Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 8201-8300 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT6287. සත්තසාරෙ’භිනික්ඛන්තෙ ඔහාය විපුලං යසං, අහම්පි පබ්බජිත්වාන හිමවන්තමුපාගමිං.
Sinhala BJT6287. මහත් වූ සම්පත් හැර දමා බෝසතුන් ගිහිගෙන් නික්මුනු කල්හි මම ද පැවිදිව හිමවතට එළඹියෙමි.
Pali BJT6288. වනාලයං භාවනීයං කස්සපං ධූතවාදකං{4}, දිස්වා සුත්වා ජිනුප්පාදං උපෙසිං නරසාරථිං.
Sinhala BJT6288. වනවාසී වූ ගරුකටයුතු වූ ධුතවාදී වූ (මහ) කසුප් තෙරුන් දැක බුද්ධෝත්පාදය ගැණ අසා තථාගතයන් වහන්සේ වෙත එළඹියෙමි.
Pali BJT6289. සො මෙ ධම්මමදෙසෙසි සබ්බත්ථං සම්පකාසයං, තතොහං පබ්බජිත්වාන වනමෙව පුනාගමිං{5}.
Sinhala BJT6289. ඒ සර්‍වඥ තෙම සියලු අර්‍ත්‍ථයන් ප්‍රකට කරමින් මට දහම් දෙසී ය. ඉක්බිති මම පැවිදිව යලි වනයට ම ගියෙමි.
Pali BJT6290. තත්ථාප්පමත්තො{6} විහරං ඡළභිඤ්ඤා අඵස්සයිං{7}, අහො සුලද්ධලාභොම්හි සුමිත්තෙනානුකම්පිතො.
Sinhala BJT6290. නො පමා වූයෙම් එහි වෙසෙමින් ෂඩභිඥාවන් ලැබීමි. කලණ මිතුරු (මහකසුප්) තෙරුන් විසින් අනුකම්පා කරණලදූයෙම් උත්තමලාභය ලදුයෙම් වෙමි. ආශ්චර්‍ය්‍යයෙකි.
Pali BJT6291. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6291. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT6292. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6292. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT6293. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6293. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වනවච්ඡො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් වනවච්ඡ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවනවච්ඡත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTවනවච්ඡස්ථවිරාවදානය නව වැනියි.
Pali BJT550. චූළසුගන්ධත්ථෙරාපදානං
Sinhala BJT550. චූළසුගන්‍ධ ස්ථවිරාවදානය
Pali BJT6294. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම නාමෙන{1} උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT6294-6297. මෙම භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශයෙහි වූ, මහත් යශස් ඇති, වාදීන්හට අග්‍රවූ දෙතිස් මහපුරිස් ලකුණු ඇති, අසූවක් අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත වූ, බ්‍යාමප්‍රභායෙන් පරිවෘත රැස්සමූහයෙන් ගැවසී ගත්තා වූ, සඳු මෙන් (ලෝවැස්සන්) අස්වසන්නා වූ හිරු මෙන් පැහැ විහිදෙන්නා වූ වැහිවළාවක් මෙන් (සත්ත්‍වයන්ගේ ගිමන්) නිවන්නා වූ, සයුර මෙන් ගුණයට ආකරයක් වූ ශීලයෙන් මහපොළොව වැනි වූ, සමාධියෙන් හිමවත්පව් වැනි වූ ප්‍රඥාවෙන් අහස වැනි වූ සුළඟ මෙන් නො ඇලෙන්නා වූ, නමින් කාශ්‍යප නම් වූ බුදුරජ තෙම ලොව පහළ විය.
Pali BJT6295. අනුව්යඤ්ජනසම්පන්නො බත්තිංසවරලක්ඛණො{2}, බ්යාමප්පභාපරිවුතො රංසිජාලසමොත්ථතො{3}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6296. අස්සාසෙතා යථා චන්දො සුරියොව පභඞ්කරො, නිබ්බාපෙතා යථා මෙඝො සාගරොව ගුණාකරො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6297. ධරණීරිව සීලෙන හිමවාව සමාධිනා, ආකාසො විය පඤ්ඤාය අසඞ්ගො අනිලො යථා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6298. තදාහං බාරාණසියං උපපන්නො මහාකුලෙ, පහූතධනධඤ්ඤස්මිං නානාරතනසඤ්චයෙ.
Sinhala BJT6298. එකල්හි මම බරණැස් නුවර සමෘද්ධ වූ ධන ධාන්‍ය ඇති විවිධ රත්න සමූහ ඇති මහාකුලයක උපනිමි.
Pali BJT6299. මහතා පරිවාරෙන නිසින්නං ලොකනායකං, උපෙච්ච ධම්මමස්සොසිං අමතංව මනොහරං.
Sinhala BJT6299. මහත් වූ පිරිවර සහිතව වැඩහුන්නා වූ බුදුරජුන් වෙත එළඹ අමෘතය මෙන් මනෝඥ වූ ධර්‍මය ඇසීමි.
Pali BJT6300. බත්තිංසලක්ඛණධරො{4} සනක්ඛත්තොව චන්දිමා, අනුව්යඤ්ජනසම්පන්නො සාලරාජාව ඵුල්ලිතො.
Sinhala BJT6300. තාරකා සහිත වූ සඳු මෙන් දෙතිස් මහ පුරිස්ලකුණු දරන්නා වූ, අසූඅනුව්‍යඤ්ජනයන් ගෙන් යුක්ත වූ, පිපුනු සල්රුකක් බඳු වූ-
Pali BJT6301. රංසිජාලපරික්ඛිත්තො දිත්තොව කනකාචලො, බ්යාමප්පභාපරිවුතො සරස්මීව දිවාකරො.
Sinhala BJT6301. රැස් සමූහයෙන් වට කරණලද දීප්තිමත් ස්වර්‍ණපර්‍වතයක් වැනි වූ, බ්‍යාමප්‍රභා රශ්මියෙන් පරිවෘත සරා හිරු වැනි වූ-
Pali BJT6302. සොණ්ණානනො ජිනවරො සමණීව{5} සිලුච්චයො, කරුණාපුණ්ණහදයො ගුණෙන විය සාගරො.
Sinhala BJT6302. රන්වන් වතැති, මණි පර්‍වතයක් බඳු, (පස්මරුන් දිනූ බැවින්) ජිනවර වූ, පූර්‍ණහෘදයක් ඇත්තා වූ, ගුණයෙන් සයුර වැනි වූ-
Pali BJT6303. ලොකවිස්සුතකිත්තී ච සිනෙරූව නගුත්තමො, යසසා විත්ථතො වීරො ආකාසසදිසො මුනි.
Sinhala BJT6303. ලෝකයෙහි ප්‍රකට කීර්‍තති ඇත්තා වූ, සිනේරු පර්‍වතරාජයා වැනි වූ, යසසින් පතළා වූ, වීර වූ, ආකාශය සදෘශ වූ, (මෝනෙය්‍ය ගුණ යුක්ත බැවින්) මුනි වූ-
Pali BJT6304. අසඞ්ගචිත්තො සබ්බත්ථ අනිලො විය නායකො, පතිට්ඨා සබ්බභූතානං මහීව මුනි සත්තමො.
Sinhala BJT6304. වාතය මෙන් සියලු තන්හි නො ඇලෙන සිත් ඇති, (නිවන් මගට පමුණුවන බැවින්) නායක වූ, මහපොළොව මෙන් සව්සත්නට පිහිට වූ සත්තම මුනි-
Pali BJT6305. අනුපලිත්තො ලොකෙන තොයෙන පදුමං යථා, කුවාදගච්ඡදහනො අග්ගික්ඛන්ධොව සොභති{6}.
Sinhala BJT6305. ජලයෙන් නො තැවරුන පියුම මෙන් ලෝකය හා නො තැවරුනා වූ, මිථ්‍යාවාද නමැති පැළෑටි දවන ගිනිකඳක් මෙන් (ඒ කසුප් බුදුරජතෙම) බබලයි.
Pali BJT6306. අගදො විය සබ්බත්ථ කිලෙසවිසනාසකො, ගන්ධමාදනසෙලොව ගුණගන්ධවිභුසිතො.
Sinhala BJT6306. ඒ බුදුරජ තෙම සියලු තන්හි කෙලෙස් විස නසන්නා වූ බෙහෙදක් මෙනි. ගුණ සුවඳින් සරසන ලද්දා වූ ගන්‍ධමාදන පර්‍වතය මෙනි.
Pali BJT6307. ගුණානං ආකරො වීරො රතනානංව සාගරො, සින්ධූව වනරාජීනං කිලෙසමලහාරකො.
Sinhala BJT6307. ඒ වීර වූ බුදුරජතෙම රත්නයනට සයුර මෙන් ගුණයනට ආකරයකි. වනරාජින්ගේ (කසළ සෝදා හරණා වූ) සින්‍ධුනදිය මෙන් කෙලෙස්මල හරණේ වෙයි.
Pali BJT6308. විජයීව මහායොධො මාරසෙනප්පමද්දතො{1}, චක්කවත්තීව සො රාජා බොජ්ඣඞ්ගරතනිස්සරො.
Sinhala BJT6308. සතුරන් දිනන සුලු මහායෝධයකු මෙන් මරසෙනග මඩනේ වෙයි. එසේ ම ඒ බුදුරජතෙම (සත්රුවනට ඉසුරු වූ) සක්විති රජකු මෙන් බෝධ්‍යඞ්ග නමැති රත්නයනට අධිපතියෙකි.
Pali BJT6309. මහාභිසක්කසඞ්කාසො දොසව්යාධිතිකිච්ඡකො, සල්ලකත්තො යථා සෙට්ඨො{2} දිට්ඨිගණ්ඩවිඵාලකො.
Sinhala BJT6309. (ක්ලේශ) දෝෂ නමැති ව්‍යාධියට පිළියම් කරන්නා වූ මහාවෛද්‍යවරයකු මෙනි. (මිථ්‍යා) දෘෂ්ටි නමැති ගඩය සිඳුනා වූ ශ්‍රේෂ්ඨ ශල්‍යවෛද්‍යවරයකු වැනිය.
Pali BJT6310. සො තදා ලොකපජ්ජොතො සනරාමරසක්කතො, පරිසාසු නරාදිච්චො ධම්මං දෙසයතෙ ජිනො.
Sinhala BJT6310. එකල්හි දෙවිමිනිසුන් ගරු කරණ ලද ලොව බබුළුවන්නා වූ මිනිස්නට හිරු වූ ඒ බුදුරජතෙම පිරිස්මැද දහම් දෙසයි.
Pali BJT6311. දානං දත්වා මහාභොගො සීලෙන සුගතූපගො, භාවනාය ච නිබ්බාති ඉච්චෙවමනුසාසථ.
Sinhala BJT6311. “දන් දී මහත් භෝග සම්පත් ඇත්තෙක් වන්නේ ය. සීලය හේතු කොට ගෙණ සුගතියට (උත්පත්ති වශයෙන්) යන්නෙක් වන්නේය. භාවනා වෙන් (කෙලෙස්පිරිනිවනින්) පිරිනිවන්පානේය”යි මෙසේ අනුශාසනාකෙළේ ය.
Pali BJT6312. දෙසනං තං මහස්සාදං ආදිමජ්ඣන්තසොභනං, සුණන්ති පරිසා සබ්බා අමතංව මහාරසං.
Sinhala BJT6312. මහත් ආස්වාද ජනක වූ හෙවත් රසවත් වූ, ආදි මධ්‍ය පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ එ දහම් දෙසුම සියලු පිරිස මහත් රසවත් අමෘතයක් මෙන් අසත්.
Pali BJT6313. සුත්වා සුමධුරං ධම්මං පසන්නො ජිනසාසනෙ, සුගතං සරණං ගන්ත්වා යාවජීවං නමස්සහං.
Sinhala BJT6313. ඉමිහිරි දහම අසා බුදුසසුන්හි පැහැදුනෙම් මම බුදුරජුන් සරණ කොට ගොස් දිවි ඇතිතාක් (සරණගතයෙක් ව) නමස්කාර කෙළෙමි.
Pali BJT6314. මුනිනො ගන්ධකුටියා ඔපුඤ්ඡෙසිං{3} තදා මහිං, චතුජ්ජාතෙන ගන්ධෙන මාසෙ අට්ඨදිනෙස්වහං.
Sinhala BJT6314-6315. එකල්හි මම දුර්‍ගන්‍ධ ශරීරයාගේ සුගන්‍ධභාවය පතා බුදුරජුන්ගේ ගඳකිළියෙහි පොළොව මසකට අටදිනක් සිවුදෑගඳින් පිරිබඩගැන්වීමි. එකල්හි මට සුවඳවත් සිරුරක් ලැබෙන බව බුදුරජතෙම වදාළේය:
Pali BJT6315. පණිධාය සුගන්ධත්තං සරීරස්ස දුගන්ධිනො{4}, තදා ජිනො වියාකාසි සුගන්ධතනුලාභිතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6316. යො යං ගන්ධකුටිභූමිං ගන්ධෙනොපුඤ්ඡතෙ’සකිං, තෙන කම්මවිපාකෙන උපපන්නො තහිං තහිං.
Sinhala BJT6316. ‘යමෙක් මේ ගඳකිළිබිම නොයෙක්වර සුවඳ ගල්වා ද ඒ කර්‍මවිපාකය හේතු කොට ගෙණ ඒ ඒ තන්හි උපන්නේ-
Pali BJT6317. සුගන්ධදෙහො සබ්බත්ථ භවිස්සති අයං නරො, ගුණගන්ධයුතො{5} හුත්වා නිබ්බායිස්සතනාසවො.
Sinhala BJT6317. හැම තන්හි මේ මිනිස්තෙම සුගන්‍ධ දේහ ඇත්තෙක් වන්නේ ය. ගුණසුවඳින් යුතු වූයේ ආස්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය. (කියායි.)
Pali BJT6318. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT6318. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතුකොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT6319. පච්ඡිමෙ ච භවෙ දානි ජාතො විප්පකුලෙ අහං, ගබ්භෙ මෙ වසතො මාතා දෙහෙනාසි සුගන්ධිකා{6}.
Sinhala BJT6319. දැන් (මේ) අන්තිම ජාතියෙහි මම බමුණු කුලයෙහි උපන්නෙමි. මා මවු කුසෙහි වසත් ම මාගේ මවුතොමෝ සිරුරින් සුවඳවත් වූ ය.
Pali BJT6320. යදා ච මාතුකුච්ඡිම්හා නික්ඛමාමි තදා පුරී{7}, සාවත්ථි සබ්බගන්ධෙහි වාසිතා විය වායථ.
Sinhala BJT6320. යම් කලෙක්හි මවුකුසින් නික්මෙම් ද, එකල්හි සැවැත්නුවර හැම සුවඳින් කවනලද්දාක් මෙන් සුවඳ හැමී ය.
Pali BJT6321. පුප්ඵවස්සං ච සුරභි දිබ්බගන්ධමනොරමං, ධූපානි ච මහග්ඝානි උපවායිංසු තාවදෙ.
Sinhala BJT6321. මනරම් වූ සුමිහිරි දිව්‍යමය සුවඳ ඇති මල්වැසි ද වට. මාහැඟි සුගන්‍ධධූමයෝ ද එකෙණෙහි හමා ගියහ.
Pali BJT6322. දෙවා ච සබ්බගන්ධෙහි ධුපපුප්ඵෙහි තං ඝරං, වාසයිංසු සුගන්ධෙන යස්මිං ජාතො අහං ඝරෙ.
Sinhala BJT6322. යම් ගෘහයක මම උපනෙම් ද, දෙවියෝ ඒ ගෘහය සියලු සුවඳ දුම් හා මල් සුවඳින් සුවඳ කැවූහ.
Pali BJT6323. යදා ච තරුණො භද්දො පඨමෙ යොබ්බනෙ ඨිතො, තදා සෙලං{1} සපරිසං විනෙත්වා නරසාරථි-
Sinhala BJT6323. යම් කලෙක්හි (මම) භද්‍ර වූ ප්‍රථම යෞවනයෙහි සිටි තරුණයෙක් වූයෙම් ද එකල්හි බුදුරජතෙම පිරිස් සහිත වූ සේල බ්‍රාහ්මණයා හික්මවා-
Pali BJT6324. තෙහි සබ්බෙහි සහිතො{2} සාවත්ථිපුරමාගතො, තදා බුද්ධානුභාවං තං දිස්වා පබ්බජිතො අහං.
Sinhala BJT6324. ඒ සියල්ලන් සමග සැවැත් පුරයට පැමිණියේ ය. එකල්හි මම ඒ බුද්ධානුභාවය දැක පැවිදිවූයෙම්-
Pali BJT6325. සීලං සමාධිං පඤ්ඤඤ්ච{3} විමුත්තිඤ්ච අනුත්තරං, භාවෙත්වා චතුරො ධම්මෙ පාපුණිං ආසවක්ඛයං.
Sinhala BJT6325. අනුත්තර වූ සීලය ද, සමාධිය ද, ප්‍රඥාව ද, විමුක්තිය ද, යන සතර දහමුන් වඩා ආස්‍රවක්‍ෂයසඞ්ඛ්‍යාත නිවනට පැමිණියෙමි.
Pali BJT6326. යදා පබ්බජිතො චාහං යදා ච අරහා අහුං, නිබ්බායිස්සං යදා චාහං ගන්ධවස්සො තදා අහු.
Sinhala BJT6326. මම යම් කලෙක්හි පැවිදිවූයේ වෙම් ද, යම් කලෙක්හි රහත් වූයෙම් වෙම් ද, එසේ ම යම් කලෙක්හි පිරිනිවන් පානෙම් ද, ඒ (සියලු) කල්හි සුගන්‍ධ වර්‍ෂා පැවැත්තාහ.
Pali BJT6327. සරීරගන්ධො ච සදා’තිසෙති මෙ මහාරහං චන්දනවම්පකුප්පලං, තථෙව ගන්ධෙ ඉතරෙ ච සබ්බසො පසය්හ වායාමි ගතො තහිං{4} තහිං.
Sinhala BJT6327. මාහැඟි වූ සඳුන් සපු උපුල් මල් සුවඳ මිශ්‍රව මාගේ ශරීරගන්‍ධය හැම කල්හි හමයි. එසේ ම ඒ ඒ තන්හි ගියෙම් සෙසු සුගන්‍ධයන් මැඩ ශරීරසුගන්‍ධය වහනය කරමි.
Pali BJT6328. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6328. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT6329. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6329. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් වී ය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය කරණලදී.
Pali BJT6330. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනන්ති.
Sinhala BJT6330. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චූළසුගන්ධො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් චූලසුගන්‍ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTචූළසුගන්ධත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTචූළසුගන්‍ධ ස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTභද්දියවග්ගො පඤ්චපඤ්ඤාසමො.
Sinhala BJTභද්දිය වර්‍ගය පස්පණස් වැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTභද්දියො රෙවතො ථෙරො මහාලාභි ච සීවලී වඞ්ගීසො නන්දකො චෙව කාළුදායි තථාභයො ලොමසො වනවච්ඡො ච සුගන්ධො දසමො කතො{5}. තීණි ගාථාසතා තත්ථ සොළස{6} ච තදුත්තරිං.
Sinhala BJTභද්දිය රේවත සහ මහාලාභී සීවලී වඞ්ගීස නන්‍දක කාළුදායී අභය ද, ලෝමස වනවච්ඡ - දසම වූ සුගන්‍ධය. මෙහි ගී තෙ සියෙකි වැඩියෙන් ගී සොළොසෙකි.
Pali BJTඅථ වග්ගුද්දානං:
Sinhala BJTයලි, වග්ගුද්දානය:
Pali BJTකණිකාරව්හයො වග්ගො ඵලදො තිණදායකො, කච්චානො භද්දියො වග්ගො ගාථායො ගණිතා චිමා. නවගාථා සතානීහ චතුරාසීති එව ච. සපඤ්ඤාසා පඤ්චසතා{7} අපදානා පකාසිතා. සහ උද්දානගාථාහි ඡසහස්සනි හොන්තිමා, ද්වෙ සතානි ච ගාථානං අට්ඨාරස තදුත්තරිං.
Sinhala BJTකණිකාර නම් වග ඵලදා තිණදායක, කච්චාන භද්දිය වග. මෙහි ගිණූ ගී නවසිය සූ අසූවෙක. අපදාන පන්සිය පණසක් මෙහි කියන ලදහ. උද්දානගාථා සමග ගාථා සදහසෙක් වෙති ඉන් වැඩි ගාථා දෙසිය අටළොසකි.
Pali BJT56. යසවග්ගො
Sinhala BJT56. යස වර්‍ගය
Pali BJT551. යසත්ථෙරාපදානං
Sinhala BJT551. යස ස්ථවිරාවදානය
Pali BJT6331. මහාසමුද්දං ඔගය්හ{1} භවනං මෙ සුනිම්මිතං, සුනිම්මිතා පොක්ඛරණී චක්කවාකූපකූජිතා.
Sinhala BJT6331-6333. මහසමුදුර අබියස මාගේ භවනය සුනිර්මිතය. හෙල්මැල්ලෙන් හා පද්මොත්පලයෙන් ගැවසීගත් සක්වාරැව් ඇති පොකුණක් සුනිර්මිත වෙයි. ඒ පෙදෙසෙහි සිත්කලු මනා තොට ඇති මස්කැසුබුවන්ගෙන් ගැවසීගත් මුළුදුන් නානාවිහග්ගණා ඇති නදියක් ගලා බස්නීය. මොණර කොස්වාලිහිණි කොවුල් ආදී පක්‍ෂීන්ගේ මනරම් නදින් එපෙදෙස දොඩමලුය.
Pali BJT6332. මන්දාලකෙහි{2} සඤ්ඡන්නා පදුමුප්පලකෙහි ච, නදී ච සන්දතෙ තත්ථ සුපතිත්ථා මනොරමා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6333. මච්ඡකච්ඡපසඤ්ඡන්නා නානාදිජසමාකුලා{3}, මයූරකොඤ්චාභිරුදා කොකිලාදිභි{4} වග්ගුහි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6334. පාරෙවතා රවිහංසා චක්කවාකා නදීචරා, දින්දිභා{5} සාළිකා චෙත්ථ පම්පකා ජීවංජීවකා.
Sinhala BJT6334. පරෙවි රවිහංස සක්වාලිහිණි නදිවර දියකිරල සැළලිහිණි හුනපුපුළු (ජීව - ජීව අනුකරණයෙන් හඬලන) ජීවංජීවක යන මොහු එහි බොහෝ වූහ.
Pali BJT6335. හංසා කොඤ්චාභිනදිතා කොසියා පිඞ්ගලා බහූ, සත්තරතනසම්පන්නා මණිමුත්තිකවාලිකා{6}.
Sinhala BJT6335-6336. එහි රැව්දෙන හංසයෝ ද කොස්වාලිහිණියෝ ද මහමුහුනෝ ද පිඞ්ගලයෝ ද යන මේ පක්‍ෂීහු බොහෝ වූහ. සත්රුවනින් යුත් මිණිමුතු සහිත වැලි ද නොයෙක් සුවඳ හමන හැම රන්මුවා රුක් ද එ භවන දිව රෑ හැමකල් බබුලුවත්.
Pali BJT6336. සබ්බෙ සොණ්ණමයා රුක්ඛා නානාගන්ධසමෙරිතා, උජ්ජොතෙන්ති දිවාරත්තිං භවනං සබ්බකාලිකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6337. සට්ඨිතුරියසහස්සානි සායං පාතො පවජ්ජරෙ, සොළසිත්ථිසහස්සානි පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT6337. සැටදහසක් තූර්‍ය්‍යයෝ සවස්හි ද උදයෙහි ද වැයෙත්. සොළොස්දහසක් ස්ත්‍රීහු හැම කල්හි මා පිරිවරත්.
Pali BJT6338. අභිනික්ඛම්ම භවනා සුමෙධං ලොකනායකං, පසන්නචිත්තො සුමනො වන්දයිං තං මහායසං.
Sinhala BJT6338. මම භවනයෙන් නික්ම පහන්සිත් ඇත්තෙම් සොම්නස් ඇත්තෙම් මහත් යශස් ඇති ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජුන් වැන්දෙමි.
Pali BJT6339. සම්බුද්ධං අභිවාදෙත්වා සසඞ්ඝං තං නිමන්තයිං, අධිවාසෙසි සො ධීරො සුමෙධො ලොකනායකො.
Sinhala BJT6339. සම්බුදුරජුන් වැඳ සඞ්ඝයා සහිත එ බුදුරජුන් නිමන්ත්‍රණය කෙළෙමි. (මාගේ නිමන්ත්‍රණය) ලෝකනායක වූ ප්‍රාඥ වූ ඒ බුදුරජ තෙමේ ඉවසී ය.
Pali BJT6340. මම ධම්මකථං කත්වා උය්යොජෙසි මහාමුනි, සම්බුද්ධං අභිවාදෙත්වා භවනං මෙ උපාගමිං.
Sinhala BJT6340. බුදුරජ තෙමේ මට ධර්‍මකථාවක් කොට (මා කුසල්හි යෙදවී ය. ඒ සම්බුදුරජුන් වැඳ මාගේ භවනයට එළඹියෙමි.
Pali BJT6341. ආමන්තයිං පරිජනං සබ්බෙ සන්නිපතුං තදා, පුබ්බන්හසමයං බුද්ධො භවනං ආගමිස්සති.
Sinhala BJT6341. පෙරවරු කල්හි බුදුරජානන් වහන්සේ මාගේ භවනයට වඩිනසේක් යයි පිරිවරජනයා ඇමතීමි. එකල්හි සියල්ලෝ රැස්වූහ.
Pali BJT6342. ලාභා අම්හං සුලද්ධා නො යෙ වසාම තවන්තිකෙ, මයම්පි බුද්ධසෙට්ඨස්ස පූජයිස්සාම සත්ථුනො.
Sinhala BJT6342. ‘යම් හෙයකින් ඔබ සමීපයෙහි වෙසෙමු ද එ අපට මනා ලැබීමකි. යහපත් ලාභයෙකි. අපිදු ශාස්තෘ වූ බුදුරජුන්හට පූජාවක් කරන්නෙමු’යි ඔහු කීහු.
Pali BJT6343. අන්නං පානං පට්ඨපෙත්වා කාලං ආරොචයිං අහං, වසීසතසහස්සෙහි උපෙසි ලොකනායකො.
Sinhala BJT6343. මම ආහාර පාන පිළියෙල කොට තබා කාලය දැන්විමි. ලෝකනායක වූ බුදුරජතෙමේ රහතුන් සියක්දහසක් සමග වැඩියේ ය.
Pali BJT6344. පඤ්චඞ්ගිකෙහි තුරියෙහි පච්චුග්ගමමකාසහං, සබ්බසොණ්ණමයෙ පීඨෙ නිසීදි පුරිසුත්තමො.
Sinhala BJT6344. මම පසඟතුරු සහිත ව පෙරගමන් කෙළෙමි. පුරුෂෝත්තම වූ බුදුරජතෙමේ ගනරන්මුවා පළඟෙහි වැඩහුන්නේ ය.
Pali BJT6345. උපරිච්ඡදනං ආසි සබ්බසොණ්ණමයං තදා, වීජනියො පවායන්ති භික්ඛුසඞ්ඝං අනුත්තරං.
Sinhala BJT6345. එකල්හි සියල්ල රුවන්මුවා වූ උඩුවියනක් විය. උතුම් බික් සඟනට විජිනීහු පවන් සලත්.
Pali BJT6346. පහූතෙනන්නපානෙන{1} භික්ඛුසඞ්ඝං අතප්පයිං, පච්චෙකදුස්සයුගලෙ භික්ඛුසඞ්ඝස්සදාහං.
Sinhala BJT6346. මම බොහෝ ආහාරපානයෙන් බික්සඟන සැතැප්වීමි. වෙන වෙන මැ දුහුල් සඟළ බැගින් බික්සඟනට දිනිමි.
Pali BJT6347. යං වදන්ති සුමෙධොති{2} ආහුතීනං පටිග්ගහො, භික්ඛු සඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT6347. සුමේධ යයි යම් කෙනෙකුන් ගෙණ කියත් ද ආහුනෙය (-පූජා) පිළිගන්නා ඒ බුදුහු බික්සඟන මැද වැඩහිඳ මේ ගාථා වදාළහ:
Pali BJT6348. “යො මෙ අන්නෙන පානෙන සබ්බෙ ඉමෙ ච තප්පයි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො:
Sinhala BJT6348. “යමෙක් ආහාරපානයෙන් මා හා මේ සියල්ලන් (භික්‍ෂූන්) හා සැතැප්වී ද, ඔහු කීර්‍තන කෙරෙමි (-කියමි). එසේ කියන මා බස් අසවු.
Pali BJT6349. අට්ඨාරසෙ කප්පසතෙ දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං රාජායං චක්කවත්තී භවිස්සති.
Sinhala BJT6349. මෙ අටළොස්කප්සියයක් මුළුල්ලෙහි දෙව්ලොව ඉඳුරන් පිනවන්නේ ය, දහසක් වර සක්විතිරජ වන්නේ ය.
Pali BJT6350. උපගච්ඡති යං යොනිං දෙවත්තං අථමානුසං, සබ්බසොණ්ණමයං තස්ස ඡදනං ධාරයිස්සති.
Sinhala BJT6350. උපත් විසින් දෙවිබව ය යළි මිනිස්බව ය යන යම් ගතියකට එළැඹෙන්නේ ද, ඔහට සියල්ල රන්මුවා වූ සෙවෙනියක් ධරන්නේ ය.
Pali BJT6351. තිංසකප්පසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන{3} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT6351. තිස්දහස් වන කප්හි ඔකාවස් කුලැ උපත් ඇති වැ නමින් ගෞතම නම් ශාස්තෘහු ලොවැ පහළ වන්නාහ.
Pali BJT6352. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.
Sinhala BJT6352. (මෙ) ඔබ දහමට දායාද (-හිමි) වූ ධර්‍මයෙන් නිර්මිත වූ ඖරස ශ්‍රාවකයෙක් වැ සියලු ආස්‍රවයන් (පහානපරිඤ්ඤා විසින්) පිරිසිඳ දැනැ ආස්‍රව රහිත වැ (ස්කන්‍ධ පරිනිර්‍වාණයෙන්) පිරිනිවෙන්නේ ය.
Pali BJT6353. භික්ඛු සඞ්ඝෙ නිසීදිත්වා සීහනාදං නදිස්සති, චිතකෙ ඡත්තං ධාරෙන්ති හෙට්ඨා ඡත්තම්හි ඩය්හථ.”
Sinhala BJT6353. (පිරිනිවීමට පෙර) බික්සඟන මැද හිඳ අභීතනාද කරන්නේ ය, (පිරිනිවීමෙන් පසු සැදැහැ ඇත්තෝ) චිතකයෙහි ඡත්‍රයක් ධරන්නාහ. (හෙ) ඡත්‍රය යට දැවෙන්නේ යි”.
Pali BJT6354. සාමඤ්ඤං මෙ අනුප්පත්තං කිලෙසා ඣාපිතා මයා, මණ්ඩපෙ රුක්ඛමූලෙ වා සන්තාසො මෙ න විජ්ජති.
Sinhala BJT6354. මට ශ්‍රාමණ්‍ය (-රහත් ඵල)ය පිළිවෙළින් පැමිණියේ ය, මා විසින් කෙලෙස් දවනලද, මණ්ඩපයෙහි හෝ රුක්මුලැ හෝ මට සන්ත්‍රාසයෙක් නැති.
Pali BJT6355. තිංස කප්පසහස්සම්හි යං දානමදදිං තදා, දුග්ගතිං නාභාජානාමි සබ්බදානස්සිදං ඵලං.
Sinhala BJT6355. එකලැ තිස්දහස්වනකප්හි යම් දනක් දිනිම් ද, (එ පිනෙන්) දුගතිය නො දනිමි. මෙ වූකලි සියල්ල දීමේ විපාකයි.
Pali BJT6356. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6356. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳ හැසිරෙන ඇත්රජකු සෙයින් ආස්‍රව රහිතවූයෙම් වාස කෙරෙමි.
Pali BJT6357. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස{4} සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6357. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙතැ මාගේ එළැඹීම එකැතින් මනා වියැ, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්ත යැ, බුදුසසුන් කරණ ලද.
Pali BJT6358. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6358. සිවු පිළිසිඹියා ද, මෙ අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ් අභිඥා ද සාක්‍ෂාත්කෘත යැ, බුදුසසුන් කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා යසො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් යස ස්ථවිරයන්වහන්සේ මේ ගාථා වදාළාහ.
Pali BJTයසත්ථෙරස්සාපදානං පඨමං.
Sinhala BJTපළමුවැනි යසස්ථවිරාවදාන යි.
Pali BJT552. නදීකස්සපත්ථෙරාපදානං
Sinhala BJT552. නදීකාශ්‍යප ස්ථවිරාවදානය
Pali BJT6359. පදුමුත්තරස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො පිණ්ඩචාරං චරන්තස්ස වාරතො උත්තමං යසං, අග්ගඵලං ගහෙත්වාන අදාසිං සත්ථුනො අහං.
Sinhala BJT6359. ලොවට දෙටු වූ තාදී (-අටලෝ දහමින් නො සැලෙන) ගුණ ඇති පිණ්ඩචර්‍ය්‍යායෙහි හැසිරෙන ශාස්තෘ වූ පියුමතුරා බුදුරජාණන් වහන්සේට, මම උතුම් වූ අග්‍රඵලයක් රැගෙණ එළැඹි වාරයෙහි දිනිමි.
Pali BJT6360. තෙන කම්මෙන දෙවින්දො ලොකජෙට්ඨො නරාසභො, සම්පත්තොම්හි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
Sinhala BJT6360. ඒ කුශලධර්‍මයෙන් ලෝකජ්‍යේෂ්ඨ වූ නරෝත්තම වූ දේවේන්‍ද්‍ර වීමි, ජයපරාජය හැරපියා අචලස්ථානයට පැමිණියෙම් වෙමි.
Pali BJT6361. සතසහස්සිතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අග්ගදානස්සිදං ඵලං.
Sinhala BJT6361. මෙයින් සුවහස් වන කප්හි යම් ඵලයක් (පියුමතුරා බුදුනට) දිනිම් ද දුගතිය නො හඳුනමි. මේ අග්‍රදානයාගේ ඵලයි.
Pali BJT6362. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6362. මා විසින් කෙලෙස්හු දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ, බැඳුම් සිඳපියා සරණ ඇත්රජකු සෙයින් ආස්‍රව රහිත වූයෙම් වාස කෙරෙමි.
Pali BJT6363. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6363. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතැ එළැඹීම මට එකැතින් යහපත් වියැ, ත්‍රිවිද්‍යා අනුප්‍රාප්තවූවා, බුදුසසුන් කරණ ලද.
Pali BJT6364. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6364. සිවුපිළිසිඹියා ද, මේ අෂ්ටවිමෝක්‍ෂ ද, ෂඩ් අභිඥා ද, පසක් කරන ලද, බුදුසසුන් කරන ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නදීකස්සපො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් නදීකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථා වදාළාහ.
Pali BJTනදීකස්සපත්ථෙරාපදානං දුතියං.
Sinhala BJTදෙවැනි නදීකාශ්‍යපස්ථවිරාවදාන යි.
Pali BJT553. ගයාකස්සපත්ථෙරාපදානං
Sinhala BJT553. ගයාකාශ්‍යප ස්ථවිරාවදානය
Pali BJT6365. අජිනචම්මවත්ථොහං{1} ඛාරිභාරධරො තදා, ඛාරිකං හාරයිත්වාන කොලං අහාසිමස්සමං.
Sinhala BJT6365. අඳුන්දිවිසම් වස්ත්‍ර කොට ඇති, පිරිකර කද දරන මම කද උසුලා ගෙන අසපුවට ඩෙබරපල ගෙණ ආයෙමි.
Pali BJT6366. භගවා තස්මිං{2} සමයෙ එකො අදුතියො ජිනො, මමස්සමං උපාගඤ්ජි{3} ජොතෙන්තො සබ්බකාලිකං.
Sinhala BJT6366. එ සමයෙහි හැමකල්හි ලොව බබුළුවන ජිනේන්‍ද්‍ර වූ භාග්‍යවතුන්වහන්සේ එකලා වූසේක් දෙවැන්නකු නැති වැ මාගේ අසපුවට එළැඹිසේක.
Pali BJT6367. සකං චිත්තං පසාදෙත්වා අභිවාදෙත්වාන සුබ්බතං, උභොහත්ථෙහි පග්ගය්හ කොලං බුද්ධස්ස’දාස’හං.
Sinhala BJT6367. මම සිය සිත පහදවා ගෙණ මනාව්‍රත ඇති ඔබ වැඳ ඩෙබරපල දෙඅතින් ගෙණ බුදුරදුනට දිනිමි.
Pali BJT6368. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි කොලදානස්සිදං ඵලං.
Sinhala BJT6368. එකලැ එනම් මෙයින් එක්තිස්වන කප්හි යම් ඵලයක් බුදුනට දිනිම් ද, දුගතිය නො හඳුනමි. මේ ඩෙබරපල දානයාගේ විපාක යි.