Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6701-6800 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTනළමාලී මණිදදො උක්කාසතික-වීජනී, කුම්මාසො ච කුසට්ඨො ච ගිරිපුන්නාගියොපි ච. වල්ලිකාරො පානධිදො අථො පුලිනචඞ්කමො, ගාථායො පඤ්චනවුති ගණිතායො විභාවිහි.
Sinhala BJTනළමාලිමණිද ද උක්කාසතික වීජනී කුම්මාසකුසට්ඨ ගිරිපුන්නාගිය ද යළි වල්ලීකාරපානධි ද පුලිනවඞ්කම දස වේ. පඬුවන් විසින් ගිණූ ගී මෙහි පස්අනූවෙකි.
Pali BJTනළමාලීවග්ගො අට්ඨචත්තාළීසමො.
Sinhala BJTනළමාලීවර්‍ගය අටසාළිස්වැනී යි.
Pali BJT49. පංසුකුලවග්ගො
Sinhala BJT49. පංසුකූල වර්‍ගය
Pali BJT481. පංසුකූලසඤ්ඤකත්ථෙරාපදානං
Sinhala BJT481. පංසුකූලසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT5031. තිස්සො නාමාසි භගවා සයම්භූ අග්ගපුග්ගලො, පංසුකූලං ඨපෙත්වාන විහාරං පාවිසී ජිනො.
Sinhala BJT5031. සියල්ල තමා ම දත් අග්‍රපුද්ගල වූ තිස්ස නම් බුදුවරයෙක් විය. (එම) සර්‍වඥ තෙමේ පවුල් (-පංසුකූල) සිවුරු තබා විහාරයට පිවිසියේ ය.
Pali BJT5032. විනතං ධනුමාදාය භක්ඛත්ථාය චරිං අහං, මණ්ඩලග්ගං ගහෙත්වාන කානනං පාවිසිං අහං.
Sinhala BJT5032. මම නමන ලද දුන්න ගෙන අහර පිණිස (වනයෙහි) හැසිරුනෙමි. කඩුව ද ගෙන මම වනයට පිවිසියෙමි.
Pali BJT5033. තත්ථද්දසං පංසුකූලං දුමග්ගෙ ලග්ගිතං තදා, චාපං තත්ථෙව නික්ඛිප්ප සිරෙ කත්වාන අඤ්ජලිං.
Sinhala BJT5033. එ කල්හි එහි ගසක් මුදුනෙහි එල්වන ලද පවුල් සිවුර දුටිමි. (දැක) දුන්න එහි ම තබා සිරසෙහි ඇඳිලි බැඳ-
Pali BJT5034. පසන්නචිත්තො සුමනො විපුලාය ච පීතියා, බුද්ධසෙට්ඨං සරිත්වාන පංසුකූලං අවන්දහං.
Sinhala BJT5034. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහත් වූ ප්‍රීතියෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් සිහි කොට පාංසුකූල චීවරයට වැන්දෙමි.
Pali BJT5035. ද්වෙනවුතෙ ඉතො කප්පෙ පංසුකූලමවන්දහං, දුග්ගතිං නාභිජානාමි වන්දනාය ඉදං ඵලං.
Sinhala BJT5035. මම මෙයින් දෙයානූවන කපෙහි පසුල්සිවුරට වැන්දෙම් ද, (එ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්‍දනාවෙහි මේ විපාක යි.
Pali BJT5036. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5036. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5037. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5037. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5038. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5038. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පංසුකූලසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පංසුකූලසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTපංසුකූලසඤ්ඤකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTපංසුකූලකසඤ්ඤක ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT482. බුද්ධසඤ්ඤකත්ථෙරාපදානං
Sinhala BJT482. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT5039. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානපාරගූ, ලක්ඛණෙ ඉතිහාසෙ ච සනිඝණ්ඩුසකෙටුභෙ.
Sinhala BJT5039. (මම) ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහි ද නිඝණ්ඩු සහිත වූ කවීන්ට හිත ක්‍රියාකල්පවිකල්පසංඛ්‍යාත කෙටුභශාස්ත්‍රයෙහි ද ත්‍රිවේදයෙහි ද පරතෙරට ගිය මන්ත්‍ර හදාරන්නා වූ මන්ත්‍රධරයෙක් වීමි.
Pali BJT5040. නදීසොතපටිභාගා සිස්සා ආයන්ති මෙ තදා, තෙසාහං මන්තෙ වාචෙමි රත්තින්දිවමතන්දිතො.
Sinhala BJT5040. එ කල්හි ගඟසැඩවතුරු මෙන් ශිෂ්‍යයෝ මා වෙත එති. දිවාරෑ දෙක්හි අනලස් වූයෙම් ඔවුනට මම මන්ත්‍ර හදාරවමි.
Pali BJT5041. සිද්ධත්ථො නාම සම්බුද්ධො ලොකෙ උප්පජ්ජි තාවදෙ, තමන්ධකාරං නාසෙත්වා ඤාණාලොකං පවත්තයී.
Sinhala BJT5041. එ කල්හි සිද්ධාර්‍ත්‍ථ නම් සම්බුදු රජ තෙමේ ලොව පහළ විය. (මෝහ නමැති) ගනඳුර නසා ඥානාලෝකය පැවැත්වී ය.
Pali BJT5042. මම අඤ්ඤතරො සිස්සො සිස්සානං සො කථෙසි මෙ, සුත්වාන තෙ එතමත්ථං ආරොචෙසුං මමං තදා.
Sinhala BJT5042. මාගේ එක්තරා ශිෂ්‍යයෙක් විය. හෙ තෙමේ මාගේ සෙසු සිසුනට මෙය කීය. එ කල්හි ඔහු මෙය අසා මට සැළ කළාහු ය.
Pali BJT5043. “බුද්ධො ලොකෙ සමුප්පන්නො සබ්බඤ්ඤූ ලොකනායකො, තස්සානුවත්තති ජනො ලාභො අම්හං න හෙස්සති.”
Sinhala BJT5043. “සර්‍වඥ වූ ලෝකනායක වූ බුදුරජ තෙමේ ලොව පහළ විය. ජන තෙමේ උන්වහන්සේට අනුවර්‍තනය වේ. අපට ලාභයෙක් නො වන්නේය. (කියා යි.)
Pali BJT5044. අධිච්චුප්පත්තිකා බුද්ධා චක්ඛුමන්තො මහායසා, යන්නූනාහං බුද්ධසෙට්ඨං පස්සෙය්යං ලොකනායකං.
Sinhala BJT5044. මහත් යශස් ඇති පසැස් ඇත්තා වූ බුදුවරයෝ (දිව්‍යබ්‍රහ්මාදී කිසිවකුන්ගේ උපදේශහේතු විරහිත ව) ලොව පහළවන්නෝ වෙති. මම ලෝකනායක වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ දකින්නෙම් නම් ඉතා යෙහෙකැයි (සිතීමි)
Pali BJT5045. අජිනං මෙ ගහෙත්වාන වාකචීරං කමණ්ඩලුං, අස්සමා අභිනික්ඛම්ම සිස්සෙ ආමන්තයිං අහං.
Sinhala BJT5045. සිතා මාගේ අඳුන්දිවිසම ද වැහැරි සිවුර ද, කමඬලාව (-පැන්කෙණ්ඩිය) ද ගෙණ අසපුවෙන් නික්ම මම සිසුන් ඇමතීමි.
Pali BJT5046. “ඔදුම්බරිකපුප්ඵංව චන්දම්හි සසකං යථා, වායසානං යථා ඛීරං දුල්ලභා ලොකනායකා{1}
Sinhala BJT5046. “දිඹුල් මල් මෙන් ද, සඳෙහි සාවා මෙන් ද, කපුටන්ගේ කිරි මෙන් ද, බුදුවරයෝ දුර්‍ලභයහ.
Pali BJT5047. බුද්ධො ලොකම්හි උප්පන්නො මනුස්සත්තම්පි දුල්ලභං, උභොසු විජ්ජමානෙසු සවණං ච සුදුල්ලභං.
Sinhala BJT5047. බුදුරජ තෙමේ ලොව උපන්නේ ය මිනිසත් බව ද දුබල ය. මේ (බුද්ධෝත්පාදය-මිනිසත්බව) දෙක ම ඇති කල්හි සද්ධර්‍ම ශ්‍රවණය අතිශයින් දුර්‍ලභ ය.
Pali BJT5048. බුද්ධො ලොකෙ සමුප්පන්නො චක්ඛුං ලච්ඡාම නො භවං, එථ සබ්බෙ ගමිස්සාම සම්මාසම්බුද්ධසන්තිකං.”
Sinhala BJT5048. බුදුරජ තෙමේ ලොව උපන්නේ ය. පින්වතුනි, අපගේ (දහම්) ඇස ලබමු. එවු, සියල්ලෝ ම සම්බුදුරජුන්ගේ සමීපයට යන්නෙමු”.
Pali BJT5049. කමණ්ඩලුධරා සබ්බෙ ඛරාජිනනිවාසිනො, තෙ ජටාභාරභරිතා නික්ඛමුං විපිනා තදා.
Sinhala BJT5049. එ කල්හි සියල්ලෝ කමඬලා (-පැන්කෙණ්ඩිය) දරන්නාහු කුර සහිත අඳුන්දිවිසම් හැන්දාහු දළමඬුලු බරින් බර වූවාහු වනයෙන් නික්මුනාහු ය.
Pali BJT5050. යුගමත්තං පෙක්ඛමානා උත්තමත්ථගවෙසිනො, ආසතිදොසරහිතා{2} අසම්හීතාව කෙසරී.
Sinhala BJT5050. වියදඬු පමණ දුර බලන්නාහු උත්තමාර්‍ත්‍ථය වූ නිවණ සොයන්නාහු ඇලුම්දොස් නැත්තාහු නිර්‍භය කේශරසිංහයන් වැනි වූවාහු-
Pali BJT5051. අප්පකිච්ඡා අලොලුප්පා නිපකා සන්තවුත්තිනො, උඤ්ඡාය චරමානා තෙ බුද්ධසෙට්ඨං උපාගමුං.
Sinhala BJT5051. ස්වල්පකෘත්‍ය ඇත්තාහු ලොල් නො වූවාහු ප්‍රඥා ඇත්තාහු සන්හුන් පැවතුම් ඇත්තාහු පිණ්ඩචරියාවෙහි හැසිරෙන්නාහු ඔහු බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට එළඹියාහු ය.
Pali BJT5052. දියඩ්ඪයොජනෙ සෙසෙ ව්යාධි මෙ උපපජ්ජථ, බුද්ධසෙට්ඨං සරිත්වාන තත්ථ කාලකතො අහං.
Sinhala BJT5052. (එසේ එළඹෙන කල්හි) යොදුන් එකහමාරක් ශේෂව ඇති කල්හි මට ව්‍යාධියක් උපන්නේ ය. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කොට එහි දී මම කලුරිය කෙළෙම් වෙමි.
Pali BJT5053. චතුනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං{3} ඵලං.
Sinhala BJT5053. මෙයින් සිවුඅනූ වන කපෙහි වූ එ කල්හි යම් බුද්ධසංඥාවක් (බුදුන් පිළිබඳ හැඟීමක්) ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
Pali BJT5054. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5054. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5055. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5055. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT5056. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5056. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බුද්ධසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබුද්ධසඤ්ඤකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTබුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT483. භිසදායකත්ථෙරාපදානං
Sinhala BJT483. භිසදායක ස්ථවිරාවදානය
Pali BJT5057. ඔගය්හාහං පොක්ඛරණිං නානාකුඤ්ජරසෙවිතං, උද්ධරාමි භිසං තත්ථ ඝාසහෙතු අහං තදා.
Sinhala BJT5057. මම එකල්හි නොයෙක් හස්තීන් විසින් සෙව්නා ලද පොකුණකට බැස සාදුක හේතුකොට ගෙණ එහි නෙළුඹල උදුරමි.
Pali BJT5058. භගවා තම්හි සමයෙ පදුමුත්තරසව්හයො, රත්තම්බරධරො බුද්ධො ගච්ඡති අනිලඤ්ජසෙ.
Sinhala BJT5058-5059. එ සමයෙහි (කසටින්) රැඳ වූ වත් දරන්නා වූ භාග්‍යවත් වූ පදුමුත්තර නම් වූ බුදුරජ තෙමේ පසුල්සිවුරු කම්පා කරමින් අහස් මගෙහි මගෙහි වඩියි. එ කල්හි මම (එම) ශබ්දය ඇසීමි. උඩ බලන්නා වූ මම ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
Pali BJT5059. ධුනන්තො පංසුකූලානි සද්දමස්සොසහං තදා, උද්ධං නිජ්ඣායමානොහං අද්දසං ලොකනායකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5060. තත්ථෙව ඨිතකො සන්තො ආයාචිං ලොකනායකං, මධුං භිසෙහි සහිතං ඛීරං සප්පිං මුළාලිකං.{1}
Sinhala BJT5060-5061. මම එහි ම සිටියෙම් බුදුරදුන්ගෙන් මෙසේ ඉල්ලීමි: “මාගේ නෙළුඹල සහිත වූ මී ද කිරි ද ගිතෙල් ද නෙළුඹුදැලි ද පසැස් ඇත්තා වූ බුදුරජ තෙමේ පිළිගනීවා. ඉක්බිති මහත් යසස් ඇති කාරුණික වූ ශාස්තෘ තෙමේ අහසින් බැස-
Pali BJT5061. පතිගණ්හාතු මෙ බුද්ධො අනුකම්පාය චක්ඛුමා, තතො කාරුණිකො සත්ථා ඔරුහිත්වා මහායසො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5062. පටිගණ්හි මමං භික්ඛං අනුකම්පාය චක්ඛුමා, පටිග්ගහෙත්වා සම්බුද්ධො අකා මෙ අනුමොදනං.
Sinhala BJT5062. පසැස් ඇති සර්‍වඥ තෙම මාගේ භික්‍ෂාව අනුකම්පාවෙන් පිළිගත්තේ ය. බුදුරජ තෙමේ එය පිළිගෙන අනුමෝදනාවක් කෙළේ ය:
Pali BJT5063. “සුඛී හොහි මහාපුඤ්ඤ, ගති තුය්හං සමිජ්ඣතු, ඉමිනා භිසදානෙන ලභස්සු විපුලං සුඛං.”
Sinhala BJT5063. “මහපින්ඇතියාණනි, සුවපත් වන්න. ඔබගේ ගතිය සමෘද්ධ වේවා, මේ නෙළුඹලදන හේතුකොට ගෙණ මහත් සැප ලබාවා.”
Pali BJT5064. ඉදං වත්වාන සම්බුද්ධො ජලජුත්තමනාමකො, භික්ඛමාදාය සම්බුද්ධො අම්බරෙන’ගමා ජිනො.
Sinhala BJT5064. පස්මරුන් දිනූ පදුමුත්තර නමු සම්බුදුරජ තෙමේ මෙය වදාරා භික්‍ෂාව ගෙණ අහසින් වැඩියේ ය.
Pali BJT5065. තතො භිසං ගහෙත්වාන ආගච්ඡිං මම අස්සමං, භිසං රුක්ඛෙ ලගෙත්වාන මම දානං අනුස්සරිං.
Sinhala BJT5065. ඉක්බිති (මම) නෙළුඹල ගෙණ මාගේ අසපුවට පැමිණියෙමි. නෙළුඹල ගසෙක්හි එල්වා මාගේ දානය සිහිපත් කෙළෙමි.
Pali BJT5066. මහාවාතො වුට්ඨහිත්වා සඤ්චාලෙසි වනං තදා, ආකායො අභිනාදිත්ථ අසනියා ඵලන්තියා.
Sinhala BJT5066. එ කල්හි මහ වාතයෙක් නැඟී වනය කම්පා කෙළේ ය. සෙණ පුපුරණ කල්හි අහස ශබ්ද පැවැත්වී ය.
Pali BJT5067. තතො මෙ අසනීපාතො මත්ථකෙ නිපතී තදා, සොහං නිසින්නකො සන්තො තත්ථ කාලකතො අහුං.
Sinhala BJT5067. එකල්හි සෙණපහරෙක් මාගේ හිසමතුයෙහි පතිත විය. එහි මම හුන්නෙම් ම කලුරිය කෙළෙමි.
Pali BJT5068. පුඤ්ඤකම්මෙන සංයුත්තො තුසිතං උපපජ්ජහං, කලෙබරං මෙ පතිතං දෙවලොකෙ රමිං අභං.
Sinhala BJT5068. මම පින්කම හා යෙදුනෙම් තුසීදෙව්ලොවෙහි ඉපදුනෙමි. මාගේ සිරුර පතිත විය. මම දෙව්ලොවෙහි සිත් අලවා විසීමි.
Pali BJT5069. ඡළාසීතිසහස්සානි නාරියො සමලඞ්කතා, සායපාතං උපට්ඨන්ති භිසදානස්සිදං ඵලං.
Sinhala BJT5069. මැනැවින් සැරසුණු සයාසූදහසක් ස්ත්‍රීහු සවස ද උදෑසන ද මට උවටැන් කෙරෙත්.
Pali BJT5070. මනුස්සයො නිමාගන්ත්වා සුඛිතො හොමහං සදා, භොගෙ මෙ ඌනතා නත්ථි භිසදානස්සිදං ඵලං.
Sinhala BJT5070. මම මිනිසත් බවට පැමිණ හැමකල්හි සුව ඇත්තෙම් වෙමි. මාගේ භෝගයෙහි අඩුබවෙක් නැත. නෙළුඹලදනෙහි මේ විපාක යි.
Pali BJT5071. අනුකම්පිතකො තෙන දෙවදෙවෙන තාදිනා, සබ්බාසවපරික්ඛීණො නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT5071. තාදීගුණ ඇති ඒ දේවාතිදේවයන්වහන්සේ විසින් කරණ ලද අනුකම්පා ඇත්තෙම් සියලු ක්‍ෂය කළ ආස්‍රව ඇත්තෙක් වීමි. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT5072. සතසහස්සෙ ඉතො කප්පෙ යං භික්ඛමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි භිසදානස්සිදං ඵලං.
Sinhala BJT5072. එකල්හි මෙයින් සියක්දහස්වන කපෙහි යම් භික්‍ෂාවක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නෙළුඹලදනෙහි මේ විපාක යි.
Pali BJT5073. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5073. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5074. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5074. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5075. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5075. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භිසදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් භිසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTභිසදායකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTභිසදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT484. ඤාණත්ථවිකත්ථෙරාපදානං
Sinhala BJT484. ඤාණත්‍ථවික ස්ථවිරාවදානය
Pali BJT5076. දක්ඛිණෙ හිමවන්තස්ස සුකතො අස්සමො මම, උත්තමත්ථං ගවෙසන්තො වසාමි විපිනෙ තදා.
Sinhala BJT5076. හිමවතට දකුණෙහි මැනවින් කරණ ලද මගේ අසපුවෙක් විය. එකල්හි මම උත්තමාර්‍ත්‍ථය සොයනෙම් වනයෙහි වෙසෙමි.
Pali BJT5077. ලාභාලාභෙන සන්තුට්ඨො මූලෙන ච ඵලෙන ච, අන්වෙසන්තො ආචරියං වසාමි එකකො අහං.
Sinhala BJT5077. ලාභ අලාභ දෙකින් ද මූලයෙන් ද ඵලයෙන් ද තුටුවූයෙම් මම ආචාර්‍ය්‍යයකු සොයමින් හුදකාලාව ම වෙසෙමි.
Pali BJT5078. සුමෙධො නාම සම්බුද්ධො ලොකෙ උප්පජ්ජි තාවදෙ, චතුසච්චං පකාසෙති උද්ධරන්තො මහාජනං.
Sinhala BJT5078. එකල්හි සුමේධ නම් සම්බුදුරජ තෙම ලොව පහළ විය. මහජනයා සසරින් ගොඩ ලමින් චතුස්සත්‍යය ප්‍රකාශ කෙරෙයි.
Pali BJT5079. නාහං සුණොමි සම්බුද්ධං නපි මෙ කොචි භාසති, අට්ඨවස්සෙ අතික්කන්තෙ අස්සොසිං ලොකනායකං.
Sinhala BJT5079. (මෙතෙක් කල්) මම සම්බුදුරජුන් ගැණ නො අසමි. කිසිවෙක් මට (එය) නො කියයි. අටවසක් ඉක්ම ගිය කල්හි බුදුරජුන් ගැණ ඇසීමි.
Pali BJT5080. අග්ගිදාරුං නීහරිත්වා සම්මජ්ජිත්වාන අස්සමං, ඛාරිභාරං ගහෙත්වාන නික්ඛමිං විපිනා අහං.
Sinhala BJT5080. මම ගිනි දර බැහැර කොට අසපුව හැමද පිරිකරකද ගෙණ වනයෙන් නික්ම ගියෙමි.
Pali BJT5081. එකරත්තිං වසන්තොහං ගාමෙසු නිගමෙසු ච, අනුපුබ්බෙන චන්දවතිං තදාහං උපසඞ්කමිං.
Sinhala BJT5081. එකල්හි මම ගම්හි නියම්ගම්හි එක් රැයක් වෙසෙමින් පිළිවෙළින් චන්‍ද්‍රවතී ගඟ වෙත එළඹියෙමි.
Pali BJT5082. භගවා තම්හි සමයෙ සුමෙධො ලොකනායකො, උද්ධරන්තො බහූ සත්තෙ දෙසෙති අමතං පදං.
Sinhala BJT5082. එසමයෙහි භාග්‍යවත් වූ සුමේධ නම් බුදුරජ තෙම බොහෝ සත්ත්‍වයන් (සසරින්) ගොඩලමින් අමෘතපදය (නිවන) දෙසයි.
Pali BJT5083. ජනකායමතික්කම්ම වන්දිත්වා ජිනසාගරං, එකංසං අජිනං කත්වා සන්ථවිං ලොකනායකං:
Sinhala BJT5083. ජනසමූහයා ඉක්මවා ගොස් ගුණසයුරක් වූ ජිනේන්‍ද්‍රයන් වැඳ අඳුන් දිවිසම එකස් කොට ගෙන බුදුරදුන්ට ස්තුති කෙළෙමි.
Pali BJT5084. “තුවං සත්ථා ච කෙතු ච ධජො යූපො ච පාණිනං, පරායණො පතිට්ඨා ච දීපො ච දිපදුත්තමො.
Sinhala BJT5084. “ද්විපදෝත්තම වූ මුබ වහන්සේ සත්ත්‍වයනට ශාස්තෘ ද කේතුව ද ධ්වජය ද යාගස්තම්භය ද පරායණය ද ප්‍රතිෂ්ඨාව ද ප්‍රදීපය ද වෙති.
Pali BJT(එකවීසතිමො භාණවාරො.)
Sinhala BJT(එක්විසිවැනි බණවර යි.)
Pali BJT5085. නෙපුඤ්ඤො දස්සනෙ වීරො තාරෙසි ජනතං තුවං, නත්ථඤ්ඤො තාරකො ලොකෙ තවුත්තරිතරො මුනෙ.
Sinhala BJT5085. චතුරාර්‍ය්‍යසත්‍ය දර්‍ශනයෙහි නිපුණ බව ඇති වීර වු මුබ ජනසමූහයා සසරින් තැරැවූ ය. මුනීන් වහන්ස, ලෙව්හි මුබවහන්සේට වඩා උසස් අනෙක් තරවන්නෙක් නැත.
Pali BJT5086. සක්කා භවෙ කුසග්ගෙන පමෙතුං සාගරුත්තමො, නත්ථෙව තව සබ්බඤ්ඤූ ඤාණං සක්කා පමෙතවෙ.
Sinhala BJT5086. ඒකාන්තයෙන් මහසයුර කුස තණ අගින් පමණ කරන්නට හැකිවන්නේ ය. එහෙත් ඔබවහන්සේගේ සර්‍වඥාතාඥානය ප්‍රමාණ කරන්නට නො හැක්කේ ම ය.
Pali BJT5087. තුලාමණ්ඩලෙ ඨපෙත්වාන මහිං සක්කා ධරෙතවෙ, නත්වෙව තව පඤ්ඤාය පමාණං අත්ථි චක්ඛුම.
Sinhala BJT5087. පසැස් ඇත්තානන් වහන්ස, තරාදියෙහි තබා පොළොව දැරීමට (කිරාබැලීමට) හැකිවන්නේ ය. එහෙත් මුබ වහන්සේගේ ප්‍රඥාවෙහි ප්‍රමාණයක් නැත්තේ ම ය.
Pali BJT5088. ආකාසො මිනිතුං සක්කා රජ්ජුයා අඞ්ගුලෙන වා, නත්වෙව තව සබ්බඤ්ඤූ සීලං සක්කා පමෙතවෙ.
Sinhala BJT5088. අහස රැහැණින් හෝ අඟුලින් මැනීමට හැකිවන්නේ ය. සර්‍වඥයන්වහන්ස, මුබවහන්සේගේ සීලය පමණ කරන්නට නො හැක්කේ ම ය.
Pali BJT5089. මහාසමුද්දෙ උදකං ආකාසො ච වසුන්ධරා, පරිමෙය්යානි එතානි අප්පමෙය්යොසි චක්ඛුම.”
Sinhala BJT5089. මහසමුදුරෙහි දිය ද අහස ද පොළොව ද යන මොහු පමණ කළ හැක්කාහු වෙති. පසැස් ඇත්තානන් වහන්ස, මබ පමණ නො කට හැක්කේ වෙයි.”
Pali BJT5090. ඡහි ගාථාහි සබ්බඤ්ඤුං කිත්තයිත්වා මහායසං. අඤ්ජලිං පග්ගහෙත්වාන තුණ්හී අට්ඨාසහං තදා. .
Sinhala BJT5090. එකල්හි මම මහත් යශස් ඇති සර්‍වඥයන් වහන්සේට මෙසේ ගාථා සයකින් ස්තුති කොට ඇඳිලි බැඳගෙන නිශ්ශබ්දව සිටියෙමි.
Pali BJT5091. යං වදන්ති සුමෙධොති භූරිපඤ්ඤං සුමෙධසං, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT5091. මහා ප්‍රඥා ඇති මනා නුවණ ඇති යමෙකුට සුමේධ ය යි ලෝවැස්සෝ කියත් ද, ( එ සුමේධ බුදුරජහු) භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:
Pali BJT5092. “යො මෙ ඤාණං පකිත්තෙසි පසන්නො සෙන චෙතසා, තමහං කිත්තයිස්සාමි සුණොථ මම භාසතො:
Sinhala BJT5092. “යමෙක් ප්‍රසන්න වූයේ සියසිතින් මාගේ නුවණ පැසැසී ද, හේ කවරෙක්දැ යි මම කියන්නෙමි. කියන්නා වූ මාගේ (වචනය) අසවු.
Pali BJT5093. සත්තසත්තතිකප්පානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
Sinhala BJT5093. හේ සත්සැත්තෑකපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
Pali BJT5094. අනෙකසතක්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT5094. නේසියක් වර සක්විති රජ වන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
Pali BJT5095. දෙවභූතො මනුස්සො වා පුඤ්ඤකම්මසමාහිතො, අනූනමනසඞ්කප්පො තික්ඛපඤ්ඤො භවිස්සති.
Sinhala BJT5095. මෙම කුශලකර්‍මයෙන් යුක්තවූයේ දෙවි වූයේ හෝ මිනිස් වූයේ අනූන වූ චිත්තසඞ්කල්පනා ඇත්තේ තියුණුපැන ඇත්තේ වන්නේ ය.
Pali BJT5096. තිංසකප්පසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT5096. (මෙයින්) තිස්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.“
Pali BJT5097. අගාරා අභිනික්ඛම්ම පබ්බජිස්සතකිඤ්චනො, ජාතියා සත්තවස්සෙන අරහත්තං ඵුසිස්සති.”
Sinhala BJT5097. (මෙතෙම) ගිහිගෙන් නික්ම බන්‍ධන නැත්තේ පැවිදිවන්නේ ය. උත්පත්තියෙන් සත්හැවිදරි කල්හි රහත්බව ලබන්නේ ය.
Pali BJT5098. යතො සරාමි අත්තානං යතො පත්තොස්මි සාසනං, එත්ථන්තරෙ න ජානාමි චෙතනං අමනොරමං.
Sinhala BJT5098. යම් තැනක පටන් තමන් ගැන සිතම් ද යම් තැනක පටන් සසුනට පැමිණියේ (පැවිදිවූයේ) වෙම් ද මේ අතරතුර මනෝඥ නො වූ සිතක් නො දනිමි.
Pali BJT5099. සංසරිත්වා භවෙ සබ්බෙ සම්පත්තානුභවිං අහං, භොගෙ මෙ ඌනතා නත්ථි ඵලං ඤාණස්ස ථොමනෙ.
Sinhala BJT5099. මම සියලු භවයෙහි හැසිර සම්පත් අනුභව කෙළෙමි. මාගේ භෝගයෙහි අඩුබවෙක් නැත. සර්‍වඥතාඥානය පැසසීමෙහි මේ විපාක යි.
Pali BJT5100. තිවග්ගී නිබ්බුතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT5100. මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ පරීක්‍ෂීණයහ. දැන් පුනර්‍භවයෙක් නැත.
Pali BJT5101. තිංසකප්පසහස්සම්හි යං ඤාණම්හිථොමයිං. දුග්ගතිං නාභිජානාමි ඵලං ඤාණස්ස ථොමනෙ.
Sinhala BJT5101. (මෙයින්) තිස්දහස්වන කපෙහි යම් බුදු නුවණක් පැසසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සර්‍වඥතාඥානයට පැසසීමෙහි මේ විපාක යි.
Pali BJT5102. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5102. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතිරජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT5103. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5103. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් වීය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5104. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5104. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඤාණත්ථවිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඤාණත්‍ථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඤාණත්ථවිකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඤාණත්‍ථවික ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT485. චන්දනමාලියත්ථෙරාපදානං
Sinhala BJT485. චන්‍දනමාලිය ස්ථවිරාවදානය
Pali BJT5105. පඤ්චකාමගුණෙ හිත්වා පියරූපෙ මනොරමෙ, අසීතිකොටියො හිත්වා පබ්බජිං අනගාරියං.
Sinhala BJT5105. ප්‍රියස්වරූප වූ මනරම් වූ පස්කම් ගුණ හැර අසූකෙළක් ධනය ද හැර පැවිද්දට පැමිණියෙමි.
Pali BJT5106. පබ්බජිත්වාන කායෙන පාපකම්මං විවජ්ජයිං, වචීදුච්චරිතං හිත්වා නදීකූලෙ වසාමහං.
Sinhala BJT5106. මම පැවිදිව කයින් පව්කම් දුරු කෙළෙමි. වාග්දුශ්චරිතය හැර ගංඉවුරෙහි වෙසෙමි.
Pali BJT5107. එකකං මං විහරන්තං බුද්ධසෙට්ඨො උපාගමි, නාහං ජානාමි බුද්ධොති අකාසිං පටිසන්ථරං.{1}
Sinhala BJT5107. හුදකලාව වසන්නා වූ මා වෙත බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ එළඹි සේක. බුදුරජය යි මම නො දනිමි. පිළිසඳර කථා කෙළෙමි.
Pali BJT5108. කරිත්වා පටිසන්ථාරං නාමගොත්තමපුච්ඡහං, දෙවතානු’සි ගන්ධබ්බො ආදු සක්කො පුරින්දදො.
Sinhala BJT5108. මම පිළිසඳර කථා කොට නම්ගොත් විචාළෙමි: භවත් දෙවි වෙයි? නොහොත් පුරින්‍දද නම් වූ ශක්‍ර වෙයි?
Pali BJT5109. කො වා ත්වං කස්ස වා පුත්තො මහාබ්රහ්මා ඉධාගතො, විරොචෙසි දිසා සබ්බා උදයං සුරියො යථා.
Sinhala BJT5109. භවත් කවර හෝ වෙයි? කාගේ පුත්‍ර හෝ වෙයි? මහාබ්‍රහ්මයා මෙහි පැමිණියේ දෝ? උදාවන හිරු මෙන් සියලු දිගුන් බබුළුවයි.
Pali BJT5110. සහස්සාරානි චක්කානි පාදෙ දිස්සන්ති මාරිස, කො වා ත්වං කස්ස වා පුත්තො කථං ජානෙමු තං මයං. නාමගොත්තාං පවෙදෙහි සංසයං අපනෙහි මෙ.
Sinhala BJT5110. නිදුකාණෙනි, (මුබගේ) පාදයෙහි දහසක් දැවි ඇති චක්‍රයෝ පැණෙත්. භවත් කවර හෝ වෙයි? කවරෙකුගේ පුත්‍ර හෝ වෙයි? එය අපි කෙසේ දැනගනිමු ද? නම් ගොත් පවසනු මැනව. මාගේ සැක දුරු කරණු මැනව.
Pali BJT5111. “නම්හි දෙවො න ගන්ධබ්බො නාපි සක්කො පුරින්දදො, බ්රහ්මභාවො ච මෙ නත්ථි එතෙසං උත්තමො අහං.
Sinhala BJT5111. “මම දෙවි නො වෙමි. ගන්‍ධර්‍ව ද නො වෙමි. පුරින්‍ද නම් ශක්‍ර ද නො වෙමි. මට බ්‍රහ්මත්‍වයෙක් ද නැත. ඔවුනතුරෙන් මම උතුම් වෙමි.
Pali BJT5112. අතීතො විසයං තෙසං දාලයිං කාමබන්ධනං. සබ්බෙ කිලෙසෙ ඣාපෙත්වා පත්තො සම්බොධිමුත්තමං”.
Sinhala BJT5112. ඔවුන්ගේ විෂයය ඉක්ම වූයෙම් වෙමි. කාමබන්‍ධන ප්‍රදාලනය කෙළෙමි. සියලු කෙලෙසුන් දවා උතුම් වූ සම්‍යක්සම්බෝධියට පැමිණියෙම් වෙමි.” (යි බුදුහු වදාළහ.)