Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6601-6700 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4957. ලාභා තෙසං සුලද්ධං ච යෙ ලභන්ති උපස්සුතිං, පුඤ්ඤක්ඛෙත්තං මනුස්සානං ඔසධං සබ්බපාණිනං.
Sinhala BJT4957. යමෙක් මිනිසුනට පින්කෙත් වූ සව්සත්නට බෙහෙදක් වූ ධර්‍මශ්‍රවණය ලබත් නම් එය ඔවුනට ලාභයෙකි. මැනැවින් ලැබූ ලාභයෙකි.
Pali BJT4958. මය්හම්පි සුකතං කම්මං යොහං අද්දක්ඛි{2} නායකං, විනිපාතා පමුත්තොම්හි පත්තොම්හි අචලං පදං.
Sinhala BJT4958. යම්බඳු වූ මම බුදුරජුන් දිටිම් ද, මා විසිනුදු මනා වූ කර්‍මයක් කරණ ලදි. එයින් දුගතියෙන් මිදුනෙම් වෙමි. අචලපදය වූ නිවනට ද පැමිණියෙම් වෙමි.
Pali BJT4959. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සමන්තා සත්තරතනා{3} ආලොකො හොති මෙ සදා.
Sinhala BJT4959. දෙවි වූ හෝ මිනිස් වූ හෝ යම් යම් යෝනියෙක උපදිම් ද, (ඒ) හැමකල්හි හාත්පස සත්රියනක් මාගේ ආලොකය වේ.
Pali BJT4960. තායෙව මණිපූජාය අනුභොත්වාන සම්පදා, ඤාණාලොකො මයා දිට්ඨො පත්තොම්හි අචලං පදං.
Sinhala BJT4960. එ ම මැණික් පූජාවෙන් සම්පත් අනුභව කොට මා විසින් ඥානාලෝකය දක්නා ලදි. අචල වූ ශාන්තිපදයට පැමිණියෙම් වෙමි.
Pali BJT4961. සතසහස්සෙ ඉතො කප්පෙ යං මණිං අභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි මණිපූජයිදං ඵලං.
Sinhala BJT4961. මෙයින් සියක්දහස් වන කපෙහි යම් මැණික්පූජාවක් කෙළෙම් ද, එයින් දුගතියක් නො දනිමි. මණිපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4962. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4962. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4963. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4963. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4964. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4964. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මණිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමණිපූජකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTමණිපූජක ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT473. උක්කාසතිකත්ථෙරාපදානං
Sinhala BJT473. උක්කාසතික ස්ථවිරාවදානය
Pali BJT4965. කොසිකො නාම භගවා චිත්තකූටෙ වසී තදා, ඣායී ඣානරතො බුද්ධො විවෙකාභිරතො මුනි.
Sinhala BJT4965. එකල්හි මුනිගුණ යුතු වූ ධ්‍යාන කරන්නා වූ ධ්‍යානයෙහි ඇළුනා වූ භාග්‍යවත් වූ කෝසික නම් (පසේ) බුදුරජ තෙමේ විවෙක සුවයෙහි ඇළුනේ චිත්‍රකූට පර්‍වතයෙහි වැඩ විසි ය.
Pali BJT4966. අජ්ඣොගහෙත්වා{4} හිමවන්තං නාරීගණපුරක්ඛතො, අද්දසං කොසිකං බුද්ධං පුණ්ණමාසෙව චන්දිමං.
Sinhala BJT4966. ස්ත්‍රීසමූහයා විසින් පිරිවරණ ලදුව හිමවතට පිවිස පුරපසළොස්වක් දිනයෙහි සඳු වැනි වූ කෝසික බුදුරජුන් දිටිමි.
Pali BJT4967. උක්කාසතෙ ගහෙත්වාන පරිවාරෙසහං තදා, සත්තරත්තින්දිවං ඨත්වා{1} අට්ඨමෙන අගච්ඡහං.
Sinhala BJT4967. එකල්හි මම උල්කා (විලක්කු) සීයක් ගෙණ (උන්වහන්සේ) පිරිවැරීමි. මම රෑ දාවල් සතක් (එහි) සිට අටවෙනි දිනයෙහි ගියෙමි.
Pali BJT4968. වුට්ඨිතං කොසිකං බුද්ධං සයම්භුං අපරාජිතං, පසන්නචිත්තො වන්දිත්වා එකං භික්ඛං අදාසහං.
Sinhala BJT4968. සමාධියෙන් නැඟී සිටියා වූ පස්මරුන් දිනූ සියල්ල තෙමේ ම අවබෝධ කරගත් කෝසික බුදුරජුන් වැඳ පහන්සිත් ඇත්තෙම් මම එක් භික්‍ෂාවක් දුනිමි.
Pali BJT4969. තෙන කම්මෙන දිපදින්ද ලොකජෙට්ඨ නරාසභ, උප්පජ්ජිං තුසිතෙ කායෙ එකභික්ඛායිදං ඵලං.
Sinhala BJT4969. ද්විපදෝත්තමයාණන් වහන්ස, ලෝකජ්‍යේෂ්ඨයාණන් වහන්ස, නරශ්‍රෙෂ්ඨයානන් වහන්ස, එ ම කර්‍ම හේතුකොට ගෙණ තුෂිත දෙව් ලොවැ උපනිමි. එක් භික්‍ෂාදානයෙහි මෙ විපාක යි.
Pali BJT4970. දිවසඤ්චෙව රත්තිඤ්ච ආලොකො හොති මෙ සදා, සමන්තා යොජනසතං ඔභාසෙන ඵරාමහං.
Sinhala BJT4970. දිවාකල්හි ද රාත්‍රියෙහි ද හැම කල්හි මාගේ අලෝකය වෙයි. මම හාත්පස සියක්යොදුනක් ආලොකය විහිදුවමි.
Pali BJT4971. පඤ්චපඤ්ඤාසකප්පම්හි චක්කවත්තී අහොසහං, චාතුරන්තො විජිතාවී ජම්බුසණ්ඩස්ස{2} ඉස්සරො,
Sinhala BJT4971. මම පස්පණස් කපක් සිවුමහසයුරු හා සිවුමහදිවයින් කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරු රජුන් ජයගන්නා සුලු වූ (දඹදිව රාජධානි කොට ඇති බැවින් හෝ වෙසෙසින් එයට ඉසුරු බැවින් හෝ) ජම්බුද්වීපයට අධිපති වූ සක්විති රජ වීමි.
Pali BJT4972. තදා මෙ නගරං ආසි ඉද්ධං ඵීතං සුනිම්මිතං, තිංසයොජනමායාමං විත්ථාරෙන ච වීසති.
Sinhala BJT4972. එකල්හි මට සමෘද්ධ වූ සම්පත්තියෙන් පිරුණා වූ මැනැවින් නිමවන ලද තිස් යොදුන් දිගු විසි යොදුන් පුළුල් නගරයෙක් විය.
Pali BJT4973. සොභනං නාම නගරං විස්සකම්මෙන මාපිතං, දසසද්දාවිචිත්තන්තං සම්මතාළසමාහිත.
Sinhala BJT4973. ඒ සෝභන නම් නුවර විශ්වකර්‍මයා විසින් මවන ලද්දේ විය. (එව-කව බොව) යනාදි දශවිධ ශබ්දයෙන් තොර නො විය. කයිතාලම් (ආදි තූර්‍ය්‍ය) නාදයෙන් ද යුක්ත විය.
Pali BJT4974. න තස්මිං{3} නගරෙ අත්ථි වල්ලි කට්ඨං ච මත්තිකා, සබ්බසොණ්ණමයං යෙව ජොතතෙ නිච්චකාලිකං.
Sinhala BJT4974. ඒ නගරයෙහි වැල් දර ද මැටි ද නැති. සියල්ල ස්වර්‍ණමය වූයේ ම හැම කල්හි බබල යි.
Pali BJT4975. චතුපාකාරපරික්ඛිත්තං තයො ආසුං මණිමයා, වෙමජ්ඣෙ තාලපන්තී ච විස්සකම්මෙන මාපිතා,
Sinhala BJT4975. ප්‍රාකාර සතරෙකින් වට කරණ ලද්දේ විය. ඒ පවුරුහු මිණිමුවා වූහ. මැද පෙදෙසෙහි තාලපඞ්ක්තීහු ද විශ්වකර්‍මයා විසින් මවන ලදහ.
Pali BJT4976. දසසහස්සා පොක්ඛරඤ්ඤො පදුමුප්පලඡාදිතා, පුණ්ඩරීකෙහි{4} සඤ්ඡන්නා නානාගන්ධසමෙරිතා.
Sinhala BJT4976. පියුම්උපුලෙන් වැසුනු පඬෙරින් ගැවසී ගත් නොයෙක් සුවඳ වහනය වන්නා වූ පොකුණු දසදහසෙක් වූහ.
Pali BJT4977. චතුනවුතෙ ඉතො කප්පෙ යං උක්කං ධාරයිං අහං, දුග්ගතිං නාභිජානාමි උක්කාධාරස්සිදං ඵලං.
Sinhala BJT4977. මම මෙයින් අනූ වන කපෙහි (බුදුනට) යම් උල්කාවක් දැරූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උල්කාධාරණයෙහි මේ විපාක යි.
Pali BJT4978. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4978. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4979. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4979. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4980. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4980. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උක්කාසතිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් උක්කාසතික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋක්කාසතිකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTඋක්කාසතික ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT474. සුමනවීජනියත්ථෙරාපදානං
Sinhala BJT474. සුමනවීජනිය ස්ථවිරාවදානය
Pali BJT4981. විපස්සිනො භගවතො බොධියා පාදපුත්තමෙ, සුමනාවවීජනිං{1} ගය්හ අවීජිං බොධිමුත්තමං.
Sinhala BJT4981. විපස්සී බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්‍ෂය සමීපයෙහි සමන් මල් වීජනියක් ගෙණ මම ඒ උතුම් බෝධියට පවන් සැලිමි.
Pali BJT4982. එකනවුතෙ ඉතො කප්පෙ අවීජිං බොධිමුත්තමං, දුග්ගතිං නාභිජානාමි වීජතාය ඉදං ඵලං.
Sinhala BJT4982. මෙයින් එක්අනූ වන කපෙහි උතුම් බෝධියට පවන් සැලූයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පවන් සැලීමෙහි මේ විපාකයි.
Pali BJT4983. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4983. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4984. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4984. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4985. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4985. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුමනවීජනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සුමනවීජනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසුමනවීජනියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTසුමනවීජනීය ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT475. කුම්මාසදායකත්ථෙරාපදානං
Sinhala BJT475. කුම්මාසදායක ස්ථවිරාවදානය
Pali BJT4986. එසනාය චරන්තස්ස විපස්සිස්ස මහෙසිනො, රිත්තකං පත්තං දිස්වාන කුම්මාසං පූරයිං අහං.
Sinhala BJT4986. පිඬු පිණිස හැසිරෙන්නා වූ විපස්සී බුදුරජුන්ගේ හිස් පාත්‍රය දැක කොමු පිඬු පිරවීමි.
Pali BJT4987. එකනවුතෙ ඉතො කප්පෙ යං භික්ඛමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි කුම්මාසස්ස ඉදං ඵලං.
Sinhala BJT4987. මෙයින් එක් අනු වන කපෙහි වූ එකල්හි යම් භික්‍ෂාවක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කුම්මාසදානයෙහි මේ විපාක යි.
Pali BJT4988. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4988. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT4989. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4989. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4990. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4990. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුම්මාසදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කුම්මාසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකුම්මාසදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTකුම්මාසදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT476. කුසට්ඨදායකකත්ථෙරාපදානං
Sinhala BJT476. කුසට්ඨදායක ස්ථවිරාවදානය
Pali BJT4991. කස්සපස්ස භගවතො බ්රාහ්මණස්ස වුසීමතො, පසන්නචිත්තො සුමනො කුසට්ඨකමදාසහං.
Sinhala BJT4991. වැස නිමවන ලද බඹසර ඇති බ්‍රාහ්මණවංශයෙහි වූ කාශ්‍යප බුදුරජුන් හට පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලහබත් අටක් දුනිමි.
Pali BJT4992. ඉමස්මිං යෙව කප්පස්මිං කුසට්ඨකමදාසහං, දුග්ගතිං නාභිජානාමි කුසට්ඨකස්සිදං ඵලං.
Sinhala BJT4992. මේ කල්පයෙහි ම සලාකබත් අටක් දුනිමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලහබත් අට දීමෙහි මේ විපාක යි.
Pali BJT4993. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4993. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT4994. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4994. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4995. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4995. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුසට්ඨදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කුසට්ඨදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTකුසට්ඨදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTකුසට්ඨදායක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT477. ගිරිපුන්නාගියත්ථෙරාපදානං
Sinhala BJT477. ගිරිපුනනාගිය ස්ථවිරාවදානය
Pali BJT4996. සොභිතො නාම සම්බුද්ධො චිත්තකූටෙ වසී තදා, ගහෙත්වා ගිරිපුන්නාගං සයම්භුම්හිපූජයිං.
Sinhala BJT4996. එ කල්හි සෝභිත නම් සම්බුදුරජ තෙම චිත්‍රකූට පර්‍වතයෙහි වැඩ විසී ය. මම ගිරිපුන්නාගපුෂ්පයක් ගෙණ බුදුරජුන් පිදීමි.
Pali BJT4997. චතුනවුතෙ ඉතො කප්පෙ යං බුද්ධම්හිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4997. මෙයින් සිවුඅනූ වන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT4998. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4998. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT4999. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4999. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5000. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5000. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගිරිපුන්නාගියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ගිරිපුනනාගිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTගිරිපුන්නාගියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTගිරිපුන්නාගීයස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT478. වල්ලිකාරඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT478. වල්ලිකාරඵලදායක ස්ථවිරාවදානය
Pali BJT5001. සුමනො නාම සම්බුද්ධො තක්කරායං වසී තදා, වල්ලිකාරඵලං ගය්හ සයම්භුස්ස අදාසහං.
Sinhala BJT5001. එකල්හි සුමනා නම් සම්බුදුරජ තෙම තක්කරා රාජධානියෙහි වැඩ විසී ය. මම සියල්ල දත් බුදුරජානන් වහන්සේට වල්ලිකාර ඵලයක් ගෙන දුනිමි.
Pali BJT5002. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT5002. මෙයින් එක්තිස් වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
Pali BJT5003. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5003. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT5004. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5004. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5005. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5005. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වල්ලිකාරඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් වල්ලිකාරඵලදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවල්ලිකාරඵලදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTවල්ලිකාරඵලදායක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT479. පානධිදායකත්ථෙරාපදානං
Sinhala BJT479. පානධිදායක ස්ථවිරාවදානය
Pali BJT5006. අනොමදස්සී භගවා ලොකජෙට්ඨො නරාසභො, දිවාවිහාරා නික්ඛම්ම පථමාරුහි චක්ඛුමා.
Sinhala BJT5006. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති අනෝමදස්සී බුදුරජ තෙමේ දිවාවිහරණයෙන් නික්ම මාර්‍ගයට පිළිපන්නේ ය.
Pali BJT5007. පානධිං සුකතං ගය්හ අද්ධානං පටිපජ්ජහං, තත්ථද්දසාසිං සම්බුද්ධං පත්තිකං චාරුදස්සනං.
Sinhala BJT5007. මම මැනවින් කරණ ලද පාවහන් (යුවලක්) ගෙන මාර්‍ගයට පිළිපන්නෙමි. එහිදී මනෝඥවූ දර්‍ශන ඇති පාගමනින් වඩින්නා වූ සම්බුදු රජුන් දුටුයෙමි.
Pali BJT5008. සකං චිත්තං පසාදෙත්වා නීහරිත්වාන පානධිං, පාදමූලෙ ඨපෙත්වාන ඉදං වචනමබ්රවිං.
Sinhala BJT5008. සිය සිත පහදවා පාවහන් (යුවල) බැහැරට ගෙන (බුදුරජුන්ගේ) පාමුල තබා මේ වචනය කීමි:
Pali BJT5009. අභිරූහ මහාවීර සුගතින්ද විනායක, ඉතො ඵලං ලභිස්සාමි යො මෙ අත්ථො සමිජ්ඣතු.
Sinhala BJT5009. විනායකයාණන් වහන්ස, සුගතෙන්‍ද්‍රයාණන් වහන්ස, මහාවීරයාණන් වහන්ස, (මේ පාවහන්යුවලට) නැංග මැනැව. මෙයින් යම් විපාකයක් ලබන්නෙම් ද, (ඉන්) මාගේ යම් අභිමතාර්‍ත්‍ථයෙක් වේ නම් එය සමෘද්ධ වේ වා.
Pali BJT5010. අනොමදස්සී භගවා ලොකජෙට්ඨො නරාසභො, පානධිං අභිරූහිත්වා ඉදං වචනමබ්රවී:
Sinhala BJT5010. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනෝමදස්සී බුදුරජ තෙම වහන්සඟළෙහි නැඟ සිට මේ වචනය වදාළේ ය.
Pali BJT5011. “යො පානධිං මෙ අදදා පසන්නො සෙහි පාණිහි, තමහං කිත්තයිස්සාමි, සුණොථ මම භාසතො.”
Sinhala BJT5011. “යමෙක් තෙම පහන් සිත් ඇත්තේ මට සියතින් ම වහන් සඟලක් දුන්නේ ද, ඔහු පිළිබඳ වූ ඒ විපාකය මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.“
Pali BJT5012. බුද්ධස්ස ගිරමඤ්ඤාය සබ්බෙ දෙවා සමාගතා, උදග්ගචිත්තා සුමනා වෙදජාතා කතඤ්ජලී.
Sinhala BJT5012. බුදුරජානන් වහන්සේ ගේ හඬ අසා ඔද වැඩි සිත් ඇති සොම්නස් වූ ප්‍රීතිමත් වූ බඳැදිලි ඇති සියලු දෙවිවරු රැස් වූහ.
Pali BJT5013. “පානධීනං පදානෙන සුඛිතොයං භවිස්සති, පඤ්චපඤ්ඤාසක්ඛත්තුඤ්ච දෙවරජ්ජං කරිස්සති.
Sinhala BJT5013. “මේ තෙමේ වහන්සඟළ පිදීම හේතුකොට ගෙන සුව ඇත්තෙක් වන්නේ ය. පස්පනස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
Pali BJT5014. සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT5014. දහස්වරක් සක්විතිරජ වන්නේ ය. ලබන්නා වූ මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් මෙතෙකැ යි ගිණිය නො හැකි ය.
Pali BJT5015. අපරිමෙය්යෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT5015. මෙයින් අපරිමෙය්‍ය වූ කල්පයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේ ය.
Pali BJT5016. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.
Sinhala BJT5016. උන්වහන්සේගේ ධර්‍මය දායාදකොට ගත් ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ (මෙ තෙමේ) සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.
Pali BJT5017. දෙවලොකෙ මනුස්සෙ වා නිබ්බත්තිස්සති පුඤ්ඤවා, දෙවයානපටිභාගං යානං පටිලභිස්සති”.
Sinhala BJT5017. පින්වත් වූ (මෙ තෙමේ) දෙව්ලොව හෝ මිනිස් ලොව හෝ උපදින්නේ නම් දිව්‍යයානයක් වැනි යානයක් ලබන්නේ ය.“
Pali BJT5018. පාසාදා සිවිකා මය්හං{1} හත්ථිනො සමලඞ්කතා, රථා චාජඤ්ඤසංයුත්තා සදා පාතුභවන්ති මෙ.
Sinhala BJT5018. මාගේ ප්‍රාසාදයෝ ද සිවිකාවෝ ද මැනැවින් සැරසූ ඇත්තු ද ආජානේය අශ්වයන් යෙදූ රථ ද හැමකල්හි මට පහළ වෙත්.
Pali BJT5019. අගාරා නික්ඛමන්තොපි රථෙන නික්ඛමිං අහං, කෙසෙසු ඡිජ්ජමානෙසු අරහත්තමපාපුණිං.
Sinhala BJT5019. මම ගිහිගෙන් නික්මෙන්නෙම් ද රථයෙන් නික්මුනෙමි. කෙස් සිඳින (හිසකේ බාන) කල්හි රහත් බවට පැමිණියෙමි.
Pali BJT5020. ලාභා මය්හං සුලද්ධං මෙ වාණිජ්ජං සුප්පයොජිතං, දත්වාන පානධිං එකං පත්තොම්හි අචලං පදං.
Sinhala BJT5020. මට ලාභයෝ ය. මවිසින් මොනොවට ලද ලාභය. මැනැවින් යෙදූ වෙළඳාමක් වැනි ය. එක වහන්සඟළක් දී අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
Pali BJT5021. අපරිමෙය්යෙ ඉතො කප්පෙ යං පානධිමදාසහං, දුග්ගතිං නාභිජානාමි පානධිස්ස ඉදං ඵලං.
Sinhala BJT5021. මම මෙයින් අපරිමෙය්‍ය වූ කල්පයෙහි යම් වහන්සඟළක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පානධිදානයාගේ මේ විපාකයි.
Pali BJT5022. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5022. මා විසින් ක්ලේශයෝ දවන ලදහ, සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT5023. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5023. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.
Pali BJT5024. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5024. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පානධිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පානධිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපානධිදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTපානධිදායකස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT480. පුලිනචඞ්කමියත්ථෙරාපදානං
Sinhala BJT480. පුලිනචඞ්කමිය ස්ථවිරාවදානය
Pali BJT5025. මිගලුද්දො පුරෙ ආසි අරඤ්ඤෙ කානනෙ අහං, වාතමිගං ගවෙසන්තො චඞ්කමං අද්දසං අහං.
Sinhala BJT5025. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. වාතමෘගයකු සොයන්නෙම් මම සක්මනක් දුටුවෙමි.
Pali BJT5026. උච්ඡඞ්ගා පුලිනං ගය්හ චඞ්කමං ඔකිරිං අහං, පසන්නචිත්තො සුමනො සුගතස්ස සිරීමතො.
Sinhala BJT5026. මම ඇකයෙන් (ඔඩොක්කුවෙන්) වැලි ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ශ්‍රීමත් වූ බුදුරජුන්ගේ සක්මනෙහි ඉස්සෙමි.
Pali BJT5027. එකතිංසෙ ඉතො කප්පෙ පුලිනං ඔකිරිං අහං, දුග්ගතිං නාභිජානාමි පුලිනස්ස ඉදං ඵලං.
Sinhala BJT5027. මෙයින් එක්තිස්වන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි, පුලිනදානයාගේ මේ විපාක යි.
Pali BJT5028. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT5028. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT5029. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5029. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT5030. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT5030. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුලිනචඞ්කමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පුලිනවඞ්කමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපුලිනචඞ්කමියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපුලිනවඞ්කමියස්ථවිරාවදානය දසවැනි යි.