Pali BJT5835. තතො චිත්තං විමුච්චි මෙ අනුපාදාය සබ්බසො, පායාසිං දමයිත්වාහං එතදග්ගං අපාපුණිං.
Sinhala BJT5835. එයින් මාගේ සිත උපාදාන රහිත ව හැම ලෙසින් ආස්‍රවයන් කෙරෙන් මිදුනේ ය. මම පායාසි (රජු) දමනය කොට (චිත්‍රකථික භික්‍ෂූන් අතුරෙන්) ඒතදග්‍රස්ථානයට පැමිණියෙමි.
Pali BJT5836. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5836. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT5837. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
Sinhala BJT5837. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5838. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5838. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුමාරකස්සපො ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කුමාරකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකුමාරකස්සපත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTකුමාරකාශ්‍යපස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJTචතුවීසතිමං භාණවාරං.
Sinhala BJTසූවිසි වැනි බණවරයි.
Pali BJT536. බාහියත්ථෙරාපදානං
Sinhala BJT536. බාහිය ස්ථවිරාවදානය
Pali BJT5839. ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො, මහප්පභො තිලොකග්ගො නාමෙන පදුමුත්තරො.
Sinhala BJT5839. මෙයින් සියක්දහස් වන කපෙහි මහත් ප්‍රභා ඇති, තිලොවට අග්‍ර වූ නමින් පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළ විය.
Pali BJT5840. ඛිප්පාභිඤ්ඤස්ස භික්ඛුනො ගුණං කිත්තයතො මුනෙ, සුත්වා උදග්ගචිත්තොහං කාරං කත්වා මහෙසිනො-
Sinhala BJT5840. (එකෙණෙහි දහම් අවබෝධ කළ බැවින්) ක්‍ෂිප්‍රාභිඥ වූ භික්‍ෂුනමකගේ ගුණය පසසන බුදුරජුන්ගේ (දේශනාව) අසා ඔද වැඩි සිත් ඇති මම මහර්ෂි වූ එ බුදුරජුන්හට අධිකාර කොට -
Pali BJT5841. දත්වා සත්තාහිකං දානං සසිස්සස්ස මුනෙ අහං, අභිවාදිය සම්බුද්ධං තං ඨානං පත්ථයිං තදා.
Sinhala BJT5841. එකල්හි මම සිසුන් සහිත බුදුරජුන්හට සතියක් මුළුල්ලෙහි දන් දී සම්බුදුරජුන් වැඳ එම තනතුර පැතීමි.
Pali BJT5842. තතො මං ව්යාකරී{1} බුද්ධො එතං පස්සථ බ්රාහ්මණං, පතිතං පාදමූලෙ මෙ පසන්නනයනානනං{2}.
Sinhala BJT5842-5844. ඉක්බිති බුදුරජතෙම මට මෙසේ පැවසී ය: “මාගේ පාමුල වැටුනා වූ පහන් වූ ඇස් හා මුහුණු ඇති, පුනනූල් සහිත කය ඇති, සුදු සිරුරු සිවි පැහැ ඇති, එල්බෙන බිඹුපල වැනි රතු දෙතොල් ඇති, සුදු තියුණු සම දත් ඇති, ගුණෝඝයට ආයතන වූ ප්‍රීතියෙන් මැනැවින් පුබුදු වූ මුහුණු ඇති මෙ බමුණහු බලවු.
Pali BJT5843. හෙමයඤ්ඤොපවිතඞ්ගං අවදාතනනුත්තවං, පලම්බබිම්බතම්බොට්ඨං සිතතිණ්හසමං ද්විජං{3}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5844. ගුණත්ථාමබහුතරං{4} සමුග්ගතතනූරුහං, ගුණොඝායතනීභූතං පීතිසම්ඵුල්ලිතානනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5845. එසො පත්ථයතෙ ඨානං ඛිප්පාභිඤ්ඤස්ස භික්ඛුනො, අනාගතෙ මහාවීරො ගොතමො නාම හෙස්සති.
Sinhala BJT5845. මෙතෙම ක්‍ෂිප්‍රාභිඥ වූ භික්‍ෂූහුගේ එම තනතුර පතයි. අනාගතයෙහි මහාවීර වූ ගෞතම නම් බුදුරජතෙම ලොව පහළවන්නේ ය.
Pali BJT5846. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, බාහියො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT5846. උන්වහන්සේගේ ධර්‍මයට දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස පුත්‍ර වූ නමින් බාහිය නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.”
Pali BJT5847. තදාතිතුට්ඨො{5} වුට්ඨාය යාවජීවං මහාමුනෙ, කාරං කත්වා චුතො සග්ගං අගං සභවනං යථා.
Sinhala BJT5847. එකල්හි ඉතා තුටුවූයෙම් නැගිට දිවි ඇති තාක් බුදුරජුන්හට සත්කාර කොට ඉන් ච්‍යුත වූයෙම් සිය ගෙට යන්නාක් මෙන් ස්වර්‍ගයට ගියෙමි.
Pali BJT5848. දෙවභූතො මනුස්සො වා සුඛිතො තස්ස කම්මුනො, වාහසා සංසරිත්වාන සම්පත්තිං අනුභොසහං{6}.
Sinhala BJT5848. මම ඒ කර්‍මයාගේ බලයෙන් දෙවි වූයෙම් හෝ මිනිස් වූයෙම් හෝ සුඛිත වූයෙම් සැරිසරමින් සම්පත් අනුභව කෙළෙමි.
Pali BJT5849. පුනො{7} කස්සප වීරස්ස අත්ථමෙන්තම්හි සාසනෙ, ආරුය්හ සෙලසිඛරං යුඤ්ජිත්වා ජිනසාසනං.
Sinhala BJT5849. යලි කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ සසුන පිරිහී යන කල්හි ගල මුදුනට නැගී බුදුසසුනෙහි යෙදී-
Pali BJT5850. විසුද්ධසීලා සප්පඤ්ඤා ජිනසාසනකාරකා, තතො චුතා පඤ්චජනා දෙවලොකං අගම්හසෙ.
Sinhala BJT5850. පිරිසිදු සිල් ඇති ප්‍රඥායෙන් යුතු වූ බුදුසසුන් කරන්නා වූ අපි පස්දෙනෙක් එයින් ච්‍යුත වූවාහු දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමු.
Pali BJT5851. තතොහං බාහියො ජාතො භාරුකච්ඡෙ පුරුත්තමෙ, තතො නාවාය පක්ඛන්තො{8} සාගරං අප්පසිද්ධියං.{9}
Sinhala BJT5851. ඉක්බිති භාරුකච්ඡ නම් උතුම් නගරයෙහි උපන්නෙම් බාහිය නැමැත්තෙම් වීමි. එයින් නැව් නැගී අර්‍ත්‍ථ සිද්ධි රහිත (අර්‍ත්‍ථ සිද්ධි සංශය ඇති) සයුරට පිවිසියෙමි.
Pali BJT5852. තතො නාවා අභිජ්ජිත්ථ ගන්ත්වාන කතිපාහකං, තදා භිංසනකෙ{10} ඝොරෙ පතිතො මකරාකරෙ.
Sinhala BJT5852. ඉක්බිති කිහිප දිනක් ගොස් නැව බිඳුනේ ය. එකල්හි දැති මුවර (ආදී චණ්ඩ මත්ස්‍ය) යනට ආකර වූ ගොරබිරම් සයුරෙහි වැටුනෙමි.
Pali BJT5853. තදාහං වායමිත්වාන සන්තරිත්වා මහොදධිං. සුප්පාර{11}පට්ටනවරං සම්පත්තො මන්දමෙධිකො.{12}
Sinhala BJT5853. එකල්හි මම මහසයුර තරණය කොට වැර දරා (වෙහෙස හේතු කොට ගෙණ) මඳ වූ වැටහීම් නුවණ ඇත්තෙම් සුප්පාරක පටුනට පැමිණියෙමි.
Pali BJT5854. දාරුචීරං නිවාසෙත්වා ගාමං පිණ්ඩාය පාවිසිං, තදාහ සො ජනො තුට්ඨො අරහායමිධාගතො.
Sinhala BJT5854. දාරුචීර (හෙවත් දරපතුරු වස්ත්‍රයක් මෙන් ගොතා) හැඳ ගමට පිඬු පිණිස ගියෙමි. එකල්හි ඒ ජනතෙමේ තුටු වූයේ මේ රහත් කෙනෙක් මෙහි පැමිණියහයි කී ය.
Pali BJT5855. ඉමං අන්නෙන පානෙන වත්ථෙන සයනෙන ච, භෙසජ්ජෙන ච සක්කත්වා හෙස්සාම සුඛිතා මයං.
Sinhala BJT5855. අපි මොහුට ආහාරයෙන් ද, පානයෙන් ද, වස්ත්‍රයෙන් ද, සයනයෙන් ද, බෙහෙදින් ද සත්කාර කොට සුඛිත වෙමු.
Pali BJT5856. පච්චයානං තදා ලාභී තෙහි සක්කතපූජිතො, අරහා’හන්ති සංකප්පං උප්පාදෙසිං අයොනිසො.
Sinhala BJT5856. එකල්හි ප්‍රත්‍යයලාභී වූයෙම් ඒ ගම්වැසියන් විසින් සත්කාර පූජාකරණලදුයෙම් ‘මම රහතෙක්මි’යි නුනුවණින් අදහසක් ඉපිදවීමි.
Pali BJT5857. තතො මෙ චිත්තමඤ්ඤාය චොදයි පුබ්බදෙවතා, න ත්වං උපායමග්ගඤ්ඤූ කුතො ත්වං අරහං භවෙ.
Sinhala BJT5857. ඉක්බිති පෙර එක්ව මහණදම් පුරමින් සිට බඹලොව උපන් අනාගාමී බ්‍රහ්මදේවතාවෙක් මාගේ සිත දැන “තෝ (නිර්‍වාණගාමී) උපාය මාර්‍ගය දන්නෙක් නො වෙහි ය. තෝ කවරහෙයකින් රහතෙක් වෙහි දැ”යි චෝදනා කෙළේ ය.
Pali BJT5858. චොදිතො තාය සංවිග්ගො තදාහං පරිපුච්ඡිසං, කෙ වා එතෙ කුහිං ලොකෙ අරහන්තො නරුත්තමා.
Sinhala BJT5858. ඔහු විසින් චෝදනා කරණලද මම කලකිරුනෙම් එකල්හි ඔහුගෙන් විචාළෙමි: මේ රහත්හු නම් කවරහු වෙත් ද? ඒ නරෝත්තම වූ රහත්හු ලෝකයෙහි කොහි වෙසෙත් ද? (කියා යි).
Pali BJT5859. සාවත්ථියං කොසලමන්දිරෙ ජිනො පහූතපඤ්ඤො වරභූරිමෙධසො සො සක්යපුත්තො අරහා අනාසවො දෙසෙති ධම්මං අරහත්තපත්තියා.
Sinhala BJT5859. සැවැත්නුවර කොසොල් මැදුරෙහි සම්පූර්‍ණ වූ ප්‍රඥා ඇති උතුම් වූ මහනුවණැති ආස්‍රව රහිත වූ රහත් වූ ඒ ශාක්‍යපුත්‍ර වූ බුදුරජතෙමේ රහත්බවට පැමිණීම පිණිස දහම් දෙසයි.
Pali BJT5860. තදස්ස සුත්වා වචනං සුපීණිතො තිධිංව ලද්ධා කපණො’තිවිම්හිතො, උදග්ගචිත්තො අරහත්තමුත්තමං{1} සුදුස්සනං දට්ඨුමනන්තගොචරං.
Sinhala BJT5860. එකල්හි ඔහුගේ වචනය අසා නිධානයක් ලැබ දුගියකු මෙන් අතිශයින් පිණාගියෙම් ඉතා විස්මයපත් වූයෙම් ඔදවැඩි සිත් ඇත්තෙම් අතිශයින් දැකුම්කලු වූ අනන්ත වූ (සත්ත්‍ව සංස්කාර අවකාශ ලෝකයන්) විෂයයෙහි විනිවිද ගිය නුවණ ඇති අර්‍හත් වූ උතුම් වූ බුදුරජුන් දැකීමට-
Pali BJT5861. තදා තතො නික්ඛමිතූන සත්වරං{2} කදා ජිනං පස්සාමි විමාලනනං උපෙච්ච රම්මං විජිතව්හයං වනං දිජෙ අපුච්ඡිං කුහිං ලොකනන්දනො.
Sinhala BJT5861. එකල්හි ඉන් වහා නික්ම පිරිසිදු මුහුණක් ඇති බුදුරජුන් කවදා දකිම්දැ’යි රම්‍ය වූ විජිත නම් වනයට එළඹ ‘ලෝකනන්‍දන වූ බුදුරජුන් කොහි දැ’යි බමුණන්ගෙන් විචාළෙමි.
Pali BJT5862. තතො අවොචුං නරදෙවවන්දිතො පුරං පවිට්ඨො අසනෙසනාසයො{3} සචෙ හි{4} ඛිප්පං මුනිදස්සනුස්සුකො උපෙච්ච වන්දාහි තමග්ගපුග්ගලං.
Sinhala BJT5862. ඉක්බිති ඔහු මෙසේ කීහ. “දෙවි මිනිසුන් විසින් වඳින ලද්දා වූ බුදුරජ තෙම පිඬු සිඟීමෙහි අදහස් ඇත්තේ නගරයට පිවිසියේ ය. ඉදින් බුදුරජුන් දැකීමෙහි උත්සාහවත් වූයෙහි නම් වහා එළඹ ඒ අග්‍රපුද්ගල වූ බුදුරජුන් වඳුව.”
Pali BJT5863. තතොහං තුවට්ටං ගන්ත්වා සාවත්ථිපුරමුත්තමං, විචරන්තං තමද්දක්ඛිං පිණ්ඩත්ථමපිහාගිධං{5}.
Sinhala BJT5863. ඉක්බිති මම වහා උතුම් වූ සැවැත්නුවරට ගොස් ඉච්ඡා ගේධ විරහිත ව පිඬු පිණිස හැසිරෙන්නා වූ එ බුදුරජුන් දිටිමි.
Pali BJT5864. පත්තපාණිං අලොලක්ඛං භාජයන්තං වියාමතං{6}, සිරීනිලයසඞ්කාසං රවිදිත්තිහරානනං.
Sinhala BJT5864. (ද්වාත්‍රිංශද්වර අශීත්‍යනුව්‍යඤ්ජන) ශ්‍රියගේ නිවාසස්ථානය වැනි, සූර්‍ය්‍යයාගේ දීප්තියට බඳු (දීප්තිමත්) මුහුණු ඇති, නිසසල ඇස් ඇති, අමා බෙදන්නකු මෙන් පාත්‍රය ගත් අත් ඇති-
Pali BJT5865. තං සමෙච්ච නිපච්චාහං ඉදං වචනමබ්රවිං, කුපථෙ විප්පනට්ඨස්ස සරණං හොහි ගොතම.
Sinhala BJT5865. එම බුදුරජුන් වෙත එළඹ මම පාමුල වැටී ‘ගෞතමයන් වහන්ස, උවදුරු සහිත මාර්‍ගයෙහි මුළා වී නටුවහුට පිහිට වනු මැනැවැ’යි මෙ වදන් කීමි.
Pali BJT5866. පාණසන්තාරණත්ථාය පිණ්ඩාය විචරාමහං, න තෙ ධම්මකථාකාලො ඉච්චාහ මුනිසත්තමො.
Sinhala BJT5866. “මම සත්ත්‍වයන් (සසරසයුරින්) එතෙර කිරීම පිණිස පිඬු පිණිස හැසිරෙමි. තට ධර්‍මකථාවට කාලය නො වේ” ය යි මුනිශ්‍රේෂ්ඨ වූ බුදුරජ තෙමේ වදාළේ ය.
Pali BJT5867. තදා පුනප්පුනං බුද්ධං ආයාචිං ධම්මලාලසො, සො මෙ ධම්මමදෙසෙසි ගම්භීරං සුඤ්ඤතං පදං.
Sinhala BJT5867. එකල්හි දහම්හි ලොල් වූයෙම් නැවත නැවතත් බුදුරජුන් අයැදිමි. ඒ බුදුරජතෙම ගැඹුරු වූ ශුන්‍යත (නිර්‍වාණ) පදය වූ ධර්‍මය මට දෙසී ය.
Pali BJT5868. තස්ස ධම්මං සුණිත්වාන පාපුණිං ආසවක්ඛයං, පරික්ඛීණායුකො සන්තො අහො සත්ථා’නුකම්පකො.
Sinhala BJT5868. (මම) පිරිහුනු ආයු ඇත්තෙම් උන්වහන්සේගේ ධර්‍මය අසා ආස්‍රවක්‍ෂය වූ නිවණට පැමිණියෙමි. (අසරණයනට) අනුකම්පා කරන්නා වූ ශාස්තෲන් වහන්සේ ආශ්චර්‍ය්‍ය සේක් මැ යි.
Pali BJT5869. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5869. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT5870. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
Sinhala BJT5870. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5871. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5871. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5872. එවං ථෙරො වියාකාසි බාහියො දාරුචීරියො, සඞ්කාරකූටෙ පතිතො භූතාවිට්ඨාය ගාවියා.
Sinhala BJT5872. භූතාවිෂ්ට වූ දෙනක විසින් (පහර දීමෙන්) කසලගොඩක වැටුනු බාහිය දාරුචීරිය තෙමේ මෙසේ (තමාගේ චරිතය පිළිබඳ තොරතුරු) පැවසී ය.
Pali BJT5873. අත්තනො පුබ්බචරිතං{1} කිත්තයිත්වා මහාමති, පරිනිබ්බායී සො වීරො{2} සාවත්ථියං පුරුත්තමෙ.
Sinhala BJT5873. මහනුවණැති ඒ වීර වූ දාරුචීරිය තෙමේ උතුම් සැවැත්පුරයෙහි දී තමාගේ පෙර සිරිත පවසා පිරිනිවන් පෑවේ ය.
Pali BJT5874. නගරා නික්ඛමන්තො තං දිස්වාන ඉසිසත්තමො, දාරුචීරධරං ධීරං බාහියං බාහිතාගමං.
Sinhala BJT5874-5875. නුවරින් නික්මෙන්නා වූ (විපස්සී බුදුරජුන් පටන් ගිණුකල) සත්වැනි ඍෂි වූ ගෞතම බුදුරජ තෙමේ “දැවපතුරු ගොතා කළ වතක් දරන්නා වූ නැණවත් වූ බැහැර කරණලද භවාගමනය ඇති, බිම වැටුනා වූ දැමුනා වූ හෙළනලද ඉඳුකෙහෙලියක් මෙන් අවසන් වූ ආයු ඇති, ඉක්ම ගිය කෙළෙස් ඇති, බුද්ධශාසනකාරක වූ ඒ බාහිය තෙරුන් දැක-
Pali BJT5875. භූමියං පතිතං දන්තං ඉන්දකෙතුංව{3} පාතිතං, ගතායුසං ගතකෙලසං{4} ජිනසාසනකාරකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5876. තතො ආමන්තයී සත්ථා සාවකෙ සාසනෙ රතෙ, “ගණ්හථ නෙත්වා{5} ඣාපෙථ තනුං සබ්රහ්මචාරිනො.
Sinhala BJT5876. ඉක්බිති ශාස්තෘ තෙමේ සසුනෙහි නිරත ශ්‍රාවකයන් ඇමතූය. (අමතා) “මේ සබ්‍රහ්මචාරීහුගේ සිරුර ගණිවු. ගෙණ ගොස් ආදාහනය කරවු.
Pali BJT5877. ථූපං කරොථ පූජෙථ නිබ්බුතො සො මහාමති, ඛිප්පාභිඤ්ඤානමෙසග්ගො සාවකො මෙ වචොකරො.
Sinhala BJT5877. සෑයක් කරවු. (ඒ සෑයට ද) පුදවු. ඒ මහනුවණැත්තේ පිරිනිවන් පෑවේ ය. මාගේ වචනය කරන්නා වූ හෙවත් සුවච වූ මේ ශ්‍රාවක තෙමේ වහා දහම් පිළිවිදුනා භික්‍ෂූන් අතුරෙන් අග්‍ර ය.
Pali BJT5878. සහස්සම්පි චෙ ගාථා අනත්ථපදසංහිතා, එකං ගාථාපදං සෙය්යො යං සුත්වා උපසම්මති.
Sinhala BJT5878. ඉදින් අර්‍ත්‍ථ විරහිත පදයෙන් යුක්ත වූ ගාථාවෝ දහසෙක් නමුදු උතුම් නො වෙති. යම් ගාථාවක් අසා (පුද්ගල තෙමේ) සන්හිඳේ ද, එබඳු එක ගාථාපදය නමුදු ශ්‍රේෂ්ඨ ය.
Pali BJT5879. යත්ථ ආපො ච පඨවී{6} තෙජො වායො න ගාධති, න තත්ථ සුක්කා ජොතන්ති ආදිච්චො නප්පකාසති, න තත්ථ චන්දිමා භාති තමො තත්ථ න විජ්ජති.
Sinhala BJT5879. යම් තැනෙක්හි ආපෝධාතුව ද, පඨවීධාතුව ද, තේජෝධාතුව ද, වායෝධාතුව ද නො ගටා නම් එ නිවනෙහි ශුක්ලප්‍රභා ඇති ඕසධීතාරකාදීහු නො බබලති. හිරු නො පැනේ. එහි සඳ නො බබලයි. එහි අඳුර නැත.
Pali BJT5880. යාදා ච අත්තනා වෙදි මුනි මොනෙන බ්රාහ්මණො, අථ රූපා අරූපා ච සුඛදුක්ඛා විමුච්චති. ඉච්චෙවං අභණී නාථො තිලොකසරණො මුනි.
Sinhala BJT5880. යම් කලෙක්හි (බහා තබනලද පව් ඇති බැවින්) බ්‍රාහ්මණ ය යි ද, මෝනෙය්‍ය ගුණයෙන් යුතු බැවින් මුනි ය යි ද තෙමේ ම (තමා) දැන ගත්තේ නම් එකල්හි හේ රූපභවයෙන් ද අරූපභවයෙන් ද සුවදුක් දෙකින් ද, මිදේ”ය යි මෙසේ තිලොවට පිළිසරණ වූ (අනාථයනට) නාථ වූ බුදුරජ තෙම වදාළේ ය.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බාහියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් බාහිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබාහියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTබාහිය ස්ථවිරාවදානය සවැනියි.
Pali BJT537. කොට්ඨිතත්ථෙරාපදානං
Sinhala BJT537. කොට්ඨිත ස්ථවිරාවදානය
Pali BJT5881. පදුමුත්තරො නාම ජිනො සබ්බලොකවිදූ මුනි, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
Sinhala BJT5881. පසැස් ඇති සියලු ලෝකයන් (තත් වූ පරිදි) දැන ගත්තා වූ පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ මෙයින් (පෙර) සියක් දහස්වන කපෙහි ලොව පහළ වී ය.
Pali BJT5882. ඔවාදකො විඤ්ඤාපකො තාරකො සබ්බපාණිනං, දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT5882. සව් සත්නට ඔවා දෙන්නා වූ, දහම් පිළිවිදුවන්නා වූ, (සත්ත්‍වයන් සසරින්) එතෙර කරන්නා වූ, දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජ තෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
Pali BJT5883. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං, සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨපි.{1}
Sinhala BJT5883. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ වැඩ කැමැත්තා වූ (එ බුදුරජ තෙම) පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිට වී ය.
Pali BJT5884. එවං නිරාකුලං ආසි සුඤ්ඤකං තිත්ථියෙහි ච, විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
Sinhala BJT5884. මෙසේ (ඒ කාලය) තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ, නිරවුල් වූ, තාදීගුණ ඇති (පඤ්ච වශිතායෙන්) වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
Pali BJT5885. රතනානට්ඨපඤ්ඤාසං උග්ගතො සො මහාමුනි, කඤ්චනග්ඝියසඞ්කාසො බත්තිංසවරලක්ඛණො.
Sinhala BJT5885. ඒ බුදුරජතෙම අටපණස්රියනක් උස ය. රන්ඇගෑයක් වැන්න. දෙතිස් මහපුරිස් ලකුණු ඇත්තේ ය.
Pali BJT5886. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ, තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT5886. එකල්හි ලක්‍ෂයක් හවුරුද්දට ආයු වෙයි. එපමණ කල් වැඩහුන්නා වූ ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.
Pali BJT5887. තදාහං හංසවතියං බ්රාහ්මණො වෙදපාරගු, උපෙත්වා සත්තසාරග්ගං{2} අස්සොසිං ධම්මදෙසනං.
Sinhala BJT5887. එකල්හි මම හංසවතී නගරයෙහි වේදයෙහි පරතෙරට ගිය බමුණෙක් වූයෙම් බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.
Pali BJT5888. තදා සො සාවකං වීරො පභින්නමතිගොචරං, අත්ථෙ ධම්මෙ ච නෙරුත්තෙ{3} පටිභානෙ ච කොවිදං.
Sinhala BJT5888. එකල්හි ඒ වීර වූ බුදුරජතෙමේ අර්‍ත්‍ථයෙහි ද ධර්‍මයෙහි ද නිරුක්තියෙහි ද ප්‍රතිභානයෙහි ද දක්‍ෂ වූ ප්‍රභේදගත ප්‍රතිසම්භිදාඥාන ඇති ශ්‍රාවකයකු-
Pali BJT5889. ඨපෙසි එතදග්ගම්හි තං සුත්වා මුදිතො අහං, සසාවකං ජිනවරං සත්තාහං භොජයිං තදා.
Sinhala BJT5889. ඒතදග්‍රස්ථානයෙහි තැබී ය. එය අසා ප්‍රමුදිත වූ මම එකල්හි ශ්‍රාවකයන් සහිත උතුම් වූ බුදුරජුන් සතියක් වැළඳවීමි.
Pali BJT5890. දුස්සෙහකච්ඡාදයිත්වාන සසිස්සං බුද්ධිසාගරං, නිපච්ච පාදමූලම්හි තං ඨානං පත්ථයිං අහං.
Sinhala BJT5890. මම බුද්ධිසාගර වූ බුදුරජුන් ශිෂ්‍යයන් සහිතව වස්ත්‍රයෙන් (-සිවුරින්) හඳවා පාමුලෙහි වැටී එම තනතුර පැතීමි.
Pali BJT5891. තතො අවොච ලොකග්ගො පස්සථෙතං දිජුත්තමං, විනතං පාදමූලෙ මෙ කමලොදරසප්පභං.
Sinhala BJT5891. ඉක්බිති ලෝකාග්‍ර වූ බුදුරජ තෙම මෙසේ වදාළේ ය. “මාගේ පාමුල නැවුනා වූ පියුම්ගැබකට බඳු පැහැ ඇති මේ උතුම් බමුණා දෙස බලවු.
Pali BJT5892. බුද්ධසෙට්ඨස්ස භික්ඛුස්ස{1} ඨානං පත්ථයතෙ අයං, තාය සද්ධාය චාගෙන ධම්මස්ස සවණෙන{2} ච.
Sinhala BJT5892. මෙතෙම සිවුපිළිසැඹියාවන් දත් ශ්‍රේෂ්ඨ වූ භික්‍ෂුහුගේ තනතුර පතයි. (මොහු තුළ ඇති) එම ශ්‍රද්ධාවෙන් ද ත්‍යාගයෙන් ද, දහම් ඇසුමෙන් ද,
Pali BJT5893. සබ්බත්ථ සුඛිතො හුත්වා සංසරිත්වා භවාභවෙ, අනාගතම්හි අද්ධානෙ ලච්ඡතෙ තං මනොරථං.
Sinhala BJT5893. සියලු තන්හි සුව ඇත්තේ ව කුදුමහත් භවයෙහි සැරිසරා මතුකාලයෙහි එම මනෝරථය ලබන්නේ ය.
Pali BJT5894. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන{3} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT5894. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT5895. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො කොට්ඨිතො නාම නාමෙන හෙස්සති සත්ථු සාවකෙ.
Sinhala BJT5895. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ, ඖරස පුත්‍ර වූ, නමින් කොට්ඨිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය”.
Pali BJT5896. තං සුත්වා මුදිතො හුත්වා යාවජීවං තදා ජිනං, මෙත්තචිත්තො පරිචරිං සතො පඤ්ඤාසමාහිතො.
Sinhala BJT5896. එකල්හි එය අසා සතුටු වූයෙම් දිවිහිමියෙන් මෙත් සිත් ඇත්තෙම් ස්මෘති ඇත්තෙම් ප්‍රඥාවෙන් යුක්ත වූයෙම් බුදුරජුනට (වතාවත් කිරීම් වශයෙන්) පරිචරණය කෙළෙමි.
Pali BJT5897. තෙන කම්මවිපාකෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5897. මම ඒ කර්‍මවිපාකය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්කය හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
Pali BJT5898. සතානං තීණික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
Sinhala BJT5898. මම තෙසියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.
Pali BJT5899. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, සබ්බත්ථ සුඛිතො ආසිං තස්ස කම්මස්ස වාහසා.
Sinhala BJT5899. (ලබනලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය. එම කර්‍මයාගේ බලයෙන් සියලු තන්හි සුඛිත වූයෙමි.
Pali BJT5900. දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ගච්ඡාමි සුචිණ්ණස්ස ඉදං ඵලං.
Sinhala BJT5900. දෙව් ඇත් බැව්හි ද මිනිස් අත් බැව්හි ද (යන) දෙඅත් බැව්හි සැරිසරමි. අනික් ගතියකට නො යමි. මේ රැස්කරනලද පුණ්‍යකර්‍මයාගේ විපාක යි.
Pali BJT5901. දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ අථ බ්රාහ්මණෙ, නීචෙ කුලෙ න ජායාමි සුචිණ්ණස්ස ඉදං ඵලං.
Sinhala BJT5901. කැත්කුලයෙහි ද යලි බමුණුකුලයෙහි ද යන දෙකුලයෙහි උපදිමි. නීච කුලයෙහි නො උපදිමි. මේ රැස්කරනලද පුණ්‍යකර්‍මයාගේ විපාක යි.
Pali BJT5902. පච්ඡිම්භවෙ{4}සම්පත්තෙ බ්රහ්මබන්ධු අහොසහං, සාවත්ථියං විප්පකුලෙ පච්චාජාතො මහද්ධනෙ.
Sinhala BJT5902. මම පශ්චිම භවය පැමිණි කල්හි බමුණෙක් වීමි. සැවැත් නුවර මහත් ධන ඇති බමුණු කුලයක උපන්මි.
Pali BJT5903. මාතා චන්දවතී නාම පිතා මෙ අස්සලායනො, යදා මෙ පිතරං බුද්ධො විනයී සබ්බසුද්ධියා.
Sinhala BJT5903. මාගේ මවු තොමෝ චන්‍ද්‍රවතී නම් වූවා ය. පියතෙම අස්සලායන නම් විය. යම් කලෙක්හි බුදුරජතෙම මාගේ පියා සර්‍වශුද්ධියෙහි හෙවත් රහත් බවට පැමිණවීමෙන් හික්මවී ද,
Pali BJT5904. තදා පසන්නො සුගතෙ පබ්බජිං අනගාරියං, මොග්ගල්ලානො ආචරියො උපජ්ඣො{5} සාරිසම්භවො.
Sinhala BJT5904. එකල්හි බුදුරජුන් කෙරෙහි පහන් වූයෙම් අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි. මෞද්ගල්‍යාන තෙමේ ආචාර්‍ය්‍ය විය. ශාරිප්‍රත්‍ර තෙමේ උපාධ්‍යාය විය.
Pali BJT5905. කෙසෙසු ඡිජ්ජමානෙසු දිට්ඨි ඡින්නා සමූලිකා, නිවාසෙන්තො{1} ච කාසාවං අරහත්තමපාපුණිං.
Sinhala BJT5905. හිසකේ කපන කල්හි (සක්කාය) දිට්ඨි තොමෝ සහමුලින් සිඳින. යලි කසාවත් හඳනේ රහත්බවට පැමිණියෙමි.
Pali BJT5906. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ ච මෙ මති, පභින්නා තෙන ලොකග්ගො එතදග්ගෙ ඨපෙසි මං.
Sinhala BJT5906. මාගේ ස්මෘති තොමෝ අර්‍ත්‍ථ ධර්‍ම නිරුක්තීන්හි ද ප්‍රතිභානයෙහි ද වෙන වෙන ම විනිවිද ගිය බැවින් ප්‍රභේදගත විය. එහෙයින් ලොවගපත් බුදුරජතෙම (පිළිසැඹියා පතුවන් අතුරෙන්) මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
Pali BJT5907. අසන්දිද්ධං වීයාකාසිං උපතිස්සෙන පුච්ඡිතො, පටිසම්භිදාසු තෙනාහං අග්ගො සම්බුද්ධසාසනෙ.
Sinhala BJT5907. උපතිස්සයන් (-ශාරීපුත්‍රයන්) විසින් ප්‍රතිසම්භිදාවන් විෂයයෙහි ප්‍රශ්න විචාරණ ලදුයෙම් නිසැක ව විසඳා පැවසීමි. එහෙයින් මම සම්බුදුසසුනෙහි පිළිසැඹියා පතුවනට අග්‍ර වූ යෙම් වෙමි.
Pali BJT5908. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5908. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT5909. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
Sinhala BJT5909. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5910. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5910. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාකොට්ඨිතො ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමහාකොට්ඨිතත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTමහාකොට්ඨිත ස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT538. උරුවෙලකස්සපත්ථෙරාපදානං
Sinhala BJT538. උරුවේලකස්සප ස්ථවිරාවදානය
Pali BJT5911. පදුමුත්තරො නාම ජිනො සබ්බලොකවිදූ මුනි, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
Sinhala BJT5911. පසැස් ඇත්තා වූ සියලු ලෝකයන් තත් වූ පරිදි දැනගත්තා වූ පස්මරුන් ජයගත්තා වූ පදුමුත්තර නම් බුදුරජතෙමේ මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි ලොව පහළ විය.
Pali BJT5912. ඔවාදකො විඤ්ඤාපකො තාරකො සබ්බපාණිනං, දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT5912. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් පිළිවිදුවන්නා වූ (සත්ත්‍වයන්) සසරින් එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජ තෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කරවී ය.
Pali BJT5913. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං, සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨපි.{2}
Sinhala BJT5913. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමැත්තා වූ ඒ බුදුරජ තෙම පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිට විය.
Pali BJT5914. එවං නිරාකුලං ආසි සුඤ්ඤකං තිත්ථියෙහි ච, විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
Sinhala BJT5914. මෙසේ ඒ කාලය තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූ නිරවුල් වූ, තාදී ගුණ ඇති පඤ්චවශිතායෙන් වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වූවක් විය.
Pali BJT5915. රතනානට්ඨපඤ්ඤාසං උග්ගතො සො මහාමුනි, කඤ්චනග්ඝියසඞ්කාසො බත්තිංසවරලක්ඛණො.
Sinhala BJT5915. ඒ බුදුරජතෙම අටපණස්රියනක් උස ය. රන්ඇගෑයක් වැන්න. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
Pali BJT5916. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ, තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT5916. එකල්හි ලක්‍ෂයක් හවුරුද්දට ආයු වෙයි. එපමණ කල් වැඩහුන්නා වූ ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතෙර කෙළේ ය.
Pali BJT5917. තදාහං හංසවතියං බ්රාහ්මණො සාධුසම්මතො, උපෙච්ච ලොකපජ්ජොතං අස්සොසිං ධම්මදෙසනං.
Sinhala BJT5917. එකල්හි මම හංසවතී නගරයෙහි සාධුසම්මත වූ බ්‍රාහ්මණයෙක් වූයෙම් බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.
Pali BJT5918. තදා මහාපරිසතිං මහාපුරිසසාවකං, ඨපෙන්තං එතදග්ගම්හි සුත්වාන මුදිතො අහං.
Sinhala BJT5918. එකල්හි මම (මහපිරිස් ඇතියනට අග්‍රය යි) ඒතදග්‍රස්ථානයෙහි තබන්නා වූ මහපිරිස් ඇති බුද්ධශ්‍රාවකයකු දැක සතුටු වූයෙමි.
Pali BJT5919. මහතා පරිවාරෙන නිමන්තෙත්වා මහාජිනං, බ්රාහ්මණානං සහස්සෙන සහ දානමදාසහං.
Sinhala BJT5919. බමුණන් දහසක් සහිත වූ මම මහපිරිවරින් බුදුරජුන් පවරා දන් දුනිමි.
Pali BJT5920. මහාදානං දදිත්වාන අභිවාදිය නායකං, එකමන්තෙ{1} ඨිතො හට්ඨො ඉදං වචනමබ්රවිං:
Sinhala BJT5920. මහදන් දී බුදුරජුන් වැඳ සතුටු වූයෙම් එකත්පසෙක සිටියෙම් මේ වචනය කීමි:
Pali BJT5921. තයි සද්ධාය මෙ වීර අධිකාරගුණෙන ච, පරිසා මහතී හොතු නිබ්බත්තස්ස තහිං තහිං.
Sinhala BJT5921. “වීරයන් වහන්ස මා විසින් ඔබ වහන්සේ කෙරෙහි සැදැහැයෙන් කරණලද පූජාසත්කාර සඞ්ඛ්‍යාත අධිකාර ගුණ හේතු කොටගෙන ඒ ඒ තන්හි උපදින්නා වූ මට මහත් වූ පිරිස ඇති වේවා.
Pali BJT5922. තදා අවොච පරිසං ගජගජ්ජිතසුස්සරො, කරවීකරුතො සත්ථා එතං පස්සථ බ්රාහ්මණං.
Sinhala BJT5922-5923. එකල්හි මේඝගර්ජිතයකට බඳු මනා වූ ගම්භීර ස්වර ඇති කුරවිකෙවිල් හඬකට බඳු ස්වර ඇති ශාස්තෘ තෙමේ පිරිස අමතා මෙසේ කී ය: “ස්වර්‍ණවර්‍ණ වූ මහාබාහු ඇති, පියුමකට බඳු මුහුණ හා ඇස් ඇති, ඌධර්‍වාග්‍රරෝම ඇති, ප්‍රීතිමත් වූ මාගේ ගුණයෙහි සැදැහැවත් වූ මේ බමුණු දෙස බලවු.
Pali BJT5923. හෙමවණ්ණං මහාබාහුං කමලානනලොවනං, උද්ධග්ගතනුජං{2} හට්ඨං සද්ධාවන්තං{3} ගුණෙ මම.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5924. එස පත්ථයතෙ ඨානං{4} සීහඝොසස්ස භික්ඛුනො, අනාගතම්හි අද්ධානෙ ලච්ඡිතෙ තං මනොරථං.
Sinhala BJT5924. මෙතෙම මහපිරිස් ඇත්තවුනට අගතැන්පත් වු ශ්‍රේෂ්ඨ ඝෝෂ ඇත්තා වූ නොහොත් සිංහඝෝෂ නම් වූ භික්‍ෂුහුගේ ඒ තනතුර පතයි. මතුකාලයෙහි ඔහුගේ ඒ චිත්තාභිලාෂය සමෘද්ධ වන්නේ ය.