Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5701-5800 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT411. භද්දාලිත්ථෙරාපදානං
Sinhala BJT411. භද්දාලි ස්ථවිරාවදානය
Pali BJT4268. සුමෙධො නාම සම්බුද්ධො අග්ගො කාරුණිකො මුනි, විවෙකකාමො ලොකග්ගො හිමවන්තමුපාගමි.
Sinhala BJT4268. මෝනෙය්‍යගුණ යුත් අග්‍රකාරුණික වූ ලොකාග්‍ර වූ සුමේධ නම් සර්‍වඥ තෙමේ විවෙක සුව කැමැත්තේ හිමවතට එළඹියේ ය.
Pali BJT4269. අජ්ඣොගහෙත්වා හිමවං සුමෙධො ලොකනායකො, පල්ලඞ්කමාභූජිත්වාන නිසීදි පුරිසුත්තමො.
Sinhala BJT4269. පුරුෂෝත්තම වූ සුමේධ නම් ලෝකනායක තෙම හිමවතට පිවිස පලක් බැඳ වැඩ හුන්නේ ය.
Pali BJT4270. සමාධිං සො සමාපන්නො සුමෙධො ලොකනායකො, සත්තරත්තින්දිවං බුද්ධො නිසීදි පුරිසුත්තමො.
Sinhala BJT4270. ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජ තෙම සමාධියට සමවැදුනේ ය. පුරුෂෝත්තම වූ සර්‍වඥ තෙම රෑ දාවල් සතක් (සතියක්) එසේ වැඩ හුන්නේ ය.
Pali BJT4271. ඛාරිකාජං{1} ගහෙත්වාන වනමජ්ඣොගහිං අහං, තත්ථද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
Sinhala BJT4271. පිරිකර කද ගෙණ මම වනයට පිවිසියෙමි. එහි දී චතුරෝඝයන් තරණය කළා වූ සම්බුදුරජුන් දිටිමි.
Pali BJT4272. සම්මජ්ජනිං ගහෙත්වාන සම්මජ්ජිත්වාන අස්සමං, චතුදණ්ඩෙ ථම්භිත්වාන{2} අකාසිං මණ්ඩපං තදා.
Sinhala BJT4272. මුස්න ගෙණ අසපුව හැමද චතුදණ්ඩය (=එකට බැඳ සාදා ගත් දඬුසතර) සිටුවා එකල්හි මණ්ඩපයක් කෙළෙමි.
Pali BJT4273. සාලපුප්ඵං ආහරිත්වා මණ්ඩපං ඡාදයිං අහං, පසන්නචිත්තො සුමනො අභිවන්දිං තථාගතං.
Sinhala BJT4273. මම සල්මල් ගෙණවුත් මඩුව සෙවෙනි කෙළෙමි: පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන් වැන්දෙමි.
Pali BJT4274. යං වදන්ති සුමෙධොති භූරිපඤ්ඤං සුමෙධසං, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
Sinhala BJT4274. මහා ප්‍රාඥ වූ උතුම් නුවණැති යමකුට සුමේධ යයි කියත් ද, ඒ සුමේධ බුදුරජ තෙම භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය.
Pali BJT4275. බුද්ධස්ස ගිරමඤ්ඤාය සබ්බෙ දෙවා සමාගමුං, අසංසයං බුද්ධසෙට්ඨො ධම්මං දෙසෙති චක්ඛුමා.
Sinhala BJT4275. බුදුරජුන්ගේ හඬය යි දැන “නිසැකව ම පසැස් ඇති බුද්ධශ්‍රේෂ්ඨ තෙම දහම් දෙසා” ය යි දෙවියෝ රැස් වූහ.
Pali BJT4276. සුමෙධො නාම සම්බුද්ධො ආහුතීනං පටිග්ගහො, දෙවසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
Sinhala BJT4276. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සුමේධ නම් සර්‍වඥ තෙමේ දිව්‍යසමූහයා මැද වැඩ හිඳ මේ ගාථාවන් වදාළේ ය.
Pali BJT4277. “යො මෙ සත්තාහං මණ්ඩපං ධාරයී සාලඡාදිතං, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT4277. “යමෙක් තෙම සල්මලින් සෙවෙනි කළ මඩුවක් සතියක් මුළුල්ලෙහි මා පිණිස දැරී ද, හේ (කවරෙක්දැයි) කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT4278. දෙවභූතො මනුස්සො වා හෙමවණ්ණො භවිස්සති, පහූතභොගො හුත්වාන කාමභොගී භවිස්සති.
Sinhala BJT4278. මෙතෙම දෙවි වූයේ ද ස්වර්‍ණවර්‍ණ වන්නේ ය. සම්පූර්‍ණ භෝගසම්පත් ඇත්තේ ම කම්සුව අනුභව කරන්නෙක් වන්නේ ය.
Pali BJT4279. සට්ඨිනාගසහස්සානි සබ්බාලඞ්කාර භූසිතා, සුවණ්ණකච්ඡා මාතඞ්ගා හෙමකප්පනවාසසා.
Sinhala BJT4279-4280. ඇතුන්ගේ පා විදින තෝමර හා අකුසු ගත් අත් ඇති, ඇතරුවන් විසින් නගින ලද සියලු ආභරණයෙන් සරසන ලද සැට දහසක් ඇත්තු ද, හෙම් වැනි වත් හැඳ වූ රන්පොරොදු බැඳි ඇත්තු ද මේ මිනිස්හට උදේ සවස උවැටනට පැමිණෙන්නාහු ය. මේ මිනිස් තෙම ඒ ඇතුන් විසින් පිරිවරන ලදුව රමණය කරන්නේ ය.
Pali BJT4280. ආරූළ්හා ගාමණීයෙහි තොමරඞ්කුසපාණිභි, සායංපාතො{3} උපට්ඨානං ආගමිස්සන්ති’මං නරං, තෙහි නාගෙහි පරිවුතො රමිස්සති අයං නරො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4281. සට්ඨිඅස්සසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, ආජානීයා ව ජානියා සින්ධවා සීඝවාහිනො.
Sinhala BJT4281-4282. කඩු හා දුනු දරන්නා වූ යෝධාජීවයන් විසින් නගින ලද ජාතියෙන් ම ආජානීය වූ ශීඝ්‍රගාමී වූ සියලු අබරණින් සරසන ලද සැට දහසක් සෛන්‍ධව අශ්වයෝ මොහු නිතර පිරිවරත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4282. ආරූළ්හා ගාමණීයෙහි ඉල්ලියාචාපධාරිහි, පරිවාරෙස්සන්තිමං නිච්චං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4283. සට්ඨිරථසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, දීපා අථොපි වෙය්යග්ඝා සන්නද්ධා උස්සිතද්ධජා.
Sinhala BJT4283-4284. දුනු ගත් අත් ඇති සන්නාහ සන්නද්ධ වූ යෝධාජීවයන් විසින් නගින ලද ඔසවන ලද ධජ ඇති සන්නද්ධ වූ දිවිසමින් වළඳන ලද රථ ද ව්‍යාඝ්‍රසමින් වළඳන ලද රථ දැ යි මෙසේ සර්‍වාලඞ්කාරයෙන් සරසන ලද සැට දහසක් රථයෝ මොහු නිතර පිරිවරන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
Pali BJT4284. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පරිවාරෙස්සන්තිමං නිච්චං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4285. සට්ඨිගාමසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, පහූතධනධඤ්ඤානි සුසමිද්ධානි සබ්බසො, සදා පාතුභවිස්සන්ති බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4285. සර්‍වාකාරයෙන් සම්පූර්‍ණ වූ ධනධාන්‍ය ඇති හැම අයුරින් ම මැනවින් සමෘද්ධ වූ සැට දහසක් ග්‍රාමයෝ හැම කල්හි පහළ වන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
Pali BJT4286. හත්ථි අස්සා රථා පත්තී සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්තිමං නිච්චං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4286. ඇත් අස් රිය පාබළ යන සිවුරඟ සෙනඟ මොහු නිතර පිරිවරත්. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4287. අට්ඨාරසෙ කප්පසතෙ දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT4287. (මෙ තෙම) අටළොස් සියක් කප් මුළුල්ලෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය.
Pali BJT4288. සතානං තීණික්ඛත්තුඤ්ච දෙවරජ්ජං කරිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT4288. තුන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (මොහු ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
Pali BJT4289. තිංසකප්පසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT4289. මෙයින් තිස්දහස් වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදනා නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙම ලොව පහළ වන්නේ ය.
Pali BJT4290. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරිස්සතනාසවො”
Sinhala BJT4290. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍රයෙක් ව ආස්‍රව රහිත ව සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන වාසය කරන්නේ ය”
Pali BJT4291. තිංසකප්පසහස්සම්හි අද්දසං ලොකනායකං, එත්ථන්තරමුපාදාය ගවෙසිං අමතං පදං.
Sinhala BJT4291. මෙයින් කල්ප තිස් දහසකට පෙර ලෝකනායක වූ බුදුරජුන් දිටිමි. (එදින පටන් අද දක්වා) මේ අතුරෙහි අමෘතපදය - නිවන සෙවීමි.
Pali BJT4292. ලාභා මය්හං සුලද්ධං මෙ යමහඤ්ඤාසි සාසනං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4292. යම් බුදුසසුනක් මම දැනගනිම් ද, එය මට ලාභයකි. මා විසින් එය මනා කොට ලබන ලදි. (මා විසින්) පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇතියහ, බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4293. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, තව ඤාණං පකිත්තෙත්වා පත්තොම්හි අචලං පදං.
Sinhala BJT4293. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානයට පසසා අමෘතපදය හෙවත් නිවනට පැමිණියෙම් වෙමි.
Pali BJT4294. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සබ්බත්ථ සුඛිතො හොමි ඵලං මෙ ඤාණකිත්තනෙ,
Sinhala BJT4294. දෙවි වූ හෝ මිනිස් වූ හෝ යම් යම් භවයක උපදිම් නම් හැම තන්හි සුව ඇත්තෙම් වෙමි. සර්‍වඥතාඥානයට පැසසීමෙහි මේ විපාක යි.
Pali BJT4295. ඉදං පච්ඡිමකං මය්හං චරිමො වත්තතෙ භවො, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4295. මේ මාගේ පශ්චිම භවය යි. අවසන් භවය මේ පවතී. ඇතකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4296. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4296. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4297. ස්වාගතං වන මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4297. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4298. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4298. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භද්දාලි ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් භද්දාලි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTභද්දාලිත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTභද්දාලි ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT412. එකඡත්තියත්ථෙරාපදානං
Sinhala BJT412. ඒකඡත්තිය ස්ථවිරාවදානය
Pali BJT4299. චන්දභාගානදීතීරෙ අස්සමො සුකතො මම, සුසුද්ධපුලිනාකිණ්ණා පණ්ණසාලා සුමාපිතා.
Sinhala BJT4299. චන්‍ද්‍රභාගා නදීතීරයෙහි මට ආශ්‍රමයක් මැවින් කරණ ලදී. (එහි) සුදු වැල්ලෙන් ගැවසී ගත් පන්සලක් ද නිර්මිත කරණ ලදි.
Pali BJT4300. උත්තානකූලා නදිකා සුපතිත්ථා මනොරමා, මච්ඡකච්ඡපසම්පන්නා සුසුමාරනිසෙවිතා.
Sinhala BJT4300. එහි නො ගැඹුරු ඉවුරු ඇති මනා වූ තොට ඇති මනෝඥ වූ මස්කැසුබුවන්ගෙන් යුත් ‘සු - සු’ හඬ නගමින් දිය බුබුළු උඩට නංවන සුංසුමාරයන් විසින් සෙව්නා ලද කුඩා නදියක් විය.
Pali BJT4301. අච්ඡා මයූරා දීපී ච කරවීකා ච සාලිකා, කූජන්ති සබ්බදා එතෙ සොභයන්තා මම’ස්සමං.
Sinhala BJT4301. වලස්සු, මොණරු, දිවියෝ, කොවුලෝ, සැළලිහිණි යන මොහු හැම කල්හි මාගේ අසපුව හොබවමින් නාද කෙරෙත්.
Pali BJT4302. කොකිලා මඤ්ජුභාණී ච හංසා ච මධුරස්සරා, අභිකූජන්ති තෙ තත්ථ සොභයන්තා මමස්සමං.
Sinhala BJT4302. මිහිරි හඬ ඇති කොවුලෝ ද, මධුර ස්වර ඇති හංසයෝ ද, යන මොහු එහි මාගේ අසපුව හොබවමින් නාද කෙරෙත්.
Pali BJT4303. සීහා ව්යග්ඝා වරාහා ච චකා{1} කොකතරච්ඡකා, ගිරිදුග්ගම්හි නාදෙන්ති සොභයන්තා මමස්සමං.
Sinhala BJT4303. සිංහ, ව්‍යාඝ්‍ර, හූරු, වෘක, කොක්නහ, කරබානා, වලස්සු ද මාගේ අසපුව හොබවමින් ගිරි දුර්‍ගයෙහි නාද කෙරෙත්.
Pali BJT4304. එණීමිගා ච සරභා භෙරණ්ඩා සූකරා බහූ, ගිරිදුග්ගම්හි නාදෙන්ති සොභයන්තා මමස්සමං.
Sinhala BJT4304. එණිමෘග, සරභ මෘග, කැනහිල්, හූරු ද මොහු බොහෝ දෙන මාගේ අසපුව හොබවමින් ගිරි දුර්‍ගයෙහි නාද කෙරෙත්.
Pali BJT4305. උද්දාලකා චම්පකා ච පාටලී සින්දුවාරකා{2}, අතිමුත්තා අසොකා ච පුප්ඵන්ති මම අස්සමෙ.
Sinhala BJT4305. ඇසළ, සපු, පළොල්, නික, යොහොඹු, අසෝක - මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවෙහි පුෂ්පිත වූවාහු වෙත්.
Pali BJT4306. අඞ්කොලා යූථිකා චෙව සත්තලී බිම්බිජාලිකා, කණ්ණිකා කණිකාරා ච පුප්ඵන්ති මම අස්සමෙ.
Sinhala BJT4306. රුකඟුන, සීනිද්ද, සත්පෙති, දෑසමන්, බිඹුදැල්, කණ්ණික, කිණිහිරි මොහු මාගේ අසපුවෙහි පුෂ්පිත වූවාහු වෙත්.
Pali BJT4307. නාගා සාලා ච සළලා පුණ්ඩරීකෙත්ථ පුප්ඵිතා, දිබ්බගන්ධං සම්පවන්තා සොභයන්ති මමස්සමං.
Sinhala BJT4307. නා, සල්, හෙළ පියුම් මෙහි පිපියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4308. අජ්ජුනා අසනා චෙත්ථ මහානාමා ච පුප්ඵිතා, සාලා ච කඞ්ගුපුප්ඵා ච සොභන්ති මමස්සමං.
Sinhala BJT4308. කුබුක්, පියා, උක්, සල්, පුවඟු, මේ වෘක්‍ෂයෝ හටගත් මල් ඇත්තාහු මාගේ අසපුව හොබවත්.
Pali BJT4309. අම්බා ජම්බූ ච තිලකා නිම්බා ච සාලකල්යාණී, දිබ්බගන්ධං සම්පවන්තා සොභයන්ති මමස්සමං.
Sinhala BJT4309. අඹ, දඹ, මදට, කොසඹ, සල්කලණ, මේ වෘක්‍ෂයෝ දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4310. අසොකා ච කපිත්ථා ච භගිනිමාලෙත්ථ{1} පුප්ඵිතා, දිබ්බගන්ධං සම්පවන්තා සොභයන්ති මමස්සමං.
Sinhala BJT4310. හෝපළු, ගිවුළු ද, භගිනිමාල, මොහු මෙහි පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4311. කදම්බා කදලී චෙව ඉසිමුග්ගා ච රොපිතා, ධුවං ඵලානි ධාරෙන්ති සොභයන්තා මමස්සමං.
Sinhala BJT4311. රෝපණය කරණ ලද කොළොම්, කෙසෙල්, එසේ ම ඍෂිමුද්ග (බොඩහමු) නම් ධාන්‍ය විශේෂය - මොහු මාගේ අසපුව හොබවමින් නිතර ඵල දරත්.
Pali BJT4312. හරීතකා ආමලකා අම්බා ජම්බූ විභීතකා, කොලා භල්ලාතකා බිල්ලා ඵලිනො මම අස්සමෙ,
Sinhala BJT4312. අරළු, නෙල්ලි, අඹ, ජම්බු, බුළු, ඩෙබර, බදුලු, බෙලි, මෙකී වෘක්‍ෂයෝ මාගේ අසපුවෙහි ඵල දරත්.
Pali BJT4313. අවිදූරෙ පොක්ඛරණී සුපතිත්ථා මනොරමා, මන්දාලකෙහි සඤ්ඡන්නා පදුමුප්පලකෙහි ච.
Sinhala BJT4313. (අසපුවට) නුදුරෙහි මනා වූ තොට ඇති මනෝඥ වූ හෙල්මැල්ලෙන් නොහොත් දිය කන්‍දරයෙන් හා විල්පලායෙන් ද, පියුම් හා උපුලින් ද ගැවසී ගත් පොකුණකි.
Pali BJT4314. ගබ්භං ගණ්හන්ති පදුමා අඤ්ඤෙ පුප්ඵන්ති කෙසරී, ඔපත්තකණ්ණිකා චෙව පුප්ඵන්ති මම අස්සමෙ.
Sinhala BJT4314. මාගේ අසපුවෙහි ඇතැම් පද්මයෝ කැකුළු ගැබ් ගණිත්. සෙසු රේණු සහිත පද්ම ද පිපෙත්. ඇතැම් විහිදුනු පත් ඇති පද්ම කර්ණිකාවෝ ද ප්‍රබෝධ වෙත්.
Pali BJT4315. පාඨීනා පාවුසා මච්ඡා වලජා{2} මුඤ්ජරොහිතා, අච්ඡොදකම්හි විචරං සොභයන්ති මමස්සමං.
Sinhala BJT4315. පාඨින, පාවුස, වලජ, මුඤ්ජ, රෝහිත - මත්ස්‍යයෝ පැහැදි දියෙහි හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4316. නයිතා අම්බගන්ධී ච අනුකූලෙ ච කෙතකා, දිබ්බගන්ධං සම්පවන්තා සොභයන්ති මමස්සමං.
Sinhala BJT4316. නයිතා, අම්බගන්‍ධී මේ වෘක්‍ෂයෝ වාතය අනුව දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4317. මධූ භිසම්හා සවති ඛීරසප්පි මුලාළිහි, දිබ්බගන්ධං සම්පවන්තා සොභයන්ති මමස්සමං.
Sinhala BJT4317. නෙළුඹලින් මිහි ද නෙළුඹුදැලින් කිරි හා ගිතෙල් ද වැගිරේ. දිවසුවඳ ද විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4318. පුලිනා සොභනා තත්ථ ආකිණ්ණා ජලසෙවිතා, ඔපුප්ඵා පුප්ඵිතා සෙන්ති සොභයන්තා මමස්සමං.
Sinhala BJT4318. එහි ජලයෙන් සෙව්නා ලද ආකීර්‍ණ වූ වැලිතලාවෝ ශෝභනය. උඩට නැගුනු පුෂ්පයෝ පිපී ගියාහු මාගේ අසපුව හොබවමින් පවතිත්.
Pali BJT4319. ජටාභාරෙන භරිතා අජිනුත්තරවාසනා, වාකචීරධරා සබ්බෙ සොභයන්ති මමස්සමං.
Sinhala BJT4319. අඳුන් දිවිසම් හැඳි ජටාභාරයෙන් බර වූ වැහැරි සිවුරු දරණ සියලු (තවුසෝ) මාගේ අසපුව හොබවත්.
Pali BJT4320. යුගමත්තමපෙක්ඛන්තා නිපකා සන්තවුත්තිනො, කාමභොගෙ අනපෙක්ඛා වසන්ති මම අස්සමෙ.
Sinhala BJT4320. වියදඬු පමණ දුර බලන්නා වූ ප්‍රාඥ වූ සන්හුන් පැවතුම් ඇති කම්සුව අනුභවයෙහි බලාපොරොත්තු නැති (තවුසෝ) මාගේ අසපුවෙහි වසත්.
Pali BJT4321. පරූළ්හකච්ඡනඛලොමා පඞ්කදන්තා රජස්සිරා, රජොජල්ලධරා සබ්බෙ වසන්ති මම අස්සමෙ.
Sinhala BJT4321. වැඩී ගිය කිසිලි නිය ලොම් ඇති මැලියම් සහිත දත් ඇති දූවිලි සහිත හිස් ඇති රජස් දැලි වැකුණු (සිරුරු ඇති) මේ සියලු තවුසෝ මාගේ අසපුවෙහි වෙසෙත්.
Pali BJT4322. අභිඤ්ඤාපාරමිප්පත්තා අන්තලික්ඛචරා ච තෙ, උග්ගච්ඡන්තා නභං එතෙ සොභයන්ති මමස්සමං.
Sinhala BJT4322. අභිඥාවන්ගේ පරතෙරට පැමිණි අහසෙහි හැසිරෙන්නා වූ ඒ මේ තවුසෝ අහසට නගිමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4323. තෙහි සිස්සෙහි පරිවුතො වසාමි විපිනෙ තදා, රත්තින්දිවං න ජානාමි සදා ඣානසමප්පිතො.
Sinhala BJT4323. එකල්හි මම ඒ ශිෂයයන් විසින් පිරිවරන ලදුයෙම් මහ වෙනෙහි වසමි. හැම කල්හි ධ්‍යානයට සමවැදුනෙම් රෑදාවල් නො දනිමි.
Pali BJT4324. භගවා තම්හි සමයෙ අත්ථදස්සී මහාමුනි, තමන්ධකාරං නාසෙන්තො උප්පජ්ජි ලොකනායකො.
Sinhala BJT4324. එසමයෙහි ලෝකනායක වූ භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජ තෙම ඝනාන්‍ධකාරය දුරු කරමින් ලොව පහළ විය.
Pali BJT4325. අථ අඤ්ඤතරො සිස්සො ආගච්ඡි මම සන්තිකං, මන්තෙ අජ්ඣෙතුකාමො සො ඡළඞ්ගං නාමලක්ඛණං.
Sinhala BJT4325. ඉක්බිති එක්තරා ශිෂ්‍යයෙක් මාගේ සමීපයට පැමිණියේ ය. හෙතෙම මන්ත්‍රයන් ද ෂඩඞ්ගය හා නාම ලක්‍ෂණයන් ද හදාරනු කමැත්තේ ය.
Pali BJT4326. බුද්ධො ලොකෙ සමුප්පන්නො අත්ථදස්සී මහාමුනි, චතුසච්චං පකාසෙන්තො දෙසෙති අමතං පදං.
Sinhala BJT4326. “මහාමුනි වූ අත්‍ථදස්සී බුදුරජ තෙම ලොව පහළ විය. (උන්වහන්සේ) චතුස්සත්‍යය පවසමින් අමෘතපදය වූ නිවණ දේශනා කරණ සේක.” (හේ කීය.)
Pali BJT4327. තුට්ඨහට්ඨො පමුදිතො ධම්මන්තරගතාසයො, අස්සමා අභිනික්ඛම්ම ඉමං වචනමබ්රවිං:
Sinhala BJT4327. මම තුටු පහටු වූයෙම් ප්‍රමුදිත වූයෙමි ධර්‍මාන්තරගත සිත් ඇත්තෙම් අසපුවෙන් නික්ම මේ වචනය කීමි:
Pali BJT4328. “බුද්ධො ලොකෙ සමුප්පන්නො බත්තිංසවරලක්ඛණො, හථ සබ්බෙ ගමිස්සාම සම්මාසම්බුද්ධසන්තිකං.”
Sinhala BJT4328. “දෙතිස් මහපුරිස් ලකුණින් යුත් බුදුරජ තෙම ලොව පහළ වීය. සියල්ලෝ එවු. සම්බුදුරජුන් වෙත යන්නෙමු” කියා යි.
Pali BJT4329. ඔවාදපටිකරා තෙ සද්ධම්මෙ පාරමිඞ්ගතා, සාධූ’ති සම්පටිච්ඡිංසු උත්තමත්ථං ගවෙසකා.
Sinhala BJT4329. සදහම් පරතෙරට ගිය අවවාදයට අනුව කටයුතු කරණ උත්තමාර්‍ත්‍ථය සොයන්නා වූ ඔහු යහපතැ යි එය පිළිගත්තාහු ය.
Pali BJT4330. ජටාභාරභරිතා තෙ අජිනුත්තරවාසිනො, උත්තමත්ථං ගවෙසන්තො{1} නික්ඛමිංසු වනා තදා.
Sinhala BJT4330. ජටාබරින් බර වූ අඳුන් දිවිසම් හඳින ඔහු උත්තමාර්‍ත්‍ථය වූ නිවන සොයමින් එකල්හි වනයෙන් නික්මුණාහු ය.
Pali BJT4331. භගවා තම්හි සමයෙ අත්ථදස්සී මහායසො, චතුසච්චං පකාසෙන්තො දෙසෙති අමතං පදං.
Sinhala BJT4331. එසමයෙහි මහත් යශස් ඇති අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ සිවුසස් පවසමින් අමෘතපදය වූ නිවන දේශනා කරණ සේක.
Pali BJT4332. සෙතච්ඡත්තං ගහෙත්වාන බුද්ධසෙට්ඨස්ස ධාරයිං, එකාහං ධාරයිත්වාන බුද්ධසෙට්ඨමවන්දහං.
Sinhala BJT4332. මම ශ්වේතච්ඡත්‍රය ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දැරීමි. එක් දවසක් මුළුල්ලෙහි දරා බුද්ධශ්‍රේෂ්ඨයන් වැන්දෙමි.
Pali BJT4333. අත්ථදස්සී තු භගවා ලොකජෙට්ඨො නරාසභො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT4333. ලෝකජ්‍යේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ භික්‍ෂු සඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:
Pali BJT4334. “යො මෙ ඡත්තමධාරෙසි පසන්නො සෙහි පාණිහි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT4334. “යමෙක් තෙම පැහැදුනේ සියතින් ඡත්‍රයක් දැරී ද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. කියන්නා වූ මගේ වචනය අසවු.
Pali BJT4335. ඉමස්ස ජායමානස්ස දෙවත්තෙ අථ මානුසෙ, ධාරෙස්සති සදා ඡත්තං ඡත්තදානස්සිදං ඵලං.
Sinhala BJT4335. දිවත්බවක හෝ මිනිසත්බවක හෝ උපදින්නා වූ මොහුට හැම කල්හි ඡත්‍රයක් දරන්නේ ය. ඡත්‍රදානයාගේ මේ විපාක යි.
Pali BJT4336. සත්තසත්තතිකප්පානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං රාජා ච වක්කවත්තී භවිස්සති.
Sinhala BJT4336. මෙතෙම සත්සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විතිරජ වන්නේ ය.
Pali BJT4337. සත්තසත්තතික්ඛත්තුඤ්ච දෙවරජ්ජං කරිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT4337. සත්සැත්තෑ වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
Pali BJT4338. අට්ඨාරසෙ කප්පසතෙ ගොතමො සක්යපුඞ්ගවො, තමන්ධකාරං නාසෙන්තො උප්පජ්ජිස්සති චක්ඛුමා.
Sinhala BJT4338. අටළොස් සිය වන (එක්දහස් අටසිය වන) කපෙහි පසැස් ඇත්තා වූ ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජ තෙමේ ගනඳුරු නසමින් පහළ වන්නේ ය.
Pali BJT4339. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරිස්සතනාසවො.”
Sinhala BJT4339. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදව ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි ඖරස බුද්ධපුත්‍රයෙක් ව සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිත ව වසන්නේ ය” (කියා යි.)
Pali BJT4340. යතො අහං කම්මමකං ඡත්තං බුද්ධස්ස ධාරයං, එත්ථන්තරෙ න ජානාමි සෙතච්ඡත්තං අධාරිතං.
Sinhala BJT4340. යම් තැනෙක පටන් කොට මම බුදුරජුන්හට ඡත්‍රයක් දරමින් කුශල කර්‍මයක් කෙළෙම් ද, (එතැන් පටන් අද තෙක්) මේ අතරෙහි ශ්වෙච්ඡත්‍ර නො දරන ලද භවයක් නො දනිමි.
Pali BJT4341. ඉදං පච්ඡිමකං මය්හං චරිමො වත්තතෙ භවො, ඡත්තධාරණමජ්ජාපි වත්තතෙ නිච්චකාලිකං.
Sinhala BJT4341. මේ මාගේ පශ්චිම භවය යි. අන්තිම භවය දැන් පවතී. අදත් මට නිත්‍යකාලික ඡත්‍රධාරණය පවතී.
Pali BJT4342. අහො මෙ සුකතං කම්මං අත්ථදස්සිස්ස තාදිනො, සබ්බාසවපරික්ඛීණො නත්ථි’දානි පුනබ්භවො.
Sinhala BJT4342. තාදීගුණ ඇති අත්‍ථදස්සී බුදුරජුන්හට මා විසින් මැනැවින් කරණ ලද ඒ කර්‍මය ආශ්චර්‍ය්‍යයෙකි. සියලු ආස්‍රව ක්‍ෂීණ විය. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT4343. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4343. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4344. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4344. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4345. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4345. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකඡත්තියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් ඒකඡත්තිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඑකඡත්තියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTඒකඡත්තිය ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT413. තිණසූලකඡදනියත්ථෙරාපදානං
Sinhala BJT413. තිණසූලකඡදනිය ස්ථවිරාවදානය
Pali BJT4346. ජාතිජරඤ්ච මරණං පච්චවෙක්ඛිං අහං තදා, එකතො අභිනික්ඛම්ම පබ්බජිං අනගාරියං.
Sinhala BJT4346. මම එකල්හි ජාති ජරා මරණ සිහි කෙළෙමි. එකලාව ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි.
Pali BJT4347. චරමානො’ නුපුබ්බෙන ගඞ්ගාතීර මුපාගමිං, තත්ථද්දසාසිං පඨවිං ගඞ්ගාතීරෙ සමුන්නතං.
Sinhala BJT4347. පිළිවෙළින් හැසිරෙන්නෙම් ගංතෙරට එළඹියෙමි. එහි ගංතෙරෙහි උස්ව ගිය පොළොවක් දිටිමි.
Pali BJT4348. අසස්මං තත්ථ මාපෙත්වා වසාමි අස්සමෙ අහං, සුකතො චඞ්කමො මය්හං නානාදිජගණායුතො.
Sinhala BJT4348. මම එහි අසපුවක් සාදා ගෙණ ඒ අසපුවෙහි වසමි. මැනැවින් කරණ ලද මාගේ අසපුව නොයෙක් පක්‍ෂි සමූහයාගෙන් යුක්තය.
Pali BJT4349. මමුපෙන්ති ච විස්සත්ථා කූජන්ති ච මනොහරං, රමමානො සහ තෙහි වසාමි අස්සමෙ අහං.
Sinhala BJT4349. (ඒ පක්‍ෂීහු) විශ්වාස ඇත්තාහු මා වෙත එළඹෙත්. මනහර ලෙස නාද කෙරෙත්. මම ඔවුන් සමග තුටු වෙමින් අසපුවෙහි වෙසෙමි.
Pali BJT4350. මම අස්සමසාමන්තා මිගරාජා චතුක්කමො, ආසයා අභිනික්ඛම්ම ගජ්ජි සො අසනී විය.
Sinhala BJT4350. මාගේ අසපුව හාත්පස සිවුදිගින් යනු සමත් ඒ මෘගරාජ තෙම ගුහාවෙන් නික්ම හෙන (පුපුරන්නාක්) මෙන් ගර්‍ජනා කෙළේ ය.
Pali BJT4351. නදිතෙ මිගරාජෙ ච හාසො මෙ උපපජ්ජථ, මිගරාජං ගවෙසන්තො අද්දසං ලොකනායකං.
Sinhala BJT4351. මෘගරාජයා ගර්‍ජනය කළ කල්හි මට හර්‍ෂයෙක් විය. මෘගරාජයා සොයනෙම් ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
Pali BJT4352. දිස්වානහං දෙවදෙවං තිස්සං ලොකග්ගනායකං, හට්ඨො හට්ඨෙන චිත්තෙන පූජයිං නාගකෙසරං.
Sinhala BJT4352. මම දේවාතිදේව වූ තිස්ස බුදුරජුන් දැක සතුටු වූයෙම් සතුටු සිතින් ම නාගකේසර (=නාමල් රේණු) පිදීමි.
Pali BJT4353. උග්ගච්ඡන්තංව සුරියං සාලරාජංව පුප්ඵිතං, ඔසධිංව විරොචන්තං සන්ථවිං ලොකනායකං.
Sinhala BJT4353. උදාවන හිරු වැනි වූ පිපුනු උතුම් සල් රුකක් වැනි වූ බබලන ඕසධීතාරකාවක් වැනි වූ ලෝකනායක බුදුරජුන්හට ස්තූති කෙළෙමි.
Pali BJT4354. තව ඤාණෙන සබ්බඤ්ඤූ මොචෙසි’මං සදෙවකං, තවං ආරාධයිත්වාන ජාතියා පරිමුච්චරෙ.
Sinhala BJT4354. සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ ඤාණයෙන් මේ දෙවියන් සහිත ලෝකයා (සසරින්) මිදුවෙහි. ඔබවහන්සේ සතුටු කොට (ඔහු) මේ ජාති සංසාරයෙන් මිදෙත්.
Pali BJT4355. අදස්සනෙන සබ්බඤ්ඤූ බුද්ධානං සබ්බදස්සිනං, පතන්ත්යවීචිනිරයං රාගදොසෙහි ඔඵුටා.{1}
Sinhala BJT4355. සර්‍වදර්ශී වූ සර්‍වඥ බුදුවරයන්ගේ නො දැකීමෙන් රාද්වෙෂයන්ගෙන් පැතිරී ගිය සත්ත්‍වයෝ අවීචිනිරයෙහි වැටෙති.
Pali BJT4356. තව දස්සනමාගම්ම සබ්බඤ්ඤූ ලොකනායක, පමුච්චන්ති භවා සබ්බෙ ඵුසන්ති අමතං පදං.
Sinhala BJT4356. සර්‍වඥයන් වහන්ස, ලෝකනායකයන් වහන්ස, ඔබ වහන්සේගේ දර්‍ශනය නිසා සියල්ලෝ භවයෙන් මිදෙත්. අමෘත පදය වූ නිවන ස්පර්‍ශ කෙරෙත්.
Pali BJT4357. යදා බුද්ධා චක්ඛුමන්තො උප්පජ්ජන්ති පභඞ්කරා, කිලෙසෙ ඣාපයිත්වාන ආලොකං දස්සයන්ති තෙ.
Sinhala BJT4357. යම් කලෙක්හි පසැස් ඇති ආලෝකවත් වූ බුදුවරයෝ ලොව උපදිත් ද, ඔහු කෙලෙස් දවා ආලෝකය දක්වත්.
Pali BJT4358. කිත්තයිත්වාන සම්බුද්ධං තිස්සං ලොකග්ගනායකං, හට්ඨො හට්ඨෙන චිත්තෙන තිණසූලං අපූජයිං.
Sinhala BJT4358. මෙසේ ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරජුන්හට ස්තූති කොට සතුටු වූයෙම් සතුටු සිතින් බෝලිද් ද (මල්) පිදීමි.
Pali BJT4359. මම සඞ්කප්පමඤ්ඤාය තිස්සො ලොකග්ගනායකො, සකාසනෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT4359. ලෝකාග්‍රනායක වූ තිස්ස බුදුරජ තෙමේ මාගේ අදහස දැන සිය අසුනෙහි වැඩ හිඳ මේ ගාථාවන් වදාළේ ය.
Pali BJT4360. “යො මං පුප්ඵෙහි ඡාදෙසි පසන්නො සෙහි පාණිහි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT4360. “යමෙක් තෙම පහන් සිතැත්තේ සියතින් ම මා මල්වලින් වැසී (පිදී) ද, මම හේ කවරෙක්දැ යි කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු.