Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5501-5600 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4084. සඤ්ජානිත්වාන සම්බුද්ධං පියදස්සිං මහාමුනිං සකං චිත්තං පසාදෙත්වං ඉදං වචනමබ්රවිං:
Sinhala BJT4084. මහාමුනි වූ ‘පියදස්සී’ බුදුරජුන් ය යි හැඳින සිය සිත පහදවා මේ වචනය කීමි:
Pali BJT4085. “අඤ්ඤෙ{2} පීඨෙ ච පල්ලඞ්කෙ ආසන්දීසු නිසීදරෙ, තුවම්පි සබ්බදස්සාවී නිසීදි රතනාසනෙ”
Sinhala BJT4085. අන්‍යයෝ පුටුවෙහි ද පලඟෙහි ද දික්සඟලාහි ද හිඳිත්. සියල්ල දක්නා වූ බුදුරජානන් වහන්ස (ඔබ ද) රුවන් අසුනෙහි හිඳිනු මැනව.
Pali BJT4086. සබ්බරතනමයං පීඨං නිම්මිනිත්වාන තාවදෙ, පියදස්සිස්ස මුනිනො අදාසිං ඉද්ධිනිම්මිතං.
Sinhala BJT4086. මෙසේ කියා එකෙණෙහි සියල්ල රුවන්මුවා පුටුවක් මවා ඍද්ධියෙන් නිර්මිත වූ ඒ පුටුව පියදස්සී බුදුරජුන්හට දුනිමි.
Pali BJT4087. රතනෙ ච නිසින්නස්ස පීඨකෙ ඉද්ධිනිම්මිතෙ, කුම්භමත්තං ජම්බුඵලං අදාසිං තාවදෙ අහං.
Sinhala BJT4087. ඍද්ධියෙන් නිර්මිත කරණ ලද රුවන්පුටුවෙහි වැඩ හුන් (බුදුරජුන්හට) එකෙණෙහි මම කළයක් පමණ වූ ජම්බුඵලයක් දුනිමි.
Pali BJT4088. මම හාසං ජනෙත්වාන පරිභුඤ්ජි මහාමුනි, තදා චිත්තං පසාදෙත්වා සත්ථාරම්හිවාදයිං.
Sinhala BJT4088. බුදුරජ තෙම මාගේ සතුට උපදවමින් (එය) වැළඳීය. එකල්හි සිත පහදවා ශාස්තෲන් වහන්සේ වැන්දෙමි.
Pali BJT4089. පියදස්සී තු භගවා ලොකජෙට්ඨො නරාසභො, රතනාසනමාසීනො ඉමා ගාථා අභාසථ:
Sinhala BJT4089. ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨ වූ රුවන් අසුනෙහි වැඩහුන්නා වූ පියදස්සී භාග්‍යවත් තෙමේ මේ ගාථාවන් වදාළේ ය:
Pali BJT4090. “යො මෙ රතනමයං පීඨං අමතං ච ඵලං අදා, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT4090. “යමෙක් මට රුවන්මුවා පුටුවක් ද, අමා වැනි (දඹ) ඵලයක් ද දුන්නේ නම් හේ (කවරෙක් දැයි) කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු:
Pali BJT4091. සත්තසත්තති කප්පානි දෙවලොකෙ රමිස්සති, පඤ්චසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT4091. (මෙ තෙම) සත්සැත්තෑ කපක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. පන්සැත්තෑ වරක් සක්විති රජ ද වන්නේ ය.
Pali BJT4092. ද්වත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT4092. දේවේන්‍ද්‍රව දෙතිස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. ලබන්නා වූ ප්‍රදේශරාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
Pali BJT4093. සොණ්ණමයං රූපිමයං පල්ලඞ්කං සුකතං බහුං, ලොහිතඞ්කමයං{3} චෙව ලච්ඡති රතනාමයං.
Sinhala BJT4093. රන්මුවා වූ ද රිදීමුවා වූ ද පියුම්රාමිණිමුවා වූ ද රුවන්මුවා වූ ද මැනැවින් කළ පර්‍ය්‍යඞ්ක ලබන්නේ ය.
Pali BJT4094. චඞ්කමන්තම්පි මනුජං පුඤ්ඤකම්මසමඞ්ගිනං, පල්ලඞ්කානි අනෙකානි පරිවාරිස්සරෙ තදා.
Sinhala BJT4094. පුණ්‍යකර්‍මය සහ යෙදුනා වූ සක්මන් කරන්නා වූ මේ මිනිසා එකල්හි බොහෝ පර්‍ය්‍යඞ්කයෝ පිරිවරත්.
Pali BJT4095. කූටාගාරා ච පාසාදා සයනඤ්ච මහාරහං, ඉමස්ස චිත්තමඤ්ඤාය නිබ්බත්තිස්සන්ති තාවදෙ.
Sinhala BJT4095. කූටාගාරයෝ ද, ප්‍රාසාදයෝ ද, මාහැඟි සයනාසනයෝ ද මොහුගේ සිත දැනගෙන මෙන් එකෙණෙහි පහළ වෙත්.
Pali BJT4096. සට්ඨිනාගසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, සුවණ්ණකච්ඡා මාතඞ්ගා හෙමකප්පනවාසසා{1}.
Sinhala BJT4096-4097. ඇතුන්ගේ පා විදිනා තෝමර හා අකුසු (=හෙන්ඩු) ගත් අත් ඇති ග්‍රාමණීන් (ගම්ප්‍රධානයන්) විසින් නැගුනු සියලු අලඞ්කාරයෙන් සරසන ලද සැටදහසක් ඇත්තු ද හෙම්මුවා පලස් ආදි වූ ආස්තරණ ඇති ඇත්තු ද මොහු පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.
Pali BJT4097. ආරූළ්හා ගාමණීයෙහි තොමරඞ්කුසපාණිහි{2}, ඉමං පරිචරිස්සන්ති රතනපීඨස්සි’දං ඵලං{3}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4098. සට්ඨිඅස්සසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, ආජානීයාව ජාතියා සින්ධවා සීඝවාහිනො.
Sinhala BJT4098-4099. කරපාලිකායෙන් උපලක්‍ෂිතව දුනු දරණ ග්‍රාමණීන් (ගම්ප්‍රධානයන්) විසින් නැගුනු ජන්මයෙන් ම ආජානීය වූ ශීඝ්‍රවාහී සෛන්‍ධව වූ සැට දහසක් අශ්වයෝ ද මොහු නිතර පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.
Pali BJT4099. ආරූළ්හා ගාමණීයෙහි ඉල්ලියාචාපධාරිහි{4}, තෙපි’මං පරිචරිස්සන්ති රතනපීඨස්සි’දං ඵලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4100. සට්ඨිරථසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, දීපා අථොපි වෙය්යග්ඝා සන්නද්ධා උස්සිතද්ධජා.
Sinhala BJT4100-4101. දුනු ගත් අත් ඇති, සන්නාහසන්නද්ධ වූ, ග්‍රාමණින් විසින් නැගුනු ඔසවන ලද ධජ ඇති සන්නද්ධ වූ දිවිසමින් වළඳන ලද රථ ද ව්‍යාඝ්‍රසමින් වළඳන ලද රථ දැයි මෙසේ සැට දහසක් රථයෝ මා නිතර පිරිවරත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.
Pali BJT4101. ආරූළ්හා ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පරිවාරෙස්සන්ති’මං නිච්චං රතනපීඨස්සිදං ඵලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4102. සට්ඨිධෙනුසහස්සානි දොහඤ්ඤා පුඞ්ගවූසභෙ, වච්ඡකෙ ජනයිස්සන්ති රතනපීඨස්සි’දං ඵලං.
Sinhala BJT4102. දෙවීමට සුදුසු වූ සැටදහසක් දෙන්නු අතිශ්‍රේෂ්ඨ වූ වස්සන් උපදවත්. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.
Pali BJT4103. සොළසිත්ථිසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා.
Sinhala BJT4103-4104. මැනැවින් අලඞ්කාර කරණ ලද සොළොස් දහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු, දිග ඇසිපිය ඇත්තාහු, සිනා සහිත වූවාහු, සිහිනිඟ ඇත්තාහු නිරතුරුව ම මොහු පිරිවරන්නාහු ය. රත්නපීඨ දානයාගේ මේ විපාක යි.
Pali BJT4104. අළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා, පරිවාරෙස්සන්ති මං නිච්චං රතනපීඨස්සිදං ඵලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4105. අට්ඨාරසෙ කප්පසතෙ ගොතමො නාම චක්ඛුමා, තමන්ධකාරං විධමෙත්වා{5} බුද්ධො ලොකෙ භවිස්සති.
Sinhala BJT4105. මෙයින් අටළොස් සියවන කපෙහි පසැස් ඇත්තා වූ ගෞතම නම් බුදුරජ තෙමේ ගනඳුර නසා ලොව පහළ වන්නේ ය.
Pali BJT4106. තස්ස දස්සනමාගම්ම පබ්බජිස්සතකිඤ්චනො{6}, තොසයිත්වාන සත්ථාරං සාසනෙ’භිරමිස්සති.
Sinhala BJT4106. උන්වහන්සේගේ දර්‍ශනය නිසා අකිඤ්චනව හෙවත් ධන රැස් කිරීම් නො මැතිව, පැවිදි වන්නේ ය. ශාස්තෲන් වහන්සේ තුටු කොට සසුනෙහි සිත් අලවා වසන්නේ ය.
Pali BJT4107. තස්ස ධම්මං සුණිත්වාන කිලෙසෙ ඝාතයිස්සති, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.
Sinhala BJT4107. උන්වහන්සේගේ ධර්‍මය අසා කෙලෙස් නසන්නේ ය. සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය” (කියායි).
Pali BJT4108. විරියං මෙ ධුරධොරය්හං යොගක්ඛෙමාධිවාහනං, උත්තමත්ථං පත්ථයන්තො සාසනෙ විහරාමහං.
Sinhala BJT4108. යෝගක්‍ෂේම සඞ්ඛ්‍යාත නිවන දක්වා මා උසුලාගෙන යන මාගේ ධුරවාහක ගවයා වීර්‍ය්‍යය යි. මම උත්තමාර්‍ත්‍ථය වූ නිවන පතන්නෙම් සසුනෙහි වෙසෙමි.
Pali BJT4109. ඉදං පච්ඡිමකං මය්හං චරිමො වත්තතෙ භවො, සබ්බාසවපරික්ඛීණො නත්ථි දානි පුනබ්භවො.
Sinhala BJT4109. මේ මාගේ අවසානය යි. මේ පවත්නේ අන්තිමභවය යි, සියලු ආස්‍රව ක්‍ෂය කරණ ලදි. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT4110. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ච බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4110. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4111. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4111. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම ඒකාන්තයෙන් මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4112. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4112. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා හෙමකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් හේමක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTහෙමකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTහේමක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJTසත්තරසමං භාණවාරං.
Sinhala BJTසතළොස් වැනි බණවර යි.
Pali BJT408. තොදෙය්යත්ථෙරාපදානං
Sinhala BJT408. තෝදෙය්‍ය ස්ථවිරාවදානය
Pali BJT4113. රාජාසි විජයො{1} නාම කෙතුමතිපුරුත්තමෙ, සූරො වික්කමසම්පන්නො පුරමජ්ඣාවසී තදා.
Sinhala BJT4113. කේතුමතී නම් උතුම් නගරයෙහි විජය නම් රජෙක් විය. (හෙතෙම) ශූරය. වික්‍රමසම්පන්න ය. එකල්හි හේ (කේතුමතී) පුරයෙහි අධිපති ව විසී ය.
Pali BJT4114. තස්ස රඤ්ඤො පමත්තස්ස අටවියො සමුට්ඨහුං, ඔතාරා{2} තුණ්ඩිකා චෙව රට්ඨං විද්ධංසයුං තදා.
Sinhala BJT4114. ප්‍රමත්ත වූ ඒ රජුගේ (-දුර්‍වල අවස්ථාව දැන) වනචාරීහු නැගී සිටියහ. සිදුරු සොයන්නෝ ද මුඛරයෝ ද එකල්හි රට නැසූහ.
Pali BJT4115. පච්චන්තෙ කුපිතෙ ඛිප්පං සන්නිපාතෙස’රින්දමො, භටෙ චෙව බලත්ථෙ ච අරිං නිග්ගාහයී තදා.
Sinhala BJT4115. රජ තෙමේ ප්‍රත්‍යන්තය කුපිත වූ කල්හි භටයන් ද බලසෙනග ද එකල්හි වහා රැස් කර වීය. සතුරාට නිග්‍රහ ද කෙළේ ය.
Pali BJT4116. හත්ථාරොහා අනීකට්ඨා සූරා ච චම්මයොධිනො, ධනුග්ගහා ච උග්ගා ච සබ්බෙ සන්නිපතුං තදා
Sinhala BJT4116. ඇතරුවෝ ද, බලඇණියෙහි වූවෝ ද, ශූරයෝ ද, පලිහ ගෙණ යුද කරන්නෝ ද, දුනුවායෝ ද, බලවත්හු ද සියල්ලෝ එකල්හි රැස් වූහ.
Pali BJT4117. ආළාරිකා කප්පකා ච නහාපකා{3} මාලකාරකා, සූරා විජිතසඞ්ගාමා සබ්බෙ සන්නිපතුං තදා.
Sinhala BJT4117. අරක්කැමියෝ ද, කරනැවෑමියෝ ද, දියවඩන්නෝ ද, මල්කරුවෝ ද, ශූර වූ ජයගන්නා ලද සඞ්ග්‍රාම ඇති සියල්ලෝ එකල්හි රැස් වූහ.
Pali BJT4118. ඛග්ගහත්ථා ච පුරිසා චාපහත්ථා ච වම්මිනො, ලුද්දා විජිතසඞ්ගාමා සබ්බෙ සන්නිපතුං තදා.
Sinhala BJT4118. එකල්හි කඩු ගත් ඇත් ඇති පුරුෂයෝ ද, දුනු ගත් ඇත් ඇත්තෝ ද, සන්නාහසන්නද්ධයෝ ද, රෞද්‍ර වූ වැද්දෝ ද යන යුද දිනූ වීරයෝ සියලු දෙන ම රැස් වූහ.
Pali BJT4119. තිධා පභින්නා මාතඞ්ගා කුඤ්ජරා සට්ඨිහායනා, සුවණ්ණකච්ඡාලඞ්කාරා සබ්බෙ සන්නිපතුං තදා.
Sinhala BJT4119. බඳින ලද රන්පොරොදුවලින් අලඞ්කාර කරණ ලද්දා වූ, ත්‍රිමදගලිත ඇත්තු ද, සැටවයස් වූ කුජ්ජරයෝද ද, මේ සියල්ලෝ එකල්හි රැස් වූහ.
Pali BJT4120. ඛමා සීතස්ස උණ්හස්ස උක්කාරහරණස්ස{4} ච, යොධාජීවා කතකම්මා සබ්බෙ සන්නිපතුං තදා.
Sinhala BJT4120. යුදබිම ශීත, උෂ්ණ, කුණපහරණාදිය ඉවසන කෘතහස්ත වූ යොධාජීවයෝ (සෙබලු) සියල්ලෝ එකල්හි රැස්වූහ.
Pali BJT4121. සංඛසද්දං භෙරිසද්දං අථො උද්ධම{1}සද්දකං, එතෙහි තෙ හාසයන්තො සබ්බෙ සන්නිපතුං තදා.
Sinhala BJT4121. සක්හඬ ද, බෙරහඬ ද, කාලම්හඬ ද යන මෙයින් ලොමුදහගන්වමින් ඔහු සියල්ලෝ එකල්හි රැස් වූහ.
Pali BJT4122. තිසූලකොන්තමන්තෙහි කවචෙහි{2} තොමරෙහි{3} ච, කොට්ටයන්තා{4} නිපාතෙන්තා සබ්බෙ සන්නිපතුං තදා.
Sinhala BJT4122. ත්‍රිශූලායුධය කුන්තායුධය මන්ත්‍රය යන මොවුන්ගෙන් ද, අයෝමය සැට්ටවලින් හා තෝමරයන්ගෙන් ද යුක්ත ව කොටමින් හෙළමින් සියල්ලෝ එකල්හි රැස් වූහ.
Pali BJT4123. කිමෙවාත’නිසාමෙත්වා{5} ස රාජා අජිනං ජිනො,{6} සට්ඨිපාණසහස්සානි සූලෙ උත්තාසයී තදා.
Sinhala BJT4123. ජය ගත නො හැකි යුද දිනූ ඒ රජ තෙමෙ කවර දඬුවමක් කළයුතුදැයි (නීතීන්) අසා දැන එකල්හි සැට දහසක් ප්‍රාණීන් හුලෙහි තබවා ලී ය.
Pali BJT4124. සද්දං මානුසකා’කංසු අහො රාජා අධම්මිකො, නිරයෙ පච්චමානස්ස කදා අන්තො භවිස්සති.
Sinhala BJT4124. “අහෝ, රජ තෙම නො දැහැමි ය. නිරයෙහි පැසෙන්නා වූ ඔහුගේ (ඒ දුකෙහි) අවසානය කවරදා වන්නේදැ’ යි මිනිස්සු හඬ නැගූහ.
Pali BJT4125. සයනෙ’හං තුවට්ටෙන්තො සයාමි නිරයෙ තදා, න සුපාමි දිවාරත්තිං සූලෙන තජ්ජයන්ති මං.
Sinhala BJT4125. එකල්හි මම යහනෙහි පෙරළෙමින් නිරයෙහි (මෙන්) සැතපෙමි. දිවා රෑ දෙක්හි නො නිදමි. මා හුලින් (=හුලතබන අයුරින්) තැති ගන්වත්.
Pali BJT4126. කිං පමාදෙන රජ්ජෙන වාහනෙන බලෙන ච, න තෙ පහොන්ති ධාරෙතුං තාසයන්ති{7} මමං සදා.
Sinhala BJT4126. ප්‍රමාද කාරණ වූ රාජ්‍යයෙන් ද, වාහනයෙන් ද, බලයෙන් ද කවර ප්‍රයෝජන ද? ඒ සියල්ලෝ මා (නිරයෙන් වළකා) දරන්නට නො පොහොසත් වෙත්. හැම කල්හි මා තැති ගන්වත්.
Pali BJT4127. කිං මෙ පුත්තෙහි දාරෙහි රජ්ජෙන සකලෙන ච, යන්නූන පබ්බජෙය්යාහං ගතිමග්ගං විසොධයෙ.
Sinhala BJT4127. දරුවන්ගෙන් බිරියන්ගෙන් මුළුරජයෙන් හෝ මට ඇති ප්‍රයෝජනය කිම? මම සුගතිමාර්‍ගය ශුද්ධකෙරෙම් නම් පැවිදි වන්නෙම් නම් ඉතා මැනැවැයි සිතී ය.
Pali BJT4128. සට්ඨිනාගසහස්සානි සබ්බාලඞ්කාරභූසිතෙ, සුවණ්ණකච්ඡෙ මාතඞ්ගෙ හෙමකප්පනවාසසෙ{8}.
Sinhala BJT4128-4129. ඇතුන්ගේ පා විදින තෝමර හා අකුසු (=හෙන්ඩු) ගත් අත් ඇති ග්‍රාමණීන් (=ගම්ප්‍රධානයන්) විසින් නගිනු ලැබූ සියලු අලඞ්කාරයෙන් සරසන ලද සැටදහසක් ඇතුන් ද හෙම්මුවා පලස් ආදී වූ ආස්තරණ ඇති සඞ්ග්‍රාමාවචර ඇතුන් ද එතන්හි ම අපේක්‍ෂා රහිත ව මම අත හැර ස්වකීය (මිනිසුන් හුල තැබීමේ) පාපකර්‍මයෙන් තැති ගත්තෙම් අනගාරිය සඞ්ඛ්‍යාත සසුනෙහි (පැවිදි වීමට) නික්ම ගියෙමි.
Pali BJT4129. ආරූළ්හෙ ගාමණීයෙහි තොමරඞ්කුසපාණිහි, සඞ්ගාමාවචරෙ ධානෙ{9} අනපෙක්ඛො විහාය’හං, සකකම්මෙන සන්තත්තො නික්ඛමිං අනගාරියං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4130. සට්ඨිඅස්සසහස්සානි සබ්බාලඞ්කාරභූසිතෙ, ආජානීයෙ ච ජාතියා සින්ධවෙ සීඝවාහනෙ.
Sinhala BJT4130-4131. දුනු ගත් අත් ඇති සන්නාහ සන්නද්ධ වූ ග්‍රාමණීන් (=ගම්ප්‍රධානයන්) විසින් නැගුනු ජන්මයෙන් ම ආජානීය වූ ශීඝ්‍රවාහි සෛන්‍ධව වූ සැට දහසක් අශ්වයෝ වෙත් නම් ඒ සියල්ල ද හැර දමා අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි (පැවිදි වීමට) නික්ම ගියෙමි.
Pali BJT4131. ආරූළ්හෙ ගාමණීයෙහි චාපහත්ථෙහි වම්මිහි, පහායිත්වාන{10} තෙ සබ්බෙ නික්ඛමිං අනගාරියං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4132. සට්ඨිරථසහස්සානි සබ්බාලඞ්කාරභූසිතෙ, දීපෙ අථොපි වෙය්යග්ඝෙ සන්නද්ධෙ උස්සිතද්ධජෙ, තෙ සබ්බෙ පරිහාරෙත්වා{11} පබ්බජිං අනගාරියං.
Sinhala BJT4132. ඔසවන ලද ධජ ඇති සන්නද්ධ වූ දිවිසමින් වළඳන ලද රථ ද ව්‍යාඝ්‍රසමින් වළඳන ලද රථදැයි මෙසේ සැටදහසක් රථයෝ වූවාහු ද, ඒ සියල්ල හැර දමා (අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) සසුනෙහි පැවිදි වීමි.
Pali BJT4133. සට්ඨිධෙනුසහස්සානි සබ්බා කංසූපධාරණා, තායොපි{12} ඡඩ්ඩයිත්වාන පබ්බජිං අනගාරියං,
Sinhala BJT4133. (කිරි වැගිරෙන බැවින් නිතර ම බුරුලුවල) ලොහො බඳුන් දරන සියලු සැටදහසක් දෙන්නු වෙත් ද, ඒ දෙනුන් ද හැර දමා (අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) සසුනෙහි පැවිදි වීමි.
Pali BJT4134. සට්ඨිඉත්ථිසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා.
Sinhala BJT4134-4135. මැනැවින් අලඞ්කාර කරණ ලද සැටදහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු දිග ඇසිපිය ඇත්තාහු සිනා සහිත වූවාහු සිහිනිඟ ඇත්තාහු (වෙත් ද), හඬන්නා වූ ඒ ස්ත්‍රීන් හැර සසුනෙහි පැවිදි වීමි.
Pali BJT4135. අළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා, තා හිත්වා කන්දමානායො පබ්බජිං අනගාරියං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4136. සට්ඨිගාමසහස්සානි පරිපුණ්ණානි සබ්බසො, ඡඩ්ඩයිත්වාන තං රජ්ජං පබ්බජිං අනගාරියං.
Sinhala BJT4136. සියල්ලෙන් සම්පූර්‍ණ වූ සැට දහසක් ගම් ද ඒ රාජ්‍යය ද හැරපියා සසුනෙහි පැවිදි වීමි.
Pali BJT4137. නගරා නික්ඛමිත්වාන හිමවන්තමුපාගමිං, භාගීරථීනදීතීරෙ අස්සමං මාපයිං අහං.
Sinhala BJT4137. මම නගරයෙන් නික්ම හිමවතට එළඹියෙමි. භාගිරථි ගංඉවුරෙහි අසපුවක් කෙළෙමි.
Pali BJT4138. පණ්ණසාලං කරිත්වාන අග්ග්යගාරං අකාසහං, ආරද්ධවිරියො පහිතත්තො වසාමි අස්සමෙ අහං.
Sinhala BJT4138. මම පන්සලක් ද කොට ගිනිහල් ගෙයක් ද කෙළෙමි. මම පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තෙම් (කාය ජීවිත නිරපේක්‍ෂක ව) භාවනාවට යොමු කළ සිත් ඇත්තෙමි ඒ අසපුවෙහි වෙසෙමි.
Pali BJT4139. මණ්ඩපෙ රුක්ඛමූලෙ වා සුඤ්ඤාගාරෙ ච ඣායතො, න තු විජ්ජති තාසො මෙ න පස්සෙ භයභෙරවං.
Sinhala BJT4139. ලියමඩුවෙක්හි හෝ රුක්මුලක හෝ හිස් ගෙයක හෝ ධ්‍යාන කරන්නා වූ මට තැති ගැණීමෙක් නැත. බිය උපදන අරමුණක් නො දකිමි.
Pali BJT4140. සුමෙධො නාම සම්බුද්ධො අග්ගො කාරුණිකො මුනි, ඤාණාලොකෙන ජොතන්තො ලොකෙ උප්පජ්ජි තාවදෙ.
Sinhala BJT4140. අග්‍රකාරුණික වූ මෝනෙය්‍යගුණ යුත් සුමේධ නම් සර්‍වඥ තෙමේ ඤාණාලෝකයෙන් බබළමින් එකෙණෙහි ලොව පහළ විය.
Pali BJT4141. මම අස්සමසාමන්තා යක්ඛො ආසි මහිද්ධිකො, බුද්ධසෙට්ඨම්හි උප්පන්නෙ ආරොචෙසි මමං තදා.
Sinhala BJT4141. මාගේ අසපුව හාත්පස මහාඍද්ධි ඇති යක්‍ෂයෙක් විය. (හෙ තෙම) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ලොව පහළ වූ කල්හි මට දැන්වීය:
Pali BJT4142. “බුද්ධො ලොකෙ සමුප්පන්නො සුමෙධො නාම චක්ඛුමා, තාරෙති ජනතං සබ්බං තම්පි සො තාරයිස්සති.
Sinhala BJT4142. “සුමේධ නම් වූ පසැස් ඇති බුදුරජ තෙම ලොව පහළ විය. හෙතෙම සියලු ජනසමූහයා සසර සයුරින් එතර කරයි. ඔබ ද එතෙර කරවන්නේ ය” (කියා යි.)
Pali BJT4143. යක්ඛස්ස වචනං සුත්වා සංවිග්ගො ආසි තාවදෙ, බුද්ධො බුද්ධොති චින්තෙන්තො අස්සමං පටිසාමයිං.
Sinhala BJT4143. යක්‍ෂයාගේ වචනය අසා එකෙණෙහි (ප්‍රීතියෙන්) සැලුනෙම් වීමි. බුදුරජ, බුදුරජ යයි සිතමින් අසපුව පිළියෙල කෙළෙමි.
Pali BJT4144. අග්ගිදාරුඤ්ච ඡඩ්ඩෙත්වා සංසාමෙත්වාන සන්ථතං, අස්සමං අභිවන්දිත්වා නික්ඛමිං විපිනා අහං.
Sinhala BJT4144. ගිනි දර බැහැර කොට ඇතිරිලි පිළියෙල කොට තබා අසපුවට වැඳ මම මහවනයෙන් නික්මීමි.
Pali BJT4145. තතො වන්දනමාදාය ගාමා ගාමං පුරා පුර, දෙවදෙවං ගවෙසන්තො උපගච්ඡිං විනායකං.
Sinhala BJT4145. ඒ වනයෙන් සඳුන් ගෙණ ගමින් ගමට ද නගරයෙන් නගරයට ද විනායක වූ බුදුරජුන් සොයමින් (උන්වහන්සේ වෙත) ගියෙමි.
Pali BJT4146. භගවා තම්හි සමයෙ සුමෙධො ලොකනායකො, චතුසච්චං පකාසෙන්තො බොධෙති ජනතං බහුං.
Sinhala BJT4146. එසමයෙහි ලෝකනායක වූ සුමේධ භාග්‍යවත් තෙමේ චතුස්සත්‍යය දේශනා කරමින් බොහෝ ජන සමූහයාට ධර්‍මාවබෝධය කරවයි.
Pali BJT4147. අඤ්ජලිම්පග්ගහෙත්වාන සීසෙ කත්වාන චන්දනං, සම්බුද්ධං අභිවාදෙත්වා ඉමා ගාථා අභාසහං:
Sinhala BJT4147. මම ඇඳිලි බැඳ හිසෙහි සඳුන් (තවරා) සම්බුදුරජුන් වැඳ මේ ගාථාවන් කීමි:
Pali BJT4148. “වස්සිකෙ පුප්ඵමානම්හි සන්තිකෙ උපවායති, ත්වං වීර ගුණගන්ධෙන දිසා සබ්බා පවායසි.
Sinhala BJT4148. “දෑසමන් පිපෙන කල්හි සමීපයෙහි (=අවට) සුවඳ හමයි. (එසේ ම) වීරයන් වහන්ස, ඔබ ගුණ සුවඳින් සියලු දිගුන් හමවහි ය.
Pali BJT4149. චම්පකෙ නාගවනිකෙ අතිමුත්තකකෙතකෙ, සාලෙසු පුප්ඵමානෙසු අනුවාතං පවායති.
Sinhala BJT4149. සපු, නා, කෝඹු, වැටකේ, සල් යන මෙකී මල් පිපෙන කල්හි සුළඟ අනුව සුවඳ හමා යෙයි.
Pali BJT4150. තව ගන්ධං සුණිත්වාන හිමවන්තා ඉධාගමිං, පූජෙමි තං මහාවීර ලොකජෙට්ඨ මහායස.
Sinhala BJT4150. (එසේ ම) ඔබ වහන්සේගේ (ගුණ) සුවඳ ආඝ්‍රාණය කොට හිමවතෙහි සිට (මෙහි) ආමි. ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, මහත් යසස් ඇත්තානන් වහන්ස, මහාවීරයානන් වහන්ස, ඔබ වහන්සේ පුදමි.
Pali BJT4151. වරචන්දන්නො’නුලිම්පිං සුමෙධං ලොකනායකං, සකං චිත්තං පසාදෙත්වා තුණ්හී අට්ඨාසි තාවදෙ
Sinhala BJT4151. සුමේධ නම් ලෝකනායකයන් උතුම් සඳුනෙන් ආලේප කෙළෙමි. එකෙණෙහි (ඒ බුදුරජ තෙම) සියසිත පහදවා නිශ්ශබ්දව සිටියේ ය.
Pali BJT4152. සුමෙධො නාම භගවා ලොකජෙට්ඨො නරාසභො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT4152. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සුමේධ නම් භාග්‍යවත් තෙමේ භිෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:
Pali BJT4153. “යො මෙගුණෙ පකිත්තෙසි වන්දනඤ්ච අපූජයී, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT4153. “යමෙක් මාගේ ගුණ කීර්‍තනය කෙළේ ද, සඳුනෙන් පිදී ද, හේ කවරෙක් දැයි මම ප්‍රකාශ කරන්නෙමි. (එසේ) පවසන්නා වූ මාගේ වචනය අසවු:
Pali BJT4154. ආදෙය්යවාක්යවචනො බ්රහ්මා උජු පතාපවා, පඤ්චවීසතිකප්පානි සප්පභාසො භවිස්සති.
Sinhala BJT4154. (මෙ තෙම) සියල්ලන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ, ශ්‍රේෂ්ඨ වූයේ, ඍජු වූයේ ප්‍රතාපවත් වූයේ වේ. පස්විසි කපක් මුළුල්ලෙහි ප්‍රභා සහිත වූවෙක් වන්නේ ය.
Pali BJT4155. ඡබ්බීසතිකප්පසතෙ දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT4155. කප් සවිසි සියයක් හෙවත් දෙදහස් හසිය කපක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය.
Pali BJT4156. තෙත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT4156. ශක්‍රදේවේන්‍ද්‍ර ව තෙතිස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (ලබන්නා වූ) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
Pali BJT4157. තතො චුතො’යං මනුජො මනුස්සත්තං ගමිස්සති, පුඤ්ඤකම්මෙන සංයුත්තො බ්රහ්මබන්ධු භවිස්සති.
Sinhala BJT4157. මේ මිනිස් තෙමේ එයින් චුත වූයේ මිනිසත්බවට යන්නේ නම්, (මේ) පුණ්‍යකර්‍මය හා යෙදුනේ බ්‍රාහ්මණයෙක් වන්නේ ය.
Pali BJT4158. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන පාරගූ, තිලක්ඛණෙන සම්පන්නො බාවරී නාම බ්රාහ්මණො.
Sinhala BJT4158. වේද හදාරන්නා වූ, මන්ත්‍ර දරන්නා වූ, වේදත්‍රයෙහි පරතෙරට ගියා වූ ලක්‍ෂණත්‍රයකින් යුක්ත වූ බාවරි නම් බමුණෙක් වන්නේය.
Pali BJT4159. තස්ස සිස්සො භවිත්වාන හෙස්සති මන්තපාරගූ, උපගන්ත්වාන සම්බුද්ධං ගොතමං සක්යපුඞ්ගවං.
Sinhala BJT4159. (මෙතෙම) ඒ බාවරි බමුණාගේ ශිෂ්‍යයෙක් ව මන්ත්‍රශාස්ත්‍ර යෙහි පරතෙරට ගියේ ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරදුන් වෙත එළඹ-
Pali BJT4160. පුච්ඡිත්වා නිපුණෙ පඤ්හෙ භාවයිත්වාන අඤ්ජසං{1}. සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.”
Sinhala BJT4160. තියුණු ප්‍රශ්න විචාරා මාර්‍ගය වඩා සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය (කියායි)
Pali BJT4161. තිවිධග්ගී නිබ්බුතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT4161. මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT4162. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4162. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත වූයෙම් වෙසෙමි.
Pali BJT4163. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4163. බුදුරජානන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4164. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්සස සාසනං.
Sinhala BJT4164. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තොදෙය්යො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් තෝදෙය්‍ය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTතොදෙය්යෙත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTතෝදෙය්‍ය ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT409 ජතුකණ්ණිත්ථෙරාපදානං.
Sinhala BJT409. ජතුකණ්ණි ස්ථවිරාවදානය
Pali BJT4165. නගරෙ හංසවතියා සෙට්ඨිපුත්තො අහොසහං, සමප්පිතො කාමගුණෙ පරිවාරෙමහං තදා.
Sinhala BJT4165. මම හංසවතී නගරයෙහි සිටුපුත්‍රයෙක් වීමි. එකල්හි මම (සියලු) කාමගුණයන්හි යෙදුනෙම් පිනායමි.
Pali BJT4166. තයො{1} පාසාදමාරුය්හ උබ්බිද්ධා ගෙහලඤ්ඡකා{2} තත්ථ නච්චෙහි ගීතෙහි පරිවාරෙමහං තදා.
Sinhala BJT4166. ගෙවල් ලකුණු දන්නෝ (ප්‍රාසාදතුණක්) ගොඩනැගූහ. ඒ තුන්පහයට නැගී එකල්හි එහි නෘත්‍යයන්ගෙන් ද, ගීතයන්ගෙන් ද පිනායමි.
Pali BJT4167. තුරියා ආහතා මය්හං සම්මතාලසමාහිතා, නච්චන්තා{3} ඉත්ථියො සබ්බා හරන්ති යෙව මෙ මනො.
Sinhala BJT4167. මට කුළුතාලම් ආදියෙන් යුත් තූර්‍ය්‍යයෝ වයන ලදහ. සියලු ස්ත්‍රීහු නටන්නාහු මාගේ සිත පැහැර ගණිත් ම ය.
Pali BJT4168. වෙලාපිකා ලාමණිකා කුඤ්ජවාසී තිමජ්ඣිකා{4} ලඞ්ඝිකා සොකජ්ඣායී{5}ච පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT4168. පිළී හිස සිසාරන්නෝ ද, අඟුමිටිනැටුම් නටන්නෝ ද, කුදු වූවන් මෙන් නටන්නෝ ද, සිහදෙනකගේ මෙන් මැද පෙදෙස පෙන්වමින් නටන්නෝ ද, උඩට මතුවෙමින් නටන්නෝ ද, උසුළු - විසුළු පාමින් නටන්නෝ ද හැම කල්හි මා පිරිවරත්.
Pali BJT4169. වෙතාලිනො කුම්භථූනී නටා ච නච්චකා බහූ, නටකා නාටකා චෙව පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT4169. ඝනතාලම්පොට ගසන්නෝ ද, කුම්භථූන නම් එක් මුහුණින් යුත් තූර්‍ය්‍ය විශේෂය වයන්නෝ ද, (රූකඩ) නටවන්නෝ ද, නටන්නෝ ද යන මොහු බොහෝ වෙති. මෙසේ නැටුම් නටවන්නෝ හා නටන්නෝ හැම කල්හි මා පිරිවරත්.
Pali BJT4170. කප්පකා නහාපකා සූදා මාලාකාරා සුමාපකා,{6} ජල්ලා මල්ලාති සබ්බෙව{7} පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT4170. කරණැවෑමියෝ ද, දියවඩන්නෝ ද, අරක්කැමියෝ ද, මල්කරුවෝ ද, මැනැවින් පසැට කෙළින්නෝ ද, පොර බදන්නෝ ද, මුෂ්ටි යුද්ධකරන්නෝ ද යන මෙකී සියල්ලෝ හැම කල්හි ම මා පිරිවරත්.
Pali BJT4171. එතෙසු කීළමානෙසු සික්ඛිතෙ කතුපාසනෙ, රත්තින්දිවං න ජානාමි ඉන්දොව තිදසඞ්ගණෙ.
Sinhala BJT4171. (ශිල්පයන්හි) හික්මුනා වූ පලපුරුදුකම් ඇති මොවුන් ක්‍රීඩා කරණ කල්හි තව්තිසාවෙහි ශක්‍රයා මෙන් රෑ දාවල් නො දනිමි.
Pali BJT4172. අද්ධිකා පථිකා සබ්බෙ යාචකා චරකා බහූ, උපගච්ඡන්ති තෙ නිච්චං භික්ඛයන්තා මමං ඝරං.
Sinhala BJT4172. දීර්‍ඝමාර්‍ගයට පිළිපන්නෝ ද, මගියෝ ද, යාචකයෝ ද (තැනක් නියමයක් නො මැතිව) ඇවිදින්නෝ ද යන බොහෝ වූ මොහු නිතර ඉල්ලමින් මාගේ ගෙට පැමිණෙත්.
Pali BJT4173. සමණා බ්රාහ්මණා චෙව පුඤ්ඤක්ඛෙත්තා අනුත්තරා, වඩ්ඪයන්තා මමං පුඤ්ඤං ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4173. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ ශ්‍රමණයෝ ද, බ්‍රාහ්මණයෝ ද, මාගේ පින වැඩි කරන්නාහු මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4174. පටකා ලටකා{8} සබ්බෙ නිගණ්ඨා පුප්ඵසාටකා, තෙදණ්ඩිකා එකසිඛා ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4174. පටක ය, ලටක ය, පුප්ඵසාටක ය, තෙදණ්ඩික ය, ඒකසිඛ ය, යන සියලු නිගණ්ඨයෝ මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4175. ආජීවකා විලුත්තාවී ගොධම්මා දෙවධම්මිකා, රජොජල්ලධරා එතෙ ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4175. විලුත්තාවී ය, ගෝධම්ම ය, දේවධම්මික ය, රජෝජල්ලධර ය, යන මේ ආජීවකයෝ මාගේ ගෘහයට පැමිණෙත්.
Pali BJT4176. පරිවත්තකා සිද්ධිපත්තා{9} කොණ්ඩපුග්ගණිකා{10} බහූ, තපස්සී වනචාරී ච ආගච්ඡන්ති මමං ඝරං.
Sinhala BJT4176. පරිවත්තක ය, සිද්ධිපත්ත ය යන තවුසෝ ද, කොණ්ඩ, පුග්ගණික යන බොහෝ වනචාරීහු ද මාගේ ගෘහයට පැමිණෙත්.