Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7101-7200 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTමෙත්තෙය්යවග්ගො භද්දාලි සකිංසම්මජ්ජකො පි ච එකවිහාරී වීභීටකී ජගතී සාලපුප්ඵියො නළාගාරං පංසුකූලං කිඞ්කණිපුප්ඵියො තථා. අසීති ද්වෙ ච ගාථායො චතුද්දසසතානි ච.
Sinhala BJTමෙත්තෙය්‍ය වග්ග භද්දාලි සකිං සම්මජ්ජක සහ එක විහාරී විහීතක ජගතී සාල පුප්ඵිය නළමාලී පංසුකූල කිඞ්කණි පුප්ඵියයි දස මෙහි ගී එක් දහස් සිවුසිය දෙ අසූවෙකි.
Pali BJTමෙත්තෙය්යවග්ගදසකං.
Sinhala BJTමෙත්තෙය්‍ය වර්‍ග දශකයයි.
Pali BJTපඤ්චමං සතකං සමත්තං.
Sinhala BJTපඤ්චම ශතකය සමාප්ත යි.
Pali BJT51. කණිකාරවග්ගො
Sinhala BJT51. කණිකාර වර්‍ගය
Pali BJT501. තිකණිකාරපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT501. තිකණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT5358. සුමෙධො නාම සම්බුද්ධො බත්තිංසවරලක්ඛණො, විවෙකකාමො භගවා හිමවන්තමුපාගමි.{1}
Sinhala BJT5358. දෙතිස් මහ පුරිස් ලකුණින් යුත් සර්‍වඥ වූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ විවෙක සැප කැමැත්තෝ හිමවතට එළඹිසේක.
Pali BJT5359. අජ්ඣොගහෙත්වා හිවවන්තං අග්ගො කාරුණිකො මුනි, පල්ලඞ්කං ආභුජිත්වාන නිසීදි පුරිසුත්තමො.
Sinhala BJT5359. පුරුෂෝත්තම වූ අග්‍රකාරුණික වූ බුදුරජහු හිමවතට පිවිස පලක් බැඳ වැඩ හුන්සේක.
Pali BJT5360. විජ්ජාධරෙ තදා ආසිං අන්තලික්ඛචරො අහං, තිසූලං සුකතං ගය්හ ගච්ඡාමි අම්බරෙ තදා.
Sinhala BJT5360. එකල්හි මම අහසෙහි හැසිරෙන විද්‍යාධරයෙක් වීමි. මැනවින් කරනලද ත්‍රිශුලායුධයක් ගෙණ අහසෙහි යමි.
Pali BJT5361. පබ්බතග්ගෙ යථා අග්ගි පුණ්ණමාසීව{2} චන්දිමා, වනෙ ඔභාසතෙ බුද්ධො සාලරාජාව ඵුල්ලිතො.
Sinhala BJT5361. කඳුමුදුනෙක්හි වූ ගින්නක් මෙන් ද පුණුරැස් සඳුමෙන් ද පිපී ගිය සල් රුකක් මෙන් ද බුදුරජතෙම වනයෙහි බබලයි.
Pali BJT5362. වනග්ගා නික්ඛමිත්වාන බුද්ධරංසී විධාවරෙ,{3} නළග්ගිවණ්ණසඞ්කාසා දිස්වා චිත්තං පසාදයිං.
Sinhala BJT5362. වනගින් නික්ම බුදුරැස් පැතිරෙත්. නළවෙනෙහි ඇවිලගත් ගින්නක් මෙන් (බබලන රශ්මීන්) දැක සිත පැහද වීමි.
Pali BJT5363. විචිනං අද්දසං පුප්ඵං කණිකාරං දෙවගන්ධිකං, තීණි පුප්ඵානි ආදාය බුද්ධසෙට්ඨං අපූජයිං.
Sinhala BJT5363. (ඒ මේ අත) සොයන්නෙම් දෙව් සුවඳ ඇති කිණිහිරි මල් දුටිමි. මල්තුණක් ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
Pali BJT5364. බුද්ධස්ස ආනුභාවෙන තීණි පුප්ඵානි මෙ තදා, උද්ධ වණ්ටා අධොපත්තා ඡායං කුබ්බන්ති සත්ථුනො.
Sinhala BJT5364. එකල්හි මාගේ ඒ මල්තුණ බුදුරජාණන් වහන්සේගේ අනුභාවයෙන් නැටි උඩුකුරුව පෙති යටිකුරුව බුදුරජුන්හට සෙවන කෙරෙති.
Pali BJT5365. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5365. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැර මම තව්තිසා දෙව් ලොවට ගියෙමි.
Pali BJT5366. තත්ථ මෙ සුකතං ව්යහ්මං කණිකාරීති ඤායති, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
Sinhala BJT5366. එහි මැනැවින් කරණ ලද මාගේ විමානය ‘කණිකාරී’ දන්නා ලැබේ. (එය) සැට යොදුන් උසය. තිස් යොදුන් පුළුලු ය.
Pali BJT5367. සහස්සකණ්ඩං සතභෙණ්ඩු ධජාලු හරිතාමයං, සතසහස්සනිය්යුහා ව්යම්හෙ පාතුභවිංසු මෙ.
Sinhala BJT5367. දහසක් භාග ඇත්තේ ය. සියක් ගෝලාකාර ගෙමුදුන් ඇත්තේ ය. ධජයන්ගෙන් යුක්තය. නිල්වන් ය. මාගේ විමනෙහි සියදහසක් නිර්යූහ (ප්‍රමුඛශාලා) පහළ විය.
Pali BJT5368. සොණ්ණමයා මණිමයා ලොහිතඞ්කමයාපි ච, ඵලිකාපි ච පල්ලඞ්කා යෙනිච්ඡකා යදිච්ඡකා{1}.
Sinhala BJT5368. එහි කැමැති තැනක් කැමැති තාක් රන්මුවා මිණිමුවා පියුම්රා මිණිමුවා පිළිමිණිමුවා පර්‍ය්‍යඞ්කයෝ වෙත්.
Pali BJT5369. මහාරහඤ්ච සයනං තුලිකාවිකතීයුතං, උද්දලොමික{2} එකන්තං බිම්බොහනසමායුතං.
Sinhala BJT5369. පුලුන් බිහි ඈ යුත් දෙදාවලු එක්දාවලු ඇතිරි හා, බිම්බොහන යුත් මාහැඟි සයන ද ඇත.
Pali BJT5370. භවනා නික්ඛමිත්වාන චරන්තො දෙවචාරිකං, යදා ඉච්ඡාමි ගමනං දෙවසඞ්ඝපුරක්ඛතො.
Sinhala BJT5370. යම් කලෙක්හි භවනයෙන් නික්ම දිව්‍යසමූහයා විසින් පිරිවරන ලදුයෙම් දිව්‍යචාරිකාවෙහි හැසිරෙමින් යනු කැමැත්තෙම් ද,
Pali BJT5371. පුප්ඵස්ස හෙට්ඨා තිට්ඨාමි උපරිච්ඡදනං මම, සමන්තා යොජනසතං කණිකාරෙහි ඡාදිතං.
Sinhala BJT5371. (එකල්හි) මල් යට සිටිමි. මාගේ මස්තකයෙහි හාත්පස සියක් යොදුන් වියන කිණිහිරිමලින් වසන ලද්දකි.
Pali BJT5372. සට්ඨිතුරියසහස්සානි සායං පාතං උපට්ඨහුං, පරිවාරෙන්ති මං නිච්චං රත්තින්දිවමතන්දිතා.
Sinhala BJT5372. සැට දහසක් තූර්‍ය්‍ය වාදකයෝ උදය සවස උවැටන් කළාහුය. (ඔහු) රෑදාවල් අනලස්ව නිරතුරු මා පිරිවරත්.
Pali BJT5373. තත්ථ නච්චෙහි ගීතෙහි තාලෙහි වාදිතෙහි ච, රමාමි ඛිඩිඩාරතියා මොදාමි කාමකාමහං{3}.
Sinhala BJT5373. එහි නෘත්‍යයෙන්, ගීතයෙන්, තාලයෙන්, වාදිතයෙන්, ක්‍රීඩාරතියෙන් සිත් අලවා වසමි. මම කාමසම්පත් කැමැත්තෙම් සතුටු වෙමි.
Pali BJT5374. තත්ථ භුත්වා පිවිත්වා ච මොදාමි තිදසෙ තදා, නාරීගණෙහි සහිතො මොදාමි ව්යම්හමුත්තමෙ.
Sinhala BJT5374. එකල්හි ඒ තිදසෙහි අනුභව කොට පානය කොට මුදිත වෙමි. උතුම් විමනෙහි ස්ත්‍රීගණයා සමග සතුටු වෙමි.
Pali BJT5375. සතානං පඤ්චක්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං, සතානං තීණික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT5375. මම පන්සියවරක් දෙව්රජය කරවීමි. තුන්සියවරක් සක්විති රජ වීමි. ලැබූ මහත් ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
Pali BJT5376. භවාභවෙ සංසරන්තො මහාභොගං ලභාමහං, භොගෙ මෙ ඌනතා නත්ථි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5376. කුදුමහත් භවයෙහි හැසිරෙන්නෙම් මම මහත් භෝගසම්පත් ලබමි. මාගේ භෝගසම්පත්තියෙහි අඩුවෙක් නැත. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5377. දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5377. දිවඅත්බව්හි ද යලි මිනිසත්බව්හි ද - දෙඅත් බව්හි සැරිසරමි. අන් ගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
Pali BJT5378. දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ චාපි බ්රාහ්මණෙ, නීචෙ කුලෙ න ජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5378. කැත්කුලෙහි ද බමුණුකුලෙහි ද - මේ දෙකුලෙහි උපදිමි නීචකුලයක නූපදිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
Pali BJT5379. හත්ථියානං අස්සයානං සිවිකං සන්දමානිකං, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5379. හස්තියාන ද අශ්වයාන ද සිවිකා ද ස්‍යන්‍දන රථ ද මේ සියල්ල ම ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5380. දාසිගණං දාසගණං නාරියො සමලඞ්කතා, ලභාමි සබ්බමෙවෙතං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5380. දාසිසමූහයා ද දාසසමූහයා ද මැනැවින් සරසන ලද ස්ත්‍රීන් ද, මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5381. කොසෙය්යකම්බලීයානි ඛොමකප්පාසිකානි ච, ලභාමි සබ්බමෙවතං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5381. කෝසෙය්‍ය ද කම්බිලි ද කොමු හා කපුපිළි ද, මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5382. නවවත්ථං නවඵලං නවග්ගරසභොජනං, ලභාමි සබ්බමෙවතං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5382. නවවස්ත්‍ර ද නවඵලද අභිනව අග්‍රරස භෝජන ද, මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5383. ඉමං ඛාද ඉමං භුඤ්ජ ඉමම්හි සයනෙ සය ලභාමි සබ්බමෙවතං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5383. ‘මෙය කව, මෙය අනුභව කරව, මෙම සයනයෙහි සයනය කරව’ යන මේ සියල්ල ලබමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5384. සබ්බත්ථ පූජිතො හොමි යසො අබ්භුග්ගතො මම, මහාපක්ඛො සදා හොමි අභෙජ්ජපරිසො සදා, ඤාතීනං උත්තමො හොමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5384. හැම තන්හි පුදන ලදුයෙම් වෙමි. මාගේ කීර්තිය උස්ව පැන නැංගේ ය. හැම කල්හි මහත් වූ පක්‍ෂ (සමූහ) ඇත්තෙම් වෙමි. හැම කල්හි නො බෙදුනු පිරිස ඇත්තෙම් ද වෙමි. නෑයනට උතුම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5385. සීතං උණ්හං න ජානාමි පරිළාහො න විජ්ජති, අථො චෙතසිකං දුක්ඛං හදයෙ මෙ න විජ්ජති.
Sinhala BJT5385. ශීත, උෂ්ණ නො දනිමි. පරිඩාහ (දැවිලි) නැත. වැළි මාගේ සිත්හි චෛතසික දුකෙක් නැත.
Pali BJT5386. සුවණ්ණවණ්ණො හුත්වාන සංසරාමි භවාභවෙ, වෙවණ්ණියං න ජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5386. භවයෙන් භවයෙහි ස්වර්‍ණවර්‍ණව සැරිසරමි. විවර්‍ණ බවක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5387. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, සාවත්ථියං පුරෙ ජාතො මහාසාලෙ සුඅඩ්ඪකෙ,
Sinhala BJT5387. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් ච්‍යුතව සැවැත් පුරයෙහි ඉතා ආඪ්‍ය වූ මහාසාරකුලයක උපන්නෙමි.
Pali BJT5388. පඤ්චකාමගුණෙ හිත්වා පබ්බජිං අනගාරියං, ජාතියා සත්තවස්සොහං අරහත්තමපාපුණිං.
Sinhala BJT5388. පස්කම්ගුණ හැර සස්නෙහි පැවීද වීමි. උපතින් සත්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි.
Pali BJT5389. උපසම්පාදයි බුද්ධො ගුණමඤ්ඤාය චක්ඛුමා, තරුණො පූජනීයොහං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5389. පසැස් ඇති බුදුරජ තෙම ගුණ දැන (මා) උපසම්පදා කරවී ය. මම තරුණ වූ පිදිය යුත්තෙක් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5390. දිබ්බචක්ඛු විසුද්ධං මෙ සමාධිකුසලො අහං, අභිඤ්ඤාපාරමිප්පත්තො බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5390. මාගේ දිවැස පිරිසිදු ය. මම සමාධියෙහි දක්‍ෂයෙමි. අභිඥාවන්හි කෙළ පැමිණියෙම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5391. පටිසම්භිදා අනුප්පත්තො ඉද්ධිපාදෙසු කොවිදො, ධම්මෙසු පාරමිප්පත්තො බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5391. පැමිණි ප්‍රතිසම්භිදා ඇත්තෙම් වෙමි. ඍද්ධිපාදයන්හි දක්‍ෂවූයෙම් වෙමි. ධර්‍මයන්හි කෙළ පැමිණියෙම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5392. තිංසකප්පසහස්සම්හි යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5392. තිස්දහස්වන කපෙහි යම් බුදු කෙනෙකු පිදුයෙම් ද, ඒ හේතුයෙන් දුගතියක් නො ම දනිමි. බුද්ධපූජාවෙහි මේ ඵලයයි.
Pali BJT5393. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5393. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5394. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ,{1} තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5394. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5395. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5395. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිකණිකාරපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් තිකණිකාරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිකණිකාරපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTතිකණිකාර පුප්ඵියස්ථවිරාවදානය පළමු වැනියි.
Pali BJT502. එකපත්තදායකත්ථෙරාපදානං
Sinhala BJT502. ඒකපත්තදායක ස්ථවිරාවදානය
Pali BJT5396. නගරෙ හංසවතියා කුම්භකාරො අහොසහං, අද්දසං විරජං බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
Sinhala BJT5396. මම හංසවතී නගරයෙහි කුම්භකාරයෙන් (කුඹලෙක්) වීමි. චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ කෙලෙස් රජස් විරහිත බුදුරජුන් දිටිමි.
Pali BJT5397. සුකතං මත්තිකාපත්තං බුද්ධසෙට්ඨස්ස’දාසහං, පත්තං දත්වා භගවතො උජුභූතස්ස තාදිනො.
Sinhala BJT5397. මම මැනැවින් කරණලද මැටිපයක් (=පාත්‍රයක්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි. (කායවඞ්කාදියෙන් තොර බැවින්) ඍජු වූ තාදීගුණ ඇති බුදුරජුන්හට පාත්‍රය දී-
Pali BJT5398. භවෙ නිබ්බත්තමානොහං සොණ්ණථාලෙ ලභාමහං, රූපිමයෙ ච සොවණ්ණෙ තටිටිකෙ ච මණීමයෙ.
Sinhala BJT5398. භවයෙහි උපන්නා වූ මම රන්තලි ලබමි. රජතමය වූ ස්වර්‍ණමය වූ මණිමය වූ තැටි ද-
Pali BJT5399. පාතියො පරිභුඤ්ජාමි පුඤ්ඤකම්මස්සිදං ඵලං, යසානඤ්ච ධනානඤ්ච{1} පත්තභූතො{2} ච හොමහං.
Sinhala BJT5399. භාජන පරිභෝග කරමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාක යි. මම යශසට ද ධනයට ද පාත්‍ර (හිමි) වූයෙම් වෙමි.
Pali BJT5400. යථාපි භද්දකෙ ඛෙත්තෙ බීජමප්පම්පි රොපිතං, සම්මා ධාරෙ{3} පවෙච්ඡන්තෙ ඵලං තොසෙති කස්සකං.
Sinhala BJT5400. යම් සේ සොඳුරු කෙතක රෝපණය කළ ස්වල්ප වූ ද බීජය මැනැවින් වැසි ලැබෙන කල්හි සස්‍යඵලය ගොවියා සතුටු කෙරේ ද,
Pali BJT5401. තථෙවිමං{4} පත්තදානං බුද්ධක්ඛෙත්තම්හි රොපිතං, පීතිධාරෙ පවස්සන්තෙ ඵලං මං තොසයිස්සති.
Sinhala BJT5401. එසේ ම බුද්ධක්‍ෂේත්‍රයෙහි රෝපණය කරණ ලද මෙම පාත්‍රදාන බීජය ප්‍රීතිධාරා වස්නා කල්හි (විපාක) ඵලය මා සතුටු කරන්නේ ය.
Pali BJT5402. යාවතා ඛෙත්තා විජ්ජන්ති සඞ්ඝාපි ච ගණාපි ච, බුද්ධක්ඛෙත්තසමො නත්ථි සුඛදො සබ්බපාණිනං.
Sinhala BJT5402. සඞ්ඝයා වූ ද ගණයා වූ ද යම්තාක් (පුණ්‍ය) ක්‍ෂේත්‍රයෝ විද්‍යමාන වෙත් ද, සව්සත්නට සුව දෙන්නා වූ බුද්ධක්‍ෂේත්‍රය සමාන කෙතක් (නම්) නැත.
Pali BJT5403. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, එකපත්තං දදිත්වාන පත්තොම්හි අචලං පදං.
Sinhala BJT5403. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. එක පාත්‍රයක් දී අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
Pali BJT5404. එකනවුතෙ ඉතො කප්පෙ යං පත්තමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පත්තදානස්සිදං ඵලං.
Sinhala BJT5404. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් පාත්‍රයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාත්‍රදානයාගේ මේ විපාක යි.
Pali BJT5405. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5405. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5406. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5406. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5407. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5407. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකපත්තදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඒකපත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකපත්තදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTඒකපත්තදායක ස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT503. කාසුමාරිඵලදායකත්ථෙරාපදානං{*}
Sinhala BJT503. කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය
Pali BJT5408. කණිකාරං’ව ජොතන්තං නිසින්නං පබ්බතන්තරෙ, අද්දසං විරජං බුද්ධං ලොකජෙට්ඨං නරාසභං.
Sinhala BJT5408. කඳු අතරෙහි වැඩ හුන්නා වූ (පිපී ගිය) කිණිහිරිරුකක් සේ බබලන (කෙලෙස්) රජස් විරහිත ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් දිටිමි.
Pali BJT5409. පසන්නචිත්තො සුමනො සිරෙ කත්වාන අඤ්ජලිං, කාසුමාරිකමාදාය බුද්ධසෙට්ඨස්ස’දාසහං.
Sinhala BJT5409. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිස ඇඳිලි බැඳ කටුඑරමිණිය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
Pali BJT5410. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5410. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කටුඑරමිණිය ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
Pali BJT5411. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5411. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5412. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5412. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5413. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5413. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කාසුමාරිඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කාසුමාරිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකාසුමාරිඵලදායකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTකාසුමාරිඵලදායක ස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT504. අවටඵලියත්ථෙරාපදානං
Sinhala BJT504. අවටඵලිය ස්ථවිරාවදානය
Pali BJT5414. සහස්සරංසී භගවා සයම්භු අපරාජිතො, විවෙකා වුට්ඨහිත්වාන ගොචරායාභිනික්ඛමි.
Sinhala BJT5414. පස්මරුන් දිනූ සියල්ල තෙමේ ම අවබෝධ කළ දහසක් රැස් ඇති භාග්‍යවත් තෙමේ විවෙක (සමාධි) යෙන් නැගිට පිඬු පිණිස නික්මුණේ ය.
Pali BJT5415. ඵලහත්ථො අහං දිස්වා උපගච්ඡිං නරාසභං, පසන්නචිත්තො සුමනො අවටං අදදිං ඵලං.
Sinhala BJT5415. (එසේ නික්මුණු) නරශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක මම ඵල ගත් අත් ඇත්තෙම් උන්වහන්සේ වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයේ අවට ඵලයක් දුනිමි.
Pali BJT5416. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5416. මෙයින් සිව්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5417. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5417. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5418. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5418. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5419. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5419. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අවටඵලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අවටඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅවටඵලියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඅවටඵලියස්ථවිරාවදානය සිවුවැනියි.
Pali BJT505. වාරඵලියත්ථෙරාපදානං{*}
Sinhala BJT505. වාරඵලිය ස්ථවිරාවදානය
Pali BJT5420. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ආහුතීනං පටිග්ගහං, රථියං පටිපජ්ජන්තං වාරඵලමදාසහං.{1}
Sinhala BJT5420. මම වීථියට පිළිපන් ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ සම්බුදුරජුන් හට වාරඵලයක් දුනිමි.
Pali BJT5421. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5421. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් ඵල දානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5422. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5422. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5423. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5423. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5424. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5424. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වාරඵලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් වාරඵලියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවාරඵලියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTවාරඵලියස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT506. මාතූලුඞ්ගඵලදාකත්ථෙරාපදානං
Sinhala BJT506. මාතුලුඞ්ගඵලදායක ස්ථවිරාවදානය
Pali BJT5425. කණිකාරංව ජලිතං පුණ්ණමාසෙව චන්දිමං, ජලන්තං දීපරුක්ඛං ව අද්දසං ලොකනායකං.
Sinhala BJT5425. පණුරැසි දිනයෙහි සඳු මෙන් බබලන්නා වූ කිණිහිරි රුකක් වැනි වූ ප්‍රදීපවෘක්‍ෂයක් මෙන් දිලෙන ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
Pali BJT5426. මාතුලුඞ්ගඵලං ගය්හ අදාසිං සත්ථුනො අහං, දක්ඛිණෙය්යස්ස ධීරස්ස පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT5426. මම නාරන් ගෙඩියක් ගෙණ දක්‍ෂිණාර්‍හ වූ ප්‍රාඥ වූ ශාස්තෲන් වහන්සේට පහන් වූයෙම් සියතින් දුනිමි.
Pali BJT5427. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5427. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5428. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5428. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5429. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5429. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5430. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5430. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මාතුලුඞ්ගඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මාතුලුඞ්ගඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමාතුලුඞ්ගඵලදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTමාතුලුඞ්ගඵලදායක ස්ථවිරාවදානය සවැනියි.
Pali BJT507. අජෙලිඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT507. අජෙලිඵලදායක ස්ථවිරාවදානය
Pali BJT5431. අජ්ජුනො නාම සම්බුද්ධො හිමවන්තෙ වසී තදා, චරණෙන ච සම්පන්නො සමාධිකුසලො මුනි.
Sinhala BJT5431. එකල්හි චරණධර්‍මයන්ගෙන් සම්පූර්‍ණ වූ සමාධියෙහි දක්‍ෂ වූ මෝනෙය්‍යගුණ යුත් අජ්ජුන නම් සම්බුදු (පසේබුදු) රජ තෙමේ හිමවතෙහි වැඩ විසී ය.
Pali BJT5432. කුම්භමත්තං ගහෙත්වාන අජෙලිං ජීවජීවකං, ඡත්තපණ්ණං ගහෙත්වාන අදාසිං සත්ථුනො අහං.
Sinhala BJT5432. මම ඒ ශාස්තෲන් වහන්සේ හට කළයක් පමණ වූ අජෙලි ඵලයක් ද ජීවජීවක ද ඡත්‍රපර්‍ණ ද ගෙන දුනිමි.
Pali BJT5433. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5433. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT5434. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5434. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.