Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8601-8700 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉත්ථං සුදං සලලපුප්ඵිකාභික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙ සෙයින් සලලපුෂ්පිකා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
Pali BJTසලලපුප්ඵිකා ථෙරියාපදානං දුතියං.
Sinhala BJTදෙවැනි සලලපුෂ්පිකා ස්ථවිරීඅපදාන යි.
Pali BJT2. 3 මොදකදායිකාපදානං.
Sinhala BJT2. 3 මෝදකදායිකාපදානය
Pali BJT159. නගරෙ බන්ධුමතියා කුම්හදාසි අහොස’හං, මම භාගං ගහෙත්වාන ගච්ඡිං උදකහාරිකා.{5}
Sinhala BJT159. මම බන්‍ධුමතී නගරයෙහි කළදැස්සක් වූමු. දිය අදනා මම මගේ (අහර) කොටස රැගෙන (දිය අදනට) ගියමු.
Pali BJT160. පන්ථම්හි සමණං දිස්වා සන්තචිත්තං සමාහිතං, පසන්නචිත්තා සුමනා මොදකෙ තීණි’දාස’හං.
Sinhala BJT160. මගැ (වඩනා) ශාන්ත සිත් ඇති සන්හුන්ගමන් ඇති මහණ කෙනකුන් දැක මම් පහන් සිතැති වැ සොම්නස් වැ මෝදක (-රසකැවිලි) තුනක් ඔබට දුන්මු.
Pali BJT161. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, එකනවුති{6} කප්පානි විනිපාතං න ගච්ඡ’හං.
Sinhala BJT161. ඒ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද මම එක්අනු කපක් මුළුල්ලෙහි දුගතියකට (උපත් විසින්) නො ගියමු.
Pali BJT162. සම්පත්තිං{1} තං කරිත්වාන සබ්බං අනුභවාමහං,{2} මොදකෙ තීණි දත්වාන පත්තා’හං අචලං පදං.
Sinhala BJT162. ම ඒ කුශලය කොට සියලු සැපත් අනුභව කරමි. මම් මෝදක තුනක් දන් දී අචලපදය වූ නිවනට පැමිණියා වෙමි.
Pali BJT163-165. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT163-165. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං සුදං මොදකදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ මෝදකදායිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.
Pali BJTමොදකදායිකා ථෙරියාපදානං තතියං.
Sinhala BJTතෙවැනි මෝදකදායිකා ස්ථවිරාපදාන යි.
Pali BJT2. 4 එකාසනදායිකාපදානං.
Sinhala BJT2. 4 ඒකාසනදායිකාපදානය
Pali BJT166. නගරෙ හංසවතියා අහොසිං බාලිකා{3} තදා, මාතා ච මෙ පිතා චෙව කම්මන්තං අගමංසු තෙ.
Sinhala BJT166. එක්කලෙක මම් හංසවතී නගරයෙහි බාලිකාවක් වූමු. මාගේ මවත් පියාත් කර්‍මාන්තස්ථානයට ගියාහු යැ.
Pali BJT167. මජ්ඣන්තිකම්හි සුරියෙ අද්දසං සමණං අහං, වීථියං{4} අනුගච්ඡන්තං ආසනං පඤ්ඤපෙස’හං.
Sinhala BJT167. හිර මුදුන් සමයෙහි වීථියෙහි වඩනා මහණ කෙනෙකුන් මම දුටුමු. (මම් ඔබට හිඳුනා සඳහා) අස්නක් පැනවූමු.
Pali BJT168. ගොණකචිත්තකාදීහි{5} පඤ්ඤපෙත්වා’හමාසනං,{6} පසන්නචිත්තා සුමනා ඉදං වචනමබ්රවිං.
Sinhala BJT168. මම කොඳුපලස්, විසිතුරු එළුලොම් ඇතිරි, ආදියෙන් අසුනක් පනවා පහන් සිත් ඇති වැ සොම්නස් වැ මෙ වදන් කීමි.
Pali BJT169. “සන්තත්තා කුථිතා භූමි සූරො මජ්ඣන්තිකෙ ඨිතො, මාලුතා ච න වායන්ති කාලො චෙත්ථ උපට්ඨිතො.{7}
Sinhala BJT169. පොළොව රත්වී ඇත, ක්‍වථිත (-කැකෑරුණාක් මෙන්) යැ, හිර මධ්‍යාහ්නයෙහි සිටියේ යැ, සුළං ද නො හමයි, වළඳනා කාලය ද එළැඹැ සිටියේ යැ.
Pali BJT170. “පඤ්ඤත්තමාසනමිදං තවත්ථාය මහාමුනි, අනුකම්පමුපාදාය නිසීද මම ආසනෙ.”
Sinhala BJT170. (මම් මෙසේ කීමි.) “මහාමුනිතුමනි, මෙ අස්න ඔබ සඳහා පනවන ලද යැ, මාගේ අස්නෙහි අනුකම්පා කොට වැඩ හිඳිනු මැනැවි.”
Pali BJT171. නිසීදි තත්ථ සමණො සුදන්තො සුද්ධමානසො, තස්ස පත්තං ගහෙත්වාන යථාරන්ධමදාසහං.
Sinhala BJT171. මොනොවට දැමුණු පිරිසිදු මනස් ඇති ශ්‍රමණයන් වහන්සේ එහි වැඩහුන්හ. ඔබගේ පාත්‍රය ගෙන මම (අහරින්) පුරවා දුන්මු.
Pali BJT172. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT172. ඒ කුසලකර්‍මයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද, මිනිස් කය හැරපියා තව්තිසා දෙව්ලොවැ උපන්මු.
Pali BJT173. තත්ථ මෙ සුකතං ව්යම්හං ආසනෙන සුනිම්මිතං, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
Sinhala BJT173. එහි මට විමනක් කරන ලදි. (එය) අස්නෙන් යුතු කොට මොනොවට නිමවන ලද යැ. සැට යොත්නක් උස් යැ, පනස් යොත්නක් පුළුල් යැ.
Pali BJT174. සොණ්ණමයා මණිමයා අථොපි ඵලිකාමයා, ලොහිතඞ්කමයා චෙව පල්ලඞ්කා විවිධා මම.
Sinhala BJT174. මාගේ විවිධ පර්‍ය්‍යඞ්කයෝ රන්මුවා යැ, මිණිමුවා යැ, පිළිමිණිමුවා යැ, රන්මිණිමුවා ද වෙත්.
Pali BJT175. තූලිකාවිකතිකාහි කට්ඨිස්සචිත්තකාහි ච, උද්දඑකන්තලොමීහි{1} පල්ලඞ්කා මෙ සුසන්ථතා.{2}
Sinhala BJT175. මාගේ පර්‍ය්‍යඞ්කයෝ පුළුන් මෙට්ටයෙන් හා රූ නඟාකළ එළුලොම් ඇතිරියෙන් ද රන්කම් කළ තිහිරි ඇතිරියෙන් හා විසිතුරු එළුලොම් ඇතිරියෙන් ද දෙ දා ඇතිරි එක් දා ඇතිරියෙන් ද මොනොවට අතුරන ලද්දාහ.
Pali BJT176. යදා ඉච්ඡාමි ගමනං හාසඛිඩ්ඩා සමප්පිතං,{3} සහ පල්ලඞ්කසෙට්ඨෙන ගච්ඡාමි මම පත්ථිතං.
Sinhala BJT176. හාසයෙන් හා ක්‍රීඩායෙන් සමර්පිත වැ යම් විටෙකැ ගමනක් රිසියෙම් ද, වරපර්‍ය්‍යඞ්කය සහිත වැ මා රිසි තෙනට යෙමි.
Pali BJT177. අසීතිදෙවරාජූනං මහෙසිත්තමකාරයිං, සත්තතිචක්කවත්තීනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT177. අසූදෙව්රජුනට මෙහෙසිබව කරවූමු. සැත්තෑවක් සක්විති රජුනට ද මෙහෙසි වූමු.
Pali BJT178. භවාභවෙ සංසරන්ති මහාභොගං ලභාමහං, භොගෙ මෙ ඌනතා නත්ථි එකාසනඵලං ඉදං.{4}
Sinhala BJT178. කුදුමහත් බෙවෙහි හැසිරෙන මම් මහත් භෝග ලබමි. මාගේ භෝගයන්හි අඩුබවෙක් නැති. එක අසුනක ඵල යි මේ.
Pali BJT179. දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤෙ භවෙ න ජානාමි එකාසනඵලං ඉදං.
Sinhala BJT179. දෙව් බව යැ මිනිසත් බව යැ යන භව දෙක්හි හැසිරෙමි. අන් භවයෙක් නො දනිමි. මේ එක් අසුනක් පිදීමේ ඵල යි.
Pali BJT180. දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ චාපි බ්රාහ්මණෙ, උච්චාකුලීනා{5} සබ්බත්ථ එකාසනඵලං ඉදං.
Sinhala BJT180. කැත් කුලෙහි යළි බමුණු කුලෙහි බමුණු කුලෙහි යන දෙකුලෙහි උපදිමි. සැමතන්හි උසස් කුල ඇති වූමු. ඒකාසනදානයේ ඵල යි මේ.
Pali BJT181. දොමනස්සං න ජානාමි චිත්තසන්තාපනං මම, වෙවණ්ණියං න ජානාමි එකාසනඵලං ඉදං.
Sinhala BJT181. දොම්නස නො දනිමි. මාහට, සිත්තැවිල්ලකුදු නැත. විවර්‍ණ බව නො දනිමි. මේ වූකලි එක් අසුනක් දීමේ විපාක යි.
Pali BJT182. ධාතියො මං උපට්ඨන්ති ඛුජ්ජා ඛෙළාසිකා{6} බහූ, අඞ්කෙන අඞ්කං ගච්ඡාමි එකාසනඵලං ඉදං.
Sinhala BJT182. කුදු වූ ද, කෙළතොලු වූ ද බොහෝ උපමවුහු මට උවටන් කෙරෙති, (මම ඔවුන්ගේ) ඇකයෙන් ඇකයට යමි, මේ එක් අසුනක් දීමෙහි විපාක යි.
Pali BJT183. අඤ්ඤා නහාපෙන්ති භොජෙන්ති අඤ්ඤා රමෙන්ති මං සදා, අඤ්ඤා ගන්ධං විලිම්පෙන්ති{7} එකාසනඵලං ඉදං.
Sinhala BJT183. සැම කල්හි මා අන්හු නහවති, අන්හු වළඳවති, අන්හු තුටු කරවති, අන්හු ගඳ විලෙවුන් දෙත්. මේ ඒකාසනදාන ඵලයි.
Pali BJT184. මණ්ඩපෙ රුක්ඛමූලෙ වා සුඤ්ඤාගාරෙ වසන්තියා, මම සඞ්කප්පමඤ්ඤාය පල්ලඞ්කො උපතිට්ඨති.
Sinhala BJT184. මණ්ඩපයෙහි වේවයි, රුක්මුලැ වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි මාගේ සිත්හසර දැන පළඟ එළැඹැ සිටියි.
Pali BJT185. අයං පච්ඡිමකො මය්හං චරිමො වත්තතෙ භවො, අජ්ජාපි රජ්ජං ඡඩ්ඩෙත්වා පබ්බජිං අනගාරියං.
Sinhala BJT185. මේ මාගේ අන්තිම (පැසුලු) භවයයි, අද රජය හැරපියා බුදුසසුන්හි පැවිදි වීමි.
Pali BJT186. සතසහස්සෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි එකාසනඵලං ඉදලං.
Sinhala BJT186. මෙයින් සුවහස්වන කප්හි යම් දනක් දුනුමු ද, (එතැන් පටන්) දුගතිය නො දනිමි. මේ වනාහි එක් අස්නක් පිදීමේ විපාක යි.
Pali BJT187-189. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT187. - 189. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන කරන ලදි.
Pali BJTඉත්ථං සුදං එකාසනදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ඒකාසනදායිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.
Pali BJTඑකාසනදායිකා ථෙරියාපදානං චතුත්ථං.
Sinhala BJTසිවුවැනි ඒකාසනාදායිකා ස්ථවිරාපදානයි.
Pali BJT2. 5 පඤ්චදීපදායිකාපදානං.
Sinhala BJT2. 5 පඤ්චදීපදායිකාපදානය
Pali BJT190. නගරෙ හංසවතියා චාරිකා{1} ආස’හං තදා, ආරාමෙන ච ආරාමං{2} චරාමි කුසලථිකා.
Sinhala BJT190. ඒ සුවහස්වන කප්හි මම හංසවතී නගරයෙහි චාරිකා කරන්නක් වූවා කුසල් කැමැති වැ අරමින් අරමැ හැසුරුණමු.
Pali BJT191. කාලපක්ඛම්හි දිවසෙ අද්දසං බොධිමුත්තමං, තත්ථ චිත්තං පසාදෙත්වා බොධිමූලෙ නිසීදහං.
Sinhala BJT191. මම (එක්) කළුවර පොහෝ දිනෙකැ උතුම් බෝරුක දුටුයෙම් එහි සිත පහදවා බෝරුක් මුල්හි හුන්නමු.
Pali BJT192. ගරුචිත්තං උපට්ඨපෙත්වා සිරෙ කත්වාන අඤ්ජලිං, සොමනස්සං පවෙදෙත්වා එවං චින්තෙසිං තාවදෙ:
Sinhala BJT192. එවේලෙහි බුහුමන් සිත් එළවා ඇඳිලි බැඳ සොම්නස් ලැබ මෙසේ සිතුවෙමි:
Pali BJT193. “යදි බුද්ධො අමිතයසො අසමප්පටිපුග්ගලො, දස්සෙතු පාටිහීරං මෙ බොධි ඔභාසතු අයං.”
Sinhala BJT193. “ඉදින් (පියුමතුරා) බුදුහු අපමණගුණ ඇතිසේක් නම් අසම වූ අප්‍රතිපුද්ගල සේක් නම් මට පෙළහර දක්වන සේක්වා. මේ බෝරුක බබළාවා” යි.
Pali BJT194. සහ ආවජ්ජනා මය්හං බොධි පජ්ජලි තාවදෙ, සබ්බසොණ්ණමයා අසි දිසා සබ්බා රොචයි.{3}
Sinhala BJT194. මාගේ ආවර්‍ජනාව හා සමග එකෙණෙහි බෝරුක දිලුණේ යැ. සියල්ල රනින් කරන ලද මෙන් වියැ. සියලු දිශාවෝ බැබළුණාහ.
Pali BJT195. සත්තරත්තින්දිවං තත්ථ බොධිමූලෙ නිසීදහං, සත්තමෙ දිවසෙ පත්තෙ දීපපූජං අකාසහං.
Sinhala BJT195. මම සත්රූදවාලක් ඒ බෝරුක්මුල්හි හුන්නෙම් සත්වැනි දවස එළැඹි කල්හි පහන් පූජාවක් කළමු.
Pali BJT196. ආසනං පරිවාරෙත්වා පඤ්චදීපානි පජ්ජලුං,{4} යාව උදෙති සුරියො දීපා මෙ පජ්ජලුං තදා.
Sinhala BJT196. ආසනය පිරිවරා ප්‍රදීප පසෙක් දිලුණේයැ. එදවසැ හිරු උදාවනතෙක් මාගේ ප්‍රදීපයෝ දිලුණ හ.
Pali BJT197. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT197. මැනැවින් කළ ඒ කුශලකර්‍ම හේතුයෙන් ද චේතනා ප්‍රණිධි හේතුයෙන් ද මිනිස්කය හැරපියා මම දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියා වෙමි.
Pali BJT198. තත්ථ මෙ සුකතං ව්යම්හං පඤ්චදීපීති{5} වුච්චති, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජන විත්ථතං.
Sinhala BJT198. එහි මට මොනොවට කරනලද විමනෙක් වියැ. සැට යොත්නක් උස් වූ තිස්යොත්නක් පුළුල් වූ ඒ විමන පඤ්චදීපි යි කියනු ලැබෙයි.
Pali BJT199. අසඞ්ඛියානි දීපානි පරිවාරෙ{6} ජලන්ති මෙ, යාවතා දෙවභවනං දීපාලොකෙන ජොතති.
Sinhala BJT199. යම්තාක් දෙව්විමන ප්‍රදීපාලෝකයෙන් දිලියේද (ඒතාක්) අසඞ්ඛ්‍යසඞ්ඛ්‍යාත ප්‍රදීපයෝ හාත්පස දිලෙත්.
Pali BJT200. පරම්මුඛා{7} නිසීදිත්වා යදි ඉච්ඡාමි පස්සිතුං, උද්ධං අධො ච තිරියං සබ්බං පස්සාමි චක්ඛුනා.
Sinhala BJT200. ඉදින් (මම) පරාම්මුඛ වැ හිඳැ දක්නට රිසියෙම් නම් උඩ ද යට ද සරස ද වූ සියල්ල මසැසින් දකිමි.
Pali BJT201. යාවතා අභිකඞ්ඛාමි දට්ඨුං සුගතදුග්ගතෙ{8} තත්ථ ආවරණං නත්ථි රුක්ඛෙසු පබ්බතෙසු වා.
Sinhala BJT201. සුගත - දුර්‍ගතයන් දක්නට යම්පමණින් කැමැත්තෙම් නම් එහිලා රුක්හි වේවයි පවුහි වේවයි ආවරණයෙක් නැති.
Pali BJT202. අසීති දෙවරාජූනං මහෙසිත්තමකාරයිං, සතානං චක්කවත්තීනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT202. දෙව්රජුන් අසූදෙනකුන්හට මෙහෙසි වූමු. සියගණන් සක්විති රජුන්හට ද මෙහෙසි වූමු.
Pali BJT203. යං යං යෙනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසෙ, දීපසතසහස්සානි පරිවාරෙ{1} ජලන්ති මෙ.{2}
Sinhala BJT203. දෙව්බව යැ, මිනිස්බව යැ, යන යම්යම් ගතියෙකැ උපදනෙම් ද සියදහස්ගණන් පහන් මා අවට දිලියෙයි.
Pali BJT204. දෙවලොකා චවිත්වාන උප්පජ්ජිං මාතුකුච්ඡියං, මාතුකුච්ඡිගතං සන්තී{3} අක්ඛි මෙ න නිමීලති.
Sinhala BJT204. දෙව්ලොවින් සැවැ (මනුලොවැ) මවුකුසැ උපන්නෙම්, මවුකුසට ගියා වූ මාගේ ඇස් නිමිලනය (පිය) නො වෙයි.
Pali BJT205. දීපසතසහස්සානි පුඤ්ඤකම්මසමඞ්ගිතා, ජලන්ති සූතිකාගෙහෙ පඤ්චදීපානිදං ඵලං.
Sinhala BJT205. (මම්) පුණ්‍යකර්‍මසමන්‍වාගතයෙමි. (එහෙයින්) සුවහස් පහන්හු තිඹිරිගෙහි දිලෙන්නාහ. මේ වූකලී පඤ්චදීපදානයාගේ ඵලයි.
Pali BJT206. පච්ඡිමෙ භවෙ සම්පත්තෙ මානසං විනිවට්ටයිං,{4} අජරාමරං සීතිභූතං{5} නිබ්බානං ඵස්සයිං අහං.
Sinhala BJT206. පශ්චිමභවය පැමිණිකල්හි මනස කෙලෙසුන්ගෙන් මුදවා ලූමු. ජරා - මරණ රහිත සිහිල් වූ නිවන මම ස්පර්‍ශ කළමු.
Pali BJT207. ජාතියා සත්තවස්සාහං අරහත්තමපාපුණිං, උපසම්පාදයී බුද්ධො ගුණමඤ්ඤාය ගොතමො.
Sinhala BJT207. ජාතියෙන් සත්හැවිරිදි වූ මම් රහත්බවට පැමිණියෙමු. ගෞතම ගෝත්‍ර ඇති බුදුහු ගුණ සලකා (මා) උපසපන් කළහ.
Pali BJT208. මණ්ඩපෙ රුක්ඛමූලෙ වා සුඤ්ඤාගාරෙ වසන්තියා, සදා පජ්ජලතෙ දීපං පඤ්චදීපානිදං ඵලං
Sinhala BJT208. මණ්ඩපයෙහි වේවයි, රුක්මුල්හි වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි වෙසෙන මාහට හැමකල්හි පහනක් දිලෙයි. මේ වූකලී පඤ්චප්‍රදීපදානයාගේ ඵලයි.
Pali BJT209. දිබ්බචක්ඛු විසුද්ධං මෙ සමාධිකුසලා අහං, අභිඤ්ඤාපාරමිප්පත්තා පඤ්චදීපානිදං ඵලං.
Sinhala BJT209. මට දිවැස විශුද්ධ වියැ, මම සමාධියෙහි දක්‍ෂ වූමු. අභිඥාපාරයට පැමිණියා වෙමි. මේ වනාහි පඤ්චප්‍රදීපදානයාගේ ඵලයි.
Pali BJT210. සබ්බවොසිතවොසානා කතකිච්චා අනාසවා, පඤ්චදීපා මහාවීර පාදෙ වන්දති චක්ඛුම.
Sinhala BJT210. චක්‍ෂුර්මත් මහාවීරයන් වහන්ස, සකල බ්‍රහ්මචර්‍ය්‍යවාස වැස නිම වූ කෘතකෘත්‍ය ඇති අනාස්‍රව වූ පඤ්චදීපා මෙහෙණ (ඔබ) පා වඳියි.
Pali BJT211. සතසහස්සෙ ඉතො{6} කප්පෙ යං දීපමදදිං තදා,{7} දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.
Sinhala BJT211. මෙයින් සුවහස්වන කප්හි යම් පහන් පූජාවක් කළා වෙම් ද, (ඒ හේතුයෙන්) දුගතිය නො මැ දනිමි. මේ වූකලී පඤ්චදීපදානයාගේ ප්‍රතිඵලයි.
Pali BJT212-214. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT212. - 214. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං සුදං පඤ්චදීපයිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් පඤ්චදීපදායිකා භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා යැ.
Pali BJTපඤ්චදීපදායිකා ථෙරියාපදානං පඤ්චමං.
Sinhala BJTපස්වැනි පඤ්චදීපදායිකා ස්ථවිරාපදාන යි.
Pali BJT2. 6 සාලමාලිකාපදානං
Sinhala BJT2. 6 සාලමාලිකාපදානය
Pali BJT215. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරී තදා, අද්දසං විරජං බුද්ධං සයම්භුං අපරාජිතං.
Sinhala BJT215. එක්කලෙක මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරියක් වැ උපන්මු. ඒ (මම්) ස්වයම්භූ වූ විරජ වූ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරදුන් දුටුමු.
Pali BJT216. පසන්නචිත්තා සුමනා වෙදජාතා කතඤ්ජලී, සාලමාලං ගහෙත්වාන සයම්භුං අභිපූජයිං.
Sinhala BJT216. පහන් සිතැති (එහෙයින් මැ) සොම්නස් වූ උපන් ප්‍රීති ඇතියෙම් බදැඳිලි වැ සාලමාලාවක් (සල්මල්දමක්) ගෙන එයින් සම්බුදුරදුන් පිදුමු.
Pali BJT217. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා කින්නරීදෙහං{1} තාවතිංසමගච්ඡහං.
Sinhala BJT217. ඒ කුශලකර්‍මයෙන් ද චේතනාප්‍රණිධියෙන් ද කිඳුරු සිරුර හැරපියා දේවත්‍වයට ගියමු.
Pali BJT218. ඡත්තිංස දෙවරාජූනං මහෙසිත්තමකාරයිං, මනසා පත්ථිතං මය්හං නිබ්බත්තති යථිච්ඡිතං.
Sinhala BJT218. සතිසක් දෙව්රජුනට මෙහෙසි වූමු. මනසින් පැතූ යමක් වේද, ඒ සියල්ල මට සිතැඟි සේ උපදියි.
Pali BJT219. දසන්නං චක්කවත්තීනං මහෙසිත්තමකාරයිං, ඔචිතත්තාව{2} හුත්වාන සංසරාමි භවෙස්වහං.
Sinhala BJT219. (මිනිස් ලොවැ) දසසක්විත්තනට මෙහෙසි වූමු. පෙර පින් රැස්කළ හෙයින් කුදුමහත් බෙවෙහි හැසිරෙමි.
Pali BJT220. කුසලං විජ්ජතෙ මය්හං පබ්බජිං අනගාරියං, පූජාරහා අහං අජ්ජ{3} සක්යපුත්තස්ස සාසනෙ.
Sinhala BJT220. මට කුසල් ඇත. බුදුසසුන්හි පැවිදි වූමු. මම් අද ශාක්‍ය පුත්‍රයන් වහන්සේගේ ශාසනයෙහි පූජාර්‍හ වෙමි.
Pali BJT221. විසුද්ධමනසා අජ්ජ අපෙතමනපාපිකා, සබ්බාසවාපරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT221. අද පිරිසිදු මනස් ඇති වෙමි. පහවූ චිත්ත සංක්ලේශ ඇති වෙමි. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් (මට) පුනර්‍භවයෙක් නැති.
Pali BJT222. චතුනවුතෙ ඉතො කප්පෙ යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි සාලමාලායිදං ඵලං.
Sinhala BJT222. මෙයින් සිවු අනූවන කප්හි යම්හෙයෙකින් බුදුරදුන් පිදුයෙම් ද එහෙයින් දුගතිය නො මැ දනිමි. මේ වූකලී සාලමාලා පූජායෙහි ඵලයි.
Pali BJT223-225. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT223. - 225. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං සාලමාලිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTසාලමාලිකා මෙහෙණ මෙසෙයින් මේ ගාථා පැවසුවා යැ.
Pali BJTසාලමාලිකා ථෙරියාපදානං ඡට්ඨං.
Sinhala BJTසවැනි සාලමාලිකා ස්ථවිරාපදාන යි.
Pali BJT2. 7 මහාපජාපතිගොතමීඅපදානං.
Sinhala BJT2. 7 මහාපජාපතී ගෝතමී අපදානය
Pali BJT226. එකදා ලොකපජ්ජොතො වෙසාලියං මහාවනෙ, කූටාගාරෙ සුසාලායං වසතෙ නරසාරථි.
Sinhala BJT226. ලොවට පහනක් වූ වෙනෙය්‍යජන දමනයෙහි සාරථී වූ බුදුරජාණන් වහන්සේ එක්සමයෙකැ විශාලා මහනුවර මහාවනයෙහි මැනවින් කරන ලද කූටාගාර ශාලායෙහි වැඩ වසන සේකැ.
Pali BJT227. තදා ජිනස්ස මාතුච්ඡා මහාගොතමි භික්ඛුනී, තහිං කතෙ{1} පුරෙ රම්මෙ වසී භික්ඛුනුපස්සයෙ.
Sinhala BJT227-228. එකල්හි ජිනේන්‍ද්‍රයන් වහන්සේගේ සුළුමවු වූ මහා පජාපති ගෝතමී තෙරණියෝ එ නගරයෙහි කරන ලද රම්‍ය වූ මෙහෙණවරෙහි කෙලෙසුන්ගෙන් මිදුණු (-රහත්) මෙහෙණන් පන්සියයක් සමග වාසය කළහ. විවේකී වැ හුන් ඔවුනට මෙබඳු මනෝසංකල්පයෙක් පහළ වියැ.
Pali BJT228. භික්ඛුනීහි විමුත්තාහි සතෙහි සහ පඤ්චහි, රහොගතාය තස්සෙවං චිත්තස්සාසි{2} විතක්කිතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT229. “බුද්ධස්ස පරිනිබ්බාණං සාවකග්ගයුගස්ස වා රාහුලානන්දනන්දානං නාහං ලච්ඡාමි පස්සිතුං{*}
Sinhala BJT229. “මම බුදුරදුන්ගේ පිරිනිවීම හෝ දෙ අගසව්වන් වහන්දෑගේ පිරිනිවීම හෝ රාහුල - ආනන්‍ද - නන්‍ද තෙරණුවන්ගේ පිරිනිවීම හෝ දක්නට නො ලබමි.
Pali BJT230. පටිගච්චායුසඞ්ඛාරෙ{3} ඔස්සජිත්වාන{4} නිබ්බුතිං, ගච්ඡෙය්යං ලොකනාථෙන අනුඤ්ඤාතා මහෙසිනා.”
Sinhala BJT230. ලෝකනාථ වූ මහර්ෂීන් වහන්සේ විසින් අනුදන්නා ලදු වැ කල් ඇති වැ ආයුසංස්කාරයන් හැර පියා නිවීමට යන්නෙම් නම් මැනැවි.”
Pali BJT231. තථා පඤ්චසතානම්පි භික්ඛුනීනං විතක්කිතං, ආසි ඛෙමාදිකානම්පි එතදෙව විතක්කිතං.
Sinhala BJT231. පන්සියයක් මෙහෙණන්හට ද එබඳු ම විතර්‍කයෙක් වියැ, ඛේමාදි තෙරණිවරුනට ද තෙල විතර්‍කයම වූයේ යැ.
Pali BJT232. භූමිචාලො තදා ආසි නාදිතා දෙවදුන්දුභි, උපස්සයාධිවත්ථායො දෙවතා සොකපීළිතා. විපලන්තා සකරුණං{5} තථෙස්සූනි පවත්තයුං,
Sinhala BJT232. එකෙණෙහි මහපොළොව කම්පිත වියැ. මේඝගර්‍ජනා ද වූයේ යැ. මෙහෙණවරට අරක්ගත් දේවතාවෝ ශෝකයෙන් පෙළුණාහු, වැලපෙමින් කඳුළු වැගිරවූහු.
Pali BJT233. මිත්තා{6} භික්ඛුනියො තා හි උපගන්ත්වාන ගොතමිං, නිපච්ච සිරසා පාදෙ ඉදං වචනමබ්රවිං:
Sinhala BJT233. ඒ (ගෝතමී තෙරණිය හා) මිත්‍ර මෙහෙණෝ ද ගෝතමිය වෙතැ එළැඹැ පා මත සිරසින් වැඳ වැටී මෙවදන් බිණූහු:
Pali BJT234. “තත්ථ තොයලවාසිත්තා මයමය්යෙ රහොගතා සාචලා චලිතා භූමි නදිතා දෙවදුන්දුභි, පරිදෙවා ච සූයන්ති කිමත්ථං නූන ගොතමී.”
Sinhala BJT234. “ආර්‍ය්‍යාවනි, දිය පොදකින් (සිය සිරුරු) තෙමාගත් අපි එහි රහෝගත (-එකලා) වූම්හ. ඒ අචල වූ පොළොව සැලිණ, මේඝයෝ ගර්‍ජනා කළහ, වැලපීම් ද ඇසෙයි, ගෝතමී උත්තමාවනි, එකැතින් (මේ) කුමක් සඳහා ද?”
Pali BJT235. තදා අවොච සා සබ්බං යථාපරිවිතක්කිතං, තායොපි සබ්බා ආහංසු යථාපරිවිතක්කිතං.
Sinhala BJT235. එවිට ඕ යම් අයුරකින් විතර්‍කකරනලද නම් සියල්ල කීවා යැ. ඒ සියලු මෙහෙණෝ ද (තමන්) විතර්‍කකළ අයුරු (එලෙසින් ම) කීහු.
Pali BJT236. “යදි තෙ රුචිතං අය්යෙ නිබ්බානං පරමං සිවං, නිබ්බායිස්සාම සබ්බාපි බුද්ධානුඤ්ඤාය සුබ්බතෙ.
Sinhala BJT236. “ආර්‍ය්‍යාවෙනි, පරම ශාන්ත වූ නිවන ඉදින් ඔබට රිසි නම් මනා ව්‍රත ඇති උත්තමාවනි, (අපි) සියල්ලෝ ද බුද්ධානුඥානයෙන් පිරිනිවෙන්නමු.
Pali BJT237. මයං සහාව නික්ඛන්තා ඝරාපි ව භවාපි ච සහයෙව ගමිස්සාම නිබ්බාණපුරමුත්තමං”
Sinhala BJT237. අපි එක් වැ ම ගෙයිනුදු භවයෙනුදු නික්මුණෝ වම්හ. උතුම් නිවන්පුරයට එක්වැ ම යන්නෙමු.”
Pali BJT238. නිබ්බානාය වජන්තීනං කිං වක්ඛාමීති” සා වදං සහ සබ්බාහි නිග්ගච්ඡි භික්ඛුනීනිලයා තදා.
Sinhala BJT238. එවිටැ ඕ තොමෝ (ගෝතමී) “නිවනට යන්නන්හට කුමකු කියම් දැ” යි පවසමින් සියල්ලන් සමග මෙහෙණවරින් බැහැර වැ ගියා යැ.
Pali BJT239. උපස්සයෙ යාධිවත්ථා දෙවතා තා ඛමන්තු මෙ, භික්ඛුනීනිලයස්සෙදං පච්ඡිමං දස්සනං මම.
Sinhala BJT239. “මෙහෙණවර අරක්ගත් යම් දෙවිකෙනෙක් වෙත් නම් උහු තුමූ මට ක්‍ෂමා කෙරෙත්වා. මෙහෙණවර මේ මාගේ පශ්චිම දර්‍ශනයයි.
Pali BJT240. න ජරා මච්චු වා යත්ථ අප්පියෙහි සමාගමො, පියෙහි විප්පයොගො’ත්ථි{1} තං වජිස්සං{2} අසඞ්ඛතං.
Sinhala BJT240. යම් තෙනෙකැ ජරා වේවයි, මරණ වේවයි, අප්‍රියසම්ප්‍රයෝග වේවයි, ප්‍රියවිප්‍රයෝග වේවයි නැත්ද අසංස්කෘත වූ (-ප්‍රත්‍යයෙන් සකස් නොවූ) එතැනට යන්නෙමි.” යි (කිවු.)
Pali BJT241. අවීතරාගා තං සුත්වා වචනං සුගතොරසා, සොකට්ටා පරිදෙවිංසු “අහො නො අප්පපුඤ්ඤතා.
Sinhala BJT241. නො රහත් බුද්ධපුත්‍රයෝ එ වදන් අසා සොවින් පෙළුණාහු “අහෝ, අපගේ මඳපින් ඇතිබවැ” යි වැලපුනාහු යි.
Pali BJT242. භික්ඛුනීනිලයො සුඤ්ඤො භූතො තාහි විනා අයං, පභාතෙ විය තාරායො න දිස්සන්ති ජිනොරසා.
Sinhala BJT242. ඔවුන්ගෙන් වෙන් වැ මේ භික්‍ෂුණී ආරාමය හිස් වියැ, සූර්‍ය්‍යයෝදයයෙහි තාරකා මෙන් බුද්ධපුත්‍රී (භික්‍ෂුණී) හූ නො පැණෙත්.
Pali BJT243. නිබ්බානං ගොතමී යාති සතෙහි සහ පඤ්චහි, නදීසතෙහිව සහ ගඞ්ගා පඤ්චහි සාගරං.
Sinhala BJT243. ගඞ්ගා නදිය පන්සියයක් නදීන් සමග සයුරට වදනාසේ මහාපජාපති ගෝතමි පන්සියයක් මෙහෙණන් සමග නිවනට යෙයි.
Pali BJT244. රථිකාය වජන්තිං තං{3} දිස්වා සද්ධා උපාසිකා, ඝරා නික්ඛම්ම පාදෙසු නිපච්ච ඉදමබ්රවිං:
Sinhala BJT244. වීථියෙහි වඩනා ඇය දැක සැදැහැ ඇති උවැසියෝ ගෙයින් නික් මැ පා මතුයෙහි වැඳ හෙවැ මෙ වදන් බිණූහු.
Pali BJT245. “පසීදස්සු මහාභොගෙ අනාථායො විහාය නො, තයා න යුත්තං{4} නිබ්බාතුං” ඉච්චට්ටං{5} විලපිංසු තා.
Sinhala BJT245. “මහාභාග්‍යවත් උත්තමාවනි, (අප කෙරෙහි) පහදිනු මැනැවි. අනාථ වූ අප හැරැ පියා ඔබ පිරිනිවෙන්නට යුතු නැතැ” යි ඔහු මහත්සේ හඬ නගා වැලපුනාහ.
Pali BJT246. තාසං සොකපහාණත්ථං අවොච මධුරං ගිරං, “රුදිතෙන අලං පුත්තා හාසකාලො’යමජ්ජ වො.
Sinhala BJT246. ඔවුන්ගේ ශෝකප්‍රහාණය සඳහා (ගෝතමි තොමෝ) මිහිරි වදන් පැවැසූ යැ: “දරුවෙනි, හැඬීමෙන් කම් නැත, තොපට අද මේ සිනාසීමට කාලයයි.
Pali BJT247. පරිඤ්ඤාතං මයා දුක්ඛං දුකඛහෙතු විවජ්ජිතො, නිරොධො මෙ සච්ඡිකතො මග්ගො චාපි සුභාවිතො.
Sinhala BJT247. මා විසින් දුක පිරිසිඳ දක්නා ලද යැ, දුකට හේතුව දුරු කරන ලද යැ, මා විසින් දුංඛ නිරෝධය පසක් කරන ලද යැ, මාර්‍ගය ද මැනැවින් වඩනා ලද වෙයි.”
Pali BJT(භාණවාරං පඨමං)
Sinhala BJT(පළමු බණවර යි)
Pali BJT248. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං, ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
Sinhala BJT248. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන ලදහ, බුදුසසුන් කොට නිමවන ලද, ස්කන්‍ධාභාරය බහාලන ලද, තෘෂ්ණාව මුලිනුපුටා නසන ලදි.
Pali BJT249. යස්සත්ථාය පබ්බජිතා අගාරස්මානගාරියං, සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසඤ්ඤොජනක්ඛයො.
Sinhala BJT249. යම් අර්‍ත්‍ථයක් සඳහා ගිහිගෙන් නික්මැ බුදුසසුන්හි පැවිදි වූයෙම් ද සියලු සංයෝජනයන්ගේ ක්‍ෂයය වූ ඒ අර්‍ත්‍ථය මා විසින් අනුප්‍රාප්තයි.
Pali BJT250. බුද්ධො තස්ස ච සද්ධම්මො අනූනො යාව තිට්ඨති, නිබ්බාතුං තාව කාලො මෙ මා මං සොචථ පුත්තිකා.
Sinhala BJT250. බුදුරජාණන් වහන්සේත් ඔබගේ අනූන වූ සද්ධර්‍මයත් යම්තාක් සිටුනා සේක් ද ඒතාක් පිරිනිවෙන්නට මට කාලය වෙයි. දියණියනි, මා ගැන සෝක නොකරව.