Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6501-6600 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසෙතුදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTසේතුදායකස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT465. සුමනතාලවණ්ටියත්ථෙරාපදානං
Sinhala BJT465. සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය
Pali BJT4884. සිද්ධත්ථස්ස භගවතො තාලවණ්ටමදාසහං, සුමනෙහි පටිච්ඡන්නං ධාරයාමි මහායසං.
Sinhala BJT4884. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට සමන්මලින් වසන ලද තල්වැටක් දුනිමි. (එහෙයින්) මහත් යශස් දරමි.
Pali BJT4885. චතුනවුතෙ ඉතො කප්පෙ තාලවණ්ටමදාසහං: දුග්ගතිං නාභිජානාමි තාලවණ්ටස්සිදං ඵලං.
Sinhala BJT4885. මම මෙයින් සිවුඅනූ වන කපෙහි යම් තල්වැටක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තල්වැට (වටාපත්) දීමෙහි මේ විපාක යි.
Pali BJT4886. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4886. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT4887. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4887. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4888. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4888. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුමනතාලවණ්ටියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සුමනතාලවණ්ටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසුමනතාලවණ්ටියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTසුමනතාලවණ්ටියස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT466. අවණ්ටඵලියත්ථෙරාපදානං
Sinhala BJT466. අවණ්ටඵලිය ස්ථවිරාවදානය
Pali BJT4889. සතරංසි නාම භගවා සයම්භූ අපරාජිතො, විවෙකකාමො සම්බුද්ධො ගොචරායාභිනික්ඛමි.
Sinhala BJT4889. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ඒකී භාවය කැමැති සතරංසී නම් (පසේ) බුදු භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස නික්මුණු සේක.
Pali BJT4890. ඵලහත්ථො අහං දිස්වා උපගච්ඡිං නරාසභං, පසන්නචිත්තො සුමනො අවණ්ටං අදදිං ඵලං.{1}
Sinhala BJT4890. අතින් ගත් ඵල ඇති මම බුදුරජුන් දැක වෙත එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් එ ම අවණ්ටඵලය උන්වහන්සේට දුනිමි.
Pali BJT4891. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT4891. එකල්හි මෙයින් සිවුඅනූ වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT4892. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4892. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4893. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4893. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4894. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4894. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අවණ්ටඵලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අවණ්ටඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅවණ්ටඵලියත්ථෙරාපදානං ඡට්ඨං.
Sinhala BJTඅවණ්ටඵලිය ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT467. ලබුජදායකත්ථෙරාපදානං
Sinhala BJT467. ලබුජදායක ස්ථවිරාවදානය
Pali BJT4895. නගරෙ බන්ධුමතියා ආරාමිකො අහුං තදා, අද්දසං විරජං බුද්ධං ගච්ඡන්තං අනිලඤ්ජසෙ.
Sinhala BJT4895. එකල්හි (මම) බන්‍ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (=අරමක වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නා වූ කෙලෙස්රජස් විරහිත බුදුරජුන් දුටිමි.
Pali BJT4896. ලබුජං ඵලමාදාය බුද්ධසෙට්ඨස්සදාසහං, ආකාසෙව ඨිතො සන්තො පටිග්ගණ්හි මහායසො.
Sinhala BJT4896-4897. මම දෙල්පලයක් ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි. මාගේ ප්‍රීතිය ඇති කරන්නා වූ මෙලෙව්හිදී ම සුව ගෙන දෙන්නා වූ මහත් යශස් ඇති බුදුරජානන් වහන්සේ අහසෙහි ම සිටි සේක් එය පිළිගත්හ. පැහැදි සිතින් (එම) පලය බුදුරජුන්හට දී,
Pali BJT4897. විත්තිසඤ්ජනනො මය්හං දිට්ඨධම්මසුඛාවහො, ඵලං බුද්ධස්ස දත්වාන විප්පසන්නෙන චෙතසා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4898. අධිගච්ඡිං තදා පීතිං විපුලං සුඛමුත්තමං, උප්පජ්ජතෙ ච{1} රතනං නිබ්බත්තස්ස තහිං තහිං.
Sinhala BJT4898. එකල්හි මහත් වූ ප්‍රීතිය ද උතුම් වූ සැපය ද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නා වූ මට රුවන් ද උපදී.
Pali BJT4899. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT4899. මෙයින් එක්අනූ වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT4900. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4900. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4901. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4901. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4902. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4902. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ලබුජදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ලබුජදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTලබුජදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTලබුජදායකස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT468. පිලක්ඛඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT468. පිලක්ඛඵලදායක ස්ථවිරාවදානය
Pali BJT4903. වනන්තෙ බුද්ධං දිස්වාන{2} අත්ථදස්සිං මහායසං, පසන්නචිත්තො සුමනො පිලක්ඛස්ස{3} ඵලං අදං{4}.
Sinhala BJT4903. වනයෙහි දි මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජුන් දැක පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පුලිලඵලයක් උන්වහන්සේට දුනිමි.
Pali BJT4904. අට්ඨාරසෙ කප්පසතෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT4904. අටළොස්සිය වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යී.
Pali BJT4905. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4905. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4906. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4906. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4907. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4907. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පිලක්ඛඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පිලක්ඛඵලදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපිලක්ඛඵලදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTපිලක්ඛඵලදායකස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT469. සයම්පටිභාණියත්ථෙරාපදානං
Sinhala BJT469. සයම්පටිභාණිය ස්ථවිරාවදානය
Pali BJT4908. කකුධං විලසන්තංව දෙවදෙවං නරාසභං, රථියං පටිපජ්ජන්තං කො දිස්වා නප්පසීදති.
Sinhala BJT4908. (මල්පල්ලෙන්) බබලන්නා වූ කුඹුක්ගසක් වැනි වූ දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිළිපන්නා වූ බුදුරජුන් දැක කවරෙක් නො පහදී ද?
Pali BJT4909. තමන්ධකාරං නාසෙත්වා සන්තාරෙත්වා බහුං ජනං, ඤාණාලොකෙන ජොතන්තං කො දිස්වා නප්පසීදති.
Sinhala BJT4909. (මෝහ නමැති) ඝනාන්‍ධකාරය නසා බොහෝ දෙන (සසරින්) එතෙර කොට ඥානාලෝකයෙන් බබලන්නා වූ බුදුරජුන් දැක කවරෙක් නො පහදී ද?
Pali BJT4910. වසීසතසහස්සෙහි නිය්යන්තං ලොකනායකං, උද්ධරන්තං බහූ සත්තෙ කො දිස්වා නප්පසීදති.
Sinhala BJT4910. රහතුන් ලක්‍ෂයක් සමඟ වඩින්නා වූ ලෝකනායක වූ බොහෝ සත්ත්‍වයන් (දුකින්) ගොඩලන්නා වූ බුදුරජුන් දැක කවරෙක් නො පහදී ද?
Pali BJT4911. ආහනන්තං{1} ධම්මභෙරිං මද්දන්තං තිත්ථියෙ ගණෙ, සීහනාදං විනදන්තං කො දිස්වා නප්පසීදති.
Sinhala BJT4911. දහම්බෙරය ගසන්නා වූ තීර්‍ත්‍ථකසමූහයා මඩින්නා වූ සිහනද (=ශ්‍රේෂ්ඨනාද) කරන්නා වූ බුදුරජුන් දැක කවරෙක් නො පහදී ද?
Pali BJT4912. යාවතා බ්රහ්මලොකතො ආගන්ත්වාන සබ්රහ්මකා, පුච්ඡන්ති නිපුණෙ පඤ්හෙ කො දිස්වා නප්පසීදති.
Sinhala BJT4912. බඹලොව තෙක් දෙවියෝ බඹුන් සහිත වූවාහු අවුත් සියුම් පැණ විචාරත් ද, (ඒ බුදුරජුන්) දැක කවරෙක් නො පහදී ද?
Pali BJT4913. යස්සඤ්ජලිං කරිත්වාන ආයාචන්ති සදෙවකා, තෙන පුඤ්ඤං අනුභොන්ති කො දිස්වා නප්පසීදති.
Sinhala BJT4913. දෙවියන් සහිත ලෝවැස්සෝ යම් උතුමකුට ඇඳිලි බැඳ අයදිත් ද, එයින් (ඔහු) පින් ලබත් ද, ඒ බුදුරජුන් දැක කවරෙක් නො පහදී ද?
Pali BJT4914. සබ්බෙ ජනා සමාගම්ම{2} සම්පවාරෙන්ති චක්ඛුමං, න විකම්පති අජ්ඣිට්ඨො කො දිස්වා නප්පසීදති.
Sinhala BJT4914. සියලු දෙන රැස්ව බුදුරජුන් පවරත්. එසේ ආරාධිත වූයේ ද නො සැලේ. (ඒ බුදුරජුන්) දැක කවරෙක් නො පහදී ද?
Pali BJT4915. නගරං පවිසතො යස්ස රවන්ති භෙරියො බහූ, විනදන්ති ගජා මත්තා කො දිස්වා නප්පසීදති.
Sinhala BJT4915. නුවරට පිවිසෙන්නා වූ යමකුට බොහෝ භේරිහු (-බෙර) නාද කෙරෙත් ද, මතැත්හු කුඤ්ච නාද කෙරෙත් ද. (ඒ බුදුරජුන් දැක) කවරෙක් නම් නො පහදී ද?
Pali BJT4916. රථියා ගච්ඡතො යස්ස සබ්බාභා ජොතතෙ සදා, අබ්භුන්නතා සමා හොන්ති කො දිස්වා නප්පසීදති.
Sinhala BJT4916. හැමකල්හි වීථියෙහි වඩින්නා වූ යමකුගේ (සිරුරින්) සියලු පැහැ නිති බබලයි ද, (භූමියෙහි) උස් ස්ථානයෝ (පා තබන විට) සම වේ ද, (ඒ බුදුරජුන්) දැක කවරෙක් නම් නො පහදී ද?
Pali BJT4917. ව්යාහරන්තස්ස බුද්ධස්ස චක්කවාළම්හි සූයති, සබ්බෙ සත්තෙ විඤ්ඤාපෙති කො දිස්වා නප්පසීදති.
Sinhala BJT4917. බුදුරජුන් බණන කල්හි සක්වළෙහි ම ඇසේ හැම සතුන් හඟවා ලයි. (ඒ බුදුරජුන්) දැක කවරෙක් නම් නො පහදී ද?
Pali BJT4918. සතසහස්සෙ ඉතො කප්පෙ යං බුද්ධමභිකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
Sinhala BJT4918. මෙයින් සියක්දහස් වන කපෙහි යම් බුදුවරයකු කීර්‍තනය කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුරජුන් පැසසීමෙහි මේ විපාක යි.
Pali BJT4919. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4919. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4920. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4920. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4921. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4921. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සයම්පටිභාණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සයම්පටිභාණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTසයම්පටිභාණියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසයම්පටිභාණිය ස්ථවිරාවදානය නව වැනි යි.
Pali BJT470. නිමිත්තව්යාකරණියත්ථෙරාපදානං
Sinhala BJT470. නිමිත්තව්‍යාකරණිය ස්ථවිරාවදානය
Pali BJT4922. අජ්ඣොගහෙත්වා හිමවං මන්තෙ වාචෙමහං තදා, චතුපඤ්ඤාසසහස්සානි සිස්සා මය්හං උපට්ඨහුං.
Sinhala BJT4922. මම එකල්හි හිමවතට පිවිස මන්ත්‍ර කියවමි. සූපණස් දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහු ය.
Pali BJT4923. අධීතා වෙදගූ සබ්බෙ ඡළඞ්ගෙ පාරමිඞ්ගතා, සකවිජ්ජාහුපත්ථද්ධා හිමවන්තෙ වසන්ති තෙ.
Sinhala BJT4923. ඔහු සියලු දෙන වේද හදාළාහු වේදය දත්තාහු ෂඩඞ්ගවේදයෙහි පරතෙරට ගියාහු ස්වකීය විද්‍යාවන්ගෙන් ස්ථිර බවට පැමිණියාහු හිමවතෙහි වෙසෙත්.
Pali BJT4924. චවිත්වා තුසිතා කායා දෙවපුත්තො මහායසො, උප්පජ්ජි මාතුකුච්ඡිස්මිං සම්පජානො පතිස්සතො.
Sinhala BJT4924. මහායශස් ඇති (බෝධිසත්ත්‍ව) දිව්‍යපුත්‍ර තෙම තුෂිත දෙව්ලොවින් ච්‍යුතව මනානුවණැත්තේ සිහියෙන් යුතු වූයේ මවුකුසෙහි උපන්නේ ය.
Pali BJT4925. සම්බුද්ධෙ උපපජ්ජන්තෙ දසසහස්සී පකම්පථ,{1} අන්ධා චක්ඛුං අලභිංසු උප්පජ්ජන්තම්හි නායකෙ.
Sinhala BJT4925. සම්බුදුරජුන් උපදනා කල්හි දසසහස්‍රීලෝකධාතුව කම්පා විය. ලෝකනායකයන් වහන්සේ උපදනා කල්හි අන්‍ධයෝ ඇස් ලැබූහ.
Pali BJT4926. සබ්බාකාරං පකම්පිත්ථ කෙවලා වසුධා අයං, නිග්ඝොසසද්දං සුත්වාන උබ්බිජ්ජිංසු{2} මහාජනා.
Sinhala BJT4926. මේ සම්පූර්‍ණ පෘථිවිය හැම අයුරින් ම කම්පා විය. ඒ මහහඬ අසා මහජනයෝ නොසන්සුන් වූහ.
Pali BJT4927. සබ්බෙ ජනා සමාගම්ම ආගච්ඡුං මම සන්තිකං, වසුධා’යං පකම්පිත්ථ කිංවිපාකො භවිස්සති.
Sinhala BJT4927. සියලු දෙන එකතුව මාගේ සමීපයට පැමිණියාහු ය. “මේ පොළොව කම්පා විය. කවර විපාකයෙක් වන්නේ දැ” යි විචාළහ.
Pali BJT4928. අවවාසිං{3} තදා තෙසං ‘මා භෙථ{4} නත්ථි වො භයං, විස්සත්ථා හොථ සබ්බෙපි උප්පාදොයං සුවත්ථිකො.{5}
Sinhala BJT4928. එකල්හි ඔවුනට මෙසේ කීමි: “බිය නො වවු. තොපට (මෙයින්) බියෙක් නැත. සියල්ලෝ සැක නැත්තෝ වවු. මෙය සැප ඇති උපතෙකි.
Pali BJT4929. අට්ඨහෙතූහි සම්ඵුස්ස වසුධායං පකම්පති, තථා නිමිත්තා දිස්සන්ති ඔභාසො විපුලො මහා.
Sinhala BJT4929. හේතු අටෙකින් ගැටුනු මේ පොළොව කම්පා වෙයි. එබඳු නිමිතීහු පැණෙති. මේ අතිමහත් ආලෝකයෙකි.
Pali BJT4930. අසංසයං බුද්ධසෙට්ඨො උප්පජ්ජිස්සති චක්ඛුමා, සඤ්ඤාපෙත්වාන ජනතං පඤ්චසීලෙ කථෙසහං.
Sinhala BJT4930. පසැස් ඇති බුදුරජ තෙම නිසැකව ම උපදින්නේ ය යි ජනසමූහයාට දන්වා මම ඔවුනට පන්සිල් කීමි.
Pali BJT4931. සුත්වාන පඤ්චසීලානි බුද්ධප්පාදඤ්ච දුල්ලභං, උබ්බෙගජාතා සුමනා තුට්ඨහට්ඨා අහංසු තෙ.
Sinhala BJT4931. පඤ්චසීලය ද, දුර්‍ලභ වු බුද්ධෝත්පාදය ද අසා ඔහු සොම්නස් වූවාහු තුටුපහටු වූවාහු හටගත් උද්වේග ඇත්තෝ ද වූහ.
Pali BJT4932. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං නිමිත්තං වියාකරිං, දුග්ගතිං නාභිජානාමි ව්යාකරණස්සිදං ඵලං.
Sinhala BJT4932. මෙයින් දෙයානූ වන කපෙහි (බුදුරජ උපදින්නේ ය යි) යම් නිමිත්තක් පැවැසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නිමිති පැවැසීමෙහි මේ විපාක යි.
Pali BJT4933. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4933. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4934. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4934. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4935. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4935. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නිමිත්තව්යාකරණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් නිමිත්තව්‍යාකරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTනිමිත්තව්යාකරණියත්ථෙරාපදානං දසමං.
Sinhala BJTනිමිත්තව්‍යාකරණියස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTසාලකුසුමියවග්ගො{1} සත්තචත්තාළීසමො.
Sinhala BJTසාලකුසුමියවර්‍ගය සත්සාළිස් වැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසාලකුසුමියො ථෙරො පූජානිබ්බාපකො පිච සෙතුදො තාලවණ්ටී ච අවණ්ට ලබුජප්පදො පිලක්ඛපටිභාණි ච වෙය්යාකරණියො{2} දිජො ද්වෙසත්තති{3} ගාථායො ගණිතායො විභාවිහි
Sinhala BJTසාලකුසුමිය චිතකපූජක - නිබ්බාපක සේතුද ද තාලවණ්ටී - අවණ්ට ලබුජ පිලක්ඛ පටිභාණ වෙය්‍යාකරණීය බමුණු දැයි - පඬුවන් ගිණු ගී දෙසැත්තෑවකි.
Pali BJT48. නළමාලීවග්ගො
Sinhala BJT48. නළමාලි වර්‍ගය
Pali BJT471. නළමාලියත්ථෙරාපදානං
Sinhala BJT471. නළමාලිය ස්ථවිරාවදානය
Pali BJT4936. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ආහුතීනං පටිග්ගහං, පවනග්ගෙන{4} ගච්ඡන්තං අද්දසං ලොකනායකං.
Sinhala BJT4936. ලෝකයාගේ පූජාවට යෝග්‍ය වූ වනය මතුයෙහි (අහසින්) ගමන් කරන්නා වු ලෝකනායක වූ ස්වර්‍ණවර්‍ණ වූ සම්බුදුරජුන් දිටිමි.
Pali BJT4937. නළමාලං ගහෙත්වාන නික්ඛමන්තොව තාවදෙ, තත්ථද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
Sinhala BJT4937. එකෙණෙහි මම නළ (බට) මලක් ගෙණ නික්මෙන්නෙම් චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රවරහිත වූ සම්බුදුරජුන් එහි දී දිටිමි.
Pali BJT4938. පසන්නචිත්තො සුමනො නළමාලං අපූජයිං, දක්ඛිණෙය්යං මහාවීරං සබ්බලොකානුකම්පකං.
Sinhala BJT4938. පහන් සිත් ඇති සොම්නස් වූ මම දක්‍ෂිණාර්‍හ වූ මහාවීර වූ සියලු ලොවට අනුකම්පා කරන්නා වූ බුදුරජුන්හට එ ම නළමල පිදීමි.
Pali BJT4939. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං,{5} දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4939. මෙයින් එක්තිස් වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, එයින් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4940. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4940. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4941. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4941. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4942. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4942. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නළමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් නළමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනළමාලියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTනළමාලිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT472. මණිපූජකත්ථෙරාපදානං
Sinhala BJT472. මණිපූජක ස්ථවිරාවදානය
Pali BJT4943. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මාන පාරගු, විවෙකකාමො සම්බුද්ධො ගච්ඡතෙ අනිලඤ්ජසෙ.
Sinhala BJT4943. පදුමුත්තර නම් වූ සියලු ධර්‍මයන්හි පරතෙරට ගිය පස්මරුන් ජයගත් විවේක සැප කැමැති බුදුරජ තෙම අහස්මඟෙහි වඩියි.
Pali BJT4944. අවිදූරෙ හිමවතො මහාජාතස්සරො අහු, තත්ථ මෙ භවනං ආසි පුඤ්ඤකම්මෙන සංයුතං.
Sinhala BJT4944. හිමවතට නුදුරෙහි මහත් වූ ස්වයංජාත විලෙක් විය. එහි පුණ්‍යකර්‍මයෙන් යෙදුනු හෙවත් පිණින් පහළ වූ මාගේ භවනය විය.
Pali BJT4945. භවනා අභිනික්ඛම්ම අද්දසං ලොකනායකං, ඉන්දීවරංව ජලිතං ආදිත්තංව හුතාසනං.
Sinhala BJT4945. භවනයෙන් නික්ම නිලුපුල් මෙන් දිලිසෙන ඇවිලගත් ගින්නක් වැනි ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
Pali BJT4946. විචිනං නාද්දසං{1} පුප්ඵං පූජයිස්සන්ති නායකං, සකං චිත්තං පසාදෙත්වා අවන්දිං සත්ථුනො අහං.
Sinhala BJT4946. බුදුරජුන්හට පුදන්නෙමැ යි සොයන්නෙම් මලක් නො දිටිමි. මම සිය සිත පහදවා ශාස්තෲන් වහන්සේට වැන්දෙමි.
Pali BJT4947. මම සීසෙ මණිං ගය්හ පූජයිං ලොකනායකං, ඉමාය මණිපූජාය විපාකො හොතු භද්දකො.
Sinhala BJT4947. මාගේ හිසෙහි වූ මැණික ගෙණ “මේ මිණි පිදීමෙහි විපාකය යහපත් වේවා“යි ලෝකානායක වූ බුදුරජුන්හට පිදීමි.
Pali BJT4948. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, අන්තළික්ඛෙ ඨිතො සත්ථා ඉමං ගාථං අභාසථ.
Sinhala BJT4948. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ ලෝකවිද් පදුමුත්තර ශාස්තෲන් වහන්සේ අහසෙහි සිටිසේක් මේ ගාථාව වදාළහ:
Pali BJT4949. සො තෙ ඉජ්ඣතු සඞ්කප්පො ලභස්සු විපුලං සුඛං, ඉමාය මණිපූජාය අනුභොහි මහායසං.
Sinhala BJT4949. “තාගේ ඒ අදහස සමෘද්ධ වේවා. මහත් වූ සැප ලබනෙහි වා. මෙ ම මැණික්පූජාවෙන් මහත් යශස් අනුභව කරව” යි කියා යි.
Pali BJT4950. ඉදං වත්වාන භගවා ජලජුත්තමනාමකො, අගමාසි බුද්ධසෙට්ඨො යත්ථ චිත්තං පණීහිතං.
Sinhala BJT4950. භාග්‍යවත් වූ පදුමුත්තර නම් වූ බුද්ධශ්‍රේෂ්ඨ තෙමේ මේ වචනය වදාරා වැඩියේ ය. යම් (ප්‍රාර්‍ත්‍ථනාවෙක) සිත පිහිටුවන ලද ද,
Pali BJT4951. සට්ඨිකප්පානි දෙවින්දො දෙවරජ්ජමකාරයිං, අනෙකසතක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
Sinhala BJT4951. (ඒ හේතුවෙන්) කල්පසැටක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. නේසියක්වර සක්විතිරජ වීමි.
Pali BJT4952. පුබ්බකම්මං සරන්තස්ස දෙවභූතස්ස මෙ සතො, මණි නිබ්බත්තතෙ මය්හං ආලොකකරණො මමං.
Sinhala BJT4952. දෙවි වූ පූර්‍වකර්‍මය සිහි කරන්නා වූ මට මා ආලෝක කරන්නා වූ මාගේ ම මැණික් පහළ වේ.
Pali BJT4953. ඡළාසීතිසහස්සානි නාරියො මෙ පරිග්ගහා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා{2}
Sinhala BJT4953-4954. මාගේ පිරිවර වූ සයාසුදහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු, දිග ඇසිපිය ඇත්තාහු, සිනා සහිත වූවාහු, මනා තන ඇත්තාහු, සිහින් කටීප්‍රදේශ ඇත්තාහු, නිතර මා පිරිවරත්. මණිපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4954. අළාරපම්හා හසුලා සුත්ථනා{3} තනුමජ්ඣිමා, පරිවාරෙන්ති මං නිච්චං මණිපූජායිදං ඵලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4955. සොණ්ණමයා මණිමයා ලොහිතඞ්කමයා තථා, භණ්ඩා මෙ සුකතා හොන්ති යදිච්ඡාය{1} පිළන්ධනා.
Sinhala BJT4955. රුවන්මුවා වූ ද මිණිමුවා වූ ද එසේ ම පියුම්රාමිණිමුවා වූ ද මාගේ භාණ්ඩයෝ මැනැවින් කරණ ලද්දාහු වෙත්. පළඳනාවෝ කැමැති පරිදි වෙත්.
Pali BJT4956. කූටාගාරා ගුහා රම්මා සයනඤ්ච මහාරහං, මම සඞ්කප්පමඤ්ඤාය නිබ්බත්තන්ති යදිච්ඡකං.
Sinhala BJT4956. රම්‍ය වූ කූටාගාර ගුහාවෝ ද මාහැඟි සයනාසන ද මාගේ අදහස් දැන කැමැති තාක් පහළ වෙත්.