Pali BJT4751. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4751. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උත්තලිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් උත්තලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋත්තලිපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඋත්තලිපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT446. අම්බාටකියත්ථෙරාපදානං
Sinhala BJT446. අම්බාටකිය ස්ථවිරාවදානය
Pali BJT4752. සුපුප්ඵිතං සාලවනං ඔගය්හ වෙස්සභූ මුනි, නිසීදි ගිරිදුග්ගෙසු අභිජාතොව කෙසරී.
Sinhala BJT4752. වෙස්සභූ බුදුරජ තෙම මැනවින් පිපී ගිය සල්වනයකට පිවිස ගිරිදුර්‍ගයන් හි විශිෂ්ටජන්ම ඇති සිංහරාජයකු මෙන් වැඩහුන්නේ ය.
Pali BJT4753. පසන්නචිත්තො සුමනො අම්බාටකමපූජයිං, පුඤ්ඤක්ඛෙත්තං මහාවීරං{1} පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT4753. පුණ්‍යක්‍ෂේත්‍ර වූ මහාවීර (උන්වහන්සේ දැක) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සියතින් ඇඹරැල්ල පිදීමි.
Pali BJT4754. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4754. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
Pali BJT4755. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා විහරාමි අනාසවො.
Sinhala BJT4755. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4756. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT4756. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4757. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4757. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අම්බාටකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අම්බාටකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅම්බාටකියකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTඅම්බාටකියස්ථවිරාවදානය සවැනියි.
Pali BJT447. සීහාසනිකත්ථෙරාපදානං
Sinhala BJT447. සීහාසනික ස්ථවිරාවදානය
Pali BJT4758. පදුමුත්තරස්ස භගවතො සබ්බභූතහිතෙසිනො, පසන්නචිත්තො සුමනො සීහාසනමදාසහං.
Sinhala BJT4758. මම සවුසත්නට හිත කැමැත්තා වූ පදුමුත්තර බුදුරජුන්හට පහන්සිත් ඇත්තෙම්, සොම්නස් වූයෙම්, සිහසුනක් දුනිමි.
Pali BJT4759. දෙවලොකෙ මනුස්සෙ වා යත්ථ යත්ථ වසාමහං, ලභාමි විපුලං ව්යම්හං සීහාසනස්සිදං ඵලං.
Sinhala BJT4759. මම දෙව් ලොවැ වේවයි මිනිස්ලොවැ වේවයි යම් යම් තැනක වෙසෙම් නම් මහත් වූ විමනක් ලබමි. සිහසුන් දනෙහි මේ විපාකයි.
Pali BJT4760. සොණ්ණමයා රූපිමයා ලොහිතඞ්කමයා{1} බහූ, මණිමයා ච පල්ලඞ්කා නිබ්බත්තන්ති මමං සදා.
Sinhala BJT4760. ස්වර්‍ණමය වූ ද, රජතමය වූ ද, පද්මරාගමාණික්‍යමය වූ ද, මණිමයවූ ද බොහෝ පර්‍ය්‍යඞ්කයෝ මට හැම කල්හි පහළ වෙත්.
Pali BJT4761. බොධියා ආසනං කත්වා ජලජුත්තමනාමිනො, උච්චෙ කුලෙ පජායාමි අහො ධම්මසුධම්මතා.
Sinhala BJT4761. පදුමුත්තර නම් බුදුරජුන්ගේ බෝධියට අසුනක් කොට උසස් කුලයෙහි උපදිමි. ධර්‍මයාගේ යහපත් බව ආශ්චර්‍ය්‍යයෙකි.
Pali BJT4762. සතසහස්සෙ ඉතො කප්පෙ සීහාසනමකාසහං, දුග්ගතිං නාභිජානාමි සීහාසනස්සිදං ඵලං.
Sinhala BJT4762. මම මෙයින් සියක් දහස්වන කපෙහි සිහසුනක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිහසුන් දනෙහි මේ විපාකයි.
Pali BJT4763. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4763. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4764. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4764. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4765. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4765. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සීහාසනිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සීහාසනික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසීහාසනිකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTසීහාසනික ස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT448. පාදපීඨියත්ථෙරාපදානං
Sinhala BJT448. පාදපීඨිය ස්ථවිරාවදානය
Pali BJT4766. සුමෙධො නාම සම්බුද්ධො අග්ගො කාරුණිකො මුනි, තාරයිත්වා බහූ සත්තෙ නිබ්බුතො සො මහායසො.
Sinhala BJT4766. අග්‍ර වූ කාරුණික වූ මෝනෙය්‍යගුණ ඇති මහත් යශස් ඇති ඒ සුමේධ නම් සර්‍වඥ තෙම බොහෝ සත්ත්‍වයන් (සසරසයුරින්) එතෙර කරවා පිරිනිවන් පෑය.
Pali BJT4767. සීහාසනස්ස සාමන්තා සුමෙධස්ස මහෙසිනො, පසන්නචිත්තො සුමනො පාදපීඨමකාරයිං.
Sinhala BJT4767. සුමේධ බුදුරජුන්ගේ සිහසුන් සමීපයෙහි පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පාපුටුවක් කෙළෙමි.
Pali BJT4768. කත්වාන කුසලං කම්මං සුඛපාකං සුඛුද්රයං, පුඤ්ඤකම්මෙන සංයුත්තො තාවතිංසමගච්ඡහං.
Sinhala BJT4768. සැපවිපාක ඇති සුව ගෙණ දෙන්නා වූ කුශලකර්‍මය කොට මම ඒ කුශලකර්‍මය හා යෙදුනෙම් තවිතිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT4769. තත්ථ මෙ වසමානස්ස පුඤ්ඤකම්මසමඞ්ගිනො, පදානි උද්ධරන්තස්ස සොණ්ණපීඨා භවන්ති මෙ.
Sinhala BJT4769. පුණ්‍යකර්‍මයෙන් සමන්‍වාගත එහි වසන්නා වූ මට පියවර ඔසවත් ම ස්වර්‍ණමය (පාද) පීඨයෝ පහළ වෙත්.
Pali BJT4770. ලාභා තෙසං සුලද්ධං වො යෙ ලභන්ති උපස්සුතිං, නිබ්බුතෙ කාරං කත්වාන ලභන්ති විපුලං සුඛං.
Sinhala BJT4770. යමෙක් බුදුරජුන්ගේ හමුයෙහි සිට දහම් ඇසීම ලබත් නම් ඔවුන්හට එය ලාභයෙකි. පිරිනිවි කල්හි ද (උන්වහන්සේ කෙරෙහි) සත්කාර කොට මහත් වූ සැප ලබත්.
Pali BJT4771. මයාපි සුකතං කම්මං වාණිජ්ජං සුප්පයොජිතං, පාදපීඨං කරිත්වාන සොණ්ණපීඨං ලභාමහං.
Sinhala BJT4771. මා විසිනුදු (උන්වහන්සේ කෙරෙහි) මැනවින් යොදන ලද වෙළඳාමක් බඳු පුණ්‍යකර්‍මයක් මොනොවට කරණ ලදී. මම පාපුටුවක් පූජා කොට රන්පුටුවක් ලබමි.
Pali BJT4772. යං යං දිසං පක්කමාමි කෙනචි පච්චයෙනහං,{1} සොණ්ණපීඨෙ අක්කමාමි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
Sinhala BJT4772. කිසියම් හේතුවකින් මම යම් යම් දිශාවකට යෙම් නම්, රන්පුටුයෙහි ම පා තබමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකයි.
Pali BJT4773. තිංසකප්පසහස්සම්හි යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පාදපීඨස්සිදං ඵලං.
Sinhala BJT4773. එකල්හි තිස්දහස්කපකින් පෙර යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාදපීඨදානයාගේ මේ විපාකයි.
Pali BJT4774. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4774. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4775. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4775. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4776. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4776. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පාදපීඨියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පාදපීඨිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපාදපීඨීයත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTපාදපීඨිය ස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT449. වෙදිකාරකත්ථෙරාපදානං
Sinhala BJT449. වේදිකාරක ස්ථවිරාවදානය
Pali BJT4777. පදුමුත්තරබුද්ධස්ස{2} බොධියා පාදපුත්තමෙ, වෙදිකං සුකතං කත්වා සකං චිත්තං පසාදයිං.
Sinhala BJT4777. පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රේෂ්ඨ වෘක්‍ෂරාජයා වූ බෝධියෙහි වේදිකාවක් මැනැවින් කොට සිය සිත පැහැද වීමි.
Pali BJT4778. අතොළාරානි{3} භණ්ඩානි කතානි අකතානි ච, අන්තළික්ඛා පවස්සන්ති වෙදිකාය ඉදං ඵලං.
Sinhala BJT4778. එහෙයින් කළා වූ ද නො කළා වූ ද භාණ්ඩයෝ අහසින් වැටෙත්. වේදිකාදානයෙහි මේ විපාකයි.
Pali BJT4779. උභතො ව්යුළ්හසඞ්ගාමෙ පක්ඛන්දන්තො භයානකෙ, භයභෙරවං න පස්සාමි වෙදිකාය ඉදං ඵලං.
Sinhala BJT4779. දෙපසින් නැගසිටි භයානක යුදෙහි දී ද (ඉදිරියට) පනින්නෙම් නමුදු භයජනක අරමුණක් නො දනිමි. වේදිකා දනෙහි මේ විපාකයි.
Pali BJT4780. මම සඞ්කප්පමඤ්ඤාය ව්යම්භං නිබ්බත්තතෙ සුභං, සයනානි මහග්ඝානි වෙදිකාය ඉදං ඵලං.
Sinhala BJT4780. මාගේ අදහස දැන ශුභ වූ විමනක් නිපදේ. මාහැඟි සයනයෝ ද වෙත් වේදිකා දානයෙහි මේ විපාකයි.
Pali BJT4781. සතසහස්සෙ ඉතො කප්පෙ යං වෙදිකමකාරයිං, දුග්ගතිං නාභිජානාමි වෙදිකාය ඉදං ඵලං.
Sinhala BJT4781. මෙයින් සියදහස්වන කපෙහි මම යම් වේදිකාවක් කරවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකා දානයෙහි මේ විපාකයි.
Pali BJT4782. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4782. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4783. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT4783. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4784. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4784. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වෙදිකාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
Pali BJTවෙදිකාරකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTවේදිකාරක ස්ථවිරාවදානය නවවැනියි.
Pali BJT450. බොධිඝරියත්ථෙරාපදානං{*}
Sinhala BJT450. බෝධිඝරිය ස්ථවිරාවදානය
Pali BJT4785. සිද්ධත්ථස්ස භගවතො දිපදින්දස්ස තාදිනො, පසන්නචිත්තො සුමනො බොධිඝරමකාරයිං.
Sinhala BJT4785. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බෝධිගෘහයක් කරවීමි.
Pali BJT4786. තුසිතං උපපන්නොම්හි වසාමි රතනෙ ඝරෙ, න මෙ සීතං වා උණ්හං වා වාතො ගත්තෙ න සමඵුසෙ.
Sinhala BJT4786. (ඒ හේතුවෙන්) තුසිතයෙහි උපන්නෙම් වෙමි. රතනගෘහයෙහි වසමි. මාගේ සිරුරෙහි ශීතය හෝ උෂ්ණය හෝ වාතය හෝ නො පහස්නේ ය.
Pali BJT4787. පඤ්චසට්ඨිම්හිතො කප්පෙ චක්කවත්තී අහොසහං, කායිකං නාම නගරං විස්සකම්මෙන{1} මාපිතං.
Sinhala BJT4787. මම මෙයින් පන්සැටවන කපෙහි සක්විතිරජ වීමි. මට විශ්වකර්‍මයා විසින් මවන ලද කාසික නම් නුවරක් විය.
Pali BJT4788. දසයොජනආයාමං අට්ඨයොජනවිත්ථතං, න තම්හි නගරෙ අත්ථි කට්ඨං වල්ලී ච මත්තිකා.
Sinhala BJT4788. දසයොදුනක් දිග අටයොදුනක් පුළුල් ඒ නගරයෙහි දඬු හෝ වැල් හෝ මැටි (මෙයින් කළ දැයක්) නැත.
Pali BJT4789. තිරියං යොජනං ආසි අඩ්ඪයොජනචිත්ථතො,{2} මඞ්ගලො නාම පාසාදො විස්සකම්මෙන මාපිතො.
Sinhala BJT4789. (එහි) විශ්වකර්‍මයා විසින් මවන ලද මඞ්ගල නම් ප්‍රාසාදය යොදුනක් දිග ය. අටයොදුනක් පුළුල් ය.
Pali BJT4790. චුල්ලාසීතිසහස්සානි ථම්හා සොණ්ණමයා අහුං, මණිමයා ච නිය්යුහා ඡදනං රූපියං අහු.
Sinhala BJT4790. (එහි) සුවාසූ දහසක් රන්මුවා ටැම් විය. මුදුන්ගෙවල් මිණිමුවා වූහ. සෙවෙනිය (=පියසි) රිදීමුවා විය.
Pali BJT4791. සබ්බසොණ්ණමයං ඝරං විස්සකම්මෙන මාපිතං, අජ්ඣාවුත්ථං මයා එතං ඝරදානස්සිදං ඵලං.
Sinhala BJT4791. සර්‍වස්වර්‍ණමය ගෘහයක් විශ්වකර්‍මයා විසින් මවන ලදී. තෙල මවිසින් වසන ලදී. ගෘහදානයාගේ මේ විපාකයි.
Pali BJT4792. තෙ සබ්බෙ අනුභොත්වාන දෙවමානුසකෙ භවෙ, අජ්ජ පත්තොම්හි නිබ්බානං සන්තිපදමනුත්තරං.
Sinhala BJT4792. දෙවි මිනිස් බෙවෙහි එ හැම සමිපත් අනුභව කොට අද නිරුත්තර ශාන්තිපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
Pali BJT4793. චතුනවුතෙ ඉතො කප්පෙ{3} බොධිඝරමකාරයිං, දුග්ගතිං නාභිජානාමි ඝරදානස්සිදං ඵලං.
Sinhala BJT4793. මෙයින් සිවුඅනූවන කපෙහි යම් බෝධිගෘහයක් කරවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගෘහදානයාගේ මේ විපාකයි.
Pali BJT4794. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4794. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4795. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4795. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4796. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4796. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බොධිඝරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් බෝධිඝරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබොධිඝරියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTබෝධිඝරිය ස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTවිභීටකවග්ගො පඤ්චචත්තාළීසමො.
Sinhala BJTවිභීටකවර්‍ගය පන්සාළිස්වැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTවිටභීකී කොලඵලී බිල්ල භල්ලාතකප්පදා{1} උත්තලම්බාටකී{2} චෙව ආසනී පාදපීඨකො, වෙදිකො බොධිඝරිකො ගාථායො ගණිතා චිහ, එකූනාසීතිකා සබ්බා අස්මිං වග්ගෙ සකිත්තිතා.
Sinhala BJTවිහිටකී කෝලඵලී බිල්ලභල්ලාත උත්තලී අම්ඛාට සීහාසන ද පාදපීඨක වේදිකාරක බෝධිඝරිය යී දස වත් වේය මෙම වගෙහී එකුන් අසූ ගයකින් එය මෙහි කියන ලදුයේ.
Pali BJT46. ජගතිදායකවග්ගො
Sinhala BJT46. ජගතිදායක වර්‍ගය
Pali BJT451. ජගතිදායකත්ථෙරාපදානං
Sinhala BJT451. ජගතිදායක ස්ථවිරාවදානය
Pali BJT4797. ධම්මදස්සිස්ස මුනිනො බොධියා පාදපුත්තමෙ, පසන්නචිත්තො සුමනො ජගතිං කාරයිං අහං.
Sinhala BJT4797. මම පහන්සිත් ඇත්තෙම්, සොම්නස් වූයෙම්, ධම්මදස්සී බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්‍ෂය (පිහිටි තන්හි) බිම කරවීමි.
Pali BJT4798. දරිතො පබ්බතාතො වා{3} රුක්ඛතො පතිතො අහං, චුතො පතිට්ඨං වින්දාමි ජගතියා ඉදං ඵලං.
Sinhala BJT4798. මම පර්‍වත විවරයකින් වේවයි පර්‍වතයකින් වේවයි ගසකින් වේවයි වැටුනෙම් පිහිටක් ලබමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
Pali BJT4799. න මෙ චොරා පසහන්ති{4} නාතිමඤ්ඤෙති ඛත්තියො,{5} සබ්බාමිත්තෙ’තික්කමාමි ජගතියා ඉදං ඵලං.
Sinhala BJT4799. සොරු මාගේ (වස්තුව) පැහැර නො ගණිත්. රජ තෙම (මට) අවමන් නො කෙරේ. සියලු පසමිතුරන් ඉක්මවමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
Pali BJT4800. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සබ්බත්ථ පූජිතො හොමි ජගතියා ඉදං ඵලං.
Sinhala BJT4800. දිව්‍ය වේවයි මනුෂ්‍ය වේවයි යම් යම් යෝනියක උපදිම් ද ඒ සියලු තන්හි පුදන ලදුයෙම් වෙමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
Pali BJT4801. අට්ඨාරසෙ කප්පසතෙ ජගතිං කාරයිං අහං, දුග්ගතිං නාභිජානාමි ජගතිදානස්සිදං ඵලං.
Sinhala BJT4801. මම අටළොස්සියවන කපෙහි පොළෝ (සකස්) කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බිම් සකස් කොට දීමෙහි මේ විපාක යි.
Pali BJT4802. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4802. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4803. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4803. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4804. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4804. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජගතිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ජගතිදායකස්ථවීරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTජගතිදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTජගතිදායක ස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT452. මොරහත්ථියත්ථෙරාපදානං
Sinhala BJT452. මොරහත්‍ථිය ස්ථවිරාවදානය
Pali BJT4805. මොරහත්ථං ගහෙත්වාන උපෙසිං ලොකනායකං, පසන්නචිත්තො සුමනො මොරහත්ථමදාසහං.
Sinhala BJT4805. මම මොණරපිල්වැටියක් ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලෝකනායක වූ බුදුරජුන් වෙත එළඹියෙමි. එළඹ මොණරපිල්වැටිය පිදීමි.
Pali BJT4806. ඉමිනා මොරහත්ථෙන චෙතනා පණිධීහි ච, නිබ්බායිංසු තයො අග්ගී ලභාමි විපුලං සුඛං.
Sinhala BJT4806. මෙම මොණරපිල්වැටී දන හේතුකොටගෙන ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙන ද ත්‍රිවිධාග්නීහු (රාග - ද්වේෂ - මෝහ) නිවී ගියහ. මහත් වූ සැප ද ලබමි.
Pali BJT4807. අහො බුද්ධා{1} අහො ධම්මා{2} අහො නො සත්ථුසම්පදා, දත්වානහං මොරහත්ථං ලභාමි විපුලං සුඛං.
Sinhala BJT4807. බුදුවරයෝ ආශ්චර්‍ය්‍යයහ. (නෛර්‍ය්‍යාණික) ධර්‍මයෝ ද ආශ්චර්‍ය්‍යයහ. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යයෙකි. මම මොණර පිල්වැටියක් දී මහත් සුව ලබමි.
Pali BJT4808. තියග්ගී{3} නිබ්බුතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
Sinhala BJT4808. මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියලු භවයෝ නසන ලදහ. ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT4809. එකතිංසෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මොරහත්ථස්සිදං ඵලං.
Sinhala BJT4809. එකල්හි මෙයින් එක්තිස් වන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මොණරපිල්වැටි දනෙහි මේ විපාකයි.
Pali BJT4810. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4810. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රවරහිතව වෙසෙමි.
Pali BJT4811. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4811. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන්වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4812. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4812. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මොරහත්ථියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මොරහත්‍ථියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමොරහත්ථියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTමොරහත්‍ථිය ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT453. සීහාසනවීජකත්ථෙරාපදානං
Sinhala BJT453. සීහාසනවීජක ස්ථවිරාවදානය
Pali BJT4813. තිස්සස්සාහං භගවතො බොධිරුක්ඛමවන්දිසං, පග්ගය්හං වීජනිං තත්ථ සීහාසනමවීජයිං.
Sinhala BJT4813. මම තිස්ස බුදුරජුන්ගේ බෝධීවෘක්‍ෂයට වැන්දෙමි. විජිනිපතක් ගෙන එහි සිහසුනට පවන් සැලීමි.
Pali BJT4814. ද්වෙනවුතෙ ඉතො කප්පෙ සීහාසනමවීජහං, දුග්ගතිං නාභිජානාමි වීජනාය ඉදං ඵලං.
Sinhala BJT4814. මම මෙයින් දෙයානූවන කපෙහි සිහසුනට පවන් සැලූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පවන්සැලීමෙහි මේ විපාක යි.
Pali BJT4815. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4815. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4816. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT4816. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4817. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4817. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සීහාසනවීජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් සීහාසනවීජකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසීහාසනවීජකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTසීහාසනවීජක ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT454. තිඋක්කාධාරකත්ථෙරාපදානං
Sinhala BJT454. තිඋක්කාධාරක ස්ථවිරාවදානය
Pali BJT4818. පදුමුත්තරබුද්ධස්ස බොධියා පාදපුත්තමෙ, පසන්නචිත්තො සුමනො තයො උක්කා අධාරයිං.
Sinhala BJT4818. පදුමුත්තර බුදුරජුන්ගේ උතුම් බෝධිවෘක්‍ෂයෙහි (ආලෝකය පිණිස) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උල්කා (විලක්කු) තුනක් දැරීමි.
Pali BJT4819. සතසහස්සෙ ඉතො කප්පෙ සොහං උක්කමධාරයිං, දුග්ගතිං නාභිජානාමි උක්කාදානස්සිදං ඵලං.
Sinhala BJT4819. ඒ මම මෙයින් සියක් දහස් වන කපෙහි උල්කා දැරුයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. උල්කා දනෙහි මේ විපාක යි.