Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6901-7000 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT5201. සංවිස්සත්ථො භවිත්වාන සුමෙධෙ කරුණාසයෙ{2}, පබ්බජ්ජන්තං ච තං වීරං සහාව අනුපබ්බජිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5202. සංවුතො පාතිමොක්ඛස්මිං ඉන්ද්රියෙසු ච පඤ්චසු, සුද්ධාජීවො සතො වීරො ජිනසාසනකාරකො.
Sinhala BJT5202. ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙහි ද පඤ්චවිධ ඉන්‍ද්‍රියසංවරයෙහි ද සංවෘත වූයෙම් පිරිසිදු ආජීව ඇතියෙම් සිහියෙන් යුතු වූයෙම් බුදුසසුන කරන්නා වූ වීරයෙක් වූයෙම්-
Pali BJT5203. එවං විහරමානොහං පාපමිත්තෙන කෙනචි, නියොජිතො අනාචාරෙ සුමග්ගා පරධංසිතො.
Sinhala BJT5203. මෙසේ වාස කරන්නා වූ මම කිසියම් පාපමිත්‍රයෙකු විසින් අනාචාරයෙහි යොදවන ලද්දෙම් සුමඟින් ගිලිහුනෙම්-
Pali BJT5204. විතක්කවසිකො හුත්වා සාසනාතො{3} අපක්කමිං, පච්ඡා තෙන කුමිත්තෙන පයුත්තො මාතුඝාතනං.
Sinhala BJT5204. විතර්‍කයට වසඟ වූයෙම් සසුනෙන් බැහැර වීමි. පසුව ඒ පාපමිත්‍රයා විසින් මාතෘඝාතනයෙහි යොදවන ලද්දෙම්.-
Pali BJT5205. අකරිං ආනන්තරියං ඝාතයිං දුට්ඨමානසො, තතො චුතො මහාවීචිං උපපන්නො සුදාරුණං.
Sinhala BJT5205. ආනන්තර්‍ය්‍යයක් කෙළෙමි. දුෂ්ට සිත් ඇත්තෙම් මව මැරීමි. එ අත්බැවින් චුතවූයෙම් ඉතා දරුණු මහා අවීචි නරකයෙහි උපන්නේ වෙමි.
Pali BJT5206. විනිපාතගතො සන්තො සඤ්චරිං දුක්ඛිතො චිරං, න පුනො අද්දසං වීරං සුමෙධං නරපුඞ්ගවං.
Sinhala BJT5206. දුගතියට ගියෙම් බොහෝ කලක් දුඃඛිත ව හැසිරුණෙමි. නැවත නරශ්‍රේෂ්ඨ වූ සුමේධ වීරයා නො දිටිමි.
Pali BJT5207. අස්මිං කප්පෙ සමුද්දම්හි මච්ඡො ආසිං තිමිඞ්ගලො, දිස්වාහං සාගරෙ නාවං ගොචරත්ථමුපාගමිං.
Sinhala BJT5207. මෙම කල්පයෙහි සමුද්‍රයෙහි තිමිඞ්ගල නම් මත්ස්‍යයෙක් වීමි. සයුරෙහි නැවක් දැක ගොදුරු පිණිස (ඒ නැව ගිලගණු පිණිස) වෙතට ගියෙමි.
Pali BJT5208. දිස්වා මං වාණිජා භීතා බුද්ධසෙට්ඨමනුස්සරුං. ගොතමොති මහාඝොසං සුත්වා තෙහි උදීරිතං,
Sinhala BJT5208. මා දැක බියපත් වූ වෙළෙන්දෝ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කළාහු ය. ඔවුන් විසින් කියන ලද ‘ගොතම’ යන මහා ඝෝෂය අසා-
Pali BJT5209. පුබ්බසඤ්ඤං සරිත්වාන තතො කාලකතො{1} අහං, සාවත්ථියං කුලෙ ඉද්ධෙ ජාතො බ්රාහ්මණජාතියං.
Sinhala BJT5209. පූර්‍ව (දීපඞ්කර විවරණ) සංඥාව සිහි කොට මම එඅත්බැවින් කලුරිය කෙළෙම්. සැවැත් නුවර ආඪ්‍ය වූ කුලයෙක බ්‍රාහ්මණ ජාතියෙහි උපන්මි.
Pali BJT5210. ආසිං ධම්මරුචි නාම සබ්බපාපජිගූච්ඡකො, දිස්වාහං ලොකපජ්ජොතං ජාතියා සත්තවස්සිකො.
Sinhala BJT5210. ධර්‍මරුචි නම් වූ යෙමි. සියලු පව් පිළිකුල් කරන්නෙක් වූ, උත්පත්තියෙන් සත් හැවිරිදි වූ මම ලොව බබුළුවන්නා වූ බුදුරජුන් දැක,
Pali BJT5211. මහාජෙතවනං ගන්ත්වා පබ්බජිං අනගාරියං, උපෙමි බුද්ධං තික්ඛත්තුං රත්තියා දිවසස්ස ච.
Sinhala BJT5211. දෙව්රම් මහ වෙහෙරට ගොස් සස්නෙහි පැවිදි වීමි. රෑදෙවෙහි තෙවිටක් බුදුරජුන් වෙත එළඹෙමි.
Pali BJT5212. තදා දිස්වා මුනී ආහ චිරං ධම්මරුචීති මං, තතොහං අවචං බුද්ධං පුබ්බකම්මපභාවිතං:
Sinhala BJT5212. එකල්හි මුනි තෙම මා බොහෝ කලෙකින් දැක ‘ධම්මරුචි’ය යි වදාළේ ය. ඉක්බිති මම පූර්‍වකර්‍මයෙන් ප්‍රභාවිත වූ බුදුරජුන්හට (මෙසේ) කීමි:
Pali BJT5213. “සුචිරං සතපුඤ්ඤලක්ඛණං පතිපුබ්බෙන විසුද්ධපච්චයං අහමජ්ජ සුපෙක්ඛනං වත තව පස්සාමි නිරූපවිග්ගහං{2}
Sinhala BJT5213. “සියපින් ලකුණු ඇති, පෙර දිවකුරු පාමුල්හි පරිපූර්‍ණ (පාරමි) ප්‍රත්‍යයසම්භාර ඇති, සුන්‍දරදර්‍ශන ඇති, අනූපමශරීර ඇති මුබ වහන්සේ ඉතා බොහෝ කලෙකින් අද මම ඒකාන්තයෙන් දක්මි.
Pali BJT5214. සුචිරං විහතත්තමො තයා සුචිරක්ඛෙන නදී විසොසිතා සුචිරං අමලං විසොධිතං නයනං ඤාණමයං මහාමුනෙ.
Sinhala BJT5214. මහා මූනීන්‍ද්‍රියන් වහන්ස, මුබ වහන්සේ විසින් බොහෝ කලෙකින් මොහඳුර වෙසෙසින් නසන ලද. පවිත්‍රධර්‍මගෝපන විසින් තෘෂ්ණා නදිය වියලන ලදු. බොහෝ කලෙකින් ඥානමය වූ දිවැස මුබවහන්සේ විසින් ලබන ලදි.
Pali BJT5215. චිරකාලං සමඞ්ගිතො{3} තයා න විනට්ඨො{4} පුනරන්තරං චිරං, පුනරජ්ජ සමාගතො තයා න හි නස්සන්ති කතානි ගොතම.”
Sinhala BJT5215. ගෞතමයන් වහන්ස, බොහෝ කලක් මුබ වහන්සේ සමග එක්වූයෙම් නො නටුයෙම් වීමී. යළි (මුබ වහන්සේගෙන් වෙන්වීමේ) අතරතුර බොහෝ කලෙක. නැවත මම අද මුබ වහන්සේ සමග එක්වූ යෙම් (සමග වසනෙම්) වෙමි. (මුබ වහන්සේ සමග) කළ (සමාගමාදි) කර්‍ම (ස්කන්‍ධපරිනිර්‍වාණය තෙක්) නොනසිත් මයැ.”
Pali BJT5216. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5216. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5217. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5217. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5218. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5218. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන්වහන්සේගේ සසුන් කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධම්මරුචිත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ධම්මරුචි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTධම්මරුචිත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTධම්මරුචීස්ථවිරාවදානය නව වැනි යි.
Pali BJT490. සාලමණ්ඩපියත්ථෙරාපදානං
Sinhala BJT490. සාලමණ්ඩපිය ස්ථවිරාවදානය
Pali BJT5219. අජ්ඣොගහෙත්වා සාලවනං සුකතො අස්සමො මම, සාලපුප්ඵෙහි සඤ්ඡන්නො වසාමි විපිනෙ තදා.
Sinhala BJT5219 සල්වනයට පිවිස මා විසින් අසපුවක් මැනැවින් කරණ ලදි. එකල්හි සල්මලින් ගැවසීගත්තෙම් එ වනයෙහි වෙසෙමි.
Pali BJT5220. පියදස්සී ච භගවා සයම්භූ අග්ගපුග්ගලො, විවෙකකාමො සම්බුද්ධො සාලවනමුපාගමී.
Sinhala BJT5220. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ භාග්‍යවත් පියදස්සී සම්බුදුරජහු විවේකසැප කැමැත්තේ සල්වනයට එළඹි සේක.
Pali BJT5221. අස්සමා අභිනික්ඛම්ම පවනං අගමාසහං, මූලඵලං ගවෙසන්තො ආහිණ්ඩාමි වනෙ තදා.
Sinhala BJT5221. එකල්හි මම අසපුවෙන් නික්ම වනයට ගියෙමි. මුල් හා ඵල සොයමින් වනයෙහි ඇවිදිමි.
Pali BJT5222. තත්ථද්දසාසිං සම්බුද්ධං පියදස්සිං මහායසං, සුනිසින්නං සමාපන්නං විරොචන්තං මහාවනෙ.
Sinhala BJT5222 එ මහවෙනෙහි මනාසේ වැඩහුන්නා වූ සමාධියට සමවන් බබලන්නා වූ මහත් යශස් ඇති පියදස්සි සම්බුදුරජුන් දිටිමි.
Pali BJT5223. චතුදණ්ඩෙ ඨපෙත්වාන බුද්ධස්ස උපරී අහං, මණ්ඩපං සුකතං කත්වා සාලපුප්ඵෙහි ඡාදයිං.
Sinhala BJT5223. මම මුදුනෙන් එකට බැඳි දඬුසතරක් තබා බුදුරජුන් මතුයෙහි සෙවෙනි පිණිස මනා මඩුවක් කොට සල්මලින් වැසීමි.
Pali BJT5224. සත්තාහං ධාරයිත්වාන මණ්ඩපං සාලඡාදිතං, තත්ථ චිත්තං පසාදෙත්වා බුද්ධසෙට්ඨං අවන්දහං.{1}
Sinhala BJT5224. මම සල්මලින් වැසූ මණ්ඩපය සතියක් දරා එහි සිත පහදවා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට වැන්දෙමි.
Pali BJT5225. භගවා තම්හි සමයෙ වුට්ඨහිත්වා සමාධිතො, යුගමත්තං පෙක්ඛමානො නිසීදි පුරිසුත්තමො.
Sinhala BJT5225. පුරුෂෝත්තම වූ භාග්‍යවතුන් වහන්සේ සමාධියෙන් නැගිට වියදඬු පමණ දුර බලමින් වැඩ හුන් සේක.
Pali BJT5226. සාවකො වරුණො නාම පියදස්සිස්ස සත්ථුනො, වසීසතසහස්සෙහි උපගච්ඡි විනායකං.
Sinhala BJT5226. පියදස්සි බුදුරජුන්ගේ වරුණ නම් ශ්‍රාවක තෙමේ ලක්‍ෂයක් රහතුන් සමඟ බුදුරජුන් වෙත එළඹියේ ය.
Pali BJT5227. පිදස්සී ච භගවා ලොකජෙට්ඨො නරාසභො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා සිතං පාතුකරී ජිනො.
Sinhala BJT5227. පස්මරුන් දිනූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පියදස්සී භාග්‍යවතුන් වහන්සේත් බික්සඟන මැද හිඳ සිනා පහළ කළසේක.
Pali BJT5228. අනුරුද්ධො උපට්ඨාකො පියදස්සිස්ස සත්ථුනො, එකංසං චීවරං කත්වා අපුච්ඡිත්ථ මහාමුනිං:
Sinhala BJT5228. පියදස්සී බුදුරජුගේ අනුරුද්ධ නම් උපස්ථායක තෙමේ සිවුර එකස් කොට බුදුරජුන් මෙසේ විචාළේ ය:
Pali BJT5229. කො නු ඛො භගවා හෙතු සිතකම්මස්ස සත්ථුනො, කාරණෙ විජ්ජමානම්හි සත්ථා පාතුකරෙ සිතං.
Sinhala BJT5229. “භාග්‍යවතුන් වහන්ස, ශාස්තෲන් වහන්සේගේ සිනා පහළ කිරීමට හේතු කිම? ශාස්තෘ තෙමේ කරුණක් ඇති කල්හි ම සිනා පහළ කරන්නේ ය.
Pali BJT5230. “සත්තාහං පුප්ඵඡදනං{2} යො මෙ ධාරෙසි මාණවො, තස්ස කම්මං සරිත්වාන සීතං පාතුකරිං අහං.
Sinhala BJT5230. “යම් මාණවකයෙක් සතියක් මුළුල්ලෙහි මට මල් සෙවෙනියක් දැරී ද ඔහුගේ ඒ කර්‍මය සිහි කොට මම සිනා පහළ කෙළෙමි.
Pali BJT5231. ඔකාසාහං{3} න පස්සාමි යත්ථ{4} පුඤ්ඤං විපච්චති, දෙවලොකෙ මනුස්සෙ වා ඔකාසො ච{5} න සම්මති.
Sinhala BJT5231. යම් තැනක ඒ පින විපාක දේ නම් අවකාශයක් (එයට ඉඩ ඇතිට තැනක් මම නො දකිමි. දෙව්ලොවැ හෝ මිනිස් ලොවැ හෝ හෝ ඇති අවකාශය නො සෑහේ.
Pali BJT5232. දෙවලොකෙ වසන්තස්ස පුඤ්ඤකම්මසමඞ්ගිනො, යාවතා පරිසා තස්ස සාලච්ඡන්නා භවිස්සති.
Sinhala BJT5232. පුණ්‍යකර්‍මයෙන් යුක්ත වූ දෙව්ලොව වසන ඔහුගේ සියලු පිරිස සල්සෙවෙනියෙන් වැසුනා වන්නේ ය.
Pali BJT5233. තත්ථ දිබ්බෙහි නච්චෙහි ගීතෙහි වාදිතෙහි ච, රමිස්සති සදා සන්තො පුඤ්ඤකම්මසමාහිතො.
Sinhala BJT5233. හේ පුණ්‍යකර්‍මවිපාකය සමඟ යෙදුනේ එහි දිව්‍යමය වූ නෘත්‍ය - ගීත - වාදිතයෙන් ද හැම කල්හි සිත් අලවා වසන්නේ ය.
Pali BJT5234. යාවතා පරිසා තස්ස ගන්ධගන්ධී භවිස්සති, සාලස්ස පුප්ඵවස්සො ච පවස්සිස්සති තාවදෙ.
Sinhala BJT5234. ඔහුගේ සියලු පිරිස සුගන්‍ධයෙන් සුගන්‍ධවත් වූයේ වන්නේ ය. එකෙණෙහි සල්මල් වැසි ද වස්නේ ය.
Pali BJT5235. තතො චුතොයං මනුජො මානුසං ආගමිස්සති, ඉධාපි සාලච්ඡදනං සබ්බකාලං ධරීයති.
Sinhala BJT5235. මෙ මිනිස් තෙම දෙව්ලොවින් චුතව මිනිසත් බවට පැමිණෙන්නේ නම් මෙ මිනිස්ලොව්හි ද හැමකල්හි ම සල්මල් සෙවෙනියක් දරන්නේ ය.
Pali BJT5236. ඉධ නච්චඤ්ච ගීතඤ්ච සම්මතාලසමාහිතං, පරිවාරෙස්සන්තිමං නිච්චං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5236. මෙහි කයිතාලම් යුත් නැටුම් ද, ගැයුම් ද ඔහු නිතර පිරි වරන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5237. උග්ගච්ඡන්තෙ ච සුරියෙ සාලවස්සං පවස්සති, පුඤ්ඤකම්මෙන සංයුත්තං වස්සතෙ සබ්බකාලිකං.
Sinhala BJT5237. හිරු උදාවන කල්හි සල්මල්වැසි වසී. පුණ්‍යකර්‍මයෙන් සංයුක්ත වූ ඔහට හැමකල් (එවැසි) වසී.
Pali BJT5238. අට්ඨාරසෙ කප්පසතෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන{1} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT5238. අටළොස්සියවනකපෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළවන්නේ ය.
Pali BJT5239. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.
Sinhala BJT5239. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූයේ සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය.
Pali BJT5240. ධම්මං අභිසමෙන්තස්ස සාලච්ඡදනං භවිස්සති, චිතකෙ ඣායමානස්ස ඡදනං තත්ථ හෙස්සති.”
Sinhala BJT5240. ධර්‍මය අවබෝධ කරන්නා වූ මොහුට සල්මල් සෙවෙනියක් වන්නේ ය. පිරිනිවීමෙන් පසු චිතකය දැවෙන කල්හි ද සෙවෙනියක් එහි වන්නේ ය.”
Pali BJT5241. විපාකං කිත්තයිත්වාන පියදස්සීමහාමුනි, පරිසාය ධම්මං දෙසෙසි තප්පෙන්තො ධම්මවුට්ඨියා.
Sinhala BJT5241. මහාමුනි වූ පියදස්සි බුදුරජ තෙමේ පුණ්‍යකර්‍ම විපාකය වදාරා දහම් වැස්සෙන් සනහමින් පිරිසට දහම් දෙසී ය.
Pali BJT5242. තිංසකප්පානි දෙවෙසු දෙවරජ්ජමකාරයිං, සට්ඨි ච සත්තක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
Sinhala BJT5242. මම දෙවියන් අතුරෙහි තිස්කපක් දිව්‍යරාජ්‍යය කරවීමි. සත් සැටවරක් සක්විතිරජ වීමි.
Pali BJT5243. දෙවලොකා ඉධාගන්ත්වා ලභාමි විපුලං සුඛං, ඉධාපිසාලච්ඡදනං හෙස්සති සබ්බකාලිකං.
Sinhala BJT5243. දෙව්ලොවින් මෙහි පැමිණ මහත් වූ සැප ලබමි. මෙහි ද සර්‍වකාලික වූ සල්මල්සෙවෙනියෙක් වන්නේ ය.
Pali BJT5244. මහාමුනිං තොසයිත්වා ගොතමං සක්යපුඞ්ගවං, පත්තොම්හි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
Sinhala BJT5244. ශාක්‍යකූලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් තුටු කොට ජය පරාජය හැරලා අචලස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.
Pali BJT5245. අට්ඨාරසෙ කප්පසතෙ යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5245. අටළොස්සිය වන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5246. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5246. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5247. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5247. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5248. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5248. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන්වහන්සේගේ සසුන් කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සාලමණ්ඩපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් සාලමණ්ඩපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසාලමණ්ඩපියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTසාලමණ්ඩපියස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTපංසුකූල බුද්ධසඤ්ඤි භිසදො ඤාණකිත්තකො චන්දනී ධාතුපූජී ච පුලිනුප්පාදකො පිච තරණො ධම්මරුචිකො සාලමණ්ඩපියො තථා ගාථාසතානි ද්වෙ හොන්ති{1} ඌනවීසති එව ච.
Sinhala BJTපංසුකූල බුද්ධසඤ්ඤී භිසද ඥාණකිත්තික, චන්‍දනී ධාතුපූජි ය පුලිනුප්පාදක සහ තරණ ධම්මරුචික සාලමණ්ඩපිය මෙදසෙන් දෙගාසිය උනූවිසි මෙම වග සපිරුනේ වේ.
Pali BJTපංසුකුලවග්ගො එකුනපඤ්ඤාසමො.
Sinhala BJTපංසුකූල වර්‍ගය එකුන්පනස් වැනියි.
Pali BJT50. තිකිඞ්කණිපුප්ඵියවග්ගො
Sinhala BJT50. තිකිඞ්කණිපුප්ඵ වර්‍ගය
Pali BJT491. තිකිඞ්කණිපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT491. තිකිඞ්කණිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT5249. කණිකාරංව ජොතන්තං නිසින්නං පබ්බතන්තරෙ, අද්දසං විරජං බුද්ධං විපස්සිං ලොකනායකං.
Sinhala BJT5249. කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ, කඳු අතරෙහි වැඩ හුන්නා වූ, ලෝකනායක වූ, කෙලෙස්රජස් විරහිත වූ විපස්සී බුදුරජුන් දිටිමි.
Pali BJT5250. තීණි කිඞ්කණිපුප්ඵානි පග්ගය්හ අභිරොපයිං, සම්බුද්ධමභිපූජෙත්වා ගච්ඡාමි දක්ඛිණාමුඛො.
Sinhala BJT5250. කිඞ්කණිපුෂ්ප තුණක් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි. සම්බුදු රජුන් පුදා දකුණුදිගට මුහුණ ලා යෙමි.
Pali BJT5251. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5251. මම මැනවින් කරන ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස්සිරුර හැරපියා තව්තිසා දෙව් ලොවට උත්පත්තිවශයෙන් ගියෙමි.
Pali BJT5252. එකනවුතෙ ඉතො කප්පෙ යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5252. මෙයින් එක් අනූවනකපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5253. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5253. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5254. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5254. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5255. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5255. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිකිඞ්කණිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් තිකිඞ්කණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTතිකිඞ්කණිපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTතිකිඞ්කණිපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT492. පංසුකූලපූජකත්ථෙරාපදානං
Sinhala BJT492. පංසුකූලපූජක ස්ථවිරාවදානය
Pali BJT5256. හිමවන්තස්ස අවිදූරෙ උදඞ්ගණො නාම පබ්බතො, තත්ථද්දසං පංසුකූලං දුමග්ගම්හි විලම්බිතං.
Sinhala BJT5256. හිමවතට නුදුරෙහි උදයඞ්ගණ නම් පර්‍වතයෙක් වීය. එහි ගස්මුදුනක එල්වන ලද පංසුකූල චීවරය දිටිමි.
Pali BJT5257. තීණි කිඞ්කණිපුප්ඵානි ඔචිනිත්වානහං තදා, හට්ඨො හට්ඨෙන චිත්තෙන පංසුකූලං අපූජයිං.
Sinhala BJT5257. එකල්හි මම කිඞ්කණි මල් තුණක් නෙලා ගෙණ සතුටු වූයෙම් සතුටු සිතින් ම ඒ පාංශුකූල චීවරය පිදීමි.
Pali BJT5258. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5258. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT5259. එකනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පූජෙත්වා අරහද්ධජං.
Sinhala BJT5259. මෙයින් එක් අනූවන කපෙහි එකල යම් කර්‍මයක් කෙළෙම් ද, අර්‍හත්ධ්වජය පුදා (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි.
Pali BJT5260. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5260. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5261. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5261. බුදුරජානන් වහන්සේ වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5262. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5262. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පංසුකූලපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පංසුකුලකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපංසුකූලපූජකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTපංසුකුලකපූජකස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT493. කොරණ්ඩපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT493. කොරණ්ඩපුප්ඵිය ස්ථිවිරාවදානය
Pali BJT5263. වනකම්මිකො පුරෙ ආසිං පිතුපිතාමහෙනහං{1}, පසුමාරෙන ජීවාමි කුසලං මෙ න විජ්ජති.
Sinhala BJT5263. පෙර මම පියමුතුන් පරපුරෙන් වනයෙහි දඩයම් කරණුයෙකිම් වීමි. සිවුපා සතුන් මැරීමෙන් ජීවත් වෙමි. මට කුශලයෙක් නැත.
Pali BJT5264. මම ආසයසාමන්තා තිස්සො ලොකග්ගනායකො, තීණි පදානි{2} දස්සෙසි අනුකම්පාය චක්ඛුමා.
Sinhala BJT5264. මාගේ අසපුව අබියෙස පසැස් ඇති ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරජ තෙමේ අනුකම්පායෙන් පියවරතුනක් දැක්වී ය.
Pali BJT5265. අක්කන්තෙ ච පදෙ දිස්වා තිස්සනාමස්ස සත්ථුනො, හට්ඨො හට්ඨෙන චිත්තෙන පාදෙ චිත්තං පසාදයිං.
Sinhala BJT5265. තිස්ස බුදුරජුන් දැක් වූ පියසටහන් දැක සතුටු වූයෙම් සතුටු සිතින් පියවර සටහනෙහි සිත පැහැද වීමි.
Pali BJT5266. කොරණ්ඩං පුප්ඵිතං දිස්වා පාදපං ධරණීරුහං, සකොසකං ගහෙත්වාන පදසෙට්ඨමපූජයිං{3}.
Sinhala BJT5266. පිපී කරඬු ගසක් දැක කොපු සහිත මල් ගෙණ ශ්‍රේෂ්ඨ ශ්‍රීපාදලාඤ්ජනය පිදීමි.
Pali BJT5267. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5267. මම මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
Pali BJT5268. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, කොරණ්ඩකච්ඡවී{4} හොමි පස්සභාසො{5} භවාමහං.
Sinhala BJT5268. මම දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද ප්‍රභා සහිත වූ කොරණ්ඩපුෂ්පවර්‍ණ වූ සිවි ඇත්තෙම් වෙමි.
Pali BJT5269. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පදපූජායිදං ඵලං.
Sinhala BJT5269. මෙයින් දෙයානූවනකපෙහි එකල යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාසටහන් පිදීමෙහි මේ විපාක යි.
Pali BJT5270. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5271. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5271. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5272. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5272. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කොරණ්ඩපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකොරණ්ඩපුප්ඵියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTකොරණ්ඩපුප්ඵියස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT494. කිංසුකපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT494. කිංසුකපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT5273. කිංසුකං පුප්ඵිතං දිස්වා පග්ගහෙත්වාන අඤ්ජලිං, බුද්ධසෙට්ඨං සරිත්වාන ආකාසෙ අභිපූජයිං.
Sinhala BJT5273. පිපී ගිය කෑලගසක් දැක ඇඳිලි බැඳගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කොට අහසෙහි (තිබියදීම මල්) පිදීමි.
Pali BJT5274. තෙන කම්මෙන සුකතෙන චෙතනා පණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිසමගච්ඡහං.
Sinhala BJT5274. මම මැනැවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
Pali BJT5275. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5275. එකල්හි මෙයින් එක්තිස්වන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5276. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5276. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT5277. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5277. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5278. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5278. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කිංසුකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කිංසුකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකිංසුකපුප්ඵියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTකිංසුකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනියි.
Pali BJT495. උපඩ්ඪදුස්සදායකත්ථෙරාපදානං
Sinhala BJT495. උපඩ්ඪදුස්සදායක ස්ථවිරාවදානය