Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7801-7900 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5925. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT5925. මෙයින් සියක් දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ, ග්‍රොතයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.
Pali BJT5926. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, කස්සපො නාම නාමෙන{5} හෙස්සති සත්ථු සාවකො.
Sinhala BJT5926. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් කාශ්‍යප නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” කියා යි.
Pali BJT5927. ඉතෙ ද්වෙනවුතෙ කප්පෙ අහු සත්ථා අනුත්තරො, අනූපමො අසදිසො ඵුස්සො ලොකග්ගනායකො.
Sinhala BJT5927. මෙයින් පෙර දෙයානූවන කපෙහි ලෝකයෙහි ශ්‍රේෂ්ඨ නායකයාණන් වූ මෙබඳුයයි කීමට උපමාවක් නැත්තා වූ සමානය යි දැක්වීමට කෙනෙකු නැත්තා වූ ඵුස්ස බුදුරජතෙම ලොව පහළ විය.
Pali BJT5928. සො ච සබ්බං තමං හන්ත්වා විජටෙත්වා මහාජටං, වස්සතෙ අමතං වුට්ඨිං තප්පයන්තො සදෙවකං.
Sinhala BJT5928. ඒ බුදුරජ තෙමේ ද සියලු මොහො අඳුරු නසා මහත් වූ තෘෂ්ණා අවුල නිරවුල් කොට දෙවියන් සහිත ලෝකයා පිණවමින් දහම් අමාවැසි වස්වයි.
Pali BJT5929. තදාහි හි බාරාණසියං රාජාපච්චා අහුම්හසෙ, භාතරොම්හ තයො සබ්බෙ සංවිස්සත්ථා ච{6} රාජිනො.
Sinhala BJT5929. එකල්හි අපි බරණැස්නුවර රාජපුත්‍රයෝ වීමු. එසේ ම අපි තිදෙනෙ ඔවුනොවුනට සොහොයුරු වීමු. අපි සියලුදෙන රජුගේ විශ්වාසයෝ ද වීමු.
Pali BJT5930. වීරඞ්ගරූපා බලිනො සඞ්ගාමෙ අපරාජිතා, තදා කුපිතපච්චන්තො අම්හෙ ආහ මහීපති.
Sinhala BJT5930. එකල්හි කිපුනු පසල්දනව් ඇති රජතෙම රූසපුවෙන් දිව්‍යපුත්‍රයන් සමාන ශරීර ඇති නොහොත් වීරමය (වීර්‍ය්‍යයෙන් ම කරණ ලද) ශරීර ඇත්තා වූ බලවත් වූ යුද්ධයෙහි පරාජය නො වූ අප (අමතා) මෙසේ කී ය:
Pali BJT5931. එථ ගන්ත්වාන පච්චන්තං සොධෙත්වා අටවීබලං, ඛෙමං මෙ විජිතං කත්වා පුනරෙථා ති{1} භාසථ.
Sinhala BJT5931. “දරුවෙනි, එවු ගොස් පසල්දනව්හි වල් සොර බල සෝධා මාගේ රට නිර්‍භය කොට පෙරළා එවු යි කී ය.
Pali BJT5932. තතො මයං අවොචුම්හ යදි දෙය්යාසි නායකං, උපට්ඨානාය අම්හාකං සාධයිස්සාම වො තතො.
Sinhala BJT5932. ඉක්බිති අපි මෙසේ කීමු: “ඉදින් ලෝකනායක වූ බුදුරජුන් උවටැන් කිරීම සඳහා අපට දෙන්නෙහි නම් ඒ හේතුයෙන් තොපගේ සතුරන් ගන්නෙමු”ය කියා යි.
Pali BJT5933. තතො මයං ලද්ධවරා භූමිපාලෙන පෙසිතා, නික්ඛිත්තසත්ථං පච්චන්තං කත්වා පුනරුපෙච්ච තං.
Sinhala BJT5933-5934. ඉක්බිති ලබන ලද වර ඇති අපි රජුවිසින් මෙහෙයන ලද්දමෝ කුපිත වූ පසල්දනව්ව බහා තබන ලද අවි ඇත්තක් කොට (සෙමෙහි තබා) පෙරළා අවුත් රජුගෙන් එම බුද්ධෝපස්ථානය අයැද ලෝකනායක වූ ඒ බුදුරජුන් ලැබ දිවි ඇතිතාක් පූජා පැවැත්වීමු.
Pali BJT5934. යාචිත්වා සත්ථුපට්ඨානං රාජානං ලොකනායකං, මුනිවීරං ලභිත්වාන යාවජීවං යජීම්හ තං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5935. මහග්ඝානි ච වත්ථානි පණීතානි රසානි ච, සෙනාසනානි රම්මානි භෙසජ්ජානි හිතානි ච.
Sinhala BJT5935-5937. දැහැමින් උපයන ලද මාහැඟි වස්ත්‍ර ද ප්‍රණීත රසයන් ද මනරම් සෙනසුන් ද, හිත බෙහෙත් ද සඞ්ඝයා සහිත බුදුරජුන්හට දී සිල්වත් වූවාහු කාරුණික වූවාහු භාවනාවෙහි යෙදූ සිත් ඇත්තාහු හැම කල්හි මෙත්සිතින් යුතු ව ලෝකනායක වූ බුදුරජුන්හට පරිවරණය (=වතාවත්) කොට ඒ බුදුරජුන් පිරිනිවි කල්හි ද හැකි පමණින් පූජා කොට-
Pali BJT5936. දත්වා සසංඝස්ස මුනෙ{2} ධම්මෙනුප්පාදිතානි නො, සීලවන්තො කාරුණිකා භාවනායුත්තමානසා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5937. සදා{3} පරිචරිත්වාන මෙත්තචිත්තෙන නායකං, නිබ්බුතෙ තම්හි ලොකග්ගෙ පූජං කත්වා යථාබලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5938. තතො චුතා සන්තුසිතං ගතා තත්ථ මහාසුඛං, අනුභූතා මයං සබ්බෙ බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5938. අපි සියල්ලෝ එයින් සැව තුසිත දෙව්ලොවට ගියාහු එහි මහත් වූ සැප අනුභව කළම්හ. මේ බුද්ධපූජාවෙහි විපාක යි.
Pali BJT5939. මායාකාරො යථා රඞ්ගෙ{4} දස්සෙති විකතී බහු,{5} තථා භවෙ භමන්තොහං විදෙහාධිපතී අහුං.
Sinhala BJT5939. යම්සේ මායාකාරයෙක් රඟමඩලෙහි බොහෝ විසුලු දක්වා ද, එසේ ම භවයෙහි සැරිසරන්නා වූ මම විදේහ රටෙහි අධිපතියා වීමි.
Pali BJT5940. ගුණාචෙලස්ස වාක්යෙන මිච්ඡාදිට්ඨීගතාසයො, නරකම්මග්ගමාරූළ්හො රුජාය{6} මම ධීතුයා.
Sinhala BJT5940-5941. ගුණ නම් අවේලකයාගේ වචනයෙන් මිසදිටු බව්හි ගිය සිත් ඇත්තෙම් වැරදි මගට පිළිපන්නෙම් රුජා නම් වූ මාගේ දුවගේ අවවාදය නො පිළිගෙණ නාරද බ්‍රහ්මයා විසින් නොයෙක් අයුරින් අනුසාසිත වූයෙම් පවිටු මිසදිටුබව හැර-
Pali BJT5941. ඔවාදං නාදියිත්වාන බ්රහ්මුනා නාරදෙනහං, බහුධා සාසිතො{7} සන්තො දිට්ඨං හිත්වාන පාපිකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5942. පූරයිත්වා විසෙසෙන දසකම්මපථානහං, හිත්වාන දෙහමගමිං සග්ගං සභවනං යථා.
Sinhala BJT5942. මම වෙසෙසින් දශකර්‍මපථයන් පුරා මිනිස් සිරුර හැර සිය ගෙදරට යන්නාක් මෙන් ස්වර්‍ගයට ගියෙමි.
Pali BJT5943. පච්ඡිමභවෙ සම්පත්තෙ{8} බ්රහ්මබන්ධු අහොසහං, බාරාණසියං ඵිතායං ජාතො විප්පමහාකුලෙ.
Sinhala BJT5943. පශ්චිමභවය පැමිණි කල්හි මම බ්‍රාහ්මණයෙක් වීමි. සමෘද්ධ වූ බාරාණාසී නගරයෙහි බමුණු මහසල්කුලෙහි උපන්නෙමි.
Pali BJT5944. මච්චුව්යාධිජරාභීතො ජහිත්වාන මහාධනං,{9} නිබ්බානං පදමෙසන්තො ජටිලෙසු පරිබ්බජිං.
Sinhala BJT5944. මරණය ව්‍යාධිය ජරාව යන මෙයින් බිය වූයෙම් මහත් වූ ධනය හැර නිර්‍වාණපදය සොයන්නෙම් (ජටාධර තවුසන් වූ) ජටිලයන් කෙරෙහි පැවිදි වීමි.
Pali BJT5945. තදා ද්වෙ භාතරො මය්හං පබ්බජිංසු මයා සහ, උරුවෙලායං මාපෙත්වා අස්සමං නිවසිං අහං.
Sinhala BJT5945. එකල්හි මාගේ දෙබෑයෝ මා සමග පැවිදි වූහ. මම උරුවේලායෙහි අසපුවක් ඉදිකොට එහි විසීමි.
Pali BJT5946. කස්සපො නාම ගොත්තෙන උරුවෙලනිවාසිකො{1}, තතො මෙ ආසි පඤ්ඤත්ති උරුවෙලකස්සපො ඉති.
Sinhala BJT5946. උරුවේලායෙහි වසන්නා වූ මම ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වීමි. එහෙයින් මට උරුවේලකස්සප යන ප්‍රඥප්තිය විය.
Pali BJT5947. නාදීසකාසෙ භාතා මෙ නාදීකස්සපඅව්හයො, ආසී සකාසනාමෙන ගයාය ගයාකස්සපො.{2}
Sinhala BJT5947. මාගේ සොහොයුරු තෙමේ ගඞ්ගානදිය සමීපයෙහි විසූ බැවින් නදීකාශ්‍යප නම් විය. ගයාවෙහි විසූ කාශ්‍යප තෙමේ සමීපනාමයෙන් ගයාකාශ්‍යප නම් විය.
Pali BJT5948. ද්වෙ සතානි කනිට්ඨස්ස තීණි මජ්ඣස්ස භාතුනො, මම පඤ්චසතානූනා සිස්සා සබ්බෙ මමානුගා.
Sinhala BJT5948. කණිටු බෑ කාශ්‍යපට දෙසියක් ද මැදිබෑ නදී කාශ්‍යපට තුන්සියක් ද, මට නො අඩු වූ පන්සියක් දැයි (දහසක් වූ) සියලු ශිෂ්‍යයෝ මා අනුව ගියාහු ය.
Pali BJT5949. තදා උපෙච්ච මං බුද්ධො කත්වා නානාවිධනි මෙ,{3} පාටිහීරානි ලොකග්ගො විනෙසි නරසාරථි.
Sinhala BJT5949. එකල්හි පුරිසදම්මසාරථි වූ ලෝකාග්‍ර වූ බුදුරජ තෙමේ මාගේ සමීපයට එළඹ නන්වැදෑරුම් ප්‍රාතිහාර්‍ය්‍යයන් කොට මා හික්ම වී ය.
Pali BJT5950. සහස්සපරිවාරෙන අහොසිං එහිභික්ඛුකො, තෙහෙව සහ සබ්බෙහි අරහත්තමපාපුණිං.
Sinhala BJT5950. මම දහසක් පිරිවර සහිත ව ඒහිභික්‍ෂුභාවයෙන් පැවිදි වීමි. ඒ සියලුදෙනා සමග ම රහත්බවට පැමිණියෙමි.
Pali BJT5951. තෙ චෙවඤ්ඤෙ ච බහවො සිස්සා මං පරිවාරයුං, සාසිතුං ව සමත්ථොහං තතො මං ඉසිසත්තමො.
Sinhala BJT5951. ඒ ශිෂ්‍යයෝ ද අනික් බොහෝදෙන ද මා පිරිවැරූහ. මම ඔවුනට අනුශාසනා කිරීමට සමර්‍ත්‍ථ වෙමි. ඉක්බිති විපස්සී බුදුරජුන් පටන් ගිණුකල සත්වැනි වූ බැවින් ඍෂිසප්තම වූ ගෞතම බුදුරජ තෙමේ-
Pali BJT5952. මහාපරිසභාවස්මිං එතදග්ගෙ ඨපෙසි මං, අහො බුද්ධෙ කතං කාරං සඵලං මෙ අජායථ.
Sinhala BJT5952. මහපිරිස් ඇති බැව්හි මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය. ආශ්චර්‍ය්‍යයෙකි. බුදුරජුන් කෙරෙහි කරණලද සත්කාරය සඵල විය.
Pali BJT5953. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5953. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT5954. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
Sinhala BJT5954. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5955. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5955. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උරුවෙලකස්සපො ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් උරුවේලකස්සප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋරුවෙලකස්සපත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඋරුවේලකාශ්‍යප ස්ථවිරාවදානය අට වැනි යි.
Pali BJT539. රාධත්ථෙරාපදානං
Sinhala BJT539. රාධ ස්ථවිරාවදානය
Pali BJT5956. පදුමුත්තරො නාම ජිනො සබ්බලොකවිදූ මුනි, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
Sinhala BJT5956. පසැස් ඇත්තා වූ සියලු ලෝකයන් තත් වූ පරිදි දැනගත්තා වූ මෝනෙය්‍යගුණ ඇති පදුමුත්තර නම් බුදුරජ තෙමේ මෙයින් පෙර සියක්දහස් වන කපෙහි ලොව පහළ විය.
Pali BJT5957. ඔවාදකො විඤ්ඤාපකො තාරකො සබ්බපාණිනං, දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT5957. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් පිළිවිදුවන්නා වූ සත්ත්‍වයන් සසරින් එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජ තෙමේ බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
Pali BJT5958. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං, සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨපි.
Sinhala BJT5958. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමැත්තා වූ ඒ බුදුරජතෙම පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිටු විය.
Pali BJT5959. එවං නිරාකුලං ආසි සුඤ්ඤකං{1} තිත්ථියෙහි ච, විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
Sinhala BJT5959. මෙසේ ඒ කාලය තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ, නිරවුල් වූ තාදී ගුණ ඇති පඤ්චවශිතාවන්ගේ වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
Pali BJT5960. රතනානට්ඨපඤ්ඤාසං උග්ගතො සො මහාමුනි, කඤ්චනග්ඝියසඞ්කාසො බත්තිංසවරලක්ඛණො.
Sinhala BJT5960. ඒ බුදුරජතෙම අටපණස් රියනක් උස ය. රන්ඇගෑයක් මෙන් බබලන්නේ ය. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
Pali BJT5961. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ, තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT5961. එකල්හි වර්‍ෂලක්‍ෂයක් ආයුෂ වෙයි. එපමණ කල් වැඩ සිටිමින් ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.
Pali BJT5962. තදාහං හංසවතියං බ්රාහ්මණො මන්තපාරගූ, උපෙච්ච තං නරවරං අස්සොසිං ධම්මදෙසනං.
Sinhala BJT5962. එකල්හි මම හංසවතී නගරයෙහි වේද මන්ත්‍රයන්හි තෙරපත් බමුණෙක් වූයෙම් ඒ බුදුරජුන් වෙත එළඹ දම්‍ දෙසුම ඇසීමි.
Pali BJT5963. පඤ්ඤාපෙන්තං මහාවීරං පරිසාසු විසාරදං, පටිභාණෙය්යකං භික්ඛුං එතදග්ගෙ විනායකං.
Sinhala BJT5963. පටිභාණෙය්‍යක (-වැටහීම් ඇති) භික්‍ෂුනමක් ඒතදග්‍රස්ථානයෙහි තබන්නා වූ පිරිස්හි විශාරද වූ, විශිෂ්ට නායකත්‍වය ඇති, මහාවීරයන් වහන්සේ දැක,
Pali BJT5964. තදාහං කාරං කත්වාන සසඞ්ඝෙ ලොකනායකෙ, නිපච්ච සිරසා පාදෙ තං ඨානමභිපත්ථයිං.
Sinhala BJT5964. එකල්හි මම සඞ්ඝයා සහිත ලෝකනායකයන් වහන්සේ කෙරෙහි අධිකාර කොට සිරසින් හෙව වැඳ ඒ තනතුර පැතීමි.
Pali BJT5965. තතො මං භගවා ආහ සිඞ්ගීනික්ඛසමප්පභො, සරෙන රජනීයෙන කිලෙසමලහාරිනා.
Sinhala BJT5965. ඉක්බිති සිඞ්ගී ස්වර්‍ණනිෂ්කයකට බඳු පැහැ ඇති භාග්‍යවත් තෙමේ කෙලෙස් මල හරනා වූ සිත් රැඳවිය යුතු මිහිරි ස්වරයෙන් මට (මෙසේ) වදාළේය:
Pali BJT5966. “සුඛී භවස්සු දීඝායු සිජ්ඣතං{2} පණිධී තව, සසඞ්ඝෙ මෙ කතං කාරං අතීව විපුලං තයා.
Sinhala BJT5966. “සුවපත් වේවා. දීඝායුෂ්ක වේවා. තාගේ පැතුම සිදුවේවා. සඞ්ඝයා සහිත වූ මා කෙරෙහි තා විසින් කරණ ලද සත්කාරය අනුසස් වසයෙන් අති මහත් ය.
Pali BJT5967. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT5967. මෙයින් මතු සියක්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.
Pali BJT5968. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, රාධොති නාමධෙය්යෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT5968. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ රාධ යන නමින් යුත් ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT5969. ස තෙ හෙතුගුණෙ තුට්ඨො සක්යපුත්තො නරාසභො, පටිභාණෙය්යකානග්ගං පඤ්ඤාපෙස්සති නායකො.”
Sinhala BJT5969. තොපගේ හේතුසම්පත්තියෙහි හා ගුණයෙහි තුටු වූ ශාක්‍ය පුත්‍ර වූ නරශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජතෙම පටිභාණෙය්‍යක භික්‍ෂූන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන්නේ ය”යි.
Pali BJT5970. තං සුත්වා මුදිතො හුත්වා යාවජීවං තදා ජිනං, මෙත්තචිත්තො පරිචරිං සතො පඤ්ඤාසමාහිතො.
Sinhala BJT5970. එකල්හි එය අසා සතුටු වූයෙම් මෙත්සිත් ඇත්තෙම් සිහියෙන් යුක්ත වූයෙම් ප්‍රඥාවත් වූයෙම් දිවි ඇති තාක් බුදුරජුන්හට පරිවරණය කෙළෙමි.
Pali BJT5971. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5971. මැනැවින් කරණලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
Pali BJT5972. සතානං තීණික්ඛත්තුං ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුං ච චක්කවත්තී අහොසහං.
Sinhala BJT5972. මම තෙසියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
Pali BJT5973. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, සබ්බත්ථ සුඛිතො ආසිං තස්ස කම්මස්ස වාහසා.
Sinhala BJT5973. කරණලද මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් මෙතෙකැයි ගිණිය නො හැකි ය. ඒ කර්‍මයාගේ බලයෙන් සියලු තන්හි සුව ඇත්තෙම් වීමි.
Pali BJT5974. පච්ඡිමභවෙ සම්පත්තෙ ගිරිබ්බජ්ජපුරුත්තමෙ, ජාතො විප්පකුලෙ’නිද්ධෙ විකලච්ඡාදනාසනෙ,
Sinhala BJT5974. පශ්චිමභවය පැමිණි කල්හි උතුම් වූ ගිරිව්‍රජ නගරයෙහි දුර්‍ලභ වූ වස්ත්‍ර ද ආහාර ද ඇති සමෘද්ධ නො වූ බමුණු කුලයක උපන්නෙමි.
Pali BJT5975. කටච්ඡුභික්ඛා පාදාසිං සාරිපුත්තස්ස තාදිනො, යදා ජිණ්ණො ච වුද්ධො ච තදා’රාමමුපාගමිං.
Sinhala BJT5975. තාදීගුණ ඇති සැරියුත් තෙරුන්හට හැන්දක් පමණ වූ පිණ්ඩ දානය දුනිමි. යම් කලෙක්හි මම ජීර්‍ණ වූයෙම් ද, වෘද්ධ වූයෙම් ද, එකල්හි ආරාමයට එළඹියෙමි.
Pali BJT5976. පබ්බාජෙන්ති න මං කෙචි{1} ජිණ්ණං දුබ්බලථාමකං, තෙන දීනො විවණ්ණඞ්ගො සොකී{2} චාසිං තදා අහං.
Sinhala BJT5976. එකල්හි ජීර්‍ණ වූ දුර්‍වල ව ගිය බල ඇති මා කිසිවෙක් පැවිදි නො කරත්. එහෙයින් මම බැගෑපත් වූයෙම් දුර්‍වණ සිරුරු ඇත්තෙම් ශෝකී වූයෙම් ද වීමි.
Pali BJT5977. දිස්වා මහාකාරුණිකො මමාහ සො මහාමුනි{3}, කිමත්ථං පුත්ත සොකට්ටො බ්රූහි තෙ චිත්තජං රුජං.
Sinhala BJT5977. මහාකාරුණික වූ බුදුරජතෙම මා දැක මෙසේ වදාළේ ය: “පුත, කුමක් පිණිස සොවින් ආතුර වූයෙහි ද, ඔබගේ සිතෙහි හටගත් රිදුම (චිත්තපීඩාව) කුමක්දැයි කියනු මැනැවැ” යි.
Pali BJT5978. පබ්බජ්ජං න ලභෙ විර ස්වාක්ඛාතෙ තව සාසනෙ, තෙන සොකෙන දීනොස්මි සරණං හොහි නායක.
Sinhala BJT5978. “වීරයන් වහන්ස, ස්වාක්ඛාත වූ ඔබවහන්සේගේ සසුනෙහි පැවිද්ද නො ලබන්නෙම් ඒ ශෝකය හේතු කොට ගෙණ බැගෑපත් වූයෙම් වෙමි. ලෝකනායකයන් වහන්ස, මට පිහිට වනු මැනැවැ”යි රාධ කීය.
Pali BJT5979. තදා භික්ඛු සමානෙත්වා ආපුච්ඡි මුනි සත්තමො, ඉමස්ස අධිකාරං යෙ සරන්ති ව්යාහරන්තු තෙ.
Sinhala BJT5979. එකල්හි විපස්සී බුදුරජුන් පටන් සත්වැනි වූ ගෞතම බුදුරජ තෙමේ භික්‍ෂූන් කැඳවා යම් කෙනෙක් මොහුගේ කිසියක් උපකාරයක් සිහිකෙරෙත් නම් ඔහු ඒ උපකාරය පවසත්ව යි වදාළේ ය.
Pali BJT5980. සාරිපුත්තො තදාවොච කාරමස්ස සරාමහං, කටච්ඡුභික්ඛං දාපෙසි පිණ්ඩාය චාරතො මම.
Sinhala BJT5980. එකල්හි සැරියුත් තෙමේ මෙසේ කීය: “ඔහුගේ උපකාරයක් මම සිහි කරමි. (දිනක්) පිඬු පිණිස හැසිරෙන්නා වූ මට හේ හැන්දක් පමණ පිඬු දෙවී ය” කියා යි.
Pali BJT5981. සාධු සාධු කතඤ්ඤූසි සාරිපුත්ත ඉමං තුවං, පබ්බාජෙහි දිජං වුද්ධං හෙස්සතාජානියො අහං.
Sinhala BJT5981. සාධු, සාධු, ශාරීපුත්‍රයෙනි, ඔබ කළගුණ දන්නාව. මේ වෘද්ධ බ්‍රාහ්මණයා පැවිදි කරන්න. මෙතෙම ශ්‍රෙෂ්ඨයෙක් වන්නේ ය යි වදාළේ ය.
Pali BJT5982. තතො අලත්ථං පබ්බජ්ජං කම්මවාචෙපසම්පදං, න චිරෙනෙව කාලෙන පාපුණිං ආසවක්ඛයං.
Sinhala BJT5982. ඉක්බිති පැවිද්ද ද, කර්‍මවාචා උපසම්පත්තිය ද ලැබීමි. නොබෝ කලකින් ම ආස්‍රවක්‍ෂයට (=නිවනට) පැමිණියෙමි.
Pali BJT5983. සක්කච්චං මුනිනො වාක්යං සුණොමි මුදිතො යතො, පටිභානෙය්යකානග්ගං තතො මං ඨපයී ජිනො.
Sinhala BJT5983. යම් විටෙක බුදුරජුන්ගේ වචනය මුදිත වූයෙම් සකසා අසම් ද එවිට බුදුරජතෙම මා පටිභානෙය්‍යක භික්‍ෂූන් අතුරෙන් අග්‍රය යි (අගතන්හි) තැබී ය.
Pali BJT5984. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5984. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT5985. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
Sinhala BJT5985. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5986. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5986. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රාධො ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් රාධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTරාධත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTරාධස්ථවිරාවදානය නවවැනියි.
Pali BJT540. මොඝරාජත්ථෙරාපදානං{*}
Sinhala BJT540. මෝඝරාජ ස්ථවිරාවදානය
Pali BJT5987. පදුමුත්තරො නාම ජිනො සබ්බලොකවිදූ මුනි, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
Sinhala BJT5987. පසැස් ඇත්තා වූ සියලු ලෝකයන් තත් වූ පරිදි දන්නා වූ පස්මරුන් ජයගත්තා වූ මෝනෙය්‍යගුණ ඇති පදුමුත්තර නම් බුදුරජ තෙමේ මෙයින් පෙර සියක්දහස් වන කපෙහි ලොව පහළ විය.
Pali BJT5988. ඔවාදකො විඤ්ඤාපකො තාරකො සබ්බපාණිනං, දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT5988. සව්සත්නට ඔවා දෙන්නා වූ, දහම් පිළිවිදුවන්නා වූ සත්ත්‍වයන් සසරින් එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජතෙමේ බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
Pali BJT5989. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං, සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨපි.
Sinhala BJT5989. සව්සත්නට අනුකම්පා කරන්නා වූ, කාරුණික වූ, හිත කැමැත්තා වූ ඒ බුදුරජ තෙම පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිටු විය.
Pali BJT5990. එවං නිරාකුලං ආසි සුඤ්ඤකං තිත්ථියෙහි ච, විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
Sinhala BJT5990. මෙසේ (ඒ කාලය) තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ නිරවුල් වූ, තාදීගුණ ඇති (පඤ්ච වශිතාවන්ගෙන්) වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් වී ය.
Pali BJT5991. රතනානට්ඨපඤ්ඤාසං උග්ගතො සො මහාමුනි, කඤ්චනග්ඝිය සඞ්කාසො බත්තිංසවරලක්ඛණො.{1}
Sinhala BJT5991. ඒ බුදුරජතෙම අටපණස්රියනක් උස ය. රන්ඇගෑයක් මෙන් බබලන්නේ ය. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
Pali BJT5992. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ, තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT5992. එකල්හි වර්‍ෂලක්‍ෂයක් ආයුෂ වෙයි. එ පමණ කල් වැඩසිටිමින් ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා (සසරින්) එතෙර කෙළේ ය.
Pali BJT5993. තදාහං හංසවතියං කුලෙ අඤ්ඤතරෙ අහුං, පරකම්මායනෙ යුත්තො නත්ථි මෙ කිඤ්චි සංධනං.
Sinhala BJT5993. එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුලයෙක උපනිමි. අනුන්ගේ බැලමෙහෙ කිරීමෙහි යෙදුනේ වෙමි. මට කිසිදු ස්වකීය ධනයක් නැත.
Pali BJT5994. පටික්කමනසාලායං වසන්තො කතභුමියං, අග්ගිමුජ්ජාලයිං නත්ථි දළ්හං කණ්හාසි සා{2} මහි.
Sinhala BJT5994. ආසන ශාලාවෙහි පිරියම් නො කළ බිම්හි වසන්නෙම් එහි ගිනි දැල්වීමි. එ පොළොව දැඩිසේ කළු වී ය.
Pali BJT5995. තදා පරිසතිං නාථො චතුසච්චප්පකාසකො, සාවකං සම්පකිත්තෙසි ලුක්ඛචිවරධාරකං.
Sinhala BJT5995. එකල්හි සිවුසස් පවසන්නා වූ බුදුරජතෙමේ පිරිස් මැදෙහි රළු සිවුරු දරන්නා වූ සව්වකු පැසසී ය.
Pali BJT5996. තස්ස තම්හි ගුණෙ තුට්ඨො පණිපච්ච{1} තථාගතං, ලුඛචීවරධාරග්ගං පත්ථයිං ඨානමුත්තමං.
Sinhala BJT5996. මම ඔහුගේ ඒ ගුණයෙහි සතුටු වූයෙම් තථාගතයන් නැමී වැඳ රූක්‍ෂචීවරධාරී භික්‍ෂූන් අතුරෙන් අග්‍ර වූ උතුම් තනතුර පැතීමි.
Pali BJT5997. තදා අවොච භගවා සාවකෙ පදුමුත්තරො, පස්සථෙතං පුරිකසං කුචෙලං තනුදෙහකං.
Sinhala BJT5997-5999. එකල්හි පදුමුත්තර බුදුරජ තෙමේ සව්වනට මෙසේ වදාළේ ය: “වැරහැලි වූ වස්ත්‍ර ඇති, සිහින් සිරුරු ඇති මෙපුරිස් බලවු. ප්‍රීතියෙන් පැහැදුනු මුහුණු ඇති, ශ්‍රද්ධාධනයෙන් යුත්, ඌර්‍ධවාග්‍ර වූ රෝම ඇති, සතුටු වූ, නිශ්චල වූ, සාලපිණ්ඩ ඇති මෙතෙම රූක්‍ෂචීවර ධාරී වූ සත්‍යසේන නම් භික්‍ෂූහුගේ ඒ වර්‍ණයට (ආකාරයට) ඇදීගිය සිත් ඇත්තේ ඒ තනතුර පතා”යි.
Pali BJT5998. පීතිප්පසන්නවදනං සද්ධාධනසමන්විතං, උද්ධග්ගතනුජං හට්ඨං අචලං සාලපිණ්ඩිකං{2}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5999. එසො පත්ථෙති තං ඨානං සච්චසෙනස්ස භික්ඛුනො. ලුඛචීවරධාරිස්ස තස්ස වණ්ණගතාසයො.{3}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6000. තං සුත්වා මුදිතො හුත්වා නිපච්ච සිරසා ජිනං, යාවජීවං සුභං කම්මං කරිත්වා ජිනසාසනෙ.
Sinhala BJT6000. එය අසා තුටු වූයෙම් හිස නමා බුදුරජුන් වැඳ බුදුසසුන්හි දිවි ඇති තාක් යහපත් වූ කර්‍ම කොට-
Pali BJT6001. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසූපගො අහං.
Sinhala BJT6001. මම මැනැවින් කරණලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසා දෙව් ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙම් වෙමි.
Pali BJT6002. පටික්කමනසාලායං භූමිදාහකකම්මුනා, සමසහස්සං නිරයෙ අදය්හං වෙදනට්ටිතො.
Sinhala BJT6002. ආසනශාලාවෙහි බිම දැවීමේ කර්‍මය හේතු කොට ගෙණ දුක් වේදනාවෙන් පීඩිත වූයෙම් යම් සහස්‍රවර්‍ෂයක් (=අවුරුදු දහසක්) නිරයෙහි දැවුනෙමි.
Pali BJT6003. තෙන කම්මාවසෙසෙන පඤ්චජාතිසතානභං, මනුස්සො කුලජො හුත්වා ජාතියා ලක්ඛණඞ්කිතො.
Sinhala BJT6003. මම ශේෂ වූ ඒ කර්‍මයෙන් පන්සියක් ජාතීන්හි කුලවත් මිනිසෙක් ව උපතින් ම සිරුරෙහි ලප ඇත්තෙක් වීමි.
Pali BJT6004. පඤ්චජාතිසතානෙව කුට්ඨරොගසමප්පිතො, මහාදුක්ඛං අනුභවිං තස්ස කම්මස්ස වාහසා.
Sinhala BJT6004. පන්සියක් ම ජාතීන්හි කුෂ්ටරෝගයෙන් ආතුර වූයෙම් ඒ කර්‍මයාගේ බලයෙන් මහත් දුක් වින්දෙමි.
Pali BJT6005. ඉමස්මිං භද්දකෙ කප්පෙ උපරිට්ඨං යසස්සිනං, පිණ්ඩපාතෙන තප්පෙසිං පසන්නමානසො අහං.
Sinhala BJT6005. පැහැදි සිත් ඇති මම මේ භද්‍රකල්පයෙහි යසස් ඇති උපරිට්ඨ (පසේ බුදුරජුන්) පිණ්ඩපාතයෙන් තර්‍පණය කෙළෙමි.
Pali BJT6006. තෙන කම්මවිසෙසෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT6006. ඒ විශේෂ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT6007. මච්ඡිමභවෙ සම්පත්තෙ අජායිං ඛත්තියෙ කුලෙ, පිතුනො අච්චයෙනාහං මහාරජ්ජසමප්පිතො.
Sinhala BJT6007. පශ්චිම භවය පැමිණි කල්හි කැත්කුලෙහි උපනිමි. පියාගේ ඇවෑමෙන් මම මහරජයට පැමිණියෙම් වෙමි.
Pali BJT6008. කුට්ඨරොගාභිභුතොහං න රතිං න සුඛං ලභෙ, මොඝං රජ්ජසුඛං{4} යස්මා මොඝරාජා තතො අහං.
Sinhala BJT6008. මම කුෂ්ටරෝගයෙන් මැඩුනෙම් ආස්වාදයක් සුවයක් නො ලබමි. යම් හෙයකින් මගේ රජසුවය හිස් වූවක් වීද එහෙයින් මම මෝඝරාජ නම් වීමි.
Pali BJT6009. කායස්ස දොසං දිස්වාන පබ්බජිං අනගාරියං, බාවරිස්ස දිජග්ගස්ස සිස්සත්තං අජ්ඣුපාගමිං.
Sinhala BJT6009. ශරීරයාගේ දොස් දැක පැවිද්දට පැමිණියෙමි. බාවාරි නම් ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයකු බවට පැමිණියෙමි.
Pali BJT6010. මහතා පරිවාරෙන උපෙච්ච නරනායකං, අපුච්ඡිං නිපුණං පඤ්හං තං වීරං වාදිසූදනං.
Sinhala BJT6010. මහත් වූ පිරිවර සහිතව බුදුරජුන් වෙත එළඹ වාදීන් මඩින්නා වූ ඒ වීරයන් වහන්සේගෙන් සියුම් ප්‍රශ්නයක් විචාළෙමි.
Pali BJT6011. අයං ලොකො පරො ලොකො බ්රහ්මලොකො සදෙවකො, දිට්ඨිං{1} තෙ නාභිජානාති{2} ගොතමස්ස යසස්සිනො.
Sinhala BJT6011. මේ මිනිස් ලෝ වැසියා ද එයින් අන් ලෝවැසියා ද දෙවියන් සහිත බඹ ලෝ වැසියා ද යසස්වි වූ ගෞතම ගෝත්‍ර ඇති මුබවහන්සේගේ දෘෂ්ටිය නො දනී.
Pali BJT6012. එවාභික්කන්තදස්සාවිං අත්ථි පඤ්හෙන ආගමං, කථං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති.
Sinhala BJT6012. මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා ප්‍රශ්න හේතුයෙන් අර්ත්‍ථී වැ ආයෙමි. ලොව කෙසේ බලන්නාහු මෘත්‍යුරාජ තෙමේ නො දකී ද?
Pali BJT6013. සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු මොඝරාජ සදා සතො, අත්තානුදිට්ඨිං ඌහච්ච එවං මච්චුතරො සියා.
Sinhala BJT6013-6014. “මෝඝරාජ, හැමකල්හි සිහි ඇත්තේ සත්කායදෘෂ්ටිය නැති කොට (වසඟයෙහි නො පවත්නා බැවින් හෝ සංස්කාරයන්ගේ අසාර බැවින්) ශූන්‍ය (=හිස්) වූවක් ලෙස ලෝකය දෙස බලනු මැනැව. මෙසේ (විදසුන් නැණින්) ලොව බලන්නේ මාරයා ඉක්ම යන්නේ වේය”යි සියලු සසර රෝගයනට වෛද්‍යචරයා වූ බුදුරජතෙම මට මෙසේ වදාළේ ය.
Pali BJT6014. එවං ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති, ඉති මං අභණි බුද්ධො සබ්බරොගතිකිච්ඡකො,
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT6015. සහ ගාථාවසානෙන කෙසමස්සුවිවජ්ජිතො, කාසාවවත්ථවසනො ආසිං භික්ඛු තථාරහා.
Sinhala BJT6015. ගාථාව දෙසා අවසන් වත්ම කෙස් රැවුල් විරහිත වූයෙම් කසාවත් හැඳුනෙම් එබඳු වූ රහත් භික්‍ෂුනමක් වීමි.
Pali BJT6016. සංඝිකෙසු විහාරෙසු න වසිං රොගපිළිතො, මා විහාරො පදුස්සීති වාතරොගෙහි පීළිතො.{3}
Sinhala BJT6016. (කුෂ්ට) රෝගයෙන් පෙළුනා වූ මම වාතරෝගයකිනුදු පීඩිත වූයෙම් “විහාරය කිලිටි නො වේව”යි සඞ්ඝික විහාරයන්හි නො විසීමි.
Pali BJT6017. සංසාරකූටා ආහිත්වා{4} සුසානා රථාකාහි ච, තතො සංඝාටිකං කත්වා ධාරයිං ලුඛචීවරං.
Sinhala BJT6017. කසළගොඩින් ද, සොහොනින් ද, වීදිවලින් ද රෙදිකැබලි ගෙනවුත් එයින් සඟල සිවුරක් කොට රූක්‍ෂචීවරයක් දැරීමි.
Pali BJT6018. මහාභිසක්කො තස්මිං මෙ ගුණෙ තුට්ඨො විනායකො, ලුඛචීවරධාරීනං එතදග්ගෙ ඨපෙසි මං.
Sinhala BJT6018. මාගේ ඒ ගුණයෙහි සතුටු වූ සසරලෙඩට අග්‍රවෛද්‍ය වූ ලෝකනායක බුදුරජතෙමේ මා රූක්‍ෂචීවරධාරීන් අතුරෙන් අග්‍රය යි ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.