Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5401-5500 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3990. හිමවන්තස්ස අවිදූරෙ අනොමො නාම පබ්බතො, අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා.
Sinhala BJT3990. හිමවතට නුදුරෙහි අනෝම නම් පර්‍වතයෙක් විය. මට එහි මැනැවින් කළ අසපුවෙක් විය. මනා කොට කටයුතු නිම වූ පන්සලක් ද විය.
Pali BJT3991. නදී ච සන්දතී තත්ථ සූපතිත්ථා මනොරමා, අනුපතිත්ථෙ ජායන්තී පදුමුප්පලකා බහූ.
Sinhala BJT3991. එහි මනා වූ කුඩා තොටු ඇති මනෝඥ වූ නදියක් ගලා බසී. ඒ කුඩා තොටුවල බොහෝ පද්මොත්පලයෝ හට ගනිත්.
Pali BJT3992. පාඨීනා පාවුසා මච්ඡා වලජා මුඤ්ජරොහිතා, මච්ඡකච්ඡපසඤ්ඡන්නා නදිකා සන්දතෙ සදා.
Sinhala BJT3992. පාඨින නම් මත්ස්‍යයෝ (=පෙටියෝ) ද පාවුස නම් මත්ස්‍යයෝ (=ලූල්ලු) ද වලජ නම් මත්ස්‍යයෝ (=වලයෝ) ද මුඤ්ච නම් මත්ස්‍යයෝ (=මොද්දු) ද රෝහිත නම් මත්ස්‍යයෝ (=රෙහෙරු) ද යන මසුන් හා කැසුබුවන්ගෙන් ගැවසීගත්තා වූ නදිය හැමකල්හි ගලා බසී.
Pali BJT3993. තිමිරා පුප්ඵිතා තත්ථ අසොකා ඛුද්දමාලකා, පුන්නාගා ගිරිපුන්නාගා සම්පවන්ති මමස්සමං.
Sinhala BJT3993. එහි තිමීරය, අසෝකය, ඛුද්දමාලක (කුඩාමල් ඇතිගස්) ය පුන්නාග (දොඹය) ගිරිපුන්නාග (කඳුවල වැවෙන දොඹ) ය යන මේ වෘක්‍ෂයෝ පිපී ගියාහු මාගේ අසපුවෙහි සුවඳ පතුරුවත්.
Pali BJT3994. කුටජා පුප්ඵිතා තත්ථ තිණසූලවනානි ච, සාලා ච සලලා තත්ථ චම්පකා පුප්ඵිතා බහූ.
Sinhala BJT3994. එහි පිපී ගියා වූ කෙලිඳ වෘක්‍ෂයෝ ද බෝලිද්දවනයෝ ද, සාලවෘක්‍ෂයෝ ද, එසේ ම පිපී ගියා වූ සලල (=හොර) වෘක්‍ෂයෝ ද චම්පක (සපු) වෘක්‍ෂයෝ ද එහි බොහෝ වෙති.
Pali BJT3995. අජ්ජුනා අතිමුත්තා ච මහානාමා ච පුප්ඵිතා, අසනා මධුගන්ධී ච පුප්ඵිතා තෙ මමස්සමෙ.
Sinhala BJT3995. පිපී ගියා වූ කුඹුක් ද යොහොඹු ද උක්ගස් ද, පිපී ගියා වූ පියා ගස් ද, මධුගන්‍ධී වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි බොහෝ වෙති.
Pali BJT3996. උද්දාලකා පාටලිකා යූථිකා ච පියඞ්ගුකා, බිම්බිජාලකසඤ්ඡන්නා සමන්තා අඩ්ඪයොජනං.
Sinhala BJT3996. ඇසළය පළොල් ය සීනිද්දය පුවඟුය රත්කරව්ය යන මෙකී වෘක්‍ෂයන්ගෙන් මාගේ අසපුව හාත්පස අඩයොදුනක් තන්හි වැසී ගියේ ය.
Pali BJT3997. මාතඞ්ගවා{1} සත්තලියො පාටලී සින්දුවාරකා, අඞ්කොලකා බහූ තත්ථ තාලකූටා ච{2} පුප්ඵිතා.
Sinhala BJT3997. පිපුණා වූ මාතඞ්ගව නම් වෘක්‍ෂයෝ ද, සත්පෙති දෑසමන් ද පළොල් ද නික ද රුකඟුන ද තාලකූට නම් වෘක්‍ෂයෝ ද එහි බොහෝ වූහ.
Pali BJT3998. සෙලෙය්යකා බහූ තත්ථ පුප්ඵිතා මම අස්සමෙ, එතෙසු පුප්ඵමානෙසු{3} සොභන්ති පාදපා බහූ, සමන්තා තෙන ගන්ධෙන වායතෙ මම අස්සමො.
Sinhala BJT3998. මාගේ ඒ අසපුවෙහි පිපුණා වූ ගල්මල් ද බොහෝ ය. මේ වෘක්‍ෂයෝ පිපෙන කල්හි බෙහෙවින් හොබිත්. ඒ සුවඳින් මාගේ අසපුව හාත්පස සුවඳ හමයි.
Pali BJT3999. හරීතකා ආමලකා අම්බා ජම්බූ විභීටකා,{4} කොලා භල්ලාතකා බිල්ලා ඵාරුසකඵලානි ච.
Sinhala BJT3999. අරළු, නෙල්ලි, අඹ, ජම්බු, බුළු, ඩෙබර, බදුලු, බෙලි, බොරළුදමුණු යන මේ වෘක්‍ෂයන්ගේ ඵල ද,
Pali BJT4000. තින්දුකා ච පියාලා ච මධුකා කාසුමාරියො,{5} ලබුජා පනසා තත්ථ කදලී බදරීඵලා.{6}
Sinhala BJT4000. තිඹිරි, පියල්, වැල්මී, කාසුමාරිය, දෙල්, කොස්, කෙසෙල්, ඩෙබර යන මොවුන්ගේ ඵලයෝ ද එහි බොහෝ වෙති.
Pali BJT4001. අම්බාටකා බහූ තත්ථ වල්ලිකාරඵලානි ච, බීජපූරසපාරියො{7} ඵලිතා මම අස්සමෙ.
Sinhala BJT4001. ඇඹරැල්ල, වල්ලිකාර ඵලයෝ ද එහි බොහෝ වෙති. ලප්නාරග, සපාරිය මේ වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි පල ගත්තාහු වෙති.
Pali BJT4002. ආළකා ඉසිමුග්ගා ච තතො මොදඵලා බහූ, අවටා පක්කභරිතා පිලකඛුදුම්බරානි ච.
Sinhala BJT4002. ආලක, ඉසිමුග්ග (=වනමුං), යලි මෝදඵල යන මොහු එහි බොහෝ වෙති. හාත්පස වූ පුලිල දිඹුල් ද යන මේ වෘක්‍ෂයෝ ඵල භරිත වූවාහු ය.
Pali BJT4003. පිප්ඵලී මරිචා තත්ථ නිග්රොධා ච කපිත්ථනා, උදුම්බරකා බහවො කණ්ඩපක්කා ච පාරියො{8}
Sinhala BJT4003. තිප්පිලි, මිරිස්, නුග, දිවුල්, දිඹුල්, කණ්ඩපක්ක, පාරිය මෙකී වෘක්‍ෂයෝ එහි බොහෝ වෙති.
Pali BJT4004. එතෙ චඤ්ඤෙ ච බහවො ඵලිතා අස්සමෙ මම, පුප්ඵරුක්ඛාපි බහවො පුප්ඵිතා මම අස්සමෙ.
Sinhala BJT4004. මේ වෘක්‍ෂයෝ ද තවත් බොහෝ වෘක්‍ෂයෝ ද මාගේ අසපුවෙහි පල ගත්තාහු වෙත්. මාගේ අසපුවෙහි බොහෝ මල් ගස් ද, පිපුනාහු වෙත්.
Pali BJT4005. ආලුවා ච කළම්බා ච බිලාලී තක්කලානි ච, ආලකා තාලකා චෙව විජ්ජන්ති අස්සමෙ මම.
Sinhala BJT4005. ආලුව, කළම්බ, බීලාලි, තක්කල, ආලක, තාලක, යන අල දෑ ද මා අසපුවෙහි වෙත්.
Pali BJT4006. අස්සමස්සා’විදූරෙ මෙ මහාජාතස්සරො අහු, අච්ඡොදකො සීතජලො පුතතිත්ථො මනොරමො.
Sinhala BJT4006. මාගේ අසපුවට නුදුරෙහි පැහැදි සිසිල් දිය ඇති මනා තොට ඇති සිත්කලු ස්වයංජාත විලෙක් විය.
Pali BJT4007. පදුමුප්පලා බහූ තත්ථ පුණ්ඩරීකසමායුතා, මන්දාලකෙහි සඤ්ඡන්නා නානාගන්ධසමෙරිතා.
Sinhala BJT4007. සුදුනෙළුම් හා රතුනෙළුම් හා උපුල් එහි බොහෝ ය. මදාරා ගස්වලින් වැසී ගිය තඩාගය නොයෙක් සුවඳ හමයි.
Pali BJT4008. ගබ්භං ගණ්යහන්ති පදුමා අඤ්ඤෙ පුප්ඵන්ති කෙසරී, ඔපුප්ඵපත්තා තිට්ඨන්ති පදුමකණ්ණිකා{1} බහූ.
Sinhala BJT4008. පද්මයෝ ගැබ් ගණිති. ඇතැම් පද්මයෝ පිපෙත්. (ඇතැම් පියුම්හි) පිපුනා වූ පත්‍රයෝ වෙත්. පද්ම කර්ණිකාවෝ ද බොහෝ වෙති
Pali BJT4009. මධු භිසම්හා සවති ඛීරං සප්පි මුලාළිභි, සමන්තා තෙන ගන්ධෙන නානා ගන්ධසමෙරිතා.
Sinhala BJT4009. නෙළුඹලමලින් මී ද නෙළුඹුදැලින් කිරි හා ගිතෙල් ද වැගිරේ. නොයෙක් සුගන්‍ධ වහනය වූවාහු හාත්පස සුවඳින් යුක්ත ය.
Pali BJT4010. කුමුදා අම්බගන්ධී ච නයිතා දිස්සරෙ බහූ, ජාතස්සරස්සානුකූලං කෙතකා පුප්ඵිතා බහූ.
Sinhala BJT4010. කුමුදු සුවඳ ද අඹමල් සුවඳ ද හමන වාතයෝ විද්‍යමාන වෙති. ස්වයංජාත විල් ඉවුරෙහි පිපුණු වැටකේ ගස් බොහෝ ය.
Pali BJT4011. සුඵුල්ලා බන්ධුජීවා ච සෙතචාරී සුගන්ධිකා, කුම්භීලා සුංසුමාරා ච ගහකා තත්ථ ජායරෙ.
Sinhala BJT4011. මැනවින් පිපුනු සුවඳවත් බඳුවද ද, සෙතවාරිපුෂ්පයෝ ද වෙති. කිඹුලෝ ද (සු - සු හඬ නගමින් දිය මතුපිට කටින් දිය බුබුළු නංවන්නා වූ) ගැටකිඹුලෝ ද, ජලජ චණ්ඩ සත්ත්‍වයෝ එහි හටගනිති.
Pali BJT4012. උග්ගාහකා අජගරා තත්ථ ජාතස්සරෙ බහූ, පාඨීනා පාවුසා මච්ඡා වලජා{2} මුඤ්ජරොහිතා.
Sinhala BJT4012-4013. උඩට මතුවී ගොදුරු ඩැහැගන්නෝ ද පිඹුරෝ ද ඒ විලෙහි බොහෝ වෙති. (එය) පෙටියෝ, ලූල්ලු, වලයෝ, මොද්දු, රෙහෙරු, මෙකී මසුන් හා කැසුබුවන්ගෙන් ද ගැවසී ගත්තේ ය. යලි හුණපුපුළන්ගෙන් ද (එ විල) ගහණය. පරෙවියෝ, රවිහංසයෝ, කුකුත්‍ථක නම් පක්‍ෂීහු, නදීවර නම් පක්‍ෂීහු,
Pali BJT4013. මච්ඡකච්ඡප සඤ්ඡන්නා අථො සම්පටකෙහි ච, පාරෙවතා රවිහංසා කුකුත්ථා{3} ච නදීචරා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4014. දින්දිභා චක්කවාකා ච චම්පකා ජීවජීවකා, කලන්දකා උක්කුසා ච සෙනකා උද්ධරා බහූ.
Sinhala BJT4014. කිරළපක්‍ෂීහු සක්වා ලිහිණියෝ, චම්පක පක්‍ෂීහු, (ජීව - ජීව යන අනුකරණයෙන් හඬන) ජීවජීවක පක්‍ෂීහු, ලෙහෙනු, උක්කුස නම් වූ කබරුස්සෝ, සේනක නම් වූ උකුස්සෝ, උද්ධර නම් වූ පක්‍ෂීහු ද එහි බොහෝ වෙති.
Pali BJT4015. කොට්ඨකා සුකපොතා ච කුලීරා{4} චමරා බහූ, කාරෙණියො{5} ච තිලකා උපජීවන්ති තං සරං.
Sinhala BJT4015. කොට්ඨක නම් පක්‍ෂීහු, සුව (=ගිරා) පොතකයෝ, කකුළුවෝ, සෙමරු යන මෙකී සත්ත්‍වයෝ ද එහි බොහෝ වෙති. කාරෙණිය, තිලක යන මොහු ද එ විල ඇසුරු කොට ජීවත් වෙති.
Pali BJT4016. සීහා ව්යග්ඝා ච දීපී ච අච්ඡකොකතරච්ඡකා, වානරා කින්නරා චෙව දිස්සන්ති මම අස්සමෙ.
Sinhala BJT4016. සිංහයෝ, ව්‍යාඝ්‍රයෝ, දිවියෝ, වලස්සු, කොක්නහවෝ, කරබානා වලස්සු, වඳුරෝ ද මාගේ අසපුවෙහි පැණෙත්.
Pali BJT4017. තානි ගන්ධානි ඝායන්තො භක්ඛයන්තො ඵලානහං, ගන්ධොදකං පිවන්තො ච වසාමි මම අස්සමෙ.
Sinhala BJT4017. මම ඒ සුවඳ ආඝ්‍රාණය කරමින් ඵලවර්‍ග බුදිමින් සුවඳ දිය පානය කරමින් මාගේ අසපුවෙහි වෙසෙමි.
Pali BJT4018. එණිමිගා වරාහා ච පසදා ඛුද්දරූපකා, අග්ගිකා ජොතිකා චෙව වසන්ති මම අස්සමෙ.
Sinhala BJT4018. එණිමෘගයෝ, හූරෝ, පසදමෘගයෝ, (ඔවුනට වඩා කුඩා ස්වරූප ඇති) ඛුද්දරූපකයෝ, අග්ගික, ජෝතික නම් සත්ත්‍වයෝ ද මාගේ අසපුවෙහි වෙසෙත්.
Pali BJT4019. හංසා කොඤ්චා මයූරා ච සාළිකා පි ච කොකිලා, මඤ්ජරිකා බහූ තත්ථ කොසිකා පොට්ඨසීසකා.
Sinhala BJT4019. හංසයෝ, කොස්වාලිහිණියෝ, මොණරු, සැළලිහිණියෝ, කොවුලෝ, මඤ්ජරීක නම් සත්ත්‍වයෝ ද, බකමුහුණෝ පොට්ඨසීස නම් පක්‍ෂීහු ද එහි බොහෝ වෙත්.
Pali BJT4020. පිසාචා දානවා චෙව කුම්භණ්ඩා රක්ඛයා බහූ, ගරුළා පන්නගා චෙව වසන්ති මම අස්සමෙ.
Sinhala BJT4020. පිසාචයෝ, අසුරයෝ, කුම්භාණ්ඩයෝ, රකුසෝ ද බොහෝ වෙති. ගුරුළෝ ද සර්‍පයෝ ද මාගේ අසපුවෙහි වෙසෙත්.
Pali BJT4021. මහානුභාවා ඉසයො සන්තචිත්තා සමාහිතා, කමණ්ඩලුධරා සබ්බෙ අජිනුත්තරවාසනා, තෙ ජටාභාරභරිතා{1} වසන්ති මම අස්සමෙ.
Sinhala BJT4021. මහත් අනුභාව ඇති සන්හුන් සිත් ඇති එකඟ වූ, පැන්කෙන්ඩි දරන්නා වූ අඳුන් දිවිසම් උතුරුසළු කොට හඳින්නා වූ ඒ සියලු ඍෂීහු දළමඬුලු බරින් යුතු වූවාහු මාගේ අසපුවෙහි වෙසෙත්.
Pali BJT4022. යුගමත්තඤ්ච පෙක්ඛන්තා නිපකා සන්තවුත්තිනො, ලාභාලාභෙන සන්තුට්ඨා වසන්ති මම අස්සමෙ.
Sinhala BJT4022. වියදඬු පමණ දුර බලන්නා වූ ප්‍රාඥ වූ ශාන්ත පැවතුම් ඇති ලාභ - අලාභ දෙකින් ම සමසේ සතුටු වන්නා වූ (ඍෂීහු) මාගේ අසපුවෙහි වෙසෙත්.
Pali BJT4023. වාකචීරං ධුනන්තා තෙ ඵොටෙන්තා’ජිනචම්මකං, සබලෙහි උපත්ථද්ධා ගච්ඡන්ති අම්බරෙ සදා.{2}
Sinhala BJT4023. වැහැරි සිවුරු කම්පා කරවමින් අඳුන් දිවිසම් පොළා හරිමින් ස්වකීය ධ්‍යානබලයෙන් ස්ථිරබවට පත් ඔහු හැම කල්හි අහසෙහි යෙති.
Pali BJT4024. න තෙ දකං ආහරන්ති කට්ඨං වා අග්ගිදාරුකං, සයඤ්ච උපසම්පන්නා පාටිහීරස්සිදං ඵලං.
Sinhala BJT4024. ඔහු දිය හෝ දර හෝ ගිනිගානාදඬු හෝ ගෙණ නො එති. ඒ දිය ආදීහු තෙමේ ම ඔවුන් ලඟට පැමිණියාහු වෙති. ප්‍රාතිහාර්‍ය්‍යයාගේ මේ විපාක යි.
Pali BJT4025. ලොහදොණීං ගහෙත්වාන වනමජ්ඣෙ වසන්ති තෙ, කුඤ්ජරාව මහානාගා අසම්භීතාව කෙසරී.
Sinhala BJT4025. ඔහු ලොහො දෙණක් ගෙණ කුඤ්ජර නම් වූ මහාහස්ති රාජයන් මෙන් ද, නිර්භීත කේශරසිංහයන් මෙන් ද වනමැදෙහි වසත්.
Pali BJT4026. අඤ්ඤෙ ගච්ඡන්ති ගොයානං අඤ්ඤෙ පුබ්බවිදෙහකං,{3} අඤ්ඤෙ ච උත්තරකුරුං සකං බලමවස්සිතා,{4} තතො පිණ්ඩං ආහරිත්වා පරිභුඤ්ජන්ති එකතො.
Sinhala BJT4026. (මේ ඍෂීන්ගෙන්) ස්වකීය ධ්‍යානබලයෙහි වශී වූ ඇතැමෙක් අපරගෝයානයට යෙත්. ඇතැමෙක් පූර්‍වවිදේහයට යෙත්. ඇතැමෙක් උතුරුකුරු දිවයිනට යෙත්. ඒ ඒ තැනින් පිඬු ගෙණවුත් සියලු දෙන ම එකතුව වළඳත්.
Pali BJT4027. සබ්බෙසං පක්කමන්තානං උග්ගතෙජාන තාදිනං, අජිනචම්මසද්දෙන වනං සද්දායතෙ තදා.
Sinhala BJT4027. උග්‍ර වූ තෙද ඇති තාදීගුණ ඇති එසේ අහසින් යන්නා වූ සියලු ඍෂීන්ගේ අඳුන් දිවිසම් හඬින් එකල්හි වනය හඬ නගන්නාක් මෙන් වෙයි.
Pali BJT4028. එදිසා තෙ මහාවීර සිස්සා උග්ගතපා මම, පරිවුතො අහං තෙහි වසාමි මම අස්සමෙ.
Sinhala BJT4028. මහාවීරයන් වහන්ස, උග්‍රතපස් ඇති මෙබඳු ශිෂ්‍යයෝ මාගේ (අසපුවෙහි වෙති.) ඔවුන් විසින් පිරිවරන ලද මම මාගේ අසපුවෙහි වෙසෙමි.
Pali BJT4029. තොසිතා සකකම්මෙන විනීතාපි සමාගතා, ආරාධයිංසු මං එතෙ සකකම්මාභිලාසිනො, සීලවන්තො ච නිපකා අප්පමඤ්ඤාසු කොවිදා.
Sinhala BJT4029. ස්වකීය (ධ්‍යානකාර්‍ය්‍යයෙන් තුස් වූ සිල්වත් වූ ප්‍රාඥවූ (මෙත්තා කරුණා මුදිතා උපේක්‍ෂා යන) අප්‍රාමාණ්‍ය ධර්‍මයන් විෂයයෙහි දක්‍ෂ වූ සියකම්හි ඇලුනා වූ එක් රැස් වූ ශිෂ්‍යයෝ මා සිත් ගත්තාහු ය.
Pali BJT4030. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, සමයං සංවිදිත්වාන උපගච්ඡි විනායකො.
Sinhala BJT4030. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ විනායක වූ පදුමුත්තර බුදුරජ තෙම සුදුසු කල් දැන එතැනට එළඹියේ ය.
Pali BJT4031. උපගන්ත්වාන සම්බුද්ධො ආතාපී නිපකො මුනි, පත්තං පග්ගය්හ සම්බුද්ධො භික්ඛාය මමුපාගමි.
Sinhala BJT4031. එළඹ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතු වූ ප්‍රාඥ වූ මෞනගුණ ඇති සර්‍වඥ තෙමේ පාත්‍රය ගෙණ පිඬු පිණිස මා වෙත වැඩියේ ය.
Pali BJT4032. උපාගතං මහාවීරං ජලජුත්තමනායකං, තිණසන්ථරං පඤ්ඤපෙත්වා{5} සාලපුප්ඵෙහි ඔකිරිං.
Sinhala BJT4032. (එ සේ) වැඩියා වූ පදුමුත්තර බුදුරජුන්හට තණ ඇතිරියක් පණවා සල්මල් විසිර වීමි.
Pali BJT4033. නිසීදෙත්වාන{6} සම්බුද්ධං හට්ඨො සංවිග්ගමානසො, ඛිප්පං පබ්බතමාරුය්හ අගරුං අග්ගහිං අහං.
Sinhala BJT4033. සම්බුදුරජුන් වඩා හිඳුවා ප්‍රීතියෙන් පිනා ගියෙම් ප්‍රීතියෙන් ම සැලෙන සිත් ඇත්තෙම් වහා පර්‍වතයට නැගී මම අගිල් රැස් කොට ගතිමි.
Pali BJT4034. කුම්භමත්තං ගහෙත්වාන පනසං දෙවගන්ධිකං, ඛන්ධෙ ආරොපයිත්වාන උපගච්ඡිං විනායකං.
Sinhala BJT4034. කළයක් පමණ වූ දිව්‍යමය සුවඳ ඇති (ඉදුනු) කොස් ගෙඩියක් ද කරෙහි තබා ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි.
Pali BJT4035. ඵලං බුද්ධස්ස දත්වාන අගරුං අනුලිම්පහං, පසන්නචිත්තො සුමනො බුද්ධසෙට්ඨං අවන්දහං.{1}
Sinhala BJT4035. මම බුදුරජුන්හට ඒ ඵලය පිළිගන්වා අගිල් ද ආලේප කෙළෙමි. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වැන්දෙමි.
Pali BJT4036. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, ඉසිමජ්ඣෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT4036. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම ඍෂීන් මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:
Pali BJT4037. “යො මෙ ඵලඤ්ච අගරුං ආසනඤ්ච අදාසි මෙ, තමහං චිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT4037. “යමෙක් මට මේ (කොස්) ඵලය ද, අගිල් ද, ආසනය ද, දුන්නේ ද, හේ (කවරෙක්දැයි) මම තොපට කියමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු:
Pali BJT4038. ගාමෙ වා යදි වා’රඤ්ඤෙ පබ්භාරෙසු ගුහාසු වා, ඉමස්ස චිත්තමඤ්ඤාය නිබ්බත්තිස්සති භොජනං.
Sinhala BJT4038. ගමෙහි හෝ යලි අරණෙහි හෝ පබ්භාරයන්හි හෝ ගුහාවන්හි හෝ වසන මොහුගේ සිත් දැන බොජුන් උපදී.
Pali BJT4039. දෙවලොකෙ මනුස්සෙ වා උපපන්නො අයං නරො, භොජනෙහි ච වත්ථෙහි පරිසං තප්පයිස්සති.
Sinhala BJT4039. මේ මිනිස් තෙම දෙව්ලොව හෝ මිනිස්ලොව උපන්නේ භොජනයෙන් ද වස්ත්‍රයෙන් ද පිරිස තෘප්ත කරන්නේ ය.
Pali BJT4040. උපපජ්ජති යං යොනිං දෙවත්තං අථ මානුසං, අක්ඛොභභොගො හුත්වාන සංසරිස්සත’යං නරො.
Sinhala BJT4040. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපදී නම් නො කැලඹුනු භෝගසම්පත් ඇත්තේ ව මෙ මිනිස් තෙම සසර සැරිසරන්නේ ය.
Pali BJT4041. තිංස කප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT4041. (මෙ තෙම) කප් තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විති රජ වන්නේ ය.
Pali BJT4042. එකසත්තතික්ඛත්තුඤ්ච දෙවරජ්ජං කරිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT4042. එක් සැත්තෑ වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (මොහු ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
Pali BJT4043. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT4043. මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT4044. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො,{2} සබ්බාසවෙ පරිඤ්ඤාය විහරිස්සත’නාසවො.”
Sinhala BJT4044. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ (මෙ තෙම) සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වසන්නේ ය.”
Pali BJT4045. සුලද්ධලාභො ලද්ධො මෙ යො’හං අද්දක්ඛිං නායකං, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4045. ඒ මම ලෝකනායකයන් වහන්සේ දිටිමි. මා විසින් මැනැවින් ලැබියයුතු ලාභය ලබන ලදී. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4046. ගාමෙ වා යදි වා’රඤ්ඤෙ පබ්භාරෙසු ගුහාසු වා, මම සඞ්කප්පමඤ්ඤාය භොජනං හොති මෙ සදා.
Sinhala BJT4046. ගමෙහි හෝ යලි අරණෙහි හෝ පබ්භාරයන්හි හෝ ගුහාවන්හි හෝ මා කැමැත්තට අනුව හැම කල්හි මට බොජුන් පහළ වේ.
Pali BJT4047. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ච බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4047. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.
Pali BJT4048. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4048. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT4049. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4049. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උපසීවො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් උපසීවස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTඋපසීවත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඋපසීවස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT406. නන්දකත්ථෙරාපදානං
Sinhala BJT406. නන්‍දක ස්ථවිරාවදානය
Pali BJT4050. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, පසදං මිගමෙසන්තො සයම්භුං අද්දසං ජිනං.{1}
Sinhala BJT4050. පෙර මම මහවෙනෙහි වැද්දෙක් වීමි. පසද මෘගයකු සොයන්නෙම් සියල්ල තෙමේ ම දත් බුදුරජුන් දිටිමි.
Pali BJT4051. අනුරුද්ධො නාම සම්බුද්ධො සයම්භූ අපරාජිතො, විවෙකකාමො සො ධීරො වනමජ්ඣොගහී තදා.
Sinhala BJT4051. පස්මරුන් දිනූ, ස්වයං විද් ප්‍රාඥ වූ අනුරුද්ධ නම් සම්බුදු තෙම විවෙක සැප කැමැත්තේ එකල්හි වනමැද පිවිසියේ වේ.
Pali BJT4052. චතුදණ්ඩෙ ගහෙත්වාන චතුට්ඨානෙ ඨපෙසහං, මණ්ඩපං සුකතං කත්වා පදුමපුප්ඵෙහි ඡාදයිං.
Sinhala BJT4052. මම (දඬු සතරක් එක් කොට කෙළවරකින් බැඳ සාදා ගත්) චතුදණ්ඩය ගෙණ දඬු සතර තැනක පිහිටන සේ (දිග හැර) තැබීමි. මැනැවින් මඩුවක් ද කොට නෙළුම් මල් වලින් වැසීමි.
Pali BJT4053. මණ්ඩපං ඡාදයිත්වාන සයම්භූං අභිවාදයිං, ධනුං තත්ථෙව නික්ඛිප්ප පබ්බජිං අනගාරියං.
Sinhala BJT4053. ඒ මඩුව (නෙළුම්මලින්) වසා බුදුරජුන් වැන්දෙමි. දුන්න එහි ම තබා ශාසනයෙහි පැවිදි වී මි.
Pali BJT4054. පබ්බජිතස්ස අචිරං{2} ව්යාධි මෙ උපපජ්ජථ, පුබ්බකම්මං සරිත්වාන තත්ථ කාලකතො අහං.
Sinhala BJT4054. පැවිදි වී නො බෝ කලකින් මට රෝගයෙක් විය. පූර්‍ව කර්‍මය සිහිපත් කොට මම එහි කලුරිය කෙළෙමි.
Pali BJT4055. පුබ්බකම්මෙන සංයුත්තො තුසිතං අගමාසහං, තත්ථ සොණ්ණමයං ව්යම්හං නිබ්බත්තති යදිච්ඡකං.
Sinhala BJT4055. (ඒ පසේබුදු රජුන්හට කුටිය පිදීමේ) පූර්‍වකර්‍මය හා යෙදුනෙම් මම තුෂිත දිව්‍යලෝකයෙහි උපනිමි. එහි කැමති දෑ ලැබෙන රුවන්මුවා විමනක් පහළ වේ.
Pali BJT4056. සහස්සයුත්තහවාහිං දිබ්බයානමධිට්ඨිතො, ආරුහිත්වාන තං යානං ගච්ඡාමහං යදිච්ඡකං.
Sinhala BJT4056. ඉටූයේ ම දහසක් අසුන් උසුලන දිව්‍යයානය පහළ වෙයි. මම ඒ දිව්‍යයානයට නැගී කැමති තැනකට යෙමි.
Pali BJT4057. තතො මෙ නීයමානස්ස දෙවභූතස්ස මෙ සතො, සමන්තා යොජනසතං මණ්ඩපො මෙ ධරීයතී.
Sinhala BJT4057. ඒ යානයෙන් ගෙණ යනු ලබන්නා වූ දෙවි වූ ම මා හාත්පස යොදුන් සියක් තන්හි මට මණ්ඩපයක් දැරෙයි.
Pali BJT4058. සයනෙ’හං තුවට්ටාමි අච්චන්තං{3} පුප්ඵසන්ථතෙ, අන්තළික්ඛා ච පදුමා වස්සන්ති{4} නිච්චකාලිකං.
Sinhala BJT4058. මම නිති මල් අතුළ යහනෙහි නිදමි. නිරතුරුව ම අහසිනු දු නෙළුම්මල් වැසි වසී.
Pali BJT4059. මරීචිකෙ ඵන්දමානෙ තප්පමානෙ ච ආතපෙ, න මං තාපෙති ආතාපො මණ්ඩපස්ස ඉදං ඵලං.
Sinhala BJT4059. මිරිඟු සැලෙන අව් පහරන කල්හි දු ඒ අව් මා නො තවයි. මණ්ඩපදානයාගේ මේ විපාක යි.
Pali BJT4060. දුග්ගතිං සමතික්කන්තො අපායා පිහිතා මම, මණ්ඩපෙ රුක්ඛමූලෙ වා සන්තාපො මෙ න විජ්ජති.
Sinhala BJT4060. දුගතිය ඉක්මවූයෙම් වෙමි. අපායෝ මට වසන ලදහ. මණ්ඩපයෙහි හෝ වෘක්‍ෂමූලයෙහි හෝ හුන්නා වූ මට සන්තාපයෙක් නො වේ.
Pali BJT4061. මහීසඤ්ඤං අධිට්ඨාය ලොණතොයං තරාමහං, තස්ස මෙ සුකතං කම්මං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4061. පෘථිවි සංඥාව ඉටා මම මහසයුර තරණය කරමි. ඒ මා විසින් මැනැවින් කරණ ලද කර්‍මඵලය යි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4062. අපථම්පි{5} පථං කත්වා ගච්ඡාමි අනිලඤ්ජසෙ, අහො මෙ සුකතං කම්මං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4062. නො මග ද මග කොට අහසෙහි යෙමි. මා විසින් මනා කොට කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍ය යි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4063. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං, ආසවා මෙ පරික්ඛීණා බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4063. පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරණ ලදි. මාගේ ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4064. ජහිතා පුරිමා ජාතී බුද්ධස්ස ඔරසො අහං, දායාදො’ම්හි ච සද්ධම්මෙ බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4064. පුරිම ජාතීහු හරණ ලදහ. බුදුරජුන්ගේ ඖරස පුත්‍රයෙක් වීමි. සද්ධර්‍මයෙහි දායාද (=උරුමය ඇත්තෙක්) වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4065. ආරාධිතො’ම්හි සුගතං ගොතමං සක්යපුඞ්ගවං, ධම්මද්ධජො ධම්මදායාදො බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT4065. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් ආරාධනය (=සතුටු) කෙළෙමි. ධර්‍මයට ධජයක් වූයෙම් ධර්‍මයට දායාද වෙමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT4066. උපට්ඨිත්වාන සම්බුද්ධං ගොතමං සක්යපුඞ්ගවං, පාරඞ්ගමනියං මග්ගං අපුච්ඡිං ලොකනායකං.
Sinhala BJT4066. ශාක්‍යකුලතිලක වූ ගෞතම බුදුරජුන් උවටැන් කොට බුදුරජුන්ගෙන් නිවන්මග විචාළෙමි.
Pali BJT4067. අජ්ඣිට්ඨො කථයී බුද්ධො ගම්භීරං නිපුණං පදං, තස්සාහං ධම්මං සුත්වාන පත්තොම්හි ආසවක්ඛයං.
Sinhala BJT4067. (මා විසින්) ආරාධිත වූ බුදුරජ තෙම ගැඹුරු වූ සියුම් වූ නිර්‍වාණපදය වදාළේ ය. මම උන්වහන්සේගේ ධර්‍මය අසා ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනට පැමිණියෙමි.
Pali BJT4068. අහො මෙ සුකතං කම්මං පරිමුත්තොම්හි ජාතියා, සබ්බාසවපරික්ඛීණො නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT4068. මා විසින් මැනැවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍ය යි. (නැවත සසරෙහි) ඉපදීමෙන් මිදුනෙම් වෙමි. ක්‍ෂය කළ සියලු ආස්‍රවයන් ඇත්තෙම් වෙමි. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT4069. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT4069. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ඇත් රජකු මෙන් බැඳුම් සිඳ අනාස්‍රව ව වෙසෙමි.
Pali BJT4070. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4070. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT4071. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT4071. සිවු පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නන්දකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් නන්‍දක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTනන්දකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTනන්‍දකස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT407. හෙමකත්ථෙරාපදානං
Sinhala BJT407. හේමක ස්ථවිරාවදානය
Pali BJT4072. පබ්භාරකූටං නිස්සාය අනොමො නාම තාපසො, අස්සමං සුකතං කත්වා පණ්ණසාලෙ වසී තදා.
Sinhala BJT4072. එකල්හි අනෝම නම් තවුසෙක් තෙම පර්‍වතප්‍රාන්තයක් ඇසුරු කොට මනා අසපුවක් කොට ඒ පන්සලෙහි විසී ය.
Pali BJT4073. සිද්ධං තස්ස තපොකම්මං සිද්ධිපත්තො සකෙ බලෙ, සකසාමඤ්ඤවික්කන්තො ආතාපී නිපකො මුනි.
Sinhala BJT4073. ඔහුගේ තපෝකර්‍මය සිද්ධිප්‍රාප්ත ය. ස්වකීය ධ්‍යානබලයෙහි ද සිද්ධිප්‍රාප්ත ය. ස්වීය ශ්‍රාමණ්‍ය ගුණයෙන් මැඩ පවත්වන ලද කෙලෙස් ඇත්තෙක. කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තෙක. ප්‍රාඥයෙක. ඍෂිවරයෙක.
Pali BJT4074. විසාරදො සසමයෙ පරවාදෙ ච කොවිදො, පට්ඨො භූමන්තලික්ඛම්හි උප්පාතම්හි ච කොවිදො.
Sinhala BJT4074. විශාරදයෙක. ස්වසමය පරසමයයන්හි දක්‍ෂයෙක. පොළොවෙහි හා අහසෙහි ප්‍රකට වූවෙක. උත්පාත ශාස්ත්‍රයෙහි දක්‍ෂයෙක.
Pali BJT4075. වීතසොකො නිරාරම්භො අප්පාහාරො අලොලුපො, ලාභාලාභෙන සන්තුට්ඨො ඣායී ඣානරතො මුනි.
Sinhala BJT4075. එකල්හි පහ වූ ශෝක ඇති ආරම්භ රහිත වූ ස්වල්පාහාරයකින් යැපෙන ලොල්බව නැති ලාභාලාභ දෙක්හි (සමව) සතුටු වන ධ්‍යානයෙහි ඇළුනා වූ මෝනෙය්‍ය ගුණ යුතු,
Pali BJT4076. පියදස්සී නාම සම්බුද්ධො අග්ගො කාරුණිකො මුනි, සත්තෙ තාරෙතුකාමො සො කරුණාය ඵරී තදා.
Sinhala BJT4076. සර්‍වඥ වූ අග්‍රකාරුණික වූ පියදස්සී නම් බුදුරජ තෙම සත්ත්‍වයන් (සසර සයුරින්) එතෙර කරනු කැමැත්තේ මහාකරුණාව පැතිර වී ය.
Pali BJT4077. බොධනෙය්යං ජනං දිස්වා පියදස්සී මහාමුනි, චක්කවාළසහස්සම්පි ගන්ත්වා ඔවදතෙ මුනි.
Sinhala BJT4077. පියදස්සී බුදුරජ තෙමේ ධර්‍මාවබෝධයෙහි සමතකු දැක සක්වළ දහසකට වුව ද ගොස් (ඒ විනෙයජනයනට) අවවාද කරයි.
Pali BJT4078. මමුද්ධරිතුකාමො සො මමස්සමමුපාගමි, න දිට්ඨො මෙ ජිනො පුබ්බෙ න සුතො පි ච කස්ස චි.
Sinhala BJT4078. ඒ බුදුරජ තෙම මා සසර සයුරින් ගොඩ ලනු කැමැත්තේ මාගේ අසපුවට වැඩියේ ය. මා විසින් (ඊට) පෙර බුදුරජ තෙම නො දක්නා ලදී. කිසිවකුගෙන් (උන්වහන්සේ ගැන) නො අසන ලද්දෙම් ද වෙමි.
Pali BJT4079. උප්පාතා සුපිනා මය්හං ලක්ඛණා සුප්පකාසිතා, පට්ඨො භූමන්තලික්ඛම්හි නක්ඛත්තපදකොවිදො.
Sinhala BJT4079. මට උත්පාතය, සුපිනය, ලක්‍ෂණය යන මේ ශාස්ත්‍රයෝ මැනවින් ප්‍රකාශිතයහ. මම පොළොවෙහි හා අහසෙහි පතළ වූවෙක් වෙමි. නක්‍ෂත්‍ර පදයන්හි ද දක්‍ෂ වෙමි.
Pali BJT4080. සො’හං බුද්ධස්ස සුත්වාන තත්ථ චිත්තං පසාදයිං, භුඤ්ජන්තො{1} වා නිසින්නො වා සරාමි නිච්චකාලිකං.
Sinhala BJT4080. මම බුදුරජුන්ගේ (තොරතුරු) අසා උන්වහන්සේ කෙරෙහි සිත පැහැද වීමි. අනුභව කරන්නේ ද, හුන්නේ ද, නිතිකල් (උන්වහන්සේ ම) සිහි පත් කරමි.
Pali BJT4081. මයි එවං සරන්තම්හි භගවාපි අනුස්සරි, බුද්ධං අනුස්සරන්තස්ස පීති මෙ හොති තාවදෙ.
Sinhala BJT4081. මෙසේ මා උන්වහන්සේ සිහි කරණ කල්හි බුදුරජානන් වහන්සේ ද මා සිහි කළ සේක. බුදුරජානන් වහන්සේ සිහිපත් කරන්නාවූ මට එකෙණෙහි ප්‍රීතිය ඇති විය.
Pali BJT4082. කාලඤ්ච පුනරාගම්ම උපෙසි මං මහාමුනි, සම්පත්තෙපි න ජානාමි අයං බුද්ධො මහාමුනි.
Sinhala BJT4082. නැවත සුදුසු කාලය ද එළඹ බුදුරජ තෙම මා සමීපයට වැඩියේ ය. (එසේ) වැඩි කල්හි දු “මේ මහාමුනි වූ බුදුරජ තෙමේ” ය යි මම නො දනිමි.
Pali BJT4083. අනුකම්පකො කාරුණිකො පියදස්සී මහාමුනි, සඤ්ජානාපෙසි අත්තානං අහං බුද්ධො සදෙවකෙ.
Sinhala BJT4083. (සත්ත්‍වලෝකයට) අනුකම්පා කරන්නා වූ, කාරුණික වූ පියදස්සී මහාමුනි තෙම “මම දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥ වෙමැ” යි තෙමේ ම දැන්වීය.