Pali BJT4682. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4682. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4683. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4683. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කලම්බදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කලම්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකලම්බකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTකලම්බදායකස්ථවිරාවදානය සවැනියි.
Pali BJT437. අම්බාටකදායකත්ථෙරාපදානං
Sinhala BJT437. අම්බාටකදායක ස්ථවිරාවදානය
Pali BJT4684. විපිනෙ බුද්ධං දිස්වාන සයම්භුං අපරාජිතං, අම්බාටකං ගහෙත්වාන සයම්භුස්ස අදාසහං.
Sinhala BJT4684. මහවනයෙහි දී සියල්ල තෙමේ ම දත් පස් මරුන් දිනූ බුදුරජුන් දැක මම ඇඹරැල්ල (ගෙඩියක්) ගෙණ එම බුදුරජුන් හට දුනිමි.
Pali BJT4685. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT4685. මෙයින් එක්තිස් වන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT4686. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4686. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4687. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4687. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4688. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4688. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අම්බාටකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අම්බාටක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅම්බාටකදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඅම්බාටක ස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT438. හරීතකදායකත්ථෙරාපදානං
Sinhala BJT438. හරීතකදායක ස්ථවිරාවදානය
Pali BJT4689. හරීතකං ආමලකං අම්බජම්බු විභීතකං, කොලං භල්ලාතකං බිල්ලං සයමෙවාහරාමහං.
Sinhala BJT4689. අරළු ද, නෙල්ලි ද, අඹ ද, ජම්බු ද, බුළු ද, ඩෙබර ද, බදුළු ද, බෙලි ද, මම තෙමේ ම රැස් කෙරෙමි.
Pali BJT4690. දිස්වාන පබ්භාරගතං ඣායිං ඣානරතං මුනිං, ආබාධෙන පපීළෙන්තං{1} අදුතියං මහාමුනිං.
Sinhala BJT4690. කඳු බෑවුමක වැඩ හුන් ධ්‍යාන කරන්නා වූ ධ්‍යානයෙහි ඇලුනා වූ ආබාධයකින් පෙළෙන්නා වූ (සමාන කොට තැකීමට) දෙවැන්නකු නැත්තා වූ බුදුරජුන් දැක,
Pali BJT4691. හරීතකං ගහෙත්වාන සයම්භුස්ස අදාසහං, කතමත්තම්හි{2} භෙසජ්ජෙ ව්යාධි පස්සම්හි තාවදෙ.
Sinhala BJT4691. මම අරළු ගෙණ බුදුරජුන් හට දුනිමි. බෙහෙත් කළ කෙණෙහි රෝගය සන්සිඳුනේ ය.
Pali BJT4692. පහීනදරථො බුද්ධො අනුමොදනියං අකා{3}, භෙසජ්ජදානෙනිමිනා ව්යාධිවූපසමෙන ච.
Sinhala BJT4692. සන්සිඳුනා වූ (කාය) දරථය (ක්ලාන්තය) ඇති බුදුරජ තෙම අනුමෝදනාවක් කළේය: “මෙම බෙහෙත් දන හේතු කොට ගෙණ ද, රෝගව්‍යුපශමය හේතුකොට ගෙණ ද,
Pali BJT4693. දෙවභූතො මනුස්සො වා ජාතො වා අඤ්ඤජාතියා, සබ්බත්ථ සුඛිතො හොහි{4} මා ච තෙ ව්යාධි ආගමා.{5}
Sinhala BJT4693. දෙවි වූයේ හෝ මිනිස් වූයේ හෝ අන් ජාතියක උපන්නේ හෝ ඒ සියලු තන්හි සුව ඇත්තෙක් වෙව. තොපට ව්‍යාධියක් නො පැමිණේවා”.
Pali BJT4694. ඉදං වත්වාන සම්බුද්ධො සයම්භූ අපරාජිතො, නභං අබ්භුග්ගමි ධීරො හංසරාජාව අම්බරෙ.
Sinhala BJT4694. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ සම්බුදුන් වහන්සේ මේ වචන කියා අහසෙහි යන හස්රජකු මෙන් අහසට නැංගේය.
Pali BJT4695. යතො හරීටකමදං{6} සයම්භුස්ස මහෙසිනො, ඉමං ජාතිමුපාදාය ව්යාධි මෙ නුපපජ්ජථ.
Sinhala BJT4695. යම් තැනක පටන් සියල්ල තෙමේ ම දත් බුදුරජ හට අරළු දුනිම් ද, (එතැන් පටන්) මේ ජාතිය දක්වා මට ව්‍යාධියෙක් හට නො ගත්තේ ය.
Pali BJT4696. අයං පච්ඡිමකො මය්හං චරිමො වත්තතෙ භවො. තිස්සො විජ්ජා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4696. මේ මාගේ (සසරෙහි) අවසානය යි. දැන් අන්තිම භවය පවතී. ත්‍රිවිද්‍යාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4697. චතුනවුතෙ ඉතො කප්පෙ භෙසජ්ජමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි භෙසජ්ජස්ස ඉදං ඵලං.
Sinhala BJT4697. මෙයින් අනූවන කපෙහි වූ එකල්හි යම් බෙහෙසත් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙත් දනෙහි මේ විපාක යි.
Pali BJT4698. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4698. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4699. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4699. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4700. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4700. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා හරීතකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් හරීතකද්‍රයක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTහරීතකදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTහරීතකදායක ස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT439. අම්බපිණ්ඩියත්ථෙරාපදානං
Sinhala BJT439. අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය
Pali BJT4701. හත්ථිරාජා තදා ආසිං ඊසාදන්තො උරූළ්හවා, විචරන්තො බ්රහාරඤ්ඤෙ අද්දසං ලොකනායකං.
Sinhala BJT4701. එකල්හි මම රාජවාහන යෝග්‍ය වූ උඩුකුරුව දික් ව වැඩුනු දළ ඇති ඇත් රජෙක් වීමි. මහ වෙනෙහි ඇවිදින්නෙම් ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
Pali BJT4702. අම්බපිණ්ඩිං{1} ගහෙත්වාන අදාසිං සත්ථුනො අහං, පටිගණ්හි මහාවීරො සිද්ධත්ථො ලොකනායකො.
Sinhala BJT4702. මම අඹ ගෙඩියක් ගෙණ ශාස්තෲන් වහන්සේට දුනිමි. මහා වීර වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ එය පිළිගත් සේක.
Pali BJT4703. මම නිජ්ඣායමානස්ස පරිභුඤ්ජි තදා ජිනො, තත්ථ චිත්තං පසාදෙත්වා තුසිතං උපපජ්ජහං.
Sinhala BJT4703. එකල්හි සර්‍වඥ තෙම මා බලා සිටිය දී එය වැළඳීය. මම විමසුම් නුවණින් එහි සිත පහදවා තුෂිත දිව්‍යලෝකයෙහි උපනිමි.
Pali BJT4704. තතො අහං චවිත්වාන චක්කවත්තී අහොසහං, එතෙනෙව උපායෙන අනුභොත්වාන සම්පදා.
Sinhala BJT4704. මම එයින් ච්‍යුත ව සක්විතිරජ වීමි. මේ ක්‍රමයෙන් ම සම්පත් අනුභව කොට,
Pali BJT4705. පධානපහිතත්තොහං උපසන්තො නිරූපධි, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT4705. වඩනා ලද වීර්‍ය්‍යය ඇති මම උපශාන්ත වූයෙමි. උපධි රහිත වූයෙමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4706. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT4706. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT4707. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4707. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4708. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4708. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4709. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4709. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අම්බපිණ්ඩියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් අම්බපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅම්බපිණ්ඩියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTඅම්බපිණ්ඩිය ස්ථවිරාවදානය නව වැනියි.
Pali BJT440. ජම්බුඵලියත්ථෙරාපදානං{*}
Sinhala BJT440. ජමබුඵලිය ස්ථවිරාවදානය
Pali BJT4710. පදුමුත්තරබුද්ධස්ස ලොකජෙට්ඨස්ස තාදිනො, පිණ්ඩාය විචරන්තස්ස ධාරෙතො{1} උත්තමං යසං.
Sinhala BJT4710. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති පිඬුපිණිස හැසිරෙන්නා වූ උතුම් යශස්ධර වූ පදුමුත්තර බුදුරජුන් හට,
Pali BJT4711. අග්ගඵලං ගහෙත්වාන විප්පසන්නෙන චෙතසා, දක්ඛිණෙය්යස්ස වීරස්ස අදාසිං සත්ථුනො අහං.
Sinhala BJT4711. මම අග්‍ර වූ (-පළමුවෙන් හැදුනු) දඹ ඵලයක් ගෙණ පහන් සිතින් දක්‍ෂිණාර්‍හ වූ වීර වූ ශාස්තෲන් වහන්සේට දුනිමි.
Pali BJT4712. තෙන කම්මෙන දිපදින්ද{2} ලොකජෙට්ඨ නරාසභ, පත්තොම්හි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
Sinhala BJT4712. ලෝකජ්‍යේෂ්ඨ නරශ්‍රේෂ්ඨ ද්විපදෝත්තමයන් වහන්ස, මම ඒ කර්‍මය හේතුකොටගෙන ජය පරාජය හැර අචලස්ථානය වූ නිවනට පැමිණියෙම් වෙමි.
Pali BJT4713. සතසහස්සෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අග්ගදාදනස්සීදං ඵලං.
Sinhala BJT4713. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි වූ යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අග්‍රඵල දානයාගේ මේ විපාක යි.
Pali BJT4714. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ච බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4714. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4715. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4715. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4716. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4716. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජම්බුඵලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ජමබුඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTජම්බුඵලියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTජමබුඵලිය ස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTථෙරො එකවිහාරී ච සඞ්ඛිකො{3} පාටිහීරකො, ථවිකො උච්ඡුඛණ්ඩි ච කලම්බම්බාටකප්පදා{4}, හරීතකම්බපිණ්ඩී ච ජම්බුදො{5} දසමො සති. ඡළාසීති ච ගාථායො ගණිතායො විභාවීහි.
Sinhala BJTඒකවිහාරී සඞ්ඛිය පාටිහීරක ථවික උච්ඡුඛණ්ඩි කලම්ඛ අම්බාටක ද, හරීතක අම්බපිණ්ඩි ජම්බුද දැයි දසයෙකි. ස අසූගයක් පඬුවන් මෙහි ගිණූ.
Pali BJTඑකවිහාරිවග්ගො චතුත්තාළිසමො.
Sinhala BJTඒකවිහාරීවර්‍ගය සූසාළිස් වැනියි.
Pali BJT45. විභීටකවග්ගො
Sinhala BJT45. විභීටක වර්‍ගය
Pali BJT441. විභීටකමිඤ්ජියත්ථෙරාපදානං
Sinhala BJT441. විභීටකමිඤ්ජය ස්ථවිරාවදානය
Pali BJT4717. කකුසන්ධො මහාවීරො සබ්බධම්මානපාරගූ, ගණම්හා වූපකට්ඨො සො අගමාසි වනන්තරං.
Sinhala BJT4717. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය ඒ කකුසඳ බුදුරජ තෙමේ සමූහයා කෙරෙන් වෙන් වූයේ වනයට වැඩියේ ය.
Pali BJT4718. බීජමිඤ්ජං ගහෙත්වාන ලතාය ආවුණිං අහං, භගවා තම්හි සමයෙ ඣායතෙ පබ්බතන්තරෙ.
Sinhala BJT4718. මම (බුළු) ඇට මද ගෙණ වැලක ඇවිනීමි. භාග්‍යවත් තෙම එසමයෙහි කඳු අතුරෙහි ධ්‍යාන කෙරෙයි.
Pali BJT4719. දිස්වානහං දෙවදෙවං විප්පසන්නෙන චෙතසා, දක්ඛිණෙය්යස්ස වීරස්ස බීජමිඤ්ජමදාසහං
Sinhala BJT4719. මම බුදුරජුන් දැක පැහැදි සිතින් වීර වූ දක්‍ෂිණාර්‍හ වූ බුදුරජුන් හට බුළු ඇට මද දුනිමි.
Pali BJT4720. ඉමස්මිඤ්ඤෙව කප්පස්මිං{1} යං ඵලං අදදිං{2} තදා, දුග්ගතිං නාභිජානාමි බීජමිඤ්ජස්සිදං ඵලං.
Sinhala BJT4720. මෙම කපෙහි වූ එකල්හි යම් ඵල දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුළු ඇට මද දීමෙහි මේ විපාකයි.
Pali BJT4721. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4721. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4722. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4722. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4723. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4723. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා විභීටකමිඤ්ජියො{3} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් විහීටකමිඤ්ජිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවිභීටකමිඤ්ජියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTවිහීටකමිඤ්ජිය ස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT442 කොලදායකත්ථෙරාපදානං
Sinhala BJT442. කෝලදායක ස්ථවිරාවදානය
Pali BJT4724. අජිනෙන නිවත්ථොහං වාකචීරධරො තදා, ඛාරිභාරං හරිත්වාන{4} කොලමාහරිමස්සමං.{5}
Sinhala BJT4724. එකල්හි අඳුන් දිවිසම් හැඳි මම වැහැරි සිවුරු දැරූයෙම් පිරිකර කද ගෙණ අසපුවට ඩෙබර ගෙණාවෙමී.
Pali BJT4725. තම්හි කාලෙ සිඛී බුද්ධො එකො අදුතියො අහු, මමස්සමමුපාගඤ්ඡි{6} ජානන්තො සබ්බකාලිකං.
Sinhala BJT4725. එසමයෙහි ශ්‍රේෂ්ඨපුද්ගල වූ අසහාය පුද්ගල වු සිඛී බුදුරජ තෙම ලොව පහළ විය. හැම කල්හි වූ දෑ දන්නා වූ (සර්‍වඥ තෙම) මාගේ අසපුවට එළඹියේ ය.
Pali BJT4726. සකං චිත්තං පසාදෙත්වා වන්දිත්වාන ච සුබ්බතං, උභො හත්ථෙහි පග්ගය්හ කොලං බුද්ධස්සදාසහං.
Sinhala BJT4726. මම බුදුරජුන් හට වැඳ සිය සිත පහදවා දොහොතින් ඩෙබර (ඵලයක්) ගෙණ දුනිමි.
Pali BJT4727. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි කොලදානස්සිදං ඵලං.
Sinhala BJT4727. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් (ඩෙබර) ඵල දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඩෙබරපල දනෙහි මේ විපාකයි.
Pali BJT4728. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4728. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4729. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT4729. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4730. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4730. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කොලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කෝලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකොලදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTකෝලදායකස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT443. බිල්ලඵලියත්ථෙරාපදානං{*}
Sinhala BJT443. බිල්ලඵලිය ස්ථවිරාවදානය
Pali BJT4731. චන්දභාගානදීතීරෙ අස්සමො සුකතො මම, බිල්ලරුක්ඛෙහි{1} ආකිණ්ණො නානාදුමනිසෙවිතො.
Sinhala BJT4731. මා විසින් චන්‍ද්‍රභාගා නදීතීරයෙහි බෙලිගසින් ගැවසුනු නා නා වෘක්‍ෂයන්ගෙන් සෙව්නා ලද අසපුවක් මනාකොට කරණ ලදි.
Pali BJT4732. සුගන්ධං බෙලුවං දිස්වා බුද්ධසෙට්ඨමනුස්සරිං, ඛාරිභාරං පූරයිත්වා තුට්ඨො සංවිග්ගමානසො.
Sinhala BJT4732. සුවඳැති බෙලි පලයක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි. සතුටු වූයෙම් (ප්‍රීතියෙන්) ඉපිළැ ගිය සිතැත්තේ කදක් බර පුරවා ගෙණ,
Pali BJT4733. කකුසන්ධං උපාගම්ම බිල්ලපක්කමදාසහං, පුඤ්ඤක්ඛෙත්තස්ස වීරස්ස විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT4733. කකුසඳ බුදුරදුන් වෙත එළඹ මම පුණ්‍යක්‍ෂේත්‍ර වූ වීර වූ උන්වහන්සේට පැහැදි සිතින් ඉදුනු බෙලිගෙඩිය දුනුමි.
Pali BJT4734. ඉමස්මිං යෙව කප්පස්මිං යං ඵලං අදදිං{2} තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT4734. මෙම කල්පයෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
Pali BJT4735. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4735. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇතිරජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4736. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT4736. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4737. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4737. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බිල්ලඵලියත්ථෙරො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් බිල්ලඵලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබිල්ලඵලියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTබිල්ලඵලිය ස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT444. භල්ලාතකදායකත්ථෙරාපදානං{*}
Sinhala BJT444. භල්ලාතදායක ස්ථවිරාදානය
Pali BJT4738. සුවණ්ණවණ්ණං සම්බුද්ධං බත්තිංසවරලක්ඛණං, පවනග්ගෙන{1} ගච්ඡන්තං සාලරාජංව ඵුල්ලිතං.
Sinhala BJT4738. මහ වනහිසින් වඩනා වූ උතුම් වූ දෙතිසමහපුරිස්ලකුණු ඇති පිපුණු සල්රුකක් බඳු ස්වර්‍ණවර්‍ණ වූ (බුදුරජුන් දුටිමි.)
Pali BJT4739. තිණත්ථරං පඤ්ඤපෙත්වා බුද්ධසෙට්ඨමයාචහං, අනුකම්පතු මං බුද්ධො භික්ඛමිච්ඡාමි දාතවෙ.
Sinhala BJT4739. මම තණඇතිරියක් පනවා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට අයැදුම් කෙළෙමි: “බුදුරජ තෙම මට අනුකම්පා කෙරේවා. භික්‍ෂාව දෙන්නට කැමැත්තෙමි” යි.
Pali BJT4740. අනුකම්පකො කාරුණිකො අත්ථදස්සී මහායසො, මම සඞ්කප්පමඤ්ඤාය ඔරුහී මම අස්සමෙ.
Sinhala BJT4740. (ලොවට) අනුකම්පා කරන්නා වූ කාරුණික වූ මහත් යශස් ඇති අත්‍ථදස්සී බුදුරජ තෙම මා අදහස දැන මාගේ අසපුවෙහි බැස්සේ ය.
Pali BJT4741. ඔරුහිත්වාන{2} සම්බුද්ධො නිසීදි පණ්ණසන්ථරෙ, භල්ලාතකං ගහෙත්වාන බුද්ධසෙට්ඨස්සදාසහං.
Sinhala BJT4741. බුදුරජ තෙම (අහසින්) බැස පන්ඇතිරියෙහි වැඩහුන්නේ ය. මම බදුළු (ගෙඩි) ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
Pali BJT4742. මම නිජ්ඣායමානස්ස පරිභුඤ්ජි තදා ජිනො, තත්ථ චිත්තං පසාදෙත්වා අභිවන්දිං තදා ජිනං.
Sinhala BJT4742. එකල්හි මා (වළඳත් දෝ හෝ නො වළඳත් දෝ හෝ යි) සිතමින් සිටිය දී සර්‍වඥ තෙම එය වැළඳී ය. එහි සිත පහදවා එකල බුදුරජුන් වැන්දෙමි.
Pali BJT4743. අට්ඨාරසෙ කප්පසතෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT4743. එකල්හි අටළොස් සියවන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකයි.
Pali BJT4744. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4744. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආනාස්‍රව ව වෙසෙමි.
Pali BJT4745. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT4745. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4746. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4746. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTභල්ලාතකදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් භල්ලාතකදායක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භල්ලාතකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTභල්ලාතදායක ස්ථවිරාවදානය සිවුවැනියි.
Pali BJT445. උත්තලිපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT445. උත්තලිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT4747. නිග්රොධෙ හරිතොහාසෙ සංවිරූළ්හම්හි පාදපෙ, උත්තලිමාලං{3} පග්ගය්හ බොධියා අභිරොපයිං.
Sinhala BJT4747. මැනවින් වැඩුනු නිල්පැහැ ඇති නාගබෝධිවෘක්‍ෂයෙහි උත්තලි පුෂ්පදාමයක් ගෙණ පිදීමි.
Pali BJT4748. ඉමස්මිං යෙව කප්පම්හි යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බොධිපූජායිදං ඵලං.
Sinhala BJT4748. මෙම කල්පයෙහි ම යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
Pali BJT4749. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4749. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4750. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT4750. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තය හ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.