Pali BJT4442. භවාභවෙ සංසරන්තො ලභාමි අමිතං ධනං, භොගෙ මෙ ඌනතා නත්ථි පත්ථොදනස්සිදං ඵලං.
Sinhala BJT4442. කුදුමහත් භවයෙහි සැරිසරමින් අපමණ ධනය ලබමි. මාගේ භෝගසම්පත්තියෙහි අඩුබවෙක් නැත. බත්පතක් දීමෙහි මේ විපාක යි.
Pali BJT4443. නදීසොතපටිභාගා භොගා නිබ්බත්තරෙ මම, පරිමෙතුං න සක්කොමි පත්ථොදනස්සිදං ඵලං.
Sinhala BJT4443. මට ගඟදියදහර මෙන් භෝගසම්පත්තීහු නිපැදෙත්. පමණ කළ නො හැක්කෙමි. බත්පතක් දීමෙහි මේ විපාක යි.
Pali BJT4444. ඉමං ඛාද ඉමං භුඤ්ජ ඉමම්හි සයනෙ සය, තෙනාහං සුඛිතො හොමි පත්ථොදනස්සිදං ඵලං.
Sinhala BJT4444. ‘මෙය කව, මෙය වළඳව, මේ යහන්හි හොව’ යි ඒ පැවරීමෙන් මම සුඛිත වෙමි. බත්පතක් දීමෙහි මේ විපාක යි.
Pali BJT4445. චතුනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පත්ථොදනස්සිදං ඵලං.
Sinhala BJT4445. එකල්හි මෙයින් සිවුඅනූවන කප්හි යම් දනක් දුනිම් ද එයින් දුගතියක් නො දනිමි. බත්පතක් දීමෙහි මේ විපාක යි.
Pali BJT4446. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4446. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4447. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4447. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4448. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4448. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පත්ථොදනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාතී.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් පත්‍ථොදනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTපත්ථොදනදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTපත්‍ථොදනදායක ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT420. මඤ්චදායකත්ථෙරාපදානං
Sinhala BJT420. මඤ්චදායක ස්ථවිරාවදානය
Pali BJT4449. පරිනිබ්බුතෙ කාරුණිකෙ සිද්ධත්ථෙ ලොකනායකෙ, විත්ථාරිතෙ පාවචනෙ දෙවමානුසසක්කතෙ.
Sinhala BJT4449. කාරුණික වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් පිරිනිවි කල්හි දෙවිමිනිසුන් විසින් සත්කාර කරණ ලද (උන්වහන්සේගේ) සසුන පැතිරී යන කල්හි,
Pali BJT4450. චණ්ඩාලො ආසහං තත්ථ ආසන්දිපීඨකාරකො, තෙන කම්මෙන ජීවාමි තෙන පොසෙමි දාරකෙ.
Sinhala BJT4450. මම එහි දික්සඟලාපුටු තනන්නා වූ සැඩොලෙක් වීමි. එම කර්‍මාන්තයෙන් ජීවත් වෙමි. එයින් අඹුදරු පෝෂණය කරමි.
Pali BJT4451. ආසන්දිං සුකතං කත්වා පසන්නො සෙහි පාණිහි, සයමෙවුපගන්ත්වාන භික්ඛුසඞ්ඝස්ස’දාසහං.
Sinhala BJT4451. මම පහන් වූයෙම් සියතින් ම දික්හඟලා පුටුවක් මැනවින් කොට තමන් ම ගොස් භික්‍ෂුසඞ්ඝයාට දිනිමි.
Pali BJT4452. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT4452. මැනවින් කරණ ලද කර්‍මය ද චිත්තප්‍රණිධීන් ද කරණකොට ගෙණ මම මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
Pali BJT4453. දෙවලොකගතො සන්තො මොදාමි තිදසඞ්ගණෙ,{1} සයනානි මහග්ඝානි නිබ්බත්තන්ති යදිච්ඡකං.
Sinhala BJT4453. දෙව්ලොව ගියෙම් තිදස්දෙව්ගණයෙහි සතුටු වෙමි. රිසි සේ මාහැඟි සයනයෝ නිපැයෙත්.
Pali BJT4454. පඤ්ඤාසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං, අසීතික්ඛත්තුං රාජා ච චක්කවත්තී අහොසහං.
Sinhala BJT4454. පණස් වරක් දේවේන්‍ද්‍ර වූයෙම් දිව්‍ය රාජ්‍යය කරවීමි. අසූවරක් සක්විති රජ වීමි.
Pali BJT4455. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං, සුඛිතො යසවා හොමි මඤ්චදානිස්සිදං ඵලං.
Sinhala BJT4455. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නො හෙයි. සුඛිත වූයෙම් යශස් ඇත්තෙම් ද වෙමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
Pali BJT4456. දෙවලොකා චවිත්වාන එමි චෙ මානුසං භවං, මහාරහා සුසයනා සයමෙව භවන්ති මෙ.
Sinhala BJT4456. ඉදින් දෙව්ලොවින් ච්‍යුතව මිනිස් ලොවට එම් නම් මට මාහැඟි සයනයෝ තුමූ ම පහළ වෙත්.
Pali BJT4457. අයං පච්ඡිමකො මය්හං චරිමො වත්තතෙ භවො, අජ්ජාපි සයනෙ කාලෙ{1} සයනං උපතිට්ඨති.
Sinhala BJT4457. මේ මාගේ පශ්චිම වූ අන්තිම භවය පවතී. අදත් හෝනා කල්හි සයනයක් එළඹ සිටී.
Pali BJT4458. චතුනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මඤ්චදානස්සිදං ඵලං.
Sinhala BJT4458. එකල්හි මෙයින් සිවු අනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
Pali BJT4459. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4459. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4460. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4460. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4461. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4461. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මඤ්චදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි
Pali BJTමඤ්චදායකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTමඤ්චදායක ස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTභද්දාලී එකඡත්තො ච තිණසූලො ච මංසදො, නාගපල්ලවිකො දීපී උච්ඡඞ්ගී යාගුදායකො. පත්ථොදනී මඤ්චදදො ගාථායො ගණිතා චිහ, ද්වෙසතානි ච ගාථානං ගාථා චෙකා තදුත්තරිං.{*}
Sinhala BJTභද්දාලි ඒකඡත්ත තිණසූල ද මංස ද නාගපල්ලවික දීපී උච්ඡඞ්ගී යාගුදායක පත්‍ථොදනී මඤ්චදද දසවත් ය මෙහි දැක් වූ දෙසිය එක් ගයකින් එය ගිණූයේ.
Pali BJTභද්දාලිවග්ගො ද්වාචත්තාළිසතිමො.
Sinhala BJTභද්දාලිවර්‍ගය දෙසාළිස් වැනි යි.
Pali BJT43. සකිංසම්මජ්ජකවග්ගො
Sinhala BJT43. සකිංසම්මජ්ජක වර්‍ගය
Pali BJT421. සකිංසම්මජ්ජකත්ථෙරාපදානං.
Sinhala BJT421. සකිංසම්මජ්ජක ස්ථවිරාවදානය
Pali BJT4462. විපස්සිනො භගවතො පාටලිං බොධිමුත්තමං, දිස්වාව තං පාදපග්ගං තත්ථ චිත්තං පසාදයිං.
Sinhala BJT4462. විපස්සී බුදුරජුන්ගේ උතුම් වූ පාටලී (=පළොල්) බෝධි වෘක්‍ෂරාජයා දැක එහි සිත පැහැද වීමි.
Pali BJT4463. සම්මජ්ජනිං ගහෙත්වාන බොධිං සම්මජ්ජි තාවදෙ, සම්මජ්ජිත්වාන තං බොධිං අවන්දිං පාටලිං අහං.
Sinhala BJT4463. එකෙණෙහි මම මුස්න ගෙණ බෝ (මළුව) හැමැද්දෙමි. හැමැද ඒ පාටලී බෝධියට වැන්දෙමි.
Pali BJT4464. තත්ථ චිත්තං පසාදෙත්වා සිරෙ කත්වාන අඤ්ජලිං, නමස්සමානො තං බොධිං ගච්ඡිං පටිකූටී{2} අහං.
Sinhala BJT4464. මම එහි සිත පහදවා හිසෙහි ඇඳිලි බැඳ ඒ බෝධියට (ගෞරවයෙන්) නැමුනෙම් (ඉවත්ව) ගියෙමි.
Pali BJT4465. චාරිමග්ගෙන{3} ගච්ඡාමි සරන්තො බොධිමුත්තමං, අජගරො මං පීළෙසි ඝොරරූපො මහාබලො.
Sinhala BJT4465. (මම) උතුම් බෝධිය සිහිකෙරෙමින් අඩිපාරකින් යමි. (එහි දී) මහත් බල ඇති ඝෝර රූප වූ පිඹුරෙක් මා පෙළී ය.
Pali BJT4466. ආසන්නෙ මෙ කතං කම්මං ඵලෙන තොසයී මමං, කළෙබරං{1} මෙ ගිලති දෙවලොකෙ රමාමහං
Sinhala BJT4466. මරණාසන්නයෙහි මා විසින් කරණ ලද (බෝධිපූජා) කර්‍මය විපාකයෙන් මා සතුටු කරවී ය. (පිඹුරා) මාගේ ශරීරය ගිලියි. මම දෙව්ලොව සිත් අලවා වසමි.
Pali BJT4467. අනාවිලං මම චිත්තං විසුද්ධං පණ්ඩරං සදා, සොකසල්ලං න ජානාමි චිත්තසන්තාපනං මම.
Sinhala BJT4467. මාගේ සිත හැමකල්හි නිශ්චල ය. පිරිසිදු ය. නිර්‍මල ය. ශෝකශූලයක් හෙවත් ශෝකයෙන් ඇතිවන පීඩාවක් නො දනිමි. මාගේ චිත්තසන්තාපයක් ද නො දනිමි.
Pali BJT4468. කුට්ඨං ගණ්ඩො කිලාසො ච අපමාරො විතච්ඡිකා, දද්දු කණ්ඩු ච මෙ නත්ථි ඵලං සම්මජ්ජනෙ ඉදං.{2}
Sinhala BJT4468. කුෂ්ට ය, ගණ්ඩ (=ගෙඩි) ය, කිලාස (=කැසිලි) ය. අපස්මාර (=මීමැස්මොර) ය, විතච්ඡිකා (සම ගැල්වී යන කුෂ්ට) ය, දද්දු (=දද) ය, කණ්ඩු (=කැසුම්) ය යන මේ රෝගයෝ මට නැත. මේ හැමදීමේ විපාක යි.
Pali BJT4469. සොකො ච පරිදෙවො ච හදයෙ මෙ න විජ්ජති, අභන්තං උජුකං චිත්තං ඵලං සම්මජ්ජනෙ ඉදං.
Sinhala BJT4469. ශෝකය ද, පරිදේව (=වැලපීම) ද මාගේ හෘදයෙහි (සිතෙහි) නැත. සිත භ්‍රාන්ත නො වූයේ (=තැති නො ගත්තේ) ඍජු ය. මෙය හැමදීමෙහි විපාක යි.
Pali BJT4470. සමාධීසු න සජ්ජාමි{3} විසදං හොති මානසං, යං යං සමාධිමිච්ඡාමි සො සො සම්පජ්ජතෙ මම.{4}
Sinhala BJT4470. සමාධීන්හි නො ලැගෙමි. සිත ප්‍රකට (=පැහැදිලි) ය. යම් යම් සමාධියක් කැමැත්තෙම් නම් ඒ ඒ සමාධිය මට සමෘද්ධ වේ.
Pali BJT4471. රජනීයෙ න රජ්ජාමි අථො දොසනියෙසු ච,{5} මොහනීයෙ න මුය්හාමි ඵලං සම්මජ්ජනෙ ඉදං.
Sinhala BJT4471. ඇලිය යුතු දැයෙහි නො ඇලෙමි. යලි ද්වේෂ කටයුතු දැයෙහි (ද්වේෂ නො කරමි). මුළා විය යුතු දැයෙහි මුළා නො වෙමි. මෙය හැමදීමෙහි විපාක යි.
Pali BJT4472. එකනවුතෙ ඉතො{6} කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලං සම්මජ්ජනෙ ඉදං.
Sinhala BJT4472. එකල්හි, මෙයින් එක් අනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හැමදීමෙහි මේ විපාක යි.
Pali BJT4473. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ච බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4473. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4474. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4474. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ද, අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4475. පටිසම්භිදා චතස්සො විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4475. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සකිංසම්මජ්ජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් සකිංසම්මජ්ජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසකිංසම්මජ්ජකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTසකිංසම්මජ්ජක ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT422. එකදූස්සදායකත්ථෙරාපදානං
Sinhala BJT422. ඒකදුස්සදායක ස්ථවිරාවදානය
Pali BJT4476. නගරෙ හංසවතියා අහොසිං තිණහාරකො, තිණහාරෙන ජීවාමි තෙන පොසෙමි දාරකෙ.
Sinhala BJT4476. මම හංසවතී නගරයෙහි තෘණහාරකයෙක් - තණවෙළෙඳෙක් වීමි. තෘණ විකිණිමෙන් ජීවත් වෙමි. එයින් අඹුදරුවන් පෝෂණය කරමි.
Pali BJT4477. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, තමන්ධකාරං නාසෙත්වා උප්පජ්ජි ලොකනායකො.
Sinhala BJT4477. සර්‍වධර්‍මයන්ගේ පරතෙරට ගිය ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජ තෙම මෝහාන්‍ධකාරය නසා ලොව පහළ විය.
Pali BJT4478. සකෙ ඝරෙ නිසීදිත්වා එවං චිත්තෙසි තාවදෙ, බුද්ධො ලොකෙ සමුප්පන්නො දෙය්යධම්මො න විජ්ජති.
Sinhala BJT4478. එකෙණෙහි (මම) ස්වකීය ගෘහයෙහි මෙසේ සිතීමි: බුදුරජතෙමේ ලොව පහළ විය. දෙය්‍යධර්‍මයක් (=දියයුතු දෙයක්) නැත.
Pali BJT4479. ඉදං මෙ සාටකං එකං නත්ථි මෙ කොචි දායකො, දුක්ඛො නිරයසම්ඵස්සො රොපයිස්සාමි දක්ඛිණං.
Sinhala BJT4479. මේ මාගේ එක ම සාටක (=වස්ත්‍ර) ය යි. මට අනෙක් දෙන කෙනෙක් ද නැත. නිරයස්පර්‍ශය (=නිරයෙහි දැවීම) දුකය. දක්‍ෂිණාවක් (=දානමය පුණ්‍යබීජයක්) රෝපණය කරන්නෙමි යි.
Pali BJT4480. එවාහං චින්තයිත්වාන සකං චිත්තං පසාදයිං, එකං දුස්සං ගහෙත්වාන බුද්ධසෙට්ඨස්සදාසහං.
Sinhala BJT4480. මම මෙසේ සිතා සිය සිත පැහැද වීමි. මම එක ම වස්ත්‍රය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
Pali BJT4481. එකදුස්සං දදිත්වාන උක්කුට්ඨිං සම්පවත්තයිං, යදි බුද්ධො ත්වං වීර තාරෙහි මං මහාමුනි.
Sinhala BJT4481. එක ම වස්ත්‍රය දී ප්‍රීතිඝෝෂා පැවැත් වීමි. “මහාමුනීන් වහන්ස, වීරයන් වහන්ස, ඉදින් ඔබ බුදුවරයෙක් නම් මා (සසරසයුරින්) එතෙර කරණු මැනව.”
Pali BJT4482. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම දානං පකිත්තෙන්තො අකා මෙ අනුමොදනං:
Sinhala BJT4482. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ දානය පසසන්නේ මට අනුමෝදනා කෙළේ ය:
Pali BJT4483. “ඉමිනා එකදුස්සෙන චෙතනාපණිධීහි ච, කප්පසතසහස්සානි විනිපාතං න ගච්ඡසි.
Sinhala BJT4483. “මේ එක ම වස්ත්‍රදානය හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද, කල්පලක්‍ෂයක් (ඔබ) දුගතියකට නොයේ.
Pali BJT4484. ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සසි, තෙත්තිංසක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සසි.
Sinhala BJT4484. සතිස් වරක් දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නෙහි ය. තෙතිස් වරක් සක්විතිරජ වන්නෙහි ය.
Pali BJT4485. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං, දෙවලොකෙ මනුස්සෙ වා සංසරන්තො තුවං භවෙ.
Sinhala BJT4485. (ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නො හෙයි. ඔබ දෙව්ලොව හෝ මිනිස්ලොව හෝ භවයෙහි සැරිසරනේ ය.
Pali BJT4486. රූපවා ගුණසම්පන්නො අනවක්කන්තදෙහවා, අක්ඛොභං අමිතං දුස්සං ලභිස්සසි යදිච්ඡකං.”
Sinhala BJT4486. රූමත් වූයේ ගුණවත් වූයේ අනුන් විසින් මැඩ පැවැත්විය නො හැකි දේහයක් ඇත්තේ කැමැති පරිදි නිසල වූ අපමණ වූ වස්ත්‍ර ලබන්නෙහි ය.”
Pali BJT4487. ඉදං වත්වාන සම්බුද්ධො ජලජුත්තමනායකො, නභං අබ්භුග්ගමී ධීරො හංසරාජා’ව අම්බරෙ.
Sinhala BJT4487. ප්‍රාඥ වූ පදුමුත්තර නම් වූ බුදුරජ තෙම මෙය වදාරා අහසෙහි (යන) හස්රදකු මෙන් අහසට නැංගේ ය.
Pali BJT4488. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, භොගෙ මෙ ඌනතා නත්ථි එකදුස්සස්සිදං ඵලං.
Sinhala BJT4488. දිව්‍ය වූ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, මාගේ භෝගසම්පත්තියෙහි අඩුබවෙක් නැත. එක ම වස්ත්‍රදානයාගේ ඒ විපාක යි.
Pali BJT4489. පදුද්ධාරෙ පදුද්ධාරෙ දුස්සං නිබ්බත්තතෙ මම, හෙට්ඨා දුස්සම්හි තිට්ඨාමි උපරිච්ඡදනං මම.
Sinhala BJT4489. පියවරක් පියවරක් පාසා මට වස්ත්‍ර උපදී. වස්ත්‍ර යට සිටිමි. මට උඩුවියනක් වේ.
Pali BJT4490. චක්කවාළමුපාදාය සකානනං සපබ්බතං, ඉච්ඡමානො චහං අජ්ජ දුස්සෙහච්ඡාදයෙය්ය තං.
Sinhala BJT4490. මම අද කැමැති වන්නෙම් නම් සක්වළගල පටන් කොට වනයක් සහිත පර්‍වතයන් සහිත ඒ හැම තැන වස්ත්‍රයෙන් වසන්නෙමි.
Pali BJT4491. තෙනෙව එකදුස්සෙන සංසරන්තො භවාභවෙ, සුවණ්ණවණ්ණො හුත්වාන සංසරාමි භවාභවෙ.
Sinhala BJT4491. ඒ එක ම වස්ත්‍රදානය හේතු කොට ගෙණ කුදුමහත් භවයන්හි සැරිසරන්නෙම් ස්වර්‍ණවර්‍ණ ව සැරිසරමි.
Pali BJT4492. විපාකං එකදුස්සස්ස නාජ්ඣගං කත්ථචික්ඛයං, අයං මෙ අන්තිමා ජාති විපච්චති ඉධාපි මෙ.
Sinhala BJT4492. එක ම වස්ත්‍රදානයාගේ විපාකය කිසිතැනෙක්හි ක්‍ෂයට නො පැමිණියේ ය. මේ මාගේ අන්තිම ජාතිය යි. මෙහි ද මට (එය) විපාක දෙයි.
Pali BJT4493. සතසහස්සෙ ඉතො කප්පෙ යං දුස්සමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි එකදුස්සස්සිදං ඵලං.
Sinhala BJT4493. එකල්හි මෙයින් ලක්‍ෂයක් වන කපෙහි යම් වස්ත්‍රයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. එක ම වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
Pali BJT4494. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4494. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4495. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4495. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4496. පටිසම්භිදා චතස්සො විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4496. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකදුස්සදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඒකදුස්සදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකදුස්සදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTඒකදුස්සදායක ස්ථවිරාවදානය දෙවැනි යී.
Pali BJT423. එකාසනදායකත්ථෙරාපදානං
Sinhala BJT423. ඒකාසනදායක ස්ථවිරාවදානය
Pali BJT4497. හිමවන්තස්ස අවිදූරෙ ගොසිතො නාම පබ්බතො, අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා.
Sinhala BJT4497. හිමවතට නුදුරෙහි ගෝසිත නම් පර්‍වතයක් විය. මට (එහි) අසපුවක් කරණ ලදි. පන්සලක් ද මවන ලදි.
Pali BJT4498. නාරදො ඉති නාමෙන කස්සපො ඉති මං විදූ, සුද්ධිමග්ගං ගවෙසන්තො වසාමි ගොසිතෙ තදා.
Sinhala BJT4498. එකල්හි මම නමින් නාරද වෙමි. (ලෝවැස්සෝ) මා කස්සප යයි ද දනිති. නිර්‍වාණමාර්‍ගය සොයමින් ගෝසිත පර්‍වතයෙහි වසමි.
Pali BJT4499. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, විවෙකකාමො සම්බුද්ධො ආගච්ඡි අනිලඤ්ජසා.
Sinhala BJT4499. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර බුදුරජ තෙමේ විවෙකසුව කැමැත්තේ අහසින් (එවනයට) වැඩියේ ය.
Pali BJT4500. වනග්ගෙ ගච්ඡමානස්ස දිස්වා රංසිං මහෙසිනො, කට්ඨමඤ්චං පඤ්ඤපෙත්වා අජිනඤ්ච අපත්ථරිං.
Sinhala BJT4500. වනග වඩින මහර්ෂි වූ බුදුරජානන් වහන්සේගේ රශ්මිය දැක දඬු ඇඳ පණවා අඳුන් දිවිසම ද අතුළෙමි.
Pali BJT4501. ආසනං පඤ්ඤපෙත්වාන සිරෙ කත්වාන අඤ්ජලිං, සොමනස්සං පවෙදෙත්වා ඉදං වචනමබ්රවිං:
Sinhala BJT4501. අසුන පණවා හිසෙහි ඇඳිලි බැඳ සොම්නස දන්වා මේ වචනය කීමි:
Pali BJT4502. සල්ලකත්තො මහාවීර ආතුරානං තිකිච්ඡකො, මමං රොගපරෙතස්ස තිකිච්ඡං දෙහි නායක.
Sinhala BJT4502. මහාවීරයන් වහන්ස, (ඔබ) රෝගීනට ප්‍රතිකාර කරණ ශල්‍ය වෛද්‍යවරයෙකි. (ලෝක) නායකයන් වහන්ස, (සංසාර) රෝගයෙන් ආතුර වූ මට බෙහෙදක් දෙනු මැනව.
Pali BJT4503. කල්ලත්ථිකා යෙ පස්සන්ති බුද්ධසෙට්ඨ තුවං මුනෙ, ධුවත්ථසිද්ධිං පප්පොන්ති එතෙසං ජජ්ජරො භවො.
Sinhala BJT4503. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්ස, මුනීන් වහන්ස, නිවන් කැමැත්තා වූ යම්කෙනෙක් තුමූ ඔබ වහන්සේ දකිත් ද ඒකාන්තයෙන් ඔහු අර්‍ත්‍ථ සිද්ධියට පැමිණෙත්. මොවුන්ගේ භවය දැදුරු වේ. (අවසන් වේ.)
Pali BJT4504. න මෙ දෙය්යං තව අත්ථි{1} පවත්තඵලභොජි’හං, ඉදං මෙ ආසනං අත්ථි නිසීදි කට්ඨමඤ්චකෙ.
Sinhala BJT4504. මම ස්වයංපතිත (ඉබේ ගසින් වැටුනු) ඵල අනුභව කරන්නෙක්මි. ඔබවහන්සේට පිදියයුතු දෙයක් මට නැත. මාගේ මේ අසුන ඇත. දඬුමැස්සෙහි වැඩ හිඳිනු මැනව.
Pali BJT4505. නිසීදි තත්ථ භගවා අසම්භීතො’ව{2} කෙසරී, මුහුත්තං වීතිනාමෙත්වා ඉදං වචනමබ්රවී:
Sinhala BJT4505. භාග්‍යවතුන් වහන්සේ නිර්භීත වූ සිංහරාජයකු මෙන් එහි වැඩහුන් සේක. මොහොතක් කල් ගෙවා මේ වචනය වදාළ සේක:
Pali BJT4506. “විස්සත්ථො{3} හොහි මා භායී ලද්ධො ජොතිරසො තයා, යං තුය්හං පත්ථිතං සබ්බං පරිපූරිස්සතනාගතෙ.{4}
Sinhala BJT4506. “විශ්වාසය අත්තේ වව. බියපත් නො වෙව තා විසින් ජෝතිරස මැණික ලබන ලදි. තා විසින් යමක් පතන ලද නම් ඒ සියල්ල අනාගතයෙහි සම්පූර්‍ණ වන්නේ ය.
Pali BJT4507. න මොඝං තං කතං තුය්හං පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ, සක්කා උද්ධරිතුං අත්තා යස්ස චිත්තං පණීහිතං.
Sinhala BJT4507. නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි තා විසින් ඒ කරණ ලද පුණ්‍යකර්‍මය හිස් නො වේ. යම් අදහසක සිත පිහිටුවන ලද නම් ඒ අදහස තමා (සසර සයුරින්) ගොඩ ලන්නට සමත් වන්නේ ය.
Pali BJT4508. ඉමිනාසනදානෙන චෙතනාපණිධීහි ච, කප්පසතසහස්සානි විනිපාතං න ගච්ඡසි.
Sinhala BJT4508. මේ ආසනදානය හේතුකොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතුකොට ගෙණ ද (ඔබ) සියක් කප්කල් මුළුල්ලෙහි දුගතියකට නො යෙහි ය.
Pali BJT4509. පඤ්ඤාසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සසි, අසීතික්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සසි.
Sinhala BJT4509. පණස්වරක් දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නෙහි ය. අසූ වරක් සක්විතිරජ වන්නෙහි ය.
Pali BJT4510. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං, සබ්බත්ථ සුඛිතො හුත්වා සංසාරෙ සංසරිස්සසි.”
Sinhala BJT4510. (ලබන්නා වූ) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණනින් ගිණිය නො හැකිය. හැම තන්හි සුවපත් ව සසරෙහි හැසිරෙන්නෙහි ය’ යි.
Pali BJT4511. ඉදං වත්වාන සම්බුද්ධො ජලජුත්තමනායකො, නභං අබ්භුග්ගමී ධීරො හංසරාජාව අම්බරෙ.
Sinhala BJT4511. පදුමුත්තර නම් වූ බුදුරජ තෙම මේ වචන කියා ආකාශයෙහි යන හස්රජකු මෙන් අහසට නැංගේ ය.
Pali BJT4512. හත්ථියානං අස්සයානං සරථං සන්දමානිකං, ලභාමි සබ්බමෙවෙතං එකාසනස්සිදං ඵලං.
Sinhala BJT4512. හස්තියාන ය අශ්වයාන ය රථසහිත වූ සන්‍දමානික (පල්ලැක්කිය) යන මේ සියල්ල ලබමි. ඒකාසනදානයාගේ මේ විපාක යි.
Pali BJT4513. කානනං පවිසිත්වාපි යදා ඉච්ඡාමි ආසනං, මම සඞ්කප්පමඤ්ඤාය පල්ලඞ්කො උපතිට්ඨති.
Sinhala BJT4513. යම් කලෙක් හි වනයට පිවිස ද අසුනක් කැමති වෙම් නම් මාගේ අදහස දැන පර්‍ය්‍යඞ්කයක් එළඹ සිටී.
Pali BJT4514. වාරිමජ්ඣගතො සන්තො යදා ඉච්ඡාමි ආසනං, මම සඞ්කප්පමඤ්ඤාය පල්ලඞ්කො උපතිට්ඨති.
Sinhala BJT4514. යම් කලෙක්හි ජලමධ්‍යයට ගියෙම් අසුනක් කැමති වෙම් නම් මාගේ අදහස දැන පළඟක් එළඹ සිටී.
Pali BJT4515. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, පල්ලඞ්කසතසහස්සානි පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT4515. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද ඒ සියලු කල්හි සියක් දහසක් පර්‍ය්‍යඞ්කයෝ මා පිරිවරත්.
Pali BJT4516. දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ, දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ අථ බ්රාහ්මණෙ.
Sinhala BJT4516. දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සැරිසරමි. ක්‍ෂත්‍රියබ්‍රාහ්මණ දෙකුලෙ හි ම උපදිමි.
Pali BJT4517. එකාසනං දදිත්වාන පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ, ධම්මපල්ලඞ්කමාදාය විහරාමි අනාසවො.
Sinhala BJT4517. නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි එක් අසුනක් පුදා දහම්පලඟ ගෙණ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4518. සතසහස්සෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි එකාසනස්සිදං ඵලං.
Sinhala BJT4518. එකල්හි මෙයින් සියක් දහස් වන කපෙහි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඒකාසනදානයාගේ මේ විපාක යි.
Pali BJT4519. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4519. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකුමෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4520. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4520. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4521. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4521. සිවුපිළිසැඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් ඒකාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකාසනදායකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTඒකාසනදායකස්ථවිරාවදානය තෙවැනි යී.
Pali BJT424. සත්තකදම්බපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT424. සත්තකදම්බපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT4522. හිමවන්තස්ස අවිදූරෙ කදම්බො{1} නාම පබ්බතො, තස්මිං පබ්බතපස්සම්හි සත්ත බුද්ධා වසිංසු තෙ.
Sinhala BJT4522. හිමවතට නුදුරෙහි කදම්බ නම් පර්‍වතයෙකි. ඒ පර්‍වතපාර්‍ශවයෙහි ඒ සත් (පසේ) බුදුවරයෝ ම වැඩ විසූහ.