Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7901-8000 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT6019. පුඤ්ඤපාපපරික්ඛීණො සබ්බරොගවිවජ්ජිතො, සිඛීව අනුපාදානො නිබ්බායිස්සමනාසවො.
Sinhala BJT6019. ක්‍ෂීණ වූ පුණ්‍යපාප ඇත්තෙම් සියලු රෝගයන්ගෙන් වෙන් වූයෙම් දර නො මැති ගින්නක් මෙන් ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නෙමි.
Pali BJT6020. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6020. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT6021. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6021. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් භද්‍ර විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT6022. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6022. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මොඝරාජත්ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මෝඝරාජ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමොඝරාජත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTමෝඝරාජ ස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTකච්චානවග්ගො චතුපඤ්ඤාසමො.
Sinhala BJTකච්චාන වර්‍ගය සිවුපණස් වැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකච්චානො වක්කලී ථෙරො මහාකප්පිනසව්හයො දබ්බො කුමාරනාමො ච බාහියො කොට්ඨිතො වසී උරුවෙලකස්සපො රාධො මොඝරාජා ච පණ්ඩිතො, තීණි ගාථාසතානෙත්ථ ද්වාසට්ඨි චෙව පිණ්ඩිතා
Sinhala BJTකච්චාන, වක්කලී ථේර, මහා කප්පින නම් දැරූ, දබ්බ, කුමාරකස්සප, බාහිය, වසී කොට්ඨිත, උරුවේලකස්සප, රාධ, පණිඩිත මෝඝරාජ ද, තෙසිය දෙසැටගයෙක් මෙම වග පිඬු වී ඇති.
Pali BJT55. භද්දියවග්ගො
Sinhala BJT55. භද්දිය වර්‍ගය
Pali BJT541. ලකුණ්ටකභද්දියත්ථෙරාපදානං
Sinhala BJT541. ලකුණ්ටකභද්දිය ස්ථවිරාවදානය
Pali BJT6023. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT6023. මෙයින් පෙර සියක් දහස්වන කපෙහි සියලු ධර්‍මයෙහි විෂය (විනිවිද දක්නා) ඇස් ඇත්තා වූ ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජතෙමේ ලොව පහළ විය.
Pali BJT6024. තදාහං හංසවතියං සෙට්ඨිපුත්තො මහාධනො, ජඞ්ඝාවිහාරං විචරං සංඝාරාමමගච්ඡහං{1}.
Sinhala BJT6024. එකල්හි මම හංසවතී නගරයෙහි මහත් ධන ඇති සිටුපුතෙක් වීමි. ඒ මම ජඞ්ඝාවිහාරයෙහි (සක්මණෙහි) හැසිරෙන්නෙම් සඞ්ඝාරාමයට ගියෙමි.
Pali BJT6025. තදා සො ලොකපජ්ජොතො ධම්මං දෙසෙසි නායකො, මඤ්ජුස්සරානං පවරං සාවකං අභිකිත්තයී.
Sinhala BJT6025. එකල්හි ලොවට පහන් වූ ලෝකනායක ඒ බුදුරජ තෙම දහම් දෙසී ය. මධුරස්වර ඇතියවුන් අතුරෙන් අග්‍ර වූ ශ්‍රාවකයකු පැසසී ය.
Pali BJT6026. තං සුත්වා මුදිතො හුත්වා කාරං කත්වා මහෙසිනො, වන්දිත්වා සත්ථුනො පාදෙ තං ඨානමභිපත්ථයිං.
Sinhala BJT6026. එය අසා සතුටු වූයෙම් මහර්ෂි වූ බුදුරජුන්හට සත්කාර කොට ඒ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ ඒ තනතුර පැතීමි.
Pali BJT6027. තදා බුද්ධො වියාකාසි සංඝමජ්ඣෙ විනායකො, අනාගතම්හි අද්ධානෙ ලච්ඡසෙ තං මනොරථං.
Sinhala BJT6027. එකල්හි ශ්‍රේෂ්ඨ නායක වූ බුදුරජතෙම සඞ්ඝයා මධ්‍යයෙහි දී “මතුකාලයෙහි තෙල මනෝරථය සමෘද්ධ වන්නේ ය” යි ප්‍රකාශ කෙළේ ය:
Pali BJT6028. සතසහස්සෙ ඉතො{2} කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT6028. මෙයින් මතු සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT6029. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, භද්දියො නාම නාමෙන හෙස්සති සත්ථු සාවකො.
Sinhala BJT6029. උන් වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් භද්දිය නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT6030. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT6030. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
Pali BJT6031. ද්වානවුතෙ{3} ඉතො කප්පෙ ඵුස්සො උප්පජ්ජි නායකො, දුරාසදො දුප්පසහො සබ්බලොකුත්තමො ජිනො.
Sinhala BJT6031-6032. මෙයින් පෙර දෙයානූවන කපෙහි ගුණයෙන් කිසිවකුටත් ගැටිය නො හෙන්නා වූ, මැඩලිය නො හෙන්නා වූ, සව්ලෝ මුදුන් වූ, පස්මරුන් ජයගත්තා වූ (පසළොස්) චරණධර්‍මයන්ගෙන් යුක්ත වූ, මහත් වූ ඍජු ප්‍රතාපගුණ ඇති ඵුස්ස නම් බුදුරජතෙමේ ලොව පහළ වි ය. සව්සත්නට හිත කැමැත්තා වූ ඒ බුදුරජ තෙම බොහෝ ජනයා සසර බැඳුමෙන් මිදී ය.
Pali BJT6032. චරණෙන ච සම්පන්නො බ්රහා උජු පතාපවා, හිතෙසී සබ්බපාණිනං{4} බහුං{5} මොචෙසි බන්ධනා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6033. නන්දාරාමවනෙ තස්ස අහොසිං ඵුස්සකොකිලො,{1} ගන්ධකුටිසමාසන්නෙ අම්බරුක්ඛෙ වසාමහං.
Sinhala BJT6033. උන්වහන්සේගේ නන්‍දාරාම නම් රාජෝද්‍යානයෙහි ඵුස්ස නම් වූ කෝකිලයෙක් වීමි. ඒ මම ගඳකිලිය අබියස අඹරුකෙක්හි වසමි.
Pali BJT6034. තදා පිණ්ඩාය ගච්ඡන්තං දක්ඛිණෙය්යං ජිනුත්තමං, දිස්වා චිත්තං පසාදෙත්වා මඤ්ජුනාදෙන කූජහං.{2}
Sinhala BJT6034. එකල්හි මම පිඬුපිණිස වඩනා වූ දක්‍ෂිණාර්‍හ වූ බුදුරජුන් දැක සිත පහදවා මිහිරි නදින් හැඬීමි.
Pali BJT6035. රාජුය්යානං තදා ගන්ත්වා සුපක්කං කනකත්තචං, අම්බපිණ්ඩිං{3} ගහෙත්වාන සම්බුද්ධස්සොපනාමයිං.
Sinhala BJT6035. එකල්හි රජඋයනට ගොස් රන්වන් වූ පිට සිවි ඇති මොනොවට ඉදුනු අඹගෙඩියක් ගෙණ සම්බුදුරජුන්හට පිරිනැමීමි.
Pali BJT6036. තදා මෙ චිත්තමඤ්ඤාය මහාකාරුණිකො ජිනො, උපට්ඨාකස්ස හත්ථතො පත්තා පග්ගණ්හි නායකො.
Sinhala BJT6036. එකල්හි ලෝකනායක වූ මහාකාරුණික වූ බුදුරජතෙම මාගේ අදහස දැන උපස්ථායකයා අතින් පාත්‍රය ගත්තේ ය.
Pali BJT6037. අදාසිං තුට්ඨචිත්තො’හ{4} අම්බපිණ්ඩිං මහාමුනෙ, පත්තෙ පක්ඛිප්ප පක්ඛෙහඤ්ජලිං කත්වාන මඤ්ජුනා.
Sinhala BJT6037-6038. මම සතුටු සිත් ඇත්තෙම් අඹගෙඩිය බුදුරජුන්හට දුනිමි. එය පාත්‍රයෙහි බහා පියාපතින් ඇඳිලි බැඳ සිත් අලවන්නා වූ මනෝඥ වූ මිහිරි වූ ශ්‍රවණීය වූ ස්වරයෙන් බුදුපුද පිණිස හඬලමින් මම කැදැල්ලට ගොස් හොත්තෙමි.
Pali BJT6038. සරෙන රජනීයෙන සවණීයෙන වග්ගුනා, වස්සන්තො බුද්ධජූජත්ථං නිළං{5} ගන්ත්වා නිපජ්ජහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6039. තදා මුදිතචිත්තං මං බුද්ධපෙමගතාසයං, සකුණග්ඝි උපාගන්ත්වා ඝාතයී දුට්ඨමානසො.
Sinhala BJT6039. එකල්හි බූද්ධාලම්බනප්‍රීතිසහගත සිත් ඇති ප්‍රමුදිත වූ මා වෙත දුෂ්ට සිත් ඇති උකුස්සෙක් පැමිණ මා නැසී ය.
Pali BJT6040. තතො චුතොහං තුසිතෙ අනුභොත්වා මහාසුඛං, මනුස්සයොනිමාගච්ඡිං තස්ස කම්මස්ස වාහසා.
Sinhala BJT6040. මම එයින් සැව ඒ කර්‍මයාගේ බලයෙන් තුෂිත දෙව්ලොව මහත් සැප අනුභව කොට මිනිසත් බවට පැමිණියෙමි.
Pali BJT6041. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතංවරො.
Sinhala BJT6041. මෙම මහාභද්‍රකල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහි වූ මහත් යශස් ඇති, වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ බුදුරජතෙම ලොව පහළ විය.
Pali BJT6042. සාසනං ජොතයිත්වා සො අභිභුය්ය කුතිත්ථියෙ, විනයිත්වාන වෙනෙය්යෙ නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT6042. උන්වහන්සේ සසුන බබුළුවා මිථ්‍යාතීර්‍ත්‍ථයකයන් මැඩ විනෙයජනයන් හික්මවා ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුරජානන්වහන්සේ පිරිනිවි සේක.
Pali BJT6043. නිබ්බුතෙ තම්හි ලොකග්ගෙ පසන්නා ජනතා බහු, පූජනත්ථාය බුද්ධස්ස ථූපා කුබ්බන්ති සත්ථුනො.
Sinhala BJT6043. උන්වහන්සේ පිරිනිවි කල්හි පැහැදුනා වූ බොහෝ දෙන ඒ ශාස්තෲ වූ බුදුරජානන් වහන්සේට පූජා පිණිස සෑයක් කරවත්.
Pali BJT6044. සත්තයොජනිකං ථූපං සත්තරතනභූසිතං, කරිස්සාම මහෙසිස්ස ඉච්චෙවං මන්තයන්ති තෙ.
Sinhala BJT6044. මහර්ෂි වූ බුදුරජුන්හට සත්රුවනින් අලඞ්කෘත වූ සත්යොදුන් සෑයක් කරන්නෙමු’ යි මෙසේ ඔහු මන්ත්‍රණය කරත්.
Pali BJT6045. කිකිනො කාසිරාජස්ස තදා සෙනාය නායකො, හුත්වාහං අප්පමාණස්ස පමාණං චෙතියෙ වදිං.
Sinhala BJT6045. එකල්හි මම කිකීනම් කාසිරජුගේ සේනාවෙහි නායක ව චෛත්‍යයෙහි ප්‍රමාණය අප්‍රමාණ (විශාල) බව කීමි.
Pali BJT6046. තදා තෙ මම වාක්යෙන චෙතියං යොජනුග්ගතං, අකංසු නරවීරස්ස නානාරතනභූසිතං.
Sinhala BJT6046. එකල්හි මාගේ වචනය නිසා ඔහු බුදුරජුන්ගේ චෛත්‍යය (සත් යොදුනක් නොව) යොදුනක් උසට නොයෙක් රත්නයෙන් අලඞ්කාර කොට කළාහුය.
Pali BJT6047. තෙන කම්මෙන කතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT6047. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT6048. පච්ඡිමෙ ච භවෙ’දානි ජාතො සෙට්ඨිකුලෙ අහං, සාවත්ථියං පුරවරෙ ඵීතෙ මහද්ධනෙ.
Sinhala BJT6048. මම දැන් මේ පශ්චිම භවය පැමිණි කල්හි සැවැත් පුරවරයෙහි සමෘද්ධ වූ පිරුණා වූ මහත් ධන ඇති සිටුකුලයෙක උපන්නෙමි.
Pali BJT6049. පුරප්පවෙසෙ සුගතං දිස්වා විම්හිතමානසො, පබ්බත්වාජින න චිරං අරහත්තමපාපුණිං.
Sinhala BJT6049. නුවරදොර බුදුරජුන් දැක විස්මය පත් සිත් ඇත්තෙම් පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පැමිණියෙමි.
Pali BJT6050. චෙතියස්ස පමාණං යං අකරිං තෙන කම්මුනා, ලකුණ්ටකසරීරොහං ජාතො පරිභවාරහො.
Sinhala BJT6050. චෛත්‍යයාගේ (විශාලත්‍වය අඩු කොට) යම් ප්‍රමාණයක් කෙළෙම් ද, ඒ කර්‍මය හේතු කොට ගෙණ මම නින්‍දාවට සුදුසු වූ මිටි සිරුරු ඇත්තෙම් වීමි.
Pali BJT6051. සරෙන මධුරෙනාහං පූජෙත්වා ඉසිසත්තමං, මඤ්ජුස්සරානං භික්ඛූනං අග්ගත්තමනුපාපුණිං.
Sinhala BJT6051. මම මධුර ස්වරයෙන් බුදුරජුන් පුදා මධුරස්වර ඇති භික්‍ෂූන් අතුරෙන් අගතැන්පත් බවට පැමිණියෙමි.
Pali BJT6052. ඵලදානෙන බුද්ධස්ස ගුණානුස්සරණෙන ච, සාමඤ්ඤඵලසම්පන්නො විහරාමි අනාසවො.
Sinhala BJT6052. බුදුරජුන්හට අඹපල දීමෙන් ද බුදුගුණ සිහිකිරීමෙන් ද (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) ශ්‍රාමණ්‍ය ඵලයන්ගෙන් යුක්ත වූයෙම් ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT6053. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6053. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT6054. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6054. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT6055. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6055. සිවු පිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ලකුණ්ටකභද්දියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ලකුණ්ටකභද්දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTලකුණටකභද්දියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTලකුණ්ටකභද්දියස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT542. කඞ්ඛාරෙවතත්ථෙරාපදානං
Sinhala BJT542. කඞ්ඛාරේවත ස්ථවිරාවදානය
Pali BJT6056. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT6056. මෙයින් සියක් දහස්වන කපෙහි සියලු ධර්‍මයන් විෂයයෙහි (විනිවිද දක්නා සුලු) නුවණැස් ඇති ලෝකනායක වූ පදුමුත්තර බුදුරජ තෙමේ ලොව පහළ විය.
Pali BJT6057. සීහහනු බ්රහ්මගිරො හංසදුන්දූභිනිස්සරො{1}, නාගවික්කන්තගමනො චන්දසූරාධිකප්පභො{2}.
Sinhala BJT6057. (ඒ සර්‍වඥ තෙම) සිංහයකුගේ හණු බඳු පිරුණු හණු ඇත්තේ ය. (අෂ්ටාඞ්ගසමුපේත) බ්‍රහ්මස්වර ඇත්තේ ය. හස්බෙර හඬ බඳු හඬ ඇත්තේ ය. හස්තියෙකුගේ ගමනට බඳු ගමන් ඇත්තේ ය. සඳහිරු පැහැයට අධික වූ පැහැ ඇත්තේ ය.
Pali BJT6058. මහාමතී මහාවීරො මහාඣායී බහාබලො,{3} මහාකාරුණිකො නාථො මහාතමපනූදනො{4}.
Sinhala BJT6058. මහනුවණැත්තේ ය. මහාවීර්‍ය්‍ය ඇත්තේ ය. මහත් වූ ධ්‍යාන ඇත්තේ ය. මහත් බල ඇත්තේ ය. මහා කරුණා ඇත්තේ ය. අනාථයනට නාථ ය. මහත් වූ මොහඳුර නසන්නේ ය.
Pali BJT6059. සකදාචි තිලොකග්ගො වෙනෙය්යෙ විනයං බහු,{1} ධම්ම දෙසෙසි සම්බුද්ධො සත්තාසයවිදූ මුනි.
Sinhala BJT6059. සත්ත්‍වයන්ගේ ආශයානුශය දන්නා වූ, තිලොවට අග්‍ර වූ, මෝනෙය්‍ය ගුණයුත්, ඒ සම්බුදු රජතෙම කිසි කලෙක්හි බොහෝ වෛනෙය ජනයන් හික්මවමින් දහම් දෙසී ය.
Pali BJT6060. ඣායිං ඣානරතං වීරං උපසන්තං අනාවිලං, වණ්ණයන්තො පරිසතිං තොසෙසි{2} ජනතා ජිනො.
Sinhala BJT6060. ඒ බුදුරජතෙමේ ධ්‍යාන කරණසුලු වූ ධ්‍යානයෙහි ඇලුනා වූ උපශාන්ත වූ නො කැළඹුනා වූ වීර වූ ශ්‍රාවකයෙකු පිරිස් මැදදී (ධ්‍යානකරන්නවුනට අග්‍ර ය යි.) වර්‍ණනා කරමින් ජනසමූහයා සතුටු කරවී ය.
Pali BJT6061. තදාහං හංසවතියං බ්රාහ්මණො වෙදපාරගූ, ධම්මං සුත්වාන මුදිතො තං ඨානමභිපත්ථයිං.
Sinhala BJT6061. එකල්හි මම හංසවතී නගරයෙහි වේදයෙහි තෙරපත් බමුණෙක් වීමි. ඒ ධර්‍මය අසා සතුටු වූයෙම් එකී තනතුර පැතීමි.
Pali BJT6062. තදා ජිනො වියාකාසි සඞ්ඝමජ්ඣෙ විනායකො, මුදිතො හොහි ත්වං බ්රහ්මෙ ලච්ඡසෙ තං මනොරථං.
Sinhala BJT6062. එකල්හි විශිෂ්ට නායක වූ බුදුරජ තෙමේ සඟමැද (මෙසේ) පැවසී ය: “බමුණ, තුටු වනු මැනව. ඒ චිත්තාභිලාෂය (සමෘද්ධව) ලබනෙහි ය.
Pali BJT6063. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT6063. මෙයින් මතු සියදහස් වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT6064. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, රෙවතො නාම නාමෙන හෙස්සසි{3} සත්ථුසාවකො.
Sinhala BJT6064. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් රේවත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT6065. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහි තාවතිසමගච්ඡහං.
Sinhala BJT6065. මැනවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
Pali BJT6066. පච්ඡිමෙ ච භවෙ දානි ජාතොහං කොලියෙ පුරෙ, ඛත්තියෙ කුලසම්පන්නෙ ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
Sinhala BJT6066. මම දැන් පශ්චිමභවය පැමිණි කල්හි කෝලිය නගරයෙහි කුලවත් වූ සමෘද්ධ වූ සම්පූර්‍ණ වූ මහත් ධන ඇති ක්‍ෂත්‍රියවංශයෙහි උපන්මි.
Pali BJT6067. යදා කපිලවත්ථුස්මිං බුද්ධො ධම්මමදෙසයි, තදා පසන්නො සුගතෙ පබ්බජිං අනගාරියං.
Sinhala BJT6067. යම් කලෙක්හි (ගෞතම) බුදුරජතෙමේ කපිලවාස්තුනගරයෙහි දහම් දෙසී ද, එකල්හි බුදුරජුන් කෙරෙහි පැහැදුනෙම් අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි.
Pali BJT6068. කඞ්ඛා මෙ බහුලා ආසි කප්පාකප්පෙ තහිං තහිං, සබ්බං තං විනයී බුද්ධො දෙසෙත්වා ධම්මමුත්තමං.
Sinhala BJT6068. ඒ ඒ තන්හි දී කැප - නො කැප දැයෙහි මාගේ සැකය බහුල වීය. බුදුරජහු උතුම් දහම් දෙසා ඒ (වැරදි අදහස්) සියල්ල නැති කළ සේක.
Pali BJT6069. තතොහං තිණ්ණසංසාරො සදා ඣානසුඛෙ රතො, විහරාමි තදා බුද්ධො මං දිස්වා එතදබ්රවි:
Sinhala BJT6069. ඉක්බිති මම තරණය කරණ ලද සසර සයුරු ඇත්තෙම් හැම කල්හි දැහැන්සුවයෙහි ඇලුනෙම් වෙසෙමි. එකල්හි බුදුරජහු මා දැක මෙය වදාළ සේක:
Pali BJT6070. යං කාචි කඞ්ඛා ඉධ වා හුරං වා, සකවෙදියා වා පරවෙදියා වා: යෙ ඣායිනො තා පජහන්ති සබ්බා ආතාපිනො බ්රහ්මචරියං චරන්තා.
Sinhala BJT6070. ධ්‍යාන කරන්නා වූ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ බඹසරෙහි හැසිරෙන්නා වූ යම් කෙනෙක් වෙත් නම් (ඔහු) මෙලෙව්හි හෝ පරලෙව්හි හෝ යම්කිසි සැකයෙක් වේ ද, ඒ සියල්ල සිය දැනුමෙන් හෝ මෙරමා දැනුමෙන් හෝ දුරු කෙරෙත්.
Pali BJT6071. සතසහස්සෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයී{1} මම.
Sinhala BJT6071. මෙයින් සියක්දහස් වන කපෙහි කරණ ලද මාගේ කර්‍මය මෙහි දී විපාක දැක්වී ය. දුන්නෙන් මනාව මිදීගිය හීසැරයක් මෙන් මාගේ කෙලෙස් දැවී ය.
Pali BJT6072. තතො ඣානරතං දිස්වා බුද්ධො ලොකන්තගූ මුනි, ඣායීනං භික්ඛූනං අග්ගො පඤ්ඤාපෙසි{2} මහාමති.
Sinhala BJT6072. ඉක්බිති ලෝකාන්තයට ගිය මෝනෙය්‍ය ගුණ යුත් මහනුවණැති බුදුරජ තෙම ධ්‍යානයෙහි ඇලුනා වූ මා දැක ධ්‍යාන කරන්නා වූ භික්‍ෂූන් අතුරෙන් අග්‍ර යයි (අග්‍රස්ථානයෙහි) තැබී ය.
Pali BJT6073. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT6073. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT6074. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6074. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT6075. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT6075. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කඞ්ඛාරෙවතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කඞ්ඛාරේවත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකඞ්ඛාරෙවතත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTකඞ්ඛාරේවත ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT543. සීවලිත්ථෙරාපදානං
Sinhala BJT543. සීවලී ස්ථවිරාවදානය
Pali BJT6076. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
Sinhala BJT6076. මෙයින් සියක්දහස් වන කපෙහි ලෝකනායක වූ සියලු ධර්‍මයන්හි (විනිවිද දක්නා සුලු) නුවණැස් ඇති පදුමුත්තර නම් බුදුරජ තෙම ලොව පහළ විය.
Pali BJT6077. සීලං තස්ස අසඞ්ඛෙය්යං සමාධි වජිරූපමො, අසඞ්ඛෙය්යං ඤාණවරං විමුත්ති ච අනූපමා.
Sinhala BJT6077. උන්වහන්සේගේ ශීලය සඞ්ඛ්‍යා රහිත ය. සමාධිය (බිඳිය නොහැකි බැවින්) වජ්‍රයක් (දියමන්තියක්) මෙනි. උතුම් වූ ඥානය ද පමණ කළ නො හැකිය. විමුක්තිය ද උපමා රහිත ය.
Pali BJT6078. මනුජාමරනාගානං බ්රහ්මානං ච සමාගමෙ, සමණබ්රාහ්මණාකිණ්ණෙ ධම්මං දෙසෙසි නායකො.
Sinhala BJT6078. ලෝකනායක වූ බුදුරජ තෙම මහණ බමුණන්ගෙන් ගැවසී ගත් මිනිස් දෙව් නා බඹ යන මොවුන්ගේ සමාගමයෙහි දහම් දෙසී ය.
Pali BJT6079. සසාවකං මහාලාභිං පුඤ්ඤවන්තං ජුතින්ධරං, ඨපෙසි එතදග්ගම්හි පරිසාසු විසාරදො.
Sinhala BJT6079. පිරිස්හි විශාරද වූ බුදුරජ තෙමේ පින්වත් වූ පුණ්‍යශෝභා ඇති මහත් ලාභ ලබන්නා වූ සිය සව්වකු අග්‍රස්ථානයෙහි තැබී ය.
Pali BJT6080. තදාහං ඛත්තියො ආසිං නගරෙ හංසසව්හයෙ, සුත්වා ජිනස්ස තං වාක්යං සාවකස්ස ගුණං බහුං.
Sinhala BJT6080. එකල්හි මම හංසවතී නගරයෙහි ක්‍ෂත්‍රියයෙක් වීමි. (එකී) ශ්‍රාවකයාගේ බොහෝ ගුණ (පවසන) බුදුරජුන්ගේ ඒ වචනය අසා-
Pali BJT6081. නිමන්තයිත්වා සත්තාහං භොජයිත්වා සසාවකං, මහාදානං දදිත්වාන තං ඨානමභිපත්ථයිං.
Sinhala BJT6081. ශ්‍රාවකයන් සහිත බුදුරජුන් පවරා සතියක් වළඳවා මහදන් දී එම තනතුර පැතීමි.
Pali BJT6082. තදා මං විනතං පාදෙ දිස්වාන පුරිසාසභො, සුස්සරෙන මහාවීරො ඉදං වචනමබ්රවී:
Sinhala BJT6082. එකල්හි පුරුෂශ්‍රේෂ්ඨ වූ මහාවීර වූ (බුදුරජ තෙම) පාමුල වැඳගෙන නැමුනා වූ මා දැක මිහිරි ස්වරයෙන් මෙම වචනය කී ය:
Pali BJT6083. තතො ජිනස්ස වචනං සොතුකාමා මහාජනා, දෙවදානවගන්ධබ්බා බ්රහ්මානො ච මහිද්ධිකා.
Sinhala BJT6083. ඉක්බිති බුදුරජුන්ගේ වචනය අසනු කැමැති මහජනයා ද, දිව්‍යාසුරගන්‍ධර්‍වයෝ ද, මහත් ඍද්ධි ඇති බ්‍රහ්මයෝ ද, -
Pali BJT6084. සමණබ්රාහ්මණා චෙව නමස්සිංසු කතඤ්ජලී, නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම.
Sinhala BJT6084. මහණබමුණෝ ද කරණ ලද ඇඳිලි ඇත්තාහු පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා; පුරුෂෝත්තමයාණන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේව යි වැන්දාහු ය.
Pali BJT6085. ඛත්තියෙන මහාදානං දින්නං සත්තාහිකං හි වො,{1} සොතුකාමා ඵලං තස්ස ව්යාකරොහි මහාමුනෙ.
Sinhala BJT6085. ඔබවහන්සේට සතියක් මුළුල්ලෙහි මේ ක්‍ෂත්‍රියයා විසින් මහාදානයක් දෙනලදි. මහාමුනීන්වහන්ස ඔහුගේ කර්‍මවිපාකය අසනු කැමැත්තෝ වෙමු. පවසනු මැනැවැ” යි කීහ.
Pali BJT6086. තතො අවොච භගවා සුණාථ මම භාසිතං, අප්පමෙය්යම්හි බුද්ධම්හි සඞ්ඝම්හි සුප්පතිට්ඨිතා.{2}
Sinhala BJT6086-6087. ඉක්බිති භාග්‍යවත් තෙමේ (මෙසේ) වදාළේ ය: “මාගේ වචනය අසවු. දක්‍ෂිණා තොමෝ අපමණ වූ ගුණ ඇති බුදුරජුන් කෙරෙහි ද, සඞ්ඝයා කෙරෙහි ද, මැනැවින් පිහිටියා ය. ඒ දක්‍ෂිණාවගේ (විපාකය) පවසන්නේ කවරෙක් ද? ඕ තොමෝ අප්‍රමේය වූ විපාක ඇත්තී ය. එතෙකුදු වුවත් මේ මහාභාග්‍ය ඇති ක්‍ෂත්‍රිය තෙමේ උතුම් තනතුරක් පතයි.
Pali BJT6087. දක්ඛිණා තාය කො වත්තා අප්පමෙය්යඵලා හි සා, අපිචෙස මහාභොගො ඨානං පත්ථෙති උත්තමං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6088. ලාභී විපුල්ලාභානං යථා භික්ඛු සුදස්සනො, තථාහම්පි භවෙය්යන්ති ලච්ඡතෙතං අනාගතෙ.
Sinhala BJT6088. මහත්ලාභ ඇතියවුන් අතුරෙන් අග්‍රලාභී වූ සුදර්‍ශන භික්‍ෂු තෙමේ යම්සේ ද, මම ද එසේ ම වෙම්වා (යනු ඔහුගේ පැතුමයි). මතු කාලයෙහි මෙ තනතුර (හෙතෙම) ලබන්නේ ය.
Pali BJT6089. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT6089. මෙයින් මතු සියක්දහස් වන කපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ, නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT6090. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සීවලි නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT6090. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ, ඖරසපුත්‍ර වූ නමින් සීවලී නම් ශාස්තෘ ශ්‍රාවකයෙක් වන්නේ ය.”
Pali BJT6091. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසූපගො අහං.
Sinhala BJT6091. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙන ද, චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව් ලොවට (උත්පත්ති වශයෙන්) එළඹියෙම් වෙමි.
Pali BJT6092. එකනවුතෙ ඉතො කප්පෙ විපස්සී ලොකනායකො, උප්පජ්ජි චාරුනයනො{3} සබ්බධම්මවිපස්සකො.
Sinhala BJT6092. මෙයින් එක් අනූවන කපෙහි මනෝඥ ඇස් ඇති සියලු දතයුතු ධර්‍මයන් වෙසෙසින් දක්නාසුලු වූ, ලෝකනායක වූ විපස්සී බුදුරජ තෙමේ ලොව පහළ විය.
Pali BJT6093. තදාහං බන්ධුමතියං කුලස්සඤ්ඤතරස්ස ච, දයිතො පත්ථිතො චෙව{4} ආසිං කම්මන්තව්යාවටො{5}.
Sinhala BJT6093. එකල්හි මම බන්‍ධුමතී නගරයෙහි එක්තරා කුලයෙක (නෑයන් විසින් කරණ ලද) දයාව ඇත්තා වූ (දෙමාපියන් විසින්) ප්‍රාර්‍ත්‍ථනා කොට ලබන ලද්දා වූ පුතෙක් ව කර්‍මාන්තයන්හි ව්‍යාපෘත විමි.
Pali BJT6094. තදා අඤ්ඤතරො පූගො විපස්සිස්ස මහෙසිනො, පරිවෙසං අකාරෙසි{6} මහන්තමතිවිස්සුතං.
Sinhala BJT6094. එකල්හි එක්තරා උපාසක සමූහයක් විපස්සී බුදුරජුන් හට ඉතා ප්‍රකට වූ මහදනක් පැවැත්වී ය.
Pali BJT6095. නිට්ඨිතෙ ච මහාදානෙ දදං{7} ඛජ්ජකසංහිතං{8}, නවං දධිං මධුං චෙව විචිනං නෙව අද්දස{9}.
Sinhala BJT6095. මහදන් නිමි කල්හි ද ඛාද්‍ය වර්‍ග දෙන්නේ අළුත් දිහි ද මී ද සොයමින් නො ම දිටී.
Pali BJT6096. තදාහං තං ගහෙත්වාන නවං දධිං මධුම්පි ච, කම්මස්සාමිඝරං ගච්ඡිං තමෙසන්තා මමද්දසුං.
Sinhala BJT6096. එකල්හි මම ඒ අළුත් දී හා කැටිමී ද ගෙණ කර්‍මාන්ත ස්වාමියාගේ ගෙට ගියෙමි. ඒ අළුතු දී හා කැටි මී සොයන්නාහු මා දුටුවාහු ය.
Pali BJT6097. සහස්සම්පි දත්වාන නාලභිංසු ච තං ද්වයං, තතොහං එවං චින්තෙසිං නෙතං හෙස්සති ඔරකං.
Sinhala BJT6097. දහසකුදු දී මගෙන් ඉල්වා ඒ දෙක ඔවුහු නො ලැබුවාහු ය. එයින් “මෙය අල්පවූවක් නො වන්නේ ය”යි මම සිතීමි.
Pali BJT6098. යථා ඉමෙ ජනා සබ්බෙ සක්කරොන්ති තථාගතං, අහම්පි කාරං කස්සාමි සසඞ්ඝෙ ලොකනායකෙ.
Sinhala BJT6098. යම්සේ මේ සියලු ජනයෝ තථාගතයන් වහන්සේට සත්කාර කෙරෙත් ද, මම ද ශ්‍රාවක සඞ්ඝයා සහිත වූ ලෝකනායක බුදුරජුන් කෙරෙහි සත්කාරයක් කරන්නෙමි යි සිතීමි.
Pali BJT6099. තදාහමෙවං චින්තෙත්වා දධිං මධුඤ්ච එකතො, මද්දිත්වා ලොකනාථස්ස සසඞ්ඝස්ස අදාසහං.
Sinhala BJT6099. එකල්හි මම මෙසේ සිතා දී ද මී ද එකට යොදා සඞ්ඝයා සහිත වූ ලෝකනාථයන් වහන්සේට දුනිමි.
Pali BJT6100. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT6100. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව් ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT6101. පුනාහං බාරාණසියං රාජා හුත්වා මහායසො, සත්තුකස්ස තදා රුට්ඨො{1} ද්වාරරොධං අකාරයිං.
Sinhala BJT6101. මම නැවත බරණැස් නුවර මහත් යස පිරිවර ඇති රජෙක් ව එකල්හි සතුරු රජකුට කිපියෙම් නුවරින් පිට විය නො හැකි සේ දොර වස්වා ලීමි.
Pali BJT6102. තදා සපත්තිනො{2} රුද්ධා සත්තාහං{3} රක්ඛිතා අහුං, තතො තස්ස විපාකෙන පපතිං{4} නිරයං භුසං.
Sinhala BJT6102. එකල අවුරන ලද සතුරෝ සත්දිනක් (හිරකොට) රක්නා ලද්දාහු ය. ඒ කර්‍මයාගේ විපාකය කරණ කොට ගෙන දැඩි වූ නිරය දුකට වැටුනෙමි.
Pali BJT6103. පච්ඡිමෙ ච භවෙ දානි ජාතොහං කොලියෙ පුරෙ, සුප්පවාසා ච මෙ මාතා මහාලිලිච්ඡවී පිතා.
Sinhala BJT6103. මම දැන් අන්තිම ජාතියෙහි කෝලියනගරයෙහි උපන්නෙම් වෙමි. මාගේ මවු තොමෝ සුප්පවාසා (රජමෙහෙසිය) ය. පිය තෙමේ මහාලි ලිච්ඡවි රජ තෙමේ ය.
Pali BJT6104. ඛත්තියෙ පුඤ්ඤකම්මෙන ද්වාරරොධස්ස වාහසා, සත්තවස්සානි නිවසිං මාතුකුච්ඡිම්හි දුක්ඛිතො.
Sinhala BJT6104. කුශලකර්‍මබලයෙන් කැත්කුලයෙහි (උපන්මි). නුවර දොර වැස්වූ අකුශලකර්‍මබලයෙන් සත්හවුරුද්දක් මවුකුසෙහි දුක්ඛිතව විසීමි.
Pali BJT6105. සත්තාහං ද්වාරමූළ්හොහං මහාදුක්ඛසමප්පිතො, මාතා මෙ ඡන්දදානෙන එවමාසි සුදුක්ඛිතා.
Sinhala BJT6105. මම සතියක් මූඪගර්‍භ ව මහදුකින් යුක්ත වීමි. මාගේ මවුතොමෝ (නුවර දොර වැසීමට) කැමැත්ත දීම හේතු කොට ගෙණ මෙසේ අතිශයින් හටගත් දුක් ඇති වූ ය.