Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5301-5400 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3902. “යදි බුද්ධොසි සබ්බඤ්ඤූ පභඞ්කර තමොනුද, නමස්සිස්සාමි තං දෙව දුක්ඛස්සන්තකරො තුවං”
Sinhala BJT3902. සර්‍වඥයන් වහන්ස, නිර්‍වාණාලෝකය කරන්නවුන් වහන්ස, (මෝහ නමැති) අඳුර දුරු කරණ උතුමානන් වහන්ස, ඉදින් මුබ බුදු වෙහි නම් (විශුද්ධි) දේවයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර කරන්නෙමි. මුබ දුක් නැති කරන්නෙහි ය”.
Pali BJT3903. පත්ථරිත්වා, ජිනචම්මං නිසීදන මදාසහං, නිසීද නාථ සබ්බඤ්ඤූ උපට්ඨිස්සාමහං තුවං.
Sinhala BJT3903. (එසේ කියා) මම අඳුන්දිවිසම් අතුරා (බුදුරජුන්හට) හිඳීමට දුනිමි. (මෙසේ ද කීමි:) ලෝකනාථයන් වහන්ස, වැඩ හිඳිනු මැනව. සර්‍වඥයන් වහන්ස, මම ඔබට උවටැන් කරන්නෙමි” යි.
Pali BJT3904. නිසීදි භගවා තත්ථ අජිනම්හි සුවිත්ථතෙ, නිමන්තයිත්වා සම්බුද්ධං පබ්බතං අගමාසහං.
Sinhala BJT3904. භාග්‍යවත් තෙමේ මොනොවට අතුළ අඳුන්දිවිසමෙහි වැඩ හුන්නේ ය. මම සම්බුදුරජුන් පවරා පර්‍වතයට ගියෙමි.
Pali BJT3905. ඛාරිභාරඤ්ච පූරෙත්වා තින්දුකඵලමාහරිං, මධුනා යොජයිත්වාන ඵලං බුද්ධස්ස’ දාසහං.
Sinhala BJT3905. පිරිකරද පුරවා තිඹිරිගෙඩි ගෙණ ආමි. මම ඒ ගෙඩි මී සමග යොදා බුදුරජුන්හට දුනිමි.
Pali BJT3906. මම නිජ්ඣායමානස්ස පරිභුඤ්ජි තදා ජිනො, තත්ථ චිත්තං පසාදෙසිං පෙක්ඛන්තො ලොකනායකං.
Sinhala BJT3906. සර්‍වඥ තෙම මා කල්පනාවෙහි යෙදී සිටියදී (ඒ දානය) වැළඳීය. බුදුරජුන් දෙස බලමින් එහි දී සිත පැහැදවීමි.
Pali BJT3907. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම’ස්සමෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT3907. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ ආශ්‍රමයෙහි හිඳ මේ ගාථාවන් වදාළ සේක:
Pali BJT3908. “යො මං ඵලෙන තප්පෙසි පසන්නො සෙහි පාණිහි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT3908. “යමෙක් පැහැදුනේ සියතින් ඵලයෙන් මා සන්තර්‍පණය කෙළේ ද, හේ (කවරෙක්දැයි) මම කියන්නෙමි. කියන්නාවූ මාගේ වචනය අසවු.
Pali BJT3909. පඤ්චවීසතික්ඛත්තුං සො දෙවරජ්ජං කරිස්සති, සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT3909. හෙතෙම පස්විසිවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දහස්වරක් සක්විති රජ වන්නේ ය.
Pali BJT3910. තස්ස සඞ්කප්පමඤ්ඤාය පුබ්බකම්මසමඞ්ගිනො, අන්නං පානඤ්ච වත්ථඤ්ච සයනඤ්ච මහාරහං.
Sinhala BJT3910. පූර්‍වකර්‍මයෙන් සමන්‍වාගත වූ ඔහුගේ අදහස දැන මාහැඟි ආහාර ද පාන ද වස්ත්‍ර ද සෙනසුන් ද,
Pali BJT3911. පුඤ්ඤකම්මෙන සංයුත්තා නිබ්බත්තිස්සන්ති තාවදෙ, සදා පමුදිතො චායං භවිස්සති අනාමයො.
Sinhala BJT3911. කුශලකර්‍මවිපාකය හා යෙදුනාහු එකෙණෙහි උපදනාහුය. හැමකල්හි මෙතෙම නීරෝග වූයේ ප්‍රමුදිත වූයේ ද වන්නේ ය.
Pali BJT3912. උපපජ්ජති යං යොනිං දෙවත්තං අථ මානුසං, සබ්බත්ථ සුඛිතො හුත්වා මනුස්සත්තං ගමිස්සති.
Sinhala BJT3912. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යෝනියක උපන්නේ ද, ඒ සියලු තන්හි සුව ඇතිව මිනිසත් බවට පැමිණෙන්නේ ය.
Pali BJT3913. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානපාරගු, සම්බුද්ධමුපගන්ත්වාන අරහා සො භවිස්සති.”
Sinhala BJT3913. හෙතෙම වේද හදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ වේදත්‍රයෙහි පරතෙරෙට ගිය (බමුණෙක්ව) සම්බුදුරජුන් වෙත එළඹ රහත් වන්නේ ය.” (කියායි).
Pali BJT3914. යතො සරාමි අත්තානං යතො පත්තොස්මි විඤ්ඤුතං, භොගෙ මෙ ඌනතා නත්ථි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT3914. යම් තැනක පටන් මාගේ අත්බව සිහි කෙරෙම් ද, යම් තැනක පටන් නුවණැති බවට පැමිණියෙම් වෙම් ද, (ඒ මේ කාලය තුළ) මාගේ භෝගසම්පත්තියෙහි අඩු බවෙක් නැත. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT3915. වරධම්මමනුප්පත්තො රාගදොසෙ සමූහනිං, සබ්බාසවපරික්ඛීණො නත්ථිදානි පුනබ්භවො,
Sinhala BJT3915. උතුම් වූ සසුනට පැමිණියෙමි රාගද්වේෂයන් වැනසීමි. සියලු ආස්‍රවයන් ක්‍ෂය කෙළෙම් වෙමි. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT3916. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3916. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. හස්තිරාජයකු සේ බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3917. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3917. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT3918. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3918. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිස්සමෙත්තෙය්යො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTතිස්සමෙත්තෙය්යත්ථෙරස්ස අපදානං පඨම.
Sinhala BJTතිස්සමෙත්තෙය්‍ය ස්ථවිරාවදානය පළමු වැනි යි.
Pali BJT402. පුණ්ණකත්ථෙරාපදානං
Sinhala BJT402. පුණ්ණක ස්ථවිරාවදානය
Pali BJT3919. පබ්භාරකූටං නිස්සාය සයම්භු අපරාජිතො, ආබාධිකො ගරු බුද්ධො{1} වසතී පබ්බතන්තරෙ.
Sinhala BJT3919. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ගුණගරු වූ පසේබුදුහු හටගත් ආබාධ ඇත්තාහු පර්‍වතකූට පබ්භාරයක් ඇසුරු කොට පර්‍වත අතරෙහි වැඩ වෙසෙන සේක.
Pali BJT3920. මම අස්සමසාමන්තා පනාදො ආසි තාවදෙ, බුද්ධෙ නිබ්බායමානම්හි ආලොකො උපපජ්ජථ.{2}
Sinhala BJT3920. එකෙණෙහි මාගේ අසපුව හාත්පස මහත් වූ නාදයෙක් විය. බුදුන් පිරිනිවන් පානා කල්හි ආලෝකය පහළ විය.
Pali BJT3921. යාවතා වනසණ්ඩස්මිං අච්ඡකොකතරච්ඡකා, ව්යග්ඝා{3} ච කෙසරී සබ්බෙ අභිගජ්ජිංසු තාවදෙ.
Sinhala BJT3921. එකෙණෙහි මුළු වනලැහැබෙහි වලස් වෘක කළුහිස්වලස් ව්‍යාඝ්‍ර සිංහ යන සියලු සත්ත්‍වයෝ නාද කළාහු ය.
Pali BJT3922. උප්පාතං තමහං දිස්වා පබ්බතං{4} අගමාසහං, තත්ථ’ද්දසාසිං සම්බුද්ධං නිබ්බුතං අපරාජිතං.
Sinhala BJT3922. මම ඒ භූතවිකෘතිය දැක (බුදුරජුන් වැඩ විසූ) පර්‍වතයට ගියෙමි. එහි දී පිරිනිවි අපරාජිත වූ සම්බුදුරජුන් දිටිමි.
Pali BJT3923. සුඵුල්ලං සාලරාජංව සතරංසිංව උග්ගතං, වීතච්චිකංව අඞ්ගාරං නිබ්බුතං අපරාජිතං.
Sinhala BJT3923. සුපිපි සල්රුකක් වැනි, උදා වූ හිරු වැනි, පහ වූ සිළු ඇති ගිනි අඟුරු (රැසක්) වැනි පිරිනිවියා වූ බුදුරජුන් (උදෙසා)-
Pali BJT3924. තිණං කට්ඨඤ්ච පූරෙත්වා චිතකං තත්ථ’කාසහං, චිතකං සුකතං කත්වා සරීරං ඣාපයිං අහං.
Sinhala BJT3924. මම එහි තණ ද දර ද පුරවා චිතකයක් කෙළෙමි. ඒ චිතකය මැනැවින් කොට (බුද්ධ) ශරීරය දැවීමි.
Pali BJT3925. සරීරං ඣාපයිත්වාන ගන්ධතොයං සමොකිරිං, අන්තලික්ඛෙ ඨිතො යක්ඛො නාමමග්ගහි තාවදෙ.
Sinhala BJT3925. සිරුර දවා සුවඳ දිය ඉස්සෙමි. එකෙණෙහි අහසෙහි සිටි යක්‍ෂයෙක් මට නමක් තැබීය:
Pali BJT3926. යං පූරිතං{5} තයා කිච්චං සයම්භූස්ස මහෙසිනො, පුණ්ණකො නාම නාමෙන සදා හොහි{6} තුවං මුනෙ.{7}
Sinhala BJT3926. “සියල්ල තෙමේ ම අවබෝධ කරගත් බුදුරජුන්ට යම් (ආදාහන) කෘත්‍යයක් තා විසින් සම්පූර්‍ණ කරණ ලද ද, මුනිවරය, ඔබ හැමකල්හි නමින් පුණ්ණක නම් වෙව” යී.
Pali BJT3927. තම්හා කායා චවිත්වාන දෙවලොකං අගච්ඡහං, තත්ථ දිබ්බමයො ගන්ධො අන්තලික්ඛෙ පවායති{1}
Sinhala BJT3927. මම ඒ අත්බැවින් ච්‍යුතව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි අහසෙහි දිව්‍යමය සුවඳ හමයි.
Pali BJT3928. තත්රාපි නාමධෙය්යං මෙ පුණ්ණකො’ති අහූ තදා, දෙවභූතො මනුස්සො වා සඞ්කප්පං පූරයාමහං.
Sinhala BJT3928. එකල්හි එහිදී ද මාගේ නම ‘පුණ්ණක’ නම් විය. දෙවි වූයේ ද මිනිස් වූයේ ද (මාගේ) අදහස් සම්පූර්‍ණ කරමි.
Pali BJT3929. ඉදං පච්ඡිමකං මය්හං චරිමො වත්තතී{2} භවො, ඉධාපි පුණ්ණකො නාම නාමධෙය්යං පකාසති.
Sinhala BJT3929. මේ මාගේ (සසරෙහි) අවසානය යි. (දැන් මේ) අන්තිම භවය පවතී. මෙහි දී ද පූර්‍ණක නාමය ප්‍රකාශ වේ.
Pali BJT3930. තොසයිත්වාන සම්බුද්ධං ගොතමං සක්යපුඞ්ගවං, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT3930. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3931. එකනවුතෙ ඉතො කප්පෙ{3} යං කම්මමකරිං තදා, සබ්බාසවා නාභිජානාමි තනුකිච්චස්සිදං ඵලං.
Sinhala BJT3931. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ශරීරාදාහන කෘත්‍යයාගේ මේ විපාක යි.
Pali BJT3932. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා විහරාමි අනාසවො.
Sinhala BJT3932. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. අනාස්‍රව වූයෙම් වෙසෙමි.
Pali BJT3933. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3933. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම ඒකාන්තයෙන් මට ස්වාගත විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3934. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3934. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුණ්ණකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් පුණ්ණක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපුණ්ණකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTපුණ්ණක ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT403. මෙත්තගුත්ථෙරාපදානං
Sinhala BJT403. මෙත්තගු ස්ථවිරාවදානය
Pali BJT3935. හිමවන්තස්ස අවිදූරෙ{4} අසොකො නාම පබ්බතො, තත්ථා’සි අස්සමො මය්හං විස්සකම්මෙන{5} මාපිතො.
Sinhala BJT3935. හිමවතට නුදුරෙහි අසෝක නම් පර්‍වතයෙක් විය. එහි මට විශ්වකර්‍මයා විසින් මවන ලද ආශ්‍රමයෙක් විය.
Pali BJT3936. සුමෙධො නාම සම්බුද්ධො අග්ගො කාරුණිකො මුනි, නිවාසයිත්වා පුබ්බන්හෙ පිණ්ඩාය මං උපාගමි.
Sinhala BJT3936. අග්‍රකාරුණික වූ සුමේධ නම් සර්‍වඥ මුනි තෙමේ පෙරවරුයෙහි හැඳ පොරවා මා වෙත පිඬු පිණිස එළඹියේ ය.
Pali BJT3937. උපාගතං මහාවීරං සුමෙධං ලොකනායකං, පග්ගය්හ සුගතප්පත්තං{6} සප්පිතෙලෙන පූරයිං{7}.
Sinhala BJT3937. එළඹියා වූ මහාවීර වූ ලෝකනායක වූ සුමේධ බුදුරජුන් (දැක) සුගතපාත්‍රය ගෙණ ගිතෙලින් පිරවීමි.
Pali BJT3938. දත්වානහං බුද්ධසෙට්ඨෙ සුමෙධෙ ලොකනායකෙ, අඤ්ජලිම්පග්ගහෙත්වාන භීයො{8} හාසං ජනෙසහං.
Sinhala BJT3938. මම ලෝකනායක වූ සුමේධ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි එය පිළිගන්වා ඇඳිලි බැඳගෙණ වැඩියක් ම සතුට ඉපදවීමි. (මෙසේ ද පැතීමි.)
Pali BJT3939. “ඉමිනා සප්පිදානෙන චෙතනාපණිධීහි ච, දෙවභූතො මනුස්සො වා ලභාමි විපුලං සුඛං.
Sinhala BJT3939. “මේ ගිතෙල් දන හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද දෙවි වූයේ හෝ මනුෂ්‍ය වූයේ හෝ මහත් වූ සැප ලබමි.
Pali BJT3940. විනිපාතං විවජ්ජෙත්වා සංසරාමි භවාභවෙ, තත්ථ චිත්තං පණිධිත්වා ලභාමි අචලං පදං.”
Sinhala BJT3940. දුගතිය හැර කුදු මහත් භවයෙහි සැරිසරමි. එහි සිත පිහිටුවා අමෘතපදය ලබමි” (කියායි).
Pali BJT3941. “ලාභා තුය්හං සුලද්ධං තෙ යං මං අද්දක්ඛි බ්රාහ්මණං,{1} මම දස්සනමාගම්ම අරහා ත්වං භවිස්සසි.
Sinhala BJT3941. යම් හෙයකින් බ්‍රාහ්මණ වූ (නසන ලද පව් ඇති) මා දුටුයේ ද, (එය) ඔබට ලාභයකි. ඔබ විසින් මැනැවින් ලබන ලද්දකි. මාගේ දර්‍ශනයට පැමිණ ඔබ රහත් වන්නෙහි ය.
Pali BJT3942. විස්සත්ථො හොහි මා භායි අධිගන්ත්වා මහායසං, මමං හි සප්පිං දත්වාන පරිමොක්ඛසි ජාතියා
Sinhala BJT3942. විශ්වාසය ඇත්තෙක් (අස්වැසුනෙක්) වන්න, බිය නො වන්න. මට ගිතෙල් දී මහත් යශස් ලබා ජාතියෙන් ද මිදෙන්නෙහි ය.
Pali BJT3943. ඉමිනා සප්පිදානෙන චෙතනාපණිධීහි ච, දෙවභූතො මනුස්සො වා ලභසෙ විපුලං සුඛං.
Sinhala BJT3943. මේ ගිතෙල් දන හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මුබ දෙවි වූයේ ද මිනිස් වූයේ ද මහත් සුව ලබන්නෙහි ය.
Pali BJT3944. ඉමිනා සප්පිදානෙන මෙත්තචිත්තවතාය ච, අට්ඨාරසෙ කප්පසතෙ දෙවලොකෙ රමිස්සසි
Sinhala BJT3944. මෙත්සිතින් යුතු ව කළ මේ ගිතෙල් දන හේතු කොට ගෙණ අටළොස්සිය වන හෙවත් එක්දහස්අටසිය වන කපෙහි දෙව්ලොව සිත් අලවා වසන්නෙහි ය.
Pali BJT3945. අට්ඨතිංසතික්ඛත්තුඤ්ච දෙවරාජා භවිස්සසි, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT3945. අටතිස් වරක් දෙව්රජ වන්නෙහි ය. මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නො හැකි ය.
Pali BJT3946. එකපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සසි, චාතුරන්තො විජිතාවී ජම්බුසණ්ඩස්ස{2} ඉස්සරො.
Sinhala BJT3946. එක්පණස් වරක් සිවුමහදිවයින් හා සිවුසයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ (සතුරු රජුන්) ජයගන්නාසුලු වූ ජම්බුද්වීපයට ඊශ්වර වූ සක්විතිරජ වන්නෙහි ය.
Pali BJT3947. මහාසමුද්දොව’ක්ඛොභො දුද්ධරො පඨවී යථා, එවමෙව ච තෙ භොගා අප්පමෙය්යා භවිස්සරෙ.”
Sinhala BJT3947. යම් සේ මහසයුර නො කැළඹිය හැකි ද මහපොළොව නො සෙල්විය හැකි ද ඔබගේ භෝගසම්පත්හු ද පමණ කළ නො හැක්කාහු වෙති.”
Pali BJT3948. සට්ඨිකොටි හිරඤ්ඤස්ස චජිත්වා{3} පබ්බජිං අහං, කිං කුසලං ගවෙසන්තො බාවරිං උපසඞ්කමිං.
Sinhala BJT3948. මම සැටකෙළක් අගනා හිරණ්‍ය හැර දමා කුසල් කර්‍මය යි සොයමින් බාවරි වෙත එළඹියෙමි.
Pali BJT3949. තත්ථ මන්තෙ අධීයාමි ඡළඞ්ගං නාම ලක්ඛණං, තමන්ධකාරං විධමං උප්පජ්ජි ත්වං මහාමුනි.
Sinhala BJT3949. එහි මම මන්ත්‍ර ද ෂඩඞ්ගලක්‍ෂණශාස්ත්‍රය ද හදාරමි. මහා මුනීන් වහන්ස, මුබවහන්සේ ඝනාන්‍ධකාරය විධ්වංසනය කරමින් ලොව පහළ වූ සේක.
Pali BJT3950. තව දස්සනකාමොහං ආගතොම්හි මහාමුනි, තව ධම්මං සුණිත්වාන පත්තො’ම්හි අචලං පදං.
Sinhala BJT3950. මහාමුනීන් වහන්ස, මුබවහන්සේගේ දර්‍ශනය කැමැත්තෙන් මම පැමිණියෙම් වෙමි. මුබ වහන්සේගේ ධර්‍මය ද අසා අමෘතපද සඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙම් වෙමි.
Pali BJT3951. තිංසකප්පසහස්සම්හි සප්පිං බුද්ධස්ස’දාසහං, එත්ථන්තරෙ නාභිජානෙ සප්පි විඤ්ඤාපිතං මයා{4},
Sinhala BJT3951. මම තිස්දහස් කපකට පෙර බුදුරජුන්හට ගිතෙල් දුනිමි. මේ අතරතුර මා විසින් විනවන ලද (වචනයෙන් ලබා ගන්නා ලද) ගිතෙලක් ගැණ නො දනිමි.
Pali BJT3952. මම සඞ්කප්පමඤ්ඤාය උප්පජ්ජති යදිච්ඡකං, චිත්තමඤ්ඤාය නිබ්බත්තං සබ්බෙ සන්තප්පයාමහං.
Sinhala BJT3952. මාගේ අදහසට අනුව ඉදින් කැමැති කැමැති දෙය පහළ වේ ද, සිත දැන ගෙණ මෙන් පහළ වූ එයින් මම සියල්ලන් සන්තර්‍පණය කරමි.
Pali BJT3953. අහො බුද්ධො අහො ධම්මො{5} අහො නො සත්ථුසම්පදා, ථොකං හි සප්පිං දත්වාන අප්පමෙය්යං ලභාමහං.
Sinhala BJT3953. බුදුරජ තෙම ආශ්චර්‍ය්‍යය. ධර්‍මය ද ආශ්චර්‍ය්‍යය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය. බුදුරජුන්හට ගිතෙල් මඳක් දී එය අපමණ ව ලබමි.
Pali BJT3954. මහාසමුද්දෙ උදකං යාවතා නෙරුපස්සතො, මම සප්පිං උපාදාය කලභාගං න ඵස්සති{6}.
Sinhala BJT3954. මේරුපර්‍වත පාර්‍ශවයෙහි ඇති මහසමුදුරෙහි දිය යම් පමණ ද මාගේ ඒ ගිතෙල් හා සසඳන කල්හි එය දෙතිසෙන් කොටසක් වූ (කලභාගයකට) ද නො පැමිණෙන්නේ ය.
Pali BJT3955. යාවතා චක්කවාළස්ස කරීයන්තස්ස{1} රාසිතො, මම නිබ්බත්තවත්ථානං ඔකාසො සො න සම්මති.
Sinhala BJT3955. මට පහළ වන්නා වූ වස්ත්‍ර මුළුසක්වළෙහි ම රැස් කරණ කල්හි ද එයට ඒ අවකාශය නො පොහෝනේ වේ.
Pali BJT3956. පබ්බතරාජා හිමවා පවරොපි සිලුච්චයො, මමානුලිත්තගන්ධස්ස උපනිධිං{2} න හෙස්සති.
Sinhala BJT3956. ඉතා උස් වූ හිමවත් පර්‍වතරාජයා පවා මා අලෙව් දුන් සුවඳ විලෙවුන් හා උපමාවකට පමණ නො වන්නේ ය.
Pali BJT3957. වත්ථං ගන්ධඤ්ච සප්පිඤ්ච අඤ්ඤඤ්ච දිට්ඨධම්මිකං, අසඞ්ඛතඤ්ච නිබ්බානං සප්පිදානස්සිදං ඵලං.
Sinhala BJT3957. වස්ත්‍ර ද සුවඳ ද ගිතෙල් ද මේ අත්බැව්හි දී ම ලබන ලද අසංස්කෘත නිර්‍වාණය ද ඇත්තෙම් වෙමි. ගිතෙල් දනෙහි මේ විපාක යි.
Pali BJT3958. සතිපට්ඨානසයනො සමාධිඣානගොචරො, බොජ්ඣඞ්ගභොජනො අජ්ජ{3} සප්පිදානස්සිදං ඵලං.
Sinhala BJT3958. අද මම සතිපට්ඨානසයනය ද, සමාධිධ්‍යානගෝචරය ද බොධ්‍යඞ්ගභෝජනය ද ඇත්තෙම් වෙමි. ගිතෙල් දන්හි මේ විපාකයි.
Pali BJT3959. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා විහරාමි අනාසවො.
Sinhala BJT3959. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සර්‍වාස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. අනාස්‍රව වූයෙම් වෙසෙමි.
Pali BJT3960. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3960. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත පැමිණීම මට ස්වාගත ම විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3961. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3961. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මෙත්තගුත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් මෙත්තගු ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමෙත්තගුත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTමෙත්තගු ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT404. ධොතකත්ථෙරාපදානං
Sinhala BJT404. ධෝතක ස්ථවිරාවදානය
Pali BJT3962. ගඞ්ගා භාගීරථී නාම හිමවන්තා පභාවිතා, හංසවතියා ද්වාරෙන අනුසන්දති තාවදෙ.
Sinhala BJT3962. හිමවතින් ප්‍රභූත භාගිරථි ගඞ්ගා තොමෝ (ගඞ්ගානදිය) එකල්හි හංසවතී නගරද්වාරයෙන් ගලා බස්නී ය.
Pali BJT3963. සොභිතො නාම ආරාමො ගඞ්ගාකූලෙ සුමාපිතො, තත්ථ පදුමුත්තරො බුද්ධො වසතෙ ලොකනායකො.
Sinhala BJT3963. ගංඉවුරෙහි මැනවින් කරණ ලද සෝභිත නම් ආරාමයෙක් විය. එහි ලෝකනායක වූ පදුමුත්තර බුදුරජ තෙමේ වැඩ වෙසෙයි.
Pali BJT3964. තිදසෙහි යථා ඉන්දො මනුජෙහි පුරක්ඛතො, නිසීදි තත්ථ භගවා අසම්භීතො’ව කෙසරී.
Sinhala BJT3964. තව්තිසාවෙහි දෙවියන් සහිත ශක්‍රයා මෙන් මනුෂ්‍යයන් විසින් පිරිවරණ ලද භාග්‍යවත් තෙමේ එහි අභීත කේශරසිංහ රාජයකු මෙන් වැඩහුන්නේ ය.
Pali BJT3965. නගරෙ හංසවතියා වසාමි{4} බ්රාහ්මණො අහං, ඡළඞ්ගො නාම නාමෙන එවන්නාමො මහාමුනි.
Sinhala BJT3965. මම හංසවතී නගරයෙහි බමුණෙක් ව වෙසෙමි. නමින් ඡළඞ්ග නම් වෙමි. එනම් ඇති මහමුනිවරයෙක් වෙමි.
Pali BJT3966. අට්ඨාරසසිස්සසතා පරිවාරෙන්ති මං තදා, තෙහි සිස්සෙහි සමිතො ගඞ්ගාතීරං උපාගමිං.
Sinhala BJT3966. එකල්හි අටළොස් සියක් (-එක්දහස් අටසියයක්) ශිෂ්‍යයෝ මා පිරිවරත්. ඒ ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගඞ්ගාතීරයට එළඹියෙමි.
Pali BJT3967. තත්ථද්දසාසිං සමණෙ නික්කුහෙ ධොතපාපකෙ, භාගීරථිං තරන්තෙ’හං{5} එවං චිත්තෙසි තාවදෙ.
Sinhala BJT3967. එහි දී කොහොන්කම් විරහිත දොවා හළ පව් ඇති ශ්‍රමණයන් වහන්සේ දිටිමි. (උන්වහන්සේ) භාගීරථි ගඟ තරණය කරණ කෙණෙහි මම මෙසේ සිතීමි.
Pali BJT3968. “සායං පාතං තරන්තා’මෙ බුද්ධපුත්තා මහායසා, විහෙසයන්ති අත්තානං තෙසං අත්තා විහඤ්ඤති.
Sinhala BJT3968. “මහත් කීර්ති ඇති මේ බුද්ධපුත්‍රයෝ සවස්හි ද උදයෙහි ද මේ ගඟ තරණය කරන්නාහු තමන් වෙහෙසට පමුණුවත්. ඔවුන්ගේ ආත්මභාවය පෙළෙයි.
Pali BJT3969. සදෙවකස්ස ලොකස්ස බුද්ධො අග්ගො පවුච්චති. නත්ථි මෙ දක්ඛිණෙ කාරං ගතිමග්ගවිසොධනං.
Sinhala BJT3969. දෙවියන් සහිත ලෝකයා අතුරෙන් බුදුරජ තෙම අග්‍රයයි කියනු ලැබේ. දක්‍ෂිණාර්‍හයන් කෙරෙහි (කළ) සසර ගමන්මග පිරිසිදු කරණ පින්කමකුදු මට නැත.
Pali BJT3970. යන්නූන බුද්ධසෙට්ඨස්ස සෙතුං ගඞ්ගාය කාරයෙ, කාරාපෙත්වා ඉමං කම්මං සන්තරාමි ඉමං භවං.”
Sinhala BJT3970. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ගඟෙහි හෙයක් කරන්නෙම් නම් ඉතා මැනැවි. මේ පින්කම කරවා මේ භවය තරණය කරමි යි.
Pali BJT3971. සතසහස්සං දත්වාන සෙතුං කාරාපයිං අහං, සද්දහන්තො “කතං කාරං විපුලං මෙ භවිස්සති.”
Sinhala BJT3971. මා විසින් කරණ ලද පින්කම් මහත්ඵල වන්නේ යයි අදහමින් මම ලක්‍ෂයක් දී හෙයක් කරවීමි.
Pali BJT3972. කාරාපෙත්වාන තං සෙතුං උපෙසිං ලොකනායකං, සිරසි අඤ්ජලිං කත්වා ඉදං වචනමබ්රවිං.
Sinhala BJT3972. ඒ හෙය කරවා ලෝකනායක බුදුරජුන් වෙත එළඹියෙමි. සිරසෙහි ඇඳිලි බැඳ මේ වචනය ද කීමි:
Pali BJT3973. “සතසහස්සස්ස වයං කත්වා{1} කාරාපිතො මයා, තවත්ථාය මහාසෙතු පටිගණ්හ මහාමුනි.”
Sinhala BJT3973. “මහාමුනීන් වහන්ස, මා විසින් ලක්‍ෂයක් වැය කොට ඔබ වහන්සේ උදෙසා මහත් වූ හෙයක් කරවන ලදී. ඒ පිළිගණු මැනව” යී.
Pali BJT3974. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT3974. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය:
Pali BJT3975. “යො මෙ සෙතුං අකාරෙසි පසන්නො සෙහි පාණිහි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT3975. “යමෙක් පහන් වූයේ සියතින් මට හෙයක් කරවූයේ ද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT3976. දරිතො පබ්බතාතො{2} වා රුක්ඛාතො{3} පතිතොප’යං, චුතොපි ලච්ඡතී ඨානං සෙතුදානස්සිදං ඵලං.
Sinhala BJT3976. මෙ තෙම කඳුරකින් (=පර්‍වතවිවරයකින්) වේවයි පර්‍වතයකින් වේවයි ගසකින් වේවයි ගිලිහුනේ නමුදු (ඉන්) ගිලිහුනේ ම පිහිට ලබන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.
Pali BJT3977. විරූළ්හමූලසන්තානං නිග්රොධමිව මාලුතො, අමිත්තා නප්පසහන්ති සෙතුදානස්සිදං ඵලං.
Sinhala BJT3977. වැඩිගිය මුල්සමූහය ඇති නුගගසක් වාතය බලයෙන් උදුරා නො දමන්නාක් මෙන් පසමිතුරෝ (මොහු) නො මැඩලත්.
Pali BJT3978. නාස්ස චොරා පසහන්ති නාතිමඤ්ඤන්ති ඛත්තියා, සබ්බෙ තරිස්සතාමිත්තෙ සෙතුදානස්සිදං ඵලං.
Sinhala BJT3978. මොහුගේ (දෙය) සොරු බලයෙන් පැහැර නො ගනිත්. රජවරු මොහුට අවමන් නො කරත්. සියලු පසමිතුරන් ජය ගන්නේ ය. සේතුදානයාගේ මේ විපාක යි.
Pali BJT3979. අබ්භොකාසගතං සන්තං කඨිනාතපතාපිතං, පුඤ්ඤකම්මෙන සංයුත්තං න භවිස්සන්ති වෙදනා.
Sinhala BJT3979. එලිමහනකට ගියේ නමුදු දැඩි අව්වෙන් තැවුනේ නමුදු ඒ සේතුදානමය පුණ්‍යකර්‍මයෙන් යුත් මොහුට (දුක්) වේදනාවෝ නො වන්නාහු ය.
Pali BJT3980. දෙවලොකෙ මනුස්සෙ වා හත්ථියානං සුනිම්මිතං, තස්ස සඞ්කප්පමඤ්ඤාය නිබ්බත්තිස්සති තාවදෙ.
Sinhala BJT3980. දෙව්ලොවෙහි හෝ මිනිස්ලොවෙහි හෝ මැනවින් නිර්මිත හස්තියානයක් ඔහුගේ අදහස පරිදි එකෙණෙහි පහළ වන්නේ ය.
Pali BJT3981. සහස්සස්සා වාතජවා සින්ධවා සීඝවාහනා, සායං පාතං උපෙස්සන්ති සෙතුදානස්සිදං ඵලං.
Sinhala BJT3981. වාතවේගයෙන් දුවන ශීඝ්‍රවාහන වූ දහසක් සෛන්‍ධවයෝ උදය සවස වෙත එළඹෙන්නාහු ය. සේතුදානයාගේ මේ විපාක යි.
Pali BJT3982. ආගන්ත්වාන මනුස්සත්තං සුඛිතො’යං භවිස්සති, ඉහාපි{4} මනුජස්සෙව හත්ථියානං භවිස්සති.
Sinhala BJT3982. මෙ තෙම මිනිසත්බවට පැමිණ සැපවත් වන්නේ ය. මෙහි මිනිස්කල්හි දු ඔහුට හස්තියානයක් වන්නේ ය.
Pali BJT3983. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන{1} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT3983. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක වංශයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT3984. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.”
Sinhala BJT3984. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ මෙතෙම සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේය” යී.
Pali BJT3985. අහො මෙ සුකතං කම්මං ජලජුත්තමනාමකෙ, තත්ථ කාරං කරිත්වාන පත්තො’හං ආසවක්ඛයං.
Sinhala BJT3985. පදුමුත්තර බුදුරජුන් කෙරෙහි මා විසින් මැනැවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍යයකි. උන්වහන්සේ කෙරෙහි බුහුමන් කොට මම ආස්‍රවක්‍ෂය සඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙම් වෙමි.
Pali BJT3986. පධානපහිතත්තොම්හි උපසන්තො නිරූපධි, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3986. කාය - ජීවිත දෙක්හිත් අපේක්‍ෂා රහිත වූයෙම් වීර්‍ය්‍ය කිරීමෙහි යෙදුනෙම් වෙමි. සන්හුන් වූයෙම් උපධිරහිත වූයෙම් ඇතකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT3987. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3987. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත පැමිණීම මට ඒකාන්තයෙන් ස්වාගත විය. පැමිණෙනලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. මා විසින් බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි
Pali BJT3988. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT3988. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය වූහ. දැන් පුනර්‍භවයෙක් නැත.
Pali BJT3989. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3989. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුසසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධොතකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් ධෝතක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTධොතකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTධෝතක ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT405. උපසිවත්ථෙරාපදානං
Sinhala BJT405. උපසීව ස්ථවිරාවදානය