Pali BJT6106. සුවත්ථිතොහං නික්ඛන්තො බුද්ධෙන අනුකම්පිතො, නික්ඛන්තදිවසෙයෙව පබ්බජිං අනගාරියං.
Sinhala BJT6106. බුදුරජුන් විසින් අනුකම්පා කරණ ලද මම නිදුකින් (මව් කුසින්) නික්මුනෙමි. (සතියකට පසු ගිහිගෙන්) නික්මුනු දවස්හි ම අනගාරිය සඞ්ඛ්‍යාත පැවිද්දට වන්මි.
Pali BJT6107. උපජ්ඣා{5} සාරිපුත්තො මෙ මොග්ගල්ලානො මහිද්ධිකො, කෙසෙ ඔරොපයන්තො මෙ අනුසාසි මහාමති.
Sinhala BJT6107. මහනුවණැති ශාරීපුත්‍ර තෙමේ මාගේ උපාධ්‍යාය විය. මහත් ඍද්ධි ඇති මෞද්ගල්‍යාන තෙමේ මාගේ හිසකේ බාමින් අනුශාසනා කෙළේ ය.
Pali BJT6108. කෙසෙසු ඡිජ්ජමානෙසු අරහත්තමපාපුණිං, දෙවා නාගා මනුස්සා ච පච්චයෙ උපනෙන්ති මෙ.
Sinhala BJT6108. හිසකේ බාන කල්හි ම (-කරගෙහි දී ම) රහත් බවට පැමිණියෙමි. දෙවියෝ ද, නාගයෝ ද, මනුෂ්‍යයෝ ද, මට සිව්පස එළවත්.
Pali BJT6109. පදුමුත්තරනාථඤ්ච විපස්සිඤ්ච විනායකං, යං පූජයිං පමුදිතො පච්චයෙහි විසෙසතො.
Sinhala BJT6109. පදුමුත්තර බුදුරජුන් ද, විපස්සී බුදුරජුන් ද යම් හෙයෙකින් ප්‍රමුදිත වූයෙම් සිව්පසයෙන් වෙසෙසින් පිදුයෙම් නම්,
Pali BJT6110. තතො තෙසං විසෙසෙන{1} කම්මානං විපුලුත්තමං, ලාභං ලභාමි සබ්බත්ථ වනෙ ගාමෙ ජලෙ ථලෙ.
Sinhala BJT6110. ඒ හේතුවෙන් ඒ කුශලකර්‍මයන්ගේ විශේෂයෙන් වනයෙහි ද, ගමෙහි ද, දියෙහි ද, ගොඩබිම්හි දැයි හැමතන්හි උතුම් සිවුපසය මහත්සේ ලබමි.
Pali BJT6111. රෙවතං දස්සනත්ථාය යදා යාති විනායකො, තිංසභික්ඛුසහස්සෙහි සහ ලොකග්ගනායකො.
Sinhala BJT6111. යම් කලෙක්හි ලෝකාග්‍රනායක වූ බුදුරජ තෙම තිස්දහසක් භික්‍ෂූන් සමග රේවත තෙරණුවන් දකින පිණිස වඩී ද,
Pali BJT6112. තදා දෙවොපනීතෙහි මමත්ථාය මහාමති, පච්චයෙහි මහාවීරො සසඞ්ඝො ලොකනායකො.
Sinhala BJT6112-6114. එකල්හි මාගේ ප්‍රයෝජනය පිණිස දෙවියන් විසින් එළවන ලද සිව්පසයෙන් මහත් ප්‍රඥා ඇත්තා වූ, මහත් වීර්‍ය්‍ය ඇති සඞ්ඝයා සහිත වූ, තුන්ලොවට නායක වූ බුදුරජ තෙම මා විසින් උවටැන් කරණ ලද්දේ එහි වැඩ රේවත තෙරුන් දිටී ය. ඉන්පසු දෙව්රමට වැඩ, “මහණෙනි, මාගේ සිසුන් අතරෙහි සීවලී තෙමේ ලාභීන් හට අග්‍ර ය” යි මා ලාභීන් අතුරෙහි ඒතදග්‍රස්ථානයෙහි තැබී ය. සව් ලොවට හිත වූ ශාස්තෘ තෙමේ පිරිස් මැද දී මට පැසසීය.
Pali BJT6113. උපට්ඨිතො මයා බුද්ධො ගන්ත්වා රෙවතමද්දස, තතො ජෙතවනං ගන්ත්වා එතදග්ගෙ ඨපෙසි මං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6114. ලාභීනං සීවලී අග්ගො මම සිස්සෙසු භික්ඛවො, සබ්බලොකහිතො සත්ථා කිත්තයී පරිසාසු මං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6115. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6115. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT6116. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6116. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT6117. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6117. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සීවලී ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සීවලී ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසීවලිත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTසීවලි ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT544. වඞ්ගීසත්ථෙරාපදානං
Sinhala BJT544. වඞ්ගීස ස්ථවිරාවදානය
Pali BJT6118. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT6118. මෙයින් සියක්දහස් වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්හි විනිවිද දක්නාසුලු නුවණැස් ඇති පදුමුත්තර නම් බුදුරජ තෙම ලොව පහළ විය.
Pali BJT6119. යථාපි සාගරෙ ඌමි ගගනෙ විය තාරකා, එවං පාවචනං තස්ස අරහන්තෙහි චිත්තිතං.
Sinhala BJT6119. සයුරෙහි රළ, අහසෙහි තරු යම් සේ විසිතුරු ද එසේ ම උන්වහන්සේගේ සසුන රහතුන්ගෙන් විසිතුරු විය.
Pali BJT6120. ස දෙවාසුරනාගෙහි මනුජෙහි පුරක්ඛතො, සමණබ්රාහ්මණාකිණ්ණෙ ජනමජ්ඣෙ ජනුත්තමො.
Sinhala BJT6120. ඒ ජනෝත්තම වූ බුදුරජතෙම දිව්‍යඅසුරනාගමනුෂ්‍ය යන මොවුන් විසින් පිරිවරණ ලදුයේ මහණ බමුණන්ගෙන් ගැවසීගත් ජනයා මැද-
Pali BJT6121. පභාභි අනුරඤ්ජෙන්තො{2} ලොකං{3} ලොකන්තගූ ජිනො, වචනෙන විබොධෙන්තො වෙනෙය්යපදුමානි සො.
Sinhala BJT6121. (භවෝත්පත්තිය දුරුකිරීමෙන්) ලෝකාන්තයට ගිය ඒ බුද්ධදිවාකර තෙමේ ප්‍රභාවෙන් ලොව රඳවමින් වෛනෙයජන නමැති පියුම්, වචන නමැති රැසින් පොබයමින්-
Pali BJT6122. වෙසාරජ්ජෙහි සම්පන්නො චතූහි පුරිසුත්තමො, පහීනභයසාරජ්ජො ඛෙමප්පත්තො විසාරදො.
Sinhala BJT6122. චතුර්වෛශාරද්‍යයන්ගෙන් යුක්ත වූ දුරු කරණ ලද බිය හා ඇලුම් ඇති, (ක්‍ෂේම යයි කියන ලද) නිවණට පැමිණි විශාරද වූ පුරුෂෝත්තම වූ-
Pali BJT6123. ආසභං පවරං ඨානං බුද්ධභුමිං ච කෙවලං, පටිජානාති ලොකග්ගො නත්ථි සඤ්චොදකො ක්වචි.
Sinhala BJT6123. ලෝකනායක වූ බුදුරජ තෙමේ උතුම් ආසභස්ථානය ද කේවල (අනන්‍යසාධාරණ) බුදධත්‍වය ද තමා තුළ ඇතැයි ප්‍රතිඥා කෙරෙයි. ඔබට එය නැතැයි චෝදනා කරණ කිසි චෝදකයෙක් නැත.
Pali BJT6124. සීහනාදමසම්භීතං නදතො තස්ස තාදිනො, දෙවො නරො වා බ්රහ්මා වා පටිවත්තා න විජ්ජති.
Sinhala BJT6124. මෙසේ අභිතසිංහනාද කරණ කම්පා නැති උන්වහන්සේට ප්‍රතිවක්තෘව (විරුද්ධ ව) කියන දෙවියෙක් මිනිසෙක් හෝ බඹෙක් නැත.
Pali BJT6125. දෙසෙන්තො පවරං ධම්මං සන්තාරෙන්තො සදෙවකං, ධම්මචක්කං පවත්තෙති පරිසාසු විසාරදො.
Sinhala BJT6125. උතුම් දහම් දෙසමින්, දෙවියන් සහිත ලෝකයා (සසරින්) එතෙර කරමින් පිරිස් මැද විශාරද ව දම්සක් පවත්වයි.
Pali BJT6126. පටිභානවතං අග්ගං සාවකං සාධුසම්මතං, ගුණං බහුං පකිත්තෙත්වා එතදග්ගෙ ඨපෙසි තං.
Sinhala BJT6126. ඒ බුදුරජ තෙම ප්‍රතිභානවත් (වැටහීම ඇති) භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වූ සාධුසම්මත ශ්‍රාවකයකු බොහෝ ගුණ පවසා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
Pali BJT6127. තදාහං හංසවතියං බ්රාහ්මණො සාධුසම්මතො, සබ්බවෙදවිදූ ජාතො වඞ්ගීසො{1} වාදිසූදනො.
Sinhala BJT6127. එකල මම හංසවතී නගරයෙහි උපන්නෙම් සාධුසම්මත වූ, සියලු වේදයන් දන්නා වූ, වාගීශ වූ, වාදීන් මැඩලන බමුණෙක් වූයෙම්-
Pali BJT6128. උපෙච්ච තං මහාවීරං සුත්වා තං ධම්මදෙසනං, පීතිවරං පටිලභිං සාවකස්ස ගුණෙ රතො.
Sinhala BJT6128. ඒ මහාවීර වූ බුදුරජුන් වෙත එළඹ එ දම්දෙසුම අසා ශ්‍රාවකයන්ගේ ගුණයෙහි ඇලුනෙම් උතුම් ප්‍රීතිය ලැබීමි.
Pali BJT6129. නිමන්තයිත්වා{2} සුගතං සසඞ්ඝං ලොකනන්දනං, සත්තාහං භොජයිත්වාහං දුස්සෙහච්ඡාදයිං තදා.
Sinhala BJT6129. එකල්හි මම සඞ්ඝයා සහිත වූ ලෝකනන්‍දන වූ බුදුරජුන් පවරා සතියක් වළඳවා වස්ත්‍රයෙන් හැඳවීමි. හඳිනා (පොරෝනා සිවුරු පිණිස පිළි පිදීමි.)
Pali BJT6130. නිපච්ච සිරසා පාදෙ කතොකාසො කතඤ්ජලී, එකමන්තං ඨිතො හට්ඨො සන්ථවිං ජිනමුත්තමං:
Sinhala BJT6130. හිසින් පාමුල හෙව ලබන ලද අවකාශ ඇත්තෙම් බඳැඳිලි ඇත්තෙම් සතුටු වූයෙම් එකත් පසෙක සිටියෙම් උතුම් වූ බුදුරජුන්හට (මෙසේ) ස්තූති කෙළෙමි.
Pali BJT6131. “නමො තෙ වාදිසද්දූල{3} නමො තෙ පුරිසුත්තම,{4} නමො තෙ සබ්බලොකග්ග නමො තෙ අභයඞ්කර.
Sinhala BJT6131. “වාදීශාර්දුලයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. මුළුලොවට අග වූ උතුමානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. අභය (දානය) කරන්නා වූ උත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා.
Pali BJT6132. නමො තෙ මාරමථන නමො තෙ දිට්ඨිසූදන, නමො තෙ සන්තිසුඛද නමො තෙ සරණඞ්කර.
Sinhala BJT6132. මාරබල මර්දනය කරණුවන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. දෙසැටමිසදිටු මඩින උතුමානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ශාන්තිසුඛදායකයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. සත්ලොවට පිහිට කරණ උතුමානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා.
Pali BJT6133. අනාථානං භවං නාථො භීතානං අභයප්පදො, විස්සාමභූමි{5} සත්තානං සරණං සරණෙසිනං.
Sinhala BJT6133. පින්වත් තෙමේ අනාථයනට පිහිට ය. බියවූවනට අභය දායක ය. ශ්‍රාන්ත (-විඩා) වූවනට විශ්‍රාම්භූමි ය. පිහිට සොයන සත්නට පිළිසරණෙක් ය.
Pali BJT6134. එවමාදීහි සම්බුද්ධං සන්ථවිත්වා මහාගුණං, අවොචං වාදිසූරස්ස{1} ගතිං පප්පොමි භික්ඛුනො.
Sinhala BJT6134. මේ ආදි නයින් මහත් වූ ගුණ ඇති සම්බුදු රජුන් හට පසසා “වාදීශූර වූ (ප්‍රතිභානවත්) භික්‍ෂුහුගේ තත්ත්‍වයට පැමිණෙමැ” යි කීමි.
Pali BJT6135. තදා අවොච භගවා අනන්තපටිභානවා, යො සො බුද්ධං අභොජෙසි සත්තාහං සහ සාවකං.
Sinhala BJT6135-6136. එකල්හි අනන්ත වූ වැටහීම් ඇති භාග්‍යවත් තෙමේ (මෙසේ) වදාළේ ය: ඒ යමෙක් තෙම පහන් වූයේ ශ්‍රාවකයන් සහිත වූ බුදුරජුන් සතියක් සියතින් වැළඳවී ද, (ඒ සම්බුද්ධ වූ) මාගේ ගුණ පැවසී ද, මෙ තෙම වාදීශූර වූ (ඒ ප්‍රතිභානවත්) භික්‍ෂුහුගේ තනතුර පතයි.
Pali BJT6136. ගුණං ච මෙ පකිත්තෙසි පසන්නො සෙහි පාණිහි, එසො පත්ථයතෙ ඨානං වාදිසූරස්ස භික්ඛුනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6137. අනාගතම්හි අද්ධානෙ ලච්ඡතෙ තං මනොරථං, දෙවමානුසසම්පත්තිං අනුභොත්වා අනප්පකං.
Sinhala BJT6137. නො අඩු වූ දෙවි - මිනිස් සැප අනුභව කොට මතු කාලයෙහි (ඔහුගේ) ඒ මනෝරථය ලබන්නේ ය.
Pali BJT6138. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT6138. මෙයින් (මතු) සියක් දහස් වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT6139. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, වඞ්ගීසො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT6139. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම නිර්මිත කළාක් වැනි, ඖරසපුත්‍ර වූ නමින් වඞ්ගීස නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි)
Pali BJT6140. තං සුත්වා මුදිතො හුත්වා යාවජීවං තදා ජිනං, පච්චයෙහි උපට්ඨාසි මෙත්තචිත්තො තථාගතං.
Sinhala BJT6140. එකල්හි එය අසා සතුටු වූයේ මෙත් සිතැත්තේ දිවි ඇති තාක් තථාගත වූ බුදුරජුන්හට (සිවු) පසයෙන් උවටැන් කෙළෙමි.
Pali BJT6141. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තුසිතං{2} අගමාසහං.
Sinhala BJT6141. මම මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස් සිරුර හැර තුසිත දෙව් ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
Pali BJT6142. පච්ඡිමෙ ච භවෙදානි පරිබ්බාජකුලෙ{3} අහං, පච්චාජාතො යදා ආසිං ජාතියා සත්තවස්සිකො.
Sinhala BJT6142. මම දැන් මේ අන්තිමජාතියෙහි පිරිවැජිකුලයෙහි උපනෙම් උපතින් සත්හැවිරිදි වූයෙම් වීමි.
Pali BJT6143. සබ්බවෙදවිදූ ජාතො වාදසත්ථවිසාරදො, වාදිස්සරො චිත්තකථී පරවාදප්පමද්දනො.
Sinhala BJT6143. සියලු වේද දන්නෙක් වූයෙම් වාදශාස්ත්‍රයෙහි විශාරද වූයෙම් වාදීන්හට ශ්‍රේෂ්ඨ වූයෙම් චිත්‍රකථික වූයෙම් විරුද්ධවාදීන් මඩනාසුලු වූයෙමි.
Pali BJT6144. වඞ්ගෙ ජාතො’ති වඞ්ගීසො වචනෙ ඉස්සරොති වා, වඞ්ගීසො ඉති මෙ නාමං අභවී ලොකසම්මතං.
Sinhala BJT6144. “වඞ්ගරටෙහි උපන්නේ නු”යි වඞ්ගිස ය, නොහොත් “වචනයෙහි අධිපති නු” යි වඞ්ගිස ය යි මාගේ නාමය ලෝකසම්මත විය.
Pali BJT6145. යදාහං විඤ්ඤුතං පත්තො ඨිතො පඨමයොබ්බනෙ, තදා රාජගහෙ රම්මෙ සාරිපුත්තමථද්දසං{4}.
Sinhala BJT6145. යම් කලෙක්හි මම දනුමැති බවට පැමිණියෙම් පළමු යොවුනෙහි සිටියෙම් වෙම් ද, එකල්හි රම්‍ය වූ රජගහනුවරදී සැරියුත් තෙරුන් දිටිමි.
Pali BJTපඤ්චවිසතිමං භාණවාරං.
Sinhala BJTපස්විසි වැනි බණවර යි.
Pali BJT6146. පිණ්ඩාය විචරන්තං තං පත්තපාණිං සුසංවුතං, අලොලක්ඛිං මිතභාණිං යුගමත්තනිරික්ඛකං.{5}
Sinhala BJT6146. පිඬු පිණිස හැසිරෙන්නා වූ පාත්‍රය ගත් අත් ඇති සන්හුන් වූ ලොල් නො වූ නිශ්චල ඇස් ඇති පමණ දැන කථා කරන්නා වූ වියදඬු පමණ දුර බලන්නා වූ
Pali BJT6147. තං දිස්වා විම්හිතො හුත්වා අවොචං මනනුච්ඡවං{1}. ඛණිකං ඨානරචිතං{2} චිත්තං ගාථාපදං අහං.
Sinhala BJT6147. ඒ සැරියුත් තෙරුන් දැක මම හටගත් විස්මය ඇත්තෙම් සිතට සුදුසු වූ, එකෙණෙහි වැටහුනා වූ එතන්හි දී ම රචිත වූ විචිත්‍ර වූ ගාථාපදයක් කීමි.
Pali BJT6148. ආචික්ඛි සො මෙ සත්ථාරං සම්බුද්ධං ලොකනායකං, තදා සො පණ්ඩිතො වීරො උත්තරං{3} සමවොච මෙ.
Sinhala BJT6148. එකල්හි ඒ වීර වූ පණ්ඩිත ශාරිපුත්‍ර තෙමේ මට ලෝකනායක වූ ශාස්තෘ වූ සම්බුදු රජුන් ගැණ කී ය. මට පිළිතුරු ද කී ය.
Pali BJT6149. විරාගසංහිතං වාක්යං කත්වා දුද්දසමුත්තමං, විචිත්තපටිභානෙහි තොසිතො තෙන තාදිනා, නිපච්ච සිරසා පාදෙ පබ්බාජෙහීති මං බ්රවිං.
Sinhala BJT6149. තාදී ගුණ ඇති එම සැරියුත් තෙරුන් විසින් තෘෂ්ණා නිඃශ්‍රිත නො වූ බැවින් විරාගසංහිත වූ දුද්දස හෙවත් අවබෝධයට දුෂ්කර වූ උතුම් වූ වාක්‍යයක් කොට විසිතුරු ප්‍රතිභානයෙන් සතුටු කරණ ලද මම (උන්වහන්සේගේ) පාමුල සිරසින් නැමී (වැඳ) “මා පැවිදි කළ මැනවැ”යි කීමි.
Pali BJT6150. තතො මං ස මහාපඤ්ඤො බුද්ධසෙට්ඨමුපානයි, නිපච්ච සිරසා පාදෙ නිසීදිං සත්ථු සන්තිකෙ.
Sinhala BJT6150. ඉක්බිති ඒ මහාප්‍රාඥ වූ ශාරීපුත්‍රස්ථවිර තෙමේ මා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණවී ය. පාමුල සිරසින් නැමී (වැඳ) ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි හුනිමි.
Pali BJT6151. මමාහ වදතං සෙට්ඨො කච්චි වඞ්ගීස ජානසි,{4} කිඤ්චි සිප්පන්ති තස්සාහං ජානාමි ති ච අබ්රවිං.{5}
Sinhala BJT6151. කථා කරන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ බුදුරජ තෙම ‘වඞ්ගීස කිම’ කිසියම් ශිල්පයක් දනිහි දැ’යි මා ඇසී ය. මම උන්වහන්සේට දනිමි යි කීමි.
Pali BJT6152. මතසීසං වනච්ඡුද්ධං අපි බාරසවස්සිකං, තව විජ්ජාවිසෙසෙන සචෙ සක්කොසි භාසය.{6}
Sinhala BJT6152. වනයෙහි බැහැර ලූ දොළොස් හවුරුදු ඉක්ම ගිය මළ හිස්කබලක් (දක්වා) තාගේ විද්‍යාවිශේෂයෙන් (මේ හිස් කබල අයත් තැනැත්තා කොහි උපන්නේ දැ යි) ඉදින් හැකි වෙහි නම් කියව යි වදාළහ.
Pali BJT6153. ආමාති මෙ පටිඤ්ඤාතෙ තීණි සීසානි දස්සයී. නිරය නර දෙවෙසු උපපන්නෙ අවාචයිං.
Sinhala BJT6153. එසේ ය යි මා පිළිණ කළ කල්හි හිස්කබල් තුණක් දැක්වී ය. නරකය මිනිස්ලොව දෙව්ලොව යන මේ තන්හි උපන්නවුන් කීමි.
Pali BJT6154. තදා පච්චෙකබුද්ධස්ස{7} සිරං දස්සෙසි නායකො, තතොහං විහතාරම්භො පබ්බජ්ජං සමයාචිසං.
Sinhala BJT6154. එකල්හි ලෝකනායක වූ බුදුරජ තෙමේ පසේබුදුවරයකුගේ හිස්කබලක් දැක්වී ය. ඉක්බිති මම උන්වහන්සේ උපන් තැන කිය නො හැකි බැවින් නටුවා වූ විද්‍යාරම්භ ඇත්තෙම් පැවිද්ද ඉල්වීමි.
Pali BJT6155. පබ්බජිත්වාන සුගතං සන්ථවාමි තහිං තහිං, තතො මං කබ්බවීත්තොති{8} උජ්ඣායන්තිහ භික්ඛවො.
Sinhala BJT6155. පැවිදි ව බුදුරජුන්හට ඒ ඒ තන්හි දී ස්තූති කරමි. එහෙයින් මෙහි භික්‍ෂූහු මට කවි බැඳීම සැපත කොට ඇත්තේ ය යි දොස් පහළ කෙරෙත්.
Pali BJT6156. තතො විමංසනත්ථං මෙ ආහ බුද්ධො විනායකො, තක්කිතා පනිමා ගාථා ඨානසො පටිභන්ති වා
Sinhala BJT6156. ඉක්බිති විශිෂ්ට නායක වූ බුදුරජ තෙම විමසනු සඳහා මට මෙසේ වදාළේ ය: මේ ගාථාවෝ (කල් ඇතිව) සිතා මතා ගොතන ලද්දාහු ද, නොහොත් කෙණෙහි වටහත් ද? (කියා යි)
Pali BJT6157. න කබ්බවිත්තොහං වීර ඨානසො පටිභන්ති මං,{9} තෙන හි දානි වඞ්ගීස ඨානසො සන්ථවාහි මං.
Sinhala BJT6157. වීරයන් වහන්ස, මම කවි බැඳීම සැපත කොට ඇත්තෙක් නො වෙමි. ඒ කවි එකෙණෙහි මට වටහත් ය යි කීමි. වඞ්ගීස, එසේ වී නම් දැන් සිටිවන ම මට ස්තූති කරව යි බුදුරජ තෙම වදාළේ ය.
Pali BJT6158. තදාහං සන්ථවිං වීරං ගාථාහි ඉසිසත්තමං, ඨානාසො මෙ තදා තුට්ඨො ජිනො අග්ගෙ ඨපෙසි මං.
Sinhala BJT6158. එකල්හි මම ඍෂි සප්තම වූ බුදුරජුන්හට කෙණෙහි ම ගාථායෙන් ස්තූති කෙළෙමි. එකල්හි තුටු වූ බුදුරජතෙම මා (ප්‍රතිභානවත් භික්‍ෂූන් අතුරෙන්) අග්‍රස්ථානයෙහි තැබී ය.
Pali BJT6159. පටිභානෙන චිත්තෙන අඤ්ඤෙ සමතිමඤ්ඤහං, පෙසලෙ තෙන සංවිග්ගො අරහත්තමපාපුණිං.
Sinhala BJT6159. මම (ක්‍ෂණික) බුද්ධියෙන් අන්‍ය ප්‍රියශීල භික්‍ෂූන් ඉක්ම වීමි. එයින් උත්සාහ වත් වූයෙම් රහත්බවට පැමිණියෙමි.
Pali BJT6160. පටිහානවතං අග්ගො අඤ්ඤො කොචි න විජ්ජති, යථායං භික්ඛු වඞ්ගීසො එවං ධාරෙථ භික්ඛවො.
Sinhala BJT6160. මෙම වඞ්ගීස භික්‍ෂු වැනි වහා වැටහීම් ඇත්තවුන් අතුරෙන් අග්‍ර වූ අන්කිසිවෙක් නැති. මහණෙනි, එසේ දරවු.
Pali BJT6161. සතසහස්සෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයිං අහං{1}.
Sinhala BJT6161. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි කරණ ලද කර්‍මය මෙහි දී මට විපාක දැක්වී ය. මම මිදුණු හීසැරයක් බඳු වූයෙම් කෙලෙසුන් දැවීමි.
Pali BJT6162. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6162. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT6163. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6163. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT6164. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6164. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වඞ්ගීසො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවඞ්ගීසත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTවඞ්ගීස ස්ථවිරාවදානය සිව්වැනියි.
Pali BJT545. නන්දකත්ථෙරාපදානං
Sinhala BJT545. නන්‍දක ස්ථවිරාවදානය
Pali BJT6165. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT6165. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන් විනිවිද දක්නා සුලු නුවණැස් ඇති පදුමුත්තර බුදුරජතෙම ලොව පහළ විය.
Pali BJT6166. හිතාය සබ්බසත්තානං සුඛාය වදතං වරො, අත්ථාය පුරිසාජඤ්ඤො පටිපන්නො සදෙවකෙ.
Sinhala BJT6166. වාදීවර වූ පුරුෂශ්‍රේෂ්ඨ වූ බුදුරජතෙම දෙවියන් සහිත ලෝකයෙහි සව්සත්නට හිත පිණිස සුව පිණිස වැඩ පිණිස පිළිපන්නේ ය.
Pali BJT6167. යසග්ගප්පත්තො සිරිමා කිත්තිවණ්ණභතො{2} ජිනො, පූජිතො සබ්බලොකස්ස දිසාසබ්බාසු විස්සුතො.
Sinhala BJT6167. යසසින් අගතැන් පැමිණියා වූ ශ්‍රී (-සම්පත්) ඇත්තා වූ කීර්‍තතිඝෝෂ ඇති බුදුරජ තෙම සියලු ලෝකයා විසින් පුදන ලද්දේ සව්දිගුන්හි ප්‍රකට විය.
Pali BJT6168. උත්තිණ්ණවිචිකිච්ඡො සො වීතිවත්තකථංකථො, පරිපුණ්ණමනසංකප්පො පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT6168. ඉක්ම වූ සැක ඇති, පරිපූර්‍ණ වූ චිත්තසඞ්කල්ප ඇති උන්වහන්සේ උතුම් සම්‍යක් සම්බෝධියට පැමිණි සේක.
Pali BJT6169. අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා නරුත්තමො, අනක්ඛාතඤ්ච අක්ඛාසි අසඤ්ජාතං ච සඤ්ජනී.
Sinhala BJT6169. නූපන් මාර්‍ගය උපදවන්නා වූ මිනිස්නට උතුම් වූ ඒ බුදුරජතෙම (පෙර කිසිවකු විසින්) නො බිණූවක් (-චතුරාර්‍ය්‍යසත්‍යය) ද බිණී ය. නො හටගත් (ඵලසමාපත්තීන් ද) හට ගැන්වි ය.
Pali BJT6170. මග්ගඤ්ඤූ සො මග්ගවිදූ{1} මග්ගක්ඛායී නාරාසභො, මග්ගස්ස කුසලො සත්ථා සාරථීනං වරුත්තමො.
Sinhala BJT6170. නිවන් මග පිළිවිදි, නිවන් මග දැනගත්, නිවන් මග පවසන්නා වූ, නිවන් මගෙහි දක්‍ෂ වූ, (දෙවිමිනිස්නට) අනුශාසනා කරන්නා වූ, පුරිසදම්ම සාරථි ගුණ ඇතියවුන් අතුරෙන් අති උතුම්, නරශ්‍රේෂ්ඨ වූ, ලෝකනායක වූ-
Pali BJT6171. තදා මහාකාරුණිකො ධම්මං දෙසෙති{2} නායකො, නිමුග්ගෙ මොහපඞ්කම්හි{3} සමුද්ධරති පාණිනො{4}.
Sinhala BJT6171. මහකරුණා ඇත්තා වූ බුදුරජතෙම එකල්හි දහම් දෙසයි. මෝහමඩෙහි ගැලුනු සත්ත්‍වයන් (එයින්) ගොඩලයි.
Pali BJT6172. භික්ඛුනීනං ඔවදනෙ සාවකං සෙට්ඨසම්මතං, වණ්ණයං එතදග්ගම්හි පඤ්ඤාපෙසි මහාමුනි.
Sinhala BJT6172. ඒ මහාමුනි තෙම භික්‍ෂුණීන්හට ඔවා දීමෙහි අග්‍රය යි සම්මත වූ ශ්‍රාවකයකු පසසමින් ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
Pali BJT6173. තං සුත්වාහං පමුදිතො නිමන්තෙත්වා තථාගතං, භොජයිත්වා සසඞ්ඝං තං පත්ථයිං ඨානමුත්තමං.
Sinhala BJT6173. එය අසා සතුටු වූ මම බුදුරජුන් පවරා සඞ්ඝයා සහිත ව වළඳවා ඒ උතුම් තනතුර පැතීමි.
Pali BJT6174. තදා පමුදිතො නාථො මං අවොච මහාඉසි, සුඛී භවස්සු දීඝායු{5} ලච්ඡසෙ තං මනොරථං.
Sinhala BJT6174. එකල්හි ප්‍රමුදිත වූ මහර්ෂි වූ සර්‍වඥ තෙම මට මෙසේ කීය: සුව ඇත්තේ වේවා. දිගාසිරි ඇත්තේ වේවා. ඒ මනදොළ (සපුරා) ලබන්නේ ය.
Pali BJT6175. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT6175. මෙයින් සියක් දහස්වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT6176. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, නන්දකො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT6176. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් නන්‍දක නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය (කියා යි).
Pali BJT6177. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසූපගො අහං.
Sinhala BJT6177. මැනැවින් කරණලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
Pali BJT6178. පච්ඡිමෙ ච භවෙ’දානි ජාතො සෙට්ඨිකුලෙ අහං, සාවත්ථියං පුරවරෙ{6} ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
Sinhala BJT6178. දැන් පශ්චිමභවය පැමිණි කල්හි මම සමෘද්ධ වූ (සම්පත්තීන්) පිරුණා වූ මහත් ධන ඇති උතුම් වූ සැවැත් නුවර සිටුකුලයක උපන්නෙම් වෙමි.
Pali BJT6179. පුරප්පවෙසෙ සුගතං දිස්වා විම්හිතමානසො, ජෙතාරාමපටිග්ගාහෙ පබ්බජිං අනගාරියං.
Sinhala BJT6179. නගරයට පිවිසෙන කල්හි බුදුරජුන් දැක විස්මිත වූ සිත් ඇත්තෙම් ජේතවනාරාමය පිළිගැණීමෙහි දී (අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) පැවිද්දට වන්මි.
Pali BJT6180. න චිරෙනෙව කාලෙන අරහත්තමපාපුණිං, තතොහං තිණ්ණසංසාරො සාසිතො සබ්බදස්සිනා.
Sinhala BJT6180. නො බෝ කලකින් ම රහත්බවට පැමිණියෙම් වෙමි. එ හෙයින් සර්‍වදර්ශී වූ බුදුරජුන් විසින් අනුශාසනා කරණලද මම තරණය කළ සසර ඇත්තෙම් වෙමි.
Pali BJT6181. භික්ඛුනීනං ධම්මකථං පටිපුච්ඡා කරිං අහං, සාසිතා තා මයා සබ්බා අභවිංසු අනාසවා.
Sinhala BJT6181-6182. මම භික්‍ෂුණීන්හට ධර්‍මකථා ද පටිපුච්ඡා (-විචාරීම) ද කෙළෙමි. මා විසින් අනුශාසනය කරණ ලද ඒ සියලු භික්‍ෂුණීහු නො අඩු වූ පන්සියක් රහත් මෙහෙණියෝ වූහ. එකල්හි තුටු වූ බුදුරජතෙම භික්‍ෂුණීන්හට ඔවා දෙන්නවුන් අතුරෙන් මා අගතන්හි තැබී ය.
Pali BJT6182. සතානි පඤ්චනූනානි තදා තුට්ඨො මහාහිතො, භික්ඛුනීනං ඔවදතං අග්ගට්ඨානෙ ඨපෙසි මං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6183. සතසහස්සෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයිං අහං.
Sinhala BJT6183. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි කරණලද කර්‍මය මෙහි දී මට විපාක දැක්වීය. මම මිදුණු හීසැරයක් බඳු වූයෙම් කෙළෙ`සුන් දැවී මි.
Pali BJT6184. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6184. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT6185. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6185. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT6186. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6186. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නන්දකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනන්දකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTනන්‍දක ස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT546. කාළුදායිත්ථෙරාපදානං
Sinhala BJT546. කාළුදායි ස්ථවිරාවදානය
Pali BJT6187. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT6187. මෙයින් සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්හි විනිවිද දක්නා නුවණැස් ඇති පදුමුත්තර බුදුරජ තෙම ලොව පහළ විය.
Pali BJT6188. නායකානං වරො සත්ථා ගුණාගුණවිදූ ජිනො, කතඤ්ඤූ කතවෙදී ච තිත්ථෙ යොජෙති පාණිනො{2}
Sinhala BJT6188. නායකයන් අතුරෙහි උතුම් වූ ගුණ - අගුණ දැය මේ මේ ය යි දන්නා වූ (දෙවිමිනිසුන්හට) ශාස්තෘ වූ කෙළෙහිගුණ දන්නා වූ කෙළෙහි ගුණ නැවත නැවත සිහි කරන්නා වූ බුදුරජ තෙම සත්ත්‍වයන් තීර්‍ත්‍ථයෙහි (නිවන්මගෙහි) යොදයි.
Pali BJT6189. සබ්බඤ්ඤුතෙන ඤාණෙන තුලයිත්වා දයාසයො, දෙසෙති පවරං ධම්මං අනන්තගුණසඤ්චයො.
Sinhala BJT6189. අනන්තගුණ පිණ්ඩයක් බඳු වූ දයාවට වාසස්ථාන වූ (ඒ සර්‍වඥ තෙම) සියල්ල දන්නා නුවණින් (තරාදියකින් මෙන්) සත්ත්‍වයන්ගේ ආසයානුසය (චරිතාධිමූක්තීන්) විමසා බලා උතුම් වූ ධර්‍මය දෙසයි.
Pali BJT6190. ස කදාචි මහාවීරො අනන්තජනසංසදි{3}, දෙසෙති මධුරං ධම්මං චතුසච්චුපසංහිතං.
Sinhala BJT6190. ඒ මහාවීර වූ බුදුරජ තෙම කිසි කලෙක්හි අනන්තජනයා ගෙන් යුත් සබමැද සිව්සස් දහම් සහිත වූ මිහිරි ධර්‍මය දේශනා කරයි.
Pali BJT6191. සුත්වාන තං ධම්මවරං ආදිමජ්ඣන්තසොභනං, පාණසතසහස්සානං ධම්මාභිසමයො අහු.
Sinhala BJT6191. ආදි මධ්‍ය පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ ඒ උතුම් ධර්‍මය අසා සියක් දහසක් ප්‍රාණීන්හට ධර්‍මාවබෝධය විය.
Pali BJT6192. නින්නාදිතා තදා භූමී ගජ්ජිංසු ච පයොධරා, සාධුකාරං පවත්තෙසුං{1} දෙවබ්රහ්මනරාසුරා.
Sinhala BJT6192. එකල්හි පෘථිවි තොමෝ මහත් නාද පැවැත්වූ ය. මේඝයෝ ගර්‍ජනය කළාහු ය. දෙව් බඹ මිනිස් අසුර යන මොහු සාධුනාද පැවැත් වූහ.
Pali BJT6193. අහො කාරුණිකො සත්ථා අහො සද්ධම්මදෙසනා, අහො භවසමුද්දම්හි නිමුග්ගෙ උද්ධරී ජිනො.
Sinhala BJT6193. කාරුණික වූ ශාස්තෘ තෙමේ ආශ්චර්‍ය්‍යයෙකි. සදහම් දෙසුම ද ආශ්චර්‍ය්‍යයකි. සර්‍වඥතෙම භවසයුරෙහි ගිලුනවුන් ගොඩනැගී ය. ආශ්චර්‍ය්‍යයෙකි.
Pali BJT6194. එවං පවෙදජාතෙසු{2} සනරාමරබ්රහ්මසු, කුලප්පසාදකානග්ගං සාවකං වණ්ණයී ජිනො.
Sinhala BJT6194. මෙසේ දෙවිබඹුන් සහිත වූ මිනිසුන් ප්‍රීතියෙන් ඇලලී ගිය කල්හි බුදුරජතෙම කුලපහදවනුවන් අතුරෙන් අග්‍රය යි ශ්‍රාවකයකු පැසසී ය.
Pali BJT6195. තදාහං හංසවතියං ජාතොමච්චකුලෙ අහුං, පාසාදිකො දස්සනීයො පහූතධනධඤ්ඤවා.
Sinhala BJT6195. එකල්හි මම හංසවතී නගරයෙහි ඇමතිකුලයක උපනෙම් දුටුවන් පහදවන්නා වූ, දැකුම්කලු වූ, සමෘද්ධ වූ ධනධාන්‍ය ඇති කෙනෙක් වීමි.