Pali BJT4361. පඤ්චවීසතික්ඛත්තුං සො දෙවරජ්ජං කරිස්සති, පඤ්චසත්තතික්ඛත්තුඤ්ච චක්කචත්තී භවිස්සති.
Sinhala BJT4361. හෙතෙම පස්විසිවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. පන්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය.
Pali BJT4362. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, තස්ස කම්මස්ස නිස්සන්දො{1} පුප්ඵානං පූජනාය ච.{2}
Sinhala BJT4362. (ලබන) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය. මේ පුෂ්ප පූජාවෙන් වූ ඒ කර්‍මයාගේ ඵලය යි.
Pali BJT4363. සීසං නහාතො ච’යං පොසො පුප්ඵමාකඞ්ඛතෙ යදි, පුඤ්ඤකම්මෙන සංයුත්තො{3} පුරතො පාතුභවිස්සති.
Sinhala BJT4363. පුණ්‍යකර්‍මයෙන් යුක්ත වූ මේ පුරුෂ තෙමේ හිස නෑවේ ඉදින් මල් කැමති වේ නම් එය ඉදිරියෙහි පහළ වන්නේ ය.
Pali BJT4364. යං යං ඉච්ඡති කාමෙහි තං තං පාතුභවිස්සති, සංකප්පං පරිපූරෙත්වා නිබ්බායිස්සතනාසවො.”
Sinhala BJT4364. කාමවස්තූන්ගෙන් යමක් යමක් කැමති වේ ද, ඒ ඒ දැය පහළ වන්නේ ය. අදහස සම්පූර්‍ණ කොට ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ද වන්නේ ය.
Pali BJT(අට්ඨාරසමං භාණවාරං.)
Sinhala BJT(අටළොස් වැනි බණවර යි.)
Pali BJT4365. කිලෙසෙ ඣාපයිත්වාන සම්පජානො පතිස්සතො, එකාසනෙ නිසීදිත්වා අරහත්තමපාපුණිං.
Sinhala BJT4365. කෙලෙස් දවා සම්‍යක් ප්‍රඥාවෙන් හා සිහියෙන් යුක්තවූයෙම් ඒ අසුනෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.
Pali BJT4366. චඞ්කමන්තො නිපජ්ජන්තො නිසින්නො උදවා ඨිතො, බුද්ධසෙට්ඨං සරිත්වාන විහරාමි අහං සදා.
Sinhala BJT4366. මම හැම කල්හි සක්මන් කරමින් ද, නිදමින් ද, හිඳිමින් ද, යලි සිටිමින් ද බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ගැණ ම සිතා වසමි.
Pali BJT4367. චීවරෙ පිණ්ඩපාතෙ ච පච්චයෙ සයනාසනෙ, තත්ථ මෙ ඌනතා නත්ථි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4367. චීවර පිණ්ඩපාත ගිලානප්‍රත්‍යය සයනාසන යන මේ සිවු පසයෙහි මට අඩුබවක් නැත. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4368. සො’දානි පත්තො අමතං සන්තං පදමනුත්තරං, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT4368. ඒ මම දැන් අමෘත වූ ශාන්ත වූ නිරුත්තර පදය වූ නිවනට පැමිණියෙම් වෙමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණ කොට ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4369. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4369. මෙයින් දෙයානූ වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4370. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4370. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4371. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4371. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4372. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4372. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිණසූලකඡදනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් තිණසුලකඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTතිණසූලකඡදනියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTතිණසූලකඡදනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT414. මධුමංසදායකත්ථෙරාපදානං
Sinhala BJT414. මධුමංසදායක ස්ථවිරාවදානය
Pali BJT4373. නගරෙ බන්ධුමතියා සූකරිකො අහොසහං, උක්කොටකං රන්ධයිත්වා මධු මංසම්හි ඔකිරිං.
Sinhala BJT4373. මම බන්‍ධුමතී නගරයෙහි හුරුවැද්දෙක් වීමි. කැවුතු පපුමස් පිස ඒ මසෙහි මීපැණි වත් කෙළෙමි.
Pali BJT4374. සන්නිපාතං අහං ගන්ත්වා එකං පත්තං ගහෙසහං, පූරයිත්වාන තං පත්තං භික්ඛුසඞ්ඝස්ස’දාසහං.
Sinhala BJT4374. මම භික්‍ෂූන් රැස් වන (ශාලාවට) ගොස් එක් පාත්‍රයක් ගතිමි. මම ඒ පාත්‍රය මසින් පුරා භික්‍ෂුසඞ්ඝයාට දුනිමි.
Pali BJT4375. යො’ත්ථ ථෙරතරො භික්ඛු නිය්යාදෙසි මමං තදා, ඉමිනා පත්තපූරෙන ලභස්සු විපුලං සුඛං.
Sinhala BJT4375. යමෙක් මේ භික්‍ෂුපිරිසෙහි වෘද්ධතර ස්ථවිර වී ද, හේ මට පින් දුන්නේ ය. “පාත්‍රය පුරවා දුන් මේ දනින් මහත් සුව ලබාවා.”
Pali BJT4376. ද්වෙසම්පත්තියො භුත්වා සුක්කමූලෙන චොදිතො, පච්ඡිමෙ වත්තමානම්හි කිලෙසෙ ඣාපයිස්සති.
Sinhala BJT4376. මේ කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ (දිව්‍ය මනුෂ්‍ය) ද්විවිධ සම්පත් අනුභව කොට අන්තිම භවය පවත්නා කල්හි ක්ලේශයන් දවන්නේ ය” (කියායි.)
Pali BJT4377. තත්ථ චිත්තං පසාදෙත්වා තාවතිංසං අගච්ඡහං, තත්ථ භුත්වා පිවිත්වා ච ලභාමි විපුලං සුඛං.
Sinhala BJT4377. මම එහි හිත පහදවා තව්තිසාවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි (දිවබොජුන්) අනුභව කොට (දිවපැන්) පානය කොට මහත් වූ සුව ලබමි.
Pali BJT4378. මණ්ඩපෙ රුක්ඛමූලෙ වා පුබ්බකම්මං අනුස්සරිං, අන්නපානාභිවස්සො මෙ අභිවස්සති තාවදෙ.
Sinhala BJT4378. මඩුවෙක්හි හෝ රුක්මුලක හෝ (හිඳ) පූර්‍වකර්‍මය සිහි කෙළෙම් ද, එකෙණෙහි මට ආහාර පාන වැසි වසී.
Pali BJT4379. ඉදං පච්ඡිමකං මය්හං චරිමො වත්තතෙ භවො, ඉධාපි අන්නපානං මෙ වස්සතෙ සබ්බකාලිකං.
Sinhala BJT4379. මේ මාගේ පශ්චිම භවය යි. අන්තිම භවය පවතී. මෙහි දු මට හැම කල්හි ආහාර පාන (වැසි) වසී.
Pali BJT4380. තෙනෙව මංසදානෙන{1} සන්ධාවිත්වා භවෙ අහං, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT4380. මම ඒ මාංසදානය කරණ කොට ගෙණ භවයෙහි සැරිසරා සියලු ආස්‍රවයන් ප්‍රහාණ කොට ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4381. එකනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මධුදානස්සිදං ඵලං.
Sinhala BJT4381. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාක යි.
Pali BJT4382. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4382. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4383. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4383. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4384. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4384. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මධුමංසදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් මධුමංසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTමධුමංසදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTමධුමංසදායක ස්ථවිරාවදානය සිවුවැනි යී.
Pali BJT415. නාගපල්ලවකත්ථෙරාපදානං{*}
Sinhala BJT415. නාගපල්ලවක ස්ථවිරාවදානය
Pali BJT4385. නගරෙ බන්ධුමතියා රාජුය්යානෙ වසාමහං, මම අස්සමසාමන්තා නිසීදි ලොකනායකො.
Sinhala BJT4385. මම බන්‍ධුමතී නගරයෙහි රජඋයනෙහි වෙසෙමි. මාගේ අසපුව සමීපයෙහි ලෝකනායක වූ බුදුරජහු වැඩහුන් සේක.
Pali BJT4386. නාගපල්ලවමාදාය බුද්ධස්ස අභිරොපයිං, පසන්නචිත්තො සුමනො සුගතං අභිවාදයිං.
Sinhala BJT4386. මම නාදලු ගෙණ බුදුරජුන් පිදීමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තථාගතයන් වහන්සේට වැන්දෙමි.
Pali BJT4387. එකනවුතෙ ඉතො කප්පෙ යං පල්ලවමපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4387. මෙයින් එක් අනූවන කපෙහි යම් නාදලු පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යී.
Pali BJT4388. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4388. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4389. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සෙ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4389. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4390. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4390. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නාගපල්ලවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් නාගපල්ලවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTනාගපල්ලවකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTනාගපල්ලවක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT416. එකදීපියත්ථෙරාපදානං
Sinhala BJT416. ඒකදීපිය ස්ථවිරාවදානය
Pali BJT4391. පරිනිබ්බුතම්හි{1} සුගතෙ සිද්ධත්ථෙ ලොකනායකෙ, සදෙවමානුසා සබ්බෙ පූජෙන්ති දිපදුත්තමං.
Sinhala BJT4391. ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි සියලු දිව්‍යමනුෂ්‍යයෝ බුදුරජුන්හට පූජා කෙරෙත්.
Pali BJT4392. ආරොපිතෙ ච චිතකෙ සිද්ධත්ථෙ ලොකනායකෙ, යථාසකෙන ථාමෙන චිතං පූජෙන්ති සත්ථුනො.
Sinhala BJT4392. සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්ගේ (දේහය) චිතකයට නැගූ කල්හි සියල්ලෝ තමන්ට හැකි පමණින් ශාස්තෲන් වහන්සේගේ චිතකය පුදත්.
Pali BJT4393. අවිදූරෙ චිතකස්ස දීපමුජ්ජාලයිං අහං, යාව උදෙති සුරියො දීපං මෙ තාව උජ්ජලි.
Sinhala BJT4393. මම් ඒ චිතකයට නුදුරෙහි පහනක් දැල්වීමි. මාගේ පහන හිරු උදාවන තුරු ම දැල්වුනේ ය.
Pali BJT4394. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT4394. මම මැනවින් කරණ ලද එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT4395. තත්ථ මෙ සුකතං ව්යම්හං එකදීපිති ඤායති, දීපසතසහස්සානි ව්යම්හෙ පජ්ජලරෙ මම.
Sinhala BJT4395. එහි මට කරණ ලද (=මැවුනු) විමානය “එකදීපී” යි කියනු ලැබේ. මාගේ විමනෙහි දස දහසක් ප්‍රදීපයෝ දැල්වෙත්.
Pali BJT4396. උදයන්තොව සුරියො දෙහො මෙ ජොතතෙ සදා, සබ්බභාහි සරීරස්ස ආලොකො හොති මෙ සදා.
Sinhala BJT4396. හැම කල්හි මාගේ සිරුර උදාවන හිරු මෙන් බබලයි. මාගේ ශරීරප්‍රභා කරණ කොට ගෙණ හැම කල්හි ආලොකය වේ.
Pali BJT4397. තිරොකුඩ්ඩං තිරොසෙලං සසමතිග්ගය්හං පබ්බතං, සමන්තා යොජනසතං පස්සාමි චක්ඛුනා අහං.
Sinhala BJT4397. මම පවුරු සරස ද, ගල් සරස ද, පර්‍වත ද සම්පූර්‍ණයෙන් විනිවිද සියැසින් හාත්පස යොදුන් සියයක් දකිමි.
Pali BJT4398. සත්තසත්තතික්ඛත්තුඤ්ච දෙවලොකෙ රමිං අහං, එකතිංසතික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං.
Sinhala BJT4398. මම සත්සැත්තෑ වරක් දෙව්ලොවෙහි සිත් අලවා විසීමි. එක්තිස්වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි.
Pali BJT4399. අට්ඨිවීසතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT4399. මම අටවිසි වරක් සක්විතිරජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි යි.
Pali BJT4400. දෙවලොකා චවිත්වාන නිබ්බත්තිං මාතුකුච්ඡියං, මාතුකුච්ඡිගතස්සාපි අක්ඛි මෙ න නිමීලති.
Sinhala BJT4400. දෙව්ලොවින් චුතව මවුකුසෙහි උපන්මි. මවුකුසට පැමිණියාවූ ද මාගේ ඇස් නො පිය වේ. (=ඇසිපිය නො වැටේ.)
Pali BJT4401. ජාතියා චතුවස්සොහං පබ්බජිං අනගාරියං, අඩ්ඪමාසෙ අසම්පත්තෙ අරහත්තමපාපුණිං.
Sinhala BJT4401. උත්පත්තියෙන් සිවුවස් වූ මම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. (පැවිදිව) අඩ මසක් පිරෙන්නට පෙර රහත්බවට පැමිණියෙමි.
Pali BJT4402. දිබ්බචක්ඛුං විසොධෙසිං භවා සබ්බෙ සමූහතා, සබ්බෙ කිලෙසා සඤ්ඡින්නා එකදීපස්සිදං ඵලං.
Sinhala BJT4402. දිවැස පිරිසිදු කෙළෙමි. සියලු භවයෝ නසන ලදහ. සියලු ක්ලේශයෝ සිඳින ලදහ. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.
Pali BJT4403. තිරොකුඩ්ඩං තිරොසෙලං පබ්බතඤ්චාපි කෙවලං, සමතික්කම්ම පස්සාමි එකදීපස්සිදං ඵලං.
Sinhala BJT4403. පවුරු සරස ද ගල් සරස ද හුදු පර්‍වතය ද, විනිවිද දකිමි. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.
Pali BJT4404. විසමා මෙ සමා හොන්ති අන්ධකාරො න විප්පති, නාහං පස්සාමි තිමිරං එකදීපස්සිදං ඵලං.
Sinhala BJT4404. මට විෂමස්ථානයෝ සම වෙති. අඳුරක් නො මැත. මම ඝනාන්‍ධකාරයක් නො දකිමි. එක පහනක් පිදීමෙහි මේ විපාක යි.
Pali BJT4405. චතුනවුතෙ ඉතො කප්පෙ යං දීපමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි දීපදානස්සිදං ඵලං.
Sinhala BJT4405. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් පහනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාක යි.
Pali BJT4406. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4406. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.
Pali BJT4407. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4407. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4408. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4408. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකදීපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් ඒකදීපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඑකදීපියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTඒකදීපිය ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT417. උච්ඡඞ්ගපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT417. උච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT4409. නගරෙ බන්ධුමතියා අහොසිං මාලිකො තදා, උච්ඡඞ්ගං පූරයිත්වාන අගමං අන්තරාපණං.
Sinhala BJT4409. මම එකල්හි බන්‍ධුමතී නගරයෙහි මල්කරුවෙක් විමි. මල් උකුළක් (ඔඩොක්කුවක්) පුරවාගෙණ ඇතුළු වීථියට ගියෙමි.
Pali BJT4410. භගවා තම්හි සමයෙ භික්ඛුසඞ්ඝපුරක්ඛතො, මහතා අනුභාවෙන නිය්යාති ලොකනායකො.
Sinhala BJT4410. එසමයෙහි ලෝකනායක වූ භාග්‍යවත් තෙමේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලදුයේ මහත් වූ අනුභාවයෙන් මාර්‍ගයෙහි වඩියි.
Pali BJT4411. දිස්වාන ලොකපජ්ජොතං විපස්සිං ලොකතාරණං, පුප්ඵං පග්ගය්හ උච්ඡඞ්ගා බුද්ධසෙට්ඨං අපූජයිං.
Sinhala BJT4411. ලොව බබුළුවන්නා වූ ලෝවැස්සන් සසරින් එතෙර කරන්නා වූ විපස්සී බුදුරජුන් දැක ඔඩොක්කුවෙන් මල් ගෙණ පිදීමි.
Pali BJT4412. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4412. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4413. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4413. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් පුනර්‍භවයෙක් නැත.
Pali BJT4414. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4414. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4415. පටිසම්භිදා චතස්සො විමොක්ඛො පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4415. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උච්ඡඞ්ගපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් උච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඋච්ඡඞ්ගපුප්ඵියත්ථෙරස්ස අපදානං සත්තමං
Sinhala BJTඋච්ඡඞ්ගපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT418. යාගුදායකත්ථෙරාපදානං
Sinhala BJT418. යාගුදායක ස්ථවිරාවදානය
Pali BJT4416. අතිථිං මෙ ගහෙත්වාන අගච්ඡිං ගාමකං තදා, සම්පුණ්ණනදිකං දිස්වා සඞ්ඝාරාම මුපාගමිං.
Sinhala BJT4416. එකල්හි මම මාර්ගෝපකරණ ද ගෙණ ගමකට ගියෙමි. පිරී ගිය නදිය දැක සඞ්ඝාරාමයකට එළඹියෙමි.
Pali BJT4417. ආරඤ්ඤකා ධුතධරා ඣායිනො ලූඛචීවරා, විවෙකාභිරතා ධීරා සඞ්ඝරාමෙ වසන්ති තෙ.
Sinhala BJT4417. ආරණ්‍යක වූ ද, ධුතාඞ්ගධාරී වූ ද, ධ්‍යාන කරන්නා වූ ද, රූක්‍ෂචීවර දරන්නා වූ ද, විවේකයෙහි ඇලුණු ඒ ප්‍රාඥයෝ සඞ්ඝාරාමයෙහි වෙසෙත්.
Pali BJT4418. ගතී තෙසං උපච්ඡින්නා සුවිමුත්තාන තාදිනං, පිණ්ඩාය තෙ න ගච්ඡන්ති ඔරුද්ධනදිතාය හි.
Sinhala BJT4418. මැනවින් කෙලෙසුන්ගෙන් මිදුනා වූ තාදීගුණ ඇති ඔවුන්ගේ ගමනාගමනය වැළකුනේ ය. (දිය පිරීමෙන්) ඇවිරුනු ගඟ ඇති බැවින් ඔහු පිඬු පිණිස නො යෙත්.
Pali BJT4419. පසන්නචිත්තො සුමනො වෙදජාතො කතඤ්ජලී, තණ්ඩුලං මෙ ගහෙත්වාන යාගුදානමදාසහං.
Sinhala BJT4419. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතිමත් වූයෙම් බඳැඳිලි ඇත්තෙම් මාගේ සහල් ගෙණ කැඳ දනක් දුනිමි.
Pali BJT4420. පඤ්චන්නං යාගුං දත්වාන පසන්නො සෙහි පාණිහි, සකකම්මාභිරද්ධො’හං තාවතිසංසමගච්ඡහං.
Sinhala BJT4420. මම පහන් සිතැත්තෙම් සියතින් ම පස් නමකට කැඳ දන් දී ස්වකීය කුශලකර්‍මය කරණ කොට ගෙණ පහන් වූයෙමි. (මරණින් මතු) තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT4421. මණිමයඤ්ච මෙ ව්යම්හං නිබ්බත්ති තිදසෙ ගණෙ, නාරීගණෙහි සහිතො මොදාමි ව්යම්හමුත්තමෙ.
Sinhala BJT4421. මට තව්තිසා දෙව්ලොවෙහි මිණිමුවා විමනක් පහළ විය. ඒ උතුම් විමනෙහි දිව්‍යස්ත්‍රීසමූහයා සහිතව සතුටු වෙමි.
Pali BJT4422. තෙත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං, තිංසක්ඛත්තුං චක්කවත්තීමහාරජ්ජමකාරයිං.
Sinhala BJT4422. තෙතිස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරවීමි. තිස්වරක් චක්‍රවර්තී ව මහාරාජ්‍යය කරවීමි.
Pali BJT4423. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, දෙවලොකෙ මනුස්සෙ වා අනුභොත්වා යසං අහං.
Sinhala BJT4423. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හේ. මම දෙව්ලොව ද මිනිස්ලොව ද යසස් අනුභව කොට -
Pali BJT4424. පච්ඡිමභවෙ සම්පත්තෙ පබ්බජිං අනගාරියං, සහ ඔරොපිතෙ කෙසෙ සබ්බං සම්පටිවිජ්ඣහං.
Sinhala BJT4424. පශ්චිම භවය පැමිණි කල්හි අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. මම හිස කෙහෙ බෑ කෙණෙහි සියල්ල අවබෝධ කෙළෙමි.
Pali BJT4425. ඛයතො වයතො වා පි සම්මසන්තො කලෙබරං, පුරෙ සික්ඛාපදා දානා අරහත්ත මපාපුණිං.
Sinhala BJT4425. සිරුර ඛය - වය වශයෙන් මෙනෙහි කරන්නෙම් සිකපද ගැණීමට පෙරාතුව ම රහත්බවට පැමිණියෙමි.
Pali BJT4426. සුදින්නං මෙ දානවරං වාණිජ්ජං සුප්පයොජිතං, තෙනෙව යාගුදානෙන පත්තො’ම්හි අචලං පදං.
Sinhala BJT4426. මා විසින් උතුම් දනක් මැනවින් දෙන ලදී. වෙළෙඳාමක් මොනවට යොදන ලදී. කැඳ දන කරණකොට ගෙණ ම අචලපදය වූ නිවනට පැමිණියෙම් වෙමි.
Pali BJT4427. සොකං පරිද්දවං ව්යාධිං දරථං චිත්තතාපනං, නාභිජානාමි උප්පන්නං යාගුදානස්සිදං ඵලං.
Sinhala BJT4427. උපන්නා වූ ශෝකයක් හෝ පරිදේවයක් (=වැලපීමක්) හෝ ව්‍යාධියක් හෝ ක්ලාන්තයක් හෝ චිත්තසන්තාපයක් නො දනිමි. කැඳ දනෙහි මේ විපාක යි.
Pali BJT4428. යාගුං සඞ්ඝස්ස දත්වාන පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ, පඤ්චානිසංසෙ අනුභොමි අහො යාගු සුයිට්ඨතා.
Sinhala BJT4428. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයාට කැඳ දන් දී අනුසස් පසක් ලබමි. කැඳ දන මැනවින් දෙන ලදි. ආශ්චර්‍ය්‍යයෙකි.
Pali BJT4429. අව්යාධිතා රූපවතා ඛිප්පං ධම්මනිසන්තිතා, ලාභිතා අන්නපානස්ස ආයු පඤ්චමකං මම.
Sinhala BJT4429. මාගේ ලෙඩ නැති බව, රූමත් බව, වහා දහම් පිළිවිදුනා බව, ආහාරපාන (සුලභ ව) ලබන බව හා පස්වැනි අනුසස දීර්‍ඝායුෂ්ක බව ද වෙයි.
Pali BJT4430. යො කොචි වෙදං ජනයං සඞ්ඝෙ යාගුං දදෙය්ය සො, ඉමානි පඤ්චඨානානි පතිගණ්හෙය්ය පණ්ඩිතො.{*}
Sinhala BJT4430. යමෙක් සතුට උපදවමින් සඞ්ඝයා කෙරෙහි කැඳ දෙන්නේ නම් ඒ නැණවත් තෙමේ මේ අනුසස් පස ලබන්නේ ය.
Pali BJT4431. තිංස කප්පසහස්සම්හි යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි යාගුදානස්සිදං ඵලං.
Sinhala BJT4431. එකල්හි මෙයින් කප්තිස්දහසකට පෙර යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කැඳ දනෙහි මේ විපාක යි.
Pali BJT4432. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ච බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4432. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4433. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4433. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් වීය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4434. පටිසම්භිදා චතස්සො විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4434. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා යාගුදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසෙයින් ආයුෂ්මත් යාගුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි
Pali BJTයාගුදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTයාගුදායක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT419. පත්ථොදනදායකත්ථෙපාපදානං
Sinhala BJT419. පත්‍ථොදනදායක ස්ථවිරාවදානය
Pali BJT4435. වනචාරී පුරෙ ආසිං සතතං වනකම්මිකො, පත්ථොදනං ගහෙත්වාන කම්මන්තං ආගමාසහං.
Sinhala BJT4435. පෙර මම නිතර වනකම් කරණ වනයෙහි හැසිරෙන්නෙක් වීමි. (සහල්) පතක බතක් ගෙන කර්‍මාන්තයට ගියෙමි.
Pali BJT4436. තත්ථද්දසාසිං සම්බුද්ධං සයම්භූං අපරාජිතං, වනා පිණ්ඩාය නික්ඛන්තං දිස්වා චිත්තං පසාදයිං.
Sinhala BJT4436. එහි දී සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ සම්බුදු රජුන් දිටිමි. වනයෙන් පිඬු පිණිස නික්මෙන්නා වූ (උන්වහන්සේ) දැක සිත පැහැදැවීමි.
Pali BJT4437. පරකම්මායනෙ යුත්තො පුඤ්ඤඤ්ච මෙ න විජ්ජති, අයං පත්ථොදනො අත්ථි භොජයිස්සාමිමං{1} මුනිං.
Sinhala BJT4437. අනුන්ගේ බැළමෙහෙ කිරීමෙහි යෙදුනා වූ මට පිනක් ද නැත. මේ බත්පතක් ඇත. මෙය මම බුදුරජුන් වළඳවන්නෙමි.
Pali BJT4438. පත්ථොදනං ගහෙත්වාන සයම්භුස්ස අදාසහං, මම නිජ්ඣායමානස්ස පරිභුඤ්ජි තදා මුනි.
Sinhala BJT4438. එකල්හි මම බත්පත ගෙණ බුදුරජුන්හට දුනිමි. මා සිතමින් බලා සිටියදී ම තථාගතයන් වහන්සේ වැළඳු සේක.
Pali BJT4439. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT4439. මම මැනවින් කරණ ලද එම කර්‍මය හා චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙණ මිනිස්සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT4440. ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවෙරජ්ජමකාරයිං, තෙත්තිංසක්ඛත්තුං රාජා ච චක්කවත්තී අහොසහං.
Sinhala BJT4440. සතිස්වරක් ශක්‍රදේවේන්‍ද්‍ර වූයෙම් දිව්‍යරාජ්‍යය කරවීමි. තෙතිස් වරක් සක්විති රජ වීමි.
Pali BJT4441. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං, සුඛිතො යසවා හොමි පත්ථොදනස්සිදං ඵලං.
Sinhala BJT4441. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හෙයි. සුව ඇත්තෙම් යශස් ඇත්තෙම් ද වෙමි. පතක් පමණ බත් දන් දීමෙහි මේ විපාක යි.