Pali BJT6369. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6369. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ උපුටාහරණ ලදහ, බැඳුම් සිඳ සරණ ඇත්රජකු සෙයින් ආස්‍රව නැතියෙම් වාස කෙරෙමි.
Pali BJT6370. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6370. මාහට, බුද්ධශ්‍රේෂ්ඨයන්වහන්සේ වෙතැ ඒකාන්තයෙන් මනා එළැඹීමෙක් විය, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරණ ලද.
Pali BJT6371. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6371. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ්අභිඥා ද, සාක්‍ෂාත්කෘත යැ, බුදුසසුන් කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගයාකස්සපො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ගයාකාශ්‍යප ස්ථවිරයන්වහන්සේ මේ ගාථා වදාළාහ.
Pali BJTගයාකස්සපත්ථෙරස්සාපදානං තතියං.
Sinhala BJTතෙවැනි ගයාකාශ්‍යප ස්ථවිරාවදාන යි.
Pali BJT554. කිම්බිල{1}ත්ථෙරාපදානං
Sinhala BJT554. කිම්බිල ස්ථවිරාවදානය
Pali BJT6372. නිබ්බුතෙ කකුසන්ධස්මිං{2} බ්රාහ්මණස්මිං{3} වුසීමති, ගහෙත්වා සලලං මාලං මණ්ඩපං කාරයිං අහං.
Sinhala BJT6372. විසූ බඹසර ඇති බාහිතපාපී වූ කකුසඳ බුදුරදුන් පිරිනිවි කල්හි (ඔබ උදෙසා) මම හොරදඬුයෙන් මණ්ඩපමාලයක් කරවීමි.
Pali BJT6373. තාවතිංසං ගතො සන්තො ලභිම්හ ව්යම්හමුත්තමං, අඤ්ඤෙ දෙවෙ’තිරොචාමි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
Sinhala BJT6373. (මිනිස් බැවින් සැවැ) තව්තිසා දෙව්ලොවට (උපත් විසින්) ගියෙම් උතුම් පහයක් ලදිමි. සෙසු දෙවියන් ඉක්මැ බබළමි, පින්කම්හි මේ විපාක යි.
Pali BJT6374. දිවා වා යදි වා රත්තිං චඞ්කමන්තො ඨිතො චහං, ඡන්නො සලලපුප්ඵෙහි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
Sinhala BJT6374. දාවලෙහි හෝ ඉදින් රෑහි හෝ මම් සක්මන් කරනුයෙම් ද, සිටියෙම් ද සලලපුෂ්පයෙන් වැසුණේ වෙමි. මෙ වූකලි පින්කම්හි ඵල යි.
Pali BJT6375. ඉමස්මිං යෙව කප්පම්හි යං බුද්ධම්හිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6375. මෙ කප්හි මැ යම් බුදුකෙනෙකුන් පිදුයෙම් ද, දුගතිය නො හඳුනමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
Pali BJT6376. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6376. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ හැසිරෙන ඇත්රජෙකු සෙයින් ආස්‍රව නැතියෙම් වෙසෙමි.
Pali BJT6377. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6377. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එකැතින් මාගේ මනා එළැඹීමෙක් වියැ, ත්‍රිවිද්‍යාවෝ පිළිවෙළින් එළැඹියහ, බුදුසසුන් කරණ ලද.
Pali BJT6378. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨි’මෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6378. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ්අභිඥා ද, සාක්‍ෂාත්කෘත යැ, බුදුවදන් කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කිම්බිලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් කිම්බිල ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
Pali BJTකිම්බිලත්ථෙරාපදානං චතුත්ථං.
Sinhala BJTසතරවැනි කිම්බිලස්ථවිරාවදාන යි.
Pali BJT555. වජ්ජීපුත්තත්ථෙරාපදානං
Sinhala BJT555. වජ්ජිපුත්ත ස්ථවිරාවදානය
Pali BJT6379. සහස්සරංසී භගවා සයම්භූ අපරාජිතො, විවෙකා වුට්ඨහිත්වාන ගොචරායාභිනික්ඛමි.
Sinhala BJT6379. ස්වයම්භූ වූ අපරාජිත වූ සහස්‍රරශ්මි වූ (සිද්ධාර්‍ත්‍ථ) භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් (-පලසමවතින්) නැගී සිට පිඬු පිණිස නික්මුණු සේක.
Pali BJT6380. ඵලහත්ථො අහං දිස්වා උපගඤ්ඡිං{1} නරාසභං, පසන්නචිත්තො සුමනො සවණ්ටං අදදිං ඵලං.
Sinhala BJT6380. අත්හි ඵල ඇති මම් නරශ්‍රේෂ්ඨයන් දැක වෙතැ ගියෙමි. (ගොස්) පහන් සිත් ඇතියෙම් සුමනස් වූයෙම් තුවටුව (-නැට්ට) සහිත ඵලයක් දිනිමි.
Pali BJT6381. චතුනවුතිතො{2} කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT6381. එකල්හි එනම්, මෙයින් සූඅනූවන කප්හි යම් ඵලයක් (බුදුරදුනට) දිනිම් ද, දුගතිය නො දනිමි. මේ ඵලදානයාගේ විපාකයි.
Pali BJT6382. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- විහරාමි අනාසවො.
Sinhala BJT6382. මා විසින් කෙලෙස් දවන ලද ... ආස්‍රව නැතියෙම් වෙසෙමි.
Pali BJT6383. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6383. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එළැඹීම මට ඒකාන්තයෙන් ස්වාගත වියැ ... බුදුසසුන් කරණ ලද.
Pali BJT6384. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6384. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වජ්ජිපුත්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් වජ්ජිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
Pali BJTවජ්ජිපුත්තත්ථෙරස්සාපදානං පඤ්චමං.
Sinhala BJTපස්වැනි වජ්ජිපුත්ත ස්ථවිරාවදාන යි.
Pali BJT556. උත්තරත්ථෙරාපදානං
Sinhala BJT556. උත්තර ස්ථවිරාවදානය
Pali BJT6385. සුමෙධො නාම සම්බුද්ධො බත්තිංස{3}වරලක්ඛණො, විවෙකකාමො භගවා හිමවන්ත මුපාගමි.
Sinhala BJT6385. දෙතිස්මහපුරිස් ලකුණෙන් හෙබි භාග්‍යවත් වූ සුමේධ නම් සම්බුදුරජානන් වහන්සේ විවෙක කැමැතිසේක් හිමවතට එළැඹි සේක.
Pali BJT6386. අජ්ඣොගහෙත්වා හිමවන්තං අග්ගො කාරුණිකො මුනි, පල්ලනඞ්කං ආභුජිත්වාන නිසීදි පුරිසුත්තමො.
Sinhala BJT6386. අග්‍ර වූ කාරුණික වූ පුරුෂෝත්තම වූ මුනීන්‍ද්‍රයන්වහන්සේ හිමවතට පිවිස ගෙණ පළක් බැඳ වැඩහුන් සේකි.
Pali BJT6387. විජ්ජාධරො{4} තදා ආසිං අන්තලික්ඛචරො අහං, තිසූලං සුගතං ගය්හ ගච්ඡාමි අම්බරෙ තදා.
Sinhala BJT6387. එසමයෙහි මම් අහස්හි හැසිරෙන විද්‍යාධරයෙක් වීමි, එකලැ ත්‍රිශූලයක් රැගෙණ අහසින් යමි.
Pali BJT6388. පබ්බතග්ගෙ යථා අග්ගි පුණ්ණමායෙව චන්දිමා, වනං ඔභාසතෙ බුද්ධො සාලරාජාව ඵුල්ලිතො.
Sinhala BJT6388. පවුඅග්හි ගින්නක් සෙයින්, පුන්පොහෝ දිනැ සඳ සෙයින්, සුපිපි සල්රුකක් සෙයින් බුදුහු වනය හොබවති.
Pali BJT6389. වනග්ගා නික්ඛමිත්වාන බුද්ධරංසී විධාවරෙ,{5} නළග්ගිවණ්ණසඞ්කාසා{6} දිස්වා චිත්තං පසාදයිං.
Sinhala BJT6389. බුදුරැස් වනගින් නික් මැ (ඔබමොබ) දුවයි, හුණගින්නක් වන් එරැස් දැක (මම්) සිත පහදවාලීමි.
Pali BJT6390. විචිනං අද්දසං පුප්ඵං කණිකාරං දෙවගන්ධිකං, තීණි පුප්ඵානි ආදාය බුද්ධසෙට්ඨමපූජයිං.
Sinhala BJT6390. (පුදනට නිස්සක්) සොයනුයෙම් දෙව්සුවඳවහන කිණිහිරිමලක් දිටිමි. මල් තුණක් (නෙලා) ගෙණ (එයින්) බුදුරදුන් පිදීමි.
Pali BJT6391. බුද්ධස්ස ආනුභාවෙන තීණි පුප්ඵානි මෙ තදා, උද්ධවණ්ටා{1} අධොපත්තා ඡායං කුබ්බන්ති සත්ථුනො.
Sinhala BJT6391. එවිටැ මා විසින් පිදූ ඒ මල් තුණ බුදුරදුන්ගේ ආනුභාවයෙන් උඩුහුරු තුවටු ඇති වැ යටිහුරු පත් ඇති වැ ශාස්තෘන් වහන්සේට සෙවන කෙරෙයි.
Pali BJT6392. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT6392. මැනැවින් කළ ඒ පුණ්‍යකර්‍මයෙන් ද, චේතනාප්‍රණිධියෙන් ද මිනිස්කය හැරපියා උපත් විසින් තව්තිසා දෙව්ලොවට ගියෙමි.
Pali BJT6393. තත්ථ මෙ සුකතං ව්යම්හං{2} කණිකාරීති{3} ඤායතෙ{4}, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
Sinhala BJT6393. එහි මට මැනැවින් කරණ ලද විමනෙක් වෙයි. (එ විමන) කණිකාර නමින් දක්නා ලැබෙයි. (එ) සැටයොදුන් උස් ය. තිස් යොදුන් පුළුල් ය.
Pali BJT6394. සහස්සකණ්ඩං සතභෙණ්ඩු ධජාලු හරිතාමයං, සතසස්සනිය්යුහා{5} ව්යම්හෙ පාතුරහංසු{6} මෙ.
Sinhala BJT6394. දහසක් භාග ඇත්තේ ය, සියයක් ගෝලාකාර ගෙමුදුන් ඇත. ධ්වජ බහුල ය, රන්මුවා ය, මාගේ විමන්හි සියක් දහසක් ද්වාර පහළ විය.
Pali BJT6395. සොවණ්ණමයා මණිමයා ලොහිතඞ්කමයා’පි ච, ඵලිකා’පි ච පල්ලඞ්කා යෙනිච්ඡකා යදිච්ඡකා.
Sinhala BJT6395. (එහි) රිසිතැනෙක රිසිතාක් රන්මුවා මිණිමුවා පියුම්රාමිණිමුවා පිළිමිණිමුවා පර්‍ය්‍යඞ්කයෝ වෙති.
Pali BJT6396. මහාරහඤ්ච සයනං තූලිකාවිකතීයුතං, උද්ධලොමිඤ්ච එකන්තං බිම්බොහනසමායුතං.
Sinhala BJT6396. පුලුන් බිහි ඈ යුත් උඩුහුරු ලොම් ඇති එක්දාවලු ඇතිරි හා කන්වයින් (බිම්බොහන) යුත් මාඇඟි ශයන ද ඇති.
Pali BJT6397. භවනා නික්ඛමිත්වාන චරන්තො දෙවචාරිකං, යදා ඉච්ඡාමි{7} ගමනං දෙවසඞ්ඝපුරක්ඛතො.
Sinhala BJT6397. භවනින් නික් මැ දේවචාරිකා සරනුයෙම් යම් විටෙක ගමන් රිසියෙම් ද, දේවගණයා විසින් පෙරටු කරණ ලදුයෙම්-
Pali BJT6398. පුප්ඵස්ස හෙට්ඨා තිට්ඨාමි උපරිච්ඡදනං මම, සමන්තා යොජනසතං කණිකාරෙහි ඡාදිතං.
Sinhala BJT6398. මල් යටැ සිටිමි, මා මතුයෙහි (පුෂ්පමය) ඡදනයෙක් වෙයි, (එ) අවට සියක්යොත්නෙකැ කිණිහිරිමලින් වැසුණු ඡදනයෙකි.
Pali BJT6399. සට්ඨිතුරියසහස්සානි සායං පාතං උපට්ඨහුං, පරිවාරෙන්ති මං නිච්චං රත්තින්දිවමතන්දිතා.
Sinhala BJT6399. සැටදහසක් තූර්‍ය්‍යවාදකයෝ උදය - සවස උවටැන් කළහ, දිවාරෑ අනලස් වැ මා පිරිවරත්.
Pali BJT6400. තත්ථ නච්චෙහි ගීතෙහි තාළෙහි{8} වාදිතෙහි ච, රමාමි ඛිඩ්ඩාරතියා මොදාමි කාමකාමහං.
Sinhala BJT6400. එහි නැටුමෙන්, ගැයුමෙන්, තාළයෙන් හා වැයුමෙන් ඉඳුරන් පිනවමි. මම් රූපාදිකාමසම්පත් රිසියෙනුයෙම් කෙළිදෙළෙන් සතුටු වෙමි.
Pali BJT6401. තත්ථ භුත්වා පිවිත්වා ච මොදාමි තිදසෙ පුරෙ, නාරිගණෙහි සහිතො මොදාමි ව්යම්හමුත්තමෙ.
Sinhala BJT6401. එකල්හි එ දෙව්ලොවැ අනුභවකොට පානයකොට (කමින්-බොමින්) මුදිත වෙමි, උතුම් විමනෙහි අප්සරාගණයා සමග සතුටු වෙමි.
Pali BJT6402. සතානං පඤ්චක්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං, සතානං තීණික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොස’හං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT6402. මම් පන්සියක් වරැ දෙව්රජය කරවීමි, තුන්සියක් වරැ සක්විති රජ වීමි, මහත් වූ පෙදෙස්රජය ගණන් විසින් සඞ්ඛ්‍යා රහිත යැ.
Pali BJT6403. භවෙ භවෙ සංසරන්තො මහාභොගං ලභාමහං, භොගෙ මෙ ඌනතා නත්ථි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6403. කුදුමහත් බෙවෙහි හැසිරෙන මම් මහත් භොග ලබමි, මාගේ භෝගසම්පත්හි උනුබවෙක් නැති. මෙ වූකලී බුද්ධපූජායෙහි විපාක යි.
Pali BJT6404. දුවෙ භවෙ සංසරාමි{1} දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6404. දෙව්බව යැ යළි මිනිස්බව යැ යන දෙඅත්බව්හි හැසිරෙමි, අන්ගතියක් (-අත්බවක්) නො දනිමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
Pali BJT6405. දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ චාපි බ්රාහ්මණෙ, නීචෙ කුලෙ න ජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6405. කැත්කුලය, බමුණුකුලය යන දෙකුලෙහි උපදිමි. පහත් කුල නො දනිමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
Pali BJT6406. හත්ථියානං අස්සයානං සිවිකං සන්දමානිකං, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6406. ඇත්යාන, අස්යාන, සිවිකා හා රිය හා යන තෙල සියල්ල ලබමි. මෙ වනාහි බුද්ධපූජායෙහි විපාක යි.
Pali BJT6407. දාසිගණං දාසගණං නාරියො සමලඞ්කතා, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6407. දැස්ගණයා, දස්ගණයා හා මොනොවට සරහන ලද ඉතිරි ගණයා යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
Pali BJT6408. කොසෙය්ය කම්බලියානි ඛොමකප්පාසිකානි ච, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6408. තිහිරිපිළී යැ, ලොමුපිළී යැ, කොමුපිළී යැ, කපුපිළී යැ යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
Pali BJT6409. නවවත්ථං නවඵලං නවග්ගරසභොජනං, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6409. නවවත් යැ, නවඵල යැ, සුමිහිරි නවබොජුන් යැ යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
Pali BJT6410. ඉමං ඛාද ඉමං භුඤ්ජ ඉමස්මිං{2} සයනෙ සය, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6410. මෙය කව, මෙය අනුභව කර, මෙ යහන්හි සයනය කර යන තෙල සියල්ල ලබමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
Pali BJT6411. සබ්බත්ථ පූජිතො හොමි යසො අච්චුග්ගතො මම, මහාපක්ඛො සදා හොමි අභෙජ්ජපරිසො සදා.
Sinhala BJT6411. හැමතන්හි පුදන ලද වෙමි, මාගේ යශස් ඉතා උස් වැ පැන නැගිණ, හැම කල්හි මහ පිරිස් ඇතියෙම් වෙමි, හැම කල්හි නො බිඳියැ හැකි පිරිස් ඇත්තෙම් ද වෙමි, නෑයනට උතුම් වෙමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
Pali BJT6412. සීතං උණ්හං න ජානාමි පරිලාහො න විජ්ජති, අථො චෙතසිකං දුක්ඛං හදයෙ මෙ න විජ්ජති.
Sinhala BJT6412. සිහිල උණුසුම නො දනිමි, දහයෙක් නැත, යළි චෛතසික දුඃඛයෙක් මා ළෙහි කැල මැ නැති.
Pali BJT6413. සුවණ්ණවණ්ණො හුත්වාන සංසරාමි භවාභවෙ, වෙවණ්ණියං න ජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6413. රන්වන් වැ කුදු-මහත් බෙවෙහි සරමි, විවර්‍ණ බවක් නො දනිමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
Pali BJT6414. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, සාවත්ථියං පුරෙ ජාතො මහාසාලෙසු අඩ්ඪකෙ.
Sinhala BJT6414. දෙව්ලොවින් සැවැ කුශලමූලයෙන් චෝදනා කරණ ලදුයෙම් සැවැත් නුවරැ මහාසාරකුලයන් අතර ආඪ්‍ය කුලයෙකැ උපන්මි.
Pali BJT6415. පඤ්චකාමගුණෙ හිත්වා පබ්බජිං අනගාරියං, ජාතියා සත්තවස්සො’හං අරහත්තමපාපුණිං.
Sinhala BJT6415. පස්කම්ගුණ හැරපියා (බුදු) සසුන්හි පැවිදි වීමි, උපතින් සත් හැවිරිදි වූ මම් රහත්බවට පැමිණියෙමි.
Pali BJT6416. උපසම්පාදයී{1} බුද්ධො ගුණමඤ්ඤාය චක්ඛුමා, තරුණො පූජනීයො’හං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6416. පසැස් ඇති බුදුහු ගුණ දැන (මා) උපසපන් කළහ, තරුණ වූ මම් පූජාර්‍හ වීමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
Pali BJT6417. දිබ්බචක්ඛු විසුද්ධං මෙ සමාධිකුසලො අහං, අභිඤ්ඤාපාරමිප්පත්තො බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6417. මට දිවැස විශුද්ධ විය, මම සමාධියෙහි දක්‍ෂයෙමි, අභිඤ්ඤාපාරයට පැමිණියෙමි. මෙ බුද්ධපූජායෙහි ඵල යි.
Pali BJT6418. පටිසම්භිදා අනුප්පත්තො ඉද්ධිපාදෙසු කොවිදො, ධම්මෙසු පාරමිප්පත්තො බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6418. (සිවු) පිළිසිඹියාවනට පිළිවෙළින් පැමිණියෙම් වෙමි, ඍද්ධිපාදයන්හි දක්‍ෂ වෙමි, ලොව්තුරු දහම්හි පාරයට පැමිණියෙමි. මෙ බුද්ධ පූජායෙහි විපාක යි.
Pali BJT6419. තිංසකප්පසහස්සම්හි යං බුද්ධම්හිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT6419. යම්හෙයෙකින් තිස්දහස්වන කප්හි බුදුරදුන් පිදුයෙම් ද, (එහෙයින්) දුගතිය නො හඳුනමි. මෙ බුද්ධපූජායෙහි විපාක යි.
Pali BJT6420. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- විහරාමි අනාසවො.
Sinhala BJT6420. කෙලෙස්හු මා විසින් දවන ලදහ, ... අනාස්‍රව වැ වාස කෙරෙමි.
Pali BJT6421. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6421. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙතැ එළැඹීමෙන් මට ඒකාන්තයෙන් යහපතෙක් විය ... බුදුසසුන් කරණ ලද.
Pali BJT6422. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6422. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උත්තරො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මේ ගාථා වදාළාහ.
Pali BJTඋත්තරථෙරස්සාපදානං ඡට්ඨං.
Sinhala BJTසවැනි උත්තරස්ථවිරාවදාන යි.
Pali BJT557. අපරඋත්තරත්ථෙරාපදානං
Sinhala BJT557. අපරඋත්තර ස්ථවිරාවදානය
Pali BJT6423. නිබ්බුතෙ ලොකනාථම්හි සිද්ධත්ථෙ ලොකනායකෙ, මම ඤාතී සමානෙත්වා ධාතුපූජං අකාස’හං.
Sinhala BJT6423. ලෝකනාථ වූ සිද්ධාර්‍ත්‍ථ ලෝකනායකයන් වහන්සේ පිරිනිවි කල්හි මම් මාගේ නෑයන් කැඳවාගෙන ධාතුපූජා කෙළෙමි.
Pali BJT6424. චතුනවුතිතො කප්පෙ යං ධාතුම්හිපූජයිං, දුග්ගතිං නාභිජානාමි ධාතුපූජායිදං ඵලං.
Sinhala BJT6424. මෙයින් සූ අනූවන කප්හි යම් ධාතුපූජාවක් කෙළෙම් ද, (එයින්) දුගතිය නො හඳුනමි, මෙ ධාතුපූජායෙහි විපාක යි.
Pali BJT6425. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- විහරාමි අනාසවො.
Sinhala BJT6425. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වැ වාස කෙරෙමි.
Pali BJT6426. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6426. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එකැතින් මාගේ මනා පැමිණීමෙක් විය ... බුදුවදන් කරණ ලද.
Pali BJT6427. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6427. සිවුපිළිසිඹියා ද ... බුදුසසුන් කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අපර උත්තරත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අපරඋත්තර ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළා හ.
Pali BJTඅපරස්ස උත්තරත්ථෙරස්සාපදානං සත්තමං.
Sinhala BJTසත්වැනි අපරඋත්තර ස්ථවිරාවදාන යි.
Pali BJT558. භද්දජීත්ථෙරාපදානං
Sinhala BJT558. භද්දජි ස්ථවිරාවදානය
Pali BJT6428. ඔගය්හ යං පොක්ඛරණිං නානාකුඤ්ජරසෙවිතං, උද්ධරාමි භිසං තත්ථ ඝාසහෙතු අහං තදා.
Sinhala BJT6428. බොහෝ ඇතුන් විසින් සෙවුනා ලද යම් පොකුණකට බැසගෙන එකල්හි මම් ක්‍ෂුදා හේතුයෙන් එහි නෙළුඹල උදුරන්නෙම්ද,
Pali BJT6429. භගවා තම්හිං{1} සමයෙ පදුමුත්තරසව්හයො, රත්තම්බරධරො බුද්ධො ගච්ඡතෙ අනිලඤ්ජසෙ.
Sinhala BJT6429-6430. එසමයෙහි පදුමුත්තර නමැති භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ රතුවත් (-සිවුරු) ධරණ සේක් පවුල් සිවුරු සලවමින් අහස්හි වඩනාසේක. එකලැ මම් (වඩනා එ) හඬ ඇසීමි. මම උඩු ගුවන බලනුයෙම් ලෝකනායකයන් වහන්සේ දිටිමි.
Pali BJT6430. ධුනන්තො පංසුකූලානි සද්දං අස්සො’හං තදා, උද්ධං නිජ්ඣායමානො’හං අද්දසං ලොකනායකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6431. නත්ථෙව ඨිතකො සන්තො ආයාචිං ලොකනායකං, “මධුංභිසෙහි සහිතං ඛීරං සප්පිං මුලාලිකං, පතිගණ්හාතු{2} මෙ බුද්ධො අනුකම්පාය චක්ඛුමා.”
Sinhala BJT6431. එහි මැ සිටියෙම් ලෝකනායකයන් වහන්සේ අයැදීමි: “චක්‍ෂුර්මත් බුදුරජානන් වහන්සේ මට අනුකම්පා පිණිස නෙළුඹල සහිත වූ මී-කිරි-ගිතෙල්-නෙළුම්දැලි පිළිගන්නාසේක්වා”යි.
Pali BJT6432. තතො කාරුණිකො සත්ථා ඔරොහිත්වා මහායසො, පතිගණ්හී{3} මම භික්ඛං අනුකම්පාය චක්ඛුමා, පටිග්ගහෙත්වා සම්බුද්ධො අකා මෙ අනුමොදනං.
Sinhala BJT6432. ඉක්බිති මහායශස් ඇති කාරුණික වූ ශාස්තෲන් වහන්සේ (අහසින්) බැස මාගේ භික්‍ෂාව පිළිගත් සේක, චක්‍ෂුර්මත් සම්බුද්ධයන් වහන්සේ (භික්‍ෂාව) පිළිගෙණ මට අනුමෝදනා කළසේකි:
Pali BJT6433. “සුඛී හොතු මහාපුඤ්ඤ ගති තුය්හං සමිජ්ඣතු, ඉමිනා භිසදානෙන ලභස්සු විපුලං සුඛං”.
Sinhala BJT6433. “මහපිනැත්ත, (භවත්) සුව ඇත්තෙක් වේවා! තොප ගති සමෘද්ධ වේවා! මෙ නෙළුඹල දනින් (-තෙපි) මහත් සුව ලබන්නහුවා”.
Pali BJT6434. ඉදං වත්වාන සම්බුද්ධො ජලජුත්තමනාමකො, භික්ඛමාදාය සම්බුද්ධො ආකාසෙනා‘ගමා ජිනො.
Sinhala BJT6434. සම්බුද්ධ වූ පදුමුත්තර නම් ජිනේන්‍ද්‍රයන් වහන්සේ මෙය වදාරා භික්‍ෂාව රැගෙණ අහසින් වැඩිසේකි.
Pali BJT6435. තතො භිසං ගහෙත්වාන ආගඤ්ජිං{4} මම අස්සමං, භිසං රුක්ඛෙ ලග්ගෙත්වාන මම දානං අනුස්සරිං.
Sinhala BJT6435. නෙළුඹල රැගෙණ එතැනින් මාගේ අසපුවට ආයෙමි, නෙළුඹල රුකෙකැ එල්වා තබා මාගේ දානය පුන පුනා සිහි කෙළෙමි.
Pali BJT6436. මහාවාතො උට්ඨහිත්වා සඤ්චාලෙසි වනං තදා, ආකාසො අභිනාදිත්ථ අසනී ච ඵලී තදා.
Sinhala BJT6436. එවිට මහසුළඟෙක් නැඟි වනය සොල්වාලීයැ, අහස ද ගුගුළේ යැ, හෙණ ද පිපිරීණි.
Pali BJT6437. තතො මෙ අසනීපාතො මත්ථකෙ නිපතී තදා, සොහං නිසින්නකො සන්තො තත්ථ කාලකතො{5} අහං.
Sinhala BJT6437. එකෙණෙහි ඒ හෙණ පහර මා මතුයෙහි හිණ, ඒ මම් එහි හුන්වනින් ම කලුරිය කෙළෙමි.
Pali BJT6438. පුඤ්ඤකම්මෙන සඤ්ඤුත්තො තුසිතං උපපජ්ජ’හං, කලෙවරං මෙ පතිතං දෙවලොකෙ රමා’මහං.
Sinhala BJT6438. පින්කමින් යුත් මම් උපත් විසින් තුෂිත දෙව්ලොවට පැමිණියෙමි, මා සිරුර හිණ, මම් දෙව්ලොව සිත් අලවා වාස කෙරෙමි.
Pali BJT6439. ඡළාසීති{6} සහස්සානි නාරියො සමලඞ්කතා, සායං පාතං උපට්ඨහන්ති භිසදානස්සිදං ඵලං.
Sinhala BJT6439. අසූසදහසක් දෙවඟනෝ මොනවට සැරසුණාහු උදය - සවස (මා) උවටැන් කරත්. නෙළුඹල දානයාගේ මේ විපාක යි.
Pali BJT6440. මනුස්සයොනිමාගන්ත්වා සුඛිතො හොම’හං තදා, භොගෙ{1} මෙ උනතා නත්ථි භිසදානස්සිදං ඵලං.
Sinhala BJT6440. මිනිස්ගතියට අවුත් මම සැපවත් වෙමි, එ සමයෙහි මට භෝගයාගේ ඌනතායෙක් නැති. මෙ නෙළුඹල දානයාගේ විපාක යි.
Pali BJT6441. අනුකම්පිතකො තෙන දෙවදෙවෙන තාදිනා, සබ්බාසවාපරික්ඛීණා{2} නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT6441. දෙවියන්ට දෙවි වූ අකම්ප්‍ය ගුණ ඇති එ බුදුරදුන් විසින් අනුකම්පා කරනලද වෙමි. සියලු ආස්‍රවයෝ ගෙවී ගියහ, දැන් (මට) පුනර්‍භවයෙක් නැති.
Pali BJT6442. සතසහස්සීතො කප්පෙ යං භිසං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි භිසදානදස්සිං ඵලං.
Sinhala BJT6442. මෙයින් සුවහස්වන කප්හි යම් නෙළුඹල දානයක් දිනිම් ද, දුගතියක් නො හඳුනමි. මෙ නෙළුඹල දානයාගේ විපාක යි.
Pali BJT6443. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- විහරාමි අනාසවො.
Sinhala BJT6443. මා විසින් කෙලෙස්හු දවන ලදහ ... ආස්‍රව රහිත වූයෙම් වාස කෙරෙමි.
Pali BJT6444. ස්වාගතං වත මෙ ආසි -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6444. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළැඹීමෙන් එකැතින් මට මනාගමනෙක් වියැ ... බුදුසසුන් කරන ලද.
Pali BJT6445. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6445. සිවුපිළිසිඹියාවෝ ද ... බුද්ධශාසනය කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භද්දජිත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
Pali BJTභද්දජිත්ථෙරස්සාපදානං අට්ඨමං.
Sinhala BJTඅටවැනි භද්දජි ස්ථවිරාවදානය යි.
Pali BJT559. සීවකත්ථෙරාපදානං
Sinhala BJT559. සීවක ස්ථවිරාවදානය
Pali BJT6446. එසනාය චරන්තස්ස විපස්සිස්ස මහෙසිනො, රිත්තකං පත්තං දිස්වාන කුම්මාසං පූරයිං අහං.
Sinhala BJT6446. පිඬු සොයා හැසිරෙන විපස්සී මහර්ෂීන්වහන්සේගේ සිස්වූ පාත්‍රය දැක මම කොමුයෙන් පිරැ වීමි.
Pali BJT6447. එකනවුතිතො කප්පෙ යං භික්ඛමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි කුම්මාසස්ස ඉදං ඵලං.
Sinhala BJT6447. මෙයින් එක් අනූවන කප්හි යම් භික්‍ෂාවක් දිනිම් ද, (එතැන් පටන්) දුගතිය නො දනිමි, කොමු දානයෙහි මේ විපාක යි.
Pali BJT6448. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6448. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳ පියා හැසිරෙන ඇත්රජකු සෙයින් අනාස්‍රව වූයෙම් වාස කෙරෙමි.
Pali BJT6449. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6449. බුදුරදුන් වෙතැ එළැඹීමෙන් මට ඒකාන්තයෙන් යහපතෙක් විය, ත්‍රිවිද්‍යා අනුපිළිවෙළින් පැමිණියා, බුදුසසුන් කරණ ලද.
Pali BJT6450. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6450. සිවු පිළිසිඹියා ද, මේ අෂ්ට විමෝක්‍ෂ ද, ෂඩ් අභිඥා ද සාක්‍ෂාත් කෘත යැ, බුද්ධශාසනය කරණ ලදී.