Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 6001-6100 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4523. කදම්බං පුප්ඵිතං දිස්වා පග්ගහෙත්වාන අඤ්ජලිං, සත්ත මාලා ගහෙත්වාන පුඤ්ඤචිත්තෙන ඔකිරිං.
Sinhala BJT4523. පිපුණු කොළොම් ගසක් දැක ඇඳිලි බැඳ මල්සතක් ගෙණ පුණ්‍යචිත්තයෙන් උඩට දැමීමි.
Pali BJT4524. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT4524. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT4525. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4525. එකල්හි, මෙයින් සිවු අනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4526. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4526. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.
Pali BJT4527. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4527. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4528. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4528. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සත්තකදම්බපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සත්තකදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසත්තකදම්බපුප්ඵියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTසත්තකදම්බපුප්ඵියස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT425. කොරණ්ඩපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT425. කොරණ්ඩපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT4529. වනකම්මිකො පුරෙ ආසිං පිතුමාතුමතෙනහං,{1} පසුමාරෙන ජීවාමි කුසලං මෙ න විජ්ජති.
Sinhala BJT4529. පෙර මම වනකාර්මිකයෙක් (-දඩයම් කරන්නෙක්) විමි. මම මවුපියන්ගේ අනුමතයෙන් සිවුපාවුන් මැරීමෙන් ජීවත් වෙමි. මට පිනෙක් නැත.
Pali BJT4530. මම ආසයසාමන්තා තිස්සො ලොකග්ගනායකො, පදාති තීණි දස්සෙසි අනුකම්පාය චක්ඛුමා.
Sinhala BJT4530. මාගේ ගෙපැල සමීපයෙහි පසැස් ඇති ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරජ තෙමේ ලෝකානුකම්පාවෙන් තුන් පියවරක් දැක්වී ය.
Pali BJT4531. අක්කන්තෙ ච පදෙ දිස්වා තිස්සනාමස්ස සත්ථුනො, හට්ඨො හට්ඨෙන චිත්තෙන පදෙ චිත්තං පසාදයිං.
Sinhala BJT4531. තිස්ස නම් වූ බුදුරජුන් තැබූ පියවර දැක සතුටු වූයෙම් සතුටු සිතින් පිය සටහනෙහි සිත පැහැදවීමි.
Pali BJT4532. කොරණ්ඩං පුප්ඵිතං දිස්වා පාදපං ධරණීරුහං, සකොටකං{2} ගහෙත්වාන පදසෙට්ඨෙ අපූජයිං.{3}
Sinhala BJT4532. මම පිපීගිය කරඬු රුකක් දැක (එයින්) කිණිති සහිත් මල්ගෙණ ශ්‍රේෂ්ඨ පදලස පිදීමි.
Pali BJT4533. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT4533. මැනැවින් කරණ ලද එම කර්‍මය කරණකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් කරණකොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT4534. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, කොරණ්ඩවණ්ණකො යෙව සප්පභාසො භවාමහං.
Sinhala BJT4534. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද මම කරඬුමල් පැහැ ඇතියෙම් ම ප්‍රභා සහිතයෙම් වෙමි.
Pali BJT4535. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පදපූජායිදං ඵලං.
Sinhala BJT4535. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පදපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4536. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4536. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4537. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4537. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4538. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4538. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කොරණ්ඩපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
Pali BJTකොරණ්ඩපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTකොරණ්ඩපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT426. ඝතමණ්ඩදායකත්ථෙරාපදානං
Sinhala BJT426. ඝතමණ්ඩදායක ස්ථවිරාවදානය
Pali BJT4539. සුචින්තිතං භගවන්තං ලොකජෙට්ඨං නරාසභං. උපවිට්ඨං මහාරඤ්ඤං වාතාබාධෙන පීළිතං. දිස්වා චිත්තං පසාදෙත්වා ඝතමණ්ඩං උපානයිං.
Sinhala BJT4539. (සිවුසස් දහම් පිළිබඳව) මැනැවින් සිතූ ලෝක ජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වු මහවනයට පිවිසියා වූ වාතාබාධයකින් පෙළුනා වූ බුදුරජුන් දැක සිත පහදවා (ඉතා පිරිසිදු) ගිතෙල් මණ්ඩයක් පිළිගැන්වීමි.
Pali BJT4540. කතත්තා ආචිතත්තා ච ගඞ්ගා භාගීරථී අයං, මහාසමුද්දා චත්තාරො ඝතං සම්පජ්ජරෙ මම.
Sinhala BJT4540. (මෙම පුණ්‍ය කර්‍මය) කරණ ලද බැවින් රැස්කරන ලද බැවින් මේ නාගිරථි නදිය ද සිවුමහ මුහුදු ද මට ගිතෙල් සපයති.
Pali BJT4541. අයං ච පඨවී ඝොරා අප්පමාණා අසඞ්ඛියා, මම සඞ්කප්පමඤ්ඤාය භවතෙ මධුසක්ඛරා.
Sinhala BJT4541. මේ ඝෝර වූ අප්‍රමාණ වූ අසංඛ්‍ය වූ පෘථිවිය ද මාගේ අදහස දැන මීසකුරු බවට පත් වේ.
Pali BJT4542. චතුදීපා{1} ඉමෙ රුක්ඛා පාදපා ධරණීරුහා, මම සඞ්කප්පමඤ්ඤාය කප්පරුක්ඛා භවන්ති තෙ.
Sinhala BJT4542. සිවුමහදිවයිනෙහි පොළොවෙහි වැඩුනු මේ සියලු වෘක්‍ෂ පාදපයෝ (වෙත්ද) එ හැම මාගේ අදහස දැන කල්පවෘක්‍ෂයෝ වෙත්.
Pali BJT4543. පඤ්ඤාසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං, එකපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT4543. මම පණස් වරක් දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරවීමි. එක් පණස් වරක් සක්විතිරජ වීමි. (ලබන ලද ) මහත් වූ ප්‍රදේශරාජ්‍යය මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
Pali BJT4544. චතුනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඝතමණ්ඩස්සිදං ඵලං.
Sinhala BJT4544. එකල්හි මෙයින් සිවු අනූවන කපෙහි යම් (ගිතෙල්) දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් මණ්ඩදානයාගේ මේ විපාක යි.
Pali BJT4545. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4545. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4546. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4546. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4547. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4547. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඝතමණ්ඩදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඝතමණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඝතමණ්ඩදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTඝතමණ්ඩදායක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT427. එකධම්මසවණියත්ථෙරාපදානං
Sinhala BJT427. ඒකධම්මසවණිය ස්ථවිරාවදානය
Pali BJT4548. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, චතුසච්චං පකාසෙන්තො සන්තාරෙසි බහුං ජනං.
Sinhala BJT4548. සියලු ධර්‍මයන්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජ තෙමේ සිවුසස් පවසමින් බොහෝ දෙනා (සසරසයුරින්) එතෙර කරවී ය.
Pali BJT4549. අහං තෙන සමයෙන ජටිලො උග්ගතාපනො, ධුනන්තො වාකචීරානි ගච්ඡාමි අම්බරෙ තදා.
Sinhala BJT4549. එසමයෙහි මම උග්‍රතපස් ඇති ජටාධරයෙක් (තවුසෙක්) වීමි. වැහැරිසිවුරු සලමින් අහසෙහි යමි.
Pali BJT4550. බුද්ධසෙට්ඨස්ස උපරි ගන්තුං න විසහාමහං, පක්ඛීව සෙලමාසජ්ජ ගමනං න ලභාමහං.
Sinhala BJT4550. එකල්හි මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ (හිස) මතුයෙහි යන්නට නො සමත් වෙමි. මම ශෛලපර්‍වතයට පැමිණ පක්‍ෂියකු මෙන් ගමන් නො ලබමි.
Pali BJT4551. උදකෙ’වොක්කමිත්වාන එවං ගච්ඡාමි අම්බරෙ, න මෙ ඉදං භූතපුබ්බං ඉරියාපථවිකොපානං.
Sinhala BJT4551. (පෙර) දියෙහි මෙන් කිමිද මෙසේ අහසෙහි යමි. මාගේ මේ ඉරියාපථ විකෝපනය (ඉරියවු වැරදීම) පෙර නො වූ විරූ ය.
Pali BJT4552. හන්දමෙතං ගවෙසිස්සං අප්පෙව’ත්ථං ලභෙය්යහං, ඔරොහන්තො අන්තලික්ඛා සද්දමස්සොසි සත්ථුනො.
Sinhala BJT4552. “ඒකාන්තයෙන් මෙය පිරික්සා බලන්නෙමි. අර්‍ත්‍ථයක් ලබන්නෙම් නම් ඉතා යෙහෙකැ” යි (සිතා) අහසින් බසින්නෙම් බුදුරජුන්ගේ ශබ්දය ඇසීමි.
Pali BJT4553. සරෙන රජනීයෙන සවණීයෙන වග්ගුනා, අනිච්චතං කථෙන්තස්ස තඤ්ඤෙව උග්ගහිං තදා.
Sinhala BJT4553. එකල්හි සිත් ඇලවිය යුතු ශ්‍රවණිය වූ මනෝඥ වූ ස්වරයෙන් අනිත්‍යතාව දෙසන්නා වූ (උන්වහන්ස්ගේ) ඒ ධර්‍මය ම උගතිමි.
Pali BJT4554. අනිච්චසඤ්ඤං උග්ගය්හ අගමාසිං මමස්සමං, යාවතායුං වසිත්වාන තත්ථ කාලකතො අහං.
Sinhala BJT4554. මම අනිත්‍ය සංඥාව ඉගෙන් මාගේ අසපුවට ගියෙමි. එහි දිවි ඇතිතාක් වැස කලුරිය කළෙම් වෙමි.
Pali BJT4555. චරිමෙ වත්තමානම්හි සද්ධම්මමසවණං සරිං, තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT4555. අන්තිම අවස්ථාව පවත්නා කල්හි (-මරණාසන්නයෙහි) එම ධර්‍මශ්‍රවණමය පින සිහි කෙළෙමි. මැනැවින් කරණ ලද එම කර්‍මය කරණ කොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
Pali BJT4556. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිං අහං, එකපඤ්ඤාසක්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං.
Sinhala BJT4556. මම කල්ප තිස්දහසක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක් පණස් වරක් දිව්‍ය රාජ්‍යය ද කරවීමි.
Pali BJT4557. එකවීසතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT4557. මම එක්විසිවරක් සක්විතිරජ වීමි. (ලබන ලද) ප්‍රදේශ රාජ්‍යය මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
Pali BJT4558. අනුභොසිං{1} සකං පුඤ්ඤං සුඛිතොහං භවාභවෙ, අනුස්සරාමි තං සඤ්ඤං සංසරන්තො භවාභවෙ, න කොටිං පටිවිජ්ඣාමි නිබ්බානං අච්චුතං පදං.
Sinhala BJT4558. මම කුදු මහත් භවයෙහි සුඛිත වූයෙම් ස්වකීය පුණ්‍ය (ඵල) ය අනුභව කෙළෙමි. (එසේ ම) කුදු මහත් භවයෙහි සැරිසරමින් එම (අනිත්‍ය) සංඥාව සිහිකරමි. අච්‍යුත පද සඞ්ඛ්‍යාත නිර්‍වාණය නො පිළිවිදිමි.
Pali BJT4559. පිතු ගෙහෙ නිසීදිත්වා සමණො භාවිතින්ද්රියො, කථයං{2} පරිදීපෙන්තො අනිච්චතමුදාහරි.
Sinhala BJT4559. පියාගේ ගෘහයෙහි වැඩ හිඳ (වඩන ලද ශ්‍රද්ධා වීර්‍ය්‍ය ආදි ඉන්‍ද්‍රියයන් ඇති බැවින්) භාවිතින්‍ද්‍රිය වූ ශ්‍රමණ (බුදුරජ) තෙම (සිව්සස්) දක්වමින් (දහම්) දෙසන්නේ (සංස්කාරයන්ගේ) අනිත්‍ය බව වදාළේ ය.
Pali BJT4560. අනිච්චා වත සංඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො.
Sinhala BJT4560. “ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ උත්පත්තිය හා විනාශය ස්වභාව කොට ඇත්තාහ. ඇතිව නැති වෙත්. එම සංස්කාරයන්ගේ සන්හිඳීම සුවයෙකි” යි.
Pali BJT4561. සහ ගාථං සුණිත්වාන පුබ්බසඤ්ඤමනුස්සරිං, එකාසනෙ නිසීදිත්වා අරහත්තමපාපුණිං.
Sinhala BJT4561. ගාථාව ඇසීම හා සමගම පූර්‍ව (අනිත්‍ය) සංඥාව සිහි කෙළෙමි එම අසුනෙහි ම හිඳ රහත් බවට පැමිණියෙමි.
Pali BJT4562. ජාතියා සත්තවස්සෙන අරහත්තමපාපුණිං, උපසම්පාදයී බුද්ධො ධම්මසවණස්සිදං ඵලං.
Sinhala BJT4562. උත්පත්තියෙන් සත්හැවිදිරි කල්හි රහත් බවට පැමිණියෙමි. බුදුරජ තෙම මා උපසපන් කරවීය. ධර්‍මශ්‍රවණයෙහි මේ විපාක යි.
Pali BJT4563. සතසහස්සෙ ඉතො කප්පෙ යං ධම්මමසුණිං තදා, දුග්ගතිං නාභිජානාමි ධම්මසවණස්සිදං ඵලං.
Sinhala BJT4563. එකල්හි මෙයින් සියක් දහස් වන කපෙහි යම් ධර්‍මයක් ඇසුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මශ්‍රවණයාගේ මේ විපාක යි.
Pali BJT4564. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4564. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4565. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4565. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4566. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළිභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4566. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකධම්මසවණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඒකධම්මසවණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකධම්මසවණියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඒකධම්මසවණිය ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT428. සුචින්තිතත්ථෙරාපදානං
Sinhala BJT428. සුචින්තිත ස්ථවිරාවදානය
Pali BJT4567. නගරෙ හංසවතියා අහොසිං කස්සකො තදා, කසිකම්මෙන ජීවාමි තෙන පොසෙමි දාරකෙ.
Sinhala BJT4567. එකල්හි මම හංසවතී නගරයෙහි ගොවියෙක් වීමි. කෘෂිකර්‍මයෙන් ජීවත් වෙමි. එයින් අඹුදරුවන් පෝෂණය කරමි.
Pali BJT4568. සුසම්පන්නං තදා ඛෙත්තං ධඤ්ඤං මෙ ඵලිතං{1} අහු, පාකකාලෙ ච සම්පත්තෙ එවං චින්තෙසහං තදා.
Sinhala BJT4568. එකල්හි කෙත මැනැවින් සමෘද්ධ ය. මාගේ ධාන්‍යය ද ඵල දැරිණි. ශස්‍ය පස්නා දවස් පැමිණි කල්හි මම මෙසේ සිතීමි.
Pali BJT4569. නච්ඡන්නං නප්පතිරූපං ජානන්තස්ස ගුණාගුණං, යො’හං සඞ්ඝෙ අදත්වාන අග්ගං භුඤ්ජෙය්ය චෙ තදා.
Sinhala BJT4569. “යම් බඳු වූ මම ඉදින් අග්‍රශස්‍යය සඞ්ඝයාට නො දී වළදන්නෙම් නම්, එකල්හි ගුණ-අගුණ දන්නා වූ මා වැනියනට එය නුසුදුසු ය. නො හොබනේ ය.
Pali BJT4570. අයං බුද්ධො අසමසමො ද්වත්තිංසවරලක්ඛණො, තතො පභාවිතො සඞ්ඝො පුඤ්ඤක්ඛෙත්තො අනුත්තරො.
Sinhala BJT4570. මේ දෙතිස්මහපුරිස්ලකුණෙන් හෙබි අසමසම බුදුරජ තෙමේ ය. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝ තෙම එයින් (-එම බුදුරජුන්ගෙන්) ප්‍රභූත වීය.
Pali BJT4571. තත්ථ දස්සාමහං දානං නවසස්සං පුරෙ පුරෙ, එවාහං චින්තයිත්වාන හට්ඨො පීණිතමානසො.
Sinhala BJT4571. මම පළමු පළමුව එම සඞ්ඝයා කෙරෙහි නවශස්‍යදානය දෙමි. මම මෙසේ සිතා සතුටු වූයෙම් පිනා ගිය සිත් ඇත්තෙම් ද (වීමි).
Pali BJT4572. ඛෙත්තතො ධඤ්ඤමාහත්වා{2} සම්බුද්ධමුපසඞ්කමිං, උපසඞ්කම්ම සමුබුද්ධං ලොකජෙට්ඨං නරාසභං, වන්දිත්වා සත්ථුනො පාදෙ ඉමං වචනමබ්රවිං.
Sinhala BJT4572. කෙතින් ධාන්‍ය ගෙණවුත් බුදුරජුන් වෙත එළඹියෙමි. නරශ්‍රේෂ්ඨ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ සම්බුදුරජුන් වෙත එළඹ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ මෙම වචනය කීමි.
Pali BJT4573. නවසස්සං ච සම්පන්නං ආයාගො පි{3} ච ත්වං මුනෙ, අනුකම්පමුපාදාය අධිවාසෙහි චක්ඛුම.
Sinhala BJT4573. “නවශස්‍යය ද සමෘද්ධ විය. මුනීන්වහන්ස, දක්‍ෂිණාර්‍හයන් වහන්සේ ද ඔබ වෙහි ය. පසැස් ඇත්තානන් වහන්ස, අනුකම්පාව උපදවා මෙය ඉවසා වදාළ මැනව.”
Pali BJT4574. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම සඞ්කප්පමඤ්ඤාය ඉමං{4} වචනමබ්රවි.
Sinhala BJT4574. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ අදහස දැන මෙම වචනය කීය:
Pali BJT4575. “චත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතා, එස සඞ්ඝො උජුභූතො පඤ්ඤාසීලසමාහිතො.
Sinhala BJT4575. ප්‍රතිපන්නයෝ (මාර්‍ගස්ථ) සිවු දෙනෙකි. (සෝවන් ඈ සිවු) පෙළෙහි සිටියෝ සිවු දෙනෙකි. මේ ප්‍රඥාශීලයෙන් යුත් ඍජු භුත සඞ්ඝයා යි.
Pali BJT4576. යජන්තානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛානපාණිනං, කරොතොපධිකං පුඤ්ඤං සඞ්ඝෙ දින්නං මහප්ඵලං.
Sinhala BJT4576. පින් කැමැත්තා වූ භවසම්පත් දෙන ඔපධික පුණ්‍යකර්‍ම කරන්නා වූ දන් දෙන මිනිසුන්හට සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේ.
Pali BJT4577. තස්මිං සඞ්ඝෙ පදාතබ්බං{1} නවසස්සං{2} තථෙතරං, සඞ්ඝතො උද්දිසිත්වාන භික්ඛූ නෙත්වාන සංඝරං, පටියත්තං ඝරෙ යන්තං{3} භික්ඛුසඞ්ඝස්ස දෙහි ත්වං.”
Sinhala BJT4577. ඒ සඞ්ඝයා කෙරෙහි පිදිය යුතු වූ නවශස්‍ය ද එසේ ම එයින් අධික් තවත් දැය ද සඟුන් උදෙසා භික්‍ෂූන් සිය ගෙදොරට වැඩමවා (තමන් විසින්) ගෘහයෙහි යමක් පිළියෙළ කරණ ලද නම් එය තෙපි භික්‍ෂුසඞ්ඝයාට දෙව.”
Pali BJT4578. සඞ්ඝතො උද්දිසිත්වාන භික්ඛු නෙත්වානහං ඝරං, යං ඝරෙ පටියත්තං මෙ භික්ඛුසඞ්ඝස්සදාසහං.
Sinhala BJT4578. මම සඟුන් උදෙසා භික්‍ෂූන් (සිය) ගෙද්‍රෙරට වැඩමවා මා විසින් ගෘහයෙහි යමක් පිළියෙළ කරණ ලද නම් (එය) භික්‍ෂු සඞ්ඝයාට දුනිමි.
Pali BJT4579. තෙන කම්මෙන සුකතෙන චෙතනා පණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT4579. මැනැවින් කරණ ලද එම කර්‍මය හේතුකොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT4580. තත්ථ මෙ සුකතං ව්යම්හං සොවණ්ණං සප්පභස්සරං, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
Sinhala BJT4580. එහි මැනැවින් කරණ ලද මාගේ විමානය ස්වර්‍ණවර්‍ණ ය. ප්‍රභා සහිත ය. සැට යොදුන් උස් ය. තිස්යොදුන් පුළුල් ය.
Pali BJT(එකූනවීසතිමං භාණවාරං.)
Sinhala BJT(එකුන්විසිවැනි බණවර යි.)
Pali BJT4581. ආකිණ්ණං භවනං මය්හං නාරීගණසමාකුලං, තත්ථ භුත්වා පිවිත්වා ච වසාමි තිදසෙ අහං.
Sinhala BJT4581. මාගේ භවනය ආකීර්‍ණ ය. දිව්‍යස්ත්‍රී සමූහයාගෙන් ගැවසී ගත්තේ ය. මම ඒ තිදසෙහි කා-බී වසමි.
Pali BJT4582. සතානං තීණික්ඛත්තුං ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුං ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT4582. මම තුන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විතිරජ වීමි. (ලබන ලද) ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
Pali BJT4583. භවාභවෙ සංසරන්තො ලභාමි අමිතං ධනං, භොගෙ මෙ ඌනතා නත්ථි නවසස්සස්සිදං ඵලං.
Sinhala BJT4583. කුදුමහත් භවයෙහි සැරිසරන්නෙම් අපමණ ධනය ලබමි. මාගේ භෝගයෙහි අඩු බවෙක් නැත. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
Pali BJT4584. හත්ථියානං අස්සයානං සිවිකං සන්දමානිකං, ලභාමි සබ්බමෙවෙතං නවසස්සස්සිදං ඵලං.
Sinhala BJT4584. හස්තියාන ය, අශ්වයාන ය, සිවිකා ය, පල්ලැක්කි ය, යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
Pali BJT4585. නවවත්ථං නවඵලං නවග්ගරසභොජනං, ලභාමි සබ්බමෙවෙතං නවසස්සස්සිදං ඵලං.
Sinhala BJT4585. අභිනව වස්ත්‍ර ද අභිනව ඵල ද අභිනව වූ අග්‍රරසභෝජන ද යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
Pali BJT4586. කොසෙය්යකම්බලියානි ඛොමකප්පාසිකානි ච, ලභාමි සබ්බමෙවෙතං නවසස්සස්සිදං ඵලං.
Sinhala BJT4586. කෝසෙය්‍ය ය, කම්බල ය, ඛොම (කොමු) ය, කප්පාසික (-කපු) ය, යන මේ සියලු වස්ත්‍රවිශේෂ ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
Pali BJT4587. දාසීගණං දාසගණං නාරියො ච අලඞ්කතා, ලභාමි සබ්බමෙවෙතං නවසස්සස්සිදං ඵලං.
Sinhala BJT4587. ද්‍රසී සමූහයා ද, ද්‍රසසමූහයා ද, අබරණින් සරසන ලද ස්ත්‍රීහු ද යන මේ සියල්ල ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
Pali BJT4588. න මං සීතං වා උණ්හං වා පරිළාහො න විජ්ජති, අථො චෙතසිකං දුක්ඛං හදයෙ මෙ න විජ්ජති.
Sinhala BJT4588. මට ශීතය හෝ උෂ්ණය හෝ දැවීමක් හෝ නැත. යලි මාගේ හෘදයයෙහි චෛතසික දුකකුදු නැත.
Pali BJT4589. ඉමං ඛාද ඉමං භුඤ්ජ ඉමම්හි සයනෙ සය, ලභාමි සබ්බමෙවෙතං නවසස්සස්සිදං ඵලං.
Sinhala BJT4589. “මෙය කව, මෙය අනුභව කරව, මෙම සයනයෙහි සැතපෙව” යන මේ (මිහිරි වචන) සියල්ල ම ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
Pali BJT4590. අයං පච්ඡිමකොදානි චරිමො වත්තතෙ භවො, අජ්ජාපි දෙය්යධම්මො{1} මෙ ඵලං තොසෙති සබ්බදා.
Sinhala BJT4590. මේ මාගේ (භවයෙහි) අවසානය යි. දැන් අන්තිම භවය පවතී. අද පවා මාගේ දේයධර්‍මයෙහි ඵලය හැම කල් මා සතුටු කරයි.
Pali BJT4591. නවසස්සං දදිත්වාන සඞ්ඝෙ ගණවරුත්තමෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT4591. අති උතුම් සඞ්ඝසමූහයා කෙරෙහි නවශස්‍ය දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් අටක් විඳිමි.
Pali BJT4592. වණ්ණවා යසවා හොමි මහාභොගො අනීතිකො, මහෙසක්ඛො{2} සදා හොමි අභෙජ්ජපරිසො සදා.
Sinhala BJT4592. මහත් භෝගසම්පත් ඇත්තෙම්, යශස් ඇත්තෙම්, වර්‍ණවත් වූයෙම් වෙමි. හැම කල්හි මහත් වූ පිරිවර ඇත්තෙම් ද, නො බිඳිය හැකි පිරිස් ඇත්තෙම් ද වෙමි.
Pali BJT4593. සබ්බෙ මං අපචායන්ති යෙ කෙචි පඨවිස්සිතා, දෙය්යධම්මා ච යෙ කෙචි පුරෙ පුරෙ ලභාමහං.
Sinhala BJT4593. පෘථිවිය ඇසුරු කළා වූ යමෙක් වෙත් නම් ඒ සියල්ලෝ මට ගරු බුහුමන් කෙරෙත්. යම්කිසි දෙය්‍යධර්‍මකෙනෙක් වෙත් නම් එය ද මම පළමු පළමු ලබමි.
Pali BJT4594. භික්ඛුසඞ්ඝස්ස වා මජ්ඣෙ බුද්ධසෙට්ඨස්ස සම්මුඛා, සබ්බෙපි සමතික්කම්ම දෙන්ති මය්හෙව{3} දායකා.
Sinhala BJT4594. බික්සඟන මැද හෝ බුදුරජුන් හමුවෙහි හෝ දායකයෝ සියල්ලන් ඉක්මවා මට ම දෙති.
Pali BJT4595. පඨමං නවසස්සං හි දත්වා සඞ්ඝෙ ගණුත්තමෙ, ඉමානිසංසෙ අනුභොමි නවසස්සස්සිදං ඵලං.
Sinhala BJT4595. උතුම් සඞ්ඝසමූහයා කෙරෙහි පළමු කොට නවශස්‍ය දී මෙම අනුසස් ලබමි. නවශස්‍යදානයාගේ මේ විපාක යි.
Pali BJT4596. සතසහස්සෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි නවසස්සස්සිදං ඵලං.
Sinhala BJT4596. එකල්හි මෙයින් සියදහස් වන කපෙහි වූ යම් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නවශස්‍ය දානයාගේ මේ විපාක යි.
Pali BJT4597. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4597. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4598. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4598. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4599. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4599. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුචින්තිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසුචින්තිතත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTසුචින්තිතස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT429. සොණ්ණකිඞ්කණියත්ථෙරාපදානං
Sinhala BJT429. සෝවණ්ණකිඞ්කණිය ස්ථවිරාවදානය
Pali BJT4600. සද්ධාය අභිනික්ඛම්ම පබ්බජිං අනගාරියං, වාකචීරධරො ආසිං තපොකම්මමපස්සිතො.
Sinhala BJT4600. සැදැහැයෙන් (ගිහිගෙන්) නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. තපොකර්‍මයෙහි අපේක්‍ෂිත වූයෙම් වැහැරි සිවුරු දරන්නෙම් වීමි.
Pali BJT4601. අත්ථදස්සී තු භගවා ලොකජෙට්ඨො නරාසභො, උප්පජ්ජි තම්හි සමයෙ තාරයන්තො මහාජනං.
Sinhala BJT4601. එසමයෙහි ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ මහාජනයා (සසර සයුරින්) තරණය කරමින් (ලොව) පහළ විය.
Pali BJT4602. බලඤ්ච වත මෙ ඛීණං ව්යාධිනා පරමෙන තු, බුද්ධසෙට්ඨං සරිත්වාන පුලිනෙ ථූපමුත්තමං-
Sinhala BJT4602. දැඩි ව්‍යාධියකින් මාගේ බලය ද ඒකාන්තයෙන් ක්‍ෂය වීය. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කොට වැලිතෙලෙහි උතුම් සෑයක්-
Pali BJT4603. කරිත්වා හට්ඨචිත්තොහං සහත්ථෙන සමොකිරිං, සොණ්ණකිඞ්කණිපුප්ඵානි උදග්ගමනසො අහං.
Sinhala BJT4603. කොට මම සතුටු සිත් ඇත්තෙම් ඔද වැඩි සිතැත්තෙම් සියතින් රන් කිකිණි මල් විසිර වීමි. (-පිදීමි.)
Pali BJT4604. සම්මුඛා විය සම්බුද්ධං ඵූපං පරිචරිං අහං, තෙන චෙතොපසාදෙන අත්ථදස්සිස්ස තාදිනො.
Sinhala BJT4604. මම බුදුරජුන් හමුයෙහි මෙන් සෑයට වතාවක් කෙළෙමි. තාදීගුණ ඇති අත්‍ථදස්සී බුදුරජුන්හට කරණ ලද එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ-
Pali BJT4605. දෙවලොකං ගතො සන්තො ලභාමි විපුලං සුඛං, සුවණ්ණවණ්ණො තත්ථාසිං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4605. දෙව්ලොව ගියෙම් මහත් වූ සැප ලබමි. එහි ස්වර්‍ණවර්‍ණ වූයෙම් වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4606. අසීතිකොටියො මය්හං නාරියො සමලඞ්කතා, සදා මය්හං උපට්ඨන්ති බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4606. මට මනා අබරණින් සරසන ලද ස්ත්‍රීහු අසූකෝටියකි. ඔහු තුමූ හැම කල්හි මට උවටැන් කෙරෙත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.