Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 7001-7100 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5279. පදුමුත්තරස්ස භගවතො සුජාතො නාම සාවකො, පංසුකූලං ගවෙසන්තො සංකාරෙ චරතී{1} තදා,
Sinhala BJT5279. එකල්හි පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සුජාත නම් ශ්‍රාවක තෙමේ පාංශුකූල (සිවුරු සඳහා) රෙදි කඩ සොයමින් කසළ ඇති තන්හි හැසිරෙයි.
Pali BJT5280. නගරෙ හංසවතියා පරෙසං භතකො අහං, උපඩ්ඪදුස්සං දත්වාන සිරසා අභිවාදයිං.
Sinhala BJT5280. මම හංසවතී නගරයෙහි පරහට (මෙහෙ කරණ) බැලයෙක් වූ යෙම් උන්වහන්සේට අඩවතක් (රෙදිකැබැල්ලක්) දී හිස නමා වන්දෙමි.
Pali BJT5281. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණීධිහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5281. මම මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
Pali BJT5282. තෙත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයි, සත්තසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්ති අහොසහං.
Sinhala BJT5282. මම තෙතිස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. සත් සැත්තෑ වරක් සක්විති රජ වීමි.
Pali BJT5283. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං, උපඩ්ඪදුස්සදානෙන මොදාමි අකුතොභයො.
Sinhala BJT5283. (ලබන ලද) මහත් ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය. අර්‍ධවස්ත්‍රදානයෙන් අකුතොභය (භය විරහිත) වූයෙම් සතුටු වෙමි.
Pali BJT5284. ඉච්ඡමානො චහං අජ්ජ සකානනං සපබ්බතං, ඛොමදුස්සෙහි ඡාදෙය්යං අඩ්ඪදුස්සස්සිදං ඵලං.
Sinhala BJT5284. මම අද කැමති වන්නෙම් නම් වන පර්‍වත සහිත වූ (සියලු පෙදෙස) කොමු පිළියෙන් වසන්නෙමි. අඩවත් දෙනෙහි මේ විපාක යි.
Pali BJT5285. සතසහස්සෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අඩ්ඪදුස්සස්සිදං ඵලං.
Sinhala BJT5285. එකල්හි මෙයින් සියක් දහස්වන කපෙහි යම් දනක් දුනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. රෙදි කඩක් දීමෙහි මේ විපාක යි.
Pali BJT5286. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5286. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5287. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5287. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5288. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5288. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උපඩ්ඪදුස්සදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් උපඩ්ඪදුස්සදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋපඩ්ඪදුස්සදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඋපඩ්ඪදුස්සදායක ස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT496. ඝතමණ්ඩදායකත්ථෙරාපදානං
Sinhala BJT496. ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය
Pali BJT5289. සුචින්තිතං භගවන්තං ලොකජෙට්ඨං නරාසභං, උපවිට්ඨං මහාරඤ්ඤං{1} වාතාබාධෙන පීළිතං. දිස්වා චිත්තං පසාදෙත්වා ඝතමණ්ඩං උපානයිං.{2}
Sinhala BJT5289. මනා සිතුම් ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ වාතාබාධයකින් පීඩිතව මහවෙනෙහි වැඩහුන්නාහු දැක සිත පහදවා පිරිසිදු ගිතෙල් සුඟක් පිළිගැන් වීමි.
Pali BJT5290. කතත්තා ආචිතත්තා ච{3} ගඞ්ගා භාගීරථී{4} අයං, මහාසමුද්දා චත්තාරො ඝතං සම්පජ්ජරෙ මම.
Sinhala BJT5290. (මෙම පුණ්‍යකර්‍මය) කළ බැවින් ද ආයුහිත බැවින් ද මේ භාගීරථී ගඟ ද සිවුමහසමුදුර ද මට ගිතෙල් සපයති.
Pali BJT5291. අයං ච පඨවී ඝොරා අප්පමාණා අසංඛියා, මම සඞ්කප්පමඤ්ඤාය භවතෙ මධුසක්ඛරා.{5}
Sinhala BJT5291. අප්‍රමාණ වූ අසඞ්ඛ්‍ය වූ මේ මහත් පෘථිවිය ද මාගේ අදහස දැන මී සකුරු (බවට පත්) වේ.
Pali BJT5292. චාතුද්දිපා ඉමෙ රුක්ඛා පාදපා ධරණීරුහා, මම සඞ්කප්පමඤ්ඤාය කප්පරුක්ඛා භවන්ති තෙ.
Sinhala BJT5292. සිවුමහ දිවයිනට අයත් මේ වෘක්‍ෂසමූහයෝ ද මාගේ අදහස දැන කල්පවෘක්‍ෂයෝ වෙති.
Pali BJT5293. පඤ්ඤාසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං, එකපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT5293. පණස්වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කෙළෙමි. මම එක්පණස් වරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
Pali BJT5294. ඡන්නවුතෙ ඉතො{6} කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඝතමණ්ඩස්සිදං ඵලං.
Sinhala BJT5294. මෙයින් සානූවන කපෙහි වූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන් ) දුගතියක් නො දනිමි. පිරිසිදු ගිතෙල් දනෙහි මේ විපාක යි.
Pali BJT5295. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5295. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5296. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5296. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5297. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5297. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඝතමණ්ඩදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඝතමණ්ඩදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඝතමණ්ඩදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTඝතමණ්ඩදායක ස්ථවිරාවදානය සවැනියි.
Pali BJT497. උදකදායකත්ථෙරාපදානං
Sinhala BJT497. උදකදායක ස්ථවිරාවදානය
Pali BJT5298. පදුමුත්තරබුද්ධස්ස භික්ඛුසඞ්ඝෙ අනුත්තරෙ, පසන්නචිත්තො සුමනො පානීයඝටමපූජයිං{1}.
Sinhala BJT5298. පදුමුත්තර බුදුරජුන්ගේ අනුත්තර වූ භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පැන්කළයක් පිදීමි.
Pali BJT5299. පබ්බතග්ගෙ දුමග්ගෙ වා ආකාසෙ වාථ භූමියං, යදා පනීයමිච්ඡාමි ඛිප්පං නිබ්බත්තතෙ මම.
Sinhala BJT5299. පර්‍වත මුදුනෙහි වේවයි ගස් මුදුනෙහි වේවයි අහසෙහි වේවයි පොළොවෙහි වේවයි යම් කලෙක පැන් කැමති වෙම් නම් වහා මට (එය) පහළ වේ.
Pali BJT5300. සතසහස්සෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි දාකදානස්සිදං{2} ඵලං.
Sinhala BJT5300. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් (පැන්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැන් දීමෙහි මේ විපාක යි.
Pali BJT5301. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5301. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT5302. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5302. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5303. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5303. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උදකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් උදකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋදකදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඋදකදායක ස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT498. පුලිනථූපියත්ථෙරාපදානං
Sinhala BJT498. පුලිනථූපිය ස්ථවිරාවදානය
Pali BJT5304. හිමවන්තස්ස අවිදූරෙ යමකො නාම පබ්බතො, අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා.
Sinhala BJT5304. හිමවතට නුදුරෙහි යමක නම් පර්‍වතයෙක් විය. (එහි) මාගේ අසපුව මැනැවින් කරණ ලද්දකි. පන්සැල ද මොනොවට නිර්මිත ය.
Pali BJT5305. නාරදො නාම නාමෙන ජටිලො උග්ගතාපනො, චතුද්දසසහස්සානි සිස්සා පරිචරන්ති මං.
Sinhala BJT5305. මම නමින් නාරද නම් වූ උග්‍ර තපස් ඇති ජටිලයෙක් වෙමි. තුදුස්දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්.
Pali BJT5306. පටිසල්ලීනකො සන්තො එවං චින්තෙසහං තදා: සබ්බො ජනො මං පූජෙති නාහං පූජෙමි කිඤ්චනං.
Sinhala BJT5306. මම එකල්හි විවේකීව හුන්නෙම් මෙසේ සිතීමි. සියලු ජන තෙමේ මා පුදයි. මම කිසිවකු නො පුදමි.
Pali BJT5307. න මෙ ඔවාදකො අත්ථි වත්තා කොචි න විජ්ජති, අනාචරියුපජ්ඣායො වනෙ වාසං උපෙමහං.
Sinhala BJT5307. මට ඔවා දෙන්නෙක් නැත. කරුණු නො කරුණු කියන්නෙක් නැත. මම ආචාර්‍ය්‍ය - උපාධ්‍යාය විරහිතව වනවාසයට පැමිණෙමි.
Pali BJT5308. උපාසමානො යමහං ගරුචිත්තං උපට්ඨහෙ, සො මෙ ආචරියො නත්ථි වනවාසො නිරත්ථකො.
Sinhala BJT5308. මම යමෙකු උපාසනා (ඇසුරු) කරන්නෙම්. ගුරුසිත උපදවන්නෙම් ද මට එබඳු ගුරුවරයෙක් නැත. වනයෙහි විසීම නිරර්‍ත්‍ථක ය.
Pali BJT5309. ආයාගම්මෙ ගවෙසිස්සං ගරුං භාවනියං තථා, සාවස්සයො වසිස්සාමි න කොචි ගරහිස්සති.
Sinhala BJT5309. (මම) මවිසින් පූජ්‍ය වූ එසේ ම ගරුභාවනීය වූ උතුමකු සොයන්නෙමි. (එබඳු උතුමකු) ඇසුරු කරන්නෙක්ව වසනෙමි. කිසිවෙක් මට නො ගරහන්නේ ය.
Pali BJT5310. උත්තානකූලා නදිකා සුපතිත්ථා මනොරමා, සුසුද්ධපුලිනාකිණ්ණා අවිදූරෙ මමස්සමං.
Sinhala BJT5310. නො ගැඹුරු ඉවුරු ඇති මනා කොට ඇති සුදෝසුදු වැලිතලාවෙන් ගැවසීගත් කුඩා ගඟක් මාගේ අසපුවට නුදුරෙහි විය.
Pali BJT5311. නදිං අමරිකං නාම උපගන්ත්වානහං තදා, සංවඩ්ඪයිත්වා පුලිනං අකං පුලිනචෙතියං.
Sinhala BJT5311. එකල්හි මම අමරිකා නම් වූ එ නදියට එළඹ වැලි එකතුකොට පුලිනචෛත්‍යයක් (වැලිසෑයක්) කෙළෙමි.
Pali BJT5312. යෙ තෙ අහෙසුං සම්බුද්ධා භවන්තකරණා මුනී, තෙසං එතාදිසො ථූපො තන්තිමිත්තං කරොමහං.
Sinhala BJT5312. භවය කෙළවර කරන්නා වූ යම් ඒ සම්බුදු මුනිවරු වූහු නම් මෙබඳු වු සෑය උන්වහන්සේ උදෙසා ය. මෙය මම උන්වහන්සේ අරමුණු කොට කරමි.
Pali BJT5313. කරිත්වා පුලිනං{1} ථූපං සොවණ්ණං මාපයිං අහං, සොණ්ණකිඞ්කණිපුප්ඵානං{2} සහස්සෙ තීණි පූජයිං.
Sinhala BJT5313. වැලි සෑයක් කොට මම (ඉදුහයෙන්) රන් නිපදවීමි. (එයින් සෑදූ) රන් කිකිණිමල් තුන් දහසක් පූජා කෙළෙමි.
Pali BJT5314. සායං පාතං නමස්සාමි වෙදජාතො කතඤ්ජලී, සම්මුඛා විය සම්බුද්ධා වන්දිං පුලිනචෙතියං.
Sinhala BJT5314. හටගත් ප්‍රීති ඇත්තෙම් බඳැඳිලි ඇත්තෙම් උදය සවස නමදිමි. සම්බුදුන් හමූයෙහිදී මෙන් පුලින චෛත්‍යය වැන්දෙමි.
Pali BJT5315. යදා කිලෙසා ජායන්ති විතක්කා ගෙහනිස්සිතා, සරාමි සුගතං{3} ථූපං පච්චවෙක්ඛාමි තාවදෙ.
Sinhala BJT5315. යම් කලෙක්හි කාමනිඃශ්‍රිත වූ විතර්‍කයෝ හටගනිත් ද, එකෙණෙහි සර්‍වඥස්තූපය සිහි කරමි. (මෙසේ ද) ප්‍රත්‍යවේක්‍ෂා කරමි:
Pali BJT5316. උපනිස්සාය විහරං සත්ථවාහං විනායකං, කිලෙසෙ සංවසෙය්යාසි න යුත්තං තව මාරිස.
Sinhala BJT5316. “නිදුකාණෙනි, සාර්‍ත්‍ථවාහක වූ විනායක වූ බුදුරදුන් (සිතින්) ඇසුරු කොට වසනේ කෙලෙස් සමග වසනෙහි නම් ඔබට (එය) නුසුදුසුය.“
Pali BJT5317. සහ ආවජ්ජිතෙ ථූපෙ ගාරවං හොති මෙ තදා, කුවිතක්කෙ විනොදෙමි{4} නාගො තුත්තට්ටිතො යථා.
Sinhala BJT5317. එකල්හි සෑය සිහිකළ කෙණෙහි මාගේ සිත්හි බුද්ධ ගෞරවය ඇති වේ. තොත්‍රයෙන් (කණමුල හනින යවුලෙන්) පෙළන ලද ඇතකු මෙන් මිත්‍ථ්‍යා විතර්‍කයන් දුරු කෙරෙමි.
Pali BJT5318. එවං විහරමානං මං මච්චුරාජාභිමද්දථ, තත්ථ කාලකතො{5} සන්තො බ්රහ්මලොකං අගච්ඡහං.{6}
Sinhala BJT5318. මෙසේ වසන මා මෘත්‍යුරාජයා මැඩලීය. මම එහි කලුරිය කළෙම් බඹලොව ගියෙමි.
Pali BJT5319. යාවතායුං වසිත්වාන තිදසෙ උපපජ්ජහං, අසීතික්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං.
Sinhala BJT5319. එහි දිවි ඇති තාක් වසා මම තව්තිසා දෙව්ලොවහි උපන්මි. අසූවරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍ය කෙළෙමි.
Pali BJT5320. සතානං තීණික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT5320. මම තෙසියක් වර සක්විති රජ වීමි. මහත් ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නො හැකිය.
Pali BJT5321. තෙසං කිඞ්කණිපුප්ඵානං{1} විපාකං අනුභොමහං, ධාතීසතසහස්සානි පරිවාරෙන්ති මං භවෙ.
Sinhala BJT5321. මම ඒ කිඞ්කණිපුෂ්පයන්ගේ විපාකය අනුභව කරමි. භවයෙහි සියදහසක් කිරිමවුවරු මා පිරිවරත්.
Pali BJT5322. ථූපස්ස පරිචිණ්ණත්තා රජොජල්ලං න ලිම්පති, ගත්තෙ සෙදා න මුච්චන්ති සප්පභාසො{2} භවාමහං.
Sinhala BJT5322. සෑය පිළිදැගුම් කළ බැවින් සිරුරෙහි රජස් දැලි නො වැකේ. ගත ඩහ නො වැගිරෙයි. මම ප්‍රභා සහිතයෙම් වෙමි.
Pali BJT5323. අහො මෙ සුකතො ථූපො සුදිට්ඨාමරිකා නදී, ථූපං කත්වාන පුලිනං{3} පත්තොම්හි අචලං පදං.
Sinhala BJT5323. ආශ්චර්‍ය්‍යයෙකි, මා විසින් මැනැවින් කරණ ලද සෑයකි. අමරිකානදිය ද මැනැවින් දක්නා ලදී. වැලිසෑය කොට අචල පදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
Pali BJT5324. කුසලං කත්තුකාමෙන ජන්තුනා සරගාහිනා, නත්ථි ඛෙත්තං අඛෙත්තං වා පටිපත්තීව සාධකා{4}.
Sinhala BJT5324. කුසල් කරණු කැමැත්තා වූ (නිර්‍වාණ) සාරය සොයන්නා වූ සත්ත්‍වයා විසින් ‘මෙය කෙත ය, මෙය නො කෙත ය’යි වෙන් කොට ගත යුත්තෙක්) නැත. ප්‍රතිපත්ති තොමෝ ම අර්‍ත්‍ථසාධක වන්නී ය.
Pali BJT5325. යථාපි බලවා පොසො අණ්ණවං තරිතුස්සහෙ, පරිත්තං කට්ඨමාදාය පක්කඛන්දෙය්ය මහාසරං:
Sinhala BJT5325-5326. බලවත් පුරුෂයෙක් තෙම සාගරය තරණය කරන්නට උත්සාහ කරන්නේ. කුඩා දඬුකඩක් ගෙන මහසයුරට පණින්නේ නම් “මම මේ දඬුකඩ නිසා මහසයුර තරණය කරන්නෙමැ” යි උත්සාහයෙන් ද වීර්‍ය්‍යයෙන් ද ඒ මිනිස් තෙම සයුරතරණය කරන්නේ යම්සේ ද-
Pali BJT5326. ඉමාහං කට්ඨං නිස්සාය තරිස්සාමි මහොදධිං, උස්සාහෙන ච විරියෙන තරෙය්ය උදධිං නරො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5327. තථෙව මෙ කතං කම්මං පරිත්තං ථොකකඤ්ච යං, තං කම්මං උපනිස්සාය සංසාරං සමතික්කමිං.
Sinhala BJT5327. එසේ ම මා විසින් යම් කර්‍මයක් කරණ ලද නම් එය ඉතා කුඩා ය. (එහෙත්) ඒ කර්‍මය නිසා සසර ඉක්ම වීමි.
Pali BJT5328. පච්ඡිමෙ භවෙ සම්පත්තෙ සුක්කමූලෙන චොදිතො, සාවත්ථියං පුරෙ ජාතො මහාසාලෙ සුඅඩ්ඪකෙ.
Sinhala BJT5328. ඒ කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් අන්තිම භවය පැමිණි කල සැවැත් නුවර ආඪ්‍ය වූ මහාසාර කුලයක උපන්නෙම් වෙමි.
Pali BJT5329. සද්ධා මාතාපිතා මය්හං බුද්ධස්ස සරණං ගතා, උභො දිට්ඨපදා එතෙ අනුවත්තන්ති සාසනං.
Sinhala BJT5329. මාගේ මවුපියෝ සැදැහැත්තෝ ය. බුදුරජුන් සරණ ගියෝය. මේ දෙදෙන ම දක්නා ලද නිර්‍වාණ පදය ඇත්තෝ ය. ශාසනයට අනුව පවතිත්.
Pali BJT5330. බොධිපපටිකං ගය්හ සොණ්ණථූපං අකාරයුං, සායංපාතං නමස්සන්ති සක්යපුත්තස්ස සම්බුඛා.
Sinhala BJT5330. (ඔහු) බෝධියෙන් (ගිලිහුනු) පොතු ගෙණ රන්සෑයක් කරවූහ. ශාක්‍යපුත්‍ර බුදුරදුන් හමුවෙහි මෙන් උදේ සවස නමස්කාර කෙරෙත්.
Pali BJT5331. උපොසථම්හි දිවසෙ සොණ්ණථූපං විනීහරුං, බුද්ධස්ස වණ්ණං කිත්තෙන්තා තියාමං වීතිනාමයුං.
Sinhala BJT5331. පොහෝ දිනයෙහි ස්වර්‍ණස්තූපය බැහැරට ගත්හ. බුදුරජුන්ගේ ගුණ කියමින් තුන්යම් රැය ගෙවූහ.
Pali BJT5332. සහ දිස්වානහං ථූපං සරිං පුලිනචෙතියං, එකාසනෙ නිසීදිත්වා අරහත්තමපාපුණිං.
Sinhala BJT5332. මම (ස්වර්‍ණ) ස්තූපය දැක එකෙණෙහි ම පුලිනචෛත්‍යය (අතීතයෙහි මවිසින් කළ වැලිසෑය) සිහි කෙළෙමි. එ අස්නෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.
Pali BJT(ද්වාවීසතිමං භාණවාරං.)
Sinhala BJT(දෙවිසිවන බණවරයි.)
Pali BJT5333. ගවෙසමානො තං වීරං ධම්මසෙනාපතිද්දසං, අගාරා නික්ඛමිත්වාන පබ්බජිං තස්ස සන්තිකෙ.
Sinhala BJT5333. ඒ වීරයන් (බුදුරජුන්) සොයනෙම් ධර්‍මසේනාපතීන් (සැරියුත් තෙරුන් වහන්සේ) දිටිමි. ගිහිගෙන් නික්ම උන්වහන්සේ වෙත පැවැදි විමි.
Pali BJT5334. ජාතියා සත්තවස්සෙන අරහත්තමපාපුණිං, උපසම්පාදයී බුද්ධො ගුණමඤ්ඤාය චක්ඛුමා
Sinhala BJT5334. උත්පත්තියෙන් සත්හැවිරිදි කල්හි රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජානන් වහන්සේ ගුණ දැන මා උපසපන් කරවූසේක.
Pali BJT5336. දාරකෙනෙව සන්තෙන කිරියං නිට්ඨිතං මයා, කතං මෙ කරණීයජ්ජ සක්යපුත්තස්ස සාසනෙ.
Sinhala BJT5336. ළදරු වූ මා විසින් (නිවන් සඳහා) කටයුතු නිම කරණ ලදී. ශාක්‍යපුත්‍ර වූ බුදුරජුන්ගේ සසුනෙහි කටයුතු දැය අද මා විසින් කරණ ලදි.
Pali BJT5337. සබ්බවෙරභයාතීතො සබ්බසඞ්ගාතිගො ඉසි, සාවකො තෙ මහාවීර සොණ්ණපුප්ඵස්සසිදං ඵලං.
Sinhala BJT5337. මහාවීර වූ ඍෂීන් වහන්ස, මම සියලු වෛර හා භය ඉක්මවූයෙම් වෙමි. සියලු ක්ලේශඞ්ගයන් ඉක්මවා ගියෙම් වෙමි. මුබවහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි. ස්වර්‍ණපුෂ්පපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5338. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5338. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5339. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5339. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5340. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5340. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පිලිනථූපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පුලිනථූපියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපුලිනථූපියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTපුලිනථූපිය ස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT499. නළකුටිදායකත්ථෙරාපදානං
Sinhala BJT499. නළකුටිදායක ස්ථවිරාවදානය
Pali BJT5341. හිමවන්තස්ස අවිදූරෙ හාරිතො නාම පබ්බතො, සයම්භූ නාරදො නාම රුක්ඛමූලෙ වසී තදා.
Sinhala BJT5341. හිමවතට නුදුරෙහි හාරිත නම් පර්‍වතයෙක් විය. එකල්හි සියල්ල තෙමේ ම දත් නාරද බුදුරජ තෙම රුක්මුලක වැඩ විසී ය.
Pali BJT5342. නළාගාරා කරිත්වාන තිණෙන ඡාදයිං අහං, චඞ්කමං සොධයිත්වාන සයම්භූස්ස අදාසහං.
Sinhala BJT5342. මම නළකුටියක් කොට තණපතින් සෙවෙනි කෙළෙමි. මම සක්මණ ද පිරිසිදු කරවා බුදුරජුන්හට දුනිමි.
Pali BJT5343. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5343. මැනැවින් කරණ ලද එ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස්සිරුර හැරපියා තව්තිසා දෙව්ලොවට ගියෙමි.
Pali BJT5344. තත්ථ මෙ සුකතං ව්යම්භං නළකුටිකාය නිම්මිතං, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
Sinhala BJT5344. එහි (දෙව්ලොව) මැනැවින් කරණ ලද නළකිළියෙන් නිර්මිත වූ මාගේ විමානය සැට යොදුනක් උස ය. තිස් යොදුනක් පුළුල් ය.
Pali BJT5345. චතුද්දසසු කප්පෙසු දෙවලොකෙ රමිං අහං, එකසත්තතික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං.
Sinhala BJT5345. මම තුදුස් කපක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක්සැත්තෑ වරක් දිව්‍යරාජ්‍යය කරවීමි.
Pali BJT5346. චතුත්තිංසක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT5346. මම සූතිස්වරක් සක්විතිරජ වීමි. (ලැබූ) මහත් ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
Pali BJT5347. ධම්මපාසාදමාරුය්හ සබ්බාකාරවරූපමං, යදිච්ඡකාහං විහරෙ සක්යපුත්තස්ස සාසනෙ.
Sinhala BJT5347. මම සියලු ආකාරයෙන් උතුම් උපමා ඇති ධර්‍මනැමැති ප්‍රාසාදයට නැගී ශාක්‍යපුත්‍ර වූ බුදුරජුන්ගේ සසුනෙහි රුචිසේ වෙසෙමි.
Pali BJT5348. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි නළකුටියා ඉදං ඵලං.
Sinhala BJT5348. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නළකුටියෙහි මේ විපාක යි.
Pali BJT5349. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5349. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5350. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5350. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5351. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5351. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නළකුටිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් නළකුටිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනළකුටිදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTනළකුටිදායක ස්ථවිරාවදානය නවවැනියි.
Pali BJT500. පියාලඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT500. පියාලඵලදායක ස්ථවිරාවදානය
Pali BJT5352. මිගලුද්දො පුරෙ ආසි විපිනෙ විචරං තදා, අද්දසං විරජං බුද්ධං සබ්බධම්මානපාරගුං.
Sinhala BJT5352. පෙර මම මුවවැද්දෙක් වීමි. එකල්හි වනයෙහි හැසිරෙන්නෙම් සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දිටිමි.
Pali BJT5353. පියාලඵලමාදාය බුද්ධසෙට්ඨස්සදාසහං, පුඤ්ඤක්ඛෙත්තස්ස වීරස්ස පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT5353. මම පියල් ගෙඩියක් ගෙණ පහන් වූයෙම් සියතින් ම පින්කෙත් වූ වීර වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
Pali BJT5354. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5354. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් පියාල ඵලයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
Pali BJT5355. කිලෙසා ඣාපිතා මය්හං භාවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5355. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5356. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5356. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5357. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5357. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පියාලඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTපියාලඵලදායකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපියාලඵලදායක ස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTතිකිඞ්කණිපුප්ඵියවග්ගො පඤ්ඤාසමො.
Sinhala BJTතිකිඞ්කණිපුප්ඵිය වර්‍ගය පණස් වැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකිඞ්කණි පංසුකූලඤ්ච කොරණ්ඩමථ කිංසුකං උපඩ්ඪදුස්සී ඝතදො උදකං ථූපකාරකො නළාගාරී ච නවමො පියාලඵලදායකො. සතං එකං ච ගාථානං නවකඤ්ච තදුත්තරිං.
Sinhala BJTකිඞ්කණි පංසුකූල කොරණ්ඩ හා කිංසුක. උපඩ්ඪදුස්සී ඝතද උදක ථූපකාරක නළාගාරි නව වන පියාලඵලදායක නවතුරු සිය ගයෙකින් මේ වග කියා නිමියේ.
Pali BJTඅථ වග්ගුද්දානං:
Sinhala BJTවග්ගුද්දානය: