Pali BJT4607. සට්ඨිතුරියසහස්සානි භෙරියො පණවානි ච, සඞ්ඛා ච දෙණ්ඩිමා{1} තත්ථ වග්ගුං නදන්ති{2} දුන්දුභි.
Sinhala BJT4607. ගැටබෙර (ආදි) සැට දහසක් බෙර ද, සඞ්ඛයෝ ද, පණා බෙර ද යන හෙරීහු මනෝඥ ලෙස නාද කෙරෙත්.
Pali BJT4608. චුල්ලාසීතිසහස්සානි හත්ථිනො සමලඞ්කතා, තිධාපභින්නමාතඞ්ගා කුඤ්ජරා සට්ඨිහායනා -
Sinhala BJT4608. සැට වයස් වූ ත්‍රිමදගලිත මාතඞ්ග හස්තිකුලයෙහි උපන් ඇත්තු ද මනා කොට සරසන ලද ඇත්තු ද අසූසාර දහසක් -
Pali BJT4609. හෙමජාලාහි සඤ්ඡන්නා උපට්ඨානං කරොන්ති මෙ, බලකායෙ ගජෙ චෙව ඌනතා මෙ නෙ විජ්ජති.
Sinhala BJT4609. රන්දැලින් මලින් ගැවසී ගත්තාහු මට උවටැන් කෙරෙත්. බලසෙනගෙහි ද ඇතුන්ගේ ද අඩුබවෙක් මට නැත.
Pali BJT4610. සොණ්ණකිඞ්කණිපුප්ඵානං විපාකං අනුභොමහං, අට්ඨපඤ්ඤාසක්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං.
Sinhala BJT4610. මම රන්කිකිණි මල් පිදීමෙහි විපාකය විඳිමි. අට පණස් වරක් දිව්‍යරාජ්‍යය කරවීමි.
Pali BJT4611. එකසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පථව්යාරජ්ජං එකසතං මහියා කාරයිං අහං.
Sinhala BJT4611. මම එක්සැත්තෑ වරක් සක්විතිරජ වීමි. මම මේ පෘථිවියෙහි එක්සිය වරක් පෘථිවිරාජ්‍යය ද කරවීමි.
Pali BJT4612. සොදානි පත්තො අමතං{3} අසඞ්ඛතං සුදුද්දසං,{4} සංයොජනපරික්ඛීණො නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT4612. ඒ (මම) දැන් අසංස්කෘත වූ සුදුද්දය (-දැකීම අතිශයින් දුෂ්කර) වූ නිවනට පැමිණියෙම් වෙමි. සියලු සංයෝජනයන් ක්‍ෂය කරණ ලදුයෙම් වෙමි. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT4613. අට්ඨාරසෙ කප්පසතෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4613. මෙයින් අටළොස්සියවන කපින් පෙර යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4614. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4614. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4615. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4615. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4616. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4616. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොවණ්ණකිඞ්කණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සෝවණ්ණකිඞ්කණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසොවණ්ණකිඞ්කණියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසෝවණ්ණකිඞ්කණිය ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT430. සොණ්ණකොන්තරිකත්ථෙරාපදානං
Sinhala BJT430. සොණ්ණකොන්තරික ස්ථවිරාවදානය
Pali BJT4617. මනොභාවනීයං බුද්ධං අත්තදන්තං සමාහිතං, ඉරීයමානං බ්රහ්මපථෙ චිත්තවූපසමෙ රතං.
Sinhala BJT4617. සම්භාවනීය වූ, ආත්මය (-සිත) දමනය කළා වූ, සන්හුන් වූ, ශ්‍රේෂ්ඨ ප්‍රතිපද්‍රමාර්‍ගයෙහි ගමන් කරන්නා වූ චිත්තව්‍යූපශමයෙහි ඇළුනා වූ, සියල්ල අවබෝධ කළා වූ-
Pali BJT4618. නිත්තිණ්ණඔඝං සම්බුද්ධං ඣායිං ඣානරතං මුනිං, උපවිට්ඨං සමාපන්නං ඉන්දීවරදලප්පභං.
Sinhala BJT4618. තරණය කරණ ලද චතුරෝඝ ඇති ධ්‍යාන කරන්නා වූ, ධ්‍යානයෙහි ඇළුනා වූ, මෝනෙය්‍ය ගුණයන්ගෙන් යුතු වූ, වැඩහුන්නා වූ සමාධියට සමවැදුනා වූ උපුල් පෙති පැහැ ඇති, සම්බුදුරජුන් (දුටිමි.)
Pali BJT4619. අලාබුනොදකං ගය්හ බුද්ධසෙට්ඨමුපාගමිං, බුද්ධස්ස පාදෙ ධොවිත්වා අලාබුකමදාසහං.
Sinhala BJT4619. දැක ලබුකැටයකින් දිය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹියෙමි. බුදුරජුන්ගේ සිරිපා දොවා මම ලබුකැටය දුනිමි.
Pali BJT4620. ආණාපෙසි ච සම්බුද්ධො පදුමුත්තරනායකො, ඉමිනා දකමාහත්වා{1} පාදමූලෙ ඨපෙහි මෙ,
Sinhala BJT4620. පදුමුත්තර බුදු රජ තෙමේ “මෙම ලබුකබලින් දිය ගෙනවුත් මාගේ පාමුල තබව” යි අණ කෙළේය.
Pali BJT4621. සාධූති’හං පටිස්සුත්වා සත්ථුගාරවතාය ච, දකං අලාබුනා’හිත්වා{2} බුද්ධසෙට්ඨමුපානයිං.
Sinhala BJT4621. මම බුද්ධගෞරවයෙන් “යහපතැ” යි පිළිවදන් දී ලබුකබලින් දිය ගෙනවුත් බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත එළවීමි.
Pali BJT4622. අනුමොදි මහාවීරො චිත්තං නිබ්බාපයං මම, ඉමිනා ලාබුදානෙන සඞ්කප්පො තෙ සමිජ්ඣතු.
Sinhala BJT4622. මහාවීර වූ බුදුරජ තෙමේ “මේ ලබුකැටය දීමෙන් තාගේ අදහස් සමෘද්ධ වේ වා” යි මාගේ සිත නිවමින් අනුමෝදනා කෙළේ ය.
Pali BJT4623. පණ්ණරසසු කප්පෙසු දෙවලොකෙ රමිං අහං, තිංසතික්ඛත්තුං රාජා ච චක්කවත්තී අහොසහං.
Sinhala BJT4623. මම පසළොස් කපෙක් හි දෙව්ලොව සිත් අලවා විසීමි. එසේ ම තිස් වරක් සක්විති රජ වීමි.
Pali BJT4624. දිවා වා යදි වා රත්තිං චඞ්කමන්තස්ස තිට්ඨතො, සොවණ්ණකොන්තරං ගය්හ තිට්ඨතෙ{3} පුරතො මම.
Sinhala BJT4624. දවල්හි හෝ රැයෙහි හෝ සක්මන් කරන්නා වූ ද, සිටිනා වූ ද, මාගේ ඉදිරියෙහි රන්කෙඬියක් ගෙණ (-කිසිවෙක්) සිටි.
Pali BJT4625. බුද්ධස්ස ලාබුං දත්වාන{4} ලභාමි සොණ්ණකොන්තරං, අප්පකම්පි කතං කාරං විපුලං හොති තාදිසු.
Sinhala BJT4625. බුදුරජුන්හට ලබුකබලක් පුදා රන්කෙඬියක් ලබමි. තාදීගුණ ඇති උතුමන් කෙරෙහි ස්වල්ප වශයෙන් කරණ ලද පින ද මහත්ඵල වේ.
Pali BJT4626. සතසහස්සෙ ඉතො කප්පෙ යං ලාබුමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අලාබුස්ස ඉදං ඵලං.
Sinhala BJT4626. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි යම් ලබු දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලබු දනෙහි මේ විපාක යි.
Pali BJT4627. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4627. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4628. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4628. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4629. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4629. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොණ්ණකොන්තරිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සොණ්ණකොන්තරික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසොණ්ණකොන්තරිකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTසොණ්ණකොන්තරික ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසකිංසම්මජ්ජකො ථෙරො එකදුස්සී එකාසනී, කදම්බකොරණ්ඩකදා{1} ඝතං සවණිකො{2} පි ච. සුචින්තිතො කිඞ්කණිකො සොණ්ණකොන්තරිකො පි ච, එකං ගාථාසතඤ්චෙව{3} එකසත්තතිමෙව ච.
Sinhala BJTසකිංසම්මජ්ජක ඒකදුස්සී එකාසනී කදම්බකොරණ්ඩක ද ඝතමණ්ඩ සවණික ද සුචින්තිතකිඞ්කිණික සොණ්ණකොන්තරිකැයි දස එක්සිය එක්සැත්තෑ ගීයෙන් එය කියන ලදි.
Pali BJTසකිංසම්මජ්ජකවග්ගො තෙවත්තාළිසමො.
Sinhala BJTසකිංසම්මජ්ජක වර්‍ගය තෙසාළිස් වැනියි.
Pali BJT44. එකවිහාරිවග්ගො
Sinhala BJT44. ඒකවිහාරී වර්‍ගය
Pali BJT431. එකවිහාරියත්ථෙරාපදානං
Sinhala BJT431. ඒකවිහාරිය ස්ථවිරාවදානය
Pali BJT4630. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතං වරො.
Sinhala BJT4630. මේ මහාහද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ කුලයෙහි උපන් මහා යශස් ඇති, (ඇපි බුදු වම්හයි) කියනුවන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ ගෝත්‍රයෙන් කාශ්‍යප නම් වූ බුදුහු ලොවැ පහළ වූහ.
Pali BJT4631. නිප්පපඤ්චො නිරාලම්බො ආකාසසමමානසො, සුඤ්ඤතාබහුලො තාදී අනිමිත්තරතො වසී.
Sinhala BJT4631. (තෘෂ්ණාදි) ප්‍රපඤ්ච රහිත වූ ආලම්බන රහිත වූ ආකාශසම (නොගැටෙන) සිත් ඇති ශුන්‍යතා බහුල කොට ඇති (ලාභාලාභාදියෙහි) තාදීගුණ ඇති අනිමිත්තලක්‍ෂණ නිවනෙහි ඇලුනු වසඟකළ ඉඳුරන් ඇති-
Pali BJT4632. අසඞ්ගචිත්තො නික්ලෙසො{4} අසංසට්ඨො කුලෙ ගණෙ, මහාකාරුණිකො වීරො විනයොපායකොවිදො.
Sinhala BJT4632. (රාගාදි විසින්) නො ඇලුනු සිත් ඇති කෙලෙස් රහිත වූ කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නො ඇලුනු මහත් කරුණා ඇති වීර වූ (සත්ත්‍වයන්) හික්මවන උපායෙහි නිපුණ වූ-
Pali BJT4633. උය්යුත්තො පරකිච්චෙසු විනයන්තො සදෙවකෙ, නිබ්බානගමනං මග්ගං ගති{5}පඞ්කවිසොසනං.
Sinhala BJT4633-4634. පරවැඩෙහි උත්සුක වූ දෙවියන් සහිත ලෝකයා හික්මවන ලෝකයා සසරින් එතෙර කරවන යම් බුදු කෙනෙක් මහ පිරිස් මැද වැඩ හුන්නාහු නිවන් ගමනට මාර්‍ගවූ පස්ගති නමැති කලල් වියලවන පරමාස්වාද වූ ජරාමරණ වළහන අමෘතය දැක්වූ සේක් ද,
Pali BJT4634. අමතං පරමස්සාදං{6} ජරාමච්චුනිවාරණං, මහාපරිසමජ්ඣෙ සො නිසින්නො ලොකතාරණො{7}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4635. කරවීකරුතො{8} නාථො බ්රහ්මඝොසො තථාගතො, උද්ධරන්තො මහාදුග්ගා විපන්නද්ධෙ{9} අනායකෙ,
Sinhala BJT4635. කොවුලන්ට බඳු නාද ඇති ලෝකනාථ වූ බ්‍රහ්ම ඝෝෂ ඇති තථාගත වූ ඒ බුදුහු (මාර්‍ගදේශක) නායකයෙකු නැති (එහෙයින්ම) නට මාර්‍ග ඇති සත්ත්‍වයන් සංසාර මහාදුර්‍ගයෙන් නගාලමින්-
Pali BJT4636. දෙසෙන්තො විරජං ධම්මං දිට්ඨො මෙ ලොකනායකො, තස්ස ධම්මං සුණිත්වාන පබ්බජිං අනගාරියං.
Sinhala BJT4636. මාර්‍ග ධර්‍මය දෙසන ලෝකනායක වූ බුදුහු මා විසින් දක්නා ලදහ. ඔබගේ දහම් අසා (මම) ශාසනයෙහි පැවිදි වීමි.
Pali BJT4637. පබ්බජිත්වා තදා චාහං{10} චින්තෙන්තො ජිනසාසනං, එකකොව වනෙ රම්මෙ වසිං සංසග්ගපීළිතො.
Sinhala BJT4637. එකල්හි දු මම පැවිදිව ගණ සසගින් පෙළුනෙම් බුදුසසුන් සිතමින් එකලාව ම සිත්කලු වෙනෙහි වාසය කෙළෙමි.
Pali BJT4638. සකායවුපකස්සො{11} මෙ හෙතුභුතො මහාභවි{12}, මනසො වූපකස්සස්ස{13} සංසග්ගභයදස්සිනො.
Sinhala BJT4638. ගණසංසර්‍ගයෙහි බිය දක්නා සුලු වූ මාගේ ස්වකීය කාය විවේකය චිත්තයාගේ විවේකයට මහත් හේතු වූයේ වී.
Pali BJT4639. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4639. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4640. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4640. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4641. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4641. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකවිහාරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඒකවිහාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකවිහාරියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTඒකවිහාරියස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT432. එකසංඛියත්ථෙරාපදානං
Sinhala BJT432. ඒකසඞ්ඛිය ස්ථවිරාවදානය
Pali BJT4642. විපස්සිනො භගවතො මහාබොධිමහො අහු, මහාජනා සමාගම්ම පූජෙන්ති බොධිමුත්තමං.
Sinhala BJT4642. විපස්සී බුදුරජුන්ගේ මහාබෝධියට පූජාවක් විය. මහජනයා රැස්ව උතුම් බෝධියට පූජා කෙරෙත්.
Pali BJT4643. න හි තං ඔරකං මඤ්ඤෙ බුද්ධසෙට්ඨො භවිස්සති, යස්සායමෙදිසො{1} බොධි පූජනීයො{2} ච සත්ථුනො.
Sinhala BJT4643. යම් ශාස්තෘවරයකුගේ බෝධිය ද මෙබඳු පූජනීය වස්තුවක් නම්, ඒ උතුමා ලාමක කෙනෙකැයි නො හඟිම්. බුද්ධශ්‍රේෂ්ඨයෙක් වන්නේ ය.
Pali BJT4644. තතො සඞ්ඛං ගහෙත්වාන බොධිරුක්ඛං උපට්ඨහිං,{3} ධමෙන්තො සබ්බදිවසං අවන්දිං බොධිමුත්තමං.
Sinhala BJT4644. ඉක්බිති සකක් ගෙණ බෝරුක වෙත එළඹියෙමි. මුළු දවසෙහි ම එය පිඹිමින් උතුම් බෝධිය වැන්දෙමි.
Pali BJT4645. ආසන්නකෙ කතං කම්මං දෙවලොකං අපාපයී, කළෙබරං මෙ පතිතං දෙවලොකෙ රමාමහං.
Sinhala BJT4645. මරණාසන්න කල්හි කරණ ලද පුණ්‍යකර්‍මය මා දෙව්ලොවට පැමිණවිය. මාගේ සිරුර මැරී වැටිනි. මම දෙව්ලොව සිත් අලවා වසමි.
Pali BJT4646. සට්ඨිතුරියසහස්සානි තුට්ඨහට්ඨා පමොදිතා, සදා මය්හං උපට්ඨන්ති බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4646. තුටුපහටු වූ ප්‍රමුදිත වූ සැටදහසක් තූර්‍ය්‍ය (වාදකයෝ) හැම කල්හි මට උවටැන් කෙරෙත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4647. එකසත්තතිමෙ කප්පෙ රාජා ආසිං සුදස්සනො, චාතුරන්තො විජිතාවී ජම්බුසණ්ඩස්ස ඉස්සරො.
Sinhala BJT4647. එක්සැත්තෑවන කපෙහි සිවුමහ දිවයින් හා සිව්සයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ සතුරු රජුන් ජයගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සුදස්සන නම් (සක්විති) රජෙක් වීමි.
Pali BJT4648. තතො අඞ්ගසතා තූරා{4} පරිවාරෙන්ති මං සදා, අනුභොමි සකං කම්මං උපට්ඨානස්සිදං ඵලං.
Sinhala BJT4648. එහි සප්තාඞ්ගික තුර්‍ය්‍යයයෝ හැම කල්හි මා පිරිවරත්. ස්වකීය කර්‍මය අනුභව කරමි. (බෝධි) උපස්ථානයාගේ මේ විපාක යි.
Pali BJT4649. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, මාතුකුච්ඡිගතස්සාපි වජ්ජරෙ භෙරියො සදා.
Sinhala BJT4649. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් මවුකුස පිළිසිඳ ගත්තා වූ ද (මට) හැම කල්හි හෙරීහු වයනු ලැබෙත්.
Pali BJT4650. උපට්ඨහිත්වා{5} සම්බුද්ධං අනුභොත්වාන{6} සම්පදා, සිවං සුඛෙමං අමතං පත්තොම්හි අචලං පදං.
Sinhala BJT4650. සම්බුදුරජුන් වෙත එළඹ, සම්පත් අනුභව කොට අතිශයින් ක්‍ෂේම වූ ශිව වූ අමෘත වූ අවලපදය වන නිවනට පැමිණියෙම් වෙමි.
Pali BJT4651. එකනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4651. එකල්හි මෙයින් එක්අනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4652. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4652. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4653. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4653. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4654. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4654. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකසඞ්ඛියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඒකසඞ්ඛිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකසඞ්ඛියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTඒකසඞ්ඛියස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT433 පාටිහීරසඤ්ඤකත්ථෙරාපදානං
Sinhala BJT433. පාටිහීරසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT4655. පදුමුත්තරො නාම ජිනො ආහුතීනං පටිග්ගහො, වසීසතසහස්සෙහි නගරං පාවිසී තදා.
Sinhala BJT4655. එකල්හි ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට යෝග්‍ය වූ පදුමුත්තර නම් බුදුරජ තෙමේ රහතුන් ලක්‍ෂයක් සමග නුවරට පිවිසියේ ය.
Pali BJT4656. නගරං පවිසන්තස්ස උපසන්තස්ස තාදිනො, රතනානි පජ්ජොතිංසු{1} නිග්ඝොසො ආසි තාවදෙ.
Sinhala BJT4656. තාදීගුණ ඇති උපශාන්ත වූ (උන්වහන්සේ) නගරයට පිවිසෙන කල්හි රත්නයෝ (තුමූ ම) බැබලුනාහු ය. එකෙණෙහි මහත් ඝෝෂාවක් ද විය.
Pali BJT4657. බුද්ධස්ස අනුභාවෙන භෙරී වජ්ජුමඝට්ටිතා, සයං වීණා පවජ්ජන්ති බුද්ධස්ස විසතො{2} පුරං.
Sinhala BJT4657. නගරයට පිවිසෙන්නා වූ බුදුරජුන් ඉදිරියෙහි බුද්ධානුභාවයෙන් නො ගටන ලද භේරීහු (තුමූ ම) ශබ්ද වූවාහු ය. වීණාවෝ තුමූ ම වැයෙත්.
Pali BJT4658. බුද්ධසෙට්ඨං න පස්සාමි{3} පදුමුත්තරං මහාමුනිං, පාටිහීරං ච පස්සිත්වා තත්ථ චිත්තං පසාදයිං.
Sinhala BJT4658. මහාමුනි වූ පදුමුත්තර නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ නො දකිමි. ප්‍රාතිහාර්‍ය්‍යය දැක එහි සිත පැහැද වීමි.
Pali BJT4659. අහො බුද්ධො අහො ධම්මො අහො නො සත්ථූසම්පදා. අචෙතනාපි තුරියා සයමෙව පවජ්ජරෙ.
Sinhala BJT4659. “බුදුරජ තෙම ආශ්චර්‍ය්‍ය ය. ධර්‍මය ආශ්චර්‍ය්‍ය ය. අපගේ ශාස්‍තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය. අචේතන වූ තූර්‍ය්‍යයෝ පවා තුමූ ම වැයෙත්.
Pali BJT4660. සතසහස්සෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT4660. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි යම් බුද්ධසංඥාවක් ලදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
Pali BJT4661. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොම බන්ධනං ඡෙත්වා විහාරාමි අනාසවො.
Sinhala BJT4661. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4662. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4662. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4663. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛොපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4663. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පාටිහීරසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පාටිහීරසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
Pali BJTපාටිහීරසඤ්ඤකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTපාටිහීරසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT434. ඤාණත්ථවිකත්ථෙරාපදානං
Sinhala BJT434. ඤාණත්‍ථවික ස්ථවිරාවදානය
Pali BJT4664. කණිකාරංව ජලිතං දීපරුක්ඛංව ජොතිතං, කඤ්චනංව විරොචන්තං අද්දසං දිපදුත්තමං.
Sinhala BJT4664. කිණිහිරි රුකක් මෙන් දිලිසෙන, ප්‍රදීපවෘක්‍ෂයක් මෙන් බබලන ස්වර්‍ණයක් මෙන් රැස් පතුරුවන ද්විපද්‍රෙත්තම වූ බුදුරජුන් දුටිමි.
Pali BJT4665. කමණ්ඩලුං ඨපෙත්වාන වාකචීරං ච කුණ්ඩිකං, එකංසං අජිනං කත්වා බුද්ධසෙට්ඨං ථවිං අහං.
Sinhala BJT4665. මම කමඬලාව ද වැහැරිසිවුර ද කෙණ්ඩිය ද තබා අඳුන් දිවිසම එකස් කොට බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තුති කෙළෙමි.
Pali BJT4666. තමන්ධකාරං විධමං මොහජාලසමාකුලං, ඤාණාලොකං දස්සයිත්වා{1} නිත්තිණ්ණොසි මහාමුනි.
Sinhala BJT4666. මහාමුනීන් වහන්ස, (ඔබ) මෝහජාලයෙන් අවුල් වූ ගණඳුර නසමින් ඥානාලෝකයා දක්වා (සසර සයුරින්) එතර වූ සේක.
Pali BJT4667. සමුද්ධරසිමං ලොකං සබ්බාවන්තමනුත්තර{2}, ඤාණෙ තෙ උපමා නත්ථි යාවතා ජගතො ගති.{3}
Sinhala BJT4667. නිරුත්තර වූ තථාගතයන් වහන්ස, සියලු සත්ත්‍වයන් සහිත් මේ ලෝකය (සසරින්) ගොඩ ලනු මැනව. ලෝකය යම්තාක් ද ඒතාක් ඔබවහන්සේගේ නුවණ විෂයෙහි උපමාවෙක් නැත.
Pali BJT4668. තෙන ඤාණෙන සබ්බඤ්ඤූ ඉති බුද්ධො පවුච්චති, වන්දාමි තං මහාවීර සබ්බඤ්ඤුතමනාවරං.
Sinhala BJT4668. ඒ අනුපම ඥානයෙන් සර්‍වඥ වූ සේක් “බුද්ධ” ය යි කියනු ලැබේ. මහාවීරයන් වහන්ස, ආවරණ රහිත වූ ඒ සර්‍වඥතාඥානය වඳිමි.
Pali BJT4669. සතසහස්සෙ ඉතො{4} කප්පෙ බුද්ධසෙට්ඨං ථවිං අහං, දුග්ගතිං නාභිජානාමි ඤාණත්ථවායිදං{5} ඵලං.
Sinhala BJT4669. මම මෙයින් සියදහස් වන කපෙහි බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තුති කෙළෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සර්‍වඥතාඥානයට පැසසීමෙහි මේ විපාක යි.
Pali BJT4670. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4670. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4671. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4671. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4672. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4672. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඤාණත්ථවිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඤාණත්‍ථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඤාණත්ථවිකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඤාණත්‍ථවික ස්ථවිරාවදානය සිවුවැනියි.
Pali BJT435. උච්ඡුඛණ්ඩිකත්ථෙරාපදානං
Sinhala BJT435. උච්ඡුඛණ්ඩික ස්ථවිරාවදානය
Pali BJT4673. නගරෙ බන්ධුමතියා ද්වාරපාලො අහොසහං, අද්දසං විරජං බුද්ධං සබ්බධම්මාන පාරගුං.
Sinhala BJT4673. මම බන්‍ධුමතී නගරයෙහි ද්වාරපාලක වීමි. (එකල්හි) නිර්‍මල වූ සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ බුදුරජුන් දිටිමි.
Pali BJT4674. උච්ඡුඛණ්ඩකමාදාය බුද්ධසෙට්ඨස්සදාසහං, පසන්නචිත්තො සුමනො විපස්සිස්ස මහෙසිනො.
Sinhala BJT4674. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහර්ෂි වූ විපස්සී නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේහට උක් කඩක් ගෙන දුනිමි.
Pali BJT4675. එකනවුතෙ ඉතො කප්පෙ යං උච්ඡුමදදිං තදා, දුග්ගතිං නාභාජානාමි උච්ඡුඛණ්ඩස්සිදං ඵලං.
Sinhala BJT4675. එකල්හි මෙයින් එක් අනූවන කපෙහි යම් උක් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උක්කඩක් දීමේ මේ විපාක යි.
Pali BJT4676. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4676. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4677. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4677. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4678. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4678. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උච්ඡුකණ්ඩිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් උච්ජුඛණ්ඩික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋච්ඡුඛණ්ඩිකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඋච්ඡුඛණ්ඩිකස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT436 කලම්බදායකත්ථෙරාපදානං
Sinhala BJT436. කලම්බදායක ස්ථවිරාවදානය
Pali BJT4679. රොමසො නාම සම්බුද්ධො වසතී පබ්බතන්තරෙ, කලම්බං තස්ස පාදාසිං පසන්නො සෙහි පාණිහි
Sinhala BJT4679. රෝමස නම් (පසේ) බුදුන් වහන්සේ කඳු අතරෙහි වැඩ වසන සේක. පහන් වූයෙම් (මම) උන්වහන්සේට සියතින් විලපලා දුනිමි.
Pali BJT4680. චතුනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි කලම්බස්ස ඉදං ඵලං.
Sinhala BJT4680. එකල්හි මෙයින් සිවුඅනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. විලපලා දනෙහි මේ විපාක යි.
Pali BJT4681. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4681. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.