Pali BJT6196. හංසාරාම මුපෙච්චාහං වන්දිත්වා තං තථාගතං, සුණිත්වා මධුරං ධම්මං කාරං කත්වා ච තාදිනො.
Sinhala BJT6196. මම හංසාරාමයට එළඹ ඒ බුදුරජුන්හට වැඳ මිහිරි දහම් අසා තාදීගුණ ඇති ඒ බුදුරජුන්හට සත්කාර කොට -
Pali BJT6197. නිපච්ච පාදමූලෙහං ඉමං වචනමබ්රවිං, කුලප්පසාදකානග්ගො යො තයා සන්ථුතො{3} මුනෙ.
Sinhala BJT6197-6199. මම උන්වහන්සේගේ පාමුල වැඳ වැටී මේ වදන් කීමි: “මුනීන්‍ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ විසින් කුලපහදවනුවන් අතුරෙන් අග්‍රය යි යම් ශ්‍රාවකයෙක් තෙම පසසනලද ද, වීරයන් වහන්ස, මම ද ශ්‍රේෂ්ඨ වූ බුදුවරයකුගේ සසුනෙහි එබඳු (කුලප්පසාදක භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වූ) ශ්‍රාවකයෙක් වෙමැ” යි කීමි. එකල්හි මහා කාරුණික වූ බුදුරජ තෙමේ මට අමා ඉසින්නාක් මෙන් “පුතණුවෙනි, නැගිටුව. ඒ මනදොළ ලබනෙහි ය. බුදුවරයකු කෙරෙහි සත්කාරයක් කොට කෙසේ නම් නිෂ්ඵල වන්නේ දැයි” මට වදාළේ ය.
Pali BJT6198. තාදිසො හොමහං වීර{4} බුද්ධසෙට්ඨස්ස සාසනෙ, තදා මහාකාරුණිකො සිඤ්චන්තො’වාමතෙන මං. -
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6199. ආහ මං පුත්ත උත්තිට්ඨ ලච්ඡසෙ තං මනොරථං, කථං නාම ජිනෙ කාරං කත්වාන විඵලො සියා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6200. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුසලම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT6200. මෙයින් මතු සියක් දහස්වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදනා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT6201. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, උදායි නාම නාමෙන හෙස්සති සත්ථු සාවකො.
Sinhala BJT6201. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් බඳු වූ ඖරස පුත්‍ර වූ, නමින් උදායී නම් වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේය යි ද වදාළේ ය.
Pali BJT6202. තං සුත්වා මුදිතො හුත්වා යාවජීවං තදා ජිනං, මෙත්තචිත්තො පරිචරිං පච්චයෙහි විනායකං.
Sinhala BJT6202. එකල්හි එයඅසා සතුටු වූයෙම් මෙත් සිත් ඇත්තෙම් විශිෂ්ටනායක වූ බුදුරජුන්හට සිවුපසයෙන් උවටන් කෙළෙමි.
Pali BJT6203. තෙන කම්මවිපාකෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT6203. ඒ කර්‍මවිපාකය හේතුකොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
Pali BJT6204. පච්ඡිමෙ ච භවෙ’දානි රම්මෙ කාපිලවත්ථවෙ, ජාතො මහාමච්චකුලෙ සුද්ධොදනමහීපතෙ.
Sinhala BJT6204. දැන් මේ අන්තිම භවයෙහි රම්‍ය වූ කපිලවාස්තු නගරයෙහි සුද්ධෝදන මිහිපතිහුගේ මහඇමතිකුලයෙහි උපන්නේ වෙමි.
Pali BJT6205. යදා අජායි සිද්ධත්ථො රම්මෙ ලුම්බිනිකානනෙ, හිතාය සබ්බලොකස්ස සුඛාය ච නරාසභො.
Sinhala BJT6205. යම් කලෙක්හි නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ බෝසත් තෙමේ සව්ලොවට හිතපිණිස ද රම්‍ය වූ ලුම්බිනි සල්උයනෙහි දී (මව් කුසින්) බිහි වී ද,
Pali BJT6206. තදහෙව අහං ජාතො සහ තෙනෙව වඩ්ඪිතො, පියො සහායො දයිතො වියත්තො නීතිකොවිදො.
Sinhala BJT6206. එදවස් ම මම ද උපනෙම් ඒ බෝසත් සිදුහතුන් සමග ම වැඩුනෙම් (ඔහුට) ප්‍රිය වූ දයාවත් වූ, ව්‍යක්ත වූ, නීතිදක්‍ෂ වූ සහායයෙක් වීමි.
Pali BJT6207. එකූනතිංසො වයසා නික්ඛන්තො පබ්බජිත්ථ සො,{1} ඡබ්බස්සං වීතිනාමෙත්වා බුද්ධො ආසි විනායකො.
Sinhala BJT6207. වයසින් එකුන්තිස් හැවිරිදි වූ ඒ (සිදුහත්) බෝසත් තෙමේ ගිහිගෙන් නික්මුනේ පැවිදි විය. (දුෂ්කරක්‍රියා වෙහි යෙදීමෙන්) සවසක් ගෙවා විශිෂ්ටනායක වූ බුදුවරයෙක් විය.
Pali BJT6208. ජෙත්වා සසෙනකං මාරං ඛෙපයිත්වාන ආසවෙ, භවණ්ණවං තරිත්වාන ආසි බුද්ධො සදෙවකෙ.{2}
Sinhala BJT6208. (ඒ සිදුහත් තෙම) සේනා සහිත වූ මාරයා ජයගෙණ ආස්‍රවක්‍ෂය කොට භවසයුර තරණය කොට දෙවියන් සහිත ලෝකයෙහි බුදු විය.
Pali BJT6209. ඉසිව්හයං ගමිත්වාන{3} විනෙත්වා පඤ්චවග්ගියෙ, තතො විනෙසි භගවා ගන්ත්වා ගන්ත්වා තහිං තහිං.
Sinhala BJT6209. ඉසිපතනයට ගොස් පඤ්චවර්ගීය භික්‍ෂූන් හික්මවා ඉක්බිති භාග්‍යවත් තෙමේ ඒ ඒ තන්හි ගොස් විනෙයජනයන් හික්ම විය.
Pali BJT6210. වෙනෙය්යෙ විනයන්තො සො සංගණහන්තො සදෙවකං, උපෙච්ච මාගධගිරිං{4} විහරිත්ථ තදා ජිනො.
Sinhala BJT6210. හික්ම වියයුතු ජනයන් හික්මවන්නා වූ ඒ බුදුරජ තෙම දෙවියන් සහිත ලෝකයාට සඞ්ග්‍රහ කරමින් මගධපර්‍වතයට හෙවත් රජගහනුවරට එළඹ එකල එහි විසී ය.
Pali BJT6211. තදා සුද්ධොදනෙනාහං භූමිපාලෙන පෙසිතො, ගන්ත්වා දිස්වා දසබලං පබ්බජිත්වා’රහා අහුං.
Sinhala BJT6211. එකල්හි සුදොවුන් රජතුමන් විසින් යවන ලද මම ගොස් බුදුරජුන් දැක පැවිදි ව රහත් වීමි.
Pali BJT6212. තදා මහෙසිං යාචිත්වා පාපයිං කපිලව්හයං, තතො පුරාහං ගන්ත්වාන පසාදෙසිං මහාකුලං.
Sinhala BJT6212. එකල්හි බුදුරජුන් ඇයැද කපිලවාස්තු නගරයට පැමිණවීමි. උන්වහන්සේ එහි වැඩමවීමට පෙරාතුව ම මම ගොස් (සුද්ධෝදන) මහ රජකුලය පැහැදවීමි.
Pali BJT6213. ජිනො තස්මිං ගුණෙ තුට්ඨො මං මහාපරිසාය සො,{5} කුලප්පසාදකානග්ගං පඤ්ඤාපෙසි විනායකො.
Sinhala BJT6213. ඒ ගුණයෙහි සතුටු වූ විශිෂ්ට නායක වූ ඒ (ගෞතම) බුදුරජ තෙම මහපිරිස් මැද මා කුල පහදවනුවන්ගෙන් අග්‍රස්ථානයෙහි තැබී ය.
Pali BJT6214. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6214. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT6215. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6215. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT6216. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6216. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කාළුදායි ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කාළුදායිස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකාළුදායිත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTකාළුදායි ස්ථවිරාවදානය සවැනියි.
Pali BJT547. අභයත්ථෙරාපදානං
Sinhala BJT547. අභය ස්ථවිරාවදානය
Pali BJT6217. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT6217. මෙයින් සියක්දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්හි (විනිවිද දක්නා සුළු) නුවණැස් ඇති පදුමුත්තර බුදුරජ තෙම ලොව පහළ විය.
Pali BJT6218. සරණගමනෙ කඤ්චි{6} නිවෙසෙති තථාගතො, කඤ්චි සීලෙ නිවෙසෙති දසකම්මපථුත්තමෙ.
Sinhala BJT6218. ඒ තථාගත තෙම කිසිවකු සරණගමනයෙහි පිහිටු වයි. කිසිවකු ශීලයෙහි ද උතුම් වූ දශ (කුශල) කර්‍මපථයෙහි ද පිහිටුවයි.
Pali BJT6219. දෙති කස්සචි සො වීරො සාමඤ්ඤඵලමුත්තමං, සමාපත්ති තථා අට්ඨ තිස්සො විජ්ජා පවෙච්ඡති.{1}
Sinhala BJT6219. ඒ බුද්ධවීර තෙමේ කිසිවකුට උතුම් වූ (සෝවන් ආදි වූ සතර) ශ්‍රාමණ්‍යඵලය දෙයි. එසේ ම ත්‍රිවිද්‍යාවන් ද අෂ්ටසමාපත්තීන් ද දෙයි.
Pali BJT6220. ඡළභිඤ්ඤාසු යොජෙති කඤ්චි සත්තං නරුත්තමො, දෙති කස්සචි සො නාථො චතස්සො පටිසම්භිදා.
Sinhala BJT6220. නරෝත්තම වූ බුදුරජ තෙම කිසියම් සත්ත්‍වකෙනෙකුන් ෂඩභිඥාවන්හි යොදවයි. අනාථයනට (පිහිට වන බැවින්) නාථ වූ තථාගත තෙමේ කිසිවෙකුට සිවු පිළිසැඹියාවන් දෙයි.
Pali BJT6221. බොධනෙය්යං පජං දිස්වා අසඞ්ඛෙය්යෙ පි යොජනෙ,{2} ඛණෙන උපගන්ත්වාන විනෙති නරසාරථි.
Sinhala BJT6221. දමනය කළයුතු නරයන් හික්මවන බැවින් නරසාරථි වූ බුදුරජතෙම නොගිණිය හැකි යොදුන් දුර සිටියා වූ ද ධර්‍මාවබෝධයට සුදුසු සත්ත්‍වසමූහය දැක මොහොතකින් එහි එළඹ උන් හික්මවයි.
Pali BJT6222. තදාහං හංසවතියං අහොසිං බ්රාහ්මණත්රජො, පාරගූ සබ්බවෙදානං වෙය්යාකරණසම්මතො.
Sinhala BJT6222-6223. එකල්හි මම හංසවතී නගරයෙහි සියලු වේදයන්ගේ පරතෙරට ගියා වූ ව්‍යාකරණ සඞ්ඛ්‍යාත ශබ්දශාස්ත්‍රයෙහි විශාරදයෙකැයි සම්මත වූ (ශබ්දාර්‍ත්‍ථයන් නිවැරදි ලෙස ගැණුමට උගන්වන) නිරුක්තිශාස්ත්‍රයෙහි දක්‍ෂ වූ (ශබ්දාභිධානයන් දැන ගැණුමට උගන්වන) නිඝණ්ඩුශාස්ත්‍රයෙහි විශාරද වූ (ව්‍යාකරණයෙහි ආදිම අවස්ථාව ලෙස සැලකෙන නාමාදී) පදයන් දන්නා වූ (කාව්‍යකරණයෙහි දී කවීන්හට උපකාර වන අලඞ්කාරාදිය ඇතුළත් ක්‍රියාකල්ප විකල්පය යි කියන ලද) කෙටුභශාස්ත්‍රය දන්නා වූ (අක්‍ෂරයන්ගේ නියමය දැක්වෙන ඡන්‍දස් වෙන් කොට දැනගැණීමට උගන්වන) ඡන්‍දෝවිචිති වේදාඞ්ගයෙහි ද දක්‍ෂ වූ බ්‍රාහ්මණ පුත්‍රයෙක් වීමි.
Pali BJT6223. නිරුත්තියා ච කුසලො නිඝණ්ටුම්හි විසාරදො, පදකො කෙටුභවිදූ ඡන්දොවිචිතිකොවිදො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6224. ජඞ්ඝාවිහාරං විවරං හංසාරාමමුපෙච්චහං, අද්දසං වදතං සෙට්ඨං{3} මහාජනපුරක්ඛතං.
Sinhala BJT6224-6226. මම ජඞ්ඝාවිහාරයෙහි යෙදෙමින් හෙවත් ශරීර ව්‍යායාම පිණිස ඇවිදිමින් හංස රාමයට එළඹ, මහාජනයා විසින් පිරිවරන ලද්දා වූ වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ නිර්‍මල ධර්‍මය දේශනා කරන්නා වූ බුදුරජුන් දිටිමි. විරුද්ධ මතධාරී වූ මම සමීපයට එළඹ උන් වහන්සේගේ නිර්‍මල වූ වචන අසා ඒ බුදුරජුන්ගේ වැරදි ලෙස යොදන ලද්දා වූ හෝ පුන පුනා කියන ලද්දා වූ හෝ අපාර්‍ත්‍ථ වූ හෝ නිරර්‍ත්‍ථක වූ හෝ (වචනයක්) මම නො දිටිමි. එහෙයින් මම පැවිදි වීමි.
Pali BJT6225. දෙසෙන්තං විරජං ධම්මං පච්චනීකමතී අහං, උපෙත්වා තස්ස වාක්යානි සුත්වාන විමලානහං.{4}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6226. ව්යාහටං{5} පුනරුත්තං වා අපත්ථං වා නිරත්ථකං, නාද්දසං තස්ස මුනිනො තතො පබ්බජිතො අහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6227. න චිරෙනෙව කාලෙන සබ්බසත්ථවිසාරදො, නිපුණො බුද්ධවචනෙ අහොසිං ගණිසම්මතො.
Sinhala BJT6227. නො බෝ කලකින් ම ශාස්ත්‍ර විශාරද වූයෙම් බුද්ධවචනයෙහි දක්‍ෂ වූයෙම් ගණයා පරිහරණයට සුදුසුය යි සම්මත වූයෙම් හෙවත් ස්ථවිර වූයෙම් වෙමි.
Pali BJT6228. තදා චතස්සො ගාථායො ගන්ථයිත්වා සුව්යඤ්ජනා, සන්ථවිත්වා තිලොකග්ගං දෙසයිස්සං දිනෙ දිනෙ.
Sinhala BJT6228. එකල්හි මම බුදුරජුන්හට පසසා අක්‍ෂර වත් වූ සිවුගයක් ගොතා දිනපතා කියනෙමි. කෙසේද යත්:
Pali BJT6229. විරත්තොසි මහාවීර සංසාරෙ සභයෙ වසං, කරුණාය න නිබ්බායි තතො කාරුණිකො මුනි.
Sinhala BJT6229. මහාවීරයන් වහන්ස, මුබ බිය සහිත වූ සසරෙහි වෙසෙමින් එහි විරතවූයේ වෙහි ය. කරුණායෙන් ම පිරිනිවන් නො පෑ ය. එහෙයින් බුදුරජ තෙම කාරුණිකය.
Pali BJT6230. පුථුජ්ජනොව යො සන්තො න කිලෙසවසො අහු, සම්පජානො සතියුත්තො තස්මා එසො අචින්තියො.
Sinhala BJT6230. යමෙක් පුහුදුන්ව සිටියදී පවා ක්ලේශ වසඟ නො වූයේ ද, සම්‍යක්ප්‍රඥාවෙන් හා ස්මෘතියෙන් යුක්තවූයේ වේ ද, එහෙයින් මෙතෙම නො සිතිය හැකි ගුණ ඇත්තේ ය.
Pali BJT6231. දුබ්බලානි කිලෙසානි යස්සාසයගතානිමෙ, ඤාණග්ගිපරිදඩ්ඪානි න ඛීයිංසු තදබ්භුතං{1}.
Sinhala BJT6231. යමෙකුගේ සිත්හි මෙම දුර්‍වල ක්ලේශයෝ ඥානාගතියෙන් දවනලද්දාහු ශේෂ නො වූවාහු ද, එය විස්මයෙකි.
Pali BJT6232. යො සබ්බලොකස්ස ගරු ලොකො යස්ස තථා ගරු, තථාපි ලොකාචරියො ලොකො තස්සානුවත්තකො.
Sinhala BJT6232. යම් බුදුවරයෙක් තෙම සියලු ලෝකයාහට යම් සේ ගුරු ද, ඒ බුදුරජුන්හට ලෝකයා ද එසේ ම ගරු ය. එසේ ම උන්වහන්සේ ලෝකාචාර්‍ය්‍ය ය. ලෝකයා උන්වහන්සේ අනුගමනය කරන්නේ වේ.
Pali BJT6233. එවමාදීහි සම්බුද්ධං කිත්තයං ධම්මදෙසනං, යාවජීවං කරිත්වාන ගතො සග්ගං තතො චුතො.
Sinhala BJT6233. මේ ආදීන් සම්බුදුරජුන්ට පසසමින් දිවි ඇති තාක් ධර්‍ම දේශනා කොට ඉන් ච්‍යුත වූයෙම් ස්වර්‍ගගත වීමි.
Pali BJT6234. සතසහස්සෙ ඉතො කප්පෙ යං බුද්ධමභිකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
Sinhala BJT6234. මෙයින් කල්ප ලක්‍ෂයකින් යට බුදුරජුන්හට යම් පැසසුමක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. (බුදුරජුන් හට) පැසසීමෙහි මේ විපාක යි.
Pali BJT6235. දෙවලොකෙ මහාරජ්ජං රජ්ජා පාදෙසිකං ච යං,{2} චක්කවත්තීමහාරජ්ජං බහුසො’නුභවිං අහං.
Sinhala BJT6235. මම දෙව්ලොවෙහි මහාරාජ්‍යය ද, ප්‍රාදේශික වූ යම් රාජ්‍යයෙක් වේ නම් එය ද චක්‍රවර්‍තතිමහාරාජ්‍යය ද බෙහෙවින් අනුභව කෙළෙමි.
Pali BJT6236. දුවෙ භවෙ පජායාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ජානාමි කිත්තනාය ඉදං ඵලං.
Sinhala BJT6236. දෙව් අත්බැව්හි ද යලි මිනිස් අත්බැව්හි ද යන දෙඅත් බැව්හි උපදිමි. ඉන් පිටත් අනික් ගතියක් නො දනිමි. බුදුරජුන්ගේ ගුණකීර්‍තනයෙහි මේ විපාකයි.
Pali BJT6237. දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ අථ බ්රාහ්මණෙ, නීචෙ කුලෙ න ජායාමි කිත්තනාය ඉදං ඵලං.
Sinhala BJT6237. කැත් බමුණු යන දෙකුලෙහි උපදිමි. පහත් කුලයෙහි නො උපදිමි. බුදුරජුන්ගේ ගුණකීර්‍තනයෙහි මේ විපාක යි.
Pali BJT6238. පච්ඡිමෙ ච භවෙ’ දානි ගිරිබ්බජපුරුත්තමෙ, රඤ්ඤොහං බිම්බිසාරස්ස පුත්තො නාමෙන චාභයො.
Sinhala BJT6238. මම දැන් මේ පශ්චිම භවය පැමිණි කල්හි උතුම් වූ ගිරිව්‍රජ (=රජගහ) නගරයෙහි බිම්සරරජුගේ නමින් අභය නම් වූ පුත්‍රයෙක් වීමි.
Pali BJT6239. පාපමිත්තවසං ගන්ත්වා නිගණ්ඨෙන විමොහිතො, පෙසිතො නාතපුත්තෙන{3} බුද්ධසෙට්ඨං උපෙච්චහං.
Sinhala BJT6239. පාපමිත්‍රවශයට ගොස් මුළා කරණ ලදුයෙම් නිගණ්ඨ නාතපුත්‍රයා විසින් මෙහෙයන ලද්දා වූ මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹ,
Pali BJT6240. පුච්ඡිත්වා නිපුණං පඤ්හං සුත්වා ව්යාකරණුත්තමං, පබ්බජිත්වාන නචිරං අරහත්තමපාපුණිං.
Sinhala BJT6240. නිවටුන් විසින් පුහුණු කරණලද ප්‍රශ්නයක් විචාරා බුදුරජුන්ගේ උතුම් වූ (ඒ ප්‍රශ්න) විසඳීම අසා පැවිදි ව නො බෝ කලකින් ම රහත්බවට පැමිණියෙමි.
Pali BJT6241. කිත්තයිත්වා ජිනවරං කිත්තිතො හොමි සබ්බදා, සුගන්ධදෙහවදනො ආසිං සුඛසමප්පිතො.
Sinhala BJT6241. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පසසා හැමකල්හි පසස්නා ලදුයෙම් වෙමි. සුවඳවත් වූ සිරුරු හා මුව ඇත්තෙම් සැපයෙන් ආඪ්‍යයෙක් වීමි.
Pali BJT6242. තික්ඛ හාසු ලහුපඤ්ඤො{4} මහාපඤ්ඤො තථෙවහං, විචිත්තපටිභානො ච තස්ස කම්මස්ස වාහසා.
Sinhala BJT6242. මම ඒ කර්‍මයාගේ බලයෙන් තික්ඛපඤ්ඤ ද හාසුපඤ්ඤ ද මහාපඤ්ඤ ද වූයෙම් විසිතුරු වැටහීම් ඇත්තෙම් ද වීමි.
Pali BJT6243. අභිත්ථවිත්වා පදුමුත්තරාඛ්යං{5} පසන්නචිත්තො අසමං සයම්භූං, න ගච්ඡි කප්පානි අපායභුමිං සතං සහස්සානි ඵලෙන තස්ස.
Sinhala BJT6243. පහන් සිත් ඇත්තෙම් අසම වූ සර්‍වඥ වූ පදුමුත්තර නම් බුදුරජුන්හට පසසා ඒ කුශලකර්‍මයාගේ විපාකයෙන් කල්පලක්‍ෂයක් අපායභූමියට (උත්පත්ති වශයෙන්) නො ගියෙමි.
Pali BJT6244. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6244. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT6245. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6245. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගතය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT6246. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6246. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අභයත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අභය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅභයත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඅභය ස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT548. ලොමසකඞ්ගියත්ථෙරාපදානං
Sinhala BJT548. ලෝමසකඞ්ගිය ස්ථවිරාවදානය
Pali BJT6247. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම නාමෙන{1} උප්පජ්ජී වදතං වරො.
Sinhala BJT6247. මේ මහාභද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශික වූ මහත් යශස් ඇති නමින් කාශ්‍යප නම් වූ බුදුරජතෙම ලොව පහළ විය.
Pali BJT6248. තදාහං චන්දනො චෙව පබ්බජිත්වාන සාසනෙ, ආපාණකොටිකං ධම්මං පූරයිත්වාන සාසනෙ-
Sinhala BJT6248. එකල්හි මම ද (මාගේ සහාය වූ) චන්‍දන තෙමේ ද සසුනෙහි පැවිදි ව ජීවිතාන්තය දක්වා සස්නෙහි පිළිවෙත්දම් පුරා-
Pali BJT6249. තතො චුතා සන්තුසිතං උපපන්නා උභො මයං. තත්ථ දිබ්බෙහි නච්චෙහි ගීතෙහි වාදිතෙහි ච-
Sinhala BJT6249. අපි දෙදෙන ම ඉන් සැව සන්තුෂීතයෙහි උපන්නමෝ එහි දිව්‍යමය වූ නෘත්‍ය ගීතවාදිතයෙන් ද,
Pali BJT6250. රූපාදිදසහඞ්ගෙහි අභිභොත්වාන සෙසකෙ, යාවතායුං වසිත්වාන අනුභොත්වා මහාසුඛං-
Sinhala BJT6250. රූපාදි දශවිධ අඞ්ගයෙන් ද සෙස්සන් අභිභවනය කොට මහත් සම්පත් අනුභව කොට දිවි ඇති තාක් වැස,
Pali BJT6251. තතො චවිත්වා තිදසං චන්දනො උපපජ්ජථ, අහං කපිලවත්ථුස්මිං අහොසිං{2} සාකියත්රජො.
Sinhala BJT6251. ඉන් සැව චන්‍දන තෙමේ තිදස්පුර දෙවියෙක් ව උපන්නේ ය. මම කපිලවාස්තු නගරයෙහි ශාක්‍යපුත්‍රයෙක් වීමි.
Pali BJT6252. යදා උදායිථෙරෙන අජ්ඣිට්ඨො ලොකනායකො, අනුකම්පිය සක්යානං උපෙසි කපිලව්හයං.
Sinhala BJT6252. යම් කලෙක්හි උදායි ස්ථවිරයන් විසින් අයදනාලද බුදුරජ තෙම ශාක්‍යයන්හට අනුකම්පා කොට කපිලවාස්තු නගරයට වැඩියේ ද,
Pali BJT6253. තදාතිමානිනො සක්යා න බුද්ධස්ස ගුණඤ්ඤුනො, පනමන්ති න සම්බුද්ධං ජාතිත්ථද්ධා අනාදරා.
Sinhala BJT6253. එකල්හි බුදුරජුන්ගේ ගුණ නො දන්නා අතිශය මානවත් වූ ජාතිමානයෙන් තද වූ, ආදර විරහිත වූ ශාක්‍යයෝ සම්බුදුරජුන්හට නො වඳිත්.
Pali BJT6254. තෙසං සඞ්කප්පමඤ්ඤාය ආකාසෙ චඞ්කමී ජිනො, පජ්ජුන්නො විය වස්සිත්ථ පජ්ජලිත්ථ යථා සීඛි.
Sinhala BJT6254. ඔවුන්ගේ අදහස දැනගත් බුදුරජතෙම අහසෙහි සක්මන් කළේය. මේඝය සෙයින් වැස්විය. ගින්න සෙයින් දිලිසුනේ ය.
Pali BJT6255. දස්සෙත්වා රූපමතුලං පුන අන්තරධායථ, එකොපි හුත්වා බහුධා අහොසි පුනරෙකකො.
Sinhala BJT6255. අසමාන වූ (උන්වහන්සේගේ) රූපය දක්වා නැවත අතුරුදහන් විය. (පළමුවෙන්) එකෙක් ව (පෙනී) නැවත බොහෝ දෙනා (ලෙස පෙනෙන්නට) විය.
Pali BJT6256. අන්ධකාරං පකාසං ච දස්සයිත්වා අනෙකධා, පාටිහීරං{3} කරිත්වාන විනයී ඤාතකෙ මුනි.
Sinhala BJT6256. අඳුර ද එළිය ද නොයෙක් අයුරින් දක්වා ප්‍රාතිහාර්‍ය්‍ය කොට බුදුරජ තෙම ඥාතීන් හික්ම වි ය.
Pali BJT6257. චාතුද්දීපො මහාමෙඝො තාවදෙ සම්පවස්සථ,{1} තදා හි ජාතකං බුද්ධො වෙස්සන්තරමදෙසයි.
Sinhala BJT6257. එකෙණෙහි චාතුද්දීපික මහාමේඝයෙක් වර්‍ෂණය කළේය. එකල්හි බුදුරජ තෙම වෙස්සන්තරජාතකය දෙසී ය.
Pali BJT6258. තදා තෙ ඛත්තියා සබ්බෙ නිහන්ත්වා ජාතිජං මදං, උපෙසුං සරණං බුද්ධං - ආහ සුද්ධොදනො තදා:
Sinhala BJT6258. එකල්හි ඒ සියලු ක්‍ෂත්‍රියයෝ ජාතිමානයෙන් හටගත් මදය නැතිකොට බුදුරජුන් සරණ ගියාහු ය. එකල්හි සුද්ධෝදන රජතෙම මෙසේ කීය:
Pali BJT6259. ඉදං තතියං තව භූරිපඤ්ඤ පාදානි වන්දාමි සමන්තචක්ඛු, යදා’භිජාතො පඨවිං{2} පකම්පයි යදා ච තං නජ්ජහි ජම්බුඡායා.
Sinhala BJT6259. මහත් ප්‍රඥා ඇති බැවින් භූරිපඤ්ඤ නම් වූ (සර්‍වඥතාඥානයෙන් යුත් බැවින්) සමන්තචක්ඛු නම් වූ බුදුරජානන් වහන්ස, ඔබ වහන්සේගේ සිරිපා වඳිමි. මේ තෙවන වැඳුම යි. යම් කලෙක්හි විශිෂ්ට ජන්ම ඇත්තේ පෘථිවිය කම්පා කළේ ද, (ඒ අසිත තවුස් හමුවෙහි දී මාගේ පළමු වැඳුම වීය. (එසේ ම) යම් කලෙක්හි වප්මගුලැ පළමු සමවතින් පළක් බැඳ හුන් ඔබ දඹරුක්සෙවන නො හැරී ද, එහිදී මාගේ දෙවෙනි වැඳුම විය.
Pali BJT6260. තදා බුද්ධානුභාවං තං දිස්වා විම්හිතමානසො, පබ්බජිත්වාන තත්ථෙව නිවසිං මාතුපූජකො.
Sinhala BJT6260. එකල්හි ඒ බුද්ධානුභාවය දැක විස්මය පත් සිත් ඇත්තේ මව පුදන්නා වූ මම පැවිදිව එහි (ගෙහි) ම විසීමි.
Pali BJT6261. චන්දනො දෙවපුත්තො මං උපගන්ත්වාන’පුච්ඡථ, භද්දෙකරත්තස්ස තදා සංඛෙපවිත්ථාරනයං{3}.
Sinhala BJT6261. එකල්හි චන්‍දන දිව්‍යපුත්‍ර තෙමේ මා වෙත එළඹ භද්දේකරත්ත සූත්‍රය පිළිබඳ සංක්‍ෂිප්ත ක්‍රමය හා විස්තාර ක්‍රමය විචාළේ ය.
Pali BJT6262. චොදිතොහං තදා තෙන උපෙච්ච නරනායකං, භද්දෙකරත්තං සුත්වාන සංවිග්ගො වනමාමකො.
Sinhala BJT6262. එකල්හි ඒ දිව්‍යපුත්‍රයා විසින් මෙහෙයන ලද මම බුදුරජුන් වෙත එළඹ භද්දේකරත්ත සූත්‍රය අසා කලකිරුනේ වනයෙහි විසීමට කැමැති වීමි.
Pali BJT6263. තදා මාතරමාපුච්ඡිං{4} වනෙ වච්ඡාමි එකකො, සුඛුමාලොති මෙ මාතා වාරයි තං තදා’වචං:
Sinhala BJT6263. එකල්හි හුදෙකලාව වනයෙහි වසන්නෙමැයි මවගෙන් (කැමැත්ත) විචාළෙමි. මාගේ මවුතොමෝ (මා) සිව්මැලිය යි එය වැළකුවා ය. එකල්හි (මම මවට) මෙසේ කීමි:
Pali BJT6264. දබ්බං කුසං{5} පොටකිලං උසීරං මුඤ්ජබබ්බජං{6}, උරසා පනුදිස්සාමි විවෙකමනුබ්රූහයං.
Sinhala BJT6264. හිඳීම් සිටීම් සක්මන් කිරීම් යන ත්‍රිවිධ ඉරියව්වෙන් භාවනා වඩමින් දබ්භ නම් වූ කුසතණ ද, වැළුක් හෙවත් කාශ නම් තෘණ ද, සැවැන්න ද, මුදුතණ හා බබුස්තණ ද ලයින් ඉවත් කරන්නෙමි (ඒ මත නො හෝනේ) වෙමි යි කියා යි.
Pali BJT6265. තදා වනං පවිට්ඨොහං සරිත්වා ජිනසාසනං, භද්දෙකරත්තඔවාදං අරහත්තමපාපුණිං.
Sinhala BJT6265. එකල්හි වනයට පිවිසි මම බුද්ධානුශාසනය වූ භද්දේකරත්ත අවවාදය සිහිකොට රහත්බවට පැමිණියෙමි.
Pali BJT6266. අතීතං නාන්වාගමෙය්ය නප්පටිකංඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.
Sinhala BJT6266. අතීත වූ පස්කඳ ගැන (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් සිතමින්) ඒ අනුව නො යන්නේ ය. අනාගත වූ පස්කඳ (තෘෂ්ණා දෘෂ්ටිවශයෙන් සිතමින්) නො පතන්නේ ය. යම් අතීතයක් වූයේ නම් එය ගෙවී ගියේ ය. යම් අනාගතයක් වන්නේ නම් එය නො පැමිණියේ ය.
Pali BJT6267. පච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති, අසංහීරං අසංකුප්පං තං විද්වා අනුබ්රූහයෙ.
Sinhala BJT6267. යමෙක් තෙම වර්‍තමාන වූ (පඤ්චස්කන්‍ධ) ධර්‍මයන් පිළිබඳව සිතට ඇතිවන අදහස් ඒ ඒ තන්හි දී ම (අනිත්‍යාදි වශයෙන්) විදසුන් නුවණින් දකී ද, එබඳු නුවණැත්තේ (රාගාදියෙන්) නො හැකුළුණු කොට (එසේ ම රාගාදියෙන්) නො නැසුණු කොට ඒ විදර්‍ශනාව භාවනා වශයෙන් වඩන්නේ ය.
Pali BJT6268. අජ්ජෙව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ, න හි නො සංගරං තෙන මහාසෙනෙන මච්චුනා.
Sinhala BJT6268. අද අද ම වීර්‍ය්‍යය කළ යුතු ය. මරණය හෙටදැයි කවරෙක් දන්නේ ද? (ගිනි විස අවි ආදී මරණයට කරුණු වන නොයෙක් හේතු නමැති) මහසෙනග ඇති මරණය හෙවත් මාරයා සමග (මිත්‍ර සන්‍ථව වශයෙන් හෝ අල්ලස් දීම් වශයෙන් හෝ බලයෙන් මැඩලීම් වශයෙන් හෝ) අපගේ ගිවිසුමෙක් නැත.
Pali BJT6269. එවං විහරමාතාපී{1} අහොරත්තමතන්දිතං, තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනි.
Sinhala BJT6269. මෙසේ වසන්නා වූ, වීර්‍ය්‍යවත් වූ, දිව රෑ දෙක්හි අනලස් වූ හේ ඒකාන්තයෙන් භද්දේකරත්ත ය යි ශාන්ත වූ බුදුරජ තෙම වදාරයි.
Pali BJT6270. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමී අනාසවො.
Sinhala BJT6270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT6271. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6271. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT6272. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6272. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ලොමසකඞ්ගියො{2} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ලොමකසඞ්ගිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTලොමසකඞ්ගියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTලොමකසඞ්ගිය ස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT549. වනවච්ඡත්ථෙරාපදානං
Sinhala BJT549. වනවච්ඡ ස්ථවිරාවදානය
Pali BJT6273. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම නාමෙන{3} උප්පජ්ජි වදතංවරො.
Sinhala BJT6273. මෙම භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහි වූ මහත් යශස් ඇති වූ නමින් කාශ්‍යප නම් වූ බුදුරජ තෙම ලොව පහළවිය.
Pali BJT6274. තදාහං පබ්බජිත්වාන තස්ස බුද්ධස්ස සාසනෙ, යාවජීවං චරිත්වාන බ්රහ්මචරියං තතො චුතො.
Sinhala BJT6274. එකල්හි මම ඒ බුදුරජුන්ගේ සසුනෙහි පැවිදිව දිවි ඇතිතාක් බඹසර හැසිර ඉන් සැව-
Pali BJT6275. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT6275. මැනවින් කරණ ලද ඒ කර්‍මය හේතුකොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT6276. තතො චුතො අරඤ්ඤම්හි කපොතො ආසහං තහිං, වසතෙ ගුණසම්පන්නො භික්ඛු ඣානරතො සදා -
Sinhala BJT6276-6277. එයින් ච්‍යුත වූයෙම් මම අරණෙහි පරවියෙක් වීමි. හැමකල්හි ධ්‍යානයෙහි ඇලුනා වූ (අභිඥා) ගුණයන්ගෙන් යුක්ත වූ මෙත් සිත් ඇති, කාරුණික වූ, නිතරම පුබුදු වූ මුහුණු ඇති, උපේක්‍ෂාවෙන් යුක්ත වූ, මහත් වීර්‍ය්‍ය ඇති, (මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා සඞ්ඛ්‍යාත) අප්‍රාමාණ්‍යාලම්බනයන්හි දක්‍ෂ වූ, භික්‍ෂුනමක් ඒ වනයෙහි වසයි.
Pali BJT6277. මෙත්තචිත්තො කාරුණිකො සදා පමුදිතානනො, උපෙක්ඛකො මහාවීරො අප්පමඤ්ඤාසු කොවිදො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6278. විනීවරණසඞ්කප්පෙ සබ්බසත්තහිතාසයෙ, විස්සත්ථො{4} නචිරෙනාසිං තස්මිං සුගතසාවකෙ.
Sinhala BJT6278. කෙලෙසුන්ගෙන් නො ඇවුරුණු සිත් ඇති සව්සත්නට හිත වූ අදහස් ඇති, ඒ බුද්ධශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි නොබෝ කලකින් ම විශ්වාසී වූයෙම් වෙමි.
Pali BJT6279. උපෙච්ච පාදමූලම්හි නිසින්නස්ස තදා ස මෙ,{5} කදාචි ආමිසං දෙති ධම්මං දෙසෙති චෙකදා
Sinhala BJT6279. එකල්හි එ තවුස් තෙම වෙත එළඹ පාමුල හුන් මට කිසි දිනක ආමිසය (අහර) දෙයි. කිසි දිනක දහම් දෙසයි.
Pali BJT6280. තදා විපුලපෙමෙත උපාසිත්වා ජිනත්රජං, තතො චුතො ගතො සග්ගං පවාසා{1} සඝරං යථා.
Sinhala BJT6280. එකල්හි මහත් වූ ප්‍රේමයෙන් ඒ බුද්ධශ්‍රාවකයන් ඇසුරු කොට එයින් චුත වූයෙම් විප්‍රවාසයෙන් (රටින් බැහැර ගොස් සිට) සිය ගෙට යන්නකු මෙන් ස්වර්‍ගයට ගියෙම් වෙමි.
Pali BJT6281. සග්ගා චුතො මනුස්සෙසු නිබ්බත්තො පුඤ්ඤකම්මුනා, අගාරං ඡඩ්ඩයිත්වාන පබ්බජිං ලහුසො අහං.
Sinhala BJT6281. ස්වර්‍ගයෙන් ච්‍යුතව පුණ්‍යකර්‍ම බලයෙන් මිනිසත් බැව්හි උපන්නා වූ මම ගිහිගෙය හැර වහා පැවිදි වීමි.
Pali BJT6282. සමණො තාපසො විප්පො පරිබ්බාජො තථෙවහං, හුත්වා වාසිං අරඤ්ඤම්හි අනෙකසතසො අහං.
Sinhala BJT6282. එසේ ම මම අනේසියක් වර ශ්‍රමණයෙක් ද තාපසයෙක් ද, බ්‍රාහ්මණයෙක් ද, පරිව්‍රාජකයෙක් ද වී අරණෙහි විසීමි.
Pali BJT6283. පච්ඡිමෙ ච භවෙ දානි රම්මෙ කාපිලවත්ථවෙ{2}, වච්ඡගොත්තො ද්විජො{3} තස්ස ජායාය අහමොක්කමිං.
Sinhala BJT6283. දැන් මේ අන්තිම ජාතියෙහි, රම්‍ය වූ කපිලවාස්තු නගරයෙහි වච්ඡගොත්ත නම් බ්‍රාහ්මණයෙක් විය. මම ඔහුගේ භාර්‍ය්‍යාවගේ කුසෙහි පිළිසිඳ ගතිමි.
Pali BJT6284. මාතු මෙ දොහළො ආසි තිරොකුච්ඡිගතස්ස මෙ, ජායමානසමීපම්හි වනවාසාය නිච්ඡයො.
Sinhala BJT6284. මව්කුසෙහි පිළිසිඳගත් කල්හි මාගේ මව ප්‍රසූතිය ලංවත් ම වනයෙහි විසීමේ තීරණය වූ දොළ ඇත්තී වූ ය.
Pali BJT6285. තතො මෙ අජනී මාතා රමනීයෙ වනන්තරෙ, ගබ්භතො නික්ඛමන්තං මං කාසායෙන පටිග්ගහුං.
Sinhala BJT6285. ඉක්බිති මාගේ මව් තොමෝ සිත්කලු වනයෙහි දී මා ප්‍රසූත කළා ය. මව්කුසින් නික්මෙන්නා වූ මා කසාවතකින් පිළිගත්හ.
Pali BJT6286. තතො කුමාරො සිද්ධත්ථො ජාතො සක්යකුලද්ධජො, තස්ස මිත්තො පියො ආසිං සංවිස්සත්ථො සුමානියො.
Sinhala BJT6286. ඉක්බිති ශාක්‍යවංශයට ධජයක් වැනි වූ සිදුහත් කුමර තෙමේ උපන්නේ ය. මම ඔහුගේ ඉතා විශ්වාස වූ අතිශයින් බුහුමන් කරණ ප්‍රියමිත්‍රයා වීමි.