Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 701-800 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT663. සක්යානං කුලකෙතුස්ස ඤාතිබන්ධු භවිස්සති, ආනන්දො නාම නාමෙන උපට්ඨාකො මහෙසිනො.
Sinhala BJT663. ශාක්‍යකුලයට ධජයක් වැනි වූ මහාවීර වූ බුදුරජානන් වහන්සේගේ ඥාති වූ (මෙතෙම) ආනන්‍ද නම් උපස්ථායකයා වන්නේ ය.
Pali BJT664. ආතාපී නිපකො චාපි{5} බාහුසච්චෙසු කොවිදො, නිවාතවුත්තී අත්ථද්ධො සබ්බපාඨි භවිස්සති.
Sinhala BJT664. කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති ප්‍රඥාවත් වූ බහුශ්‍රැතභාවයෙහි දක්‍ෂ වූ නිහතමාන පැවැතුම් ඇති තදබැවින් තොර ත්‍රිපිටකධාරියෙක් වන්නේ ය.
Pali BJT665. පධානපහිතත්තො සො උපසන්තො නිරූපධි, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො”.
Sinhala BJT665. වීර්‍ය්‍යය කිරීමෙහි මෙහෙයනලද සිත් ඇති හෙතෙම උපශාන්ත වූයේ උපධි රහිත වූයේ සියලු ආශ්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”.
Pali BJT666. සන්ති ආරඤ්ඤකා නාගා කුඤ්ජරා සට්ඨිහායනා, තිධා පභින්නමාතඞ්ගා ඊසාදන්තා උරූළ්හවා.
Sinhala BJT666. (යම් සේ) අරණෙහි උපතින් සැටවස් ඉක්ම ගිය ත්‍රිමද ගලිත වූ මාතඞ්ගහස්තිකුලයෙහි උපන්නා වූ මහත් දළ ඇති රාජවාහන වූ ඇත්තු වෙත් ද,–
Pali BJT667. අනෙකසතසහස්සා පණ්ඩිතාපි මහිද්ධිකා, සබ්බෙ තෙ බුද්ධනාගස්ස න හොන්තු’පනිධිම්හි තෙ{6}.
Sinhala BJT667. (එසේ ම) පණ්ඩිත වූ ද මහා ඍද්ධිමත් වූ ද නොයෙක් ලක්‍ෂගණන් රහත් නාගයෝ වෙත් නම්, ඒ සියල්ලෝ බුද්ධනාගයන් වහන්සේට ලං කොට තැබීමෙහි දී (සම) නො වෙත්.
Pali BJT668. ආදියාමෙ නමස්සාමි මජ්ඣිමෙ අථ පච්ඡිමෙ, පසන්නචිත්තො සුමනො බුද්ධසෙට්ඨං උපට්ඨහිං.
Sinhala BJT668. පෙරයම්හි ද මැදියම්හි ද පැසුළුයම්හි ද නමස්කාර කරන්නෙමි. පහන් සිත් ඇත්තෙම් තුටු වූයෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹ සිටියෙමි.
Pali BJT669. ආතාපී නිපකො චාපි සම්පජානො පතිස්සතො, සොතාපත්තිඵලම්පත්තො සෙක්ඛභූමීසු කොවිදො.
Sinhala BJT669. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයෙම් පැණවත් වූයෙම් මනා දැනුම් ඇත්තෙමි සිහියෙන් යුතු වූයෙම් ශෛක්‍ෂභූමියෙහි දක්‍ෂ වූයෙම් සෝවාන් පලයට පැමිණියෙම් වෙමි.
Pali BJT670. කප්පෙ’තො සතසහස්සෙ යං කම්මමභිනීහරිං, තා’හං භූමිමනුප්පත්තො ඨිතො සද්ධම්මමාචලො{1}.
Sinhala BJT670. මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර යම් කර්‍මයක් (කොට යමක්) ප්‍රාර්‍ත්‍ථනා කෙළෙම් නම්, මම ඒ පදවියට පැමිණියෙම් සසුනෙහි නිශ්චල ව සිටියෙම් වෙමි.
Pali BJT671-673. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT671-673. කෙලෙස් දවනලදී –පෙ– බුදුරජානන් වහන්සේගේ අනුශාසනය කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආනන්දො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
Pali BJTආනන්දත්ථෙරාපදානං දසමං.
Sinhala BJTදසවැනි වූ ආනන්‍දස්ථවිරාවදානය යි.
Pali BJTබුද්ධවග්ගො පඨමො
Sinhala BJTපළමුවැනි බුද්ධවර්‍ගය යි.
Pali BJTඋද්දානං:
Sinhala BJT(එහි අපදාන) නාමාවලිය:
Pali BJTබුද්ධො පච්චෙකබුද්ධො ච{2} සාරිපුත්තො ච කොලිතො, කස්සපො අනුරුද්ධො ච පුණ්ණත්ථෙරො උපාලි ච. අඤ්ඤාසිකොණ්ඩඤ්ඤා පිණ්ඩොලො රෙවතා’නන්දපණ්ඩිතො. ඡසතානි ච පඤ්ඤාස ගාථායො සබ්බපිණ්ඩිතා.
Sinhala BJTබුදු පසේබුදු හා – සැරියුත් කෝලිත කසුප්, අනුරුදු පුණු උපාලි – අඤ්ඤාකොණ්ඩඤ්ඤ ද, පිඬොල්බරදැජ රේවත – පඬිඅනඳ යන සිරිතුදු; සසිය පණසක් ගා වෙයි – එහැම පිඬු කොට දැක්වූ.
Pali BJT2. සිහාසනදායකවග්ගො
Sinhala BJT2. සිංහාසනදායක වර්‍ගය
Pali BJT11. සීහාසනදායකත්ථෙරාපදානං
Sinhala BJT11. සිංහාසනදායක ස්ථවිරාවදානය
Pali BJT674. නිබ්බුතෙ ලොකනාථම්හි සිද්ධත්ථෙ දිපදුත්තමෙ, විත්ථාරිතෙ පාවචනෙ බාහුජඤ්ඤම්හි සාසනෙ.
Sinhala BJT674-675. ලෝකනාථ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරදුන් පිරිනිවි කල්හි ත්‍රිපිටක ධර්‍මය පැතිර ගිය කල්හි බොහෝ ජනයා විසින් මැනැවැයි දන්නාලද සසුනෙහි මම පහන් සිතැත්තෙම් තුටු වූයෙම් සිහසුනක් කෙළෙමි. (එසේ ම) මම සිහසුන කොට පාපුටුවක් ද කෙළෙමි.
Pali BJT675. පසන්නචිත්තො සුමනො සීහාසනමකාස’හං, සීහාසනං කරිත්වාන පාදපිඨමකාස’හං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT676. සීහාසනෙ ච වස්සන්තෙ ඝරං තත්ථ අකාස’හං, තෙන චිත්තප්පසාදෙන තුසිතං උපපජ්ජ’හං.
Sinhala BJT676. සිහසුන තෙමෙන කල්හි මම එහි ආවරණයට ගෘහයක් ද කෙළෙමි. මම ඒ සිත පැහැදවීම හේතු කොට ගෙණ තුසිතභවනයෙහි උපනිමි.
Pali BJT677. ආයාමෙන චතුබ්බීසයොජනං ආසි තාවදෙ, විමානං සුකතං මය්හං විත්ථාරෙන චතුද්දස{1}.
Sinhala BJT677. එ කෙණෙහි දිගින් සූවිසියොදුන් වූ පුළුලින් තුදුස්යොදුන් වූ මැනැවින් කරණ ලද විමානයක් මට (පහළ) වී ය.
Pali BJT678. සතං{2} කඤ්ඤාසහස්සානි පරිවාරෙන්ති මං සදා, සොණ්ණමයඤ්ච පල්ලඞ්කං ව්යම්හෙ ආසි සුනිම්මිතං.
Sinhala BJT678. දිව්‍යකන්‍යාවෝ ලක්‍ෂයක් හැම කල්හි මා පිරිවරත්. විමානයෙහි මැනවින් නිර්මිත කළ ස්වර්‍ණමයපර්‍ය්‍යඞ්කයෙක් වී ය.
Pali BJT679. හත්ථියානං අස්සයානං දිබ්බයානං උපට්ඨිතං, පාසාදා සිවිකා චෙව උප්පජ්ජන්ති{3} යදිච්ඡකං.
Sinhala BJT679. හස්තිවාහන ද අශ්වවාහන ද දිව්‍යවාහන ද එළඹ සිටියේ ය. කැමැති පරිදි ප්‍රාසාදයෝ ද සිවිකාවෝ (=දෝලා) ද පහළ වෙත්.
Pali BJT680. මණිමයා ච පල්ලඞ්කා අඤ්ඤෙ සාරමයා බහූ. නිබ්බත්තන්ති මමං සබ්බෙ සීහාසනස්සි’දං ඵලං.
Sinhala BJT680. මිණිමුවා පර්‍ය්‍යඞ්කයෝ ද අන්‍ය වූ (රුක්) හරමුවා බොහෝ පර්‍ය්‍යඞ්කයෝ ද යන සියල්ල මට පහළ වෙත්. සිංහාසනදානයාගේ මේ විපාකය යි.
Pali BJT681. සොණ්ණමයා රූපිමයා ඵළිකා වෙළුරියාමයා, පාදුකා අභීරූහාමි පාදපීඨස්සි’දං ඵලං.
Sinhala BJT681. රුවන්මුවා වූ ද, රිදීමුවා වූ ද, පළිඟුමුවා වූ ද, විදුරුමුවා වූ ද, පාදුකා (=පාවහන්) නගිමි (=පලඳිමි). පාදපීඨ (=පාපුටු) දානයාගේ මේ විපාකය යි.
Pali BJT682. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පුඤ්ඤකම්මස්සි’දං ඵලං.
Sinhala BJT682. එකල්හි (එනම්) මෙයින් සිවුඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (එම කර්‍මබලයෙන්) දුගතියක් නො දනිමි. මේ පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
Pali BJT683. තෙසත්තතිම්හිතො කප්පෙ ඉන්දනාමා තයො ජනා, ද්වෙසත්තතිම්හිතො කප්පෙ තයො සුමනනාමකා.
Sinhala BJT683. මෙයින් (පෙර) තෙසැත්තෑවැනි කපෙහි තුන්අත්බවෙක ඉන්‍ද්‍ර නම් (=සක්විති රජ) වීමි. (එසේම) මෙයින් දෙසැත්තෑවැනි කපෙහි සුමන නම් ඇති ව තෙවරක් ද,
Pali BJT684. සමසත්තනිම්හිතො කප්පෙ තයො වරුණනාමකා, සත්තරතනසම්පන්නා චතුදීපම්හි ඉස්සරා.
Sinhala BJT684. මෙයින් සමසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් සතර මහදිවයිනෙහි අධිපති වරුණ නම් ඇති ව තෙවරක් ද සක්විතිරජ වීමි.
Pali BJT685. පටිසම්භිදා චතස්සො ච -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT685. සිවුපිළිසිඹියාවෝ ද -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සීහාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සිංහාසනදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTසීහාසනදායකත්ථෙරාපදානං පඨමං.
Sinhala BJTසිංහාසනදායකස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT12. එකත්ථම්භිකත්ථෙරාපදානං.
Sinhala BJT12. ඒකත්‍ථම්භික ස්ථවිරාවදානය
Pali BJT686. සිද්ධත්ථස්ස භගවතො මහාපූග්ගණො අහු, සරණඞ්ගතා ච තෙ බුද්ධං සද්දහන්ති තථාගතං.
Sinhala BJT686. ‘සිද්ධාර්‍ත්‍ථ’ භාග්‍යවතුන් වහන්සේට මහත් වූ උපාසක සමූහයෙක් වී ය. ඔහු බුදුරජුන් සරණ ගියාහු තථාගතයන් වහන්සේ අදහත්.
Pali BJT687. සබ්බෙ සඞ්ගම්ම මන්තෙත්වා මාළං{4} කුබ්බන්ති සත්ථුනො, එකත්ථම්භං අලභන්තා විචිනන්ති බ්රහාවනෙ.
Sinhala BJT687. (ඒ) සියල්ලෝ එකතු ව මන්ත්‍රණය කොට බුදුරජානන් වහන්සේට උපට්ඨානසාලාවක් කෙරෙත්. (ඒ සඳහා) එක් ටැඹක් නො ලබන්නාහු මහවෙනෙහි සොයත්.
Pali BJT688. තෙ’හං අරඤ්ඤෙ දිස්වාන උපගම්ම ගණං තදා, අඤ්ජලිම්පග්ගහෙත්වාන පටිපුච්ඡිං ගණං අහං.
Sinhala BJT688. මම ඒ උවසුසමූහයා වනයෙහි දී දැක (එ ම) සමූහයා වෙත එළඹ ඇඳිලි බැඳගෙණ උවසුසමූහයාගෙන් (මෙසේ) විචාළෙමි.
Pali BJT689. තෙ මෙ පුට්ඨා වියාකංසු සීලවන්තො උපාසකා, මාළං{1} මයං කත්තුකාමා එකත්ථම්භො න ලබ්භති.
Sinhala BJT689. මා විසින් විචාරණ ලද ඒ සිල්වත් උවසුවෝ මෙසේ පැවසූහ: “අපි උපට්ඨානසාලාවක් කරණු කැමැත්තෙමු. (ඒ සඳහා) එක් ටැඹක් නො ලැබේ ය” (කියායි.)
Pali BJT690. “එකත්ථම්භං මමං දෙථ අහං දස්සාමි සත්ථුනො, ආහරිස්සාම’හං ථම්භං අප්පොස්සුක්කා භවන්තු වො.
Sinhala BJT690. එක් ටැඹ මට දෙවු. මම ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි. මම ටැඹ ගෙණ එන්නෙමි; භවත්හු (ඒ සඳහා) උත්සාහ නැත්තෝ වෙත්වා” යි (කීමි)
Pali BJT691. තෙ මෙ ථම්භං පවෙච්ඡිංසු පසන්නා තුට්ඨමානසා, තතො පටිනිවත්තිත්වා අගමිංසු සකං ඝරං.
Sinhala BJT691. පැහැදුනා වූ සතුටු සිත් ඇති ඔහු මට ටැඹ පැවරූහ. එ ම වනයෙන් පෙරළා ගොස් ස්වකීය ගෘහය ට පැමිණියාහු ය.
Pali BJT692. අචිරං ගතෙ පූග්ගණෙ ථම්භං අදාස’හං{2} තදා, හට්ඨො හට්ඨෙන චිත්තෙන පඨමං උස්සපෙස’හං
Sinhala BJT692. (උවසු) සමූහයා ගිය නොබෝ වේලාවකින් මම ටැඹක් දිනිමි. එකල්හි සතුට වූ මම සතුටු සිතින් (එය) පළමු කොට ම එසවීමි.
Pali BJT693. තෙන චිත්තප්පසාදෙන විමානං උපපජ්ජ’හං උබ්බිද්ධං භවනං මය්හං සතභූමං{3} සමුග්ගතං.
Sinhala BJT693. එ ම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ පැන නැගුනා වූ උස් වූ මහල් සියයක් ඇති මාගේ විමානයට මම (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT694. වජ්ජමානාසු භෙරීසු පරිචාරෙම’හං තදා, පඤ්චපඤ්ඤාසකප්පම්භි රාජා ආසිං යසොධරො.
Sinhala BJT694. එකල්හි බෙර වයද්දී මම (දෙව්පිරිස්) පිරිවරමි. (එයින්) පස්පණස්වන කපෙහි ‘යසෝධර’ නම් රජකේ වීමි.
Pali BJT695. තත්ථාපි භවනං මය්හං සතභූමං සමුග්ගතං, කූටාගාරවරූපෙතං එකත්ථම්භං මනොරමං.
Sinhala BJT695. එහි ද මට මහල් සියයක් ඇති උඩට නැගුනු උතුම් කුළු ගෙවලින් යුත් එක් ටැම් ඇති මනහර වූ භවනයෙක් වි ය.
Pali BJT696. එකවීසතිකප්පම්හි උදෙනො නාම ඛත්තියො, තත්රා’පි භවනං මය්හං සතභූමං සමුග්ගතං.
Sinhala BJT696. එක්විසිවන කල්පයෙහි ‘උදේන’ නම් ක්‍ෂත්‍රියයෙක් වීමි. එහි ද මට සියයක් මහල් ඇති උස් ව පැන නැංගා වූ භවනයෙක් වී ය.
Pali BJT697. යං යං යොනු’පපජ්ජාමි දෙවත්තං අථ මානුසං, අනුභොමි සුඛං සබ්බං{4} එකත්ථම්භස්සි’දං ඵලං.
Sinhala BJT697. යම් යම් දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ යෝනියක උපදිම් ද, සියලු සුව අනුභව කරමි. මෙය එක් ටැඹ පිදීමේ විපාකය යි.
Pali BJT698. චතුනවුතෙ ඉතො කප්පෙ යං ථම්භමද්දිං තදා, දුග්ගතිං නාභිජානාමි එකත්ථම්භස්සි’දං ඵලං.
Sinhala BJT698. (මෙයින්) සිවු අනූවනකපෙහි එකල යම් ටැඹක් දිනිම් ද, (එහෙයින්) දුගතියක් නො දනිමි. එක් ටැඹ පිදීමේ මේ විපාකය යි.
Pali BJT699. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT699. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකත්ථම්භිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ඒකත්‍ථම්භික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේක් යී.
Pali BJTඑකත්ථම්භිකත්ථෙරාපදානං දුතියං.
Sinhala BJTඒකත්‍ථම්භික ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT13. නන්දත්ථෙරාපදානං.{*}
Sinhala BJT13. නන්‍ද ස්ථවිරාවදානය
Pali BJT700. පදුමුත්තරස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, වත්ථං ඛොමං{5} මයා දින්නං සයම්භුස්ස මහෙසිනො.
Sinhala BJT700. ලෝකජ්‍යේෂ්ඨ වූ, තාදි (අටලෝදහමින් නො සැලෙන) ගුණ ඇති, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ, මහර්ෂි වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේට මා විසින් කොමු පිළියක් දෙන ලදී.
Pali BJT701. තං මෙ බුද්ධො වියාකාසි ජලජුත්තරනාමකො,{6} ඉමිනා වත්ථදානෙන හෙමවණ්ණො භවිස්සසි.
Sinhala BJT701. ඒ (වස්ත්‍රදායක වූ) මට පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක: “මේ වස්ත්‍රදානය කරණ කොට ගෙණ ස්වර්‍ණවර්‍ණ වන්නෙහි ය.
Pali BJT702. ද්වෙ සම්පත්ති අනුභොත්වා කුසලමූලෙහි චොදිතො, ගොතමස්ස භගවතො කනිට්ඨො ත්වං භවිස්සසි.
Sinhala BJT702. (දිව්‍ය මනුෂ්‍ය සඞ්ඛ්‍යාත) ද්විවිධ සම්පත් අනුභව කොට කුසල මූලයෙන් මෙහෙයන ලදුවහු ඔබ ගෞතම බුදුරජානන් වහන්සේගේ බාල සොහොයුරු වන්නහු ය.
Pali BJT703. රාගරත්තො සුඛසීලො කාමෙසු ගෙධමායුතො, බුද්ධෙන චොදිතො සන්තො තදා{1} ත්වං පබ්බජිස්සසි.
Sinhala BJT703. ක්ලේශකාමයෙන් ඇලුනහු (කාය - චිත්ත) සුඛයන් අනුභව කරණ ස්වභාවය ඇත්තහු, වස්තුකාමයන්හි ගිජු වූවහු, බුදුරජානන් වහන්සේ විසින් මෙහෙයන ලදුවහු, ශාන්ත වූවහු එකල්හි පැවිදි වන්නහු ය.
Pali BJT704. පබ්බජිත්වාන ත්වං තත්ථ කුසලමූලෙන චොදිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සස’නාසවො.
Sinhala BJT704. තෝ එහි පැවිදි ව කුසලමූලයන් විසින් මෙහෙයන ලදුයෙහි සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවෙන් දැන හැර දමා ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නෙහි ය” (කියායි).
Pali BJT705. සතකප්පසහස්සම්හි{2} චතුරො චෙලනාමකා, සට්ඨිකප්පසහස්සම්හි උපචෙලා චතුජ්ජනා.
Sinhala BJT705. මෙ කපින් පෙර එක්දහස් එක්සිය වන කපෙහි ‘චෙල’ නම් වූ සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ. එක්දහස් සැට වන කල්පයෙහි (සිවු ජාතියක) ‘උපචෙල’ නම් වූ සක්විතිරජවරු සිවු දෙනෙක් වූහ.
Pali BJT706. පඤ්චකප්පසහස්සම්හි චෙලාව චතුරො ජනා, සත්තරතනසම්පන්නා චතුදීපම්හි ඉස්සරා.
Sinhala BJT706. එක්දහස් පස් වන කපෙහි ‘චෙල’ නම් වූ ම (සක්විතිරජවරු) සිවුදෙනෙක් වූහ. ඔහු සත්රුවනින් යුක්ත වූවාහු සතර මහ දිවයිනෙහි අධිපති වූහ.
Pali BJT707. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT707. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නන්දො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ‘නන්‍ද’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTනන්දත්ථෙරස්සාපදානං තතියං.
Sinhala BJTනන්‍දස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT14. චුල්ලපන්ථකත්ථෙරාපදානං.
Sinhala BJT14. චුල්ලපන්‍ථක ස්ථවිරාවදානය
Pali BJT708. පදුමුත්තරො නාම ජිනො ආහුතීනං පටිග්ගහො, ගණම්හා වූපකට්ඨො සො හිමවන්තෙ වසී තදා.
Sinhala BJT708. එකල්හි පූජාවන් පිළිගන්නා වූ හෙවත් පූජාවනට ගෙයක් බඳු වූ පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ ගණ(=සමූහ)යා කෙරෙන් වෙන් වූ සේක් හිමවතෙහි විසූ සේක.
Pali BJT709. අහම්පි හිමවන්තම්භි වසාමි අස්සමෙ තදා, අචිරාගතං මහාවීරං උපෙසිං ලොකනායකං.
Sinhala BJT709. එකල්හි මම ද හිමවතෙහි අසපුවක වෙසෙමි. පැමිණි නොබෝ කල් ඇති ලෝකනායක වූ මහාවීරයන් (=බුදුරජානන්) වහන්සේ වෙත එළඹියෙමි.
Pali BJT710. පුප්ඵච්ඡත්තං ගහෙත්වාන උපගච්ඡිං නරාසභං, සමාධිං සමාපජ්ජන්තං අන්තරායමකාස’හං{3}.
Sinhala BJT710. මල්සතක් (=මල්කුඩයක්) ගෙණ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මම සමවතට සමවන් උන්වහන්සේගේ සමාධියට අන්තරායක් නො කෙළෙමි.
Pali BJT711. උභොහත්ථෙහි පග්ගය්හ පුප්ඵඡත්තං අදාස’හං, පටිග්ගහෙසි භගවා පදුමුත්තරො මහාමුනි.
Sinhala BJT711. මම දෑතින් ගෙණ මල්සත දුනිමි. මහාමුනි වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ (එය) පිළිගත් සේක.
Pali BJT712. සබ්බෙ දෙවා අත්තමනා හිමවන්තං උපෙන්ති{4} තෙ, සාධුකාරං පවත්තෙසුං{5} අනුමොදිස්සති චක්ඛුමා.
Sinhala BJT712. සතුටු වූ ඒ සියලු දෙවිවරු හිමවතට එළඹෙත්. “පසැස් ඇති බුදුරජ තෙම අනුමෝදනා කරන්නේ ය” යි සාධුකාර පැවැත්වූහ.
Pali BJT713. ඉදං වත්වාන තෙ දෙවා උපගච්ඡුං නරුත්තමං, ආකාසෙ ධාරයන්තං මෙ{1} පදුමච්ඡත්තමුත්තමං{2}.
Sinhala BJT713. ඒ දෙවිවරු මෙය කියා මාගේ පියුම් සත අහසෙහි දරන්නා වූ උතුම් වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියාහු ය.
Pali BJT714. සතපත්තඡත්තං{3} පග්ගය්හ{4} අදාසි තාපසො මමං, තම’හං කිත්තයිස්සාමි; සුණොථ මම භාසතො:
Sinhala BJT714. “(මේ)තවුස්තෙමේ පියුම්සතක් ගෙණ මට දුන්නේ ය. ඔහු පිළිබඳ ව මම (කරුණු) ප්‍රකාශ කරමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු” යී (මෙසේ බුදුහු වදාළහ).
Pali BJT715. පඤ්චවීසති කප්පානි දෙවරජ්ජං කරිස්සති, චතුත්තිංසතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT715. (මෙතෙම) පස්විසි වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. සූතිස් වරක් සක්විතිරජ ද වන්නේ ය.
Pali BJT716. යං යං යොනිං සංසරති දෙවත්තං අථ මානුසං, අබ්භොකාසෙ පතිට්ඨන්තං පදුමං ධාරයිස්සති.
Sinhala BJT716. (මෙතෙම) දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක සැරිසරා ද, අභ්‍යවකාශයෙහි (=එළිමහනෙහි) හුන්නේ පියුමක් (කුඩයක්) මෙන් දරන්නේ ය.
Pali BJT717. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලෙකෙ භවිස්සති.
Sinhala BJT717. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
Pali BJT718. පකාසිතෙ පාවචනෙ මනුස්සත්තං ලභිස්සති, මනොමයම්හි කායම්හි උත්තමො සො භවිස්සති.
Sinhala BJT718. උන්වහන්සේ පිටකත්‍රය ධර්‍මය දෙසූ කල්හි හෙතෙම මිනිසත් බව ලබන්නේ ය. මනෝමය වූ ශරීරනිර්‍මාණයෙහි අග්‍ර ද වන්නේ ය.
Pali BJT719. ද්වෙ භාතරො භවිස්සන්ති උභොපි පත්ථකව්හයා, අනුභොත්වා උත්තමත්ථං ජොතයිස්සන්ති සාසනං.
Sinhala BJT719. සොහොයුරෝ දෙදෙනෙක් වන්නාහු ය. දෙදෙන ම පන්‍ථක නම් වන්නාහු ය. උත්තමාර්‍ත්‍ථය වූ නිවණ ප්‍රතිවේධ කොට සසුන බබුලුවන්නාහු ය” (කියායි).
Pali BJT720. සො’හං අට්ඨාරසවස්සො{5} පබ්බජිං අනගාරියං, විසෙසා’හං න වින්දාමි සක්යපුත්තස්ස සාසනෙ.
Sinhala BJT720. ඒ මම අටළොස්වියැ’ත්තේ අනගාරිය නම් වූ සාසනයෙහි පැවිදි වීමි. මම ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි විශේෂාධිගමය (ධර්‍මාවබෝධය) ක් නො ලැබීමි.
Pali BJT721. දන්ධා මය්හං ගතී ආසි පරිභූතො පුරෙ අහුං{6}, භාතා ච මං පනාමෙසි: ගච්ඡ දානි සකං ඝරං.
Sinhala BJT721. මාගේ ගතිය (=ස්වභාවය) දන්‍ධ (=මෝඩ) වි ය. (මම) පළමු කොට ගරහන ලදුයෙම් වීමි. දැන් ස්වකීය ගෘහයට යව යි කියා මාගේ සොහොයුරා ද මා නෙරපා දැමී ය.
Pali BJT722. සො’හං පනාමිතො සන්තො සංඝාරාමස්ස කොට්ඨකෙ, දුම්මනො තත්ථ අට්ඨාසිං සාමඤ්ඤස්මිං{7} අපෙක්ඛවා.
Sinhala BJT722. නෙරපා දමන ලද ඒ මම සඟරම්දොරටුවෙහි නැවතී දොම්නස් වූයෙම් පැවිදිබැව්හි බලාපොරොත්තු සහිත ව එහි සිටියෙමි.
Pali BJT723. භගවා තත්ථ{8} ආගඤ්ඡි සීසං මය්හං පරාමසි, බාහාය මං ගහෙත්වාන සංඝාරාමං පවෙසයී.
Sinhala BJT723. ශාස්තෘ තෙම එහි පැමිණියේ ය. මාගේ හිස පිරිමැද්දේ ය. මගේ අතින් අල්ලා සඟරමට පිවිසවී ය.
Pali BJT724. අනුකම්පාය මෙ සත්ථා අදාසි පාදපුඤ්ඡනිං, එවං සුද්ධං අධිට්ඨෙහි එකමන්තං ස්වධිට්ඨිතං.{9}
Sinhala BJT724. මෙසේ පිරිසිදු (මෙය ගෙණ) එකත්පසෙක හිඳ මනා කොට ඉටුව යි (=සිහි කරවයි) කියා මට අනුකම්පාවෙන් ශාස්තෘතෙම පාපිස්නා කඩක් දුන්නේ ය.
Pali BJT725. හත්ථෙහි තමහං ගය්හ සරිං කොකනදං අහං; තත්ථ චිත්තං විමුච්චි මෙ අරහත්තං අපාපුණිං.
Sinhala BJT725. මම එය දෝතින් ගෙණ පියුම සිහි කෙළෙමි. එහි දී මගේ සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේ ය. රහත්බවට පැමිණියෙමි.
Pali BJT726. මනොමයෙසු කායෙසු සබ්බත්ථ පාරමිඞ්ගතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT726. සියලු තන්හි මනෝමයශරීරයන් නිර්මිත කිරීමෙහි පරතෙරට පැමිණියෙම් සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන දුරු කෙළෙම් ආශ්‍රව රහිත ව (=රහත් ව) වෙසෙමි.
Pali BJT727. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT727. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චුල්ලපන්ථකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් චුල්ලපන්‍ථක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTචුල්ලපන්ථකත්ථෙරස්සා’පදානං චතුත්ථං.
Sinhala BJTචුල්ලපන්‍ථක ස්ථවිරාවදානය සතරවැනියි.
Pali BJT15. පිළින්දිවච්ඡත්ථෙරාපදානං
Sinhala BJT15. පිළින්‍දිවච්ඡ ස්ථවිරාවදානය
Pali BJT728. නිබ්බුතෙ ලොකනාථම්හි සුමෙධෙ අග්ගපුග්ගලෙ, පසන්නචිත්තො සුමනො ථූපපූජමකාස’හං
Sinhala BJT728. ලෝකනාථ වූ අග්‍රපුද්ගල වූ ‘සුමේධ’ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පහන් සිත් ඇති මනා සිත් ඇති මම ස්තූපපූජාවක් කෙළෙමි.
Pali BJT729. යෙ ච ඛීණාසවා තත්ථ ඡළභිඤ්ඤා මහිද්ධිකා, තෙ’හං තත්ථ සමානෙත්වා සංඝභත්තං අකාස’හං
Sinhala BJT729. යම් ෂඩභිඥ වූ මහාඍද්ධි ඇති ක්‍ෂීණාශ්‍රව කෙනෙක් එහි (වූවාහු ද) මම උන්වහන්සේලා එහි රැස් කරවා සඟබතක් දිනිමි.
Pali BJT730. සුමෙධස්ස භගවතො උපට්ඨාකො තදා අහු, සුමෙධො නාම නාමෙන අනුමොදිත්ථ සො තදා.
Sinhala BJT730. එකල්හි ‘සුමේධ’ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයෙක් වී ය. නමින් සුමේධ නම් වූ හෙතෙම එකල්හි අනුමෝදනා කෙළේ ය.
Pali BJT731. තෙන චිත්තප්පසාදෙන විමානං උපපජ්ජහං, ඡාළාසීතිසහස්සානි අච්ඡරායො රමිංසු මෙ.
Sinhala BJT731. එ ම (ථුපපූජා කිරීම් වශයෙන් ඇති වූ) චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මම දිව්‍යවිමානයක උපනිමි. අසූසයදහසක් දෙවඟනෝ මාගේ (සිත එහි) ඇලවූහ.
Pali BJT732. මමෙව අනුවත්තන්ති සබ්බකාමෙහි තා සදා, අඤ්ඤෙ දෙවෙ අතිභොමි{1} පුඤ්ඤකම්මස්සි’දං ඵලං.
Sinhala BJT732. එ ම අප්සරාවෝ සියලු කාමයන් කරණ කොට ගෙණ මා අනුව ම පවතිත්. අනික් දෙවියන් (සම්පත්තියෙන්) ඉක්මවමි. මේ (ස්තූපපූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
Pali BJT733. පඤ්චවීසතිකප්පම්හි වරුණො නාම ඛත්තියො, සුසුද්ධභොජනො{2} ආසිං චක්කවත්තී අහං තදා.
Sinhala BJT733. මම එකල්හි පස්විසිවන කපෙහි පිරිසිදු බොජුන් ඇති ‘වරුණ’ නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT734. න තෙ බීජං පවපන්ති න පි නීයන්ති නඞ්ගලා, අකට්ඨපාකිමං සාලිං පරිභුඤ්ජන්ති මානුසා.
Sinhala BJT734. ඒ මනුෂ්‍යයෝ බිජුවට නො වපුරත්. නගුල් (සීසෑම් වශයෙන්) නො පමුණුවනු ලැබේ. අරණයයෙහි නො සෑ බිම්පෙදෙස්හි තෙමේ ම හට ගත් හැල් අනුභව කෙරෙත්.
Pali BJT735. තත්ථ රජ්ජං කරිත්වාන දෙවත්තං පුන ගච්ඡ’හං, තදාපි එදිසා මය්හං නිබ්බත්තා භොගසම්පදා.
Sinhala BJT735. මම එහි රාජ්‍යය කොට නැවත දිව්‍යාත්මභාවයට පැමිණියෙමි. එකල්හි ද මට මෙබඳු ම වූ භෝගසම්පත්ති තොමෝ උපන්නී ය.
Pali BJT736. න මං මිත්තා අමිත්තා වා හිංසන්ති සබ්බපාණිනො, සබ්බෙසම්පි පියො හොමි පුඤ්ඤකම්මස්සි’දං ඵලං.
Sinhala BJT736. මිතුරු වූ හෝ පසමිතුරු වූ හෝ සියලු ප්‍රාණීහු මට හිංසා නො කෙරෙත්. සියලු දෙනාහට ම ප්‍රිය වෙමි. මෙය (ස්තූපපූජා) පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
Pali BJT737. තිංසකප්පසහස්සම්භි යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ගන්ධාලෙපස්සි’දං ඵලං.
Sinhala BJT737. එකල මෙයින් එක්දහස්තිස්වන කල්පයෙහි මම යම් දනක් දිනිම් ද, (ඉන්) දුගතියක් නො දනිමි. (ස්තූපයෙහි) සුගන්‍ධාලේපයාගේ (=සුවඳ ගැල්වීමෙහි) ඵලය යි.
Pali BJT738. ඉමස්මිං භද්දකෙ කප්පෙ එකො ආසිං{3} ජනාධිපො, මහානුභාවො රාජා’හං{4} චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT738. මේ භද්‍රකල්පයෙහි මම ජනාධිපති වූ මහානුභාව ඇති මහත් බල ඇති එක් සක්විතිරජෙක් වීමි.
Pali BJT739. සො’හං පඤ්චසු සීලෙසු ඨපෙත්වා ජනතං බහුං, පාපෙත්වා සුගතිංයෙව දෙවතානං පියො අහුං.
Sinhala BJT739. ඒ මම බොහෝ ජනයා පන්සිල්හි පිහිටුවා සුගතියට ම පමුණුවා දෙවියනට ප්‍රිය වීමි.
Pali BJT740. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං,
Sinhala BJT740. පටිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පිළින්දිවච්ඡො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘පිලින්‍දිවච්ඡ’ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී..
Pali BJTපිළින්දිවච්ඡත්ථෙරස්සාපදානං පඤ්චමං.
Sinhala BJTපිළින්‍දිවච්ඡස්ථවිරාපදානය පස්වැනියි.
Pali BJT16. රාහුලත්ථෙරාපදානං
Sinhala BJT16. රාහුල ස්ථවිරාවදානය
Pali BJT741. පදුමුත්තරස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, සත්තභූම්මහි පාසාදෙ ආදාසං සන්ථරිං{1} අහං.
Sinhala BJT741. මම ලෝකජ්‍යේෂ්ඨ වූ තාදී ගුණ ඇති ‘පදුමුත්තර’ බුදුරජානන් වහන්සේට සත්බුමුපහයක කැඩපතක් මෙන් පැහැපත් ඇතිරියක් අතුළෙමි.
Pali BJT742. ඛීණාසවසහස්සෙහි පරිකිණ්ණො මහාමුනි, උපාගමී ගන්ධකුටිං දිපදින්දො නරාසභො.
Sinhala BJT742. දෙපා ඇතියනට අග්‍ර වූ මහාමුනි වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ රහතුන් දහසක් විසින් පිරිවරණ ලද සේක් ගඳකිළියට එළඹි සේක.