Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7401-7500 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5571. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5571. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5572. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5572. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුපටදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සුපටදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසුපටදායත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTසුපටදායක ස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT526. දණ්ඩදායකත්ථෙරාපදානං
Sinhala BJT526. දණ්ඩදායක ස්ථවිරාවදානය
Pali BJT5573. කානනං වනමොගය්හ වෙළුං ඡෙත්වානහං තදා, ආලම්බනං කරිත්වාන සඞ්ඝස්ස අදදිං අහං.
Sinhala BJT5573. මම එකල්හි මහවනයට පිවිස හුණ (ගසක්) කපා එල්බෙන දණ්ඩක් (සැරයටියක්) කොට මම සඞ්ඝයාට දුනිමි.
Pali BJT5574. තෙන චිත්තප්පසාදෙන සුබ්බතෙ අභිවාදිය, ආලම්බදණ්ඩං දත්වාන පක්කාමිං උත්තරාමුඛො.
Sinhala BJT5574. එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මනා ව්‍රත ඇති සඞ්ඝයාට වැඳ ආලම්බනදණ්ඩ (=සැරයටිය) දී උත්තරදිශාභිමුඛව ගියෙමි.
Pali BJT5575. චතුනවුතෙ ඉතො කප්පෙ යං දණ්ඩමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි දණ්ඩදානස්සිදං ඵලං.
Sinhala BJT5575. එකල්හි මෙයින් සිවු අනූවන කපෙහි යම් ආලම්බන දණ්ඩක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සැරයටි දනෙහි මේ විපාක යි.
Pali BJT5576. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5576. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT5577. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5577. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5578. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5578. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා දණ්ඩදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් දණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTදණ්ඩදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTදණ්ඩදායක ස්ථවිරාවදානය සවැනියි.
Pali BJT527. ගිරිනෙලපූජකත්ථෙරාපදානං
Sinhala BJT527. ගිරිනෙලපූජක ස්ථවිරාවදානය
Pali BJT5579. මිගලුද්දො පුරෙ ආසිං විපිනෙ විචරං අහං, අද්දසං විරජං බුද්ධං සබ්බධම්මානපාරගුං.
Sinhala BJT5579. මම පෙර වනයෙහි හැසිරෙන්නා වූ වැද්දෙක් වීමි. සියලු දහම්හි කෙළ පැමිණි (කෙළෙස්) රජස් විරහිත බුදුරජුන් දිටිමි.
Pali BJT5580. තස්මිං මහාකාරුණිකෙ සබ්බසත්තහිතෙ රතෙ, පසන්නචිත්තො සුමනො නෙලපුප්ඵමපූජයිං.
Sinhala BJT5580. සව්සතුන්හට හිත කිරීමෙහි ඇලුනු මහාකාරුණික වූ උන්වහන්සේ කෙරෙහි පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ගිරිනිල් මලක් පිදීමි.
Pali BJT5581. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5581. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5582. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5582. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5583. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5583. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5584. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5584. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගිරිනෙල පූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ගිරිනෙලපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTගිරිනෙලපූජකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTගිරිනෙලපූජක ස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT528. බොධිසම්මජ්ජකත්ථෙරාපදානං
Sinhala BJT528. බෝධිසම්මජ්ජක ස්ථවිරාවදානය
Pali BJT5585. අහං පුරෙ බොධිපත්තං උජ්ඣිතං චෙතියඞ්ගණෙ, තං ගහෙත්වාන ඡඩ්ඩෙසිං අලභිං වීසති ගුණෙ.
Sinhala BJT5585. මම පෙර සෑමළුවෙහි ගොඩගැසුනු බෝපත් (දැක) එය ගෙණ බැහැර ලීමි. එයින් විසිඅනුසස් ගුණයක් ලැබීමි.
Pali BJT5586. තස්ස කම්මස්ස තෙජෙන සංසරන්තො භවාභවෙ, දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ චාපි මානුසෙ.
Sinhala BJT5586. එම කම්බෙලෙන් කුදුමහත් භවයෙහි සැරිසරන්නෙම් දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද දෙඅත්බැව්හි සැරිසරමි.
Pali BJT5587. දෙවලොකා චවිත්වාන ආගන්ත්වා මානුසං භවං, දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ චාපි මානුසෙ.
Sinhala BJT5587. දෙව්ලොවින් ච්‍යුතව මනුෂ්‍ය භවයට පැමිණ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ දෙකුලෙහි පමණක් උපදිමි.
Pali BJT5588. අඞ්ගපච්චඞ්ගසම්පන්නො ආරොහපරිණාහවා, අභිරූපො සුචි හොමි සම්පුණ්ණඞ්ගො අනූනකො.
Sinhala BJT5588. සුපුන් අඟපසඟ ඇත්තෙම් ආරෝහපරිණාහයෙන් යුතු වූයෙම් නො අඩු වූ සම්පූර්‍ණාඞ්ග ඇත්තෙම් පිරිසිදු වූයෙම් මනා රූ ඇත්තෙම් වෙමි.
Pali BJT5589. දෙවලොකෙ මනුස්සෙ වා ජාතො වා යත්ථ කත්ථචි, භවෙ සුවණ්ණවණ්ණොව උත්තත්තකනකූපමො.
Sinhala BJT5589. දෙව්ලොවෙහි හෝ මිනිස්ලොවෙහි හෝ යම්කිසි තැනක උපනෙම් නම් තවන ලද (=පිරිසිදුකළ) ස්වර්‍ණයක් මෙන් රන්වන් වන්නෙමි.
Pali BJT5590. මුදුකා මද්දවා සනිද්ධා{1} සුඛුමා සුකුමාරිකා, ඡවි මෙ සබ්බදා හොති බොධිපත්තෙ සුඡඩ්ඩිතෙ.
Sinhala BJT5590. හුනු බෝපත් බැහැර කළ පිනෙන් මාගේ සිවිය හැමකල්හි මෘදු ද, මොළොක් ද, සිනිඳු ද, සියුම් ද, සියුමැලි ද වේ.
Pali BJT5591. යතො කුතොචි ගතිසු සරීරෙ සමුදාගතෙ, න ලිම්පති රජොජල්ලං විපාකො පත්තඡඩ්ඩනෙ.{2}
Sinhala BJT5591. යම්කිසි ගතියක් සිරුර පහළ වූ කල්හි (එහි) දැලි කුණු නො තැවරේ. පත්කසල බැහැර ලීමෙහි මේ විපාක යි.
Pali BJT5592. උණ්හෙ වාතාතපෙ තස්ස අග්ගිතාපෙන වා පුන{3}, ගත්තෙ සෙදා න මුච්චන්ති විපාකො පත්තඡඩ්ඩනෙ.
Sinhala BJT5592. ඒ කර්‍මය කළ මට උෂ්ණ වූ අව්සුලං ඇති කල්හි ද, යලි රස්මිය කරණ කොට ගෙණ ද සිරුරෙහි ඩහ නො වැගිරේ. පත්කසල බැහැර කිරීමෙහි විපාක යි.
Pali BJT5593. කුට්ඨං ගණ්ඩො කිලාසො ච තිලකා පිළකා තථා, න හොන්ති කායෙ දද්දු ච විපාකො පත්තඡඩ්ඩනෙ.
Sinhala BJT5593. කුෂ්ට ද, ගඩු ද, කැසිලි ද, තලකැලල් ද, පිළිකා ද, එසේ ම දද ද සිරුරෙහි නො වෙත්. පත්කසල ඉවත් කිරීමෙහි මේ විපාක යි.
Pali BJT5594. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවාභවෙ, රොගා න හොන්ති කායස්මිං විපාකො පත්තඡඩ්ඩනෙ.
Sinhala BJT5594. ඒ මට අනිකුදු ගුණයෙක් ඇති වේ: කුදුමහත් භවයෙහි සිරුරෙහි රෝගාබාධයෝ නො වෙත්. පත්කසල බැහැර කිරීමෙහි මේ විපාක යි.
Pali BJT5595. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවාභවෙ, න හොති චිත්තජා පීළා විපාකො පත්තඡඩ්ඩනෙ.
Sinhala BJT5595. ඒ මට අනිකුදු ගුණයෙක් ඇති වේ: කුදුමහත් භවයෙහි මානසිකපීඩාවක් ඇති නො වේ. පත්කසල බැහැර කිරීමෙහි මේ විපාක යි.
Pali BJT5596. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවාභවෙ, අමිත්තා න භවන්තස්ස විපාකො පත්තඡඩ්ඩනෙ.
Sinhala BJT5596. ඒ මට අනිකුදු ගුණයෙක් ඇති වෙයි: කුදුමහත් භවයෙහි මට පසමිතුරෝ (ඇති) නො වෙත්. පත්කසල බැහැර කිරීමෙහි මේ විපාක යි.
Pali BJT5597. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවාභවෙ, අනූනභොගො භවති විපාකො පත්තඡඩ්ඩනෙ.
Sinhala BJT5597. ඒ මට අනිකුදු ගුණයෙක් ඇති වෙයි: කුදුමහත් භවයෙහි නො අඩු වූ භෝගසම්පත් ඇත්තේ වේ. පත්කසල බැහැර කිරීමෙහි මේ විපාකයකි.
Pali BJT5598. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවාභවෙ, අග්ගිරාජුහි චොරෙහි න හොති උදකෙ භයං.
Sinhala BJT5598. ඒ මට අනිකුදු ගුණයෙක් වෙයි: කුදුමහත් භවයෙහි ගින්නෙන් රජුන්ගෙන් සොරුන්ගෙන් හෝ දියෙන් බියෙක් නො වේ.
Pali BJT5599. අපරම්පි ගුණං තස්ස නිබ්බත්තති භවාභවෙ, දාසිදාසා අනුචරා හොන්ති චිත්තානුවත්තකා.
Sinhala BJT5599. ඒ මට අනිකුදු ගුණයෙක් වෙයි: කුදුමහත් භවයෙහි දැසිදස්සෝ සිතැඟි අනුව පවත්නා අනුවරයෝ වෙති.
Pali BJT5600. යම්හි ආයුප්පමාණම්හි ජායතෙ මානුසෙ භවෙ, තතො න හායතෙ ආයු තිට්ඨතෙ යාවතායුකං.
Sinhala BJT5600. යම් පමණ ආයු ඇති කලෙක මිනිසත් බැව්හි උපදී ද ඒ ආයු ඇතිතාක් එයින් නො පිරිහේ. සිටු නේ ම වේ.
Pali BJT5601. අබ්භන්තරා බාහිරා ච{1} නෙගමා ච සරට්ඨකා, අනුයුත්තා{2} හොන්ති සබ්බෙ වුද්ධිකාමා සුඛිච්ඡකා.
Sinhala BJT5601. ඇතුළත වූවෝ ද පිටත්හි හැසිරෙන්නෝ ද නිගම්වැස්සෝ ද, රට වැසියන් සහිත වූ මේ සියල්ලෝ අභිවෘද්ධිය කැමති වූවාහු සුව කැමති වූවාහු අනුයුක්ත වූවෝ වෙත්.
Pali BJT5602. භොගවා යසවා හොමි සිරිමා ඤාතිපක්ඛවා, අපෙතභයසන්තාසො භවෙ’හං සබ්බතො භවෙ.
Sinhala BJT5602. මම භෝග ඇත්තෙම් ද යශස් ඇත්තෙම් ද ශ්‍රීමත් වූ යෙම් ද ඥාති පක්‍ෂ ඇත්තෙම් ද වෙමි. භවයෙහි හැම ලෙසින් පහවූ භයසන්ත්‍රාය ඇත්තේ වෙමි.
Pali BJT5603. දෙවා මනුස්සා අසුරා ගන්ධබ්බා යක්ඛරක්ඛසා, සබ්බෙ තෙ පරිරක්ඛන්ති භවෙ සංසරතො සදා.
Sinhala BJT5603. හැම කල්හි දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද, අසුරයෝ ද, ගන්‍ධර්‍වයෝ ද, යක්රකුසෝ ද යන මේ සියල්ලෝ භවයෙහි හැසිරෙන්නා වූ මාගේ ආරක්‍ෂාව කෙරෙත්.
Pali BJT5604. දෙවලොකෙ මනුස්සෙ ච අනුභොත්වා උභො යසෙ, අවසානෙ ච නිබ්බානං සිවං පත්තො අනුත්තරං.
Sinhala BJT5604. දෙව්ලොවෙහි ද මිනිස් ලොවෙහි ද යන මේ දෙලෙව්හි ම යශස් අනුභව කොට අවසන්හි අනුත්තර ශාන්තිය වූ නිවනට පැමිණියෙම් වෙමි.
Pali BJT5605. සම්බුද්ධමුද්දිසිත්වාන බොධිං වා තස්ස සත්ථුනො, යො පුඤ්ඤං පසවෙ පොසො තස්ස කිං නාම දුල්ලභං.
Sinhala BJT5605. යම් පුරුෂයෙක් තෙම සම්බුදුරජුන් උදෙසා හෝ එම ශාස්තෲන් වහන්සේගේ බෝධිය උදෙසා හෝ පින් රැස් කරන්නේ නම් ඔහට කුමක් නම් දුර්‍ලභද?
Pali BJT5606. මග්ගෙ ඵලෙ ආගමෙ ච ඣානාභිඤ්ඤාගුණෙසු ච, අඤ්ඤෙසං අධිකො හුත්වා නිබ්බායාමි අනාසවො.
Sinhala BJT5606. මාර්‍ගයෙහි හා ඵලයෙහි ද (දීර්‍ඝ-මධ්‍යම ආදී) නිකායයෙහි ද ධ්‍යානාභිඥා ගුණයන්හි ද අන් අයට වඩා අධික (ඥාන) ලාභියෙක් ව ආස්‍රව රහිතව පිරිනිවන් පාමි.
Pali BJT5607. පුරෙ’හං බොධියා පත්තං ඡඩ්ඩෙත්වා හට්ඨමානසො, ඉමෙහි වීසතඞ්ගෙහි සමඞ්ගි හොමි සබ්බදා.
Sinhala BJT5607. පෙර මම තුටු සිත් ඇත්තේ බෝසෑමළුයෙහි හුනු පත් බැහැර කොට හැමකල්හි මෙම අඞ්ග විස්සෙන් යුක්ත වෙමි.
Pali BJT5608. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5608. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5609. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5609. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5610. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5610. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බොධිසම්මජ්ජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් බෝධිසම්මජ්ජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබොධිසම්මජ්ජකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTබෝධිසම්මජ්ජක ස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT529. ආමණ්ඩඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT529. ආමණ්ඩඵලදායක ස්ථවිරාවදානය
Pali BJT5611. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, වුට්ඨහිත්වා සමාධිම්හා චඞ්කමි ලොකනායකො.
Sinhala BJT5611. සියලු දහම්හි තෙරපත් පස්මරුන් දිනූ ලෝකනායක වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ සමාධියෙන් නැගී සක්මන් කළ සේක.
Pali BJT5612. ඛාරිභාරං ගහෙත්වාන ආහරන්තො ඵලං තදා, අද්දසං විරජං බුද්ධං චඞ්කමන්තං මහාමුනිං.
Sinhala BJT5612. එකල්හි (මම) පිරිකරකද ගෙණ ඵල (නෙලා) ගෙණ එන්නෙම් කෙලෙස්රජස් විරහිත මහාමුනි වූ සක්මණෙහි යෙදෙන්නා වූ බුදුරජුන් දුටිමි.
Pali BJT5613. පසන්නචිත්තො සුමනො සිරෙ කත්වාන අඤ්ජලිං, සම්බුද්ධං අභිවාදෙත්වා ආමණ්ඩමදදිං ඵලං.
Sinhala BJT5613. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිසෙහි ඇඳිලි බැඳ සම්බුදුරජුන් වැඳ ආමණ්ඩ{1} ඵලයක් දුනිමි.
Pali BJT5614. සතසහස්සෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ආමණ්ඩස්ස ඉදං ඵලං.
Sinhala BJT5614. මෙයින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමී. ආමණ්ඩ ඵලදනෙහි මේ විපාක යි.
Pali BJT5615. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5615. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5616. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5616. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5617. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5617. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආමණ්ඩඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ආමණ්ඩඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTආමණ්ඩඵලදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTආමණ්ඩඵලදායක ස්ථවිරාවදානය නව වැනියි.
Pali BJT530. සුගන්ධත්ථෙරාපදානං
Sinhala BJT530. සුගන්‍ධථේරාපදානය
Pali BJT5617. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම ගොත්තෙන{1} උප්පජ්ජි වදතංවරො.
Sinhala BJT5617-5618. මෙම භද්‍රකල්පයෙහි බ්‍රාහ්මණවංශයෙහි වූ මහත් යශස් ඇති අපි බුදුවරුම්හයි කියන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ (අසූවක්) අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත වූ දෙතිස්මහ පුරිස් ලකුණු ඇති බ්‍යාමප්‍රභා (බඹයක් පමණ ඈතට විහිදෙන) ආලෝකයෙන් පරිවෘත වූ රැස් සමූහයෙන් ගැවසී ගත් ගෝත්‍රයෙන් කාශ්‍යප නම් බුදුරජ තෙමේ ලොව පහළ විය.
Pali BJT5618. අනුව්යඤ්ජනසම්පන්නො{2} බත්තිංසවරලක්ඛණො, බ්යාමප්පභාපරිවුතො රංසුජාලසමොසටො{3}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5619. අස්සාසෙතා යථා චන්දො සුරියොව පභඞ්කරො, නිබ්බාපෙතා යථා මෙඝො සාගරො’ව ගුණාකරො.
Sinhala BJT5619. (බුදුරජ තෙම) සඳු මෙන් අස්වස් කරන්නෙක. හිරු මෙන් ප්‍රභා කරන්නෙක. වැහිවලාවක් මෙන් (කෙලෙස් ගිම්) නිවන් නෙක. සයුර මෙන් ගුණ (මැණික්) ආකරයක.
Pali BJT5620. ධරණීරිව සීලෙන හිමවා’ව සමාධිනා, ආකාසො විය පඤ්ඤාය අසඞ්ගො අනිලො යථා.
Sinhala BJT5620. සීලයෙන් මහපොළොව මෙනි. සමාධියෙන් හිමව් පව්ව මෙනි. ප්‍රඥාවෙන් අහස මෙනි. සුළඟ මෙන් නො ඇලෙන්නේ වේ.
Pali BJT5621. ස කදාචි මහාවීරො පරිසාසු විසාරදො, සච්චානි සම්පකාසෙසි උද්ධරන්තො මහාජනං.
Sinhala BJT5621. පිරිස් හමුවෙහි විශාරද වූ ඒ මහාවීර වූ බුදුරජහු කිසියම් දිනෙක මහාජනයා (සසරසයුරින්) ගොඩලමින් (සිවූ) සස් දෙසූ සේක.
Pali BJT5622. තදාහි බාරාණසියං සෙට්ඨිපුත්තො මහායසො, ආසහං ධනධඤ්ඤස්ස පහුතස්ස පභූ තදා{4}.
Sinhala BJT5622. එකල්හි මම බරණැස්නුවර සමෘද්ධ වූ ධනධාන්‍යයනට ප්‍රභූ වූ මහත් යශස් ඇති සිටුපුතෙක් වීමි.
Pali BJT5623. ජඞ්ඝාවිහාරං විචරං මිගදායමුපෙච්චහං, අද්දසං විරජං බුද්ධං දෙසෙන්තං අමතං පදං.
Sinhala BJT5623-5624. මම ජඞ්ඝා විහරණය කරන්නෙම් මිගදාය නම් වූ මුවන් වසන වනයට එළඹ අමාපදය (-නිර්‍වාණධර්‍මය) දෙසන්නා වූ කෙලෙස් රජස් විරහිත වූ විහිද යන මනෝඥ වචන ඇති කුරවි කෙවිල් හඬට බඳු හඬ ඇති හ සධ්වනීයට බඳු ධ්වනි ඇති මහාජනයාට දහම් අවබෝධ කරවන්නා වූ බුදුරජුන් දුටිමි.
Pali BJT5624. විස්සට්ඨකන්තවචනං{5} කරවීකසමස්සරං, හංසරුදාභිනිග්ඝොසං{6} විඤ්ඤාපෙන්තං මහාජනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5625. දිස්වා දෙවාතිදෙවං තං සුත්වා ච{7} මධුරං ගිරං, පහායානප්පකෙ{8} භොගෙ පබ්බජිං අනගාරියං.
Sinhala BJT5625. දේවාතිදේව වූ ඒ බුදුරජුන් දැක මිහිරිවචන ද අසා අපමණ වූ භෝගසම්පත් හැර දමා අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි.
Pali BJT5626. එවං පබ්බජිතො චාහං න චිරෙන බහුස්සුතො, අහොසිං ධම්මකථිකො විචිත්තපටිභාණවා.
Sinhala BJT5626. මෙසේ පැවිදි වූ මම නොබෝ කලකින් ම බහුශ්‍රුත වූ ධර්‍ම කථික වූ විසිතුරු ප්‍රතිභා ඇත්තෙක් වීමි.
Pali BJT5627. මහාපරිසමජ්ඣෙහං හට්ඨචිත්තො පුනප්පුනං, වණ්ණයිං හෙමවණ්ණස්ස වණ්ණං වණ්ණවිසාරදො.
Sinhala BJT5627. මම මහපිරිස් මැදෙහි සතුටු සිත් ඇත්තෙම් ගුණවැණීමෙහි විශාරද වූයෙම් ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජුන්ගේ ගුණ නැවත නැවත වර්‍ණනා කෙළෙමි.
Pali BJT5628. එස ඛීණාසවො බුද්ධො අනීඝො ඡින්නසංසයො, සබ්බකම්මක්ඛයං පත්තො විමුත්තොපධිසංඛයෙ.
Sinhala BJT5628. තෙල බුදුරජානන් වහන්සේ ක්‍ෂය කළ ආස්‍රවයන් ඇති සේක. උවදුරු රහිතසේක. දුරුකළ සැක ඇතිසේක. සියලු කර්‍මයන්ගේ ක්‍ෂයට පත්වූ සේක. උපධිසඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි වූ දුකින් මිදුනු සේක.
Pali BJT5629. එස සො භගවා බුද්ධො එස සීහො අනුත්තරෙ, සදෙවකස්ස ලොකස්ස බ්රහ්මචක්කප්පවත්තකො.
Sinhala BJT5629. මේ ඒ භාග්‍යවත් වූ බුදුරජ තෙමේ ය. මේ අනුත්තර වූ පුරුෂසිංය තෙමේ ය. දෙවියන් සහිත ලෝකයාට බ්‍රහ්මචක්‍රය පවත්වන්නා වෙයි.
Pali BJT5630. දන්තො දමෙතා සන්තො ච සමෙතා නිබ්බුතො ඉසි, නිබ්බාපෙතා ච අස්සත්ථො අස්සාසෙතා මහාජනං.
Sinhala BJT5630. මහර්ෂි වූ බුදුරජ (තෙමේ) දැමුනේ මහාජනයා ද දමනය කරන්නේ ය. (තෙමේ) ශාන්ත වූයේ මහාජනයා ද ශාන්ත කරන්නේ ය. (තෙමේ කෙලෙස් ගින්නෙන්) නිවුනේ මහාජනයා ද නිවන්නේ ය. තෙමේ අස්වැසුනේ මහාජනයා ද අස්වසන්නේ ය.
Pali BJT5631. වීරො සූරො ච ධීරො ච{1} පඤ්ඤො කාරුණිකො වසී, විජිතාවී ච ස ජිනො අප්පගබ්භො අනාලයො.
Sinhala BJT5631. ඒ බුදුරජ තෙම වීරය, ශූරය, නැණවත්ය, පැණවත්ය, කාරුණිකය, පඤ්චවශිතායෙන් යුක්තය, දිනූ කෙලෙස් ඇත්තේ කාවිසියෙහි හළ දළකම් ඇතියේය. දිනනසුලුය. ආලය (-ආශා) නැතියේය.
Pali BJT5632. අනෙජො අචලො ධීමා අමොහො අසමො මුනි, ධොරය්හො උසභො නාගො සීහො සක්කො ගරූසුපි.
Sinhala BJT5632. සර්‍වඥ තෙම තෘෂ්ණාව නැතියේය. නිශ්චලය, නුවණැතියේය, මෝහය නැතියේය, (සමකොට දැක්මට අනිකකු නොමැති බැවින්) අසමය, ධුර උසුලන්නේය, (උතුම් බැවින්) වෘෂභය, (පව්නැති බැවින්) නාගය, (ශ්‍රේෂ්ඨ බැවින්) සිංහය, ගුරුන් අතුරෙහිදු ශක්‍ය ය.
Pali BJT5633. විරාගො විමලො බ්රහ්මා වාදසූරො රණඤ්ජහො, අඛිලො ච විසල්ලො ච අසමො සංයුතො{2} සුචි.
Sinhala BJT5633. රාගය නැත්තේය. නිර්‍මලය, ශ්‍රේෂ්ඨය, වාදීන් අතුරෙහි ශූරය, පව් දුරු කෙළේය, (සිත්හි රාගාදි කිලුටු නැති බැවින්) අඛිල ය, (පහ වූ රාගාදී හුල් ඇති බැවින්) විසල්ල ය. (ලෙව්හි සමාන කිරීමට අනිකෙකු නො මැති බැවින්) අසම ය, චක්‍ෂුරාදි ඉන්‍ද්‍රියයන් (සංවෘත බැවින්) සන්හුන්ය, පිරිසිදුය.
Pali BJT5634. බ්රාහ්මණො සමණො නාථො භිසක්කො සල්ලකත්තකො, යොධො බුද්ධො සුතො සුතො{3} අචලො මුදිතොදිතො.{4}
Sinhala BJT5634. (බැහැර කරණ ලද පව් ඇති බැවින්) බ්‍රාහ්මණය. ශමනය කරණ ලද පව් ඇති බැවින් ශ්‍රමණය. (අනාථයනට පිහිට වන බැවින්) නාථය. (කෙලෙස් ලෙඩට) වෛද්‍ය, (රාගාදී හුල් උදුරන) ශල්‍ය වෛද්‍යය (කෙලෙස් සතුරන් ජය ගන්නා) යෝධය. (සිවුසස් දත් බැවින්) බුදුය. ප්‍රකටය. (දමනය කළයුත්තන් දමනය කරණ බැවින්) සාරථිය. නිශ්චලය. මුදිතාවෙන් යුතුය. උත්ගතය.
Pali BJT5635. ධාතා ධතා ච හන්තා ච{5} කත්තා නෙතා පකාසිතා, සම්පහංසිතා භෙත්තා ච ඡෙත්තා සොතා පසංසිතා.
Sinhala BJT5635. තෘප්තය. (මහාකරුණා ආදී ගුණ) දන්නේය. (කෙලෙස් සතුරන්) නැසුයේ ය. (ශාන්තිය) කරන්නේ ය. (නිවන්මගට) පමුණුවන්නේ ය. (අමාදහම්) දෙසන්නේ ය. (සව්වන්) සතුටු කරන්නේ ය. (සසරසක දැවි) බිඳින්නේය. කෙලෙස් බැඳුම් සිඳිනේ ය. (විනෙයජනයන්ගේ කථා භවාග්‍රයෙහි සිට නමුදු) අසන්නේ ය. (මනා ප්‍රතිපත්ති ඇතියනට) පසසන්නෙක.
Pali BJT5636. අඛිලො ච විසල්ලො ච අනීඝො අකථඞ්කථී, අනෙජො විරජො ඛන්තා{6} ගන්තා{7} වත්තා පකාසිතා{8}
Sinhala BJT5636. (රාගාදි කිලිටි නැති බැවින්) අඛිල ය. (පහවූ රාගාදී හුල් ඇති බැවින්) විසල්ල ය. උවදුරු රහිත ය. සැක රහිත ය. තෘෂ්ණාවිරහිත ය. කෙලෙස් රජස් රහිත ය. ඉවසන්නේ ය. නිවන්මග යන්නේ ය. (මග නොමග මෙයයි) කියන්නේ ය. (හිතාහිත මේ යයි) පවසන්නේ ය.
Pali BJT5637. තාරෙතා අත්ථකාරෙතා කාරෙතා සම්පදාලිතා{9}, පාපෙතා සහිතා කන්තා හන්තා ආතා පී තාපසො{10}.
Sinhala BJT5637. (සත්ත්‍වයන් සසරින්) එතෙර ලන්නේ ය. අභිවෘද්ධිකාරක ය. (නිවන් සිදු) කරන්නේ ය. (කෙලෙස් නමැති ගල්කුළු) පළන්නේ ය. (සත්ත්‍වයන් නිවණට) පමුණුවන්නේ ය. දුටුවන් සිත් ගන්නේ ය. (කෙලෙස්සතුරන්) නසන්නේ ය. (කෙලෙස් තවන) වීර්‍ය්‍යය ඇත්තේ ය. තපෝගුණ යුක්ත ය.
Pali BJT5638. සමචිත්තො{1} සමසමො අසහායො දයාසයො,{2} අච්ඡෙරසත්තො{3} අකුහො කතාවී ඉසිසත්තමො.
Sinhala BJT5638. (සතුරු මිතුරු මැදහත් කවුරුන් කෙරෙහිත්) සම සිත් ඇත්තේය. (අසම වූ බුදුවරයනට පමණක් සමානවන බැවින්) අසමසමය. මේ සමානය යි දැක්වීමට අනිකෙකු නොමැති බැවින්ය අසහායය. දයා ගුණයට නිවාසස්ථානය. ආශ්චර්‍ය්‍ය සත්ත්‍වය. කොහොන් ගුණ රහිතය. සර්‍වඥතාඥානය සඳහා කටයුතු තාක් දැය කෙළේ වේ. බුද්ධර්ෂීන් අතුරෙහි සත් වන බැවින් ඉසිසත්තමය.
Pali BJT5639. නිත්තිණ්ණකඞ්ඛො නිම්මානො අප්පමෙය්යො අනූපමො, සබ්බවාක්යපථාතීතො සච්චඤෙය්යන්තගූ{4} ජිනො.
Sinhala BJT5639. දුරුකළ සැක ඇතියේය. මාන රහිතය. පමණ කළ නො හැකි ගුණ ඇතියේය. උපමා විෂයය ඉක්මවූයේ ය. වර්‍ණනාවිෂය ඉක්මවූයේ ය. සත්‍යධර්‍මයාගේ හා දතයුතු සකලධර්‍මයන්ගේ පරතෙරට ගියේය. පස්මරුන් දිනූ යේ වේ.
Pali BJT5640. සත්තසාරවරෙ{5} තස්මිං පසාදො අමතාවහො, තස්මා බුද්ධෙ ච ධම්මෙ ච සංඝෙ සද්ධා මහිද්ධිකා.{6}
Sinhala BJT5640. සත්ත්‍වයන් අතුරෙහි උතුම් හරය වූ මේ බුදුරජුන් කෙරෙහි ප්‍රසාදය අමාසුව එළවන්නේ වෙයි. එහෙයින් බුද්ධ රත්නය කෙරෙහි ද ධර්‍මරත්නය කෙරෙහි ද සඞ්ඝරත්නය කෙරෙහි ද වූ ශ්‍රද්ධා තොමෝ මහත් වූ ඍද්ධි ඇතිකරන්නී ය.
Pali BJT5641. ගුණෙහි එවමාදීහි තිලොකසරණුත්තමං, වණ්ණෙන්තො පරිසාමජ්ඣෙ අකං{7} ධම්මකථං අහං.
Sinhala BJT5641. මම මේ ආදී ගුණ විසින් තුන්ලොවට උතුම් පිළිසරණ වූ බුදුරජුන් වර්‍ණනය කරමින් පිරිස්මැද ධර්‍මකථාවක් කෙළෙමි.
Pali BJT5642. තතො චුතොහං{8} තුසිතෙ අනුභොත්වා මහාසුඛං, තතො චුතො මනුස්සෙසු ජාතො හොමි සුගන්ධිකො.
Sinhala BJT5642. මම එයින් ච්‍යුතවූයේ තුෂිතයෙහි මහත් සැප අනුභව කොට ඉන් චුතවූයේ මිනිසත්බැව්හි උපන්නේ සුවඳවත් වූයේ වෙමි.
Pali BJT5643. නිස්සාසො මුඛගන්ධො ච දෙහගන්ධො තථෙව මෙ, සෙදගන්ධො ච සතතං සබ්බගන්ධෙ’තිසෙති’මෙ.{9}
Sinhala BJT5643. මාගේ පිටතට හෙළන වාතය ද මුඛගන්‍ධය ද ශරීරගන්‍ධය ද එසේ ම මාගේ ඩහදියගඳ ද හැම කල්හි සියලු සුවඳ ඉක්මවා පවති.
Pali BJT5644. මුඛගන්ධො සදා මය්හං පදුමුප්පලචම්පකෙ{10}, ආදිසන්තො{11} සදා වාති සරීරො ච තථෙව මෙ,
Sinhala BJT5644. හැමකල්හි මාගේ මුවසුවඳ පියුම් උපුල් සපුමල් සුවඳ (මේ යයි) පෙන්වමින් හමයි. මාගේ සිරුරු සුවඳ ද එසේය.
Pali BJT5645. ගුණත්ථවස්ස සබ්බං තං ඵලං තු{12} පරමම්භූතං, එකග්ගමනසා සබ්බෙ වණ්ණයිස්සං{13} සුණාථ මෙ.
Sinhala BJT5645. බුද්ධ ගුණකීර්‍තනයාගේ ඒ සියලු විපාක අතිශය විස්මයජනක ය. එය වර්‍ණනය කරන්නෙමි සියල්ලෝ එකඟ සිත් ඇත්තෝ ව මාගේ (ඒ වචනය) අසවු.
Pali BJT5646. ගුණං බුද්ධස්ස වත්වාන හිතාය ජනසන්ධිසු{14}, සුඛිතො{15} හොමි සබ්බත්ථ සරද්වධනිසමායුතො{16}
Sinhala BJT5646. ජනයා එක්වන තන්හි ඉතසිතින් මධුර ස්වරධ්වනි යුක්ත වූයේ (-මිහිරිහඬ ඇත්තෙම්) බුදුගුණ කියා හැම තන්හි සුව ඇතියෙම් වෙමි.
Pali BJT5647. යසස්සී සුඛිතො කන්තො ජුතිමා පියදස්සනො, වත්තා අපරිභූතො ච නිද්දොසො පඤ්ඤවා තථා.
Sinhala BJT5647. යශස් ඇත්තෙම්, සුව ඇත්තෙම්, මනහර වූයෙම්, ප්‍රභාවත් වූයෙම්, ප්‍රිය දැකුම් ඇතියෙම් එසේ ම (සොඳුරු වදන්) බණන සුලුයෙම්, (අනුන්ගේ ධනයෙන්) අපරිපෝෂිතයෙම්, නිදොස් වූයෙම්, පැණවත් වූයෙම් ද වෙමි.
Pali BJT5648. ඛීණෙ ආයුසි{17} නිබ්බානං සුලභං බුද්ධභත්තිනො, තෙසං හෙතුං පවක්ඛාමි තං සුණාථ යථාතථං.
Sinhala BJT5648. ආයුෂ ගෙවී ගිය කල්හි බුද්ධභක්ති ඇතියනට නිවන පහසුවෙන් ලැබෙන්නේ වේ. ඔවුන්ගේ (නිවන් සුලබ බවට) හේතුව කියමි. එය තත්වූ පරිදි අසවු:
Pali BJT5649. සන්තං යසං භගවතො විධිනා අභිවාදයං, යත්ථ තත්ථුපපන්නොපි යසස්සී තෙන හොමහං.
Sinhala BJT5649. මම භාග්‍යවතුන් වහන්සේගේ ශාන්ත වූ යශසට විධි වූ පරිදි අභිවාදනය කරන්නෙම් ඒ හේතුකොට ගෙන යම් ඒ තැනක උපනෙම් ද, යශස් ඇත්තෙම් වෙමි.
Pali BJT5650. දුක්ඛස්සන්තකරං බුද්ධං ධම්මං සන්තමසඞ්ඛතං, වණ්ණයං සුඛදො ආසිං සත්තානං සුඛිතො තතො.
Sinhala BJT5650. දුක් කෙළවර කරන්නා වූ බුදුරජුන් ද ශාන්ත වූ අසංස්කෘත ධර්‍මය ද, වර්‍ණනා කරන්නෙම් සෙසු සත්නට ද සුව දෙන්නෙක් වීමි. ඒ හේතුවෙන් සුව ඇත්තෙක් වීමි.
Pali BJT5651. ගුණං වදන්තො බුද්ධස්ස බුද්ධපීතිසමායුතො, සකන්තිං පරකන්තිඤ්ච ජනයිං තෙන කන්තිමා.
Sinhala BJT5651. බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්ත වූයෙම් බුදුරජුන්ගේ ගුණ කියනෙම් ස්වකීය සිත්හි කැමැත්ත ද මෙරමාගේ සිත්හි කැමැත්ත ද ඇති කෙළෙමි. ඒ හේතුවෙන් සිත් අලවන ගති ඇති කෙනෙක් වීමි.
Pali BJT5652. ජනොඝෙ{1} තිත්ථකාකිණ්ණෙ{2} අභිභුය්ය කුතිත්ථියෙ, ගුණං වදන්තො ජොතෙසිං නායකං ජුතිමා තතො.
Sinhala BJT5652. තීර්‍ත්‍ථකයන් විසින් ගැවසී ගත් ජනසමූහයා කෙරෙහි මිථ්‍යාතීර්‍ත්‍ථකයන් මැඩ පවත්වා ගුණ කියමින් බුදුරජුන් බැබල වීමි. ඒ හේතුවෙන් පැහැපත් කෙනෙක් වීමි.
Pali BJT5653. පියකාරී ජනස්සාපි සම්බුද්ධස්ස ගුණං වදං, සරදොව සසඞ්කොහං තෙනාසිං{3} පියදස්සනො.
Sinhala BJT5653. මම සම්බුදුරජුන්ගේ ගුණ කියනෙම් ඒ හේතුවෙන් සරාසඳ මෙන් ජනයාහට ප්‍රියඞ්කර ගති ඇත්තෙම් ප්‍රිය දැකුම් ඇත්තෙම් වීමී.
Pali BJT5654. යථාසත්තිවසෙනාහං සබ්බවාචාහි සන්ථවිං, සුගතං තෙන වාගීසො විචිත්තපටිභාණවා.
Sinhala BJT5654. මම ශක්තිපමණින් බුදුරජුන්හට සියලු වචනයෙන් ස්තූති කෙළෙමි. ඒ හේතුවෙන් වාගීශ්වර වීමි. විසිතුරු වූ වැටහෙන නුවණ ඇත්තෙම් ද වීමි.