Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7501-7600 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5655. යෙ බාලා විමතිප්පත්තා පරිභොන්ති මහාමුනි, නිග්ගහිං තෙ සධම්මෙන පරිභූතො න තෙනහං{4}.
Sinhala BJT5655. විමතියට පත් යම් බාලකෙනෙක් මහාමුනි වූ බුදුරජුන්හට පරිභව කෙරෙත් නම් ඔවුනට කරුණු සහිතව නිග්‍රහ කෙළෙමි. ඒ හේතුවෙන් මම පරිභව නො ලද්දෙම් වීමි.
Pali BJT5656. බුද්ධවණ්ණෙන{5} සත්තානං කිලෙසෙ අපනෙසහං, නික්කිලෙසමනො හොමි තස්ස කම්මස්ස වාහසා.
Sinhala BJT5656. මම බුදුගුණ වැණීමෙන් සත්ත්‍වයන්ගේ කෙලෙස් දුරු කෙළෙමි. එම කර්‍මයාගේ බලයෙන් නිකෙලෙස් සිත් ඇත්තෙම් වෙමි.
Pali BJT5657. සොතූනං බුද්ධිමජනිං{6} බුද්ධානුස්සතිදෙසකො, තෙනාහමාසිං{7} සප්පඤ්ඤො නිපුණත්ථවිපස්සකො.
Sinhala BJT5657. බුදුගුණ සිහි කොට දෙසන්නෙම් අසනවුන්ට නුවණ ඉපදවීමි. එහෙයින් මම ප්‍රාඥ වූයෙම් සියුම් වූ අරුත් දක්නෙම් වීමි.
Pali BJT5658. සබ්බාසවපරික්ඛීණො තිණ්ණසංසාරසාගරො, සිඛීව අනුපාදානො පාපුණිස්සාමි නිබ්බුතිං.
Sinhala BJT5658. සියලු ආස්‍රවයන් ක්‍ෂය කරණ ලදුයෙම් තරණය කරණලද සසරසයුරු ඇත්තෙම් උපාදාන (-දර) රහිත ගින්නක් මෙන් පිරිනිවනට පැමිණෙන්නෙමි.
Pali BJT5659. ඉමස්මිං යෙව කප්පස්මිං යමහං සන්ථවිං ජිනං, දුග්ගතිං නාභිජානාමි බුද්ධවණ්ණස්සිදං ඵලං.
Sinhala BJT5659. මම ඒ කල්පයෙහි ම බුදුරජුන්හට යම් ස්තූතියක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුගුණ වැණීමෙහි මේ විපාක යි.
Pali BJT5660. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5660. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT5661. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5661. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5662. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5662. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුගන්ධො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සුගන්‍ධස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසුගන්ධත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTසුගන්‍ධස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTතිණදො මඤ්චදො චෙව සරණබ්භඤ්ජනප්පදො, සුපටො දණ්ඩදායී ච නෙලපූජි තථෙව ච, බොධිසම්මජ්ජකාමෙණ්ඩො{1} සුගන්ධො දසමො දිජො.{2} ගාථාසතං සතෙවීසං ගණිතං චෙත්ථ සබ්බසො.
Sinhala BJTතිණද මඤ්චද සරණ අබ්භඤ්ජන දායක සුපට දණ්ඩද නෙල පූජි බෝධිසම්මජ්ජක ආමණ්ඩඵලදායක සුගන්‍ධද්විජ දසමය. එක්සිය තෙවිසගයෙක් හැමසේ මෙහි ගිණුයේ.
Pali BJTතිණදායකවග්ගො තෙපඤ්ඤාසමො.
Sinhala BJTතෘණදායකවර්‍ගය තෙපණස් වැනියි.
Pali BJT54. කච්චානවග්ගො
Sinhala BJT54. කච්චායන වර්‍ගය
Pali BJT531. මහාකච්චානත්ථෙරාපදානං
Sinhala BJT531. මහාකච්චාන ස්ථවිරාවදානය
Pali BJT5663. පදුමුත්තරො නාම ජිනො අනෙජො අජිතඤ්ජයො, සතසහස්සෙ කප්පානං ඉතො උප්පජ්ජි නායකො.
Sinhala BJT5663. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි නොපැරද විය හැකි මරරුපුනුදු ජය ගත්තා වූ තෘෂ්ණා රහිත වූ ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ ලොව පහළ විය.
Pali BJT5664. වීරො කමලපත්තක්ඛො සසඞ්කවිමලානනො, කනකාවලසඞ්කාසො{3} රවිදිත්තිසමප්පභො.
Sinhala BJT5664. වීර වූ පියුම්පතක් බඳු ඇස් ඇති සඳු බඳු පිරිසිදු මුහුණක් ඇති කනකපර්‍වතයක් මෙන් බබලන්නා වූ හිරුරැස් බඳු පැහැ ඇති-
Pali BJT5665. සත්තනෙත්තමනොහාරී වරලක්ඛණභුසිතො, සබ්බවාක්යපථාතීතො මනුජාමරසක්කතො.
Sinhala BJT5665. සත්ත්‍වයන්ගේ නෙත් සිත් පැහැර ගන්නා වූ උතුම් (දෙතිස් මහපුරිස්) ලකුණින් අලඞ්කෘත වූ සියලු (වර්‍ණනාත්මක) කථාමාර්‍ගය ඉක්ම වූ දෙව්මිනිසුන් විසින් සත්කාර කරණ ලද්දා වූ-
Pali BJT5666. සම්බුද්ධො බොධයං සත්තෙ වාගීසො මධුරස්සරො, කරුණානිබද්ධ{4} සන්තානො පරිසාසු විසාරදො.
Sinhala BJT5666. වාගීශ්වර වූ මධුරස්වර ඇත්තා වූ කරුණාවෙන් බැඳුනු සිත් ඇත්තා වූ (සිවු) පිරිස්හි විශාරද (-බියරහිත) වූ සම්මා සම්බුදුරජ තෙමේ සත්ත්‍වයනට (දහම්) අවබෝධ කරවමින්-
Pali BJT5667. දෙසෙති මධුරං ධම්මං චතුසච්චුපසංහිතං, නිමුග්ගෙ මොහපඞ්කම්හි සමුද්ධරති පාණිනො.
Sinhala BJT5667. සිවුසස් සමග යෙදුනු මිහිරි දහම් දෙසයි. මෝහ නමැති මඩෙහි ගැළුනු සත්ත්‍වයන් (එයින්) නගා ලයි.
Pali BJT5668. තදා එකචරො හුත්වා තාපසො හිමවාලයො, නභසා මානුසං ලොකං ගච්ඡන්තො ජිනමද්දසං.
Sinhala BJT5668. එකල්හි හිමවත වාසස්ථාන කොට ඇති එකලාව හැසිරෙන තව්සකු වූ (මම) අහසින් මිනිස්ලොවට යන්නෙම් බුදුරජුන් දිටිමි.
Pali BJT5669. උපෙච්ච සන්තිකං තස්ස අස්සොසිං ධම්මදෙසනං, වණ්ණයන්තස්ස වීරස්ස සාවකස්ස මහාගුණං.
Sinhala BJT5669. උන්වහන්සේ වෙත එළඹැ ශ්‍රාවකයකුගේ මහත් වූ ගුණය පසසන වීරයන් වහන්සේගේ දහම් දෙසුම ඇසීමි.
Pali BJT5670. සංඛිත්තෙන මයා වුත්තං විත්ථාරෙන පකාසයං, පරිසං මඤ්ච තොසෙති යථා කච්චායනො අයං.
Sinhala BJT5670. “මවිසින් සංක්‍ෂිප්ත කොට දෙසන ලද්ද විස්තර වශයෙන් පවසමින් මේ කච්චායන තෙමේ පිරිස ද මා ද යම්සේ තුටුකෙරේ ද,
Pali BJT5671. නාහං එවං විධං කඤ්චි{5} අඤ්ඤං පස්සාමි සාවකං, තස්මාතදග්ගෙ{6} එසග්ගො එවං ධාරෙථ භික්ඛවො.
Sinhala BJT5671. මෙබඳු වූ අන්කිසි ශ්‍රාවකයකු මම නො දනිමි. මහණෙනි, එහෙයින් මෙ කරුණෙහි මෙතෙම අග්‍ර යයි. මෙසේ දරවු.
Pali BJT5672. තදාහං විම්හිතො හුත්වා සුත්වා වාක්යං මනොරමා, හිමවන්තං ගමිත්වාන ආහත්වා{7} පුප්ඵසඤ්චයං.
Sinhala BJT5672. එකල්හි මම ඒ මනෝඥවචනය අසා විස්මිතව හිමවතට ගොස් මල්රැසක් ගෙනවුත්-
Pali BJT5673. පූජෙත්වා ලොකසරණං තං ඨානං අභිපත්ථයිං, තදා මමාසයං ඤත්වා ව්යාකාසි සරණඤ්ජහො.
Sinhala BJT5673. ලොවට පිහිට වූ බුදුරජුන්හට පුදා එ ම තනතුර පැතීමි. කෙලෙසුන් දුරු කළ ඒ බුදුරජ තෙමේ එකල්හි මාගේ අදහස දැන (මෙසේ) පැවසී ය:
Pali BJT5673. “පස්සථෙතං ඉසිවරං නිද්ධන්තකනකත්තචං, උද්ධග්ගලොමං පීණංසං අචලං පඤ්ජලිං ඨිතං.
Sinhala BJT5673-5674. පිරිසිදු කළ ස්වර්‍ණයක් බඳු පැහැපත් සිවි ඇති, අග් උඩු කැරුව ගිය ලොම් ඇති, පිරුණු (මසින් වැසුනු) උරහිස් ඇති, නිශ්චල ව බඳැඳිලි ව සිටියා වූ, සතුටුකඳුලින් පිරී ගිය ඇස් ඇති, බුදුගුණ වැණුමෙහි පෙළඹුනු සිත් ඇති, අමායෙන් ඉසින ලද්දාක් බඳු මූර්‍තතිමත් ධර්‍මය වැනි උතුම් සිරුරක් ඇති මෙ ඍෂිවරයා බලවු.
Pali BJT5674. හාසස්සුපුණ්ණනයනං{1} බුද්ධවණ්ණගතාසයං, ධම්මංව විග්ගහවරං{2} අමතාසිත්තසන්තිභං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5675. කච්චානස්ස ගුණං සුත්වා තං ඨානං පත්ථයං ඨිතො, අනාගතම්හි අද්ධානෙ ගොතමස්ස මහාමුනෙ.
Sinhala BJT5675. (මෙ තෙම) කච්චානයන්ගේ ගුණ අසා එ තනතුර පතමින් සිටියේ ය. ගෞතමමහාමුනීන්‍ද්‍රයන් වහන්සේගේ (සසුන පවත්නා) අනාගත කාලයෙහි-
Pali BJT5676. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, කච්චානො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT5676. එ ම බුදුරජුන්ගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම නිර්මිත කළාක් වැනි වූ ඖරසපුත්‍ර වූ නමින් කච්චාන නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT5677. බහුස්සුතො මහාඤාණී අධිප්පායවිදූ මුනෙ, පාපුණිස්සති තං ඨානං යථායං ව්යාකතො මයා.
Sinhala BJT5677. යම් සේ මා විසින් මෙය පවසන ලද නම් එසේ ම (අනාගතයෙහි) බහුශ්‍රැතයෙක් ව මහනුවණැත්තෙක් ව, බුදුරජුන්ගේ අදහස් දන්නෙක් ව එ ම තනතුරට පැමිණෙන්නේ ය” (කියායි).
Pali BJT5678. සතසහස්සෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5678. එකල්හි මෙයින් සියක්දහස්වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5679. දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ගච්ඡාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5679. දෙව්අත්බැව්හි ද මිනිස්අත් බැව්හි ද යන දෙ අත්බැව්හි සැරිසරමි. අන් ගතියකට නො යමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5680. දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ අථ බ්රාහ්මණෙ, නීචෙ කුලෙ න ජායාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5680. කැත් කුලයෙහි ද යලි බමුණුකුලයෙහි ද යන දෙකුලයෙහි උපදිමි. නීචකුලයෙහි නො උපදිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5681. පච්ඡිමෙ ව{3} භවෙ දානි ජාතො උජ්ජෙනියා පුරෙ,{4} පජ්ජොතස්ස ච චණ්ඩස්ස පුරොහිතදිජාතිනො.{5}
Sinhala BJT5681-5682. දැන් පශ්චිම වූ ම භවයෙහි උදේනි නගරයෙහි උපන්නෙම් වෙමි. චණ්ඩප්‍රද්‍යොත රජුගේ තිරිටවච්ඡ (නම්) පුරෝහිත බමුණාගේ පුත්‍ර වූයෙම් සියුම් නුවණැත්තෙම් වේදයෙහි පරතෙරට ගියෙම් වීමි. මවු තොමෝ චන්‍ද්‍රිමා නම් වූවා ය. මනා සිවිපැහැ ඇති මම කච්චාන නම් වෙමි.
Pali BJT5682. පුත්තො තිරිටවච්ඡස්ස{6} නිපුණො වෙදපාරගූ, මාතා ච චන්දිමා නාම කච්චානොහං වරත්තවො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5683. වීමංසත්ථං බුද්ධස්ස භූමිපාලෙන පෙසිතො, දිස්වා මොක්ඛපුරද්වාරං නායකං ගුණසඤ්චයං.
Sinhala BJT5683. බුදුරජුන් විමසනු පිණිස රජු විසින් යවන ලදුයෙම් ගුණ සමූහය වූ ලෝකනායක වූ බුදුරජුන් ද මොක්පූර දොරටුව ද දැක-
Pali BJT5684. සුත්වා ච විමලං වාක්යං ගතිපඞ්කවිසොසනං, පාපුණිං අමතං සන්තං සොසෙහි සහ සත්තහි.{7}
Sinhala BJT5684. (සසර) ගති නමැති මඩ වියලවන්නා වූ නිර්‍මල (බුද්ධ) වචනය ද අසා (මා කැටුව ගිය) සෙසුසත් දෙනා සමග ශාන්ත වූ අමෘතයට (=නිවනට) පැමිණියෙමි.
Pali BJT5685. අධිප්පායවිදූ ජාතො සුගතස්ස මහාමුනෙ,{8} ඨපිතො එතදග්ගෙ ච සුසමිද්ධමනොරථො.
Sinhala BJT5685. මහාමුනි වූ බුදුරජුන්ගේ අදහස් දන්නෙක් වීමි. මැනැවින් සමෘද්ධ වූ මනෝරථ අත්තෙම් ඒතදග්‍රස්ථානයෙහි තබනලද්දෙම් ද වීමි.
Pali BJT5686. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5686. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5687. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5687. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5688. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5688. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාකච්චානො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මහාකච්චාන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTමහාකච්චානත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTමහාකච්චාන ස්ථවිරාවදානය පළමු වැනියි.
Pali BJT532. වක්කලිත්ථෙරාපදානං
Sinhala BJT532. වක්කලි ස්ථවිරාවදානය
Pali BJT5689. ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො, අනොමනාමො අමිතො නාමෙන පදුමුත්තරො.
Sinhala BJT5689. මෙයින් සියක් දහස්වන කපෙහි ලෝකනායක වූ අලාමක වූ නම් ඇති අපමණ ගුණ ඇති නමින් පදුමුත්තර වූ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක.
Pali BJT5690. පදුමාකාරවදනො පදුමාමලසුච්ඡවී, ලොකෙනානුපලිත්තොව තෙයෙන පදුමං යථා.
Sinhala BJT5690. උන්වහන්සේ පියුමකට බඳු මුහුණ ඇතියහ. පියුමක් සේ නිමල මනා සිවි ඇතියහ. ජලය හා (නො ගැටෙන) පියුම් මෙන් ලෝකය හා නො ම ගැටෙන්නාහ.
Pali BJT5691. වීරො පදුමපත්තක්ඛො සන්තො ච පදුමං යථා, පදුමුත්තරගන්ධො ච{1} තස්මා සො පදුමුත්තරො.
Sinhala BJT5691. වීරයහ. පියුම්පෙති බඳු ඇස් ඇතියහ. පියුමක් මෙන් කාන්තයහ. උතුම් පියුම් සුවඳ බඳු සුවඳ ඇතියහ. එබැවින් උන්වහන්සේ පදුමුත්තර නම් වනසේක.
Pali BJT5692. ලොකජෙට්ඨො ච නිම්මානො අන්ධානං නයනූපමො, සන්තවෙසො ගුණනිධි කරුණාමතිසාගරො.
Sinhala BJT5692-5693. ලෝකජ්‍යේෂ්ඨ වූ මාන රහිත වූ අන්‍ධයනට ඇසක් වැනි වූ ශාන්ත වේශ ඇති ගුණනිධාන වූ කුළුණු නැණ සයුරෙක් වූ බඹ අසුර සුරන් විසින් පුදන ලද දෙවියන් සහිත මිනිසුන් විසින් පිරිවරණ ලද අතිඋත්තම වූ ඒ මහාවීර වූ බුදුරජානෝ කිසියම් දිනෙක ජනමධ්‍යයෙහි-
Pali BJT5693. ස කදාචි මහාවීරො බ්රහ්මාසුරසුරච්චිතො, සදෙවමනුජාකිණ්ණො{2} ජනමජ්ඣෙ අනුත්තමො.{3}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5694. වදනෙන සුගන්ධෙන මධුරෙන රුතෙන ච, රඤ්ජයං පරිසං සබ්බං සන්ථවී සාවකං සකං.
Sinhala BJT5694. සුවඳවත් මුවින් මියුරු වූ හඬින් සියලු පිරිස් රඳවමින් සියසව්වකු (මෙසේ) වැණූ සේක:
Pali BJT5695. “සද්ධාධිමුත්තො සුමතී මම දස්සනලාලසො,{4} නත්ථි එතාදිසො අඤ්ඤො යථායං භික්ඛු වක්කලි”.
Sinhala BJT5695. “පිහිටි සැදැහැ ඇති මනා නුවණැති මා දැකුමෙහි ලොල් වූ මේ වක්කලී භික්‍ෂුනම බඳු අන් භික්‍ෂුනමක් නැත” කියා යී.
Pali BJT5696. තදාහං හංසවතියං නගරෙ බ්රාහ්මණත්රජො, හුත්වා සුත්වා ච තං වාක්යං තං ඨානමභිරොචයිං.
Sinhala BJT5696. එකල්හි මම හංසවතී නගරයෙහි බ්‍රාහ්මණපුත්‍රයෙක් ව (බුදුරජුන්ගේ) ඒ වචනය අසා ඒ තනතුර රුචි කෙළෙමි.
Pali BJT5697. සසාවකං තං විමලං නිමන්තෙත්වා තථාගතං, සත්තාහං භොජයිත්වාන දුස්සෙගච්ඡාදයිං තදා.
Sinhala BJT5697. එකල්හි ශ්‍රාවකසඞ්ඝයා සහිත ඒ නිර්‍මල බුදුරජුන් පවරා සතියක් (බොජුන්) වළඳවා (චීවර) වස්ත්‍රයෙන් හැඳවීමි.
Pali BJT5698. නිපච්ච සිරසා තස්ස අනන්තගුණසාගරෙ, නිමුග්ගො පීතිසම්පුණ්ණො ඉදං වචනමබ්රවිං:
Sinhala BJT5698. උන්වහන්සේගේ අනන්ත වූ ගුණසයුරෙහි සිරසින් හෙව ගිළුනෙම් ප්‍රීතියෙන් සම්පූර්‍ණ වූයෙම් මේ වදන් කීමි:
Pali BJT5699. “යො සො තයා සන්ථවිතො ඉතො සත්තමකෙ’හනි,{1} භික්ඛූ සද්ධාවතං අග්ගො තාදිසො හොමහං මුනෙ.”
Sinhala BJT5699. “මුනින් වහන්ස, මෙයින් සත්වැනි දිනයෙහි යම් ඒ භික්‍ෂුනමක් සැදැහැතියනට අග්‍රය යි මුබ වහන්සේ විසින් පසස්නා ලද ද, මම ද එබන්දෙක් වෙමි” යි (කියා යි).
Pali BJT5700. එවං වුත්තෙ මහාවීරො අනාවරණදස්සනො, ඉමං වාක්යං උදීරෙසි පරිසායං{2} මහාමුනි:
Sinhala BJT5700. මෙසේ කී කල්හි මහාවීර වූ අනාවරණඥානදර්‍ශන ඇති බුදුරජහු පිරිස්හි මෙ ම වචනය වදාළහ:
Pali BJT5701. “පස්සථෙතං මාණවකං පීතමට්ඨනිවාසනං, හෙමයඤ්ඤොපවීතඞ්ගං{3} ජනනෙත්තමනොහරං.
Sinhala BJT5701. “රන්වන් පුනනූලක් දැරූ සිරුරු ඇති ජනයාගේ නෙත් සිත් ගන්නා වූ, කසාවත් හඳනා වූ මේ මාණවකයා බලවු.
Pali BJT5702. එසො අනාගතද්ධානෙ ගොතමස්ස මහෙසිනො, අග්ගො සද්ධාධිමුත්තානං සාවකොයං භවිස්සති.
Sinhala BJT5702. මෙතෙම මතුකාලයෙහි ගෞතම බුදුරජුන්ගේ සද්ධාධිමුත්ත (බලවත් සැදෑ ඇති) යනට අග්‍ර වූ ශ්‍රාවකයා වන්නේ ය.
Pali BJT5703. දෙවභූතො මනුස්සො වා සබ්බසන්තාපවජ්ජිතො, සබ්බභොගපරිබ්බූළ්හො සුඛිතො සංසරිස්සති.
Sinhala BJT5703. දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ සියලු තැවුලින් බැහැර වූයේ හැම භෝගසම්පත්තීන්ගෙන් ආඪ්‍ය ව සුවපත් වූයේ සසර සැරිසරන්නේ ය.
Pali BJT5704. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුසලසම්භවො, ගොතමො නාම නාමෙන{4} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT5704. මෙයින් සියක් දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ නමින් ගෞතම වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT5705. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, වක්කලී නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT5705. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත වූවාක් වැනි වූ ඖරස වූ නමින් වක්කලී නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.”
Pali BJT5706. තෙන කම්මවිසෙසෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5706. මම ඒ කර්‍ම විශේෂය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT5707. සබ්බත්ථ සුඛිතො හුත්වා සංසරන්තො භවාභවෙ, සාවත්ථියං පුරෙ ජාතො කුලෙ අඤ්ඤතරෙ අහං.
Sinhala BJT5707. මම සියලු තන්හි සුව ඇත්තෙම් කුදුමහත් භවයෙහි සැරිසරනෙම් සැවැත් නුවර එක්තරා කුලයක උපන්නෙම් වෙමි.
Pali BJT5708. නොනීතසුඛුමාලං මං ජාතපල්ලවකොමලං, මන්දං උත්තානසයනං පිසාචීභයතජ්ජිතා.{5}
Sinhala BJT5708-5709. වෙඬරු මෙන් සිවුමැලි වූ අසෝකදළු මෙන් මොළොක් වූ ලදරු උඩුකුරු ව හෝනා මා පිසාචියක් බියෙන් තැතිගැන්විය. දුක්පත් සිත් ඇති දෙමාපියෝ “නාථයන් වහන්ස, මුබවහන්සේට මුන් දෙමු. නායකයන් වහන්ස, පිහිට වනු මැනැවැ”යි මහර්ෂි වූ බුදුරජුන්ගේ පාමුල මා හොවා ලූහ.
Pali BJT5709. පාදමූලෙ මහෙසිස්ස සායෙසුං දීනමානසා, ‘ඉමං දදාම තෙ නාථ සරණං හොහි නායක.’
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5710. තදා පටිග්ගහි සො මං භීතානං සරණො මුනි, ජාලිනා සඞ්ඛලඞ්කෙන{6} මුදුකොමලපාණිනා.
Sinhala BJT5710. එකල්හි බිය පත් වූවනට පිහිට වූ ඒ බුදුරජ තෙම ජාලාඞ්ගුලි ඇති සක්ලකුණුයුත් මෘදුකොමලහස්තයෙන් මා පිළිගත්තේ ය.
Pali BJT5711. තදාප්පභුති තෙනාහං අරක්ඛෙය්යෙන රක්ඛිතො, සබ්බවෙරවිනිම්මුත්තො{7} සුඛෙන පරිවඩ්ඪිතො.
Sinhala BJT5711. මම එතැන් පටන් අරක්ඛෙය්‍ය වූ (කිසිවකු විසින් නො රැකිය යුතු) ඒ බුදුහු විසින් රැකුණෙම් සියලු පසමිතුරන්ගෙන් මිදුනෙම් සුවයෙන් වැඩුනෙමි.
Pali BJT5712. සුගතෙන විනාභූතො උක්කණ්ඨාමි මුහුත්තකං, ජාතියා සත්තවස්සොහං පබ්බජිං අනගාරියං.
Sinhala BJT5712. මොහොතකුදු බුදුරජුන්ගෙන් වෙන් වූයෙම් උකටලී වෙමි. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට වන්මි.
Pali BJT5713. සබ්බපාරමිසම්භූතං ලක්ඛීනිලයනං පරං,{1} රූපං සබ්බසුභාකිණ්ණං අතිත්තො පිහයාමහං{2}.
Sinhala BJT5713. මම සියලු පාරමිතාබලයෙන් හටගත්තා වූ උතුම් වූ ලක්‍ෂ්මියට (-සම්පත්තියට) වාසස්ථාන වූ සියලු ශුභ (-වර්‍ණඝණ්ඨාන) යන්ගෙන් ගැවසී ගත් (බුදුරජුන්ගේ) රූපය (දැක්මෙහි) තෘප්ත (සෑහීමට පත්) නො වූයෙම් ආසා කෙරෙමි.
Pali BJT5714. බුද්ධරූපරතං{3} ඤත්වා තදා ඔවදි මං ජිනො, “අලං වක්කලි කිං රූපෙ රමසෙ බාලනන්දිතෙ.
Sinhala BJT5714. එකල්හි බුද්ධරූපයෙහි ඇලුනු මා දැක “වක්කලිය, කම් නැත. බාලයන් තුටුවන්නා වූ රූපයෙහි කිම ඇලෙහි දැ”යි කෙලෙස් දිනූ බුදුරජානන් වහන්සේ මට අවවාද කළසේක.
Pali BJT5715. යො හි පස්සති සද්ධම්මං සො මං පස්සති පණ්ඩිතො, අපස්සමානො සද්ධම්මං මං පස්සම්පි න පස්සති.
Sinhala BJT5715. යමෙක් සදහම් දන්නේ වේ ද, ඒ පණ්ඩිත තෙමේ මා දකී. සදහම් නො දක්නේ මා දක්නේ නමුදු නො දක්නේ ම ය.
Pali BJT5716. අනත්තාදීනවො කායො විසරුක්ඛසමූපමො, ආවාසො සබ්බරොගානං පුඤ්ජො දුක්ඛස්ස කෙවලො.
Sinhala BJT5716. රූ කය අපමණ වූ දොස් ඇත්තකි. විෂවෘක්‍ෂයකට බඳු උපමා ඇත්තකි. සියලු රෝගයනට නිවාසස්ථානයකි. හුදු දුඃඛපිණ්ඩයකි.
Pali BJT5717. නිබ්බන්දිය තතො රූපෙ ඛන්ධානං උදයබ්බයං, පස්ස සබ්බකිලෙසානං සුඛෙනන්තං ගමිසස්සි.”
Sinhala BJT5717. එබැවින් රූපයෙහි කලකිරී ස්කන්‍ධයන්ගේ උදය-ව්‍යයය (-ඇතිවීම - නැතිවීම) බලව. එයින් සියලු කෙලෙසුන්ගේ අන්තයට සුවසේ පැමිණෙන්නෙහි ය.
Pali BJT5718. එවං තෙනානුසිට්ඨොහං නායකෙන හිතෙසිනා, ගිජ්ඣකූටං සමාරුය්හ ඣායාමි ගිරිකන්දරෙ.
Sinhala BJT5718. හිතෛෂී වූ ඒ ලෝකනායකයන් වහන්සේ විසින් මෙසේ අනුශාසනා කරණ ලද මම ගිජුකුළුපව්වට නැගී ගිරිකඳුරෙහි බුද්ධරූප දර්‍ශන වියෝගයෙන් (මැරෙන්නට) සිතමි.
Pali BJT5719. ඨිතො පබ්බතපාදම්හි මමාහ සො මහාමුනි,{4} වක්කලී’ති ජිනො වාචං තං සුත්වා මුදිතො අහං.
Sinhala BJT5719-5720. ඒ පස්මරුන් දිනූ බුදුරජානන්වහන්සේ කඳුබෑවුමෙහි සිටියහු ‘වක්කලී’ය යි මට ඇමතූසේක. මම ඒ වචනය අසා තුටු වූයෙම් නොයෙක් සියගණන් පුරිස්පමණින් ගැඹුරු වූ පර්‍වත ප්‍රපාතයට පැන්නෙමි. එකල්හි බුද්ධානුභාවයෙන් සුවසේ ම පොළොවෙහි පිහිටියෙම් වෙමි.
Pali BJT5720. පක්ඛන්දිං සෙලපබ්භාරෙ අනෙකසතපොරිසෙ, තදා බුද්ධානුභාවෙන සුඛෙන’ව මහිං ගතො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5721. පුනොපි{5} ධම්මං දෙසෙසි{6} ඛන්ධානං උදයබ්බයං, තමහං ධම්මමඤ්ඤාය අරහත්තමපාපුණිං.
Sinhala BJT5721. (බුදුරජ තෙම) නැවතත් ස්කන්‍ධයන්ගේ උදය - ව්‍යය පිළිබඳ දහම් දෙසී ය. මම එදහම් දැන රහත්බවට පැමිණියෙමි.
Pali BJT5722. සුමහාපරිසාමජ්ඣෙ{7} තදා මං මරණන්තගො{8}, අග්ගං සද්ධාධිමුත්තානං පඤ්ඤපෙසි මහාමති.
Sinhala BJT5722. එකල්හි මරණාන්තය වූ නිවනට පැමිණි මහා ප්‍රාඥයන් වහන්සේ ශ්‍රද්ධාධිමුක්තික (බලවත් සැදැහැ ඇති) යනට මා අග්‍ර කොට ඉමහත් පිරිස් මැද පණවා වදාළ සේක.
Pali BJT5723. සතසහස්සෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධජූජායිදං ඵලං.
Sinhala BJT5723. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5724. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5724. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5725. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්සං සාසනං.
Sinhala BJT5725. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5726. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5726. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වක්කලිත්ථෙරො ඉමං ගාථායො අභාසිත්ථාති
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් වක්කලිස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවක්කලිත්ථෙරස්ස අපදානං දුතියං
Sinhala BJTවක්කලී ස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT533. මහාකප්පිනත්ථෙරාපදානං
Sinhala BJT533. මහාකප්පින ස්ථවිරාවදානය
Pali BJT5727. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, උදිතො ජගදාකාසෙ{1} රවීව සරදම්බරෙ.
Sinhala BJT5727. සියලු දහම්හි තෙරපත් ඒ පදුමුත්තර නම් බුදුරජ තෙමේ සරදාකාශයෙහි සූර්‍ය්‍යයා සෙයින් ලෝකය නැමැති අහසෙහි උදා වීය. ඒ ලෝකනායක තෙමේ-
Pali BJT5728. වචනාභාය බොධෙති වෙනෙය්යපදුමානි සො, කිලෙසපඞ්කං සොසෙති මතිරංසීහි නායකො.
Sinhala BJT5728. වචන නැමැති රශ්මියෙන් විනේජන නැමැති පියුම් පුබුදුවයි. නුවණ නැමැති රැසින් කෙළෙස් නැමැති මඩ වියලයි.
Pali BJT5729. තිත්ථියානං යසො හන්ති ඛජ්ජොතාභා යථා රවි, සච්චත්ථාභං පකාසෙති රතනංව දිවාකරො.
Sinhala BJT5729. හිරු කදෝකිමිපැහැ (නසන්නාක්) සේ තීර්‍ත්‍ථකයන්ගේ යශස් නසයි. සූර්‍ය්‍යතෙමේ රත්නයන් ප්‍රකට කරන්නාක් මෙන් සත්‍යාර්‍ත්‍ථප්‍රභාව ප්‍රකට කෙරෙයි.
Pali BJT5730. ගුණානං ආයතිභූතො රතනානංව සාගරො, පජ්ජුන්නොරිව භූතානි ධම්මමෙඝෙන වස්සති.
Sinhala BJT5730. රත්නයනට සයුර මෙන් ගුණයනට රැස්වන තැන් (ආකරයක්) වේ. වැහිවලාවක් මෙන් ලෝකයා දහම්වැස්සෙන් තෙමයි.
Pali BJT5731. අක්ඛදස්සො තදා ආසිං නගරෙ හංසසව්හයෙ, උපෙච්ච ධම්මමස්සොසිං ජලජුත්තරනාමිනො.
Sinhala BJT5731-5732. මම එකල්හි හංසවතී නගරයෙහි නීතිවිශාරද වූ ආචාර්‍ය්‍යවරයෙක් වීමි. භික්‍ෂූනට ඔවා දෙනවුන් අතුරෙන් අගතැන්පත් කෘතකෘත්‍ය වූ ශ්‍රාවකයකුගේ ගුණ පවසන්නා වූ මාගේ සිත තුටු කරණ පියුම්තුරා බුදුරජුන්ගේ ධර්‍මය එහි පැමිණ ඇසීමි.
Pali BJT5732. ඔවාදකස්ස භික්ඛූනං සාවකස්ස කතාවිනො, ගුණං පකාසයන්තස්ස තොසයන්තස්ස{2} මෙ මනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5733. සුත්වා පතීතො සුමනො නිමන්තෙත්වා තථාගතං, සසිස්සං භොජයිත්වාන තං ඨානම්හිපත්ථයිං.
Sinhala BJT5733. ධර්‍මය අසා සතුටු වූයෙම් සොම්නස් වූයෙම්, ශිෂ්‍යයන් සහිත වූ තථාගතයන් පවරා (බොජුන්) වළඳවා මම ද එ ම තනතුර පැතීමි.
Pali BJT5734. තදාභාසි මහාභාගො{3} හංසදුන්දුභිසුස්සරො,{4} පස්සථෙතං මහාමත්තං විනිච්ඡයවිසාරදං.
Sinhala BJT5734-5735. “එකල්හි හස් බෙරහඬට බඳු මනා ස්වර ඇති මහත් භාග්‍ය ඇති බුදුරජ තෙමේ පැවසී ය. මැනැවින් නැගුනු ඌර්ධ්වාග්‍රරෝම ඇති මාගේ පාමුල වැටුනා වූ, මේඝවර්‍ණ වූ, පිරිපුන් උරහිස් ඇති, පැහැදි ඇස් හා මුහුණ ඇති මේ මහාමාත්‍රයා බලවු.
Pali BJT5735. මංපාදමූලෙ පතිතං{5} සමුග්ගතතනූරුහං, ජීමූතවණ්ණං පීණංසං පසන්නනයනානනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5736. පරිවාරෙන මහතා රඤ්ජයං තං{6} මහායසං, එසො කතාවිනො ඨානං පත්ථෙති මුදිතාසයො.
Sinhala BJT5736. මහ පිරිවරින් ඒ මහා යශස් බබුළුවන ප්‍රමුදිත සිත් ඇති මෙ තෙම කතාවී වූ ඒ ශ්‍රාවකයාගේ තනතුර පතයි.
Pali BJT5737. ඉමිනා පිණ්ඩපාතෙන{7} චෙතනාපණිධීහි ච,{8} කප්පසතසහස්සානි නූපපජ්ජති දුග්ගතිං.
Sinhala BJT5737. මේ පිණ්ඩපාතදානය කරණ කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙණ ද කල්පලක්‍ෂයක් දුගතියක නූපදී යි.
Pali BJT5738. දෙවෙසු දෙවසොභග්ගං මනුස්සෙසු මහන්තතං, අනුභොත්වාවසෙසෙන{9} නිබ්බානං පාපුණිස්සති.
Sinhala BJT5738. දෙවියන් අතුරෙහි දිව්‍යමය සෞභාග්‍යය ද, මිනිසුන් අතුරෙහි මහත්බව ද අනුභව කොට ඒ කර්‍මාවශේෂයෙන් නිවනට පැමිණේ යයි වදාළේය.
Pali BJT5739. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො. ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT5739. මෙයින් සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT5740. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, කප්පිනො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT5740. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිතකළාක් බඳු වූ ඖරස පුත්‍ර වූ නමින් කප්පින නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය (කියා යි).