Pali BJT5113. තස්ස වාචං සුණිත්වාහං ඉදං වචනමබ්රවිං: යදි බුද්ධොසි සබ්බඤ්ඤූ නිසීද ත්වං මහාමුනි, තමහං පූජයිස්සාමි දුක්ඛස්සන්තකරො තුවං.
Sinhala BJT5113. මම උන්වහන්සේගේ වචනය අසා මෙම වචනය කීමි: ඉදින් භවත් සර්‍වඥ බුද්ධයෙහි නම්, මහාමුනි, මැඬහිඳිනු මැනව. මම මුබ පුදන්නෙමි. භවත් දුක් කෙළවර කරන්නේ වෙහි ය.
Pali BJT5114. පත්ථරිත්වාජිනචම්මං අදාසිං සත්ථුනො අහං, නිසීදි තත්ථ භගවා සීහොව ගිරිගබ්භරෙ.
Sinhala BJT5114. මම අඳුන්දිවිසම අතුරා ශාස්තෲන් වහන්සේට දුනිමි. භාග්‍යවතුන් වහන්සේ ගිරිගුහායෙකැ සිංහයකු මෙන් එහි වැඩහුන් සේක.
Pali BJT5115. ඛිප්පං පබ්බතමාරුය්හ අම්බස්ස ඵලමග්ගහිං, සාලකල්යාණිකං පුප්ඵං චන්දනං ච මහාරහං.
Sinhala BJT5115. වහා පර්‍වතයට නැග අඹකැණක් ගතිමි. සල්කලණමල් ද මාහැඟි සඳුන් ද -
Pali BJT5116. ඛිප්පං පග්ගය්හ තං සබ්බං උපෙත්වා ලොකනායකං, ඵලං බුද්ධස්ස දත්වාන සාලපුප්ඵමපූජයිං.
Sinhala BJT5116. ඒ සියල්ල වහා ගෙණ ලෝකනායකයන් වහන්සේ වෙත එළඹ බුදුරජුන් හට අඹ ඵල දී සල්මල් පිදීමි.
Pali BJT5117. චන්දනං අනුලිම්පිත්වා අවන්දිං සත්ථුනො අහං, පසන්නචිත්තො සුමනො විපුලාය ච පීතියා.
Sinhala BJT5117. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහත් වූ ප්‍රීතියෙන් සඳුන් අලෙව් කොට බුදුරජානන් වහන්සේ වැන්දෙමි.
Pali BJT5118. අජිනම්හි නිසීදිත්වා සුමෙධො ලොකනායකො, මම කම්මං පකිත්තෙසි හංසයන්තො{1} මමං තදා:
Sinhala BJT5118. එ කල්හි සුමේධ බුදුරජ තෙමේ අඳුන්දිවිසමෙහි වැඩ හිඳ මා තුටු කරමින් මාගේ කර්‍මය පැවසී ය:
Pali BJT5119. “ඉමිනා ඵලදානෙන ගන්ධමාලෙහි චූභයං, පඤ්චවීසෙ කප්පසතෙ දෙවලොකෙ රමිස්සති. අනූනමනසංකප්පො වසවත්තී භවිස්සති.
Sinhala BJT5119. “ගඳ මල් දෙවගය සහිත මෙම අඹපල දීම හේතු කොට ගෙණ එක්සියවිසිපස් කපක් දෙව් ලොවෙහි සිත් අලවා වසන්නේ ය. සම්පූර්‍ණ වූ චිත්තසඞ්කල්පනා ඇති වශවර්ත්ති දෙවියෙක් ද වන්නේ ය.
Pali BJT5120. ඡබ්බීසතිකප්පසතෙ මනුස්සත්තං ගමිස්සති. භවිස්සති චක්කවත්තී චාතුරන්තො මහිද්ධිකො.
Sinhala BJT5120. එක්සියසවිසිකපක් මිනිසත්බවට යන්නේ ය. සිවුසයුරු හා සිවුමහදිවයින් කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ මහත් ඍද්ධි ඇති සක්විතිරජෙක් වන්නේ ය.
Pali BJT5121. වෙභාරං නාම නගරං විස්සකම්මෙන මාපිතං. හෙස්සති සබ්බසොවණ්ණං නානාරතනභූසිතං,
Sinhala BJT5121. විශ්වකර්‍මයා විසින් මවන ලද වෙභාර නම් නගරයෙක් ද වන්නේය. නන් රුවනින් සරසන ලද එය සර්‍ව ස්වර්‍ණමය වන්නේය.
Pali BJT5122. එතෙනෙව උපායෙන සංසරිස්සති සො භවෙ. සබ්බත්ථ පූජිතො හුත්වා දෙවත්තෙ අථ මානුසෙ. පච්ඡිමෙ{2} භවෙ සම්පත්තෙ බ්රහ්මබන්ධු භවිස්සති.
Sinhala BJT5122. හෙතෙම මෙ ක්‍රමයෙන් ම භවයෙහි සැරිසරන්නේ ය. දිවඅත්බැව්හි ද යලි මිනිසත්බැව්හි ද සියලු තන්හි පූජිත ව පශ්චිමභවය පැමිණි කල්හි බ්‍රාහ්මණයෙක් වන්නේ ය.
Pali BJT5123. අගාරා අභිනික්ඛම්ම අනගාරී භවිස්සති, අභිඤ්ඤාපාරගූ හුත්වා නිබ්බායිස්සතනාසවො{3}.”
Sinhala BJT5123. ගිහිගෙන් නික්ම පැවිදි වන්නේ ය. අභිඥාවන්හි පරතෙරට ගියේ ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.”
Pali BJT5124. ඉදං වත්වාන සම්බුද්ධො සුමෙධො ලොකනායකො, මම නිජ්ඣායමානස්ස පක්කාමි අනිලඤ්ජසෙ.
Sinhala BJT5124. ලෝකනායක වූ සුමේධ බුදුරජ තෙම මෙය වදාරා මා බලා සිටිය දී ම අහස්මගෙහි වැඩියේ ය.
Pali BJT5125. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT5125. මැනැවින් කළ ඒ කර්‍මහේතුයෙන් ද චිත්තප්‍රණිධිහේතුයෙන් ද මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්තිවශයෙන්) ගියෙමි.
Pali BJT5126. තුසිතාතො{1} චවිත්වාන නිබ්බත්තිං මාතුකුච්ඡියං, භොගෙ මෙ ඌනතා නත්ථි යම්හි ගබ්භෙ වසාමහං.
Sinhala BJT5126. තුෂිතදිව්‍යලෝකයෙන් ච්‍යුතව මවුකුසෙහි උපනිමි. මම යම් මවුගැබක වෙසෙම් ද, එකල්හි මාගේ භෝගයෙහි ද අඩුබවෙක් නැත.
Pali BJT5127. මාතුකුච්ඡිගතෙ මය්හං{2} අන්නං{3} පානඤ්ච භොජනං, මාතුයා මම ඡන්දෙන නිබ්බත්තති යදිච්ඡකං.
Sinhala BJT5127. මා මවුකුසෙහි පිළිසඳගත් කල්හි මාගේ අදහසට අනුව මවුට කැමති තාක් ආහාර පාන භෝජන ද පහළ වේ.
Pali BJT5128. ජාතියා පඤ්චවස්සෙන පබ්බජිං අනගාරියං, ඔරොපිතම්හි කෙසම්හි අරහත්තමපාපුණිං.
Sinhala BJT5128. උත්පත්තියෙන් පස්හැවිරිදි කල්හි සසුනෙහි පැවිදි වීමි. (පැවිද්ද සඳහා) හිසකේ බෑ කල්හි රහත්බවට පැමිණියෙමි.
Pali BJT5129. පුබ්බකම්මං ගවෙසන්තො ඔරෙන නාද්දසං අහං, තිසකප්පසහස්සම්හි මම කම්මං අනුස්සරිං.
Sinhala BJT5129. පූර්‍වකර්‍මය පිරික්සන්නෙමි මම (එය) ලමුසේ නො දිටිමි. තිස්දහස්කපෙහි මාගේ කර්‍මය සිහි කෙළෙමි.
Pali BJT5130. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, තව සාසනමාගම්ම පත්තොම්හි අචලං පදං.
Sinhala BJT5130. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්ස, මුබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස මුබ වහන්සේට නමස්කාර වේවා. මුබ වහන්සේගේ සසුන් පැමිණ අචලපදය වූ නිවන ලැබුයෙමි.
Pali BJT5131. තිංසකප්පසහස්සම්හි යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT5131. තිස්දහස්කපෙහි යම් බුදු කෙනෙකුන් සකසා පිදූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT5132. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5132. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භාවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5133. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5133. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5134. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5134. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන්වහන්සේගේ සසුන් කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චන්දනමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් චන්‍දනමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTචන්දනමාලියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTචන්‍දනමාලිය ස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT486. ධාතුපූජකත්ථෙරාපදානං
Sinhala BJT486. ධාතුපූජක ස්ථවිරාවදානය
Pali BJT5135. නිබ්බුතෙ ලොකනාථම්හි සිද්ධත්ථෙ ලොකනායකෙ, මම ඤාතී සමානෙත්වා ධාතුපූජං අකාසහං.
Sinhala BJT5135. ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් පිරිනිවි කල්හි මම මාගේ ඥාතීන් රැස්කොට ධාතුපූජාවක් කෙළෙමි.
Pali BJT5136. චතුනවුතෙ ඉතො කප්පෙ යං ධාතුමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි ධාතුපූජායිදං ඵලං.
Sinhala BJT5136. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ධාතුපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධාතුපූජාවෙහි මේ විපාක යී.
Pali BJT5137. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5137. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5138. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5138. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5139. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5139. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධාතුපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ධාතුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTධාතුපූජකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTධාතුපූජක ස්ථවිරාවදානය සවැනියි.
Pali BJT487. පුලිනුප්පාදකත්ථෙරාපදානං
Sinhala BJT487. පුලිනුප්පාදක ස්ථවිරාවදානය
Pali BJT5140. පබ්බතෙ හිමවන්තම්හි දෙවළො නාම තාපසො, තත්ථ මෙ චඞ්කමො ආසි අමනුස්සෙහි මාපිතො.
Sinhala BJT5140. හිමවත් පව්වෙහි දේවළ නම් තවුසෙක් විය. එහි මාගේ සක්මන අමනුෂ්‍යයන් විසින් මවන ලද.
Pali BJT5141. ජටාභාරෙන{1} භරිතො කමණ්ඩලුධරො තදා, උත්තමත්ථං ගවෙසන්තො පවනා අභිනික්ඛමිං.{2}
Sinhala BJT5141. එකල්හි දළමඬලින් බර වූ කමඬලා (=පැන්කෙණ්ඩි) දරන්නා වූ මම උත්තමාර්‍ත්‍ථය සොයමින් වනයෙන් නික්මුනෙමි.
Pali BJT5142. චුල්ලාසීතිසහස්සානි සිස්සා මය්හං උපට්ඨහුං, සකකම්මාභිපසුතා වසන්ති පවනෙ{3} තදා.
Sinhala BJT5142 එකල්හි මට අසූහාරදහසක් ශිෂ්‍යයෝ උවටැන් කළාහු ය. (ඔහු) සිය කම්හි යෙදුනාහු වෙනෙහි වෙසෙත්.
Pali BJT5143. අස්සමා අභිනික්ඛම්ම අකං පුලිනචෙතියං, නානාපුප්ඵං සමානෙත්වා තං චෙතියමපූජයිං.
Sinhala BJT5143. අසපුවෙන් නික්ම වැලිසෑයක් කෙළෙමි. නොයෙක් මල් රැස් කොට එම සෑය පිදීමි.
Pali BJT5144. තත්ථ චිත්තං පසාදෙත්වා අස්සමං පවිසාමහං, සබ්බෙ සිස්සා සමාගන්ත්වා එතමත්ථමපුච්ඡු මං{4}.
Sinhala BJT5144. මම එහි සිත පහදවා අසපුවට පිරිවිසෙමි. සියලු ශිෂ්‍යයෝ රැස්ව මාගෙන් මෙ කරුණ විචාළාහු ය:
Pali BJT5145. “පුලිනෙන කතෙ ථූපෙ{5} යං ත්වං දෙවං{6} නමස්සසි, මයම්පි ඤාතුමිච්ඡාම පුට්ඨො ආචික්ඛ නො තුවං”
Sinhala BJT5145. “භවත් වැල්ලෙන් කළ සෑයෙහි යම් දෙවියකුට නමස්කාර කෙරෙහිද එ දෙවියා අපිදු දැන ගණු කැමැත්තෙමු. අප විසින් විචාරණ ලද භවත් අපට කියනු මැනව”.
Pali BJT5146. නිද්දිට්ඨා නො{7} මන්තපදෙ චක්ඛුමන්තො මහායස, තෙ ඛො අහං නමස්සාමි බුද්ධසෙට්ඨෙ මහායසෙ.
Sinhala BJT5146. අපගේ මන්ත්‍රපදයෙහි දක්වන ලද මහත් යශස් ඇති බුදුවරු වෙති. මම ඒ මහත් යශස් ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් නමදිමි.
Pali BJT5147. “කීදිසා තෙ මහාවීරා සබ්බඤ්ඤූ ලොකනායකා, කථං වණ්ණා කථං සීලා කීදිසා තෙ මහායසා?”
Sinhala BJT5147. “ඒ මහාවීර වූ සර්‍වඥ වූ ලෝකනායකවරයෝ කෙබඳු වෙත් ද, කෙසේ වූ සටහන් ඇත්තෝ වෙත් ද, කෙසේ වූ ස්වභාව ඇත්තෝ වෙත් ද, ඒ මහත් සශස් ඇත්තෝ කෙබඳු වෙත් ද?”
Pali BJT5148. බත්තිංසලක්ඛණා බුද්ධා චත්තාරීසද්විජාපි ච, නෙත්තා ගොපඛුමා තෙසං ජිඤ්ජුකාඵලසන්නිභා.
Sinhala BJT5148. බුදුවරයෝ දෙතිස් (මහපුරිස්) ලකුණු ඇත්තෝ ය. සාළිසක් දත් ඇත්තෝ ය. උන්වහන්සේගේ ගෝපක්‍ෂමාකාර නේත්‍රයෝ හුනිඳ පලවන්හ.
Pali BJT5149. ගච්ඡමානා ච තෙ බුද්ධා යුගමත්තංව{8} පෙක්ඛරෙ, න තෙසං ජාණු නදති සන්ධිසද්දො න සුය්යති.
Sinhala BJT5149. ඒ බුදුවරයෝ ගමන් කරන්නාහු වියදඬු පමණ ම දුර බලති. උන්වහන්සේගේ දණ හඬ නො නඟයි. (අත්පා හි) සන්‍ධි ශබ්දයක් නො ඇසෙයි.
Pali BJT5150. ගච්ඡමානා ච සුගතා උද්ධරන්තාව ගච්ඡරෙ, පඨමං දක්ඛිණං පාදං බුද්ධානං එස ධම්මතා.
Sinhala BJT5150. ගමන් කරන්නා වූ බුදුවරයෝ පළමු කොට දකුණුපය පෙරට තබමින් යෙත්. මේ බුදුවරයන්ගේ ධර්‍මතායි.
Pali BJT5151. අසම්හිතා ච තෙ බුද්ධා මිගරාජාව කෙසරී, නෙවුකක්කංසෙන්ති අත්තානං නො ච වම්භෙන්ති පාණිනං.
Sinhala BJT5151. ඒ බුදුවරයෝ කේසරසිංහරාජයන් මෙන් නිර්භීතයෝ ය. තමන් උසස් කොට නො දක්වත්. ප්‍රාණීන් (=මෙරමා) හෙළා නො දකිත්.
Pali BJT5152. මානාවමානතො මුත්තා සමා සබ්බෙසු පාණිසු, අනත්තුක්කංසකා බුද්ධා බුද්ධානං එස ධම්මතා.
Sinhala BJT5152. බුදුවරයෝ මාන අවමාන දෙකින් මිදුනාහු සව්සතුන් කෙරෙහි සම සිත් ඇත්තෝ ය. තමන් හුවා නො දක්වන්නෝ ය. මේ බුදුවරයන්ගේ ධර්‍මතායි.
Pali BJT5153. උප්පජ්ජන්තා ච සම්බුද්ධා ආලොකං දස්සයන්ති තෙ, ඡප්පකාරං පකම්පෙන්ති කෙවලං වසුධං ඉමං.
Sinhala BJT5153. උපදින්නා වූ ඒ බුදුවරයෝ අලෝකය දක්වත්. මේ මුළු පොළොව ආකාර සයකින් කම්පා කෙරෙත්.
Pali BJT5154. පස්සන්ති නිරයං චෙතෙ නිබ්බාති නිරයො තදා, පවස්සති මහාමෙඝො බුද්ධානං එස ධම්මතා.
Sinhala BJT5154. ඒ බුදුවරයෝ නිරය ද දකිත්. එකල්හි නිරය නිවී යෙයි. මහවැසි වසියි. මේ බුදුවරයන්ගේ ධර්‍මතා යි.
Pali BJT5155. එදිසා තෙ මහානාගා අතුල්යා{1} ච මහායසා, වණ්ණතො අනතික්කන්තා අප්පමෙය්යා තථාගතා.
Sinhala BJT5155. අතුල්‍ය (=අසම) වූ මහත් යශස් ඇති අතිශ්‍රේෂ්ඨ වූ ඒ බුදුවරයෝ රූපකාය සම්පත්තියෙන් නොඉක්මවනු හැක්කෝ ය. තථාගතවරයෝ අප්‍රමේය ගුණ ඇත්තෝ ය.
Pali BJT5156. අනුමොදිංසු මෙ වාක්යං සබ්බෙ සිස්සා සගාරවා, තථා ච පටිපජ්ජිංසු යථාසත්ති{2} යථාබලං.
Sinhala BJT5156. සියලු ශිෂ්‍යයෝ මාගේ වචනය ගෞරව සහිතව සතුටින් පිළිගත්තාහු ය. වචනයට අනුව ශක්ති පමණින් බල පමණින් පිළිපැද්දාහු ය.
Pali BJT5157. පතිපූජෙන්ති පුලිනං සකකම්මාභිලාසිනො, සද්දහන්තා මමං{3} වාක්යං බුද්ධත්තගතමානසා.
Sinhala BJT5157. ස්වකීය කර්‍මාභිලාෂී වූ (ඔහු) මාගේ වචනය අදහන්නාහු බුදුබවට නැමී ගිය සිත් ඇත්තාහු වැලිසෑය පුදත්.
Pali BJT5158. තදා චවිත්වා තුසිතා දෙවපුත්තො මහායසො, උප්පජ්ජි මාතුකුච්ඡිස්මිං{4} දසසහස්සී පකම්පථ.{5}
Sinhala BJT5158. එකල්හි මහත් සශස් ඇති (බෝසත්) දිව්‍යපුත්‍ර තෙමේ තුෂිත දිව්‍යලෝකයෙන් ච්‍යුතව මවුකුසැ උපන්නේ ය. දසදහසක් ලෝදා කම්පිත වීය.
Pali BJT5159. අස්සමස්සාවිදූරම්හි චඞ්කමම්හි ඨිතො අහං, සබ්බෙ සිස්සා සමාගන්ත්වා ආගච්ඡුං මම සන්තිකං.{6}
Sinhala BJT5159. මම අසපුවට නුදුරෙහි සක්මනෙහි සිටියෙම් වෙමි. සියලු ශිෂ්‍යයෝ රැස්ව මාගේ සමීපයට පැමිණියාහු ය.
Pali BJT5160. උසභො’ව මහී නදති මිගරාජා’ව කූජති, සුංසුමාරො’ව{7} සලති කිං විපාකො භවිස්සති.
Sinhala BJT5160. “(පැමිණ) පෘථිවිය වෘෂභයකු මෙන් නාද කෙරෙයි. සිංහයකු මෙන් ශබ්ද පවත්වයි. සුංසුමාර නම් ජලචර ව්‍යාඞ්මත්ස්‍යයකු සේ සැලෙයි. කවර විපාකයෙක් වන්නේදැ?” යි (ඇසූහ).
Pali BJT5161. “යං පකිත්තෙමි සම්බුද්ධං සිකතාථූපසන්තිකෙ, සො දානි භගවා සත්ථා මාතුකුච්ඡිමුපාගමි.”
Sinhala BJT5161. “වාලුකාස්තූපය සමීපයෙහි යම් බුදුවරයකු කීර්‍තනය කෙරෙම් ද ඒ භාග්‍යවත් ශාස්තෘ තෙමේ දැන් මවුකුසට එළඹියේ ය.”
Pali BJT5162. තෙසං ධම්මකථං කත්වා කිත්තයිත්වා මහාමුනිං, උය්යොජෙත්වා සකෙ සිස්සෙ පල්ලඞ්කං ආභූජිං අහං.
Sinhala BJT5162. මම ඔවුනට ධර්‍මකථා කියා මහාමුනි වූ බුදුරජුන්හට පසසා සිය සිසුන් යවා පළහ බැඳ ගතිමි.
Pali BJT5163. බලඤ්ච වත මෙ ඛීණං ව්යාධිතො{8} පරමෙනහං,{9} බුද්ධසෙට්ඨං සරිත්වාන තත්ථ කාලකතො{10} අහං.
Sinhala BJT5163. මාගේ (ශරීර) බලය ද එකැතින් ක්‍ෂීණ විය. බලවත් ව්‍යාධියකින් මම පෙළුනෙම් වෙම්. මම් බුද්ධශ්‍රේෂ්ඨයන්වහන්සේ සිහිපත් කොට එහි කලුරිය කෙළෙමි.
Pali BJT5164. සබ්බෙ සිස්සා සමාගන්ත්වා අකංසු චිතකං තදා, කලෙබරං ච මෙ ගය්හ චිතකං අභිරොපයුං.
Sinhala BJT5164. එකල්හි සියලු ශිෂ්‍යයෝ රැස්ව චිතකයක් කළාහු ය. මාගේ දේහය ගෙණ සෑයට නැංවූහ.
Pali BJT5165. චිතකං පරිවාරෙත්වා සීසෙ කත්වාන අඤ්ජලිං, සොකසල්ලපරෙතා තෙ විකන්දිංසු{11} සමාගතා.
Sinhala BJT5165. හිසැ ඇඳිලි බැඳ සෑය පිරිවරා රැස්වූ ඔහු සෝහුලින් පෙළුනාහු හැඬූහ.
Pali BJT5166. තෙසං ලාලප්පමානානං අගමාසිං චිතන්තිකං{1}, ”අහං ආචරියො තුම්හං මා සොචිත්ථ සුමෙධසා.
Sinhala BJT5166-5167. ඔවුන් විලාප කියමින් හඬද්දී චිතකය සමීපයට ගියෙමි. “මම තොපගේ ආචාර්‍ය්‍ය වෙමි. ශෝක නො කරවු. මනානුවණින් යුතුව දිවරෑ දෙක්හි අනලස් වූවාහු ස්වාර්‍ත්‍ථයෙහි උත්සාහ වඩවු. තෙපි ප්‍රමාදී වූවෝ නො වවු. තොපට (අෂ්ටදූෂ්ටක්‍ෂණ විනිර්මුක්ත බුද්ධොත්පාද) ක්‍ෂණය සැපයී ඇත.”
Pali BJT5167. සදත්ථෙ වායමෙය්යාථ රත්තින්දිවමතන්දිතා, මා වො පමත්තා අහුවත්ථ{2} ඛණො වො පටිපාදිතො”
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5168. සකෙ සිස්සෙනුසායිත්වා දෙවලොකං පුනාගමිං, අට්ඨාරස ච කප්පානි දෙවලොකෙ රමිං අහං.
Sinhala BJT5168. (මෙසේ) සිය සිසුනට අනුශාසනා කොට යලි දෙව්ලොවට ගියෙමි. මම අටළොස්කපක් දෙව්ලොව සිත් අලවා විසීමි.
Pali BJT5169. සතානං පඤ්චක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, අනෙකසතක්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං.
Sinhala BJT5169. මම පන්සියවරක් සක්විති රජ වීමි. නේසියක්වර දිව්‍යරාජ්‍යය කෙළෙමි.
Pali BJT5170. අවසෙසෙසු කප්පෙසු වෙකිණ්ණං{3} සංසරිං අහං, දුග්ගතිං නාභිජානාමි පුලිනපූජායිදං ඵලං{4}.
Sinhala BJT5170. මම සෙසු කල්පයන්හි (දෙව්මිනිස් දෙගතියෙහි) ව්‍යතිමිශ්‍ර වශයෙන් සැරිසැරීමි. දුගතියක් නො දනිමි. වැලිසෑ පිදීමෙහි මේ විපාක යි.
Pali BJT5171. යථා කොමුදිකෙ මාසෙ බහූ පුප්ඵන්ති පාදපා, තථෙවාහම්පි සමයෙ පුප්ඵිතොම්හි මහෙසිනා.
Sinhala BJT5171. යම්සේ ඉල් මාසයෙහි (සරත් කල්හි) බොහෝ වෘක්‍ෂයෝ පිපෙත් ද, එසේ ම මම ද සුදුසු කල්හි මහර්ෂි වූ බුදුරජුන් විසින් පුබුදුවන ලදුයෙම් වෙමි.
Pali BJT5172. විරියම්මෙ ධුරධොරය්හං යොගක්ඛෙමාධිවාහනං, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5172. යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත (නිවණ දක්වා ම ගෙන යන මාගේ ධූරවාහක (ගව) යා වීර්‍ය්‍යය යි. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5173. සතසහස්සෙ ඉතො කප්පෙ යං බුද්ධමභිකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
Sinhala BJT5173. මෙයින් සියක් දහස්වන කපෙහි බුදුරජුන්හට යම් පැසසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ගුණ කීර්‍තනයෙහි මේ විපාකය යි.
Pali BJT5174. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5174. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5175. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5175. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5176. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5176. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන් කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුලිනුප්පාදකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පුලිනුප්පාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපුලිනුප්පාදකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTපුලිනුප්පාදක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT488. තරණියත්ථෙරාපදානං
Sinhala BJT488. තරණිය ස්ථවිරාවදානය
Pali BJT5177. අත්ථදස්සී තු භගවා සයම්භූ ලොකනායකො, විනකානදියා තීරං උපගච්ඡි තථාගතො.
Sinhala BJT5177. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ ලෝකනායක වූ භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජ තෙමේ විනතා නදීතීරයට වැඩියේ ය.
Pali BJT5178. උදකා අභිනික්ඛම්ම කච්ඡපො වාරිගොචරො, බුද්ධං තාරෙතුකාමොහං උපෙසිං ලොකනායකං.
Sinhala BJT5178. (එකල මම) ජලයෙහි හැසිරෙන්නා වූ කැසුබුවෙක් වීමි. බුදුරජුන් ගඟින් තර වනු කැමති මම ලෝකනායකයන් වහන්සේ වෙත එළඹියෙමි. (එළඹ මෙසේ කීමි.)
Pali BJT5179. අභිරූහතු මං බුද්ධො අත්ථදස්සී මහාමුනි, අහං තං තාරයිස්සාමි දුක්ඛස්සන්තකරො තුවං.
Sinhala BJT5179. “මහාමුනි වූ බුදුරජ තෙමේ මාගේ පිටට නගීවා. ඒ මුබ මම් තරණය කරන්නෙමි. (මුඛ) ලෝකයාගේ දුක් කෙළවර කරන්නේ වෙහි ය” (කියා යි).
Pali BJT5180. මම සඞ්කප්පමඤ්ඤාය අත්ථදස්සී මහායසො, ආරුහිත්වාන{1} මෙ පිට්ඨිං අට්ඨාසි ලොකනායකො.
Sinhala BJT5180 මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජානෝ මාගේ අදහස දැන මාගේ පිපිට නැගී සිටිසේක.
Pali BJT5181. යතො සරාමි අත්තානං යතො පත්තොස්මිං විඤ්ඤුතං, සුඛං මෙ තාදිසං නත්ථි ඵුට්ඨෙ පාදතලෙ යථා.
Sinhala BJT5181. යම් තැනක පටන් කොට තමා සිහි කෙරෙම් ද, යම් තැනක පටන් කොට නැණවත් බවට පැමිණියෙම් වෙම් ද, එතෙක් (මුබ වහන්සේගේ) පාදතලය ස්පර්‍ශ වූ කෙණෙහි ඇති වූ ඒ සුවය යම්සේ නම් එබඳු සුවයක් මට නැත.
Pali BJT5182. උත්තරිත්වාන සම්බුද්ධො අත්ථදස්සී මහායසො, නදීතීරම්හි ඨත්වාන ඉමා ගාථා අභාසථ.
Sinhala BJT5182. මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජ තෙම එතර වී ගංතෙර සිට මේ ගාථාවන් වදාළේය:
Pali BJT5183. “යාවතා වත්තතෙ චිත්තං ගඞ්ගාසොතං තරාමහං, අයඤ්ච කච්ඡපො රාජා තාරෙසි මම පඤ්ඤවා.
Sinhala BJT5183 “මම ගඟ සැඩපහර තරණය කෙරෙමැයි යම්තාක් (මා තුළ) සිත පවතී ද, එකෙණෙහි පැණවත් මේ කැසුබුරජ තෙම් මං තරැවිය.
Pali BJT5184. ඉමිනා බුද්ධතරණෙන මෙත්තචිත්තවතාය ච, අට්ඨාරසෙ කප්පසතෙ දෙවලොකෙ රමිස්සති.
Sinhala BJT5184. මේ බුදුන් (ගඟින්) තැරැවීම හේතු කොට ගෙණ ද, මෙත් සිත් ඇතිබව හේතු කොට ගෙන ද, අටළොස්සියකපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය.
Pali BJT5185. දෙවලොකා ඉධාගන්ත්වා සුක්කමූලෙන චොදිතො, එකාසනෙ නිසීදිත්වා කඞ්ඛාසොතං කරිස්සති.”
Sinhala BJT5185. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් මෙහි පැමිණ හුනස්නෙහි ම සැක නමැති සැඩපහර තරණය කරන්නේ ය”.
Pali BJT5186. යථාපි භද්දකෙ ඛෙත්තෙ බීජමප්පම්පි රොපිතං, සම්මාධාරෙ පවච්ඡන්තෙ{2} ඵලං තොසෙති කස්සකං.
Sinhala BJT5186. සරු කෙතක රෝපණය කරණ ලද ස්වල්ප වූ ද බිජුවට මැනැවින් වැසි වස්නා කල්හි ශස්‍යඵලය ගොවියා තුටු කරයි ද,
Pali BJT5187. තථෙවිදං බුද්ධඛෙත්තං සම්මාසම්බුද්ධදෙසිතං, සම්මාධාරෙ පවච්ඡන්තෙ ඵලං මං තොසයිස්සති.
Sinhala BJT5187. එසේ ම සම්බුදුරජුන් විසින් දෙසන ලද මේ බුද්ධක්‍ෂේත්‍රය (දහම්) වැසි මැනැවින් වස්නා කල්හි පුණ්‍යඵලය මා තුටු කරන්නේ ය.
Pali BJT5188. පධානපහිතත්තොම්හි උපසන්තො නිරූපධි, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT5188. ප්‍රධන් වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තෙම් වෙමි. උපශාන්ත වූයෙම් උපධිරහිත වූයෙම් සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5189. අට්ඨාරසෙ කප්පසතෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි තරණාය ඉදං ඵලං.
Sinhala BJT5189. එකල්හි අටළොස් සියවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුදුරජුන්) තරණය කරවීමෙහි මේ විපාකය යි.
Pali BJT5190. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5190. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5191. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5191. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5192. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5192. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන් කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තරණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතරණියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTතරණිය ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT489. ධම්මරුචිත්ථෙරාපදානං{*}
Sinhala BJT489. ධම්මරුචි ස්ථවිරාවදානය
Pali BJT5193. යදා දීපඞ්කරො බුද්ධො සුමෙධං ව්යාකරී ජිනො, “අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
Sinhala BJT5193. යම් කලෙක්හි පස්මරුන් දිනූ දීපඞ්කර බුදුරජ තෙම සුමේධ තවුසාහට මෙය (විවරණවශයෙන්) ප්‍රකාශ කෙළේ ද: “මින් අප්‍රමේය වූ කල්පයෙහි මෙතෙම බුදු වන්නේ ය.
Pali BJT5194. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති, පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
Sinhala BJT5194. එකල්හි මොහුගේ ජනකමාතාව මායා නම් වන්නී ය. පියතෙම සුද්ධෝදන නම් වන්නේ ය. මෙතෙම ගෞතම වන්නේ ය.
Pali BJT5195. පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං, අස්සත්ථමූලෙ සම්බුද්ධො බුජ්ඣිස්සති මහායසො.
Sinhala BJT5195. වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට ඇසතුබෝරුක් මුල්හි දී මහත් යශස් ඇති මෙ තෙම සම්‍යක්සම්බුද්ධ වන්නේ ය.
Pali BJT5196. උපතිස්සො කොලිතො ච අග්ගා හෙස්සන්ති සාවකා, ආනන්දො නාමුපට්ඨාකො{1} උපට්ඨීස්සතිමං ජිනං.
Sinhala BJT5196. උපතිස්ස ද කෝලිත ද අග්‍රශාවකයෝ වන්නාහු ය. මේ බුදුරජුන්හට ආනන්‍ද නම් උපස්ථායක තෙමේ උවටැන් කරන්නේ ය.
Pali BJT5197. ඛෙමාඋප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා, චිත්තො ආළවකො චෙව අග්ගා හෙස්සන්තුපාසකා.
Sinhala BJT5197. ඛේමා ද උත්පලවර්ණා ද අග්‍රශ්‍රාවිකාවෝ වන්නාහු ය. චිත්ත ද ආළවක ද අග්‍රෝපාසකයෝ වන්නාහු ය.
Pali BJT5198. ඛුජ්ජුත්තරා නන්දමාතා අග්ගා හෙස්සන්තුපාසිකා, බොධී ඉමස්ස වීරස්ස අස්සත්ථොති පවුච්චති. “
Sinhala BJT5198. ඛුජ්ජුත්තරා ද නන්දමාතා ද අග්‍රොපාසිකාවෝ වන්නාහු ය. මේ වීරයන් වහන්සේගේ බෝධිය ‘ඇසතු’ ය යි කියනු ලැබේ.”
Pali BJT5199. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො, අමොදිතා නරමරූ නමස්සන්ති කතඤ්ජලී.
Sinhala BJT5199. අසම වූ මහර්ෂීන් වහන්සේගේ මේ වචනය අසා සතුටු වූ දෙවිමිනිස්සු බදැඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
Pali BJT5200. තදාහං මාණවො ආසිං මෙඝො නාම සුසික්ඛිතො, සුත්වා ව්යාකරණං සෙට්ඨං සුමෙධස්ස මහාමුනෙ. -
Sinhala BJT5200-5201. එකල්හි මම සුශික්‍ෂිත වූ මේඝ නම් මාණවකයෙක් වීමි. සුමේධ විවරණය අසා කරුණා ඇති මනා නුවණ ඇති මහාමුනි කෙරෙහි විශ්වාස ඇතියෙම් පැවිදි වන්නා වූ ඒ (සුමේධ) වීරයන් අනුව එක්ව ම පැවිදි වීම්.