Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7201-7300 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5435. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5435. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5436. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5436. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අජෙලිඵදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අජෙලිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅජෙලිඵලදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඅජෙලිඵලදායක ස්ථවිරාවදානය සත් වැනියි.
Pali BJT508. අමොදඵලියෙත්ථෙරාපදානං
Sinhala BJT508. අමෝදඵලිය ස්ථවිරාවදානය
Pali BJT5437. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ආහුතීනං පටිග්ගහං, රථියං පටිපජ්ජන්තං අමොදමදදිං ඵලං.
Sinhala BJT5437. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන්නා වූ සම්බුදුරජුන් (දැක) අමෝද ඵලයක් දුනිමි.
Pali BJT5438. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5438. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5439. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5439. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5440. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5440. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5441. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5441. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අමොදඵලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අමෝදඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅමොදඵලියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඅමෝදඵලිය ස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT509. තාලඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT509. තාලඵලදායක ස්ථවිරාවදානය
Pali BJT5442. සතරංසී නාම භගවා සයම්භූ අපරාජිතො, විවෙකා වුට්ඨහිත්වාන ගොචරායාභිනික්ඛමි.
Sinhala BJT5442. සියල්ල තෙමේ ම අවබෝධ කරගත් පස්මරුන් දිනූ සතරංසී නම් භාග්‍යවත් (පසේබුදු?) තෙම විවේකයෙන් (සමාධියෙන්) නැගිට පිඬු පිණිස වැඩියේ ය.
Pali BJT5443. ඵලහත්ථො අහං දිස්වා උපගච්ඡිං නරාසභං, පසන්නචිත්තො සුමනො තාලඵලමදාසහං.
Sinhala BJT5443. මම (උන්වහන්සේ) දැක පල ගත් අත් ඇත්තෙම් නරාසභයන් වහන්සේ වෙත එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තල් පලයක් දුනිමි.
Pali BJT5444. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5444. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5445. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5445. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5446. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5446. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5447. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5447. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තාලඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් තාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතාලඵලදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTතාලඵලදායකස්ථවිරාවදානය නවවැනියි.
Pali BJT510. නාළිකෙරදායකත්ථෙරාපදානං
Sinhala BJT510. නාළිකෙරදායක ස්ථවිරාවදානය
Pali BJT5448. නගරෙ බන්ධුමතියා ආරාමිකො අහං තදා, අද්දසං විරජං බුද්ධං ගච්ඡන්තං අනිලඤ්ජසෙ.
Sinhala BJT5448. එකල්හි මම බන්‍ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩනා වූ කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.
Pali BJT5449. නාළිකෙරඵලං යඝ බුද්ධසෙට්ඨස්සදාසහං, ආකාසෙ ඨිතකො සන්තො පතිගණ්හී මහායසො.
Sinhala BJT5449. මම නාළිකෙරඵලයක් (-පොල්ගෙඩියක්) ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. මහත් යසස් ඇති බුදුරජ තෙමේ අහසෙහි සිටියේ ම එය පිළිගෙණ වදාළේ ය.
Pali BJT5450. විත්තිසඤ්ජනනං මය්හං දිට්ඨධම්මසුඛාවහං, ඵලං බුද්ධස්ස දත්වාන විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT5450. මට ප්‍රීතිය උපදවන්නා වූ මෙලොව්හි දී ම සුව එළවන්නා වූ ඵලය පහන් සිතින් බුදුරජුන්හට දී -
Pali BJT5451. අධිගච්ඡිං තදා පීතිං විපුලං ච සුඛුත්තමං, උප්පජ්ජතෙ ච රතනං නිබ්බත්තස්ස තහිං තහිං.
Sinhala BJT5451. එකල්හි මහත් වූ ප්‍රීතියට ද උතුම් සැපයට ද පැමිණියෙමි. ඒ ඒ තන්හි උපන් මට රුවන් පහළ වේ.
Pali BJT5452. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5452. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් (නාළිකෙර) ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5453. දිබ්බචක්ඛු විසුද්ධං මෙ සමාධිකුසලො අහං, අභිඤ්ඤාපාරමිප්පත්තො ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5453. මාගේ දිවැස පිරිසිදු විය. මම සමාධියෙහි දක්‍ෂ වීමි. අභිඥාවන්හි කෙළ පැමිණියෙම් ද වෙමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5454. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5454. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5455. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5455. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5456. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5456. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නාළිකෙරදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් නාළිකේරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනාළිකෙරදායකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTනාළිකේරදායකස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකණිකාරෙකපත්තො ච කාසුමාරී තථාවටං, වාරඤ්ච මාතුලුඞ්ගඤ්ච අජෙලාමොදමෙව ච. තාලං තථා නාළිකෙරං ගාථායො ගණිතා විහ, එකං ගාථාසතං හොති ඌනාධිකවිවජ්ජිතං.
Sinhala BJTකණිකාර ඒකපත්ත කාසුමාරි අවට ද වාරඵල මාතුලුඞ්ග අජෙල ද මෝදඵල, තාල නාළිකෙරදැයි මෙසෙයින් ගා ගිණූ මෙහි. අඩු වැඩි නැතිව ම එගා එක් සියෙක් වේ.{*}
Pali BJTකණිකාරවග්ගො එකපඤ්ඤාසමො.
Sinhala BJTකණිකාරවර්‍ගය එක්පණස් වැනියි.
Pali BJT52. ඵලදායකවග්ගො
Sinhala BJT52. ඵලදායක වර්‍ගය
Pali BJT511. කුරඤ්ජියඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT511. කුරඤ්ජියඵලදායක ස්ථවිරාවදානය
Pali BJT5457. මිගලුද්දො පුරෙ ආසිං විපිනෙ විචරං අහං, අද්දසං විරජං බුද්ධං සබ්බධම්මානපාරගුං.
Sinhala BJT5457. මම පෙර වනයෙහි හැසිරෙන්නා වූ මුව වැද්දෙක් වීමි. සියලු දහම්හි කෙළ පත් කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.
Pali BJT5458. කුරඤ්ජියඵලං ගය්හ බුද්ධසෙට්ඨස්ස’දාසහං, පුඤ්ඤක්ඛෙත්තස්ස වීරස්ස පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT5458. මම කුරඤ්ජිය ඵලයක් ගෙණ වීර වූ පුණ්‍යක්‍ෂේත්‍ර වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පහන් වූයෙම් සියතින් දුනිමි.
Pali BJT5459. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5459. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) මම දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5460. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5460. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5461. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5461. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5462. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5462. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුරඤ්ජියඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කුරඤ්ජියඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකුරඤ්ජියඵලදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTකුරඤ්ජියඵලදායක ස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT512. කපිත්ථඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT512. කපිත්‍ථඵලදායක ස්ථවිරාවදානය
Pali BJT5463. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ආහුතීනං පටිග්ගහං, රථියා පටිපජ්ජන්තං කපිත්ථං අදදිං ඵලං.
Sinhala BJT5463. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන්නා වූ සම්බුදුරජුන් දැක ගිවුලූපලක් දුනිමි.
Pali BJT5464. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5464. එකල්හි මෙයින් එක්අනූවනකපෙහි යම් (ගිවුළු) පලයක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5465. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5465. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5466. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5466. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5467. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5467. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කපිත්ථඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කපිත්‍ථඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකපිත්ථඵලදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTකපිත්‍ථඵලදායක ස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT513. කොසුම්භඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT513. කෝසුම්භඵලදායක ස්ථවිරාවදානය
Pali BJT5468. කකුධං විලසන්තංව දෙවදෙවං නරාසභං, රථියං පටිපජ්ජන්තං කොසුම්භං අදදිං ඵලං.
Sinhala BJT5468. කුඹුක් රුකක් මෙන් බබලන දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිළිපන් බුදුරජුන්හට කොසුම්භඵලයක් දුනිමි.
Pali BJT5469. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5469. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5470. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5470. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5471. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5471. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5472. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5472. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කොසුම්භඵලදායකො{1} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කෝසුම්භඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකොසුම්භඵලදායකත්ථෙරස්ස{2} අපදානං තතියං.
Sinhala BJTකෝසුම්භඵලදායක ස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT514. කෙතකපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT514. කෙතකපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT5473. විනතානදියා තීරෙ විහාසි පුරිසුත්තමො, අද්දසං විරජං බුද්ධං එකග්ගං සුසමාහිතං.
Sinhala BJT5473. පුරුෂෝත්තම වූ බුදුරජ තෙම විනතා නදීතීරයෙහි වැඩහුන්නේ ය. මැනැවින් සන්හුන් වූ එකඟ සිත් ඇති කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දිටිමි.
Pali BJT5474. මධුගන්ධස්ස පුප්ඵෙන කෙතකස්ස අහං තදා, පසන්නචිත්තො සුමනො බුද්ධසෙට්ඨං අපූජයිං.
Sinhala BJT5474. එකල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මධුසුගන්‍ධය වෑහෙන වැටකේ මලින් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
Pali BJT5475. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5475. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5476. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5476. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5477. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5477. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5478. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5478. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කෙතකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කෙතකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකෙතකපුප්ඵියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTකෙතකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනියි.
Pali BJT515. නාගපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT515. නාගපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT5479. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ආහුතීනං පටිග්ගහං, රථියං පටිපජ්ජන්තං නාගපුප්ඵං අපූජයිං.
Sinhala BJT5479. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ ස්වර්‍ණවර්‍ණ වූ වීථියට පිළිපන් සම්බුදුරජුන්හට නාමලක් පිදීමි.
Pali BJT5480. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5480. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5481. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමී අනාසවො.
Sinhala BJT5481. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5482. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5482. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5483. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5483. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නාගපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනාගපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTනාගපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT516. අජ්ජුනපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT516. අජ්ජුනපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT5484. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරො තදා, අද්දසං විරජං බුද්ධං සයම්භූං අපරාජිතං.
Sinhala BJT5484. එකල්හි (මම) චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. කෙලෙස් රජස් විරහිත සියල්ල තෙමේ ම දත් පස්මරුන් දිනූ බුදුරජුන් දිටිමි.
Pali BJT5485. පසන්නචිත්තො සුමනො වෙදජාතො කතඤ්ජලී, ගහෙත්වා අජ්ජුනං පුප්ඵං සයම්භුං අභිපූජයිං.
Sinhala BJT5485. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හටගත් ප්‍රීති ඇත්තෙම් බැදැඳිලි ඇත්තෙම් කුඹුක් මලක් ගෙණ බුදුරජුන් පිදීමි.
Pali BJT5486. තෙන කම්මෙන සුකතෙන චෙතනා පණිධීහි ච, ජහිත්වා කින්නරං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5486. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතුකොට ගෙන ද චිත්ත ප්‍රණිධීන් හේතුකොට ගෙණ ද මම කිඳුරුසිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT5487. ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං, දසක්ඛත්තුං චක්කවත්තී මහාරජ්ජමකාරයිං.
Sinhala BJT5487. සතිස්වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. දසවරක් චක්‍රවර්ති මහාරාජ්‍යය කරවීමි.
Pali BJT5488. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, සුඛෙත්තෙ වපිතං බීජං සයම්භුස්මිං අහො{1} මම.
Sinhala BJT5488. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගණිය නො හැකිය. ස්වසම්භු වූ මනා පින්කෙතෙහි මා විසින් වපුළ බිජුවට ආශ්චර්‍ය්‍යයයි.
Pali BJT5489. කුසලං විජ්ජතෙ මය්හං පබ්බජිං අනගාරියං, පූජාරහො අහං අජ්ජ සක්යපුත්තස්ස සාසනෙ.
Sinhala BJT5489. මාගේ කුශලය විද්‍යමාන වේ අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණියෙමි. මම අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජුන්ගේ සසුනෙහි පිදිය යුත්තෙක් වෙමි.
Pali BJT5490. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5490. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5491. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5491. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5492. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5492. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අජ්ජුනපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අජ්ජුනපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅජ්ජුනපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTඅජ්ජුනපුප්ඵිය ස්ථවිරාවදානය සවැනියි.
Pali BJT517. කුටජපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT517. කුටජපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT5493. හිමවන්තස්ස අවිදූරෙ චාවලො{1} නාමපබ්බතො, බුද්ධො සුදස්සනො නාම වසතෙ පබ්බතන්තරෙ.
Sinhala BJT5493. හිමවතට නුදුරෙහි චාවල නම් පර්‍වතයක් විය. (එහි) කඳු අතරෙහි සුදස්සන නම් බුදුරජ තෙමේ වැඩ වෙසෙයි.
Pali BJT5494. පුප්ඵං හෙමවතං ගය්හ වෙහාසං අගමාසහං, තත්ථද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
Sinhala BJT5494. මම හිමවතෙහි හටගත් මල් ගෙණ අහසට (නැගී) ගියෙමි. එහිදී චතුරෝඝයන් තරණය කළ ආස්‍රව රහිත වූ සම්බුදුරජුන් දිටිමි.
Pali BJT5495. පුප්ඵං කුටජමාදාය සිරෙ කත්වාන අඤ්ජලිං,{2} බුද්ධස්ස අභිරොපෙසිං සයම්භුස්ස මහෙසිනො.
Sinhala BJT5495. කෙළිඳ මල් ගෙණ හිස ඇඳිලි බැඳ සියල්ල තෙමේම දත් මහර්ෂි වූ බුදුරජුන් හට පිදීමි.
Pali BJT5496. එකංතිස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5496. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5497. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5497. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5498. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5498. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5499. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5499. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුටජපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කුටජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.