Pali BJT5741. තතොහං සුකතං කාරං කත්වාන ජිනසාසනෙ, ජහිත්වා මානුසං දෙහං තුසිතං අගමාසහං.
Sinhala BJT5741. ඉක්බිති මම සර්‍වඥශාසනයෙහි මෙ ම මනා පින්කම කොට මිනිස් සිරුර හැර තුසිත දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
Pali BJT5742. දෙවමානුසරජ්ජානි සතසො අනුසාසිය, බාරාණසීසමාසන්නෙ ජාතො කෙනියජාතියං.
Sinhala BJT5742. දැහැමින් සෙමින් සියක්වර දිව්‍යමනුෂ්‍යරාජ්‍යයන් අනුශාසනය කොට බරණැස සමීපයෙහි පේශකාරකුලයෙහි උපන්නෙම් වෙමි.
Pali BJT5743. සහස්සපරිවාරෙන{1} සපජාපතිකො අහං, පඤ්ච පච්චෙකබුද්ධානං සතානි සමුපට්ඨහිං.
Sinhala BJT5743. භාර්‍ය්‍යාව සහිත වූ මම දහසක් පිරිවර සමග පන්සියක් පසේබුදුවරයනට උවැටැන් කෙළෙමි.
Pali BJT5744. තෙමාසං භොජයිත්වාන පච්ඡා’දම්හ තිචීවරං, තතො චුතා මයං සබ්බෙ අහුම්හ තිදසූපගා.
Sinhala BJT5744. තෙමසක් වළඳවා පසුව තුන් සිවුරු දුනිමු. අපි සියල්ලෝ එයින් ච්‍යුතව තව්තිසා දෙව්ලොවට ගියෝ වූමු.
Pali BJT5745. පුනො සබ්බෙ මනුස්සත්තං ආගමිම්හ{2} තතො චුතා, කුක්කුටම්හි පුරෙ ජාතා හිමවන්තස්ස පස්සතො.
Sinhala BJT5745. යලි එයින් සැව මිනිසත් බවට පැමිණියෙමු. හිමවත්පව් පසෙකැ වූ කුක්කුට පුරයෙහි උපන්නමෝ වූමු.
Pali BJT5746. කප්පිනො නාමහං ආසිං රාජපුත්තො මහායසො, සෙසාමච්චකුලෙ ජාතා මමෙව පරිවාරයුං.
Sinhala BJT5746. මම මහත්යශස් ඇති කප්පින නම් රාජපුත්‍රයෙක් වීමි. සෙස්සෝ ඇමතිකුලයෙහි උපන්නාහු මා මැ පිරිවැරූහ.
Pali BJT5747. මහාරජ්ජසුඛං පත්තො සබ්බකාමසමිද්ධිමා, වාණිජෙහි සමක්ඛාතං බුද්ධප්පාදමහං සුණිං.
Sinhala BJT5747. සියලු කාමසුඛයෙන් සමෘද්ධ වූ මම මහරජසුවයට පැමිණියේ වෙළෙඳුන් විසින් කියන ලද බුදුඋපත ඇසීමි:
Pali BJT5748. “බුද්ධො ලොකෙ සමුප්පන්නො අසමො එකපුග්ගලො, සො පකාසෙති සද්ධම්මං අමතං සුඛමුත්තමං.
Sinhala BJT5748. “අසම වූ අසහාය පුද්ගල වූ බුදුරජ තෙම ලොව පහළ විය. හෙතෙම උතුම් වූ අමාසුව (දෙන) සදහම් දෙසයි.
Pali BJT5749. සුයුත්තා තස්ස සිස්සා ච සුමුත්තා ච අනාසවා,” සුත්වා තෙසං සුවචනං සක්කරිත්වාන වාණිජෙ.
Sinhala BJT5749. උන්වහන්සේගේ ශිෂ්‍යයෝ ද මැනැවින් (ඒ ධර්‍මයෙහි) යෙදුනෝ ය. ආස්‍රවයන් කෙරෙන් මැනැවින් මිදුනෝ ය” කියා යි. ඔවුන්ගේ මේ භද්‍රවචන අසා ඒ වෙළෙඳුන්හට සත්කාර කොට-
Pali BJT5750. පහාය රජ්ජං සාමච්චො නික්ඛමිං බුද්ධමාමකො, නදිං දිස්වා මහාචන්දා පූරිතං සමතිත්තිකං.
Sinhala BJT5750. රාජ්‍යය හැර ලා ඇමතියන් සහිතව බුද්ධමාමක වූයෙම් (තථාගතයන් දක්නට) නික්මුනෙමි. මුවවිට දක්වා පිරුණා වූ චන්‍ද්‍රභාගා මහානදිය දැක-
Pali BJT5751. අප්පතිට්ඨං අනාලම්බං දුත්තරං සීඝවාහිනිං, ගුණං සරිත්වා බුද්ධස්ස සොත්ථිනා සමතික්කමිං.
Sinhala BJT5751. (එහි වැටුනු අයට කිසිදු පිහිටක් නො මැති බැවින්) ප්‍රතිෂ්ඨා විරහිත වූ (එල්බ ගැනීමට කිසිවක් නැති බැවින්) නිරාලම්බ වූ, තරණය කිරීම දුෂ්කර වූ, ශීඝ්‍රව ගලා බස්නා වූ (චන්‍ද්‍රභාගා නදිය) බුදුරජුන්ගේ ගුණ සිහිකොට සුවසේ තරණය කෙළෙමි.
Pali BJT5752. භවසොතං සචෙ බුද්ධො තිණ්ණො ලොකන්තගූ විදූ, එතෙන සච්චවජ්ජෙන ගමනං මෙ සමිජ්ඣතු.
Sinhala BJT5752. ලෝකයෙහි අන්තයට ගියා වූ සියල්ල දන්නා වූ සර්‍වඥ තෙමේ ඉදින් භව සැඩපහර තරණය කෙළේ නම් ඒ සත්‍යවචනය කරණකොට ගෙණ මාගේ ගමන සමෘද්ධ වේ වා.
Pali BJT5753. යදි සන්තිගමො මග්ගො මොක්ඛො චච්චන්තිකං{1} සුඛං, එතෙන සච්චවජ්ජෙන ගමනං මෙ සමිජ්ඣතු.
Sinhala BJT5753. ඉදින් මාර්‍ගය නිවන කරා යන සුළු වේ නම්, මෝක්‍ෂය ද අත්‍යන්තසුඛ වේ නම්, ඒ සත්‍යවචනය කරණ කොට ගෙණ මාගේ ගමන සමෘද්ධ වේවා.
Pali BJT5754. සඞ්ඝො චෙ තිණ්ණකන්තාරො පුඤ්ඤක්ඛෙත්තො අනුත්තරො, එතෙන සච්චවජ්ජෙන ගමනං මෙ සමිජ්ඣතු.
Sinhala BJT5754. ඉදින් ආර්‍ය්‍යසඞ්ඝ තෙමේ තරණය කරණ ලද භවකාන්තාරය ඇත්තේ වේ ද, නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රය වේ ද, ඒ සත්‍යවචනය කරණ කොට ගෙන මාගේ ගමන සමෘද්ධ වේවා යි සත්‍යක්‍රියා කෙළෙමි.
Pali BJT5755. සහ කතෙ සච්චවරෙ මග්ගා අපගතං ජලං, තතො සුඛෙන උත්තිණ්ණො නදීතීරෙ මනොරමෙ.
Sinhala BJT5755. මේ උතුම් වූ සත්‍යක්‍රියාව කළ කෙණෙහි මාර්‍ගයෙන් ජලය ඉවත් විය. ඉක්බිති සුවසේ (ගඟින්) එතෙර වූයෙම් මනරම් වූ ගඞ්ඟා තීරයෙහි-
Pali BJT5756. නිසින්නං අද්දසං බුද්ධං උදෙන්තංව පභඞ්කරං, ජලන්තං හෙමසෙලංව දීපරුක්ඛංව ජොතිතං.
Sinhala BJT5756-5757. උදාවන හිරු වැනි, දිලිසෙන හිමාලයපර්‍වතය වැනි, බබලන ප්‍රදීපවෘක්‍ෂයක් වැනි වූ, තරු සහිත වූ සඳු මෙන් ශ්‍රාවකයන් විසින් පිරිවරන ලද, එකල්හි වර්‍ෂා කරණ මෙඝයක් මෙන් දේශනා ජලදායක වූ වැඩහුන් බුදුරජුන් දිටිමි.
Pali BJT5757. සසී ව{2} තාරාසහිතං සාවකෙහි පුරක්ඛතං, වාසවං විය වස්සන්තං දෙසනාජලදං තදා{3}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5758. වන්දිත්වාන සහාමච්චො එකමන්තං උපාවිසිං{4} තතො නො ආසයං{5} ඤත්වා බුද්ධො ධම්මමදෙසයී.
Sinhala BJT5758. මම ඇමතියන් සහිතව (බුදුරජුන්) වැඳ එකත් පසෙක හුනිමි. ඉක්බිති බුදුරජ තෙමේ අපගේ අදහස් දැන දහම් දෙසී ය.
Pali BJT5759. සුත්වාන ධම්මං විමලං අවොචුම්හ මයං ජිනං, පබ්බාජෙහි මහාවීර නිබ්බින්නම්හ{6} මයං භවෙ.
Sinhala BJT5759. අපි නිර්‍මල වූ ධර්‍මය අසා බුදුරජුන්හට මෙසේ කීමු. “මහාවීරයන් වහන්ස අපි භවයෙහි කලකිරුනෝ වෙමු. පැවිදි කරවනු මැනවැ”යි.
Pali BJT5760. ස්වාක්ඛාතො{7} භික්ඛවෙ ධම්මො දුක්ඛන්තකරණාය වො, චරථ බ්රහ්මචරියං ඉච්චාහ මුනි සත්තමො.
Sinhala BJT5760. “මහණෙනි, ධර්‍මය (මැනවින් දෙසනලද බැවින්) ස්වාක්ඛාතය. තොපගේ දුක් කෙළවර කිරීම පිණිස බඹසර හැසිරෙවු”යි (විපස්සී බුදුරජුන් පටන් මේ බුදුරජුන් තෙක් ගිණිමෙන්) සත්වැනි වූ (ගෞතම) මුනිතෙම වදාළේ ය.
Pali BJT5761. සහ වාචාය සබ්බෙපි භික්ඛුංවසධරා මයං, අහුම්හ උපසම්පන්නා සොතාපන්නා ච සාසනෙ.
Sinhala BJT5761. එම වචනය හා සමග ම අපි සියල්ලෝ භික්‍ෂුවේශ ධරන්නමෝ සසුනෙහි උපසපන් වූ සෝවන් වූ පැවිද්දෝ වූමු.
Pali BJT5762. තතො ජෙතවනං ගන්ත්වා අනුසාසි විනායකො, අනුසිට්ඨො ජිනෙනාහං අරහත්තමපාපුණිං.
Sinhala BJT5762. ඉක්බිති බුදුරජතෙම දෙව්රම් වෙහෙරට ගොස් අනුශාසනා කෙළේ ය. බුදුරජුන් විසින් අනුශාසනා කරණලද මම රහත්බවට පැමිණියෙමි.
Pali BJT5763. තතො භික්ඛුසහස්සං{8} තං අනාසාසිං අහං තදා, මමානුසාසනකරා තෙපි ආසුං අනාසවා.
Sinhala BJT5763. ඉක්බිති (මාගේ පිරිවර වූ) ඒ භික්‍ෂූන් දහසට මම අනුශාසනා කෙළෙමි. එකල්හි මාගේ අනුශාසනය කරන්නා වූ ඔහුදු ආස්‍රව රහිතයෝ (රහත්හු) වූහු.
Pali BJT5764. ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගෙ ඨපෙසි මං, භික්ඛු ඔවාදකානග්ගො කප්පිනොති මහාජනෙ.
Sinhala BJT5764. එම ගුණයෙහි සතුටු වූ බුදුරජහු මහාජනයා ඉදිරියෙහි කප්පින තෙමේ භික්‍ෂූනට ඔවා දෙන්නවුන් අතුරෙන් අග්‍රය යි මා ඒතදග්‍රස්ථානයෙහි තැබූහ.
Pali BJT5765. සතසහස්සෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයී{9} මම.
Sinhala BJT5765. මෙයින් සියදහස් වන කපෙහි මා විසින් කරණලද කර්‍මය මෙහි දී විපාක දැක්වී ය. (දුන්නෙන්) මැනවින් මිදුනු හීවේගයක් මෙන් (එම කර්‍මඵලය) මාගේ කෙලෙසුන් දැවී ය.
Pali BJT5766. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5766. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5767. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
Sinhala BJT5767. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5768. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5768. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාකප්පිනො ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමහාකප්පිනත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTමහාකප්පින ස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT534. දබ්බත්ථෙරාපදානං
Sinhala BJT534. දබ්බ ස්ථවිරාවදානය
Pali BJT5769. පදුමුත්තරො නාම ජිනො සබ්බලොකවිදූ මුනි, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි චක්ඛුමා.
Sinhala BJT5769. මෙයින් සියක් දහස්වන කපෙහි පසැස් ඇත්තා වූ සර්‍වලෝ දත්, පස්මරුන් දිනූ පදුමුත්තර නම් මුනීන්‍ද්‍රයන් වහන්සේ උපන් සේක.
Pali BJT5770. ඔවාදකො විඤ්ඤාපකො තාරකො සබ්බපාණිනං, දෙසනාකුසලො බුද්ධො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT5770. සව්සත්නට ඔවා දෙන්නා වූ දහම් අවබෝධ කරවන්නා වූ (ඔවුන් සසරින්) එතෙර කරන්නා වූ දේශනාවෙහි දක්‍ෂ වූ බුදුරජානන් වහන්සේ බොහෝ ජනසමූහයා (සසරින්) තැරැවූසේක.
Pali BJT5771. අනුකම්පකො කාරුණිකො හිතෙසී සබ්බපාණිනං, සම්පත්තෙ තිත්ථියෙ සබ්බෙ පඤ්චසීලෙ පතිට්ඨපි{1}
Sinhala BJT5771. සව්සත්නට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ හිත කැමති (බුදුරජ) වෙත පැමිණි සියලු තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිට වූ සේක.
Pali BJT5772. එවං නිරාකුලං ආසි සුඤ්ඤතං{2} තිත්ථියෙහි ච, විචිත්තං අරහන්තෙහි වසීභූතෙහි තාදිහි.
Sinhala BJT5772. එකල මෙසේ තීර්‍ත්‍ථකයන්ගෙන් හිස් වූයේ නිරවුල් වූයේ (සස්න) තාදීගුණ ඇති වශීභූත වූ රහතුන්ගෙන් විසිතුරු වී ය.
Pali BJT5773. රතනානට්ඨපඤ්ඤාස{3} උග්ගතො සො මහාමුනි, කඤ්චනග්ඝියසඞ්කාසො බත්තිංසවරලක්ඛණො.
Sinhala BJT5773. එමුනි රජ තෙමේ අටපනස්රියන් උස් වූයේ රන් ඇගෑයක් මෙන් බබලන්නේ ය. දෙතිස්මහපුරිස් ලකුණු ඇත්තේ ය.
Pali BJT5774. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ, තාවතා තිට්ඨමානො සො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT5774. එකල්හි (සත්නට) වර්‍ෂලක්‍ෂයක් ආයු වෙයි. ඒතාක් වැඩහුන් ඒ සර්‍වඥතෙම බොහෝ ජනසමූහයා සසරින් එතර කෙළේ ය.
Pali BJT5775. තදාහං හංසවතියා සෙට්ඨිපුත්තො මහායසො, උපෙත්වා ලොකපජ්ජොතං අස්සොසිං ධම්මදෙසනං.
Sinhala BJT5775. එකල්හි මම හංසවතී නගරයෙහි මහත් යශස් ඇති සිටු පුත්‍රයෙක් වූයෙම් ලෝපහන් වූ බුදුරජුන් වෙත එළඹ දම්දෙසුම් ඇසීමි.
Pali BJT5776. සෙනාසනානි භික්ඛූනං පඤ්ඤාපෙන්තං සසාවකං, කිත්තයන්තස්ස වචනං සුණිත්වා මුදිතො අහං.
Sinhala BJT5776. භික්‍ෂූනට සෙනසුන් පනවන්නා වූ සිය සව්වකු පසසන උන්වහන්සේගේ වචනය අසා සතුටු වූ මම-
Pali BJT5777. අධිකාරං සසඞ්ඝස්ස කත්වා තස්ස මහෙසිනො, නිපච්ච සිරසා පාදෙ තං ඨානමභිපත්ථයිං.
Sinhala BJT5777. සඞ්ඝයා සහිත වූ ඒ බුදුරජුන්හට (දන්දීම් ආදී) අධිකාර කොට (උන්වහන්සේගේ) පාමුල සිරසින් වැටී එම තනතුර පැතීමි.
Pali BJT5778. තදා භාසි{1} මහාවීරො මම කම්මං පකිත්තයං, යො සසඞ්ඝමභොජෙසි සත්තාහං ලොකනායකං.
Sinhala BJT5778. එකල්හි මහාවීර වූ බුදුරජතෙමේ මාගේ පුණ්‍යකර්‍මය පසසමින් මෙසේ කීය. “යමෙක් සඞ්ඝයා සහිත බුදුරජුන් සතියක් වැළඳ වී ද,
Pali BJT5779. සොයං කමලපත්තක්ඛො සීහංසො කනකත්තවො, මම පාදමූලෙ නිපතී{2} පත්ථයං ඨානමුත්තමං.
Sinhala BJT5779. (හෙළ) පියුම්පත් බඳු ඇස් ඇති, සීහාංස (සිංහයකුගේ මෙන් පිරුණු උරහිස්) ඇති, රන්වන් වූ සිවි ඇති ඒ මේ සිටුපුත්තෙම උතුම් තනතුරක් පතමින් මාගේ පාමුල වැටුනේ ද,
Pali BJT5780. සහසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන{3} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT5780. මෙයින් සියක් දහස්වන කපින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් ගෞතම නම් වූ බුදුරජතෙමේ ලොව පහළවන්නේ ය.
Pali BJT5781. සාවකො තස්ස බුද්ධස්ස දබ්බො නාමෙන විස්සුතො, සෙනාසනපඤ්ඤාපකො අග්ගො හෙස්සති’යං{4} තදා.
Sinhala BJT5781. එකල්හි මෙතෙම එම බුදුරජුන්ගේ දබ්බ නමින් ප්‍රසිද්ධ වූ, සෙනසුන් පනවන අගසව් වන්නේ ය” කියා යි.
Pali BJT5782. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5782. මැනවින් කරණලද ඒ කර්‍මයෙන් ද, චිත්තප්‍රණිධියෙන් ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
Pali BJT5783. සතානං තීණික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
Sinhala BJT5783. මම තෙසිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
Pali BJT5784. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, සබ්බත්ථ සුඛිතො ආසිං තස්ස කම්මස්ස වාහසා.
Sinhala BJT5784. (කරනලද) මහත් ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නොහේ. එම කර්‍මයාගේ බලයෙන් හැමතන්හි සුව ඇත්තෙම් වීමි.
Pali BJT5785. එකනවුතෙ ඉතො කප්පෙ විපස්සී නාම නායකො, උප්පජ්ජි චාරුනයනො{5} සබ්බධම්මවිපස්සකො.
Sinhala BJT5785. මෙයින් යට එක් අනූවන කපෙහි, මනෝඥ ඇස් ඇති සියලු ධර්‍මයන් මැනැවින් දක්නා වූ විපස්සී නම් බුදුරජතෙම ලොව පහළවිය.
Pali BJT5786. දුට්ඨචිත්තො උපවදිං සාවකං තස්ස තාදිනො, සබ්බාසවපරික්ඛීණං සුද්ධොති ච විජානිය.
Sinhala BJT5786. තාදීගුණ ඇති ඒ බුදුරජුන්ගේ සියලු ආස්‍රවයන් ක්‍ෂය කළ ශ්‍රාවකයකුට ‘ශුද්ධයෙකැ’යි දැන ම දුෂ්ටසිත් ඇත්තෙම් නින්‍දා කෙළෙමි.
Pali BJT5787. තස්සෙව නරවීරස්ස සාවකානං මහෙසිනං, සලාකං පග්ගහෙත්වාන{6} ඛීරොදනමදාසහං.
Sinhala BJT5787. මම නරවීර වූ එම බුදුරජුන්ගේ ම මහර්ෂී (-රහත්) සව්වනට සලාකයක් ගෙණ කිරිබතක් දුනිමි.
Pali BJT5788. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම නාමෙන උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT5788. මේ භද්‍රකල්පයෙහි බ්‍රහ්මබන්‍ධු (බ්‍රාහ්මණ කුලයෙහි) වූ මහත් යශස් ඇති වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ නමින් කාශ්‍යප නම් වූ බුදුරජතෙමේ ලොව පහළ විය.
Pali BJT5789. සාසනං ජොතයිත්වා සො අභිභුය්ය කුතිත්ථියෙ, වෙනෙය්යෙ{7} විනයිත්වාන නිබ්බුතො සො සසාවකො.
Sinhala BJT5789. ශ්‍රාවකයන් සහිත වූ උන්වහන්සේ මිසදිටුතීර්‍ත්‍ථකයන් මැඩ සසුන බබුළුවා වෛනෙය (-හික්මවියයුතු) ජනයන් හික්මවා පිරිනිවන් පෑ සේක.
Pali BJT5790. සසිස්සෙ නිබ්බුතෙ නාථෙ අත්ථමෙන්තම්හි{8} සාසනෙ, දෙවා කන්දිංසු සංවිග්ගා මුත්තකෙසා රුදම්මුඛා.
Sinhala BJT5790. බුදුරජහු ද ශිෂ්‍යයන් ද පිරිනිවී පසු සසුන අස්තයට (පිරිහීමට) යන කල්හි සංවේගයට පත් දෙවියෝ මුදා ලූ කෙස් ඇත්තාහු, වලප්නා මුහුණු ඇත්තාහු හැඬූහ:
Pali BJT5791. “නිබ්බායිස්සතී ධම්මක්ඛො න පස්සිස්සාම සුබ්බතෙ, න සුණිස්සාම සද්ධම්මං අහො නො අප්පපුඤ්ඤතා.”
Sinhala BJT5791. “දහම් ඇස නිවී යන්නේ ය. මනාව්‍රත ඇති (ශ්‍රාවක) යන් නො දක්නෙමු. සදහම් නො අසන්නෙමු. අහෝ! අපගේ පින් මඳ බව යි”.
Pali BJT5792. තදායං පඨවී{1} සබ්බා අචලා සාචලා’චලී{2}, සාගරො ච සසොකොව විනදී කරුණං ගිරං.
Sinhala BJT5792. එකල්හි මේ නිශ්චල වූ සියලු පෘථිවි තොමෝ සසල ව කම්පා වූවා ය. සයුර ද සෝක සහිත වූවකු මෙන් දුක් හඬින් හැඬී ය.
Pali BJT5793. චතුද්දිසා දුන්දුභියො නාදයිංසු අමානුසා, සමන්තතො අසනියො ඵලිංසු{3} ච භයාවහා.
Sinhala BJT5793. සිවුදිගෙහි වූ දිව්‍ය භේරීහු නාද කළහ. හාත්පස භයජනක වූ අසනීහු (-හෙණ) පුපුළහ.
Pali BJT5794. උක්කා පතිංසු නභසා ධූමකෙතු ච’දිස්සථ,{4} සබ්බත්ථලජසත්තා ච{5} රවිංසු කරුණං මිගා.
Sinhala BJT5794. අහසින් උල්කා හින. ධුමකේතූහු ද පැණුනාහ. ගොඩ උපදින සියලු සත්ත්‍වයෝ ද මෘගයෝ ද බැගෑ හඬ හැඬූහ.
Pali BJT5795. උප්පාතෙ{6} දාරුණෙ දිස්වා සාසනත්ථඞ්ගමසුවකෙ, සංවිග්ගා භික්ඛවො සත්ත චින්තයිම්හ මයං තදා.
Sinhala BJT5795. සස්න බැසයනු හඟවන දරුණු උත්පාත (-භූතවිකාරායන්) දැක සංවිග්න (සැලුනා) වූ අපි භික්‍ෂූහු සත්නමක් එකල මෙසේ සිතුම්හ:
Pali BJT5796. සාසනෙන විනාම්හාකං ජීවිතෙන අලං මයං, පවිසිත්වා මහාරඤ්ඤං යුඤ්ජාම ජිනසාසනෙ{7}.
Sinhala BJT5796. “සසුනෙන් තොර වූ අපගේ ජීවිතයෙන් කම් නැත. අපි මහ වනයට පිවිස බුදුසසුනෙහි යෙදෙමු” ය (කියා යි).
Pali BJT5797. අද්දසුම්භ{8} තදාරඤ්ඤෙ උබ්බිද්ධං සෙලමුත්තමං, නිස්සෙණියා තමාරුය්හ නිස්සෙණිං පාතයිම්හසෙ.
Sinhala BJT5797. එකල්හි අරණෙහි උස් වූ උතුම් පර්‍වතයක් දුටිමු. හිණිමගකින් ඒ පර්‍වතයට නැගී හිණිමග බිම හෙළීමු.
Pali BJT5798. තදා ඔවදි නො ථෙරො බුද්ධුප්පාදො සුදුල්ලභො, සද්ධා ච දුල්ලභා{9} ලද්ධා ථොකං සෙසඤ්ච{10} සාසනං.
Sinhala BJT5798. එකල්හි සඞ්ඝස්ථවිරතෙමේ අපට අවවාද කෙළේ ය: බුද්ධෝත්පාදය අතිශයින් දුර්‍ලභය. දුර්‍ලභ වූ ශ්‍රද්ධා ද ලබන ලදී. සස්න ද ස්වල්පයක් ශේෂව ඇත.
Pali BJT5799. නිපතන්ති ඛණාතීතා අනන්තෙ දුක්ඛසාගරෙ, තස්මා පයොගො කත්තබ්බො යාව ඨාති මුනෙ මතං.{11}
Sinhala BJT5799. අෂ්ටදුෂ්ටක්‍ෂණවිනිර්මුක්ත මේ උතුම් මොහොත ඉක්මවූවෝ අනන්ත වූ දුක් සයුරෙහි වැටෙත්. එහෙයින් සර්‍වඥමතය (-බුදු සසුන) පවතිත් ම එහි යෝග කළයුතුයි.
Pali BJT5800. අරහා ආසි සො ථෙරො අනාගාමී තදානුගො, සුසීලා ඉතරෙ යුත්තා දෙවලොකං අගම්හසෙ.
Sinhala BJT5800. ඒ (ඔවා දුන්) ස්ථවිර තෙමේ රහත් විය. උන්වහන්සේ අනුව ගිය (දෙවැන්නා) අනාගාමී විය. එහි යෙදුනු සෙසු සිල්වත් වූ අපි (ඉන් සැව) දෙව්ලොව ගියෙමු.
Pali BJT5801. නිබ්බුතො තිණ්ණසංසාරො සුද්ධාවාසෙ ච එකකො, අහං ච පුක්කුසාතී ච{12} සභියො බාහියො තථා.
Sinhala BJT5801-5802. (අනාගාමී වූ භික්‍ෂුතෙම) හුදකලාව ශුද්ධාවාසයෙහි තිණු සසර ඇත්තේ (රහත්ව) පිරිනිවියේ ය. මම ද පුක්කුසාති ද එසේ ම සභිය ද බාහිය ද කුමාරකස්සප දැයි අපි ඒ ඒ තන්හි උත්පත්ති වශයෙන් ගියාහු ගෞතම බුදුරජුන් විසින් අනුකම්පා කරණලද්දාහු සසරබැඳුමෙන් මිදුනෝ වීමු.
Pali BJT5802. කුමාරකස්සපො චෙව තත්ථ තත්ථුපගා මයං, සංසාරබන්ධනා මුත්තා ගොතමෙනානුකම්පිතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5803. මල්ලෙසු කුසිනාරායං ජාතො ගබ්භෙව මෙ සතො, මතා මාතා චිතාරූළ්හා තතො නිප්පතිතො අහං.
Sinhala BJT5803. මම මල්ල රට කුසිනාරායෙහි උපන්මි. මා ගැබැවත් ම මවු මළා ය. ඈ චිතකයට නංවන ලදු. එයින් මම ගිලිහී වැටුනෙමි.
Pali BJT5804. පතිතො දබ්බපුඤ්ජම්හි තතො දබ්බොති විස්සුතො, බ්රහ්මචාරීබලෙනාහං විමුත්තො සත්තවස්සිකො.
Sinhala BJT5804. කුසතණ පඳුරෙක්හි වැටුනෙමි ඒ හේතුවෙන් දබ්බ යයි ප්‍රකට වීමි. බඹසැරිබලයෙන් මම සත්හැවිරිදි වූයෙම් (සසරින්) මිදුනෙමි.
Pali BJT5805. ඛීරොදනඵලෙනාහං පඤ්චහඞ්ගෙහුපාගතො, ඛීණාසවොපවාදෙන පාපෙහි බහුචොතිතො.
Sinhala BJT5805. මම කිරිබත් දන්දීමේ විපාකයෙන් (ආයු - වර්‍ණ - සැප - බල - ප්‍රඥා යන) අඞ්ග පසකින් යුක්ත වූයෙමි. රහතුන් වහන්සේ කෙනකුන්ට නින්‍දා කිරීම හේතුකොට ගෙණ බොහෝ පාපීන් විසින් චෝදිත වූයෙමි.
Pali BJT5806. උභො පුඤ්ඤං ච පාපඤ්ච වීතිවත්තොම්හි’ දානහං.{1} පත්වාන පරමං සන්තිං විහරාමි අනාසවො.
Sinhala BJT5806. දැන් මම පින් ද පව් ද දෙක ම ඉක්ම වූයෙම් වෙමි. ආස්‍රව රහිත වූයෙම් පරමශාන්තියට පැමිණ වෙසෙමි.
Pali BJT5807. සෙනාසනං පඤ්ඤාපයිං භාසයිත්වාන සුබ්බතෙ, ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගො ඵපෙසි මං.
Sinhala BJT5807. මනා ව්‍රත ඇති භික්‍ෂූන් තුටු කොට සෙනසුන් පැණවීමි. ඒ ගුණයෙහි තුටු වූ බුදුරජහු මා (සෙනසුන් පණවන භික්‍ෂූන් අතුරෙන් අග්‍රයයි) ඒතදග්‍රස්ථානයෙහි තැබූ සේක.
Pali BJT5808. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5808. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT5809. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
Sinhala BJT5809. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5810. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5810. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා දබ්බො මල්ලපුත්තො ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් දබ්බමල්ලපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTදබ්බමල්ලපුත්තත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTදබ්බමල්ලපුත්ත ස්ථවිරාවදානය සිවුවැනියි.
Pali BJT535. කුමාරකස්සපත්ථෙරාපදානං
Sinhala BJT535. කුමාරකස්සප ස්ථවිරාවදානය
Pali BJT5811. ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො, සබ්බලොකහිතො වීරො පදුමුත්තරනාමකො.
Sinhala BJT5811. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි සියලු ලොවට හිත වූ වීර වූ පදුමුත්තර නම් ලෝකනායක (-බුදුරජ) තෙමේ ලොව පහළ විය.
Pali BJT5812. තදාහං බ්රාහ්මණො හුත්වා විස්සුතො වෙදපාරගූ, දිවාවිහාරං විවරං අද්දසං ලොකනායකං.
Sinhala BJT5812-5813. එකල්හි මම වේදයෙහි පරතෙරට ගිය බමුණෙක් ව ප්‍රකට වූයෙම් දිවාවිහරණය කරනෙම් සිවුසස් දෙසන්නා වූ දෙවියන් සහිත ලෝකයාට දහම් අවබෝධ කරවන්නා වූ මහජනයා ඉදිරියෙහි විචිත්‍ර කථිකයනට අගතැන්පත් සව්වකු වර්‍ණනය කරන්නා වූ ලෝකනායකයන් වහන්සේ දිටිමි.
Pali BJT5813. චතුසච්චං පකාසෙන්තං බොධයන්තං සදෙවකං, විචිත්තකථිකානග්ගං වණ්ණයන්තං මහාජනෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5814. තදා මුදිතචිත්තොහං නිමන්තෙත්වා තථාගතං, නානාරත්තෙහි වත්ථෙහි අලඞ්කත්වාන මණ්ඩපං.
Sinhala BJT5814-5815. එකල්හි ප්‍රමුදිත සිත් ඇති මම තථාගතයන් වහන්සේ පවරා නන්රුවනින් බබලන මඩුවක් නොයෙක් පැහැයෙන් රැඳු වතින් සරසා එහි සඞ්ඝයා සහිත බුදුරජුන් වැළඳවීමි. සතියක් මුළුල්ලෙහි නොයෙක් අගරස බොජුනෙන් වළඳවා-
Pali BJT5815. නානාරතනපජ්ජොතං සසඞ්ඝං භොජයිං තහිං, භොජයිත්වාන සත්තාහං නානග්ගරසභොජනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5816. නානාවණ්ණෙහි{2} පුප්ඵෙහි පූජයිත්වා සසාවකං, නිපජ්ජ පාදමූලම්හි තං ඨානං පත්ථයිං අහං.
Sinhala BJT5816. නන්වන් මලින් ශ්‍රාවකසඞ්ඝයා සහිත බුදුරජුන් පුදා පාමුල වැද හෙව මම එම තනතුර පැතීමි.
Pali BJT5817. තදා මුනිවරො ආහ කරුණෙකරසාසයො,{1} පස්සථෙතං දිජවරං පදුමානනලොචනං.
Sinhala BJT5817-5819. එකල්හි කරුණා රසයට එක ම නිධාන වූ බුදුරජතෙම (මෙසේ) වදාළේ ය: “පියුමකට බඳු මුහුණ හා ඇස් ඇත්තා වූ ප්‍රීතිප්‍රමෝද්‍ය බහුල වූ (එයින්) නැගුනු ලොම් ඇති, හර්‍ෂයෙන් දැල්වුනු විශාල ඇස් ඇති, මාගේ සසුනෙහි ඇලුම් ඇති, මාගේ පාමුල වැටුනා වූ, එක ම අරමුණට හැරුනු මනා සිත් ඇති මේ බමුණහු බලවු. මෙතෙම විචිත්‍රකථිකත්‍වය වූ ඒ මේ තනතුර පතයි.
Pali BJT5818. පීතිපාමොජ්ජබහුලං සමුග්ගතතනූරුහං, හාසාහිතවිසාලක්ඛං{2} මම සාසනලාලසං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5819. මම පාදමූලෙ පතිතං{3} එකාවත්ත සුමානසං, එස පත්ථෙති තං ඨානං විචිත්තකථිකත්තනං{4}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5820. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT5820. මෙයින් සියක්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපත ලබන ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT5821. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, කුමාරකස්සපො නාම හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT5821. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරසපුත්‍ර වූ කුමාරකස්සප නම් ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT5822. විචිත්තපුප්ඵදුස්සානං රතනානං ච වාහසා, විචිත්තකථිකානං සො අග්ගතං පාපුණිස්සති.
Sinhala BJT5822. (පුදනලද) විචිත්‍ර පුෂ්පවස්ත්‍රයන්ගේ ද, රත්නයන්ගේ ද බලයෙන් හෙතෙම විචිත්‍රකථික භික්‍ෂූන් අතුරෙන් අග්‍ර බවට පැමිණෙන්නේ ය” (කියායි).
Pali BJT5823. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5823. මම මැනැවින් කරණලද ඒ කර්‍මය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසාවට උත්පත්ති වශයෙන් ගියෙමි.
Pali BJT5824. පරිබ්භමං භවාකාසෙ{5} රඞ්ගමජ්ඣෙ නටො යථා,{6} සාඛාමිගත්රජො හුත්වා මිගියා කුච්ඡිමොක්කමිං.
Sinhala BJT5824. රඟ මැද නළුවකු මෙන් භව නමැති අහසෙහි පරිභ්‍රමණය කරමින් ශාඛා නම් මුවාගේ පුත්‍ර ව මුවදෙනගේ කුස පිළිසිඳ ගතිමි.
Pali BJT5825. තදා මයි කුච්ඡිගතෙ වජ්ඣවාරො උපට්ඨිතො, සාඛෙන වත්තා මෙ මාතා නිග්රොධං සරණං ගතා.
Sinhala BJT5825. එසඳ මා කුස පිළිසිඳගත් කල්හි (මවගේ) මරණයට වාරය එළඹ සිටියේ ය. ශාඛාමුවා විසින් අත්හළ මාගේ මව්තොමෝ න්‍යග්‍රෝධ මුවරජු පිහිට කොට ගියා ය.
Pali BJT5826. තෙන සා මිගරාජෙන මරණං පරිමොචිතා, පරිච්චජිත්වා සං පාණං{7} මමෙවං ඔවදී තදා.
Sinhala BJT5826. එකල්හි ඒ න්‍යග්‍රෝධ මුවරජු විසින් ස්වකීය ප්‍රාණය පරිත්‍යාග කොට මරණයෙන් මුදා ලූ ඕ තොමෝ මට මෙසේ අවවාද කළා ය:
Pali BJT5827. නිග්රොධමෙව සෙවෙය්ය න සාඛමුපසංවසෙ, නිග්රොධස්මිං මතං සෙය්යො යං චෙ සාඛම්හි{8} ජීවිතං.
Sinhala BJT5827. “න්‍යග්‍රෝධ මුවරජු ම සේවනය කරව, ශාඛා මුවා සමග වාස නො කරව. න්‍යග්‍රෝධ කෙරෙහි වැස මිය යෑම ශාඛා වෙත වැටෙන ජීවිතයට වඩා උතුම් ය”.
Pali BJT5828. තෙනානුසිට්ඨො{9} මිගයූථපෙන අහං ච මාතා ච තථෙතරෙ ච, ආගම්ම රම්මං තුසිතාධිවාසං ගතා පවාසං සඝරං යථෙව.
Sinhala BJT5828. ඒ න්‍යග්‍රෝධ මුවරජ විසින් අනුශාසනය කරණලද මම ද, මව් ද එසේ ම සෙස්සෝ ද, දුරරටක සිටියකු සියගෙට එන්නාක් මෙන් රම්‍ය වූ තුෂිතදෙව්ලොව විසුමට ගියෝ වෙමු.
Pali BJT5829. පුනො කස්සපවීරස්ස අත්ථමෙන්තම්හි සාසනෙ, ආරුය්හ සෙලසිඛරං යුඤ්ජිත්වා ජිනසාසනං.
Sinhala BJT5829. යලි කාශ්‍යප බුදුරජුන්ගේ සසුන පිරිහී යන කල්හි ගලක් මුදුනට නැගී ජිනසාසනයෙහි ප්‍රතිපත්තීන් යෙදී-
Pali BJT5830. ඉදානහං{1} රාජගහෙ ජාතො සෙට්ඨිකුලෙ අහු,{2} ආපන්නසත්තා{3} මෙ මාතා පබ්බජි අනගාරියං.
Sinhala BJT5830. දැන් මම රජගහනුවර සිටුකුලයක උපනෙම් වෙමි. ගැබිනි වූ (එ බැව් නො දත්) මාගේ මව් තොමෝ අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියා ය.
Pali BJT5831. සගබ්භං තං විදිත්වාන දෙවදත්තමුපානයුං, සො අවොච විනාසෙථ පාපිකං භික්ඛුනිං ඉමං.
Sinhala BJT5831. ගැබ් සහිත බව දැන (භික්‍ෂුණීහු) ඇය දෙව්දත් තෙරුන් වෙත පැමිණවූහ. ඒ දෙව්දත් තෙමේ “මේ පවිටු භික්‍ෂුණිය (සිවුරු හැරවීමෙන්) නසවුයි කී ය.
Pali BJT5832. ඉදානිපි මුනින්දෙන ජිනෙන අනුකම්පිතා, සුඛිනී අජනී මය්හං මාතා භික්ඛුනුපස්සයෙ.
Sinhala BJT5832. දැනුදු මුනීන්‍ද්‍ර වූ බුදුරජුන් විසින් අනුකම්පා කරණ ලද මාගේ මව් තොමෝ සුඛිත වූවා භික්‍ෂුණි ආශ්‍රමයෙහි මා ප්‍රසූත කළා ය.
Pali BJT5833. තං විදිත්වා මහීපාලො කොසලො මං අපොසයි, කුමාරපරිහාරෙන නාමෙනාහඤ්ච කස්සපො.
Sinhala BJT5833. කොසොල් රජ තෙමේ එය දැන මා කුමරපෙරහරින් පෝෂණය කළේ ය. මම නමින් කාශ්‍යප නම් වූයෙමි.
Pali BJT5834. මහාකස්සපමාගම්ම අහං කුමාරකස්සපො, වම්මිකසදිසං කායං සුත්වා බුද්ධෙන දෙසිතං.
Sinhala BJT5834. මහාකාශ්‍යප තෙරුන් නිසා මම කුමාරකාශ්‍යප ය යි ප්‍රසිද්ධ වීමි. කය තුඹසකට සම කොට බුදුරජුන් විසින් දෙසන ලද්ද (වම්මික සූත්‍රය) අසා-