භික්‍ෂුණීහු මා විසින් අනුශාසිතයහ. ඉදින් එහිලා වරදවා කළ අනුශාසනයෙක් වේ නම් ක්‍ෂමාධිපයාණනි, එද කමන්න.
Pali BJT273. “අක්ඛන්තෙ නාම ඛන්තබ්බං කිං භවෙ ගුණභූසනෙ, කිමුත්තරං තෙ වක්ඛාමි නිබ්බානාය වජන්තියා.
Sinhala BJT273. ගුණාහරණ ඇති තැනැත්තිය, ක්‍ෂමාවට කරුණු නැති තන්හි ක්‍ෂමා කළයුතු කුමක් නම් වන්නේ ද, පිරිනිවන සඳහා යන තොපට මතුයෙහි කුමක් කියම් ද.
Pali BJT274. සුද්ධෙ අනූනෙ මම භික්ඛුසඞ්ඝෙ ලොකා ඉතො නිස්සරිතුං කමන්තෙ,{6} පභාතකාලෙ ව්යසනං ගහානං{7} දිස්වාන නිය්යාති ච චන්දලෙඛා.
Sinhala BJT274. පවිත්‍ර වූ අනූන වූ මාගේ භික්‍ෂු සඞ්ඝයා මෙ ලොවින් නිස්සරණයට යන කල්හි, පහන්වන කල්හි ග්‍රහතාරකාවන්ගේ ව්‍යසනය දැක චන්‍ද්‍රලේඛාව නික්මැ යන්නා මෙනි.
Pali BJT275. තදෙතරා භික්ඛුනියො ජිනග්ගං තාරාව චන්දානුගතා සුමෙරුං, පදක්ඛිණං කත්වා නිපච්ච{8} පාදෙ ඨිතා මුඛන්තං සමුදික්ඛමානා.
Sinhala BJT275. මේරු පර්‍වතය වටා යන චන්‍ද්‍රානුගත තාරකා සෙයින් ඒ සෙසු භික්‍ෂුණීහු ජිනේන්‍ද්‍රයන් වහන්සේ ප්‍රදක්‍ෂිණා තොට පාමුල වැඳ වැටී (බුදුරදුන්) මවග බලමින් සිටියාහ.
Pali BJT276. “න තිත්තපුබ්බං{1} තව දස්සනෙන චක්ඛුං න සොතං තව භාසිතෙන, චිත්තං මමං කෙවලමෙකමෙව පප්පුය්ය තං ධම්මරසෙන තිත්තිං,
Sinhala BJT276. (වැළි දු ගෝතමිය මෙසේ පවසයි:) “ඔබගේ දර්‍ශනයෙන් (අපගේ) ඇස තෘප්ත නොවූ විරූ යැ. ඔබගේ භාෂිතයෙන් කන තෘප්ත නොවූ විරූ යැ. හුදෙක් මාගේ ඒ එකම සිත ධර්‍ම රසයෙන් තෘප්තියට පැමිණ සිටියි.
Pali BJT277. නදතො පරිසායං තෙ වාදිදප්පාපහාරිනො,{2} යෙ තෙ දක්ඛන්ති වදනං ධඤ්ඤා තෙ නරපුඞ්ගව.
Sinhala BJT277. නරශ්‍රේෂ්ඨයාණනි, අභීතනාද පවත්වන (පර) වාදීමානමථනය කරන ඔබගේ ශ්‍රී මුඛය යම් ඒ කෙනෙක් දකිත් ද, උහු තුමූ භාග්‍යවත් හ.
Pali BJT278. දීඝඞ්ගුලී තම්බනඛෙ සුභෙ ආයතපණ්හිකෙ යෙ පාදෙ පණමිස්සන්ති{3} තෙපි ධඤ්ඤා ගුණන්ධර.
Sinhala BJT278. (ලෞකික - ලෝකෝත්තර) ගුණ ධරණ උතුමාණෙනි, දිගු ඇඟිලි ඇති, තඹවන් නිය ඇති, දිගු විළුම් ඇති ශුභ වූ (ඔබ) පා යම් කෙනෙක් ප්‍රණාම කෙරෙත් ද, උහු ද ධන්‍ය (පින්වත්) හ.
Pali BJT279. මධුරානි පහට්ඨානි දොසග්ඝානි හිතානි ච, යෙ තෙ වාක්යානි සොස්සන්ති{4} තෙපි ධඤ්ඤා නරුත්තම.
Sinhala BJT279. නරෝත්තමයාණනි, මිහිරි ප්‍රීතිය ඇති කරන ද්වේෂය නසන (මෛත්‍රීසහගත වූ) හිත වූ ඔබගේ වචන යම් කෙනෙක් ශ්‍රවණ කෙරෙත් ද, ඔහු ද ධන්‍යයෝ යි.
Pali BJT280. ධඤ්ඤා’හං තෙ මහාවීර පාදපූජනතප්පරා, තිණ්ණසංසාරකන්තාරා සුවාක්යෙන සිරීමතො.”{5}
Sinhala BJT280. මහාවීරයන් වහන්ස, ඔබ පා පිදීමෙහි නිරත වූ තරණය කළ සසරකතර ඇති මම් ශ්‍රීමතාණන්ගේ සුන්‍දර වාක්‍යයෙන් භාග්‍යසම්පන්න වෙමි.”
Pali BJT281. තතො සා අනුසාසෙත්වා භික්ඛුසඞ්ඝම්පි සුබ්බතා, රාහුලානන්දනන්දෙ ච වන්දිත්වා ඉදමබ්රවි:
Sinhala BJT281. ඉක්බිති මනාව්‍රත ඇති භික්‍ෂුසඞ්ඝයාට ද අනුශාසනා කොට රාහුල - නන්‍ද - ආනන්‍ද යන තෙරණුවන් වැඳ මෙවදන් පැවසූ:
Pali BJT282. “ආසීවිසාලයසමෙ රොගාවාසෙ කලෙබරෙ, නිබ්බින්නා දුක්ඛසංඝාතෙ{6} ජරාමරණගොචරෙ
Sinhala BJT282-283. “සර්‍පාවාසයක් බඳු රෝගයනට වාසස්ථාන වූ දුක් කඳක් වූ නොහොත් දුකින් පෙලුණු ජරා - මරණ දෙකට ගොදුරු වූ නොයෙක් කුණු කසලින් ආකීර්‍ණ වූ ආත්මායත්ත (තමාසතු) නො වූ අනුත්සුක වූ ශරීරයෙහි කලකිරුණෙම් වෙමි. එහෙයින් පිරිනිවෙන්නට රිසියෙමි. දරුවනි, (එය) අනු දනි වු”.
Pali BJT283. නානාකලිමලාකිණ්ණෙ{7} පරායත්තෙ නිරීහකෙ, තෙන නිබ්බාතුමිච්ඡාමි අනුමඤ්ඤථ පුත්තකා.”
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT284. නන්දො රාහුලභද්දො ච වීතසොකා නිරාසවා, ඨිතාචලට්ඨිතිථිරා{8} ධම්මතං අනුචින්තයුං.
Sinhala BJT284. පහ වූ ශෝක ඇති ආස්‍රව රහිත නන්‍ද තෙරණුවෝ ද රාහුල භද්‍රයෝ ද පව්වක් (නොසැලී) සිටුනා සෙයින් තිර වැ සිටියාහු දහම් සැහැවි අනු වැ සිතූ හු.
Pali BJT285. ධීරත්ථු සඞ්ඛතං ලොලං අසාරං කදලූපමං, මායාමරීවිසදිසං ඉත්තරං අනවට්ඨිතං.
Sinhala BJT285. “ප්‍රත්‍යයෙන් සකැසුණු සැලෙන අසාර (එහෙයින්ම) රඹකඳක් වැනි මායාවක් මිරිඟුවක් බඳු බොහෝ කල් නො පවත්නා තිර වැ නො සිටි මේ කයට නින්‍දා වේවා.
Pali BJT286. යත්ථ නාම ජිනස්සා’යං මාතුච්ඡා බුද්ධපොසිකා, ගොතමී නිධනං යාති අනිච්චං සබ්බසඞ්ඛතං.”
Sinhala BJT286. මෝ තොමෝ වූකලී ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ සුළු මව යැ, බුදුරදුන් පෝෂණය කළ ගෝතමී පිරිනිවීමට යෙයි. සියලු සතර දහම් අනිස යැ.”
Pali BJT287. ආනන්දො ච තදා සෙඛො සොකට්ටො ජිනවච්ඡලො, තත්ථස්සූනි ධරන්තො සො කරුණං පරිදෙවති.
Sinhala BJT287-288. එකලැ ආනන්‍ද තෙරණුවෝ සේඛ (සෝවාන්) හ, බුදුරදුන් කෙරෙහි ස්නෙහ ඇති සොවින් පෙළුණු ඔබ “අහෝ! ගෝතමි ශාන්තියට යෙයි, නොබෝ දිනකින් බුදුරජාණෝ ද ඉන්‍ධන (දර) රහිත ගිනි සෙයින් නිවීමට යන්නාහ” යි සානුකම්පික වැ කඳුළු දරමින් වැලපෙති.
Pali BJT288. “හා සන්තිං{1} ගොතමී යාති නූන බුද්ධොපි නිබ්බුතිං, ගච්ඡති න චිරෙනෙව අග්ගිරිව නිරින්ධනො.”
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT289. එවං විලපමානං තං ආනන්දං ආහ ගොතමී: ”සුතිසාගර ගම්භීර බුද්ධුපට්ඨානතප්පර.
Sinhala BJT289-290. මෙසේ වැලපෙන ඒ ආනන්‍ද තෙරණුවනට ගෝතමි මෙසේ කිවු: “ශ්‍රැතියට සාගර (බහුශ්‍රුත) වූ, ගැඹුරු ගුණ ඇති බුද්ධෝපස්ථානයෙහි නියැලි පුත්‍රයාණනි, ශෝක කරන්නට අයුතු යැ, හාස (සිනහවට) කාලය එළඹැ සිටියේ යැ, පුත, නිවන වෙත එළැඹ සිටුනා මට තොපගේ පිහිටයි.
Pali BJT290. න යුත්තං සොචිතුං පුත්ත හාසකාලෙ උපට්ඨිතෙ, තව{2} මෙ සරණං පුත්ත නිබ්බානං සමුපාගතං.{3}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT291. තයා තාත සමජ්ඣිට්ඨො පබ්බජ්ජං අනුජානි නො, මා පුත්ත විමනො හොහි සඵලො තෙ පරිස්සමො.
Sinhala BJT291. දරුව, තොප විසින් සමාරාධිත බුදුහු අපට පැවිද්ද අනු දත්හ. පුත, දොම්නස් නො ව, තොපගේ උත්සාහය සඵලයි.
Pali BJT292. යං න දිට්ඨං පුරාණෙහි තිත්ථිකාචරියෙහි පි, තං පදං සුකුමාරීහී සත්තවස්සාහි වෙදිතං.
Sinhala BJT292. පැරැණි තීර්‍ත්‍ථක ඇදුරන් විසින් යම් ශාන්ත ප්‍රතිෂ්ඨාවක් නො දක්නා ලද ද, ඒ ප්‍රතිෂ්ඨාව සිවුමැලි සත්හැවිරිදි දැරියන් විසිනුදු දක්නා ලද යැ.
Pali BJT293. බුද්ධසාසනපාලෙතා පච්ඡිමං දස්සනං තව, තත්ථ ගච්ඡාමහං පුත්ත ගතො යත්ථ න දිස්සතෙ.”
Sinhala BJT293. බුදුසසුන පාලනය කරන පුතණුවනි, මේ තොපගේ පශ්චිම දර්‍ශනයයි. යම් තෙනෙකැ ගියේ නො දක්නා ලැබේ ද, මම එහි යන්නෙමි.
Pali BJT294. කදාචි ධම්මං දෙසෙන්තො ඛිපි ලොකග්ගනායකො, තදාහං ආසිංසවචං{4} අවොචං අනුකම්පිකා:
Sinhala BJT294. ලෝකාග්‍රනායකයන් වහන්සේ කිසිවිටෙකැ දහම් දෙසමින් කිවිසිසේක් ද, එවිට අනුකම්පා ඇති මම ආශිර්‍වාද වචනයක් කීමු:
Pali BJT295. “චිරං ජිව මහාවීර කප්පං තිට්ඨ මහාමුනෙ, සබ්බලොකස්ස අත්ථාය භවස්සු අජරාමරො.”
Sinhala BJT295. “මහාවීරයන් වහන්ස, බොහෝ කල් ජීවත්වන සේක්වා. මහාමුනීන්‍ද්‍රයන් වහන්ස, කපක් වැඩසිටුනා සේක්වා. මුළුලොවට වැඩ පිණිස අජරාමර වන සේක්වා” යි.
Pali BJT296. තං තථාවාදිනිං බුද්ධො මමං සො එතදබ්රවි: ”න හෙවං වන්දියා බුද්ධා යථා වන්දසි ගොතමී.”
Sinhala BJT296. එසේ කියන ඒ මට බුදුහු තෙල වදාළහ: “ගෝතමිය, (තෙපි) යම් අයුරකින් වඳනහු ද, ඒ අයුරින් තථාගතයෝ නො වැන්ද යුත්තාහු” යි.
Pali BJT297. “කථං චරහි සබ්බඤ්ඤූ වන්දිතබ්බා තථාගතා, කථං අවන්දියා බුද්ධා තං මෙ අක්ඛාහි පුච්ඡිතො.”
Sinhala BJT297. “සර්‍වඥයන් වහන්ස, තථාගතයෝ කිසෙයින් වැන්ද යුතු ද, බුදුහු කිසෙයින් නො වැන්ද යුතු දැ යි පුළුවුත් ඔබ එ කරුණ මට කියනසේක් වා”.
Pali BJT298. “ආරද්ධවිරියෙ පහිතත්තෙ නිච්චං දළ්හපරක්කමෙ, සමග්ගෙ සාවකෙ පස්සෙ{5} ඵසා බුද්ධානවන්දනා.{6}”
Sinhala BJT298. බුදුහු “රුකුළු වැර ඇති නිවනට මෙහෙයූ සිත් ඇති සතතයෙන් දැඩි පැරකුම් ඇති සමග වැ සිටුනා සව්වන් දක්නේ නම් තෙලෙ බුදුනට වන්‍දනා වෙයි.” වදාළහ.
Pali BJT299. තතො උපස්සයං ගන්ත්වා එකිකාහං විචින්තයිං, සමග්ගං පරිසං නාථො රොචෙති{1} තිභවන්තගො.
Sinhala BJT299. ඉක්බිති මම මෙහෙණවරට ගොස් එකලා වැ සිතුමු: “ත්‍රිවිධ භවයාගේ අන්තතයට ගිය නාථයන්වහන්සේ සමගපිරිස් රිසිවන සේකැ.
Pali BJT300. හන්දාහං පරිනිබ්බිස්සං මා විපත්තිං තමද්දසං.”{2} එවාහං චින්තයිත්වාන දිස්වාන ඉසිසත්තමං.
Sinhala BJT300-301. මම පිරිනිවෙන්නෙමි, ඒ විපත නො දකිම්වා” යි මම් මෙසේ සිතා විනායක මහාර්ෂි බුදුරදුන් දැක, මාගේ පරිනිර්‍වාණ කාලය ආරෝචනා කළමු. ඉක්බිති ඔබ “ගෝතමි, කල් දනුව” යි අනුදත්හ.
Pali BJT301. පරිනිබ්බානකාලං මෙ{3} ආරොචෙසිං විනායකං, තතො සො සමනුඤ්ඤාසි “කාලං ජානාහි ගොතමී.”
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT302. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවා.
Sinhala BJT302. (ගෝතමි) “මා විසින් කෙලෙස්හි දවන ලදහ. සියලු භවයෝ මුලිනුපුටා නසන ලදහ. බැඳුම් සිඳ සරණ ඇත්රැජිනක සෙයින් ආස්‍රව රහිත වැ වාස කරමි.
Pali BJT303. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT303. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙතැ මට යහපතෙක් වියැ. ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරන ලද.
Pali BJT304. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT304. මෙ සිවුපිළිසිඹියා ද අෂ්ටවිමෝක්‍ෂ ද ෂට්අභිඥා ද පසක් කරන ලද යැ, බුදුසසුන් කරන ලදී.
Pali BJT305. ථිනං ධම්මාභිසමයෙ යෙ බාලා විමතිං ගතා, තෙසං දිට්ඨිපහානත්ථං ඉද්ධිං දස්සෙහි ගොතමී.
Sinhala BJT305. (බුදුහු) “මාගමුන්ගේ ධර්‍මාභිසමයෙහි යම් අඥානකෙනෙක් විමතියට ගියාහු ද, ඔවුන්ගේ දෘෂ්ටිප්‍රහාණය පිණිස ගෝතමිය, ඍද්ධි දක්වන්න.”
Pali BJT306. තදා නිපච්ච සම්බුද්ධං උප්පතිත්වාන අම්බරං, ඉද්ධී අනෙකා දස්සෙසි බුද්ධානුඤ්ඤාය ගොතමී,
Sinhala BJT306. එකලැ ගෝතමි මෙහෙණ සම්බුදුන් ප්‍රණාම කොට අහසට පැන නැගැ බුදුරදුන්ගේ අනුදැන්මෙන් නොයෙක් ඍද්ධි දැක්වූ.
Pali BJT307. එකිකා බහුධා ආසි බහුකා චෙකිකා තථා, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොනගං.
Sinhala BJT307-308. එකක්වැ බොහෝ ආකාර වූ, එසෙයින් ම බොහෝ වැ එකක් වූ, ප්‍රකට බවට, අප්‍රකට බවට, පවුරෙන් සරසැ පව්වෙන් මරමැ (නොගැටි) ගියා යැ. (දියෙහි මෙන්) පොළොවෙහි ද ගැලුණා යැ. පොළොවෙහි මෙන් දියෙහි නො බිඳිමින් ඇවිද්දා යැ.
Pali BJT308. අසජ්ජමානා අගමා භූමියම්පි නිමුජ්ජථ, අභිජ්ජමානෙ උදකෙ අගඤ්ඡි මහියා යථා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT309. සකුණීව යථාකාසෙ පල්ලඞ්කෙන ගමී තදා, වසං වත්තෙසි කායෙන යාව බ්රහ්මනිවෙසනං.
Sinhala BJT309. කිරිල්ලක මෙන් අහසෙහි පර්‍ය්‍යඞ්කයෙන් යුතු වැ ගියා යැ, බඹලොව තෙක් (මුළු ලොව) කයින් වශයෙහි පැවැත් වූ
Pali BJT310. සිනෙරුං දණ්ඩං කත්වාන ඡත්තං කත්වා මහාමහිං, සමූලං පරිවත්තෙත්වා ධාරෙන්තී{4} චඞ්කමී නභෙ.
Sinhala BJT310. මහමෙර සැත්දණ්ඩ කොටැ මහ පොළොව සතක් කොටැ සහමුලින් පෙරළා ධරමින් නභෝගර්‍භයෙහි සක්මන් කළා යැ.
Pali BJT311. ඡස්සූරොදයකාලෙව ලොකඤ්චාකාසි ධූමිකං, යුගන්තෙ විය ලොකං සා ජාලාමාලාකුලං අකා.
Sinhala BJT311. සහිරු උදා කල්හි මෙන් ලොව දුම් ඇති කළා යැ. ඕ කල්පාන්තයෙහි දී මෙන් ලෝකය අග්නිජාලායෙන් ආකුල කළා යැ.
Pali BJT312. මුචලින්දං මහාසෙලං මෙරු මන්දාර දද්දරෙ,{1} සාසපෙරිව සබ්බානි එකෙනග්ගහි මුට්ඨිනා.
Sinhala BJT312. මුචලින්‍ද මහාශෛලය, මේරු - මන්‍දාර - දද්දර පර්‍වත යන සියල්ල අබඇට සෙයින් එක් මිටකින් ගත්තා යැ.
Pali BJT313. අඞ්ගුලග්ගෙන ඡාදෙසි භාකරං සනිසාකරං, චන්දසූරසහස්සානි ආවෙලමිව ධාරයි.
Sinhala BJT313. නිසයුරු සහිත හිරු ඇඟිලිතුඩින් වැසූ, දහස්ගණන් සඳ හිරු මුදුන් මල්කඩ සෙයින් ධැරූ.
Pali BJT314. චතුසාගරතොයානි ධාරයී එකපාණිනා, යුගන්තජලදාකාරං මහාවස්සං පවස්සයී{2}
Sinhala BJT314. සියුසයුරෙහි දිය එක් අත්ලෙන් ධැරූ, යුගාන්ත මෙඝයක් බඳු මහවැසි වැස්වූ.
Pali BJT315. චක්කවත්තිං සපරිසං මාපයී සා නභත්ථලෙ. ගරුළං ද්විරදං සීහං විනදන්තං ච දස්සයී.
Sinhala BJT315. ඕ අහස්තලෙහි සපිරිස් සක්විතිරජකු මැවූ, ගුරුළකු, ඇතකු ගර්‍ජනාකරන සිංහයකු දැක්වූ.
Pali BJT316. එකිකා අභිනිම්මිත්වාප්පමෙය්යං භික්ඛුනීගණං, පුන අන්තරධාපෙත්වා එකිකා මුනිමබ්රවි:
Sinhala BJT316. එකලා වැ අපමණ මෙහෙණ ගණයා මවා යළි අතුරුදන් කොට එකක් වැ මුනිරජුනට (මෙසේ) කිවු:
Pali BJT317. “මාතුච්ඡා තෙ මහාවීර තවසාසනකාරිකා අනුප්පත්තා සකං අත්ථා පදෙ වන්දති{3} චක්ඛුම.”
Sinhala BJT317. “මහා වීරයන් වහන්ස, (මේ) ඔබගේ අනු සසුන් කරන ඔබගේ සුළුමවයි. චක්‍ෂුර්මතාණනි, (ඕ) ස්වාර්‍ත්‍ථයට පැමිණියා (ඔබ) පා වඳියි.”
Pali BJT318. දස්සෙත්වා විවිධා ඉද්ධී ඔරොහිත්වා නභත්ථලා, වන්දිත්වා ලොකපජ්ජොතං එකමන්තං නිසීදි සා.
Sinhala BJT318. ඕ නොයෙක් ඍද්ධි දක්වා අහස්තෙලෙන් බැස ලොවට පහනක් වූ බුදුරදුන් වැඳ එකත්පසෙකැ හුන්නා යැ.
Pali BJT319. “සා වීසංවස්සසතිකා{4} ජාතියාහං මහාමුනෙ, අලමෙත්තාවතා වීර නිබ්බායිස්සාමි නායක.”
Sinhala BJT319. (ඉක්බිති මහාපජාපති ගෝතමි මෙසේ කිවු:) “මහා මුනිවරයාණනි, ඒ මම උපතින් එක්සියවිසි හැවිරිදි වෙමි. වීරයාණනි, මෙපමණකින් සෑහෙයි, නායකයාණනි, පිරිනිවෙන්නෙමි” යි .
Pali BJT320. තදා’තිවිම්හිතා සබ්බා පරිසා සා කතඤ්ජලී, අවොච’ය්යෙ කථං ආසි අතුලිද්ධිපරක්කමා.
Sinhala BJT320. එකලැ අතිවිස්මයට පැමිණි ඒ සියලු පිරිස් කෘතාඤ්ජලී වැ (මෙසේ) කී: “ආර්‍ය්‍යාවනි, කෙසේ නම් (මෙබඳු) අසමාන ඍද්ධි පරාක්‍රම ඇති වූයෙහි ද?”
Pali BJT321. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT321. සියලු ධර්‍මයන්හි චක්‍ෂුර්මත් වූ (ලොවට) නායක වූ පදුමුත්තර ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙයින් සුවහස්වන කප්හි (ලොවැ) පහළ වූ සේකි.
Pali BJT322. තදාහං හංසවතියං ජාතාමච්චකුලෙ අහුං, සබ්බූපකාරසම්පන්නෙ ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
Sinhala BJT322. එසමයෙහි මම හංසවතී නගරයෙහි සියලු උපකරණයෙන් යුත් සමෘද්ධිමත් සර්‍වසම්පූර්‍ණ මහාධන ඇති ඇමැතිකුලයෙකැ උපන්මු.
Pali BJT323. කදාචි පිතුනා සද්ධිං දාසීගණපුරක්ඛතා, මහතා පරිවාරෙන තං උපෙච්ච නරාසභං.
Sinhala BJT323. කිසිවිටෙකැ දාසි සමූහයා විසින් පෙරටුකරන ලදු වැ මහ පිරිවරින් පියා සමග ඒ නරශ්‍රේෂ්ඨයන් වෙතැ එළැඹ -
Pali BJT324. වාසවං විය වස්සෙන්තං{1} ධම්මමෙඝං අනාසවං, සරදාදිච්චසදිසං රංසිමාලාකුලං ජිනං.{2}
Sinhala BJT324-326. ශක්‍රදේවේන්‍ද්‍රයා වැනි ධර්‍මමේඝය වස්වන ආස්‍රව රහිත සරාහිරු බඳු රැස්මාලා ඇති ජිනේන්‍ද්‍රයන් දැක සිත පහදවා ඔබගේ සුභාෂිතය ද අසා නරශ්‍රේෂ්‍ඨයන් වහන්සේ (සිය) සුළුමව වූ මෙහෙණ අගතන්හි (ඒතදග්‍රයෙහි) තබනු අසා අකම්ප්‍ය ගුණ ඇති ඔබට සත්දිනක් මහදන්දී සඞ්ඝයා සහිත නරෝත්තමයන් වහන්සේ ට බොහෝ ප්‍රත්‍යය ද ප්‍රදානය කොටැ -
Pali BJT325. දිස්වා චිත්තං පසාදෙත්වා සුත්වා චස්ස සුභාසිතං, මාතුච්ඡං භික්ඛුනිං අග්ගෙ ඨපෙන්තං නරනායකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT326. සුත්වා දත්වා මහාදානං සත්තාහං තස්ස තාදිනො, සසඞ්ඝස්ස නරග්ගස්ස පච්චයානි බහූනි ච.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT327. නිපජ්ජ පාදමූලම්හි තං ඨානං අභිපත්ථයිං, තතො මහාපරිසතිං අවොච ඉසිසත්තමො:
Sinhala BJT327. (ඔබ) පාමුල්හි වැදහෙවැ එ තනතුර පැතූමු. ඉක්බිති ඍෂිශ්‍රේෂ්ඨයන් වහන්සේ මහපිරිස් මැද මෙසේ වදාළ සේක.
Pali BJT328. “යා සසඞ්ඝං අභොජෙසි සත්තාහං ලොකනායකං, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT328. “යම් කාන්තාවක් සඞ්ඝයා සහිත ලෝකනාථයන් සත් දිනක් මුළුල්ලෙහි වැළඳ වූ ද, මම් ඇය කීර්‍තනය (ප්‍රකාශ) කරමි. (එසේ) කියන මාගේ බස් අසවු:
Pali BJT329. සතසහස්සෙ ඉතො{3} කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන{4} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT329. “මෙයින් සියක්දහස්වන කප්හි ඔක්කාක කුලය සම්භව කොට ඇති ගෝත්‍රයෙන් ගොතම නම් වූ ශාස්තෘ තෙමේ ලොවැ පහළ වන්නේ යැ.
Pali BJT330. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා, ගොතමී නාම නාමෙන හෙස්සති සත්ථුසාවිකා.
Sinhala BJT330. (මෙ කාන්තා තොමෝ) ඔබ දහමට හිමි වූ ඖරස වූ ධර්‍මයෙන් නිර්මිත වූ නමින් ගෝතමී නම් වූ ශාස්තෘශ්‍රාවිකාවක් වන්නී යැ.
Pali BJT331. තස්ස බුද්ධස්ස මාතුච්ඡා ජීවිතාපාදිකා{5} අයං, රත්තඤ්ඤූනඤ්ච අග්ගන්තං භික්ඛුනීනං ලභිස්සති.”
Sinhala BJT331. ඒ තථාගතයන්ගේ දිවි වඩාලන සුළුමවු වන මෝ රාත්‍රඥ (පැවිදි වැ බොහෝකල් ඇති) මෙහෙණන් අතර අග්‍රබව ලබන්නී යැ.”
Pali BJT332. තං සුත්වාන{6} පමුදිතා{7} යාවජීවං තදා ජිනං, පච්චයෙහි උපට්ඨිත්වා තතො කාලකතා අහං.
Sinhala BJT332. එ අසා ප්‍රමුදිත වූ මම එකලැ දිවිහිම් කොට ජිනේන්‍ද්‍රයන් වහන්සේ (සිවු) පසයෙන් උපස්ථාන කොට එ අත්බැවින් කලුරිය කෙළෙමි -
Pali BJT333. තාවතිංසෙසු දෙවෙසු සබ්බකාමසමිද්ධිසු, නිබ්බත්තා දසහඞ්ගෙහි අඤ්ඤෙ අභිභවිං අහං.
Sinhala BJT333. සියලු කාමයෙන් සමෘද්ධ වූ තව්තිසා දෙවියන් අතරැ උපන්නෙම් සෙසු දෙවියන් දස කරුණකින් අභිභවා සිටියමු.
Pali BJT334. රූපසද්දෙහි ගන්ධෙහි රසෙහි ඵුසනෙහි ච, ආයුනාපි ච වණ්ණෙන සුඛෙන යසසාපි ච.
Sinhala BJT334. රූපයෙන් ශබ්දයෙන් ගන්‍ධයෙන් රසයෙන් හා ස්ප්‍රෂ්ටව්‍යයෙන් ද, ආයුෂයෙන් ද වර්‍ණයෙන් සුඛයෙන් හා වැළි යශසින් ද -
Pali BJT335. තථෙවාධිපතෙය්යෙන අධිගය්හ විරොච’හං, අහොසිං අමරින්දස්ස මහෙසී දයිතා තහිං.
Sinhala BJT335. එසෙයින් ම අධිපතිභාවයෙන් ද (සෙසු දෙවියන්) අභිභවා බැබළුණෙම් මම එහි දෙව්රජුගේ ප්‍රේමණීය මෙහෙසි වූමු.
Pali BJT336. සංසාරෙ සංසරන්තීහං කම්මවායුසමෙරිතා, කාසිස්ස රඤ්ඤො විසයෙ අජායිං දාසගාමකෙ.
Sinhala BJT336. සසර සැරිසරන මම කර්‍මවායුයෙන් මෙහෙයන ලදුයෙම් කාසි රජුගේ විජිතයෙහි දාසග්‍රාමයෙකැ උපන්මු.
Pali BJT337. පඤ්චදාසසතා’නූනා නිවසන්ති තහිං තදා, සබ්බෙසං තත්ථ යො ජෙට්ඨො තස්සා ජායා අහොස’හං.
Sinhala BJT337. එකලැ එගම්හි නො අඩු වැ පන්සියයක් දස්හු වෙසෙති. එහි සියල්ලනට යමෙක් දෙටු ද, මම් ඔහුගේ භාර්‍ය්‍යා වූමු.
Pali BJT338. සයම්භුනො පඤ්චසතා ගාමං පිණ්ඩාය පාවිසුං, තෙ දිස්වාන අහං තුට්ඨා සහ සබ්බෙහි ඤාතිභි.{1}
Sinhala BJT338-339. පන්සියයක් පසේබුදුහු පිඬු පිණිස ගමට පිවිසුණාහ. ඔබ දැක තුටුපත් වැ සියලු නෑයන් සමග පන්සියයක් කුටි තනා සිවුමසක් මුළුල්ලෙහි උවටැන් කොට තුන්සිවුරු දී සැමියන් සහිත වැ ප්‍රසන්න වූම්හ.
Pali BJT339. කත්වා පඤ්චසතකුටී{2} චතුමාසෙ උපට්ඨිය,{3} තිචීවරානි දත්වාන පසන්නාම්හ{4} සසාමිකා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT340. තතො චුතා සපතිකා{5} තාවතිංසගතා මයං, පච්ඡිමෙ ච භවෙ’දානි ජාතා දෙවදහෙ පුරෙ.
Sinhala BJT340. සැමියන් සහිත අපි එයින් සැවැ තව්තිසාවට ගියම්හ. දැන් පැසුළු බෙවෙහි දු දෙව්දහ නුවරැ (එක්වැ) උපනුම්හ.
Pali BJT341. පිතා අඤ්ජනසක්කො මෙ මාතා මම සුලක්ඛණා, තතො කපිලවත්ථුස්මිං සුද්ධොදනඝරං ගතා.
Sinhala BJT341. මාගේ පිය තෙමේ අඤ්ජන ශාක්‍යරජ යැ, මාගේ මව සුලක්ඛණාදේවි ය. ඒ දෙව්දහ නුවරින් කිඹුල්වත් පුරැ සුදොවුන් රජුගේ ගෙට (සරණ) ගියා වෙමි.
Pali BJT342. සෙසා{6} සක්යකුලෙ ජාතා සක්යානං ඝරමාගමුං, අහං විසිට්ඨා සබ්බාසං ජිනස්සා’පාදිකා අහුං.
Sinhala BJT342. ශාක්‍ය කුලයෙහි උපන් සෙසු දැස්සෝ ශාක්‍යරජුන්ගේ ගෙට ගියහ. (ශාක්‍යරජුන් හා විවාහ වූහ.) සියල්ලන් අතුරෙහි විශිෂ්ට වූ මම ජිනේනද්‍රයන්ගේ පෝෂක (-කිරි) මව වූමු.
Pali BJT343. මම පුතෙතා’භිනික්ඛම්ම{7} බුද්ධො ආසි විනායකො, පච්චාහං පබ්බජිත්වාන සතෙහි සහ පඤ්චහි.
Sinhala BJT343-344. මාගේ පුත් අභිනිෂ්ක්‍රමණය කොට (තමහට නායකයකු නැති හෙයින්) විනායක බුද්ධ වියැ. පසු කලැ මම් පන්සියයක් ශාක්‍ය කුමරියන් සමග පැවිදි වැ ධීර වූ ඔවුන් හා ශාන්තිසුඛය (-නිවන් සුව) ස්පර්‍ශ කළමු. ඒ පෙරදෑහි යම් කෙනෙක් අපගේ ස්වාමිපුරුෂ වූහු ද -
Pali BJT344. සාකියානීහි ධීරාහි සහ සන්තිසුඛං ඵුසිං, යෙ තදා පුබ්බජාතියං අම්හාකං අහු සාමිනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(උත්පලවර්‍ණා මෙසේ කියයි:)
Pali BJT345. සහ පුඤ්ඤස්ස කත්තාරො මහාසමයකාරකා, ඵුසිංසු අරහත්තං තෙ සුගතෙනානුකම්පිතා.
Sinhala BJT345. එක් වැ පින් කළ (දැන්) මහාසමයකාරක ඔහු සුගතයන් වහන්සේ විසින් අනුකම්පිත වූවාහු අර්‍හත්‍වය ස්පර්‍ශ කළාහ.
Pali BJT346. තදෙතරා භික්ඛුනියො ආරුහිංසු නභත්ථලං, සඞ්ගතා{8} විය තාරායො විරොචිංසු මහිද්ධිකා.
Sinhala BJT346. ඒ සෙසු මෙහෙණහු අහස්තලයට නැගුණාහ. මහත් ඍද්ධි ඇත්තාහු එක්රැස්වූ තාරකා සෙයින් බැබළුණාහු යැ.
Pali BJT347. ඉද්ධී අනෙකා දස්සෙසුං පිළන්ධවිකතී{9} යථා, කම්මාරො කනකස්සෙව කම්මඤ්ඤස්ස සුසික්ඛිතො.{10}
Sinhala BJT347-348. (ඔහු) නොයෙක් ඍද්ධි දැක්වූහු. රන්කම්හි මොනොවට හික්මුණු කර්‍මාරපුත්‍රයකු (-රන්කරුවකු) කර්‍මණ්‍ය ස්වර්‍ණයකින් බොහෝ ආභරණ විශේෂ (තනා ප්‍රදර්‍ශනය කරන්නාක්) සෙයින් (එ මෙහෙණහු) බොහෝ විසිතුරු පෙළහර දක්වා එදිනැ පිරිස් සහිත වාදීවර මුනීන්‍ද්‍රයන් වහන්සේ සතුටු කොට -
Pali BJT348. දස්සෙත්වා පාටිහීරානි විචිත්තානි{11} බහූනි ච, තොසෙත්වා වාදිපවරං මුනිං සපරිසං තදා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT349. ඔරොහිත්වාන ගගනා වන්දිත්වා ඉසිසත්තමං, අනුඤ්ඤාතා නරග්ගෙන යථාඨානෙ නිසීදිසුං.
Sinhala BJT349. අහසින් බැස උත්තම ඍෂි වූ මුනිරජුන් නැමැ ද නරාග්‍ර තථාගතයන් වහන්සේ විසින් අනුදන්නා ලද්දාහු සුදුසු තන්හි හුන්හ.