Pali BJT4177. ඔඩ්ඩකා දමිළා චෙව සාකුලා මලයාලකා, සබරා{11} යොනකා චෙව ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4177. ඔඩ්ඩක ය, දමිළ ය, සාකුල ය, මලයාලක ය, සබර ය, යොනක ය යන මොහු මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4178. අන්ධකා මුණ්ඩකා සබ්බෙ කොලකා සානුවින්දකා,{12} ආරාවචීනරට්ඨා ච ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4178. අන්‍ධකයෝ ද, මුණ්ඩකයෝ ද, කෝලකයෝ ද, සානුවින්‍දකයෝ ද, ආරාවචීතරාෂ්ට්‍රිකයෝ ද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4179. අලසන්දකා පල්ලවකා බබ්බරා භග්ගකාරුසා,{1} රොහිතා{2} චෙතපුත්තා ච ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4179. අලසන්‍දකයෝ ද, පල්ලවකයෝ ද, බබ්බරයෝ ද, භග්ගකාරුසයෝ ද, රෝහිතයෝ ද, වෙතපුත්තයෝ ද, මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4180. මාධුරකා කොසලකා කාසිකා{3} හත්ථිපොරිකා, ඉසිණ්ඩා මක්කලා චෙව ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4180. මාධුරකයෝ ද, කෝසලකයෝ ද, කාසිකයෝ ද, හත්‍ථිපොරිකයෝ ද, ඉසිණ්ඩයෝ ද, මක්කලයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4181. චෙලාවකා අරම්මා ච ඔක්කලා{4} මෙඝලා{5} බහූ, ඛුද්දකා සුද්දකා චෙව ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4181. චේලාවකයෝ ද, අරම්මයෝ ද, ඔක්කලයෝ ද, මේඝලයෝ ද, ඛුද්දකයෝ ද, සුද්දකයෝ ද, යන බොහෝ දෙන මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4182. රොහණා සින්ධවා චෙව චිතකා එකකණ්ණිකා, සුරට්ඨා අපරන්තා ච ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4182. රෝහණයෝ ද, සින්‍ධවයෝ ද, චිතකයෝ ද, ඒකකණ්ණිකයෝ ද, සුරට්ඨයෝ ද, අපරන්තයෝ ද, මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4183. සුප්පාරකා කිකුමාරා{6} මලයා{7} සොණ්ණභූමිකා, වජ්ජී තාරා{8} ච තෙ සබ්බෙ ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4183. සුප්පාරකයෝ ද, කිකුමාරයෝ ද, මලයයෝ ද, සෝණ්ණභූමිකයෝ ද, වජ්ජීහු ද, තාරාවෝ ද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4184. නළකාරා පෙසකාරා චම්මකාරා ච තච්ඡකා, කම්මාරා කුම්භකාරා ච ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4184. නළකාරයෝ ද, (රෙදි වියන) පෙසකාරයෝ ද, (සම් වැඩ කරණ) චම්මකාරයෝ ද, වඩුවෝ ද, කම්මාරයෝ ද, කුම්භකාරයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4185. මණිකාරා ලොහකාරා සොණ්ණකාරා ච දුස්සිකා, තිපුකාරා ච තෙ සබ්බෙ ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4185. (මිණිකම් කරණ) මණිකාරයෝ ද, (ලොහො කම් කරණ) ලෝහකාරයෝ ද, (රන් කම් කරණ) සොණ්ණකාරයෝ ද, (රෙදි කම් කරණ) දුස්සිකයෝ ද, (ඊයම් කම් කරණ) තිපුකාරයෝ ද යන මේ සියල්ලෝ මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4186. උසුකාරා භමකාරා පෙසකාරා ච ගන්ධීකා, රජ කා තුන්නවායා ච ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4186. (ඊ කම් කරණ) උසුකාරයෝ ද, (ලියන වඩු කම් කරණ) භමකාරයෝ ද, (රෙදි වියන) පෙසකාරයෝ ද, (සුවඳ සාදන හෝ විකුණන) ගන්‍ධිකයෝ ද, (රෙදි සෝදන පොවන) රජකයෝ ද, (රෙදි මහන) තුණ්ණවායෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4187. තෙලිකා කට්ඨහාරා ච උදහාරා ච පෙස්සිකා, සූපිකා සුපරක්ඛා ච ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4187. (තෙල් සාදන හෝ විකුණන) තෙලිකයෝ ද, (දර අදින) කට්ඨහාරයෝ ද, (ජලය අදින) උදකහාරයෝ ද, (පණිවුඩ ගෙන යන) පෙස්සිකයෝ ද, (සූපසාදන) සූපිකයෝ ද, (සූප රකින) සූපරක්ඛයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4188. දොවාරිකා අනීකට්ඨා වන්දිකා{9} පුප්ඵඡඩ්ඩකා, හත්ථාරුහා හත්ථිපාලා ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4188. (දොරටුපාල) දෝවාරිකයෝ ද, බලඇණි රක්නෝ ද, (තුතිපැවසුම් කරණ) වන්‍දිකයෝ ද, (ගැබ්මල ආදිය බැහැර ලන) පුප්ඵඡඩ්ඩකයෝ ද, (ඇතුන් පිට නගින) හත්‍ථාරුහයෝ ද, (ඇතුන් බලන) හත්‍ථිපාලයෝ ද මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4189. ආනන්දස්ස මහාරඤ්ඤො{10} පමත්තස්ස{11} අදාසහං, සත්තවණ්ණෙන රතනෙන ඌනත්තං{12} පූරයාමහං.
Sinhala BJT4189. ප්‍රමාදී වූ ආනන්‍ද මහරජුට මම ධනය දුනිමි. මම සත්රුවනින් ඔහුගේ අඩුබැව් පුරවමි.
Pali BJT4190. යෙ මයා කිත්තිතා සබ්බෙ නානාවණ්ණා බහුජ්ජනා, තෙසා’හං චිත්තමඤ්ඤාය තප්පයිං රතනෙන’හං.
Sinhala BJT4190. මා විසින් මෙහි පවසන ලද ඒ සියල්ලෝ නා නා ජාතිවලට අයත් බොහෝ දෙන වෙති. මම ඔවුන්ගේ සිත් දැන රුවනින් සන්තර්‍පණය කෙළෙමි.
Pali BJT4191. වග්ගූසු භාසමානාසු වජ්ජමානාසු භෙරිසු, සංඛෙසු ධමයන්තෙසු සකගෙහෙ රමාමහං.
Sinhala BJT4191. මිහිරිවදන් කියන කල්හි බෙර වයන කල්හි සක් පිඹින කල්හි මම ස්වකීය ගෘහයෙහි සිත් අලවා වෙසෙමි.
Pali BJT4192. භගවා තම්හි සමයෙ පදුමුත්තරනායකො, වසීසතසහස්සෙහි පරික්ඛීණාසවෙහි සො.
Sinhala BJT4192-4193. එසමයෙහි භාග්‍යවත් වූ ඒ පදුමුත්තර බුදුරජ තෙමේ ක්‍ෂය කළ ආස්‍රවයන් ඇති රහත් භික්‍ෂූන් ලක්‍ෂයක් සමග වීථියට පිළිපන්නේ ය. පසැස් ඇති සර්‍වඥ තෙම සියලු දිගුන් ආලෝකවත් කරමින් ප්‍රදීප වෘක්‍ෂයක් මෙන් බබළයි.
Pali BJT4193. භික්ඛූහි සහිතො වීථිං පටිපජ්ජිත්ථ චක්ඛුමා, ඔභාසෙන්තො දිසා සබ්බා දීපරුක්ඛො’ව ජොතති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4194. වජ්ජන්ති භෙරියො සබ්බා ගච්ඡන්තෙ ලොකනායකෙ, පභා නිද්ධාවතෙ තස්ස සතරංසීව උග්ගතො.
Sinhala BJT4194. බුදුරජුන් වඩින කල්හි සියලු භේරිහු වාදනය වෙත්. උදා වූ හිරු මෙන් උන් වහන්සේගේ රස් විහිදෙයි.
Pali BJT4195. කවාටන්තරිකායාපි පවිට්ඨෙන ච රංසිනා,{1} අන්තොඝරෙ සුවිපුලො ආලොකො ආසි තාවදෙ.
Sinhala BJT4195. කවුළු අතරින් පිවිසි රසින් ඇතුළු ගෙහි ද එකෙණෙහි මහත් වූ ආලෝකයෙක් විය.
Pali BJT4196. පභං දිස්වාන බුද්ධස්ස පාරිසජ්ජෙ අචොචහං, නිස්සංසයං බුද්ධසෙට්ඨො ඉමං වීථිමුපාගතො.
Sinhala BJT4196. මම බුදුරජුන්ගේ රස් දැක පිරිසට මෙසේ කීමි. (කෙසේ ද යත්?) “නිසැකව බුද්ධශ්‍රේෂ්ඨ තෙම මේ වීථියට එළඹියේ ය” (කියා යි.)
Pali BJT4197. ඛිප්පං ඔරුය්හ පාසාදා අගමිං අන්තරාපණං, සම්බුද්ධමභිවාදෙත්වා ඉදං වචනමබ්රවිං:
Sinhala BJT4197. වහා පහයෙන් බැස ඇතුළු වීථියට ආයෙමි. සම්බුදු රජුන් වැඳ මේ වචනය ද කීමි:
Pali BJT4198. අනුකම්පතු මෙ බුද්ධො ජලජුත්තමනායකො, වසීසතසහස්සෙහි අධිවාසෙසි සො මුනි.
Sinhala BJT4198. “පදුමුත්තර නම් වූ බුදුරජානන් වහන්සේ මට අනුකම්පා කරණ සේක්වා” යනුයි. ඒ බුදුරජතෙම ලක්‍ෂයක් රහතුන් සමග ඒ ආරාධනය පිළිගත්තේ ය.
Pali BJT4199. නිමන්තයිත්වා{2} සම්බුද්ධං අභිනෙසිං සකං ඝරං, තත්ථ අන්නෙන පානෙන සන්තප්පෙසිං මහාමුනිං.
Sinhala BJT4199. සම්බුදු රජුන් පවරා ස්වකීය ගෘහයට වැඩම කර වීමි. එහි ආහාරපානයෙන් බුදුරජුන් වැළඳවීමි.
Pali BJT4200. භුත්තාවිං කාලමඤ්ඤාය බුද්ධසෙට්ඨස්ස තාදිනො, සතඞ්ගිකෙන තුරියෙන බුද්ධසෙට්ඨං උපට්ඨහිං.
Sinhala BJT4200. වළඳා අවසන් වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ (දැක) සුදුසු කලැයි දැන තාදීගුණ ඇති ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ශතාඞ්ගික තූර්‍ය්‍යයන්ගෙන් උවටැන් කළෙමි.
Pali BJT4201. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, අන්තොඝරෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT4201. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම ඇතුළුගෙහි හිඳ මේ ගාථාවන් වදාළේ ය:
Pali BJT4202. “යො මං තුරියෙහුපට්ඨාසී අන්නපානඤ්ච’ දාසි මෙ, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT4202. “යමෙක් තූර්‍ය්‍යයන්ගෙන් මට උවටැන් කෙළේ ද, මට ආහාර පානයන් දුන්නේ ද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT4203. පහූතභක්ඛො හුත්වාන සහිරඤ්ඤො සභොජනො, චතුදීපෙ එකරජ්ජං කාරයිස්සත’ යං නරො.
Sinhala BJT4203. රැස් කළ සම්පත් අනුභව කරන්නෙක් ව අමුරන් සහිතව බොජුන් සහිතව මේ මිනිස් තෙම සිවුමහදිවයිනෙහි ඒකාතපත්‍ර කොට රාජ්‍යය කරවන්නේ ය.
Pali BJT4204. පඤ්චසීලෙ සමාදාය දසකම්මපථෙ තතො, සමාදාය පවත්තෙන්තො පරිසං සික්ඛපෙස්සති{3}.
Sinhala BJT4204. පන්සිල් සමාදන් ව ඉක්බිති දශකර්‍මපථයන් ද සමාදන් ව පවත්වමින් පිරිස හික්ම වන්නේ ය.
Pali BJT4205. තුරියසතසහස්සානි නාරියො{4} සමලඞ්කතා, වජ්ජයිස්සන්ති’මං නිච්චං උපට්ඨානස්සසිදං ඵලං.
Sinhala BJT4205. මැනවින් අලඞ්කාර කරණ ලද ස්ත්‍රීහු නිතර තූර්‍ය්‍යයන් ලක්‍ෂයක් වාදනය කරන්නාහු ය.
Pali BJT4206. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, චතුසට්ඨික්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
Sinhala BJT4206. කල්ප තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. සූසැට වරක් ශක්‍රදේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
Pali BJT4207. චතුසට්ඨික්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT4207. සූසැට වරක් සක්විතිරජ වන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
Pali BJT4208. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT4208. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT4209. උපපජ්ජති යං යොනිං දෙවත්තං අථ මානුසං,{1} අනූනභොගො හුත්වාන මනුස්සත්තං ගමිස්සති.
Sinhala BJT4209. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපදින්නේ නම්, අනූන වූ භොග සම්පත් ඇත්තේ ම මිනිසත් බවට පැමිණෙන්නේ ය.
Pali BJT4210. අජ්ඣායකො භවිත්වාන තිණ්ණං වෙදානපාරගූ, උත්තමත්ථං ගවෙසන්තො චරිස්සති මහිං ඉමං.
Sinhala BJT4210. වේද හදාරන්නෙක් ව වේදත්‍රයෙහි පරතෙරට ගියේ උත්තමාර්‍ත්‍ථය වූ (නිවන) සොයමින් මේ පෘථිවියෙහි හැසිරෙන්නේ ය.
Pali BJT4211. සො පච්ඡා පබ්බජිත්වාන සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො සාසනෙ’භිරමිස්සති.
Sinhala BJT4211. කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදි ව ගෞතම බුදුරජුන්ගේ සසුනෙහි සිත් අලවා වසන්නේ ය.
Pali BJT4212. ආරාධයිත්වා{2} සම්බුද්ධං ගොතමං සක්යපුඞ්ගවං, කිලෙසෙ ඣාපයිත්වාන අරහා’යං භවිස්සති.
Sinhala BJT4212. මෙතෙම ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට කෙලෙස් දවා රහත් වන්නේ ය.
Pali BJT4213. විපිනෙ ව්යග්ඝරාජාව මිගරාජාව කෙසරී, අභීතො විහරාම’ජ්ජ සක්යපුත්තස්ස සාසනෙ.
Sinhala BJT4213. මහවනයෙහි ව්‍යාඝ්‍රයෙක් මෙන් ද, කේශරසිංහ රාජයකු මෙන් ද, අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ සසුනෙහි නිර්භීතව වෙසෙමි.
Pali BJT4214. දෙවලොකෙ මනුස්සෙ වා දළිද්දෙ දුග්ගතිම්හි වා, නිබ්බත්තිං මෙ න පස්සාමි උපට්ඨානස්සිදං ඵලං.
Sinhala BJT4214. දෙව්ලොව වුව ද මිනිස් ලොව වුව ද දිළිඳු බැව්හි හෝ දුගතියක හෝ මාගේ ඉපදීමක් නො දකිමි. (බුදුරජුන්ට) උවැටන් කිරීමේ මේ විපාක යි.
Pali BJT4215. විවෙකමනුයුත්තොම්හි උපසන්තො නිරූපධි, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4215. සන්හුන් වූයෙම් උපධි රහිත වූයෙම් විවේකයෙහි යෙදුනෙම් වෙමි. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වසමි.
Pali BJT4216. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4216. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4217. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4217. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන් කරණ ලදී.
Pali BJT4218. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4218. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජතුකණ්ණිථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් ජතුකණ්ණී ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTජතුකණ්ණිත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTජතුකණ්ණී ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT410. උදෙනත්ථෙරාපදානං
Sinhala BJT410. උදේන ස්ථවිරාවදානය
Pali BJT4219. හිමවන්තස්ස අවිදූරෙ පදුමො නාම පබ්බතො, අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා.
Sinhala BJT4219. හිමවතට නුදුරෙහි පදුම නම් පර්‍වතයක් විය. එහි මට අසපුවක් මැනැවින් කරණ ලදී. පන්සල ද මැනැවින් නිමවන ලදී.
Pali BJT4220. නදියො සන්දරෙ සුපතිත්ථා මනොරමා, අච්ඡොදකා සීතජලා සුන්දරා{1} නදියො සදා.
Sinhala BJT4220. මනා වූ තොට ඇති, මනෝඥ වූ නදීහු එහි ගලා බසිත්. ඒ නදීහු හැමකල්හි පිරිසිදු දිය ඇත්තාහු ය. සිසිල් දිය ඇත්තාහු ය. සුන්‍දර ද වෙති.
Pali BJT4221. පාඨීනා පාවුසා මච්ඡා වලජා මුඤ්ජරොහිතා, සොභෙන්තා නදියො එතෙ වසන්ති නදියා සදා.
Sinhala BJT4221. නදීන් හොබවන්නා වූ පාඨින (පෙටියෝ) ද, පාවුස (ලූල්ලු) ද, වලජ (වලයෝ) ද, මුඤ්ජ (මොද්දු) ද, රෝහිත (රෙහෙරු) ද, යන මත්ස්‍යයෝ හැම කල්හි නදියෙහි වසත්.
Pali BJT4222. අම්බජම්බූහි සඤ්ඡන්නා කරෙරිතිලකා තථා, උද්දාලකා පාටලියො සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4222. අඹ දඹ රුක්වලින් වැසී ගිය නදිය ද, එසේ ම ලුණුවරණ තිලක (මදටය), උද්දාලක (ඇසළ), පාටලි (පළොල්) යන වෘක්‍ෂයෝ ද මාගේ අසපුව හොබවත්.
Pali BJT4223. අඞ්කොලකා බිම්බිජාලා මායාකාරී ච පුප්ඵිතා, ගන්ධෙන උපවායන්තා සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4223. පිපී ගිය අඞ්කෝලක (රුකඟුන) බිම්බිජාල, රත්කරවු, මායාකාරී, මෙකී වෘක්‍ෂයන්ගේ සුවඳින් හමන වාතයෝ මාගේ අසපුව හොබවත්.
Pali BJT4224. අතිමුත්තා සත්තලිකා නාගා සාලා ච පුප්ඵිතා, දිබ්බගන්ධං{2} සම්පවන්තා සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4224. මැනැවින් පිපීගිය අතිමුත්ත (යොහොඹු), සත්තලික (සත්පෙති දෑසමන්), නාග (නා), සාල (සල්) යන මොහු දිව සුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4225. කොසම්බා සලලා නීපා අට්ඨඞ්ගා ච සුපුප්ඵිතා, දිබ්බගන්ධං සම්පවන්තා සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4225. කෝසම්බ (කොසඹ), සලල (හොර), නීප (=කොළොම්), අට්ඨඞ්ග - වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4226. හරීතකා ආමලකා අම්බජම්බු විභීටකා, කොලා භල්ලාතකා බිල්ලා ඵලානි බහු අස්සමෙ.
Sinhala BJT4226. අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුලු, බෙලි මෙකී ඵලයෝ අසපුවෙහි බොහෝ වෙති.
Pali BJT4227. කලම්බා කන්දලී තත්ථ පුප්ඵන්ති මම අස්සමෙ, දිබ්බගන්ධං සම්පවන්තා සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4227. කලම්බ (කොළොම්), කන්‍දලී (බිම් කෙහෙල්) ද එහි මාගේ අසපුවෙහි පිපෙත්. දිව සුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4228. අසොකපිණ්ඩී චවරී{3} නිම්බරුක්ඛා ච පුප්ඵිතා, දිබ්බගන්ධං සම්පවන්තා සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4228. අසෝකපිණ්ඩී, චවරී කොසඹ මෙකී වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4229. පුන්නාගා ගිරිපුන්නාගා තිමිරා තත්ථ පුප්ඵිතා, දිබ්බගන්ධං සම්පවන්තා සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4229. පුන්නාග (දොඹ), ගිරිපුන්නාග මේ වෘක්‍ෂයෝ එහි පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4230. නිග්ගුණ්ඩී සිරිනිග්ගුණ්ඩී චම්පරුක්ඛෙත්ථ පුප්ඵිතා, දිබ්බගන්ධං සම්පවන්තා සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4230. නිග්ගුණ්ඩී (සිරිනික), සපු මේ වෘක්‍ෂයෝ පිපී ගියාහු දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4231. අවිදූරෙ පොක්ඛරණී චක්කවාකූපකූජිතා, මන්දාලකෙහි සඤ්ඡන්නා පදුමුප්පලකෙහි ච.
Sinhala BJT4231. අසපුවට නුදුරෙහි පොකුණ සක්වාලිහිණියන් විසින් හඬන ලද ය. හෙල්මැල්ලෙන් නොහොත් දියකන්‍දරයෙන්, විලපලායෙන්, පියුම් උපුල් මලින් ගැවසුනේ ය.
Pali BJT4232. අච්ඡොදකා සීතජලා සුපතිත්ථා මනොරමා, අච්ඡා ඵලිකසමානා සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4232. පැහැදි දිය ඇති සිසිල් ජලය ඇති මනා තොට ඇති මනරම්පලිඟු මෙන් පැහැදිලි පුෂ්කරණී තොමෝ මාගේ අසපුව හොබවයි.
Pali BJT4233. පදුමා පුප්ඵරෙ තත්ථ පුණ්ඩරීකා ච උප්පලා, මන්දාලකෙහි සඤ්ඡන්නා සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4233. එහි රත් පියුම්, හෙළ පියුම්, උපුල් ද පිපෙත්. හෙල්මැලියෙන් ගැවසීගත් ඒ පුෂ්කරණී තොමෝ මාගේ අසපුව හොබවයි.
Pali BJT4234. පාඨීනා පාවුසා මච්ඡා වලජා මුඤ්ජරොහිතා, විචරන්තා ච තෙ තත්ථ සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4234. පාඨීන, පාවුස වලජ, මුඤ්ජ, රෝහිත යන මත්ස්‍යයෝ එහි හැසිරෙමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4235. කුම්භීලා සුංසුමාරා ච කච්ඡපා ච ගහා බහූ, ඔගුහා{1} අජගරා ච සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4235. කුම්භීල, සුංසුමාර යන චණ්ඩ ජලජ සත්ත්‍වයෝ ද, කැසුබුවෝ, ඔගුහ නම් සත්ත්‍වයෝ, අජගරයෝ ද බොහෝ වූවාහු මාගේ අසපුව හොබවත්.
Pali BJT4236. පාරෙවතා රවිහංසා චක්කවාකා නදීචරා, දින්දිභා සාලිකා චෙත්ථ සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4236. පරෙවි, රවිහංස, චක්‍රවාක, නදීවර, දින්‍දිහ (කිරලු), සාළික - මේ පක්‍ෂීහු මාගේ අසපුව හොබවත්.
Pali BJT4237. නයිතා අම්බගන්ධී ච කෙතකා තත්ථ පුප්ඵිතා, දිබ්බගන්ධං සම්පවන්තා සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4237. නයිතා, අම්බගන්‍ධි, කේතකී - මෙකී වෘක්‍ෂයෝ පිපී ගියාහු එහි දිවසුවඳ විහිදුවමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT4238. සීහා ව්යග්ඝා ච දීපී ච අච්ඡකොකතරච්ඡකා, අනුසඤ්චරන්තා පවනෙ සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4238. සිංහ, ව්‍යාඝ්‍ර, දිවි, වලස්සු, කොක්නහ, කරබානාවලස්සු මොහු මහවෙනෙහි හැසිරෙන්නාහු මාගේ අසපුව හොබවත්.
Pali BJT4239. ජටාභාරෙන භරිතා අජිනුත්තරවාසනා, අනුසඤ්චරන්තා පවනෙ සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4239. අඳුන් දිවිසම් ඈ ජටාහාරයෙන් බර වූ තවුසෝ මහ වෙනෙහි හැසිරෙන්නාහු මාගේ අසපුව හොබවත්.
Pali BJT4240. අජිනානි ධරා එතෙ නිපකා සන්තවුත්තිනො, අප්පාහාරා ච තෙ සබ්බෙ සොභෙන්ති මම අස්සමං.
Sinhala BJT4240. මේ තවුසෝ අඳුන් දිවිසම් දරන්නෝ ය. ප්‍රාඥයෝ ය. සන්හුන් පැවතුම් ඇත්තෝ ය. අල්පාහාර ඇති ඒ සියල්ලෝ මාගේ අසපුව හොබවත්.
Pali BJT4241. ඛාරිභාරං ගහෙත්වාන අජ්ඣොගය්හ වනං තදා, මූලඵලානි භුඤ්ජන්තා වසන්ති අස්සමෙ සදා.
Sinhala BJT4241. පිරිකර කද ගෙණ වනයට පිවිස මුල් හා ගෙඩි අනුභව කරන්නා වූ ඔහු එකල හැම දා අසපුවෙහි වසත්.
Pali BJT4242. න තෙ දාරුං ආහරන්ති උදකං පාදධොවනං, සබ්බෙසං ආනුභාවෙන සයමෙවාහරීයති.
Sinhala BJT4242. ඔහු දර, පා දෝනා දිය නො ගෙණෙත්. සියල්ලන්ගේ ආනුභාවයෙන් (ඒ දෑ තෙමේ ම) පැමිණෙයි.
Pali BJT4243. චුල්ලාසීති සහස්සානි ඉසයෙත්ථ සමාගතා, සබ්බෙව ඣායිනො එතෙ උත්තමත්ථගවෙසකා.
Sinhala BJT4243. අසූහාර දහසක් ඍෂීහු මෙහි රැස් වූහ. මේ සියල්ලෝ ම ධ්‍යාන කරන්නෝ උත්තමාර්‍ත්‍ථය වූ විමුක්තිය සොයන්නෝ ය.
Pali BJT4244. තපස්සිනො බ්රහ්මචාරී චොදෙන්තා අප්පණාවතෙ, අම්බරාවචරා සබ්බෙ වසන්ති අස්සමෙ තදා.
Sinhala BJT4244. තපස්වී වූ බ්‍රහ්මචාරී වූ අර්‍පණාව්‍රතයෙහි යෙදුනාවූ අහසෙහි හැසිරෙන්නා වූ (ඒ) සියල්ලෝ එකල්හි අසපුවෙහි වෙසෙත්.
Pali BJT4245. පඤ්චාහං සන්නිපතන්ති එකග්ගා සන්තවුත්තිනො, අඤ්ඤොඤ්ඤං අභිවාදෙත්වා පක්කමන්ති දිසාමුඛා.
Sinhala BJT4245. එකඟ වූ සන්හුන් පැවතුම් ඇති මොහු පස් දිනකට වරක් රැස් වෙත්. (රැස්ව) ඔවුනොවුනට වැඳ ඒ ඒ දිශාභිමුඛ වූවාහු යෙත්.
Pali BJT4246. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, තමන්ධකාරං{1} විධමං උප්පජ්ජි තාවදෙ ජිනො.
Sinhala BJT4246. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජ තෙම එකෙණෙහි මොහඳුර දුරුකරමින් ලොව පහළ විය.
Pali BJT4247. මම අස්සමසාමන්තා යක්ඛො ආසි මහිද්ධිකො, සො මෙ සංසිත්ථ සම්බුද්ධං ජලජුත්තමනායකං.
Sinhala BJT4247. මාගේ අසපුව සමීපයෙහි මහා ඍද්ධි ඇති යක්‍ෂයෙක් විය. හෙතෙම පදුමුත්තර නම් වූ බුදුරජුන්හට (මෙසේ) ප්‍රශංසා කෙළේ ය:
Pali BJT4248. එස බුද්ධො සමුප්පන්නො පදුමුත්තරො මහාමුනි, ඛිප්පං ගන්ත්වාන සම්බුද්ධං පයිරුපාසය{2} මාරිස.
Sinhala BJT4248. “නිදුකානෙනි, මේ මහාමුනි වූ පදුමුත්තර නම් බුදුරජ තෙම ලොව පහළ විය. වහා ගොස් ඒ සම්බුදුරජුන් භජනය කරනු මැනව” (කියා යි.)
Pali BJT4249. යක්ඛස්ස වචනං සුත්වා විප්පසන්නෙන චෙතසා, අස්සමං සංසාමෙත්වාන නික්ඛමිං විපිනා තදා.
Sinhala BJT4249. එකල්හි යක්‍ෂයාගේ වචනය අසා පැහැදි සිතින් අසපුව පිළියෙළ කොට තබා මහවනයෙන් නික්මුනෙමි.
Pali BJT4250. වෙළෙව ඩය්හමානම්හි නික්ඛමිත්වාන අස්සමා, එකරත්තිං නිවසිත්වා{3} උපගච්ඡිං විනායකං.
Sinhala BJT4250. වස්ත්‍රය ගිනි ඇවිළගත් කල්හි මෙන් අසපුවෙන් නික්ම එක් රැයක් (මග) වැස බුදුරජුන් වෙත එළඹියෙමි.
Pali BJT4251. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, චතුසච්චං පකාසෙන්තො දෙසෙසි අමතං පදං.
Sinhala BJT4251. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම සිවුසස් පවසමින් අමෘතපදය දේශනා කෙළේ ය.
Pali BJT4252. සුඵුල්ලං පදුමං ගය්හ උපගන්ත්වා මහෙසිනො, පසන්නචිත්තො සුමනො බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT4252. මනාව පිපුණු පියුමක් ගෙණ (බුදුරජුන් වෙත) එළඹ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මහර්ෂී වූ සර්‍වඥයන් වහන්සේට පිදීමි.
Pali BJT4253. පූජයිත්වාන සම්බුද්ධං ජලජුත්තමනායකං, එකංසං අජිනං කත්වා සන්ථවිං ලොකනායකං.
Sinhala BJT4253. පදුමුත්තර නම් වූ බුදුරජානන් වහන්සේ පුදා අඳුන් දිවිසම එකස් කොට ලෝකනායක වූ තථාගතයන් හට ස්තූති කෙළෙමි.
Pali BJT4254. යෙන ඤාණෙන සම්බුද්ධො වසතීහ අනාසවො, තං ඤාණං කිත්තයිස්සාමි සුණොථ මම භාසතො.
Sinhala BJT4254. යම් සර්‍වඥතාඥානයක් කරණකොට ගෙණ සම්බුදු රජ තෙම ආස්‍රව රහිත ව මෙලොව්හි වැඩ වෙසේ ද, ඒ ඥානය කීර්‍තනය කරන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT4255. සංසාරසොතං ඡින්දිත්වා තාරෙසි සබ්බපාණිනො, තව ධම්මං සුණිත්වාන තණ්හාසොතං තරන්ති තෙ.
Sinhala BJT4255. (ඔබ) සසර සැඩ පහර කපා සියලු ප්‍රාණීන් (සසරසයුරින්) එතෙර කෙරෙහි ය. ඒ සත්ත්‍වයෝ ඔබවහන්සේගේ ධර්‍මය අසා තෘෂ්ණාව නමැති සැඩ පහර තරණය කෙරෙත්.
Pali BJT4256. තුවං සත්ථා ච කෙතු ච ධජො යූපො ච පාණිනං, පරායණො පතිට්ඨා ච දීපො ච දිපදුත්තම.{4}
Sinhala BJT4256. ද්විපදෝත්තම වූ බුදුරජානන් වහන්ස, ඔබ සත්ත්‍වයන්හට ශාස්තෘ වන සේක. කොඩියක් ධජයක් යාගස්ථම්භයක් වන සේක. ආරක්‍ෂාව වන සේක.
Pali BJT4257. යාවතා ගණිනො ලොකෙ සත්ථවාහා පවුච්චරෙ, තුවං අග්ගොසි සබ්බඤ්ඤූ තව අන්තොගධාව තෙ.
Sinhala BJT4257. ලෙව්හි යම්තාක් ගණප්‍රධාන වූවාහු සාර්‍ත්‍ථවාහයෝ ය යි කියනු ලබද්ද, සර්‍වඥයන් වහන්ස, ඔවුනට ඔබ අග්‍ර වන සේක. ඔහු ඔබවහන්සේට ම ඇතුළත් වෙත්.
Pali BJT4258. තව ඤාණෙන සබ්බඤ්ඤූ තාරෙසි ජනතං බහුං, තව දස්සනමාගම්ම දුක්ඛස්සන්තං කරිස්සරෙ.
Sinhala BJT4258. සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේගේ නුවණ කරණකොට ගෙණ බොහෝ දෙන (සසර සයුරින්) එතෙර කරණ සේක. ඔහු ඔබවහන්සේගේ දර්‍ශනය නිසා දුක් කෙළවර කෙරෙත්.
Pali BJT4259. යෙ කෙචි මෙ ගන්ධජාතා ලොකෙ වායන්ති චක්ඛුම, තව ගන්ධසමො නත්ථි පුඤ්ඤක්ඛෙත්තෙ මහාමුනෙ.
Sinhala BJT4259. පසැස් ඇතියානන් වහන්ස, ලෙව්හි මේ යම්කිසි සුගන්‍ධ ජාතයෝ හමත් නම්, මහාමුනීන් වහන්ස, පින්කෙත්හි වූ ඔබගේ ගුණ සුවඳ වැනි අනික් සුවඳෙක් නැත.
Pali BJT4260. තිරච්ඡානයොනිං නිරයං පරිමොචෙසි{1} චක්ඛුම, අසංඛතං පදං සන්තං දෙසෙසි{2} ත්වං මහාමුනෙ.
Sinhala BJT4260. පසැස් ඇතියානන් වහන්ස, ඔබ තිරිසන් ගතිය ද, නිරය ද, දුරු කරණ සේක. මහාමුනීන් වහන්ස, ඔබ අසංස්කෘත වූ ශාන්තපදය හෙවත් නිවන දේශනා කරණ සේක. (කියා යි.)
Pali BJT4261. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT4261. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථා වදාළ සේක:
Pali BJT4262. “යො මෙ ඤාණං අපූජෙසි පසන්නො සෙහි පාණිහි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT4262. “යමෙක් තෙම පහන්වූයේ සියතින් මාගේ සර්‍වඥතාඥානය පිදී ද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT4263. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති.”
Sinhala BJT4263. (මෙතෙම) කල්ප තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය” (කියා යි.)
Pali BJT4264. සුලද්ධලාභං ලද්ධොම්හි තොසයිත්වාන සුබ්බතං, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT4264. මම මනා ව්‍රත ඇති බුදුරජුන් තුටු කොට උතුම් ලාභයක් ලැබුයෙම් වෙමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණ කොට ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4265. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4265. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT4266. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4266. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4267. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4267. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උදෙනො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් උදේන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTඋදෙනත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTඋදේන ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTමෙත්තෙය්යො පුණ්ණකො ථෙරො මෙත්තගූ ධොතකො’පි ච, උපසීවො ච නන්දො ච හෙමකො සත්තමො තහිං තොදෙය්යො ජතුකණ්ණී ච උදෙනො ච මහායසො, තීණි ගාථාසතානෙත්ථ අසීති තීණි චුත්තරිං.
Sinhala BJTමෙත්තෙය්‍ය පුණ්ණකථේර මෙත්තගු ධෝතක සහ, උපසීව නන්‍ද හේමක තෝදෙය්‍ය ජතුකණ්ණී උදේන ද, ගී තෙසිය තෙ අසූවකින් එවග මෙහි කීයේ,
Pali BJTමෙත්තෙය්යවග්ගො එකචත්තාළීසතිමො.{3}
Sinhala BJTමෙත්තෙය්‍යවර්‍ගය එක්සාළිස්වැනි යි.
Pali BJT42. භද්දාලිවග්ගො
Sinhala BJT42. භද්දාලි වර්‍ගය