Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8401-8500 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉත්ථං සුදං ආයස්මා සීවකත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
Pali BJTසීවකත්ථෙරස්සාපදානං නවමං.
Sinhala BJTනවවැනි සීවක ස්ථවිරාවදාන යි.
Pali BJTතස්සුද්දානං
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTයසො නදීකස්සපො ච ගයාකිම්බිලවජ්ජිනො, ද්වෙ උත්තරා භද්දජි ච සීවකො චාපි උත්තමො.
Sinhala BJTයස යැ, නදීකස්සප යැ, ගයාකස්සප යැ, කිම්බිල වජ්ජි යන අපදාන දෙක යැ, උත්තර අපදාන දෙක යැ, භද්දජි යැ, සීවක යැ යන අපදාන නවය යි.
Pali BJTයසවග්ගො ඡපඤ්ඤාසතිමො.
Sinhala BJTසපනස් වැනි යසවර්‍ග යි.
Pali BJTථෙරාපදානං සමත්තං.
Sinhala BJTථේරාපදාන නිමි.
Pali BJT(රට්ඨපාල - උපවාන ත්ථෙරානං අපදානානි “මඡසං” පොත්ථකෙ යසවග්ගන්තොගධානි දිස්සන්තෙ, තථාපි අපදානපාළි පඨමභාගෙ දුතිය තතියවග්ගෙසු තෙසං ආගතත්තා ඉධ න දස්සිතානීති දට්ඨබ්බං.)
Sinhala BJT[need trans]
Pali BJTසුත්තන්තපිටකෙ ඛුද්දකනිකායෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයේ ඛුද්දකනිකායෙහි
Pali BJTඅපදානපාළි
Sinhala BJTඅපදාන පාළි
Pali BJTතතියො භාගො
Sinhala BJTතෙවන භාගය
Pali BJTථෙරීඅපදාන පාළි
Sinhala BJTථේරි අපදාන පාළි
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මා සම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. සුමෙධාවග්ගො
Sinhala BJT1. සුමේධා වර්‍ගය
Pali BJT1. 1 සුමෙධාපදානං.
Sinhala BJT1. 1 සුමේධා අපදානය
Pali BJT1. භගවති කොණාගමනෙ සඞ්ඝාරාමම්හි නවනිවෙසම්හි{1} සඛියො තිස්සො ජනියො විහාරදානං අදාසිම්හ.
Sinhala BJT1. කෝණාගමන බුදුරජාණන් වහන්සේ අභිනවයෙන් කරවන ලද සඞ්ඝාරමයෙකැ වැඩවසන සමයෙහි යෙහෙළි වූ ධනඤ්ජානී යැ, ඛේමා යැ, මා (සුමේධා) යැ යන අපි තිදෙන ඒ බුදුරදුනට විහාරයක් කරවා දුනුම් හ.
Pali BJT2. දසක්ඛත්තුං සතක්ඛත්තුං දසසතක්ඛත්තුං සතානං ච සතක්ඛත්තුං{2} දෙවෙසු උපපජ්ජිම්හ කො වාදො මානුසකෙ භවෙ.
Sinhala BJT2. (එ පිනෙන්) දසවරැ සියවරැ දහස්වරැ දසදහස්වරැ දෙවියන් කෙරෙහි උපනුම්හ. මිනිසත්බව්හි උපන්වාර කියනු කිම.
Pali BJT3. දෙවෙ මහිද්ධිකා අහුම්හ මානුසකම්හි කො වාදො සත්තරතනස්ස මහෙසී{3} ඉත්ථිරතනං අහං ආසිං.{4}
Sinhala BJT3. දෙවියන් කෙරෙහි උපන් කලැ මහත් ඍද්ධි ඇති වූම්හ. මිනිසුන් කෙරෙහි (උපන් කලැ) කවර කථා යැ. මම් සක්විති රජක්හුගේ ස්ත්‍රීරත්නය වූ මෙහෙසි වූමු.
Pali BJT4. ඉධ{5} සඤ්චිතකුසලා සුසමිද්ධකුලප්පජා ධනඤ්ජානී ච ඛෙමා ච අහම්පි ච තයො ජනා.
Sinhala BJT4. ධනඤ්ජානී යැ, ඛේමා යැ, මා යැ යන අපි තිදෙන මෙලොව්හි රැස්කළ කුසල් ඇත්තමෝ මහත් ඉසුරුමත් කුලඟන වූමු.
Pali BJT5. ආරාමං සුකතං කත්වා සබ්බාවයවමණ්ඩිතං බුද්ධප්පමුඛසඞ්ඝස්ස නිය්යාදෙත්වා පමොදිතා.{6}
Sinhala BJT5. සියල් අඟින් පිරිපුන් අරමක් මොනොවට කරවා බුදු පාමොක් සඟනට පවරා දී ප්‍රමුදිත වූම්හ.
Pali BJT6. යත්ථ යත්ථූපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා දෙවෙසු අග්ගතං පත්තා මනුස්සෙසු තථෙව ච.
Sinhala BJT6. (මම) යම් යම් තෙනෙකට උපත් විසින් යෙම් ද, එ කුසල් බෙලෙන් දෙවියන් අතරැ අගතැන් පැමිණියමු. මිනිසුන් අතරැ දු එසේ මැ යි.
Pali BJT7. ඉමස්මිංයෙව කප්පම්හි බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT7. මේ (භද්‍ර) කල්පයෙහි බ්‍රාහ්මණවංශික මහායශස් ඇති ගෝත්‍ර විසින් කාශ්‍යප නම් වූ දේශකයන් අතරැ ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් කෙනෙක් පහළ වූ සේක.
Pali BJT8. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසිපුරුත්තමෙ.
Sinhala BJT8. එකලැ බරණැස් පුරවරයෙහි මහර්ෂී බුදුරදුනට උපස්ථායක වූ නරේශ්වර කිකී නම් කසීරජෙක් වූයේ යැ.
Pali BJT9. තස්සාසුං සත්ත ධීතරො රාජඤ්ඤා සුඛෙධිතා{1} බුද්ධුපට්ඨානනිරතා{2} බ්රහ්මචරියං චරිංසු තා.
Sinhala BJT9. ඒ රජුට සත් දූ කෙනෙක් වූහු. සුවසේ වැඩුණු ඒ රාජකන්‍යාවෝ බුදුවටන්හි නිරත වූහ. උහු තුමූ බඹසර සැරුහු.
Pali BJT10. තාසං සහායිකා හුත්වා සීලෙසු සුසමාහිතා දත්වා දානානි සක්කච්චං අගාරෙව වතං{3} චරිං.
Sinhala BJT10. මම් ඔවුනට සහාය වැ සිල්හි මොනොවට පිහිටියා සකසා දන් දී ගිහිගෙහි ම (රැඳී) වත් සපුරාලීමි.
Pali BJT11. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසූපගා අහං.
Sinhala BJT11. ඒ කුශලකර්‍මහේතුයෙන් ද, චේතනාප්‍රණිධි හේතුයෙන් ද මම මිනිස්කය හැරපියා (උත්පත්ති වශයෙන්) තව්තිසා දෙව්ලොවට පැමිණියෙමු.
Pali BJT12. තතො චුතා යාමමගං{4} තතො’හං තුසිතං ගතා තතො ච නිම්මාණරතිං වසවත්තිපුරං තතො.
Sinhala BJT12. මම එයින් සැවැ යාමදෙව්ලොවට ගියමු, එයින් සැවැ තුෂිතයට ගියමු, එයින් සැවැ නිර්‍මාණරතියට ද, එයින් සැවැ වශවර්තිපුරයට ද ගියමු.
Pali BJT13. යත්ථ යත්ථූපපජ්ජාමි පුඤ්ඤකමමසමොහිතා{5} තත්ථ තත්ථෙව රාජූනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT13. පින්කම්හි මොනොවට පිහිටි මම් යම් යම් තෙනෙකැ උපන්මු ද, ඒ ඒ තෙනැ (දෙව්) රජුනට මෙහෙසිබව කළමු.
Pali BJT14. තතො චුතා මනුස්සත්තෙ රාජූනං චක්කවත්තිනං. මණ්ඩලීනඤ්ච රාජූනං මහෙසිත්තමකාරයිං.
Sinhala BJT14. එයින් ච්‍යුත වූවා මිනිසත්බව්හි සක්විතිරජුනට ද, පෙදෙස් රජුනට ද මෙහෙසිබව කළමු.
Pali BJT15. සම්පත්තිමනුභොත්වාන දෙවෙසු මානුසෙසු ච සබ්බත්ථ සුඛිතා හුත්වා නෙකජාතිසු සංසරිං.
Sinhala BJT15. (මෙසෙයින්) දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සැපත් වළඳා සියලු තන්හි සුවපත් වැ නොයෙක් ජාතිවලැ (උපත් විසින්) හැසුරුණමු.
Pali BJT16. සො හෙතු ච සො පභවො තං මූලං සා ච සාසනෙ ඛන්ති{6} තං පඨමං{7} සමොධානං තං ධම්මරතාය නිබ්බානං.
Sinhala BJT16. (යථෝක්ත දෙව්මිනිස් සැපත් ලැබීමට) ඒ විහිර දානය හේතු වියැ, එය ප්‍රභවය වියැ, එය මුල් වියැ, එය මැ බුදුසසුන්හි නිධ්‍යාන ක්‍ෂාන්තිය වියැ, එය ප්‍රථම සමාගමය වියැ, එය දම්හි ඇලුණ සුමේධාවගේ නිර්‍වාණපදප්‍රාප්තිය වී.
Pali BJT17. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවා.
Sinhala BJT17. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ සරණ ඇත්රැජිනක සෙයින් ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
Pali BJT18. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස{8} සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT18. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ හමියෙහි මට ඒකාන්තයෙන් යහපතක් වූයේ යැ. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්ත (පිළිවෙළින් පැමිණි) යහ. බුදුසසුන් කොට නිමවන ලදි.
Pali BJT19. පටිසම්භිදා චතස්සො ච{9} විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT19. මේ සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද පසක් කරන ලදහ. බුදුසසුන් කොට නිමවන ලදි.
Pali BJTඉත්ථං සුදං සුමෙධා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් සුමේධා භික්‍ෂුණී තොමෝ මේ ගාථා පැවැසූ යැ.
Pali BJTසුමෙධාථෙරියාපදානං පඨමං
Sinhala BJTපළමුවැනි සුමේධා ස්ථවිරි අපදාන යි.
Pali BJT1. 2 මෙඛලාදායිකාපදානං
Sinhala BJT1. 2 මෙඛලාදායිකා අපදානය
Pali BJT20. සිද්ධත්ථස්ස භගවතො ථූපං කාරාපිකා{1} අහුං, මෙඛලිකා මයා දින්නා නවකම්මාය සත්ථුනො.
Sinhala BJT20. සිද්ධාර්‍ත්‍ථ භගවත්හට ස්තූප කරන්නෝ වූහ. ශාස්තෘහු පිණිස (කරනු ලබන) නවකම් සඳහා මා විසින් මේඛලාවක් දෙන ලදි.
Pali BJT21. නිට්ඨිතෙ ච මහාථූපෙ මෙඛලං පුන’දාසහං, ලොකනාථස්ස මුනිනො පසන්නා සෙහි පාණිහි.
Sinhala BJT21. මහසෑ (නවහම්) නිමි කල්හි දු මම් යළි මෙවුලක් දුනුමු. ලෝකනාථ වූ මුනිඳුන්හට සියදිවියෙන් (දිව් හිම් කොට) ප්‍රසන්න වූවා වෙමි.
Pali BJT22. චතුනවුතෙ ඉතො{2} කප්පෙ යං මෙඛලමදං තදා, දුග්ගතිං නාභාජානාමි ථූපකාරස්සිදං ඵලං.
Sinhala BJT22. මෙයින් සූඅනුවන කප්හි, එකලැ යම් මෙවුලක් දුන්නෙම් ද, (එ හේතුයෙන්) දුගතිය නො මැ දනිමි. මෙ වූකලී සෑයක් කරවීමේ විපාක යි.
Pali BJT23. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- විහරාමි අනාසවා.
Sinhala BJT23. මා විසින් කෙලෙස්හු දවන ලද … අනාස්‍රව වැ වෙසෙමි.
Pali BJT24. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT24. මාහට එකැතින් යහපතෙක් වියැ ... බුදුසසුන් කරන ලද.
Pali BJT25. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT25. සිව්පිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං සුදං මෙඛලාදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් මෙඛලාදායිකා භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළායැ.
Pali BJTමෙඛලාදායිකාථෙරීඅපදානං දුතියං.
Sinhala BJTදෙවැනි මෙඛලාදායිකා ස්ථවිරීඅපදාන යි.
Pali BJT1. 3 මණ්ඩපදායිකාපදානං
Sinhala BJT1. 3 මණ්ඩපදායිකා අපදානය
Pali BJT26. කොණාගමනස්ස මුනිනො මණ්ඩපො කාරිතො මයා ධුවං ච චීවරමදං{3} බුද්ධස්ස ලොකබන්ධුනො.
Sinhala BJT26. කෝණාගමන බුදුරදුන්හට මා විසින් මණ්ඩපයක් කරවන ලදි. ලෝකබන්‍ධු වූ භාග්‍යවතුන්හට නිරන්තරයෙන් සිවුරු ද දුන්මු.
Pali BJT27. යං යං ජනපදං යාමි නිගමෙ රාජධානියො සබ්බත්ථ පූජිතා හොමි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
Sinhala BJT27. යම් යම් දනව්වකට යන්නෙම් ද, නියම්ගම්-රජදහනකට යන්නෙම් ද එ හැමතන්හි පුදනලද වෙමි. මේ වූකලි පින්කම්හි ඵල යි.
Pali BJT28. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- විහරාමි අනාසවා.
Sinhala BJT28. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
Pali BJT29. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT29. ඒකාන්තයෙන් මා හට ස්‍වාගතයෙක් වී යැ ... බුදුසසුන් කරන ලද.
Pali BJT30. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT30. සිවු පිළිසිඹියාවෝ ද ... බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං සුදං මණ්ඩපදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ මණ්ඩපදායිකා භික්‍ෂුණී තොමෝ මේ ගාථා ප්‍රකාශ කළා යැ.
Pali BJTමණ්ඩපදායිකාථෙරීඅපදානං තතියං.
Sinhala BJTතෙවැනි මණ්ඩපදායිකා ස්ථවිරීඅපදාන යි.
Pali BJT1. 4 සඞ්කමනත්ථාපදානං
Sinhala BJT1. 4 සඞ්කමනත්‍ථ අපදානය
Pali BJT31. විපස්සිස්ස{1} භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, රථියං පටිපන්නස්ස කාරයන්තස්ස පාණිනො.
Sinhala BJT31. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී (අකම්ප්‍ය) ගුණයුක්ත, ප්‍රාණීන් (සසරකතරින්) එතෙරැ කරවන විදර්ශී භාග්‍යවතුන් වහන්සේ වීථියට පිළිපන්නවුන් හමියෙහි ...
Pali BJT32. ඝරතො නික්ඛමිත්වාන අවක්කුජ්ජා නිප්පජ්ජ’හං අනුකම්පකො ලොකනාථො සීසන්තෙ{2} අක්කමී මම{3}
Sinhala BJT32. මම් ගෙන් නික්මැ යටිහුරු වැ වැඳ වැටුණමු. ලෝකනාථයන් වහන්සේ අනුකම්පා කරන සේක් මාගේ ශීර්‍ෂාන්ත (කෙහෙ) ඇක්මැවූ සේක.
Pali BJT33. අක්කමිත්වාන සිරසි{4} අගමා ලොකනායකො තෙන චිත්තප්පසාදෙන තුසිතං උපපජ්ජහං{5}
Sinhala BJT33. (මා) හිස ඇක්මැ ලෝකස්වාමි වූ බුදුරජාණන් වහන්සේ වැඩිසේකි. මම් ඒ චිත්ත ප්‍රසාදහේතුයෙන් උත්පත්ති වශයෙන් තුෂිත දෙව්ලොවට (උපත් විසින්) පැමිණියමු.
Pali BJT34. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- විහරාමි අනාසවා.
Sinhala BJT34. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
Pali BJT35. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT35. ඒකාන්තයෙන් මට ස්‍වාගතයෙක් වියැ ... බුදුසසුන් දරන ලද යැ.
Pali BJT36. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT36. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලද්දේ යි.
Pali BJTඉත්ථං සුදං සඞ්කමනත්ථා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ සඞ්කමනත්‍ථ භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා යැ.
Pali BJTසඞ්කමනත්ථාථෙරියාපදානං චතුත්ථං.
Sinhala BJTසිවුවැනි සඞ්කමනත්‍ථා ස්ථවිරීඅපදාන යි.
Pali BJT1. 5 නළමාලිකාපදානං
Sinhala BJT1. 5 නළමාලිකා අපදානය
Pali BJT37. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරී තදා, අද්දසං විරජං බුද්ධං සයම්භුං අපරාජිතං.
Sinhala BJT37. එක්කලෙක මම චන්‍ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වූමු. ස්‍වයම්භූ වූ අපරාජිත වූ විරජ වූ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරදුන් දුටුමු.
Pali BJT38. පසන්නචිත්තා සුමනා වෙදජාතා කතඤ්ජලී, නළමාලං ගහෙත්වාන සයම්භුං අභිපූජයිං.
Sinhala BJT38. පහන් සිතැති (එහෙයින් මැ) සොම්නස් වූ උපන් ප්‍රීති ඇති මම් බදැඳිලි වැ නළමාලාවක් (හුණ මල්දමක්) ගෙණ (එයින්) සම්බුදුරදුන් ගරුබුහුමනින් යුතු වැ පිදුමු.
Pali BJT39. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා කින්නරීදෙහං අගච්ඡිං තිදසං ගතිං.{6}
Sinhala BJT39. එ කුශලකර්‍මහේතුයෙන් ද චේතනාප්‍රණිධි හේතුයෙන් ද කිඳුරු සිරුර හැරපියා (උපත් විසින්) දේවගතියට ගියමු.
Pali BJT40. ඡත්තිංසදෙවරාජූනං මහෙසිත්තමකාරයිං, දසන්නං චක්කවත්තීනං මහෙසිත්තමකාරයිං, සංවෙජෙත්වාන මෙ චිත්තං{7} පබ්බජිං අනගාරියං.
Sinhala BJT40. (එහි) සතිසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙමි. (පසුව) දස සක්විති රජුනට ද මෙහෙසි වූමු. (මෙ අත්බව්හි) මා සිත සංවේගයට පමුණුවා බුදුසසුන්හි පැවැදි වූවා වෙමි.
Pali BJT41. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
Sinhala BJT41. මෙයින් සූඅනුවනකප්හි යම් පුෂ්ප පූජාවක් කරන ලද ද, (එ පිනෙන්) දුගතිය නො මැ දනිමි, මේ පුෂ්පපූජායෙහි විපාක යි.
Pali BJT42. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.{*}
Sinhala BJT42. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, සියලු ආස්‍රවයෝ ක්‍ෂීණයහ, දැන් (මට) පුනර්‍භවයෙක් නැති.
Pali BJT43. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- භවා සබ්බෙ සමූහතා,
Sinhala BJT43. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... සියලු භවයෝ නසන ලදහ.
Pali BJT44. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT44. මට ඒකාන්තයෙන් යහපතෙක් මැ වියැ ... බුදුසසුන් කරන ලද.
Pali BJT45. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT45. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං නළමාළිකා භික්ඛුනී{1} ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ නළමාලිකා භික්‍ෂුණී මේ ගාථා ප්‍රකාශ කළා යැ.
Pali BJTනළමාලිකාථෙරියාපදානං පඤ්චමං.
Sinhala BJTපස්වැනි නළමාලිකා ස්ථවිරීඅපදාන යි.
Pali BJT1. 6 එකපිණ්ඩපාතදායිකාපදානං.
Sinhala BJT1. 6 ඒකපිණ්ඩදායිකා අපදානය
Pali BJT46. නගරෙ බන්ධුමතියා බන්ධුමා නාම ඛත්තියො තස්ස{2} රඤ්ඤො අහුං භරියා එකජ්ඣං චාරයාමහං{3}
Sinhala BJT46. බන්‍ධුමතී නගරයෙහි බන්‍ධුමත් නම් රජෙක් වියැ. මම් ඒ රජහට භාර්‍ය්‍යා වූමු, නිරතුරු ඉඳුරන් පිනවා වාස කළමු.
Pali BJT47. රහොගතා නිසීදිත්වා එවං චින්තෙස’හං තදා, “ආදාය ගමනීයං හි කුසලං නත්ථි මෙ කතං.
Sinhala BJT47. එකලැ මම් රහසිගත වැ හිඳ මෙසේ සිතුමු: “(පරලොව) රැගෙන යායුතු, මා විසින් කළ කුශලකර්‍මයෙක් නැත.
Pali BJT48. මහාභිතාපං කටුකං ඝොරරූපං සුදාරුණං, නිරයං නූන ගච්ඡාමි එත්ථ මෙ නත්ථි සංසයො.”
Sinhala BJT48. මහත් බිහිසුණු තැවීම් ඇති කටුක වූ භයානක ස්වභාව ඇති අතිශයින් දරුණු වූ නිරයට ඒකාන්තයෙන් යමු, තෙල කරුණෙහි ලා මට සැකයෙක් නැති.”
Pali BJT49. රාජානං උපසඞ්කම්ම ඉදං වචනමබ්රවිං, “එකං මෙ සමණං දෙහි භොජයිස්සාමි ඛත්තිය.”
Sinhala BJT49. රජු කරා එළඹැ මම් මෙ වදන් කීමු: “රජතුමනි, මා හට එක් මහණ කෙනකුන් දෙනු මැනැවැ, (මම ඔවුන්) වළඳ වමු” යි.
Pali BJT50. අදාසි මෙ මහාරාජා සමණං භාවිතින්ද්රියං, තස්ස පත්තං ගහෙත්වාන පරමන්නෙන පූරයිං.{4}
Sinhala BJT50. මහරජ මාහට භාවිතෙන්‍ද්‍රිය මහණ කෙනකුන් දුන්නේ යැ. ඔබ පාත්‍රය ගෙන උතුම් බොජුනෙන් (එය) පුරවා ලීමු.
Pali BJT51. පූරයිත්වා පරමන්නං ගන්ධාලෙපමකාසහං, සහස්සග්ඝනකෙනෙව{5} වත්ථයුගෙන{6} ඡාදයිං.
Sinhala BJT51. මම උතුම් බොජුනෙන් (පාත්‍රය) පුරවා සුවඳ විලවුන් ද දුනුමු දහසක් අගනා පිළිසඟළෙකින් (සිරුර) වැස්වූමු.
Pali BJT52. ආරම්මණං මම{1} එතං සරාමි යාවජීවිතං, තත්ථ චිත්තං පසාදෙත්වා තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT52. මාගේ තෙල අරමුණ දිවිහිමියෙන් සිහි කෙරෙමි, මම එහි (එ මහණුන් කෙරෙහි) සිත පහදවා උපත් විසින් තව්තිසාවට ගියමු.
Pali BJT53. තිංසානං දෙවරාජූනං මහෙසිත්තමකාරයිං, මනසා පත්ථිතං මය්හං නිබ්බත්තති යථිච්ඡිතං{2}
Sinhala BJT53. තිසක් දෙව්රජුනට මෙහෙසිබව කරවූයෙම්, මනසින් පැතූ ද සිතැඟි සේ මට නිපැයෙයි.
Pali BJT54. වීසානං චක්කවත්තීනං මහෙසිත්තමකාරයිං, ඔචිතත්තාව{3} හුත්වාන සංසරාමි භවෙස්වහං.
Sinhala BJT54. විසි සක්විතිරජුනට මෙහෙසි වූමු, මම තමා මැ රැස්කළ පින් ඇති වැ (සුගති) භවයන්හි (උපත් විසින්) හැසුරණමු.
Pali BJT55. සබ්බබන්ධනමුත්තාහං අපෙතා මෙ උපාදිකා, සබ්බාසවා පරික්ඛීණා{4} නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT55. මම සියලු භවබන්‍ධනයෙන් මුක්ත වෙමි, මාහට උපාදානයෝ පහවැ ගියහ, සියලු ආස්‍රවයෝ ක්‍ෂීණයහ, දැන් මට පුනර්‍භවයෙක් නැති.
Pali BJT56. එකනවුතෙ ඉතො කප්පෙ - යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පිණ්ඩපාතස්සිදං ඵලං.
Sinhala BJT56. මෙයින් එකානූවන කප්හි එකලැ යම් දනක් දුනුම් ද, (එතැන් පටන්) දුගතිය නො දනිමි, මෙ පිණ්ඩදානයාගේ විපාක යි.
Pali BJT57-59 කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT57. - 59. මා විසින් කෙලෙස් දවන ලද ... බුදුසසුන් කරන ලදි.
Pali BJTඉත්ථං සුදං එකපිණ්ඩපාතදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ඒකපිණ්‍ඩදායිකා මෙහෙණ මේ ගාථා ප්‍රකාශ කළා යැ.
Pali BJTඑකපිණ්ඩපාතදායිකාථෙරියාපදානං ඡට්ඨං.
Sinhala BJTසවැනි ඒකපිණ්ඩදායිකා ස්ථවිරීඅපදාන යි.
Pali BJT1. 7 කටච්ඡුභික්ඛාදායිකාපදානං.
Sinhala BJT1. 7 කටච්ඡුභික්ඛාදායිකාපදානය
Pali BJT60. පිණ්ඩචාරං චරන්තස්ස තිස්ස නාමස්ස සත්ථුනො, කටච්ඡුභික්ඛං පග්ගය්හ බුද්ධසෙට්ඨස්ස’දාස’හං.
Sinhala BJT60. පිඬු පිණිස හැසිරෙන ශාස්තෘ වූ තිස්ස නම් බුදුරජාණන් වහන්සේට මම් කෙණෙසි අහරක් සපයා ගෙන දුනුමු.
Pali BJT61. පටිග්ගහෙත්වා සම්බුද්ධො තිස්සො ලොකග්ගනායකො, වීථියා සණ්ඨිතො සත්ථා අකා මෙ අනුමොදනං.
Sinhala BJT61. ශාස්තෘ වූ ලෝකාග්‍රනායක තිස්ස සම්බුදුරජාණන් වහන්සේ (එ අහර) පිළිගෙන වීථියෙහි වැඩසිටිසේක් මට අනුමෝදනා කළ සේක.
Pali BJT62. “කටච්ඡුභික්ඛං දත්වාන තාවතිංසං ගමිස්සසි, ඡත්තිංසදෙවරාජූනං මහෙසිත්තං කරිස්සසි.
Sinhala BJT62. “(තෝ) කෙණෙසි අහරක් දී තව්තිසායෙහි උපදනෙහි. (එහි) සතිස් දෙව්රජුනට මෙහෙසිබව කරන්නෙහි.
Pali BJT63. පඤ්ඤාස{5} චක්කවත්තීනං මහෙසිත්තං කරිස්සසි, මනසා පත්ථිතං සබ්බං පටිලච්ඡසි සබ්බදා.
Sinhala BJT63. පනසක් සක්විත්තනට ද මෙහෙසිබව කරන්නෙහි, මනසින් පැතූතාක් සියල්ල හැම කල්හි ලබන්නෙහි.
Pali BJT64. සම්පත්තිං අනුභොත්වාන පබ්බජිස්සසි’කිඤ්චනා,{6} සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සසි’නාසවා.”{7}
Sinhala BJT64. සැපත් වළඳ කොට පළිබෝධ රහිත වැ පැවිදිවන්නෙහි, සියලු ආස්‍රව (පහාන පරිඤ්ඤා විසින්) පිරිසිඳ දැන අනාස්‍රව වැ පිරිනිවෙන්නෙහි” යි.
Pali BJT65. ඉදං වත්වාන සම්බුද්ධො තිස්සො ලොකග්ගනායකො, නභං අබ්භුග්ගමී ධීරො{1} හංසරාජාව අම්බරෙ.
Sinhala BJT65. ලෝකාග්‍රනායක ධීර වූ සම්බුදුරජාණන් වහන්සේ මෙය වදාරා අහසට (වදනා) හංසරාජයක්හු සෙයින් නභෝගර්‍හයට පැන නැංග සේකි.
Pali BJT66. සුදින්නං මෙ දානවරං සුයිට්ඨා යාගසම්පදා, කටච්ඡුභික්ඛං දත්වාන පත්තාහං අචලං පදං.
Sinhala BJT66. මා විසින් උතුම් දනක් දෙනලද යැ, යාගසම්පත් මොනොවට යාග විසින් කරන ලදයැ, කෙණෙසි අහරක් දී මම් අචල වූ නිවනට පැමිණායෙම් වෙමි.
Pali BJT67. ද්වෙ නවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි භික්ඛාදානස්සිදං ඵලං.
Sinhala BJT67. මෙ කපින් දෙයානූවන කප්හි (උපන් මම) එකලැ යම් දනක් දුනුම් ද, (ඒ හේතුයෙන්) දුගතිය නො දන්මි. මේ වූකලී භික්‍ෂාදානයෙහි විපාක යි.
Pali BJT68-70. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT68-70. මා විසින් කෙලෙස් දවන ලද ... බුදුසසුන් කොට නිමවන ලදී.
Pali BJTඉත්ථං සුදං කටච්ඡුභික්ඛාදායිකා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙ සෙයින් කටච්ඡුභික්‍ඛාදායිකා මෙහෙණ මේ ගාථා පැවසූ යැ.
Pali BJTකටච්ඡුභික්ඛාදායිකා ථෙරියාපදානං සත්තං.
Sinhala BJTසත්වැනි කටච්ඡුභික්‍ඛාදායිකා ස්ථවිරීඅපදාන යි.