Pali BJTකුටජපුප්ඵියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTකුටජපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT518. ඝොසසඤ්ඤකත්ථෙරාපදානං
Sinhala BJT518. ඝෝසසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT5500. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, අද්දසං විරජං බුද්ධං දෙවසංඝපුරක්ඛතං.
Sinhala BJT5500-5501. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. කෙලෙස් රජස් විරහිත, දිව්‍යසමූහයා විසින් පිරිවරන ලද, චතුස්සත්‍යය ප්‍රකාශ කරන්නා වූ අමාපදය දෙසන්නා වූ බුදුරජුන් දිටිමි. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්ගේ මිහිරි ධර්‍මය ඇසීමි.
Pali BJT5501. චතුසච්චං පකාසෙන්තං දෙසෙන්තං අමතං පදං, අස්සොසිං මධුරං ධම්මං සිඛිනො ලොකබන්ධුනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5502. ඝොසෙ චිත්තං පසාදෙසිං අසමප්පටිපුග්ගලෙ, තත්ථ චිත්තං පසාදෙත්වා අතරිං{3} දුත්තරං භවං.
Sinhala BJT5502. අසම වූ අප්‍රතිපුද්ගල වූ (බුදුරජුන්) කෙරෙහි ද (උන්වහන්සේගේ බ්‍රහ්ම) ස්වරයෙහි ද සිත පැහැද වීමි. එහි සිත පහදවා තරණය කිරීමට දුෂ්කර වූ භවය තරණය කෙළෙමි.
Pali BJT5503. එකතිංසෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි ඝොසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT5503. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් සංඥාවක් ලදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මඝෝෂසංඥාවෙහි මේ විපාක යි.
Pali BJT5504. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5504. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5505. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5505. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5504. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5406. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඝොසසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඝෝසසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඝොසසඤ්ඤකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඝොසසඤ්ඤකස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT519. සබ්බඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT519. සබ්බඵලදායක ස්ථවිරාවදානය
Pali BJT5505. වරුණො නාම නාමෙන බ්රාහ්මණො මන්තපාරගූ, ඡඩ්ඩෙත්වා දස පුත්තානි වනමජ්ඣොගහිං තදා.
Sinhala BJT5505. එකල්හි (මම) මන්ත්‍රයන්හි කෙළ පැමිණි නමින් වරුණ නම් වූ බ්‍රාහ්මණයෙක් වීමි. පුත්‍රයන් දසදෙනකු හැර දමා වනයට පිවිසියෙමි.
Pali BJT5506. අස්සමං සුකතං කත්වා සුවිභත්තං මනොරමං, පණ්ණසාලං කරිත්වාන වසාමි විපිනෙ අහං.
Sinhala BJT5506. මම මනා බෙදුම් ඇති අසපුවක් සාදා පන්සැලක් ද කොට වනයෙහි වෙසෙමි.
Pali BJT5507. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි මම අස්සමං.
Sinhala BJT5507. ලෝකයාගේ පූජාවන්ට යෝග්‍ය වූ ඒ පදුමුත්තර බුදුරජ තෙම මා සසරින් ගොඩලනු කැමැත්තේ මාගේ අසපුවට පැමිණියේ ය.
Pali BJT5508. යාවතා වනසණ්ඩස්මිං{1} ඔභාසො විපුලො අහු, බුද්ධස්ස ආනුභාවෙන පජ්ජලි විපිනං තදා.
Sinhala BJT5508. බුදුරජානන් වහන්සේගේ අනුභාවයෙන් මුළු වන ලැහැබෙහි මහත් වූ ආලොකයෙක් වී. එකල්හි වනය ඇවිලගත්තාක් බඳු විය.
Pali BJT5509. දිස්වාන පාටිහීරං තං{2} බුද්ධසෙට්ඨස්ස තාදිනො, පත්තපුටං ගහෙත්වාන ඵලෙන පූරයිං අහං.
Sinhala BJT5509. මම තාදීගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඒ පෙළහර දැක කොළගොටුවක් ගෙණ ඵලයෙන් පිරවීමි.
Pali BJT5510. උපගන්ත්වාන සම්බුද්ධං සහඛාරිමදාසහං, අනුකම්පාය මෙ බුද්ධො ඉදං{3} වචනමබ්රවී:
Sinhala BJT5510. මම බුදුරජුන් වෙත එළඹ කොළගොටුව සහිතව ම දුනිමි. බුදුරජතෙම මට අනුකම්පාවෙන් මේ වචනය වදාළේ ය:
Pali BJT5511. “ඛාරිභාරං ගහෙත්වාන පච්ඡතො එහි මෙ තුවං, පරිභුත්තෙ ච සඞ්ඝම්හි පුඤ්ඤං තව භවිස්සති.”
Sinhala BJT5511. “තෝ ඛාරිහාරිය හෙවත් පලගොටුව රැගෙන මා පස්සෙන් එව. සඞ්ඝයා එය වැළඳු කල්හි තොපට පින් (සිදු) වන්නේ ය.” (කියායි).
Pali BJT5512. පුටකං තං ගහෙත්වාන භික්ඛුසංඝස්සදාසහං, තත්ථ චිත්තං පසාදෙත්වා තුසිතං උපපජ්ජහං.
Sinhala BJT5512. මම ඒ (පල) ගොටුව ගෙණ භික්‍ෂුසඞ්ඝයාට දුනිමි. එහි මම සිත පහදවා තුසිතදිව්‍යලෝකයෙහි උපනිමි.
Pali BJT5513. තත්ථ දිබ්බෙහි නච්චෙහි ගීතෙහි වාදිතෙහි ච, පුඤ්ඤකම්මෙන සංයුත්තං අනුභොමි සදා සුඛං.
Sinhala BJT5513. එම දිව්‍යලෝකයෙහි දිව්‍යමය වූ නෘත්‍යයෙන් වාද්‍යයෙන් ගීතයෙන් කුශලකර්‍මය සමග යෙදුනු සුවය හැම කල්හි විඳිමි.
Pali BJT5514. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, භොගෙ මෙ ඌනතා නත්ථි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5514. දිව්‍ය වූ ද යලි මනුෂ්‍ය වූ ද යම් යම් යෝනියක උපදිම් නම් මාගේ භෝගයෙහි අඩුබවෙක් නැත. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5515. යාවතා චතුරො දීපා සසමුද්දා සපබ්බතා, ඵලං බුද්ධස්ස දත්වාන ඉස්සරං කාරයාමහං.
Sinhala BJT5515. මම බුදුරජුන්හට ඵල (දානය) දී සමුද්‍ර සහිත වූ පර්‍වත සහිත වූ සිවුමහදිවයින් යම් පමණ නම් (එ පමණ තන්හි) මාගේ ආධිපත්‍යය කරමි.
Pali BJT5516. යාවතා මෙ පක්ඛිගණා ආකාසෙ උප්පතන්ති ච, තෙපි මං වසමන්වෙන්ති ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5516. මේ පක්‍ෂිසමූහයෝ යම්තාක් අහස් නැගයෙත් ද, ඔහු ද මාගේ වශයට පැමිණෙත්. ඵලදානයාගේ මේ විපාක යී.
Pali BJT5517. යාවතා වනසණ්ඩස්මිං යක්ඛා භූතා ච රක්ඛසා, කුම්භණ්ඩා ගරුළා චාපි පාරිචරියං උපෙන්ති මෙ.
Sinhala BJT5517. වනසණ්ඩයෙහි යම්තාක් යක්‍ෂයෝ ද භූතයෝ ද රාක්‍ෂසයෝ ද කුම්භාණ්ඩයෝ ද ගුරුළෝ ද වෙත් නම් ඔහු මාගේ පාරිචරියාවට (=මෙහෙවරට) පැමිණෙත්.
Pali BJT5518. කුම්මා සොණා මධුකරා ඩංසා ච මකසා උභො, තෙපි මං වසමන්වෙන්ති ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5518. ඉදිබුවෝ ද බල්ලෝ ද මීමැස්සෝ ද ඩැහැ ලේ බොන මැස්සන් හා මදුරුවන් හා දෙවග දැයි ඔහු මා වශයට පැමිණෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5519. සුපණ්ණා නාම සකුණා පක්ඛිජාතා මහබ්බලා, තෙපි මං සරණං යන්ති ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5519. පක්‍ෂියෝනියෙහි උපන් මහත් බල ඇති සුපර්‍ණ නම් වූ ගුරුළු පක්‍ෂීහු වෙත් නම් ඔහු ද මා සරණ කොට යෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5520. යෙපි දීඝායුකා නාගා ඉද්ධිමන්තො මහායසා, තෙපි මෙ වසමන්වෙන්ති ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5520. දීර්‍ඝායුෂ්ක වූ ඍද්ධිමත් වූ මහත් යශස් ඇති යම් නාගයෝ වෙත් නම් ඔහු ද මාගේ වශයට එත්. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5521. සීහා ව්යග්ඝා ච දීපි ච අච්ඡකොකතරච්ඡකා, තෙපි මෙ වසමන්වෙන්ති ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5521. සිංහ ව්‍යාඝ්‍ර දිවි වලස් වෘක කරබානා වලස් යන ඔහු ද මාගේ වශයට එත්. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5522. ඔසධි තිණවාසී ච යෙ ච ආකාසවාසිනො, සබ්බෙ මං සරණං යන්ති ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5522. ඔෂධි තෘණ (වෘක්‍ෂාදියෙහි) වාසය කරන්නා වූ ද අහසෙහි වාසය කරන්නා වූ ද යම් දෙවියෝ වෙත් නම් ඒ සියල්ලෝ මා සරණකොට යෙත්. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5523. සුදුද්දසං සුනිපුණං ගම්භීරං සුප්පකාසිතං, ඵස්සයිත්වා විහරාමි ඵලදානස්සීදං ඵලං.
Sinhala BJT5523. දර්‍ශනයට අතිශයින් දුෂ්කර වූ ඉතා සියුම් වූ ගැඹුරු වූ මැනැවින් පවසනලද (නිවණ) පසක් කොට වෙසෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5524. විමොක්ඛෙ අට්ඨ ඵස්සිත්වා විහරාමි අනාසවො, ආතාපී නිපකො චාහං ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5524. මම අෂ්ටවිමෝක්‍ෂයන් ලබා ආස්‍රව රහිත වූයෙම් ප්‍රඥා ඇත්තෙම් වෙසෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5525. යෙ ඵලට්ඨා බුද්ධපුත්තා ඛීණදොසා මහායසා, අහමඤ්ඤතරො තෙසං ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5525. මහත් යශස් ඇති ක්‍ෂය කරණ ලද දොස් ඇති ඵලස්ථ වූ යම් බුද්ධපුත්‍රකෙනෙක් වෙත් නම් ඔවුනතුරෙන් මම ද එක්තරා කෙනෙක් වෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5526. අභිඤ්ඤාපාරමිං ගන්ත්වා සුක්කමූලෙන චොදිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT5526. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් අභිඥාවන්හි කෙළ පැමිණ සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5527. තෙවිජ්ජා ඉද්ධිපත්තා ච බුද්ධපුත්තා මහායසා, දිබ්බසොතං සමාපන්නා තෙසමඤ්ඤතරො අහං.
Sinhala BJT5527. ත්‍රිවිද්‍යා ඇත්තා වූ ද ඍද්ධිප්‍රාත්ප වූ ද මහත් යශස් ඇත්තා වූ ද දිවකන් ලද්දා වූ ද යම් බුද්ධපුත්‍රකෙනෙක් වෙත් නම් මම ද ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙමි.
Pali BJT5528. සතසහස්සෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5528. එකල්හි මෙයින් සියක් දහස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5529. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5529. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5530. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5530. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5531. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5531. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සබ්බඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සබ්බඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසබ්බඵලදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසබ්බඵලදායක ස්ථවිරාවදානය නවවැනියි.
Pali BJT520. පදුමධාරකත්ථෙරාපදානං{*}
Sinhala BJT520. පදුමධාරක ස්ථවිරාවදානය
Pali BJT5532. හිමවන්තස්ස අවිදූරෙ රොමසො නාම පබ්බතො, බුද්ධොපි සම්භවො නාම අබ්භොකාසෙ වසී තදා.
Sinhala BJT5532. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයෙක් විය. එකල්හි සම්භව නම් (පසේ බුදුරජතෙමේ ද) අභ්‍යවකාශයෙහි විසී ය.
Pali BJT5533. භවනා නික්ඛමිත්වාන පදුමං ධාරයිං අහං, එකාහං ධාරයිත්වාන භවනං පුනරාගමිං.
Sinhala BJT5533. මම භවනයෙන් නික්ම උන්වහන්සේට පියුමක් දරා සිටියෙමි. එක්දිනක් (පියුම) දරා සිට නැවත භවනයට ආමි.
Pali BJT5534. එකතිංසෙ ඉතො කප්පෙ යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5534. මෙයින් එක්තිස්වන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5535. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5535. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5536. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5536. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් භද්‍ර විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5537. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5537. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පදුමධාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පදුමධාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපදුමධාරකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපදුමධාරක ස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTඵලදායකවග්ගො ද්විපඤ්ඤාසමො.
Sinhala BJTඵලදායකවර්‍ගය දෙපණස් වැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකුරඤ්ජියං කපිත්ථඤ්ච කොසුම්භමථ කෙතකං,{1} නාගපුප්ඵජ්ජුනං චෙව කුටජී ඝොසසඤ්ඤකො, ථෙරො ච සබ්බඵලදො තථා පදුමධාරකො{2}, අසීති චෙත්ථ ගාථායො තිස්සො ගාථා තදුත්තරි.
Sinhala BJTකුරඤ්ජිය කපිත්‍ථ කොසුම්භ සහ කෙතක නාගපුප්ඵ අජ්ජුන කුටජිඝෝසසඤ්ඤත, සබ්බඵලදායක පදුමධාරක දස වේ. තුන්ගයකින් වැඩි අසූගයක් මෙහි ඇති.
Pali BJT53. තිණදායකවග්ගො
Sinhala BJT53. තිණදායක වර්‍ගය
Pali BJT521. තිණමුට්ඨිදායකත්ථෙරාපදානං
Sinhala BJT521. තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය
Pali BJT5538. හිමවන්තස්ස අවිදූරෙ ලම්බකො නාම පබ්බතො, තත්ථොපතිස්සො{1} සම්බුද්ධො අබ්භොකාසම්හි චඞ්කමි.
Sinhala BJT5538. හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්‍වතයක් විය. එහි එලිමහන්හි උපතිස්ස නම් සම්බුදුරජහු සක්මන් කළසේක.
Pali BJT5539. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, දිස්වාන තං දෙවදෙවං තිණමුට්ඨිං අදාසහං.
Sinhala BJT5539. මම පෙර මහාවෙනෙහි මුව වැද්දෙක් වීමි. මම ඒ දේවාතිදේව වූ (පසේබුදුරජුන්) දැක තණමිටක් දුනිමි.
Pali BJT5540. නිසීදනත්ථං බුද්ධස්ස දත්වා චිත්තං පසාදයිං, සම්බුද්ධමභිවාදෙත්වා පක්කාමිං උත්තරාමුඛො.
Sinhala BJT5540. එය බුදුරජුන් හට හිඳීම සඳහා දී සිත පැහැදවීමි. සම්බුදුරජුන් වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
Pali BJT5541. අචිරං ගතමත්තං මං{2} මිගරාජා අහෙඨයි,{3} සීහෙන පාතිතො{4} සන්තො තත්ථ කාලකතො{5} අහං.
Sinhala BJT5541. ගිය නො බෝ වේලාවකින් ම සිංහයෙක් තෙම මා පෙළීය. සිංහයා විසින් හෙළන ලදුයෙම් මම එහි කලුරිය කෙළෙම් වෙමි.
Pali BJT5542. ආසන්නෙ මෙ කතං කම්මං බුද්ධසෙට්ඨ අනාසවෙ, සුමුත්තො සරවෙගොව දෙවලොකං අගච්ඡහං.
Sinhala BJT5542. මරණාසන්න කල්හි මා විසින් ආස්‍රව රහිත බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විෂයෙහි ඒ කර්‍මය කරණ ලදී. මම (දුන්නෙන්) මිදුණ හීවේගයක් සෙයින් දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
Pali BJT5543. යූපො තත්ථ සුභො ආසි පුඤ්ඤකම්මාභිනිම්මිතො, සහස්සකණ්ඩො සතභෙණ්ඩු ධජාලු හරිතාමයො.
Sinhala BJT5543. පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ එහි නිර්මිත වූ විමානය ශුභ එකක් විය. දහසක් බෙදුම් ඇත්තේ ය. සියක් ගෝලාකාර මුදුන් ඇත්තේ ය. ධජයන්ගෙන් යුක්තය. පලා වන් ය.
Pali BJT5544. පභා නිද්ධාවතෙ තස්ස සතරංසීව උග්ගතො, ආකිණ්ණො දෙවකඤ්ඤාහි ආමොදිං කාමකාමහං.{6}
Sinhala BJT5544. උදා වූ හිරු සෙයින් ඒ ප්‍රාසාදයාගේ පැහැ විහිදේ. මම දිව්‍යකන්‍යාවන් විසින් පිරිවරනලද්දෙම් කම් සැප කැමැත්තෙම් සතුටු විමි.
Pali BJT5545. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, ආගන්ත්වාන මනුස්සත්තං පත්තොම්හි ආසවක්ඛයං.
Sinhala BJT5545. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් ච්‍යුතව මිනිසත් බවට පත්ව ආස්‍රවක්‍ෂයට (-රහත්බවට) පැමිණියෙම් වෙමි.
Pali BJT5546. චතුනවුතෙ ඉතො කප්පෙ නිසීදනමදාසහං, දුග්ගතිං නාභිජානාමි තිණමුට්ඨිම්හිදං ඵලං.{7}
Sinhala BJT5546. මෙයින් සිවුඅනූවන කපෙහි මම නිසීදනයක් (-අතුරා හිඳීමට තණමිටක්) දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තණමිටක් දීමෙහි මේ විපාක යි.
Pali BJT5547. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5547. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5548. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5548. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5549. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5549. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිණමුට්ඨිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් තිණමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිණමුට්ඨිදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTතිණමුට්ඨිදායක ස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT522. මඤ්චදායකත්ථෙරාපදානං
Sinhala BJT522. මඤ්චදායක ස්ථවිරාවදානය
Pali BJT5550. විපස්සිනො භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, එකමඤ්චං{1} මයා දින්නං පසන්නෙන සපාණිනා.
Sinhala BJT5550. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් පහන්සිතින් යුතුව සියතින් ම එක් ඇඳක් දෙන ලදී.
Pali BJT5551. හත්ථියානං අස්සයානං දිබ්බයානං සමජ්ඣගං, තෙන මඤ්චකදානෙන පත්තොම්හි ආසවක්ඛයං.
Sinhala BJT5551. එම මඤ්චදානය හේතුකොට ගෙණ හස්තියාන, අශ්වයාන, දිව්‍යයානයන් ලබමි. ආස්‍රවක්‍ෂයට පැමිණියෙම් වෙමි.
Pali BJT5552. එකනවුතෙ ඉතො කප්පෙ යං මඤ්චකමදාසහං, දුග්ගතිං නාභිජානාමි මඤ්චදානස්සිදං ඵලං.
Sinhala BJT5552. මෙයින් එක්අනූවන කපෙහි මම යම් මඤ්චදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
Pali BJT5553. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5553. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5554. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5554. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5555. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5555. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මඤ්චදායකො{2} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමඤ්චදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTමඤ්චදායක ස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT523. සරණගමනියත්ථෙරාපදානං{*}
Sinhala BJT523. සරණගමනිය ස්ථවිරාවදානය
Pali BJT5556. ආරුහිම්හ තදා නාවං භික්ඛු චාජීවකො ච’හං, නාවාය භිජ්ජමානාය භික්ඛු මෙ සරණං අදා.
Sinhala BJT5556. එකල්හි ආජීවකයෙක් වූ මම ද භික්‍ෂුනමක් ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්‍ෂුනම මට සරණ දුන්නේ ය.
Pali BJT5557. එකතිංසෙ ඉතො කප්පෙ යං සො මෙ සරණං අදා, දුග්ගතිං නාභිජානාමි සරණගමනෙ ඵලං.
Sinhala BJT5557. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි ඒ භික්‍ෂුතෙම මට යම් සරණයක් දුන්නේ ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සරණගමනයෙහි මේ ඵලයයි.
Pali BJT5558. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5558. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5559. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5559. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5560. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5560. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සරණගමනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසරණගමනියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTසරණගමනිය ස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT524. අබභඤ්ජනදායකත්ථෙරාපදානං
Sinhala BJT524. අබභඤ්ජනදායක ස්ථවිරාවදානය
Pali BJT5561. නගරෙ බන්ධුමතියා රාජුය්යානෙ වසාමහං, චම්මවාසී තදා ආසිං කමණ්ඩලුධරො අහං.
Sinhala BJT5561. මම බන්‍ධුමතී නගරයෙහි රජඋයන්හි වසමි. එකල්හි මම නම් හඳිත කමඬලා දරණ තවුසෙක් වීමි.
Pali BJT5562. අද්දසං විමලං බුද්ධං සයම්භුං අපරාජිතං, පධානපහිතත්තං තං{1} ඣායිං ඣානරතං වසිං{2}
Sinhala BJT5562. සියල්ල තෙමේ ම දත්තා වූ අපරාජිත (පස්මරුන් පැරද වූ) ප්‍රධන් වීර්‍ය්‍යයෙහි මෙහෙයූ සිත් ඇති ධ්‍යාන කරන්නා වූ ධ්‍යානයෙහි ඇලුනා වූ (පඤ්ච ධ්‍යාන) වසිතාවන්ගෙන් යුක්ත වූ නිර්‍මල වූ බුදුරජුන් දුටිමි.
Pali BJT5563. සබ්බකාමසමිද්ධං ච ඔඝතිණ්ණමනාසවං, දිස්වා පසන්නො සුමනො අබ්භඤ්ජනමදාසහං.
Sinhala BJT5563. සියලු අභිමතාර්‍ත්‍ථයන් සමෘද්ධ කළා වූ චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ (බුදුරජුන්) දැක මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ඇඟගල්වන තෙලක් දුනිමි.
Pali BJT5564. එකනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අබ්භඤ්ජනස්සිදං ඵලං.
Sinhala BJT5564. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් අබ්භඤ්ජනයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අබ්භඤ්ජනදානයාගේ මේ විපාක යි.
Pali BJT5565. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5565. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5566. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5566. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5567. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5567. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අබ්භඤ්ජනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅබ්භඤ්ජනදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඅබ්භඤ්ජනදායකස්ථවිරාවදානය සිවුවැනියි.
Pali BJT525. සුපටදායකත්ථෙරාපදානං
Sinhala BJT525. සුපටදායක ස්ථවිරාවදානය
Pali BJT5568. දිවාවිහාරා නික්ඛන්තො විපස්සී ලොකනායකො, ලහුං සුපටකං{3} කත්වා කප්පං සග්ගම්හි මොදහං.
Sinhala BJT5568. විපස්සී බුදුරජ තෙමේ දිවාවිහරණයෙන් නික්මුනේ ය. (මම) උන්වහන්සේ (දැක) සැහැල්ලු වූ මනා වස්ත්‍රයක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
Pali BJT5569. එකනවුතෙ ඉතො කප්පෙ සුපටකං අදාසහං, දුග්ගතිං නාභිජානාමි සුපටස්ස ඉදං ඵලං.
Sinhala BJT5569. මම මෙයින් එක් අනූවන කපෙහි මනා වස්ත්‍රයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මනා වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
Pali BJT5570. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5570. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.