Pali BJT1. 8 සත්තුප්පලමාලිකාපදානං.
Sinhala BJT1. 8 සත්තුප්පලමාලිකා අපදානය
Pali BJT71. නගරෙ අරුණවතියා අරුණවා{2} නාම ඛත්තියො, තස්ස රඤ්ඤො අහුං භරියා චාරිකං චාරයාමහං{3}.
Sinhala BJT71. අරුණවතී නගරයෙහි අරුණවත් නම් රජෙක් වියැ. මම එරජහට භාර්‍ය්‍යා වූමු. ඉඳුරන් පිනවීමෙහි ලා (රජු) මෙහෙයවා ලූමු.
Pali BJT72. සත්තමාලා{4} ගහෙත්වාන උප්පලා දෙවගන්ධිකා, නිසජ්ජපාසාදවරෙ එවං චින්තෙසි තාවදෙ.
Sinhala BJT72. එකල්හි දෙව්සුවඳවහන උපුල්මල්දම් සතක් ගෙන උතුම් පහා මතුයෙහි හිඳ මෙසේ සිතුමු.
Pali BJT73. “කිං මෙ ඉමාහි මාලාහි සිරසාරොපිතාහි මෙ, වරං මෙ බුද්ධසෙට්ඨස්ස ඤාණම්හි අභිරොපිතං.”
Sinhala BJT73. “මෙ මල්දම් (මා) හිසෙහි පළඳවාලීමෙන් මට කවර නම් වැඩෙක් ද? (මෙය) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඥාන (ශීර්‍ෂ) යෙහි අභිරෝපණය කරන ලද්දේ වඩා ලා මට උතුම් වෙයි.
Pali BJT74. සම්බුද්ධං පතිමානෙන්ති ද්වාරාසන්නෙ නිසීද’හං, ”යදා එහීති{5} සම්බුද්ධො පූජයිස්සං මහාමුනිං.”
Sinhala BJT74. යම් විටෙකැ සම්බුදුරජාණන් වහන්සේ වඩනා සේක් ද, එවිටැ (ඒ සිඛී) මහාමුනීන්‍ද්‍රයන් වහන්සේ පුදන්නෙමි” යි මම් සම්බුදුරදුන් බුහුමන් සහිත වැ අපේක්‍ෂා කෙරෙමින් දොර වෙතැ හුන්නමු.
Pali BJT75. කකුධො විලසන්තොව මිගරාජාව කෙසරී, භික්ඛුසඞ්ඝෙන සහිතො ආගඤ්ඡි වීථියං ජිනො.
Sinhala BJT75. දිලිසෙන පර්‍වතකූටයක් සෙයින්, කේශර සිංහරාජයකු සෙයින් ජිනේන්‍ද්‍රයන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා සහිත වැ වීථියෙහි වැඩම කළසේක.
Pali BJT76. බුද්ධස්ස රංසිං දිස්වාන හට්ඨා සංවිග්ගමානසා, ද්වාරං අවාපුරිත්වාන{6} බුද්ධසෙට්ඨං අපූජයිං.
Sinhala BJT76. බුදුරැස් දැක හර්‍ෂ (සතුටු) වූයෙම්, සංවිග්නමනස් ඇතියෙම් දොර හැරපියා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදුමු.
Pali BJT77. සත්තඋප්පලපුප්ඵානි පරිකිණ්ණානි{1} අම්බරෙ, ඡදං{2} කරොන්තා බුද්ධස්ස මත්ථකෙ ධාරයන්ති තෙ.
Sinhala BJT77. සත් උපුල්මල් අහස්කුසැ විසිරිණ. ඒ උපුල්හු සෙවෙණියක් කෙරෙමින් බුදුරදුන් මතුයෙහි ධරා සිටුනාහ.
Pali BJT78. උදග්ගචිත්තා සුමනා වෙදජාතා කතඤ්ජලී, තත්ථ චිත්තං පසාදෙත්වා තාවතිංසං අගඤ්ඡ’හං.{3}
Sinhala BJT78. ඔදවැඩි සිතැති සුමනස් වූ ප්‍රීතිමත් වූ කෘතාඤ්ජලී වූ මම් ඔබ කෙරෙහි සිත් පහදවා තව්තිසා දෙව්ලොව උපනුමු.
Pali BJT79. මහානෙලස්ස ඡදනං ධාරෙන්ති මම මුද්ධනි, දිබ්බගන්ධං පවායාමි සත්තුප්පලානිදං ඵලං.
Sinhala BJT79. මා මුදුන්හි මහනෙල් සියනක් ධරත්. (මම්) දෙව්සුවඳ වහන කෙරෙමි. මෙ වනාහි සත් උපුලක් පිදීමේ විපාක යි.
Pali BJT80. කදාචි නීයමානාය ඤාතිසඞ්ඝෙන මෙ තදා, යාවතා පරිසා මය්හං මහානෙලං ධරීයති.
Sinhala BJT80. කිසිවිටෙකැ නෑ සමූහයා විසින් ගෙන යනු ලබන මට යම් පමණ පිරිස් වේ ද, (එ පිරිස්) එකල්හි මට මහනෙල් ධරනු ලැබෙයි.
Pali BJT81. සත්තති දෙවරාජූනං මහෙසිත්තමකාරයිං, සබ්බත්ථ ඉස්සරා හුත්වා සංසරාමි භවාභවෙ.
Sinhala BJT81. සැත්තෑවක් දෙව්රජුනට මෙහෙසිබව කරවූමු. (මෙසේ) සියලු තන්හි ඉසුරු වැ කුදුමහත් බෙවෙහි හැසිරෙමි.
Pali BJT82. තෙසට්ඨිචක්කවත්තීනං මහෙසිත්තමකාරයිං, සබ්බෙ මං අනුවත්තන්ති{4} ආදෙය්යවචනා අහුං.
Sinhala BJT82. තෙසැටක් සක්විතිරජුනට මෙහෙසිබව කරවූමු. සියල්ලෝ මා අනු වැ වැටෙති, (මම්) හැදහියයුතු වදන් ඇතිවූමු.
Pali BJT83. උප්පලස්සෙව මෙ වණ්ණො ගන්ධො චෙව පවායති දුබ්බණ්ණියං න ජානාමි{5} බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT83. මාගේ පැහැය උපුලක පැහැය මෙන් වෙයි. (උපුල්) සුවඳ (මගේ කයින්) හමා යෙයි. දුර්වර්‍ණ බවක් නො දනිමි. මේ බුද්ධ පූජායෙහි විපාක යි.
Pali BJT84. ඉද්ධිපාදෙසු කුසලා බොජ්ඣඞ්ගභාවනාරතා, අභිඤ්ඤාපාරමිප්පත්තා බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT84. ඍද්ධිපාදයන්හි නිපුණ වෙමි. බෝධ්‍යඞ්ගභාවනායෙහි ඇලුනෙම් අභිඥාපාරයට පැමිණියෙම් (ද) වෙමි. මේ වූකලී බුද්ධපූජායෙහි විපාක යි.
Pali BJT85. සතිපට්ඨානකුසලා සමාධිජ්ඣානගොචරා, සම්මප්පධානමනුයුත්තා බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT85. සතිපට්ඨානයෙහි දක්‍ෂ වෙමි. සමාධි-ධ්‍යාන ගෝචර කොට ඇත්තෙමි. සම්‍යක්ප්‍රධන්හි පුන පුනා යෙදුණමු. මේ වනාහි බුද්ධ පූජායෙහි ඵල යි.
Pali BJT86. විරියං මෙ ධුරධොරය්හං යොගක්ඛෙමාධිවාහනං, සබ්බාසවා පරික්ඛීණා{6} නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT86. මාගේ වීර්‍ය්‍ය (යෝගක්‍ෂේමසංඛ්‍යාත නිවනට පමුණුවන) ධුරවාහක (ගැල අදනා) ගවයා යි, (මාගේ) සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් (මට) පුනර්‍භවයෙක් නැති.
Pali BJT87. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා{7} දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සිදං{8} ඵලං.
Sinhala BJT87. මෙයින් එක්තිස්වන කප්හි යම් කුශල කර්‍මයක් කළමු ද, (එ හේතුයෙන්) දුගතිය නො දන්මි, මේ වූකලී පුෂ්පදානයාගේ ඵල යි.
Pali BJT88-90. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT88-90. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං සුදං සත්තුප්පලමාලිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් සත්තුප්පලමාලිකා මෙහෙණි මේ ගාථා පැවසූ යැ.
Pali BJTසත්තුප්පලමාලිකාථෙරියාපදානං අට්ඨමං.
Sinhala BJTඅටවැනි සත්තුප්පලමාලිකා ස්ථවිරීඅපදාන යි.
Pali BJT1. 9 පඤ්චදීපිකාපදානං.
Sinhala BJT1. 9 පඤ්චදීපිකාපදානය
Pali BJT91. නගරෙ හංසවතියා චාරිකී{1} ආස’හං තදා, ආරාමෙන ච ආරාමං චරාමි කුසලත්ථිකා.
Sinhala BJT91. එකල්හි මම් හංසවතී නගරයෙහි හැසිරෙන්නක් වූමු. කුසල් කැමති වැ අරමින් අරැමැ හැසුරුණමු.
Pali BJT92. කාලපක්ඛම්හි දිවසෙ අද්දසං බොධිමුත්තමං, තත්ථ චිත්තං පසාදෙත්වා බොධිමූලෙ නිසීදහං.
Sinhala BJT92. (එක්) කළුවර පොහෝ දිනෙකැ උතුම් බෝරුක දුටුමු. එහි සිත් පහදවා මම් බෝමුල්හි හුන්මු.
Pali BJT93. ගරුචිත්තං උපට්ඨපෙත්වා සිරෙ කත්වාන අඤ්ජලිං, සොමනස්සං පවෙදෙත්වා එවං චින්තෙසි තාවදෙ.
Sinhala BJT93. එකල්හි බුහුමන් සිත් එළවා හිස් මුදුන්හි ඇඳිලි බැඳ සොම්නස් ලැබ මෙසේ සිතුවෙමු.
Pali BJT94. “යදි බුද්ධො අමිතගුණො අසමප්පටිපුග්ගලො, දස්සෙතු පාටිහීරං මෙ බොධි ඔභාසතු අයං.”
Sinhala BJT94. “ඉදින් (පියුමතුරා) බුදුහු අපමණ ගුණ ඇතිසේක් නම් අසම වූ අප්‍රතිපුද්ගල සේක් නම් මට පෙළහර දක්වන සේක්වා! මේ බෝරුක බබළාවා!” යි.
Pali BJT95. සහ ආවජ්ජනා{2} මය්හං බොධි පජ්ජලි තාවදෙ, සබ්බසොණ්ණමයො{3} ආසි දිසා සබ්බා විරොචයුං.{4}
Sinhala BJT95. මාගේ ආවර්‍ජනාව හා සමග එකෙණෙහි බෝරුක දිලුණේ ය. සියල්ල රන්මුවා මෙන් විය. සියලු දිශාවෝ බැබළුණාහ.
Pali BJT96. සත්තරත්තින්දිවං තත්ථ බොධිමූලෙ නිසීද’හං, සත්තමෙ දිවසෙ පත්තෙ දීපපූජං අකාස’හං.
Sinhala BJT96. මම් ඒ බෝමුල්හි සත්රූදාවලක් හුන්නමු. සත්වැනි දවස පැමිණි කල්හි මම් දීප පූජාවක් කළමු.
Pali BJT97. ආසනං පරිවාරෙත්වා පඤ්චදීපානි පජ්ජලුං, යාව උදෙති සුරියො දීපා මෙ පජ්ජලුං තදා.
Sinhala BJT97. ආසනය පිරිවරා ප්‍රදීප පසෙක් දිලුණේ ය. එදවස හිරු උදාවන තාක් මාගේ ප්‍රදීපයෝ දිලුණාහ.
Pali BJT98. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT98. එ පුණ්‍යකර්‍ම හේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද, මම් මිනිස්කය හැර පියා තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියමු.
Pali BJT99. තත්ථ මෙ සුකතං ව්යම්හං පඤ්චදීපීති{5} වුච්චති සට්ඨියොජනමුබ්බෙධං{6} තිංසයොජනවිත්ථතං.
Sinhala BJT99. එහි මට මොනොවට කරන ලද විමනෙක් වියැ. සැටයොදුන් උස් වූ තිස්යොදුන් පුළුල් වූ එ විමන “පඤ්චදීපි” යි කියනු ලැබෙයි.
Pali BJT100. අසඞ්ඛ්යානි දීපානි පරිවාරෙ ජලන්ති මෙ යාවතා දෙවභවනං දීපාලොකෙන ජොතති.{7}
Sinhala BJT100. දෙව්විමන යම් තාක් ප්‍රදීපාලෝකයෙන් දිලියේ ද (එ තාක්) අසංඛ්‍යසංඛ්‍යාත ප්‍රදීපයෝ හාත්පස දිලියෙන්නාහ.
Pali BJT101. පරම්මුඛා නිසීදිත්වා යදි ඉච්ඡාමි පස්සිතුං, උද්ධං අධො ච තිරියං සබ්බං පස්සාමි චක්ඛුනා.
Sinhala BJT101. ඉදින් (මම) පරාම්මුඛ වැ හිඳ දක්නට රිසියුම් නම් උඩ ද යට ද සරසැ ද (වූ) සියල්ල මසැසින් දකිමි.
Pali BJT102. යාවතා අභිකඞ්ඛාමි දට්ඨුං සුගතදුග්ගතෙ, තත්ථ ආවරණං නත්ථි රුක්ඛෙසු පබ්බතෙසු වා.
Sinhala BJT102. සුගත දුර්‍ගතයන් දක්නට යම් පමණින් රිසියුම් ද රුක්හි වේවයි පවුහි වේවයි එහිලා ආවරණයෙක් නැති,
Pali BJT103. අසීති දෙවරාජූනං මහෙසිත්තමකාරයිං, සතානං චක්කවත්තීනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT103. අසූවක් දෙව්රජුනට මෙහෙසිබව කරවීමි. සියක් ගණන් සක්විත්තනට ද මෙහෙසිබව කරවූයෙමි.
Pali BJT104. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, දීපසතසහස්සානි පරිවාරෙත්වා ජලන්ති මං{1}
Sinhala BJT104. දෙවි අත්බව යැ, යළි මිනිසත් බව යැ යන යම් යම් අත්බවකට (උපත් විසින්) එළැඹෙම් ද, මා පිරිවරා සියදහසක් ගණන් පහන්හු දිලියෙත්.
Pali BJT105. දෙවලොකා චවිත්වාන උප්පජ්ජිං මාතුකුච්ඡියං, මාතුකුච්ඡිගතං සන්තිං{2} අක්ඛි මෙ න නිමීලති.
Sinhala BJT105. දෙව්ලොවින් සැව (මනුලොවැ) මවුකුස්හි උපන්මි, මවුකුසට ගියා වූ ම මාගේ ඇස් (පිය) නිමිලනය නො වෙයි.
Pali BJT106. දීපසතසහස්සානි පුඤ්ඤකම්මසමඞ්ගිතා, සූතිඝරෙ පජ්ජලන්ති{3} පඤ්චදීපානිදං ඵලං.
Sinhala BJT106. (මම) පුණ්‍යකර්‍මසමන්‍වාගත යෙමි, (එහෙයින්) සියක් දහසක් පහන්හු තිඹිරි ගෙහි දිලියෙන්නාහ. මේ දීපදානයාගේ ප්‍රතිඵල යි.
Pali BJT107. පච්ඡිමෙ භවෙ{4} සම්පත්තෙ මානසං විනිවට්ටයිං, අජරාමරං{5} සීතිභාවං නිබ්බානං ඵස්සයිං{6} අහං.
Sinhala BJT107. පශ්චිමභවය පැමිණි කල්හි මනස කෙලෙසුන්ගෙන් මුදවා ලීමි. ජරාමරණ නැති සිහිල්බව වූ නිවන මම් ස්පර්‍ශ කළමු.
Pali BJT108. ජාතියා සත්තවස්සා’හං අරහත්තමපාපුණිං, උපසම්පාදයී බුද්ධො ගුණමඤ්ඤාය ගොතමො.
Sinhala BJT108. ජාතියෙන් සත්හැවිරිදි වූ මම් රහත්බවට පැමිණියමු, ගෞතම ගෝත්‍ර ඇති බුදුහු ගුණ සලකා (මා) උපසපන් කළහ.
Pali BJT109. මණ්ඩපෙ රුක්ඛමූලෙ වා පාසාදෙසු ගුහාසු වා, සුඤ්ඤාගාරෙ ච ඣායන්ත්යා{7} පඤ්චදීපා ජලන්ති මෙ.
Sinhala BJT109. මණ්ඩපයෙහි වේවයි, රුක්මුල්හි වේවයි, පහයෙහි වේවයි, ගුහායෙහි වේවයි, ශුන්‍යාගාරයෙහි වේවයි ධ්‍යාන කරන මාහට ප්‍රදීප පසෙක් දිලියෙන්නේ ය.
Pali BJT110. දිබ්බචක්ඛු විසුද්ධං මෙ සමාධිකුසලා අහං, අභිඤ්ඤාපාරමිප්පත්තා පඤ්චදීපානිදං ඵලං.
Sinhala BJT110. මට දිවැස විශුද්ධ වියැ, මම් සමාධියෙහි නිපුණ වීමි. අභිඥාපාරයට පැමිණියෙම් වෙමි. මෙ වූකලී පඤ්චප්‍රදීපදානයාගේ ප්‍රතිඵල යි.
Pali BJT111. සබ්බවොසිතවොසානා කතකිච්චා අනාසවා, පඤ්චදීපා මහාවීර පාදෙ වන්දති{8} චක්ඛුම.
Sinhala BJT111. චක්‍ෂුර්මත් මහාවීරයන් වහන්ස, සියලු බ්‍රහ්මචර්‍ය්‍යවාස වැස නිම වූ කෘතකෘත්‍ය වූ අනාස්‍රව වූ පඤ්චදීපා මෙහෙණ (ඔබ) පා වඳියි.
Pali BJT112. සතසහස්සෙ ඉතො{9} කප්පෙ යං දීපමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.
Sinhala BJT112. මෙයින් සුවහස්වන කප්හි, එකලැ යම් ප්‍රදීපදානයක් ප්‍රදානය කළමු ද, (එ හේතුයෙන්) දුර්‍ගතිය නො මැ දනිමි, මෙ වනාහි පඤ්චප්‍රදීපදානයාගේ ප්‍රතිඵල යි.
Pali BJT113-115. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT113. - 115. මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුද්ධශාසනය කරන ලදි.
Pali BJTඉත්ථං සුදං පඤ්චදීපිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් පඤ්චදීපිකා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
Pali BJTපඤ්චදීපිකාථෙරියාපදානං නවමං.
Sinhala BJTනවවැනි පඤ්චදීපිකා ස්ථවිරීඅපදාන යි.
Pali BJT1. 10 උදකදායිකාපදානං.
Sinhala BJT1. 10 උදකදායිකාපදානය
Pali BJT116. නගරෙ බන්ධුමතියා අහොසිං උදහාරිකා, උදහාරෙන ජීවාමි තෙන පොසෙමි දාරකෙ.
Sinhala BJT116. බන්‍ධුමතී නගරයෙහි (පෙරැ මම්) දිය අදනා කළදැස්සක් වූමු. දිය ඇදීමෙන් ජීවත් වෙමි, එයින් දරුවනුදු පෝෂණය කෙරෙමි.
Pali BJT117. දෙය්යධම්මො ච මෙ නත්ථි පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ, කොට්ඨකං උපසඞ්කම්ම උදකං පට්ඨපෙස’හං.
Sinhala BJT117. අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි මාහට දේයධර්‍මයෙක් (පුදනට නිසි දැයෙක්) නැත. (එ හෙයින්) නහන කොටුව වෙත එළැඹැ මම් දිය එළවා තැබූයෙමි.
Pali BJT118. තෙන කම්මෙන සුකතෙන තාවතිංසමගච්ඡ’හං, තත්ථ මෙ සුකතං ව්යම්හං උදහාරෙන නිම්මිතං.
Sinhala BJT118. එ කුශලකර්‍මයෙන් මම (උපත් විසින්) තව්තිසා දෙව්ලොවට ගියමු. එහි මා හට දිය ඇදීමේ පිනෙන් නිර්මිත වූ මොනොවට කළ විමනෙක් විය.
Pali BJT119. අච්ඡරානං සහස්සස්ස{1} අහං හි පවරා තදා, දසට්ඨානෙහි තා සබ්බා අභිභොමි සදා අහං.
Sinhala BJT119. එකල්හි මම දහසක් අප්සරාවනට අග්‍ර වූමු. හැම කල්හි දස කරුණෙකින් ඒ සියල්ලන් අභිභවා සිටිමි.
Pali BJT120. පඤ්ඤාසං දෙවරාජූනං මහෙසිත්තමකාරයිං, වීසතිචක්කවත්තීනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT120. පනසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙමි. විසිසක්විති රජුනට ද මෙහෙසිබව කරවූයෙමි.
Pali BJT121. දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ, දුග්ගතිං නාභිජානාමි දකදානස්සිදං{2} ඵලං.
Sinhala BJT121. දෙවිබව යැ, යළි මිනිසත්බව යැ යන භවද්වයයෙහි සැරි සරමි, දුගතිය නො ම දනිමි. උදකදානයාගේ මේ විපාක යි.
Pali BJT122. පබ්බතග්ගෙ දුමග්ගෙ වා අන්තලික්ඛෙ ච භූමියං, යදා උදකමිච්ඡාමි ඛිප්පං පටිලභාමහං.
Sinhala BJT122. පවු අග්හි වේවයි, රුක් අග්හි වේවයි, අහස්හි වේවයි, පොළොව්හි වේවයි යම් විටෙකැ දිය රිසියෙම් ද, (එවිටැ) මම් වහා (දිය) ලබමි.
Pali BJT123. අවුට්ඨිකා දිසා නත්ථි සන්තත්තකුථීතා න ච,{3} මම සඞ්කප්පමඤ්ඤාය මහාමෙඝො පවස්සති.
Sinhala BJT123. වැසි නොවටනා දිශායෙක් (මට) නැත. තැවීමෙක් කැකෑරුණු බවෙක් දු නැති. මාගේ අදහස් දැන (මෙන්) මහාමේඝය වෙසෙසින් වස්නේ යි.
Pali BJT124. කදාචි නීයමානාය ඤාතිසඞ්ඝෙන මෙ තදා යදා ඉච්ඡාමහං වස්සං මහාමෙඝො පවස්සති{4}
Sinhala BJT124. යම් විටෙකැ මම් වැසි රිසි වන්නෙම් නම් එවිටැ නෑ සමූහයා විසින් ගෙන යනු ලබන මට මහවැසි වසී.
Pali BJT125. උණ්හං වා පරිළාහො වා සරීරෙ මෙ න විජ්ජති, කායෙ ච මෙ රජො නත්ථි දකදානස්සිදං ඵලං.
Sinhala BJT125. මාගේ සිරුරෙහි උණුසුමෙක් වේවයි, දාහයෙක් වේවයි නැත, මාගේ කයෙහි රජස් ද නැති. මේ වූකලී උදකදනයාගේ විපාක යි.
Pali BJT126. විසුද්ධමනසා අජ්ජ අපෙතමලපාපිකා{5}, සබ්බාසවා පරික්ඛීණා{6} නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT126. අද (මම) විශුද්ධ මනස් ඇති වෙමි, පහ වැ ගිය කෙලෙස්මල ඇති වෙමි, සියලු ආස්‍රව ගෙවී ගියේ යැ, දැන් පුනර්‍භවයෙක් නැති.
Pali BJT127. එකනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං{1} තදා, දුග්ගතිං නාභිජානාමි දාකදානස්සිදං ඵලං.
Sinhala BJT127. මෙයින් එකානූවන කප්හි, එකලැ යම් පුණ්‍යකර්‍මයක් කළමු ද, (එ හේතුයෙන්) දුගතිය නො දනිමි. මේ උදකදානයාගේ විපාක යි.
Pali BJT128-130. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT128. - 130. මා විසින් ක්ලේශයෝ දවන ලදහ ... බුද්ධශාසනය කරන ලද්දේ යි.
Pali BJTඉත්ථං සුදං උදකදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් උදකදායිකා මෙහෙණ මේ ගාථා පැවැසූ යැ.
Pali BJTඋදකදායිකාථෙරියාපදානං දසමං.
Sinhala BJTදසවැනි උදකදායිකා ස්ථවිරීඅපදාන යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසුමෙධා මෙඛලාදායි මණ්ඩපසඞ්කමං දදා, නළමාලී පිණ්ඩදදා කටච්ඡු උප්පලප්පදා.
Sinhala BJTසුමේධා යැ, මෙඛලාදායිකා යැ, මණ්ඩපදායිකා යැ, සංකමනත්‍ථා යැ, නළමාලිකා යැ, පිණ්ඩපාතදායිකා යැ, කටච්ඡුභික්ඛාදායිකා යැ, උප්පලමාලිකා යැ,
Pali BJTදීපදා දකදා චෙව ගාථායො ගණිතා ඉහ, එකං ගාථාසතං චෙව තිංසතී ච තදුත්තරිං.
Sinhala BJTදීපදායිකා යැ, උදකදායිකා යැ යන මොවුන් පිළිබඳ අපදාන දසය යි. මෙහි ගාථා එක්සිය තිසෙකි.
Pali BJTසුමෙධාවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි සුමේධා වර්‍ග යි.
Pali BJT2. එකූපොසථික වග්ගො
Sinhala BJT2. ඒකූපෝසථික වර්‍ගය
Pali BJT2. 1 එකුපොසථිකාපදානං.
Sinhala BJT2. 1 ඒකූපොසථිකාපදානය
Pali BJT131. නගරෙ බන්ධුමතියා බන්ධුමා නාම ඛත්තියො, දිවසෙ පුණ්ණමායං{1} සො උපවසි{2} උපොසථං.
Sinhala BJT131. බන්‍ධුමතී නුවරැ බන්‍ධුමත් නමැති රජෙක් වියැ. හේ පුණුපොහෝ දිනැ පෙහෙවස් විසී.
Pali BJT132. අහං තෙන සමයෙන කුම්බදාසී අහුං තහිං, දිස්වා සරාජිකං{3} සෙනං එවාහං චින්තයිං තදා.
Sinhala BJT132. එසමයෙහි මම එනුවරැ කළදැස්සක් වූමු. (පෙහෙවස් වසන) රජු සහිත සෙනඟ දැක මම මෙසේ සිතූමු:
Pali BJT133. “රාජාපි රජ්ජං ඡඩ්ඩෙත්වා උපවසි{2} උපොසථං, සඵලං නූන තං කම්මං ජනකායො පමොදිතො.”
Sinhala BJT133. “රජ ද රජය හැරපියා පෙහෙවස් විසී යැ. එකැතින් ඒ ක්‍රියාව ඵල සහිත යැ. ජනසමූහයා ප්‍රමුදිත වූයේ වෙයි” යනු යි.
Pali BJT134. යොනිසො පච්චවෙක්ඛිත්වා දුග්ගච්චඤ්ච{4} දළිද්දතං,{5} මානසං සංපහංසෙත්වා{6} උපවසිං උපොසථං.
Sinhala BJT134. (මම් දු) දුගී බව ද දිළිඳුබව ද නුවණින් මෙනෙහි කොට සිත පහදවා පෙහෙවස් වුසූමු.
Pali BJT135. අහං උපොසථං කත්වා සම්මාසම්බුද්ධසාසනෙ, තෙන කම්මෙන සුකතෙන තාවතිංසං අගච්ඡහං{7}
Sinhala BJT135. මම (විපස්සී) සම්බුදුසසුනෙහි පෙහෙවස් වැස ඒ කුශල කර්‍මයෙන් තව්තිසා දෙව්ලොව උපන්මු.
Pali BJT136. තත්ථ මෙ සුකතං ව්යම්හං උද්ධං{8} යොජනමුග්ගතං, කූටාගාරවරූපෙතං සයනාසනභූසිතං.{9}
Sinhala BJT136. එහි මට විමනෙක් මැනැවින් කරනලද වෙයි. (එ විමන) යොදුනක් උස් යැ, මනාකුළුගෙවලින් යුතු යැ, (හැඳපුටු ඈ) සෙනසුනෙන් සැරහුණේ ද වේ.
Pali BJT137. අච්ඡරා සතසහස්සා උපතිට්ඨන්ති මං සදා, අඤ්ඤෙ දෙවෙ අතික්කම්ම අතිරොචාමි සබ්බදා.
Sinhala BJT137. සියදහසක් අප්සරාවෝ සැම කල්හි මට උවටැන් කෙරෙති. (මම) සැමදා සෙසු දෙවියන් ඉක්මවා අගිශයින් බබළමි.
Pali BJT138. චතුසට්ඨිදෙවරාජූනං මහෙසිත්තමකාරයිං, තෙසට්ඨිචක්කවත්තීනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT138. සූසැටක් දෙව්රජුනට මෙහෙසි වූමු. තෙසැටක් සක්විති රජුනට ද මෙහෙසි වූවා වෙමි.
Pali BJT139. සුවණ්ණවණ්ණා හුත්වාන භවෙසු සංසරාමහං, සබ්බත්ථ පවරා හොමි උපොසථස්සිදං ඵලං.
Sinhala BJT139. මම රන්වන් සිවිපැහැ ඇති වැ භවයන්හි හැසිරෙමි. සියලු තන්හි උතුම් වෙමි. මේ වූකලි පෙහෙවස් විසීමේ විපාක යැ.
Pali BJT140. හත්ථියානං අස්සයානං රථයානඤ්ච සිවිකං{10} ලභාමි සබ්බමෙතම්පි උපොසථස්සිදං ඵලං.
Sinhala BJT140. හස්තියාන - අශ්වයාන - රථයාන - සිවිගෙවල් යන තෙල සියල්ල ලබමි. මේ වනාහි පෙහෙවස් විසීමේ විපාක යැ.
Pali BJT141. සොවණ්ණමයං රූපිමයං අථොපි ඵලිකාමයං, ලොහිතඞ්කමයඤ්චෙව සබ්බං පටිලභාම’හං.
Sinhala BJT141. මම රන්මුවා වූ ද, රිදීමුවා වූ ද, පිළිමිණිමුවා වූ ද, රත්මිණිමුවා වූ ද (උපභෝග පරිභෝග වස්තු) සියල්ල පිළිලබමි.
Pali BJT142. කොසෙය්යකම්බලියානි ඛොමකප්පාසිකානි ච, මහග්ඝානි ච වත්ථානි සබ්බං පටිලභාම’හං.
Sinhala BJT142. තිහිරිපිළි යැ, එළුලොම්පිළි යැ, කොමු පිළි යැ, කපු පිළි යැ (අන්‍ය වූත්) මහාර්‍හ වස්ත්‍ර දැයි යන සියල්ල පිළිලබමි.
Pali BJT143. අන්නං පානං ඛාදනීයං වත්ථසෙනාසනානි ච, සබ්බමෙතං පටිලභෙ උපොසථස්සිදං ඵලං.
Sinhala BJT143. ආහාර පාන හා කෑයුතු දෑ ද, වස්ත්‍ර හා ශයනාසන ද යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.
Pali BJT144. වරගන්ධඤ්ච මාලඤ්ච චුණ්ණකඤ්ච විලෙපනං, සබ්බමෙතං පටිලභෙ උපොසථස්සිදං ඵලං.
Sinhala BJT144. මහඟු සුවඳ ද, මල්දම් ද, වත්සුණු හා විලවුන් ද යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.
Pali BJT145. කූටාගාරඤ්ච පාසාදං මණ්ඩපං හම්මියං ගුහං, සබ්බමෙතං පටිලභෙ උපොසථස්සිදං ඵලං.
Sinhala BJT145. කුළුගෙවල් යැ, මහපහා යැ, මණ්ඩප යැ, සඳලු සහිත ගේ යැ, ගුහා යැ යන තෙල සියල්ල ලබමි. මේ පෙහෙවස් විසීමේ විපාක යි.
Pali BJT146. ජාතියා සත්තවස්සො’හං පබ්බජිං අනගාරියං, අඩ්ඪමාසෙ අසම්පත්තෙ අරහත්තං අපාපුණිං,{1}
Sinhala BJT146. උපතින් සත්හැවිරිදි වූ මම බුදුසසුන්හි පැවිදි වූමු. (පැවිද්දෙන්) අඩමසක් නො පැමිණි කල්හි රහත්බවට පැමිණියා වෙමි.
Pali BJT147. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT147. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂීණ වූහ. දැන් (මට) පුනර්‍භවයෙක් නැති.
Pali BJT148. එකනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි උපොසථස්සිදං ඵලං.
Sinhala BJT148. මෙයින් එක්අනූවන කප්හි යම් කුශලකර්‍මයක් කළමු ද, (ඒ හේතුයෙන්) දුගතිය නො හඳුනමි. මේ පෙහෙවස් විසීමේ ඵල යි.
Pali BJT149. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT149. බුදුරදුන් වෙතැ එළැඹීම මට ස්වාගත (-යහපත්) වියැ, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරන ලද යැ.
Pali BJT150. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT150. මේ සිවුපිළිසිඹියා ද, අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ් අභිඥා ද මා විසින් පසක් කරන ලද යැ. බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං එකූපොසථිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ඒකුපෝසථිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.
Pali BJTඑකූපොසථිකාථෙරියාපදානං පඨමං.
Sinhala BJTපළමුවැනි ඒකූපොසථිකා ස්ථවිරාපදාන යි.
Pali BJT2. 2 සලලපුප්ඵිකාපදානං.
Sinhala BJT2. 2 සලලපුෂ්පිකාපදානය
Pali BJT151. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරී තදා, අද්දසාහං{1} දෙවදෙවං චඞ්කමන්තං නරාසභං.
Sinhala BJT151. (පෙරැ) මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරියක් වූමු. එකලැ දෙවියන්ට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනු දුටුමු.
Pali BJT152. ඔචිනිත්වාන සලලං බුද්ධසෙට්ඨස්ස’දාස’හං, “උපසිඞ්ඝ මහාවීර{2} සලලං දෙවගන්ධිකං.”
Sinhala BJT152. මම් සලල මල් නෙලා “මහාවීරයන් වහන්ස, දිව්‍යමය සුවඳැති සලල මල් සුඹුනා සේක්ව” යි බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුන්මු.
Pali BJT153. පටිග්ගහෙත්වා සම්බුද්ධො විපස්සී ලොකනායකො, උපසිඞ්ඝි මහාවීරො පෙක්ඛමානාය මෙ තදා.
Sinhala BJT153. එවිට මහාවීර වූ ලෝකනායක විපස්සී සම්බුදුරජාණන් මා බලා සිටිය දී මැ (එමල් ) සිඹ වදාළසේකැ.
Pali BJT154. අඤ්ජලිං පග්ගහෙත්වාන වන්දිත්වා දිපදුත්තමං,{3} සකං චිත්තං පසාදෙත්වා තතො පබ්බතමාරූහිං.
Sinhala BJT154. ද්විපදෝත්තම බුදුරදුන් ඇඳිලි බැඳ වැඳ සිය සිත පහදවා ගෙන එතැනින් නික්මැ පර්‍වතයට නැගුණමු.
Pali BJT155. එකනවුතෙ ඉතො{4} කප්පෙ යං පුප්ඵමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT155. මෙයින් එක්අනූවන කප්හි යම් මලක් (පූජා විසින්) දිනිම් ද, (එ පිනෙන්) දුගතිය නො දනිමි. පුෂ්පපූජායෙහි මේ ඵල යි.
Pali BJT156. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- විහරාමි අනාසවා.
Sinhala BJT156. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... අනාස්‍රව වැ වාස කෙරෙමි.
Pali BJT157. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT157. මට යහපතක් වියැ ... බුදුසසුන් කරන ලද යැ.
Pali BJT158. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT158. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලදී.