Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6401-6500 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4820. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4820. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4821. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT4821. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4822. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4822. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිඋක්කාධාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් තිඋක්කාධාරකස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිඋක්කාධාරකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTතිඋක්කාධාරකස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT455. අක්කමනදායකත්ථෙරාපදානං
Sinhala BJT455. අක්කමනදායක ස්ථවිරාවදානය
Pali BJT4823. කකුසන්ධස්ස මුනිනො බ්රාහ්මණස්ස වුසීමතො, දිවාවිහාරං වජතො අක්කමනමදාසහං.
Sinhala BJT4823. වැස නිමවන ලද බඹසර ඇති බ්‍රාහ්මණවංශයෙහි වූ දිවා විහරණයෙහි හැසිරෙන්නා වූ කකුසඳ බුදුරජුන්හට මම ආක්‍රමනයක් (පාපුවරුවක්) දුනිමි.
Pali BJT4824. ඉමස්මිං යෙව කප්පස්මිං යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අක්කමනස්සිදං ඵලං.
Sinhala BJT4824. මෙම කල්පයෙහි ම වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාපුවරු දනෙහි මේ විපාක යි.
Pali BJT4825. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4825. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රරහිතව වෙසෙමි.
Pali BJT4826. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4826. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4827. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4827. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අක්කමනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අක්කමනදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅක්කමනදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඅක්කමනදායකස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT456. වනකොරණ්ඩියත්ථෙරාපදානං
Sinhala BJT456. වනකොරණ්ඩිය ස්ථවිරාවදානය
Pali BJT4828. සිද්ධත්ථස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, වනකොරණ්ඩමාදාය බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT4828. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති සිද්ධාර්‍ත්‍ව බුදුරජානන් වහන්සේට වනකරඬු (මලක්) ගෙණ පිදීමි.
Pali BJT4829. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4829. මෙයින් සිවුඅනූ වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4830. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4830. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රරහිතව වෙසෙමි.
Pali BJT4831. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT4831. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4832. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4832. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වනකොරණ්ඩියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් වනකොරණ්ඩියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවනකොරණ්ඩියත්ථෙරස්ස අපදානං ඡට්ඨිං.
Sinhala BJTවනකොරණ්ඩියස්ථවිරාවදානය සවැනි යි.
Pali BJTවීසතිමං භාණවාරං.
Sinhala BJTවිසිවැනි බණවර යි.
Pali BJT457. එකඡත්තියත්ථෙරාපදානං
Sinhala BJT457. ඒකඡත්තිය ස්ථවිරාවදානය
Pali BJT4833. අඞ්ගාරජාතා පඨවී{1} කුක්කුලානුගතා මහී, පදුමුත්තරො භගවා අබ්භොකාසම්හි චඞ්කමි.
Sinhala BJT4833. පෘථිවී තොමෝ අඟුරු වී ය. මහී තොමෝ උණුඅළු සහිත වී ය. පදුමුත්තර බුදුරජ තෙමේ එළිමහනෙහි සක්මන් කළේ ය.
Pali BJT4834. පණ්ඩරං ඡත්තමාදාය අද්ධාන පටිපජ්ජහං, තත්ථ දිස්වාන සම්බුද්ධං විත්ති මෙ උපපජ්ජථ.
Sinhala BJT4834. මම සේසත ගෙණ මඟට පිළිපන්නෙමි. එහි සම්බුදුරජුන් දැක මට ප්‍රීතිය ඇති විය.
Pali BJT4835. මරීචියොත්ථටා{1} භූමි අඞ්ගාරව මහී අයං, උපවායන්ති{2} මහාවාතා සරීරස්සාසුඛෙපනා.{3}
Sinhala BJT4835. භූමිතොමෝ මිරිඟුවෙන් වැසුනී ය. මේ පෘථිවිය (දිලිසෙන) අඟුරු මෙනි. සිරුරෙහි පණ නසන්නා වූ මහාවාතයෝ ද හමත්.
Pali BJT4836. සීතං උණ්හං විහනන්තං{4} වාතාතපනිවාරණං, පටිගණ්හ ඉමං ඡත්තං ඵස්සයිස්සාමි නිබ්බුතිං.
Sinhala BJT4836. ශීතය හා උෂ්ණය නසන්නා වූ වාතය හා අව්ව වළහන්නා වූ මේ ඡත්‍රය පිළිගනු මැනව. මම ඒ හේතුවෙන් නිවන් ලබන්නෙමි“යි ඡත්‍රය පිළිගැන්වී ය.
Pali BJT4837. අනුකම්පකො කාරුණිකො පදුමුත්තරො මහාඉසි,{5} මමසඞ්කප්පමඤ්ඤාය පටිගණ්හි තදා ජිනො.
Sinhala BJT4837. එකල්හි (ලෝකයා කෙරෙහි) අනුකම්පා ඇති කාරුණික වු මහර්ෂී වූ පදුමුත්තර බුදුරජතෙමේ මාගේ අදහස දැන එය පිළිගත්තේ ය.
Pali BJT4838. තිංසකප්පානි දෙවින්දො දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුඤ්ච චක්කවත්ති අහොසහං.
Sinhala BJT4838. තිස්කපක් මුළුල්ලෙහි දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.
Pali BJT4839. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං, අනුභොමි සකං කම්මං පුබ්බෙ සුකතමත්තනො.
Sinhala BJT4839. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය. පෙර තමා විසින් මැනවින් කළ ස්වකීය පුණ්‍යකර්‍මය (විපාකය) අනුභව කරමි.
Pali BJT4840. අයං මෙ පච්ඡිමා ජාති චරිමො වත්තතෙ භවො, අජ්ජාපි සෙතච්ඡත්තං මෙ සබ්බකාලං ධරීයති.
Sinhala BJT4840. මාගේ මේ පශ්චිමආත්මය යි. මේ අන්තිමභවය පවති. අදත් මට හැමකල්හි සේසතක් දැරෙයි.
Pali BJT4841. සතසහස්සෙ ඉතො කප්පෙ යං ඡත්තමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඡත්තදානස්සිදං ඵලං.
Sinhala BJT4841. එකල්හි මෙයින් සියක්දහස් වන කපෙහි යම් ඡත්‍රදානයක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාකය යි.
Pali BJT4842. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4842. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4843. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4843. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4844. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4844. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකඡත්තියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඒකඡත්තිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකඡත්තියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඒකඡත්තියස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT458. ජාතිපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT458. ජාතිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT4845. ජරිනිබ්බුතෙ භගවති පදුමුත්තරෙ මහායසෙ, පුප්ඵවටංසකෙ කත්වා{6} සරීරමභිරොපයිං.
Sinhala BJT4845. මහත් යශස් ඇති පදුමුත්තර බුදුරජුන් පිරිනිවි කල්හි මම දෑසමන්මලින් මුදුන්මල්කඩක් කොට බුද්ධදේහයට පිදීමි.
Pali BJT4846. තත්ථ චිත්තං පසාදෙත්වා නිම්මාණං අගමාසහං, දෙවලොකගතො සන්තො පුඤ්ඤකම්මං සරාමහං.
Sinhala BJT4846. මම එහි සිත පහදවා නිර්‍මාණරතී දෙව්ලොවට ගියෙමි. මම දෙව්ලොවට ගියෙම් ඒ පින්කම සිහිකරමි.
Pali BJT4847. අම්බරා පුප්ඵවස්සො මෙ සබ්බකාලං පවස්සති, සංසරාමි මනුස්සෙ චෙ රාජා හොමි මහායසො.
Sinhala BJT4847. හැම කල්හි මට අහසින් මල්වැසි වසී. ඉදින් මිනිස් ලොවෙහි සැරිසරම් නම් මහත් යශස් ඇති රජෙක් වෙමි.
Pali BJT4848. තහිං කුසුමවස්සො මෙ අභිවස්සති සබ්බදා, තස්සෙව{1} පුප්ඵපූජාය වාහසා සබ්බදස්සිනො
Sinhala BJT4848. සර්‍වදර්ශී වූ බුදුරජුන්හට කරණ ලද එම පුෂ්පපූජාවෙහි ම බලයෙන් එහි (=මිනිස්ලොවෙහි) ද මට මල්වැසි වසී.
Pali BJT4849. අයං පච්ඡිමකො මය්හං චරිමො වත්තතෙ භවො, අජ්ජාපි පුප්ඵවස්සො මෙ අභිවස්සති සබ්බදා.
Sinhala BJT4849. මේ මාගේ පශ්චිමභවය යි. මේ අන්තිමභවය පවතී. අද ද හැම කල්හි මට මල්වැසි වසී.
Pali BJT4850. සතසහස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි දෙහපූජායිදං ඵලං.
Sinhala BJT4850. මෙයින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුබඳ පිදීමෙහි මේ විපාක යි.
Pali BJT4851. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4851. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4852. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4852. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යායෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4853. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4853. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජාතිපුප්ඵියො{2} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ජාතිපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTජාතිපුප්ඵියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTජාතිපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT459. පටටිපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT459. පටටිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT4854. නීහරන්තෙ සරීරම්හි වජ්ජමානාසු භෙරිසු, පසන්නචිත්තො සුමනො පට්ටිපුප්ඵමපූජයිං,
Sinhala BJT4854. බෙර වයද්දී ශරීරය (ආදාහනය සඳහා) ගෙණ යන කල්හි මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් රත්ලොත්මල් පිදීමි.
Pali BJT4855. සතසහස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි දෙහපූජායිදං ඵලං.
Sinhala BJT4855. මෙයින් සියක් දහස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දේහපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4856. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4856. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4857. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT4857. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යායෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4858. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4858. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පටටිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පට්ටිපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපටටිපුප්ඵියත්ථෙරාපදානං නවමං.
Sinhala BJTපට්ටිපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT460. ගන්ධපූජකත්ථෙරාපදානං
Sinhala BJT460. ගන්‍ධපූජක ස්ථවිරාවදානය
Pali BJT4859. චිතෙසු කයිරමානෙසු{1} නානාගන්ධෙ සමාහටෙ පසන්නචිත්තො සුමනො ගන්ධමුට්ඨිමපූජයිං.
Sinhala BJT4859. (ආදාහනය සඳහා) චිතකය කරණ කල්හි නානාසුගන්‍ධයන් රැස් කරණ කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සුවඳ මිටක් පිදීමි.
Pali BJT4860. සතසහස්සෙ ඉතො කප්පෙ චිතකං යමපූජයිං, දුග්ගතිං නාභිජානාමි චිතපූජායිදං ඵලං.
Sinhala BJT4860. මෙයින් සියක්දහස් වන කපෙහි යම් චිතකපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4861. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4861. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4862. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4862. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4863. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4863. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගන්ධපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ගන්‍ධපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTගන්ධපූජකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTගන්‍ධපූජකස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTජගතී මොරහත්ථී ච ආසනී උක්කධාරකො, අක්කමී වනකොරණ්ඩි ඡත්තදො ජාතිපූජකො. පට්ටිපුප්ඵී ච යො ථෙරො දසමො ගන්ධපූජකො, සත්තසට්ඨි ච ගාථායො ගණිතායො විභාවිහි.
Sinhala BJTජගති මොරහත්‍ථි ආසනී උක්කධාරක අක්කමී වනකොරණ්ඩී ඡත්තද ජාතිපූජක පට්ටිපුප්ඵිගන්‍ධපූජක දසවත්ය මෙවගෙහි ආ ගීසත්සැටෙකින් එය මෙහි කියන ලද්දේ.
Pali BJTජගතිදායකවග්ගො ඡචත්තාළීසමො,
Sinhala BJTජගතිදායකවර්‍ගය සසාළිස් වැනි යි.
Pali BJT47. සාලකුසුමියවග්ගො
Sinhala BJT47. සාලකුසුමිය වර්‍ගය
Pali BJT461. සාලකුසුමියත්ථෙරාපදානං
Sinhala BJT461. සාලකුසුමිය ස්ථවිරාවදානය
Pali BJT4864. පරිනිබ්බුතෙ භගවති ජලජුත්තමනාමකෙ, ආරොපිතම්හි චිතකෙ සාලපුප්ඵමපූජයිං.
Sinhala BJT4864. පදුමුත්තර නම් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දේහය) චිතකයට නැංවූ කල්හි සල්මල් පිදීමි.
Pali BJT4865. සතසහස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි චිතපූජායිදං{2} ඵලං.
Sinhala BJT4865. මෙයින් සියක්දහස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4866. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා විහරාමි අනාසවො.
Sinhala BJT4866. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4867. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4867. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4868. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4868. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සාලකුසුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සාලකුසුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසාලකුසුමියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTසාලකුසුමිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT462. චිතකපූජකත්ථෙරාපදානං
Sinhala BJT462. චිතකපූජක ස්ථවිරාවදානය
Pali BJT4869. ඣායමානස්ස භගවතො සිඛිනො ලොකබන්ධුනො, අට්ඨචම්පකපුප්ඵානි චිතකං අභිරොපයිං.
Sinhala BJT4869. ධ්‍යාන වඩන්නා වූ ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේගේ චිතකයට සපුමල් අටක් පිදීමි.
Pali BJT4870. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි චිතකපූජායිදං ඵලං.
Sinhala BJT4870. මෙයින් එක්තිස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
Pali BJT4871. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4871. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT4872. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4872. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4873. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4873. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTචිතකපූජකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTචිතකපූජක ස්ථවිරාවදානය දෙවැනි යී.
Pali BJT463. චිතකනිබ්බාපකත්ථෙරාපදානං
Sinhala BJT463. චිතකනිබ්බාපක ස්ථවිරාවදානය
Pali BJT4874. දය්හමානෙ සරීරම්හි වෙස්සභුස්ස මහෙසිනො, ගන්ධොදකං ගහෙත්වාන චිතං නිබ්බාපයිං අහං.
Sinhala BJT4874. වෙස්සභූ බුදුරජුන්ගේ සිරුර දැවෙන කල්හි මම සුවඳ පැන් ගෙණ චිතකය නිවීමි.
Pali BJT4875. එකතිංසෙ ඉතො කප්පෙ චිතං නිබ්බාපයිං අහං, දුග්ගතිං නාභිජානාමි ගන්ධොදකස්සිදං ඵලං.
Sinhala BJT4875. මම මෙයින් එක්තිස් වන කපෙහි බුදුරජුන්ගේ චිතකය නිවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුවඳදිය පිදීමෙහි මේ විපාක යි.
Pali BJT4876. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4876. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4877. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4877. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4878. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4878. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චිතකනිබ්බාපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් චිතකනිබ්බාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTචිතකනිබ්බාපකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTචිතකනිබ්බාපක ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT464. සෙතුදායකත්ථෙරාපදානං
Sinhala BJT464. සේතුදායක ස්ථවිරාවදානය
Pali BJT4879. විපස්සිනො භගවතො චඞ්කමන්තස්ස සම්මුඛා, පසන්නචිත්තො සුමනො සෙතුං කාරාපයිං අහං.
Sinhala BJT4879. සක්මන් කරන්නා වූ විපස්සී බුදුරජුන් හමුවෙහි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හෙයක් කරවීමි.
Pali BJT4880. එකනවුතෙ ඉතො කප්පෙ යං සෙතුං කාරයිං අහං, දුග්ගතිං නාභිජානාමි සෙතුදානස්සිදං ඵලං.
Sinhala BJT4880. මෙයින් එක්අනූ වන කපෙහි මම යම් හෙයක් කරවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සේතු දානයාගේ මේ විපාක යි.
Pali BJT4881. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4881. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT4882. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4882. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4883. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4883. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සෙතුදායකත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සේතුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.