Pali BJT570. තියොජනසහස්සම්හි පුරිසෙ සන්නිපාතයිං, අච්චයං දෙසනත්ථාය සයම්භුං උපසඞ්කමිං.
Sinhala BJT570. තුන් දහසක් යොදුන් තන්හි පුරුෂයන් රැස් කරවීමි. වරද පැවසීම සඳහා පසේබුදුරජානන් වහන්සේ වෙත එළඹියෙමි.
Pali BJT571. අල්ලවත්ථා අල්ලසිරා සබ්බෙව පඤ්ජලී කතා, බුද්ධස්ස පාදෙ නිපතිත්වා ඉදං වචනමබ්රවුං:{7}
Sinhala BJT571. තෙත් වූ වස්ත්‍ර ඇති තෙත් වූ කෙස් ඇති සියල්ලෝ ම බඳින ලද ඇඳිලි ඇත්තාහු බුදුරජානන් වහන්සේගේ පාමුල වැටී මේ වචන කීවාහු ය:
Pali BJT572. “ඛමස්සු ත්වං මහාවීර අභියාචති තං ජනො, පරිළාහං විනොදෙහි මා නො රට්ඨං විනාසය.
Sinhala BJT572. මහාවීරයානෙනි, සමා වනු මැනවි. ජනසමූහයා එය විශේෂයෙන් ආයාචනය කරයි. පරිළාහය (=දැවිල්ල) දුරු කරණු මැනව. අපගේ රට නො නසනු මැනව.
Pali BJT573. සදෙවමානුසා සබ්බෙ සදානවසරක්ඛසා, අයොමයෙන කූටෙන සිරං භින්දෙය්යු මෙ සදා.”
Sinhala BJT573. දෙවිමිනිසුන් සහිත වූ ද අසුරයන් හා රාක්‍ෂසයන් සහිත වූ ද සියල්ලෝ හැම කල්හි යකුළින් මාගේ හිස පළන්නාහු ය.”
Pali BJT574. “උදකෙ{8} අග්ගි න සණ්ඨාති බීජං සෙලෙ න රූහති, අගදෙ කිමි න සණ්ඨාති කොපො බුද්ධෙ න ජායති.
Sinhala BJT574. “දියෙහි ගිනි නො සිටී. ගලෙහි බිජුවට පැළ නො වේ. බෙහෙතෙහි කෘමියා නො සිටී. (එසේ ම) බුදුරජුන් කෙරෙහි කෝපය හට නො ගණී.
Pali BJT575. යථාපි භූමි අචලා අප්පමෙය්යො ච සාගරො, අනන්තකො ච ආකාසො එවං බුද්ධා අඛොභියා.{9}
Sinhala BJT575. යම් සේ පොළොව නො සෙල්විය හැකි ද, මහසයුර පමණ කළ නො හැකි ද, අහස කෙළවරක් නැත්තේ ද, එසේ ම බුදුවරයෝ නො කැලඹිය හැක්කෝ ය.
Pali BJT576. සදා ඛන්තා මහාවීරා ඛමිතා ච තපස්සිනො, ඛන්තානං ඛමිතානඤ්ච ගමනං තං{10} න විජ්ජති{11}”
Sinhala BJT576. මහාවීර වූ බුදුවරයෝ හැම කල්හි කමා කළාහු ය. තපස්වීහු කමා කරණ ලද්දෝ ද වෙත්. කමා කළවුන්ගේ ද, කමා කරණු ලැබූවන්ගේ ද (ඡන්‍දාදීන් වූ) එබඳු (අගති) ගමනක් නො වේ.” (නොහොත් කමා කිරීමෙක් නො යෙදේ).
Pali BJT577. ඉදං වත්වාන සම්බුද්ධො පරිළාහං විනොදයං{1}, මහාජනස්ස පුරතො නභං අබ්භුග්ගමී තදා.
Sinhala BJT577. එකල්හි පසේබුදු තෙමේ (ඔවුන්ගේ) සන්තාපය දුරු කරමින් මෙය වදාරා මහජනයාගේ ඉදිරියෙහි අහසට නැංගේ ය.
Pali BJT578. තෙන කම්මෙන’හං ධීර භීනත්තං අජ්ඣුපාගතො, සමතික්කම්ම තං ජාතිං පාවිසිං අභයං පුරං.
Sinhala BJT578. ප්‍රාඥයන් වහන්ස, මම ඒ කර්‍මය හේතු කොට ගෙණ පහත් (කරනැවෑමියකු) බවට එළඹියෙම් ඒ කුලය හැරදමා අභයපුරය (=නිවණ)ට පැමිණියෙමි.
Pali BJT579. තදාපි මං මහාවීර ඩය්හමානං සුසණ්ඨිතං{2}, පරිළාහං විනොදෙසි සයම්භුඤ්ච ඛමාපයි.
Sinhala BJT579. මහාවීරයන් වහන්ස, එකල්හි දු දැවෙන්නා වූ (වරද වරද ලෙස පිළිගෙණ) මැනවින් සිටියා වූ මා (දැක) සන්තාපය දුරු කෙළේ ය. ඒ බුදුරජානන් වහන්සේ ද ක්‍ෂමා කොට මා වරද ඉවසූසේක.
Pali BJT580. අජ්ජාපි මං මහාවීර ඩය්හමානං තිහ’ග්ගිහි, නිබ්බාපෙසි තයො අග්ගී සීතිභාවඤ්ච පාපියී.
Sinhala BJT580. මහාවීරයන් වහන්ස, අදත් (රාග - ද්වේෂ - මෝහ) ත්‍රිවිධාග්නියෙන් දැවෙන්නා වූ මා නිවූ සේක. ඒ ත්‍රිවිධාග්නිය ද සිසිල්බවට පැමිණවූ සේක.
Pali BJT581. යෙසං සොතාවධාන’ත්ථි{3} සුණාථ මම භාසතො, අත්ථං තුම්හං පවක්ඛාමි යථා දිට්ඨං පදං මම.
Sinhala BJT581. යම් බඳු වූ තොපගේ කන් යොමු කිරීමක් ඇත් නම්, (ඒ තෙපි) කියන්නා වූ මාගේ (වචනය) අසවු. නිර්‍වාණපදය මා දක්නා ලද පරිදි තොපට ද කියමි.
Pali BJT582. සයම්භුං තං විමානෙත්වා{4} සන්තචිත්තං සමාහිතං, තෙන කම්මෙන’හං අජ්ජ ජාතො’ම්හි නීචයොනියං.
Sinhala BJT582. ශාන්ත වූ සිත් ඇති එකඟ වූ ඒ පසේබුදුරජානන් වහන්සේට අවමන් කොට මම ඒ කර්‍මය හේතුකොට ගෙණ පහත් (කපු) කුලයෙහි උපන්නෙම් වෙමි.
Pali BJT583. මා වො ඛණං විරාධෙථ ඛණාතීතා හි සොචරෙ, සදත්ථෙ වායමෙය්යාථ ඛණො වො පටිපාදිතො.
Sinhala BJT583. තෙපි (මේ බුද්ධොත්පාද) ක්‍ෂණය වරද්දා නො ගණිවු. (බුද්ධොත්පාද) ක්‍ෂණය ඉක්මවූවෝ ශෝක කෙරෙත් ම ය. ස්වකීයාභිවෘදධියෙහි වෑයම් කරවු. තොප විසින් බුද්ධෝත්පාදක්‍ෂණය ලබන ලද්දේ ය.
Pali BJT584. එකච්චානඤ්ච වමනං එකච්චානං විරෙචනං, විසං හලාහලං එකෙ{5} එකච්චානං ව ඔසධං.
Sinhala BJT584. කිසිවෙකුට වමනය ද කිසිවෙකුට විරේචනය ද එසේ ම කිසිවෙකුට හලාහලවිෂය ද ඖෂධ වේ ය යි ඇතැම්හු කියති.
Pali BJT585. වමනං පටිපන්නානං ඵලට්ඨානං විරෙචනං, ඔසධං ඵලලාභීනං පුඤ්ඤක්ඛෙත්තං ගවෙසිතං.
Sinhala BJT585. මාර්‍ගසමඞ්ගීපුද්ගලයනට වමනය (=සංසාරමොචනය) ද ඵලස්ථයනට විරේචනය (=සංසාරවිරේචනය) ද, ඵල ලබා සිටිනවුනට නිර්‍වාණය ද, (දිව්‍ය මනුෂ්‍ය නිර්‍වාණ සම්පත්) සොයන්නවුනට පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයා ද ඖෂධ ය යි වදාළසේක.
Pali BJT586. සාසනෙන විරුද්ධානං විසං හලාහලං යථා, ආසීවිසො දිට්ඨවිසො එවං ඣාපෙති තං නරං.
Sinhala BJT586. සසුන හා විරුද්ධවූවනට හලාහල ය යි කියනලද කුතුහලය විෂ ය යි (වදාළහ.) ආශීවිෂ දෘෂ්ටවිෂ සර්‍පයා යම් සේ ද එසේ (එය) ඒ පවිටු මිනිසා දවයි.
Pali BJT587. සකිං පීතං{6} හලාහලං උපරුන්ධති ජීවිතං, සාසනෙන විරුජ්ඣිත්වා කප්පකොටිම්හි ඩය්හති.
Sinhala BJT587. වරක් පානය කළ හලාහලවිෂය ජීවිතය විනාශ කෙරෙයි. (එසේ ම) සසුන හා විරුද්ධ වීමෙන් (ඒ පවිටු මිනිසා) කප් කෙළ ගණන් මුළුල්ලෙහි දැවේ.
Pali BJT588. ඛන්තියා අවිහිංසාය මෙත්තචිත්තවතාය ච, සදෙවකං සො තාරෙති{7} තස්මා වො අවිරොධියො{8}.
Sinhala BJT588. ක්‍ෂාන්තියෙන් ද අවිහිංසාවෙන් ද මෙත් සිත් ඇති බැවින් ද ඒ බුදුරජානන් වහන්සේ දෙවියන් සහිත ලෝකයා (සසරසයුරින්) එතෙර කරණසේක. එහෙයින් (උන්වහන්සේ) තොප විසින් විරුද්ධ නො විය යුත්තෝ ය.
Pali BJT589. ලාභාලාභෙ න සජ්ජන්ති සම්මානන-විමානනෙ, පඨවීසදිසා බුද්ධා තස්මා තෙ න විරොධියා{9}.
Sinhala BJT589. බුදුවරයෝ මහපොළොව වැනියහ. ලාභ අලාභ දෙක්හි ද සම්මානන අවමානන දෙක්හි ද නො ලැගෙත්. එහෙයින් උන්වහන්සේලා තොප විසින් විරෝධ නො කළ යුත්තෝ ය.
Pali BJT590. දෙවදත්තෙ ච වධකෙ චොරෙ අඞ්ගුලිමාලකෙ, ධනපාලෙ රාහුලෙ ච සබ්බෙසං සමකො මුනි.
Sinhala BJT590. බුදුරජානන් වහන්සේ වධක වූ දේවදත්තයා ය, චෞර වූ අඞ්ගුලිමාලයා ය (මත් වී ඉදිරියට ආ) ධනපාල හස්තියා ය, (ඖරස පුත්‍ර වූ) රාහුල තෙර ය යන මේ සියලු දෙනාහට සම මෙත් ඇති සේක.
Pali BJT591. එතෙසං පටිඝො{1} නත්ථි රාගො’මෙසං න විජ්ජති, සබ්බෙසං සමකො බුද්ධො වධකස්සොරසස්ස ච.
Sinhala BJT591. මොවුන්හට පටිඝය (=තරහ)ක් නැත. එසේ ම මොවුන් පිළිබඳ රාගය (=ඇලීමක්) ද නැත. සර්‍වඥ තෙමේ (තමන් මැරීමට ආ) වධකයාට ද (තමාගේ ම) ඖරසපුත්‍රයාට ද සමමෙත් ඇත්තේ ය.
Pali BJT592. පන්ථෙ දිස්වාන කාසාවං ඡඩ්ඩිතං මීළ්හමක්ඛිතං, සිරස්මිං{2} අඤ්ජලිං කත්වා වන්දිතබ්බං ඉසිද්ධජං{3}
Sinhala BJT592. මග අත හැර දැමූ අශුචි වැකුනු කසාවත (=සිවුර) ද දැක ඍෂිධ්වජය යි මුදුනෙහි ඇඳිලි බැඳ වැඳිය යුතු ය.
Pali BJT593. අබ්භතීතා ච යෙ බුද්ධා වත්තමානා අනාගතා, ධජෙනානෙන සුජ්ඣන්ති තස්මා එතෙ නමස්සියා.
Sinhala BJT593. අතීතයෙහි වූ ද, වර්‍තමානයෙහි වූ ද, අනාගතයෙහි වූ ද යම් බුදු කෙනෙක් වෙත් නම, මේ ඍෂිධ්වජයෙන් (=සිවුරෙන්) පිරිසිදු වෙත්. එහෙයින් මේ බුදුවරයෝ වැඳිය යුත්තාහු ය.
Pali BJT594. සත්ථුකප්පං සුවිනයං ධාරෙමි හදයෙන’හං නමස්සමානො විනයං විහරිස්සාමි සබ්බදා.
Sinhala BJT594. බුදුරජානන් වහන්සේ වැනි වූ සුන්‍දර වූ විනයපිටකය මම හදයෙන් දරමි. හැම කල්හි විනයයට නමස්කාර කරමින් වසන්නෙමි.
Pali BJT595. විනයො ආසයො{4} මය්හං විනයො ඨානචඞ්කමං, කප්පෙමි විනයෙ වාසං විනයො මය්හ ගොචරො.
Sinhala BJT595. මාගේ වාසගෘහය විනය යි. සිටින තැන ද සක්මන් කරණ තැන ද විනය යි. විනයපිටකයෙහි (දැරීම්, පැවැත්වීම් වශයෙන්) වාසය කරමි. විනය මාගේ ගෝචරය යි.
Pali BJT596. විනයෙ පාරමිප්පත්තො සමථෙ{5} චාපි කොවිදො, උපාලි තං මහාවීර පදෙ වන්දති සත්ථුනො.
Sinhala BJT596. විනයපිටකයෙහි පරතෙරට පැමිණියා වූ අධිකරණසමථයෙහි ද දක්‍ෂ වූ උපාලි තෙමේ මහාවීරයන් වහන්ස, ශාස්තෘ වූ ඔබවහන්සේගේ දෙපා වඳියි.
Pali BJT597. සො අහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං, නමස්සමානො සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතං.
Sinhala BJT597. ඒ (උපාලි වූ) මම ධර්‍මය පිළිබඳ සුන්‍දරබව දැන ඒ ධර්‍මයට ද සම්‍යක්සම්බුදුරජානන් වහන්සේට ද වඳිමින් ගමින් ගමට ද නගරයෙන් නගරයට ද යමි.
Pali BJT598. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා{6} නත්ථි දානි පුනබ්භවො.
Sinhala BJT598. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ මනා කොට නසන ලදහ. සියලු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
Pali BJT(599-600 ගාථා 372, 373 ගාථාහි සමා.)
Sinhala BJT599-600 ගාථා 372-373 ගාථාවන් හා සම ය.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උපාලිත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාලිස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යී.
Pali BJTඋපාලිත්ථෙරාපදානං ඡට්ඨං.
Sinhala BJTසවැනි වූ උපාලිස්ථවිරාවදානය යි.
Pali BJT7. අඤ්ඤාකොණ්ඩඤ්ඤත්ථෙරාපදානං
Sinhala BJT7. අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවදානය
Pali BJT601. පදුමුත්තරසම්බුද්ධං ලොකජෙට්ඨං විනායකං, බුද්ධභූමිමනුප්පත්තං පඨමං අද්දසං අහං.
Sinhala BJT601. (සකල සත්ත්‍ව) ලෝකයෙහි ජ්‍යේෂ්ඨ වූ (විශේෂයෙන් වෛනෙය සත්ත්‍වයන් සසර සයුරින් එතෙරට පමුණුවන බැවින්) විනායක වූ බුදුපදවියට පත් පදුමුත්තර සම්බුදුරජානන් වහන්සේ මම පළමු කොට දිටිමි.
Pali BJT602. යාවතා බොධියා මූලෙ යක්ඛා සබ්බෙ සමාගතා, සම්බුද්ධං පරිවාරෙත්වා වන්දන්ති පඤ්ජලීකතා.
Sinhala BJT602. බෝ මුලෙහි යම් පමණ යක්‍ෂයෝ රැස් වූවාහු ද, ඒ සියල්ලෝ බදැඳිලි ඇත්තාහු බුදුරජුන් පිරිවරා වඳිත්.
Pali BJT603. සබ්බෙ දෙවා තුට්ඨමනා ආකාසෙ සඤ්චරන්ති තෙ, “බුද්ධො අයං අනුප්පත්තො අන්ධකාරතමොනුදො.”
Sinhala BJT603. “ගන මොහඳුර දුරු කරණ මේ සර්‍වඥ තෙමේ පැමිණියේ ය”යි (කියමින්) සතුටු සිත් ඇති ඒ සියලු දෙවියෝ අහසෙහි හැසිරෙත්.
Pali BJT604. තෙසං හාසපරෙතානං මහානාදො පවත්තථ: “කිලෙසෙ ඣාපයිස්සාමි සම්මාසම්බුද්ධසාසනෙ.”
Sinhala BJT604. “අපි සම්බුදුරජානන් වහන්සේගේ සසුනෙහි (පිළිවෙත් රැක) කෙලෙස් දවමු” ය යි සතුටින් යුත් ඒ දෙවියන්ගේ මහානාදය පවතී.
Pali BJT605. දෙවානං ගිරමඤ්ඤාය වාචාසභිමුදීරිතං, හට්ඨො හට්ඨෙන චිත්තෙන ආදිභික්ඛමදාස’හං.
Sinhala BJT605. දෙවියන් විසින් කියනලද ඒ අතීත වචනය අසා මම සතුටු වූයෙම් සතුටු සිතින් ම ප්‍රථම භික්‍ෂාව දුනිමි.
Pali BJT606. මම සඞ්කප්පමඤ්ඤාය සත්ථා ලොකෙ අනුත්තරො, දෙවසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT606. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන දිව්‍යසමූහයා මැද මේ ගාථාවන් වදාළ සේක.
Pali BJT607. “සත්තාහං අභිනික්ඛම්ම බොධිං අජ්ඣගමං අහං, ඉදං මෙ පඨමං භත්තං බ්රහ්මචරියස්ස{1} යාපනං.
Sinhala BJT607. “මම අභිනිෂ්ක්‍රමණය කොට සතියකින් සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි. බ්‍රහ්මචාරී වූ මාගේ (සිරුර) යැපෙන පමණ වූ මෙය ප්‍රථම ආහාරය යි.
Pali BJT608. තුසිතා හි ඉධා’ගන්ත්වා යො මෙ භික්ඛං උපානයී, තම’හං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT608. යමෙක් තුසිතදෙව්ලොවින් මෙහි අවුත් මට භික්‍ෂාව පිළිගැන්වී ද, මම ඔහු (කවරෙක් දැ යි) කියන්නෙමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු:
Pali BJT609. තිංසකප්පසහස්සානි{2} දෙවරජ්ජං කරිස්සති, සබ්බෙ දෙවෙ අභිභොත්වා තිදිවං ආවසිස්සති.
Sinhala BJT609. “මෙතෙමේ කල්ප තිස්දහසක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. සියලු දෙවියන් අභිභවනය කොට දෙව්ලොව වසන්නේ ය.
Pali BJT610. දෙවලොකා චවිත්වාන මනුස්සත්තං ගමිස්සති, සහස්සධා චක්කවත්තී තත්ථ රජ්ජං කරිස්සති.
Sinhala BJT610. දෙව්ලොවින් චුත ව මිනිසත්බවට යන්නේ ය. එහි දහස් වරක් චක්‍රවර්‍තතිරාජ්‍යය කරන්නේ ය.
Pali BJT611. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT611. (මෙයින්) කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
Pali BJT612. තිදසා සො චවිත්වාන මනුස්සත්තං ගමිස්සති, අගාරා පබ්බජිත්වාන ඡබ්බස්සානි වසිසස්ති.
Sinhala BJT612. හෙතෙම දෙව්ලොවින් චුතව මිනිසත් බවට යන්නේ ය. ගිහිගෙන් නික්ම පැවිදි ව සවසක් (දුෂ්කරක්‍රියා කරමින්) වසන්නේ ය.
Pali BJT613. තතො සත්තමකෙ වස්සෙ බුද්ධො සච්චං කථෙස්සති, කොණ්ඩඤ්ඤො නාම නාමෙන පඨමං සච්ඡිකාභිති.”
Sinhala BJT613. අභිනිෂ්ක්‍රමණයෙන් සත්වැනි වර්‍ෂයෙහි බුදුරජ තෙම සත්‍යය (=ධර්‍මය) දේශනා කරන්නේ ය. නමින් කොණ්ඩඤ්ඤ නම් තැනැත්තේ පළමු කොට (ධර්‍මය) ප්‍රත්‍යක්‍ෂ කරන්නේ ය” (කියායි).
Pali BJT614. නික්ඛන්තෙනා’නුපබ්බජිං{3} පධානං සුකතං මයා, කිලෙසෙ ඣාපනත්ථාය පබ්බජිං අනගාරියං.
Sinhala BJT614. (මම අභිනිෂ්ක්‍රමණය කළ) බෝසතුන් අනු ව පැවිදි වීමි. මා විසින් වීර්‍ය්‍යය මැනවින් කරණලදී. කෙලෙස් දැවීම පිණිස සසුනෙහි පැවිදි වීම.
Pali BJT615. අභිගන්ත්වාන සබ්බඤ්ඤූ බුද්ධො ලොකෙ සදෙවකෙ, ඉසිනාමෙ{4} මිගාරඤ්ඤෙ අමතං භෙරිමාහනි.
Sinhala BJT615. දෙවියන් සහිත ලෝකයෙහි (සියලු සත්‍ය අවබෝධ කළ සර්‍වඥ තෙමේ මිගදාය නම් වූ ඉසිපතනයට එළඹ (එහි දී) අමාබෙරය ගැසී ය. (හෙවත් දහම් දෙසී ය.)
Pali BJT616. සො’දානි පත්තො අමතං සන්තං පදමනුත්තරං, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT616. ඒ මම දැන් ශාන්ත වූ නිරුත්තරපදය වූ නිවණට පැමිණියෙම් සියලු ආශ්‍රවයන් (පහාණපරිඤ්ඤාවෙන්) ප්‍රහාණය කොට ආශ්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT617-619. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT617-619. කෙලෙස් දවනලදී. -පෙ- බුදුරජානන් වහන්සේගේ අනුශාසනය කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අඤ්ඤා{5}කොණ්ඩඤ්ඤො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේක් යී.
Pali BJTඅඤ්ඤාකොණ්ඩඤ්ඤත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTසත්වැනි වූ අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරාවදානය යි.
Pali BJT8. පිණ්ඩොලභාරද්වාජත්ථෙරාපදානං.
Sinhala BJT8. පිණ්ඩෝලභාරද්වාජ ස්ථවිරාවදානය
Pali BJT620. පදුමුත්තරො නාම ජිනො සයම්භූ අග්ගපුග්ගලො, පුරතො හිමවන්තස්ස චිත්තකූටෙ වසී තදා.
Sinhala BJT620. අග්‍රපුද්ගල වූ තෙමේ ම සියල්ල අවබෝධ කළා වූ පදුමුත්තර නම් වූ බුදුරජානන් වහන්සේ එකල්හි හිමවත ඉදිරියෙහි වූ චිත්‍රකූට පර්‍වතයෙහි විසූසේක.
Pali BJT621. අභීතරූපො තත්ථා’සිං මිගරාජා චතුක්කමො, යස්ස සද්දං සුණිත්වාන වික්ඛම්භන්ති බහුජ්ජනා.
Sinhala BJT621. බොහෝ සත්ත්‍වයෝ යමෙකුගේ ශබ්දය අසා විශේෂයෙන් එහි කැලඹෙත් ද, (මම එබඳු) නිර්‍හයස්වභාව ඇති සිවු දික්හි ම (අභීත ව) යාමට සමත් සිංහයෙක් වීමි.
Pali BJT622. සුඵුල්ලං පදුමං ගය්හ උපගඤ්ඡිං නරාසභං, වුට්ඨිතස්ස සමාධිම්හා බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT622. මනා ව පිපුනු පියුමක් ඩැහැගෙන නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ වෙත එළඹියෙමි. සමාධියෙන් නැගී සිටියා වූ තථාගතයන් වහන්සේට (එය) පිදීමි.
Pali BJT623. චතුද්දිසා නමස්සිත්වා බුද්ධසෙට්ඨං නරුත්තමං, සකං චිත්තං පසාදෙත්වා සීහනාදං නදිං අහං.
Sinhala BJT623. මම සිවු දිගෙහි සිට මනුෂ්‍යොත්තම වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කොට සිය සිත පහදවා සිංහනාද කෙළෙමි.
Pali BJT624. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, සකාසනෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
Sinhala BJT624. පූජා සත්කාර පිළිගන්නා වූ (පිළිගැණීමට සුදුසු වූ) පදුමුත්තර බුදුරජානන් වහන්සේ සිය අසුනෙහි හිඳ මේ ගාථාවන් වදාළසේක.
Pali BJT625. බුද්ධස්ස ගිරමඤ්ඤාය සබ්බෙ දෙවා සමාගතා, ආගතො වදතං සෙට්ඨො ධම්මං සොස්සාම තං මයං.
Sinhala BJT625. සියලු දෙවිවරු සර්‍වඥයන් වහන්සේගේ වචනය හැඳින “(‘බුදුහු අපි වෙමු’ යි) කියන්නවුනට ශ්‍රේෂ්ඨ වූ බුදුරජ තෙම පැමිණියේ ය. අපි (උන්වහන්සේගේ) ඒ ධර්‍මය අසමු ය”යි කියමින් රැස් වූහ.
Pali BJT626. තෙසං හාසපරෙතානං පුරතො ලොකනායකො, මම සද්ධං පකිත්තෙසි දීඝදස්සී මහාමුනී.
Sinhala BJT626. ලෝකනායක වූ දීර්‍ඝදර්ශී වූ බුදුරජානන් වහන්සේ ඒ ප්‍රීතියෙන් යුක්ත වූ ඔවුන් ඉදිරියෙහි මාගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කළ සේක:
Pali BJT627. “යෙනි’දං පදුමං දින්නං සීහනාදො ච නාදිතො, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT627. “යමකු විසින් මේ පියුම දෙන ලද ද, සිංහනාදය කරණලද ද, මම ඔහු (පිළිබඳ) තොරතුරු කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT628. ඉතො අට්ඨමකෙ කප්පෙ චක්කවත්තී භවිස්සතී, සත්තරතනසම්පන්නො චතුදීපම්හි ඉස්සරො,
Sinhala BJT628. මෙතෙම මෙයින් අටවැනි කලාපයෙහි සත්රුවන් සහිත වූ සතර මහදිවයිනෙහි අධිපති වූ සක්විතිරජෙක් වන්නේ ය.
Pali BJT629. කාරයිස්සති ඉස්සරියං{1} මහියා චතුසට්ඨියා{2}, පදුමො නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT629. සූසැට ජාතියක පෘථිවියෙහි අධිපති වූ (රජ) බව කරන්නේ ය. මහාබල ඇති නමින් පදුම නම් වූ සක්විති රජෙක් වන්නේ ය.
Pali BJT630. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමොනාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT630. කලාප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
Pali BJT631. පකාසිතෙ පාවචනෙ බ්රහ්මබන්ධු භවිස්සති, බ්රහ්මඤ්ඤා අභිනික්ඛම්ම පබ්බජිස්සති තාවදෙ.
Sinhala BJT631. එකල්හි (මෙ තෙම) බ්‍රාහ්මණයෙක් වන්නේ ය. (හෙතෙම) බුදුරජානන් වහන්සේ දහම් දෙසූ කල්හි බ්‍රාහ්මණ කුලයෙන් නික්ම ඒ භාග්‍යවතුන්වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.
Pali BJT632. පධානපහිතත්තො සො උපසන්තො නිරූපධි, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.
Sinhala BJT632. වීර්‍ය්‍යය කිරීම පිණිස මෙහෙයනලද සිත් ඇත්තේ උපශාන්ත වූ (ක්ලේශ රහිත බැවින්) නිරුපධි වූ හෙතෙම සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කොට ආශ්‍රව රහිත වූයේ පිරි නිවන් පාන්නේ ය.
Pali BJT633. විපිනෙ පන්තසෙය්යම්හි වාළමිගසමාකුලෙ, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.”
Sinhala BJT633. චණ්ඩමෘගයන්ගෙන් ගැවසීගත් ජනසම්බෝධ රහිත දුර අරන් සෙනසුන්හි (වැස) සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කොට ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.
Pali BJT634-636. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT634-636. කෙලෙස් දවන ලදී. –පෙ– බුදුරජානන් වහන්සේගේ අනුශාසනය කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පිණ්ඩොලභාරද්වාජො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩොලභාරද්වාජස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTපිණ්ඩොලභාරද්වාජත්ථෙරස්ස අපදානං අට්ඨමං.{*}
Sinhala BJTඅටවැනි වූ පිණ්ඩෝලභාරද්වාජස්ථවිරාවදානය යි.
Pali BJT9. ඛදිරවනියරෙවතත්ථෙරාපදානං
Sinhala BJT9. ඛදිරවනියරේවත ස්ථවිරාවදානය
Pali BJT637. ගඞ්ගා භාගීරථී{1} නාම හිමවන්තා පභාවිතා,{2} කුතිත්ථෙ{3} නාවිකො ආසිං ඔරිමෙ ච තරිං අහං.
Sinhala BJT637. හිමවතින් හටගත් භාගීරථි නම ගඞ්ගාවක් වූවා ය. (මම් එහි) සැඩ රළවේගයන්ගෙන් යුත් විෂමතීර්‍ත්‍ථයක නැවියෙක් වීමි.
Pali BJT638. පුබ්බෙ මය්හං සුතං ආසි පදුමුත්තරනායකො{4}, වසීසතසහස්සෙහි ගඞ්ගාසොතං තරිස්සති.{5}
Sinhala BJT638. පදුමුත්තර බුදුරජ තෙම රහතුන් දහසක් සමග ගඞ්ගාවෙහි සැඩපහර තරණය කරන්නේ ය යි පෙර මාගේ ඇසීම වි ය.
Pali BJT639. බහූ නාවා සමානෙත්වා වඩ්ඪකීහි සුසඞ්ඛතං, නාවාය ඡදනං කත්වා පතිමානිං නරාසභං.
Sinhala BJT639. බොහෝ නැව් එක් කොට තැනූ නැවෙහි වඩුවන් ලවා මැනවින් සෙවෙනි කොට බුදුරජාණන් වහන්සේ පිදීමි.
Pali BJT640. ආගන්ත්වාන ච සම්බුද්ධො ආරුහි තඤ්ච නාවුකං,{6} වාරිමජ්ඣෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT640. බුදුරජ තෙම පැමිණ උතුම් නැවට නැංගේ ය. (නැව් නැඟී) දිය මැද සිටියා වූ බුදුරජානන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක.
Pali BJT641. “යො සො තාරෙසි සම්බුද්ධං සඞ්ඝඤ්චාපි අනාසවං, තෙන චිත්තප්පසාදෙන දෙවලොකෙ රමිස්සති.
Sinhala BJT641. “යමෙක් තෙම සම්බුදු රජු ද ආශ්‍රව රහිත වූ (රහත්) සඞ්ඝයා ද තරණය කරවී නම්, හෙතෙම ඒ චිත්තප්‍රසාදය හේතුකොට ගෙණ දෙව්ලොවෙහි සිත් අලවා වාසය කරන්නේ ය.
Pali BJT642. නිබ්බත්තිස්සති තෙ ව්යම්භං සුකතං නාවසණ්ඨිතං, ආකාසෙ පුප්ඵඡදනං ධාරයිස්සති සබ්බදා.
Sinhala BJT642. ඔබහට මැනවින් කළ නැවෙහි සටහන් ඇති විමානයක් (දෙව්ලොව) පහළ වන්නේ ය. හැම කල්හි අහසෙහි මල් වියනක් ද දරන්නේ ය.
Pali BJT643. අට්ඨපඤ්ඤාසකප්පම්හි තාරකො{7} නාම ඛත්තියො, චාතුරන්තො විජිතාවී චක්කවත්තී භවිස්සති.
Sinhala BJT643. (මෙයින්) අටපණස්කපකින් මත්තෙහි සතර මහදිවයිනට අධිපති වූ දිනනසුළු වූ තාරක නම් සක්විති රජෙක් වන්නේ ය.
Pali BJT644. සත්තපඤ්ඤාසකප්පම්හි චම්පකො නාම ඛත්තියො, උග්ගච්ඡන්තොව සුරියො ජොතිස්සති මහබ්බලො.
Sinhala BJT644. (මෙයින්) සත්පණස්වන කපෙහි මහබල ඇති චම්පක නම් ක්‍ෂත්‍රිය තෙමේ උදා වන්නා වූ හිරු මෙන් බබලන්නේ ය.
Pali BJT645. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT645. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
Pali BJT646. තිදසා සො චවිත්වාන මනුස්සත්තං ගමිස්සති, රෙවතො නාම නාමෙන බ්රහ්මබන්ධු භවිස්සති.
Sinhala BJT646. ඒ චම්පක තෙම (එකල) දෙව්ලොවින් චුත ව මිනිසත්බවට යන්නේ ය. නමින් රේවත නම් වූ බමුණෙක් වන්නේ ය.
Pali BJT647. අගාරා නික්ඛමිත්වාන සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සති.
Sinhala BJT647. කුශල මූලයන්ගෙන් මෙහෙයන ලදුයේ ගිහිගෙන් නික්ම ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.
Pali BJT648. සො පච්ඡා පබ්බජිත්වාන යුත්තයොගො විපස්සකො{8}, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.”
Sinhala BJT648. හෙතෙම පැවිදි වී පසු ව භාවනානුයෝගී වූයේ විදර්‍ශනා කරන්නේ සියලු ආශ්‍රවයන් (ප්‍රහාණපරිඥාවෙන්) දැන ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”
Pali BJT649. විරියං මෙ ධුරධොරය්හං යොගක්ඛෙමාධිවාහනං, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT649. නිර්‍වාණ සඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයට පමුණුවන ධූරවාහකයා (=ගැල් බර උසුලන ගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම මේ) සර්‍වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (මේ අන්තිම ජාතිය යි.)
Pali BJT650. සතසහස්සෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගො’ව කිලෙසෙ ඣාපයී මම.{*}
Sinhala BJT650. මා විසින් කල්පලක්‍ෂයකට පෙර කරණලද කර්‍මය මෙහි දී විපාක දැක්වී ය. දුනුදියෙන් මැනවින් මිදුනු හීයේ වේගය මෙන් (ඒ කර්‍මය) මාගේ කෙලෙස් දැවී ය.
Pali BJT651. තතො මං වන නිරතං{9} දිස්වා ලොකන්තගූ මුනි, වනවාසීභික්ඛූනග්ගං{10} පඤ්ඤපෙසි මහාමති.{*}
Sinhala BJT651. ඉක්බිති ලෝකාන්තයට ගිය මහනුවණැති බුදුරජාණන් වහන්සේ වනසෙනසුනෙහි ඇලුනා වූ මා දැක වනවාසි භික්‍ෂූන් අතුරෙන් අගතන්හි තබා වදාළ සේක.
Pali BJT652. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT652. සිවු පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඛදිරවනියො රෙවතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛදිරවනියරේවත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTඛදිරවනියරෙවතත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTනවවැනි වූ ඛදිරවනියරේවතස්ථවිරාවදානය යි.
Pali BJT10. ආනන්දත්ථරාපදානං
Sinhala BJT10. ආනන්‍ද ස්ථවිරාවදානය
Pali BJT653. ආරාමද්වාරා නික්ඛම්ම පදුමුත්තරො මහාමුනි, වස්සෙන්තො{1} අමතං වුට්ඨිං නිබ්බාපෙසි මහාජනං.
Sinhala BJT653. පදුමුත්තර බුදුරජ තෙම අරම් දොරින් නික්ම අමාවැසි වස්වන්නේ මහාජනයා සන්හිඳවී ය. (=නිවණට පැමිණවී ය.)
Pali BJT654. සතසහස්සා තෙ වීරා{2} ඡළභිඤ්ඤා මහිද්ධිකා, පරිවාරෙන්ති සම්බුද්ධං ඡායාව අනපායිනී{3}.
Sinhala BJT654. ෂඩභිඥා ඇත්තා වූ ද මහාඍද්ධි ඇත්තා වූ ද ලක්‍ෂයක් ඒ ක්‍ෂීණාශ්‍රවයෝ අත හැර නො යන්නා වූ සෙවණැල්ල මෙන් සර්‍වඥයන් වහන්සේ පිරිවරත්.
Pali BJT655. හත්ථික්ඛන්ධගතො ආසිං සෙතච්ඡත්තං වරුත්තමං, සුචාරුරූපං දිස්වාන විත්ති මෙ උපපජ්ජථ.
Sinhala BJT655. (මම) උතුම් සේසත (මාගේ මස්තකයෙහි දරන්නේ) ඇතුපිට හුන්නෙම් වෙමි. මනෝඥ වූ රූමත් බුදුරජානන් වහන්සේ දැක මට ප්‍රීතිය උපන්නේ ය.
Pali BJT656. ඔරුය්හ හත්ථික්ඛන්ධම්හා උපගච්ඡිං නරාසභං, රතනාමයඡත්තං මෙ බුද්ධසෙට්ඨස්ස ධාරයිං.
Sinhala BJT656. ඇතු පිටින් බැස නරශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. මාගේ රුවන්මුවා ඡත්‍රය බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දැරීමි.
Pali BJT657. මම සඞ්කප්පමඤ්ඤාය පදුමුත්තරො මහාඉසි, තං කථං ඨපයිත්වාන ඉමා ගාථා අභාසථ:
Sinhala BJT657. පදුමුත්තර මහර්ෂි (බුදුරජ) තෙම මාගේ අදහස දැන (තමන් වහන්සේගේ) ඒ කථාව නවතා මේ ගාථාවන් වදාළේ ය:
Pali BJT658. “යො සො ඡත්තං අධාරෙසි සොණ්ණාලඞ්කාරභූසිතං, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT658. “ඒ යමෙක් ස්වර්‍ණලඞ්කාරයන්ගෙන් සරසනලද ඡත්‍රයක් දැරී ද ඔහු (පිළිබඳ ව) ප්‍රකාශ කරන්නෙමි. පවසන්නා වූ මාගේ (ඒ වචනය) අසවු.
Pali BJT659. ඉතො ගන්ත්වා අයං පොසො තුසිතං ආවසිස්සති, අනුභොස්සති සම්පත්තිං අච්ඡරාහි පුරක්ඛතො.
Sinhala BJT659. මේ පුරුෂ තෙම මෙයින් (චුත ව) ගොස් තුෂිතයෙහි වසන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ සම්පත් අනුභව කරන්නේ ය.
Pali BJT660. චතුත්තිංසතික්ඛත්තුඤ්ච දෙවරජ්ජං කරිස්සති, බලාධිපො අට්ඨසතං වසුධං ආවසිස්සති.
Sinhala BJT660. සූතිස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (ඉන් චුත ව) සිවුරඟ සෙනඟට අධිපති ව එකසියඅටවරක් (පෘථිවීශ්වර ව) පොළොවෙහි වාසය කරන්නේ ය.
Pali BJT661. අට්ඨපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං මහියා කාරයිස්සති.
Sinhala BJT661. අටපණස්වරක් සක්විතිරජ වන්නේ ය. පෘථිවියෙහි මහත් වූ ප්‍රදේශරාජ්‍යය ද කරවන්නේ ය.
Pali BJT662. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන{4} සත්ථා ලෙකෙ භවිස්සති.
Sinhala BJT662. කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.