Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 5201-5300 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3824. ඉමස්මිං යෙව කප්පම්හි යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3824. මේ කපෙහි ම යම් බුදුවරයකු පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3825. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බෙසවා පරික්ඛීණා විහරාමි අනාසවො.
Sinhala BJT3825. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරන ලදහ. දැන් යලි ඉපැදීමෙක් නැත. ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3826. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3826. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
Pali BJT3827. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3827. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සලලමණ්ඩපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සල්ලමණ්ඩපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසලලමණ්ඩපියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTසල්ලමණ්ඩපිය ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT399. සබ්බදායකත්ථෙරාපදානං.
Sinhala BJT399. සබ්බදායක ස්ථවිරාවදානය
Pali BJT3828. මහාසමුද්දං ඔගය්හ භවනං මෙ සුනිම්මිතං, සුනිම්මිතා පොක්ඛරණී චක්කවාකූපකූජිතා.{1}
Sinhala BJT3828-3830. මහසමුදුර සමීපයෙහි මට භවනයක් මැවිනි. (ඒ අසල) සක්වාරැව් ඇති මන්‍දාලක මලින් හා පියුමින් හා උපුලින් හා ගැවසීගත් පොකුණක් මැවිනි. ඒ පෙදෙසෙහි සිත්කලු මනා තොට ඇති මස්කැසුබුවන්ගෙන් ගැවසීගත් මුළුදුන් නන් විහගගණා ඇති නදියක් ගලා බස්නීය. එහි මොණර හා කොස්වාලිහිණි කොවුල් ආදි පක්‍ෂීන්ගේ මනරම් නදින් එපෙදෙස දොඩමලුය.
Pali BJT3829. මන්දාලකෙහි සඤ්ඡන්නා පදුමුප්පලකෙහි ච, නදී ච සන්දතෙ තත්ථ සුපතිත්ථා මනොරමා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3830. මච්ඡකච්ඡපසඤ්ඡන්නා නානාදිජසමොත්ථතා, මයූරකොඤ්චාභිරුදා කොකිලාදීහි වග්ගුහි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3831. පාරෙවතා රවිහංසා චක්කවාකා නදීචරා, දින්දිභා සාළිකා චෙත්ථ පම්පකා{2} ජීවජීවකා.
Sinhala BJT3831. පරෙවි, රවිහංස, සක්වා ලිහිණි, (ගඞ්ගාවන්හි හැසිරෙන) නදීචර, දියකිරල, සැළලිහිණි උණහපුළු (ජීවජීව අනුකරණයෙන් හඬන්නාවූ) ජීවංජීවක යන මොහු එහි බොහෝ වූහ.
Pali BJT3832. හංසා කොඤ්චාභිනදිතා{3} කොසියා පිඞ්ගලා බහූ, සත්තරතනසම්පන්නො මණිමුත්තිකවාලුකා.
Sinhala BJT3832-3833. එහි රැව් දෙන හංසයෝ ද, කොස්වා ලිහිණියෝ ද, බකමුහුනෝ ද, පිඞ්ගලයෝ ද, යන මේ පක්‍ෂීහු බොහෝ වූහ. සත්රුවනින් යුත් මිණි මුතු සහිත වැලි ද, නොයෙක් සුවඳ හමන හැම රන්මුවා වූ ගස් ද, ඒ භවනය දිව රෑ හැමකල්හි බබුලුවත්.
Pali BJT3833. සබ්බසොණ්ණමයා රුක්ඛා නානාගන්ධසමෙරිතා, උජ්ජොතෙන්ති දිවාරත්තිං භවනං සබ්බකාලිකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3834. සට්ඨිතුරියසහස්සානි සායං පාතො පවජ්ජරෙ, සොළසිත්ථිසහස්සානි පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT3834. සැටදහසක් තූර්‍ය්‍යයෝ සවස්හි ද උදාසන්හි ද වැයෙත්. හැම කල්හි සොළොස් දහසක් ස්ත්‍රීහු මා පිරිවරත්.
Pali BJT3835. අභිනික්ඛම්ම භවනා සුමෙධං ලොකනායකං, පසන්නචිත්තො සුමනො වන්දයිං තං මහායසං.
Sinhala BJT3835. මම භවනයෙන් නික්ම පහන්සිත් ඇත්තෙම් සොම්නස් ඇත්තෙම් මහත් යශස් ඇති ලෝකනායක වූ ඒ සුමේධ බුදුරජුන් වැන්දෙමි.
Pali BJT3836. සම්බුද්ධං අභිවාදෙත්වා සසඞ්ඝං තං නිමන්තයිං, අධිවාසෙසි සො ධීරො සුමෙධො ලොකනායකො.
Sinhala BJT3836. සම්බුදුරජුන් වැඳ සඞ්ඝයා සහිත ඒ බුදුරජුන් නිමන්ත්‍රණය කෙළෙමි. (මාගේ නිමන්‍ත්‍රණය) ලෝකනායක වූ ප්‍රාඥ වූ ඒ බුදුරජ තෙම ඉවසී ය.
Pali BJT3837. මම ධම්මකථං කත්වා උය්යොජෙසි මහාමුනි, සම්බුද්ධං අභිවාදෙත්වා භවනං මෙ උපාගමිං.
Sinhala BJT3837. බුදුරජ තෙම මට ධර්‍මකථාවක් කොට (මා පින්දහම්හි) යෙදවී ය. ඒ සම්බුදුරජුන් වැඳ මාගේ භවනයට එළඹියෙමි.
Pali BJT3838. ආමන්තයිං පරිජනං සබ්බෙ සන්නිපතාථ වො, පුබ්බන්හසමයං බුද්ධො භවනං ආගමිස්සති.
Sinhala BJT3838. “පෙරවරු කල්හි බුදුරජ තෙම මාගේ භවනයට වඩනේ ය. තෙපි සියල්ලෝ රැස්වවු” ය යි පිරිවර ජනයාට ඇමතීමි.
Pali BJT3839. ලාභා අම්හං සුලද්ධං නො යෙ වසාම තවන්තිකෙ, මයම්පි බුද්ධසෙට්ඨස්ස පූජං කස්සාම සත්ථුනො.
Sinhala BJT3839. “යම් හෙයකින් ඔබ සමීපයෙහි වෙසෙමු ද, ඒ අපට මනා ලැබීමෙකි. යහපත් ලාභයෙකි. අපි දු ශාස්තෘ වූ බුදුරජුන්හට පූජාවක් කරන්නෙමු” යි.
Pali BJT3840. අන්නං පානං පට්ඨපෙත්වා කාලමාරොචයිං අහං, වසීසතසහස්සෙහි උපෙසි ලොකනායකො.
Sinhala BJT3840. මම ආහාර-පාන පිළියෙල කොට තබා කාලය දැන්වීමි. ලෝකනායක වූ බුදුරජ තෙම රහතුන් සියදහසක් සමඟ වැඩියේ ය.
Pali BJT3841. පඤ්චඞ්ගිකෙහි තුරියෙහි පච්චුග්ගමනමකාසහං, සබ්බසොවණ්ණමයෙ පීඨෙ නිසීදි පුරිසුත්තමො.
Sinhala BJT3841. මම පසඟතුරු සහිතව පෙරගමන් කෙළෙමි. පුරුෂෝත්‍තම වූ බුදුරජ තෙම සියල්ල රුවන්මුවා වූ පුටුවෙහි වැඩහුන්නේ ය.
Pali BJT3842. උපරිච්ඡදනං ආසි සබ්බසොණ්ණමයං තදා, වීජනියො පවායන්ති භික්ඛුසඞ්ඝස්ස අන්තරෙ.
Sinhala BJT3842. එකල්හි සියල්ල රුවන්මුවා වූ උඩුවියනක් විය. බික්සඟන අතුරෙහි විජිනිපත්හු පවන් සලත්.
Pali BJT3843. පහූතෙන’න්නපානෙන භික්ඛුසංඝමතප්පයිං, පච්චෙකදුස්සයුගලෙ භික්ඛුසඞ්ඝස්ස’දාසහං.
Sinhala BJT3843. බොහෝ වූ ආහාරපානයෙන් භික්‍ෂුසඞ්ඝයා සන්‍තර්‍පණය කෙළෙමි. මම වෙන වෙන ම වස්ත්‍ර යුග්මය බැගින් බික්සඟනට දිනිමි.
Pali BJT3844. යං වදන්ති සුමෙධොති ලොකාහුතිපටිග්ගහං, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
Sinhala BJT3844. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සුමේධ ය යි යමකුට කියත් ද, (ඒ බුදුරජ තෙම) භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේ ය:
Pali BJT3845. “යො මං{1} අන්නෙන පානෙන සබ්බෙ ඉමෙ ච තප්පයි,{2} තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT3845. “යමෙක් මා ද මේ සියල්ලන් ද ආහාරයෙන් හා පානයෙන් තෘප්ත කෙළේ නම් හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT3846. අට්ඨාරසෙ කප්පසතෙ දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT3846. (හෙතෙම) අටළොස්සියක් කප් දෙව්ලොවෙහි සිත් අලවා වසන්නේ ය. දහස්වරක් සක්විති රජ ද වන්නේ ය.
Pali BJT3847. උපගච්ඡති{3} යං යොනිං දෙවත්තං අථ මානුසං, සබ්බදා සබ්බසොවණ්ණං ඡදනං ධාරයිස්සති.
Sinhala BJT3847. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් උපතකට යේ ද, හැමදා සර්‍වස්වර්‍ණමය වූ වියනක් දරන්නේ ය.
Pali BJT3848. තිංසකප්පසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT3848. තිස්දහස් කපකින් මතුයෙහි ඔක්‍කාක කුලයෙහි උපදනා වූ නමින් ගොතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT3849. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො{1}.
Sinhala BJT3849. (හෙතෙම) උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධ පුත්‍රයෙක් වේ. සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ද වේ.
Pali BJT3850. භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා සීහනාදං නදිස්සති චිතකෙ ඡත්තං ධාරෙන්ති හෙට්ඨාඡත්තම්භි ඩය්හථ.
Sinhala BJT3850. බික්සඟන මැද හිඳ අභීතනාද කරන්නේ ය. (ඔහුගේ මළසිරුර තැන්පත් කළ) චිතකයෙහි පවා ඡත්‍රයක් දරත්. ඒ ඡත්‍රය යටදී ආදාහනය වන්නේ ය.”
Pali BJT3851. සාමඤ්ඤං මෙ අනුප්පත්තං කිලෙසා ඣාපිතා මයා{2}, මණ්ඩපෙ රුක්ඛමූලෙ වා සන්තාපො මෙ න විජ්ජති.
Sinhala BJT3851. මා විසින් දැන් පැමිණෙන ලද (සෝවාන් ආදී වූ) සතරමග නුවණ ශ්‍රාමණ්‍යඵල ඇත්තේ ය. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. මණ්ඩපයක හෝ වෘක්‍ෂමූලයක හෝ සිටි මට සන්තාපයක් ඇති නො වේ.
Pali BJT3852. තිංසකප්පසහස්සම්හි යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි සබ්බදානස්සිදං ඵලං.
Sinhala BJT3852. තිස්දහස් කපකට පෙර වූ එකල්හි යම් දනක් දුනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. සර්‍වදානයාගේ මේ විපාක යි.
Pali BJT3853. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා විහරාමි අනාසවො.
Sinhala BJT3853. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. භවයෝ නසන ලදහ. සර්‍වාස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. අනාස්‍රවයෙම් වෙසෙමි.
Pali BJT3854. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3854. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3855. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3855. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සබ්බදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසබ්බදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසබ්බදායක ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT400. අජිතත්ථෙරාපදානං
Sinhala BJT400. අජිත ස්ථවිරාවදානය
Pali BJT3856. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, අජ්ඣොගහෙත්වා{3} හිමවන්තං නිසීදි ලොකනායකො.
Sinhala BJT3856. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය ලෝකනායක වූ පදුමුත්තර නම් බුදුරජ තෙම හිමවතට පිවිස වැඩහුන්නේ ය.
Pali BJT3857. නා’හං අද්දක්ඛිං සම්බුද්ධං නපි සද්දං සුණොමහං, මම භක්ඛං ගවෙසන්තො ආහිණ්ඩාමි වනෙ තදා.
Sinhala BJT3857. මම බුදුරජුන් නො දිටිමි. (උන්වහන්ස්ගේ) ශබ්දය ද නො අසමි. එකල්හි මාගේ ආහාරය සොයමින් වනයෙහි ඇවිදිමි.
Pali BJT3858. තත්ථ’ද්දසාසිං සම්බුද්ධං බත්තිංසවරලක්ඛණං{4}, දිස්වාන චිත්තමාපජ්ජිං{5} සත්තො කො නාම’යං භවෙ’
Sinhala BJT3858. එහි දී දෙතිස් මහපුරිස් ලකුණින් යුතු වූ බුදුරජානන් වහන්සේ දිටිමි. දැක “මේ සත්ත්‍ව කිනම් වන්නේ දැ” යි සිතක් ලැබීමි.
Pali BJT3859. ලක්ඛණානි විලොකෙත්වා මම විජ්ජං අනුස්සරිං, සුතං හි මෙ’තං වුද්ධානං පණ්ඩිතානං සුභාසිතං.
Sinhala BJT3859. ලක්‍ෂණ බලා මාගේ විද්‍යාව සිහි කෙළෙමි. “මා විසින් වෘද්ධ වූ පණ්ඩිතයන්ගේ මේ සුභාෂිතය අසන ලද මැ” යි.
Pali BJT3860. තෙසං යථා තං වචනං අයං බුද්ධො භවිස්සති, යන්නූනාහං සක්කරෙය්යං ගතිං මෙ සොධයිස්සති.
Sinhala BJT3860. “ඔවුන්ගේ ඒ වචනයට අනුව මෙ තෙම බුදුවරයෙක් වන්නේ ය. මම උන්වහන්සේට සත්කාර කරන්නෙම් නම් ඉතා යෙහෙක. එයින් මාගේ ගතිය ද පිරිසිදු වන්නේය” යි සිතීමි.
Pali BJT3861. ඛිප්පං අස්සමමාගන්ත්වා මධුතෙලං ගහිං අහං, කොළම්බකං ගහෙත්වාන උපගච්ඡිං නරාසභං.{6}
Sinhala BJT3861. මම වහා අසපුවට ගොස් මීතෙල් ගතිමි. සැළියක් ද ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි.
Pali BJT3862. තිදණ්ඩකෙ ගහෙත්වාන අබ්භොකාසෙ ඨපෙසහං, පදීපං පජ්ජලෙත්වාන{7} අට්ඨක්ඛත්තුං අවන්දහං.
Sinhala BJT3862. මම ත්‍රිදණ්‍ඩය (පිරිවැජිපුටුව) ගෙණ එළිමහනෙහි තැබීමි. මම පහන දල්වා අටවරක් වැන්දෙමි.
Pali BJT3863. සත්තරත්තින්දිවං බුද්ධො නිසීදි පුරිසුත්තමො, තතො රත්යා විවසානෙ වුට්ඨාසි ලොකනායකො.
Sinhala BJT3863. පුරුෂෝත්තම වූ බුදුහු ද දවරෑ සතක් එහි වැඩහුන් සේක. රැය අවසන්හි ලෝකනායකයන් වහන්සේ ඉන් නැගී සිටි සේක.
Pali BJT3864. පසන්නචිත්තො සුමනො සත්තරත්තින්දිවං අහං, දීපං බුද්ධස්ස පාදාසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT3864. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට ප්‍රසන්නව ම දවරෑ සතක් සියතින් පහන් පිදීමි.
Pali BJT3865. සබ්බෙ වනා ගන්ධමයා පබ්බතෙ ගන්ධමාදනෙ, බුද්ධස්ස අනුභාවෙන{1} උපගච්ඡුං තදා ජිනං{2}.
Sinhala BJT3865. එකල ගන්‍ධමාදන පර්‍වතයෙහි සුවඳවත් වූ (ගන්‍ධමය) සියලු වනයෝ බුද්ධානුභාවයෙන් බුදුරජුන් වෙත එළැඹියහ.
Pali BJT3866. යෙ කෙචි පුප්ඵගන්ධාසෙ පුප්ඵිතා ධරණීරුහා, බුද්ධස්ස අනුභාවෙන සබ්බෙ සන්නිපතුං තදා.
Sinhala BJT3866. එකල්හි වෘක්‍ෂයෝ පිපී ගියහ. වෙනෙහි ඇති සියලු පුෂ්පගන්‍ධයෝ බුද්ධානුභාවයෙන් එක්රැස් වූහ.
Pali BJT3867. යාවතා හිමවන්තම්හි නාගා ච ගරුළා උභො, ධම්මඤ්ච සොතුකාමා තෙ ආගච්ඡුං බුද්ධසන්තිකං.
Sinhala BJT3867. හිමවත නා ගුරුළු යම් පමණ වෙද් ද, ඒ පසමිතුරු දෙවග දහම් අසනු කැමැත්තාහු බුදුරජුන් වෙත පැමිණියහ.
Pali BJT3868. දෙවලො නාම සමණො බුද්ධස්ස අග්ගසාවකො, වසීසතසහස්සෙහි බුද්ධසන්තිකුපාගමි.
Sinhala BJT3868. බුදුරජානන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ දේවල නම් ශ්‍රමණ තෙමේ රහතුන් සියදහසක් සමග බුදුරජානන් වහන්සේ වෙත එළඹියේ ය.
Pali BJT3869. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
Sinhala BJT3869. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට සුදුසු වූ පදුමුත්තර බුදුරජ තෙම භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:
Pali BJT3870. යො මෙ දීපං පදීපෙසි පසන්නො සෙහි පාණිහි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT3870. “යමෙක් පහන් වූයේ සියතින් ම මට ප්‍රදීපයක් දැල්වූයේ ද, හේ (කවරෙක්දැ යි) මම පවසන්නෙමි. එය පවසන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT3871. සට්ඨිකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛතුං රාජා චක්කවත්තී භවිස්සති.
Sinhala BJT3871. හෙතෙම කල්ප සැටදහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස් වරක් සක්විතිරජ වන්නේ ය.
Pali BJT3872. ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති, පඨවියං සත්තසතං විපුලං රජ්ජං කරිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT3872. සතිස් වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. සත්සිය වරක් පොළොවෙහි මහත් වූ රජය කරවන්නේ ය. (ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් නො ගිණිය හැකිය.
Pali BJT3873. ඉමිනා දීපදානෙන දිබ්බචක්ඛු භවිස්සති, සමන්තතො අට්ඨකොසං{3} පස්සිස්සති අයං සදා.
Sinhala BJT3873. මේ ප්‍රදීපදානය හේතු කොට ගෙණ දිවැස් ඇත්තේ වන්නේ ය. (එසේ ම) මෙතෙම හැම කල්හි හාත්පස = ක්‍රෝශ අටක් දුර දක්නේ ය.
Pali BJT3874. දෙවලොකා චවන්තස්ස නිබ්බත්තන්තස්ස ජන්තුනො, දිවා වා යදි වා රත්තිං පදීපං ධාරයිස්සති.
Sinhala BJT3874. දෙව්ලොවින් ච්‍යුත වන්නා වූ ද (අන්තැනක) උපදින්නා වූ ද මේ සත්ත්‍වහට දිවාහිදු රැයිදු ප්‍රදීපයක් දරන්නේ ය.
Pali BJT3875. ජායමානස්ස සත්තස්ස{4} පුඤ්ඤකම්මසමඞ්ගිනො, යාවතා නගරං හොති තාවතා ජොතයිස්සති.
Sinhala BJT3875. (මේ ප්‍රදීපදානමය) පුණ්‍යකර්‍මයෙන් යුක්ත ව උපදනා වූ සත්ත්‍වයා (උපදනා) නගරය යම්තාක් වේ ද, ඒතාක් බබලන්නේ ය.
Pali BJT3876. උපපජ්ජති යං යොනිං දෙවත්තං අථ මානුසං, අස්සෙව දීපදානස්ස අට්ඨදීපඵලෙන හි, න ජයිස්සන්ති’මං{5} ජන්තු දීපදානස්සිදං ඵලං.
Sinhala BJT3876. මෙ තෙම මේ ප්‍රදීපදානයාගේ ම අෂ්ටප්‍රදීපඵලයෙන් දිව්‍ය වූ හෝ යම් යෝනියක උපදී නම් (කිසිදු) සත්ත්‍වයෙක් මොහු ජය නො ගන්නේ ය. ප්‍රදීපදානයාගේ මේ විපාක යි.
Pali BJT3877. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT3877. කල්ප සියදහසකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT3878. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.
Sinhala BJT3878. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ ඖරස බුද්ධපුත්‍ර වූ (මෙතෙම) සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය.
Pali BJT3879. තොසයිත්වාන සම්බුද්ධං ගොතමං සක්යපුඞ්ගවං, අජිතො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT3879. ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජුන් සතුටු කොට නමින් අජිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT3880. සට්ඨිකප්පසහස්සානි දෙවලොකෙ රමිං අහං, තත්රාපි මෙ දීපසතං ජොතතෙ සබ්බකාලිකං.
Sinhala BJT3880. මම කල්ප සැටදහසක් දෙව්ලොවැ රමණය කෙළෙමි. එහි ද මට සාර්‍වකාලිකව ප්‍රදීප සියයක් බබලයි.
Pali BJT3881. දෙවලොකෙ මනුස්සෙ වා නිද්ධාවන්ති පභා මම, බුද්ධසෙට්ඨං සරිත්වාන භීයො හාසං ජනෙසහං.
Sinhala BJT3881. දෙව්ලොවෙහි වුව ද, මිනිස්ලොවෙහි වුව ද මාගේ ප්‍රභාවෝ පැතිරෙත්. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කොට වැඩියක් ම සතුට ඉපදවීමි.
Pali BJT3882. තුසිතා’හං චවිත්වාන ඔක්කමිං මාතුකුච්ඡියං, ජායමානස්ස සත්තස්ස ආලොකො විපුලො අහු.
Sinhala BJT3882. මම තුසිත දෙව්ලොවින් ච්‍යුතව මවුකුසෙහි උපනිමි. ඒ මවුකුසින් බිහිවන්නා වූ මාගේ මහත් වූ ආලොකයෙක් විය.
Pali BJT3883. අගාරා අභිනික්ඛම්ම පබ්බජිං අනගාරියං, බාවරිං උපසඞ්කම්ම සිස්සත්තං අජ්ඣුපාගමිං.
Sinhala BJT3883. මම ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදි වීමි. බාවරි තවුසා වෙත එළඹ ශිෂ්‍යබවට ද පැමිණියෙමි.
Pali BJT3884. හිමවන්තෙ වසන්තො’හං අස්සොසිං ලොකනායකං, උත්තමත්ථං ගවෙසන්තො උපගච්ඡිං විනායකං.
Sinhala BJT3884. හිමවතෙහි වසන්නා වූ මම ලෝකනායක වූ බුදුරජුන් (ගෙණ) ඇසීමි. උත්තමාර්‍ත්‍ථය වූ නිවන සොයන්නෙම් විනායක වූ ඒ බුදුරජුන් වෙත එළඹියෙමි.
Pali BJT3885. දන්තො බුද්ධො දමෙතාවී ඔඝතිණ්ණො නිරූපධි, නිබ්බානං කථයී බුද්ධො සබ්බදුක්ඛප්පමොචනං.
Sinhala BJT3885. බුදුරජ දැමුනේ ය. අනුන් දමනය කරන්නේ චතුරෝඝයන් තරණය කෙළේ ය. (ස්‍කන්‍ධාදී) උපධි විරහිත ය. ඒ සර්‍වඥ තෙම සියලු දුක් මුදන නිවන ද වදාළේ ය.
Pali BJT3886. තං මෙ ආගමනං සිද්ධං තොසිතො හි මහාමුනි{1}, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3886. උන්වහන්සේ වෙත මාගේ පැමිණීම සිද්ධ විය. මහාමුනි තෙම තුස්වන ලද්දේ ය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT3887. සතසහස්සෙ ඉතො කප්පෙ{2} යං දීපමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි දීපදානස්සිදං ඵලං.
Sinhala BJT3887. මෙයින් සියක් දහස් වන කපෙහි වූ එකල්හි යම් ප්‍රදීපයක් පිදිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දීපදානයාගේ මේ විපාක යි.
Pali BJT3888. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා විහරාමි අනාසවො
Sinhala BJT3888. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. හැම භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ප්‍රහීණ කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT3889. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3889. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3890. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3890. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්අභිඥාවෝ ද, සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අජිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිතස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅජිතත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTඅජිතස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTපිළින්දිවච්ඡො සෙලො ච සබ්බකිත්තී මධුන්දදො, කූටාගාරී බක්කුලො ච ගිරි සලලසව්හයො, සබ්බදො අජිතො චෙව ගාථායො ගණිතා ඉහ, සතානි පඤ්ච ගාථානං වීසති ච තදුත්තරි.
Sinhala BJTපිළින්‍දිවච්ඡ සෙල සබ්බකිත්ති මධුන්‍දද කූටාගාරී බක්කුල ගිරිමානන්‍ද සලල සබ්‍බද අජිත දස වේ - පන්සියෙන් මතු විසි ගීයෙක.
Pali BJTපිළින්දිවච්ඡවග්ගො චත්තාළීසතිමො.
Sinhala BJTපිළින්‍දිවච්ඡවර්‍ගය සතළිස් වැනි යි.
Pali BJTඅථවග්ගුද්දානං:
Sinhala BJTයලි වග්ගුද්‍දානය:
Pali BJTපදුමාරක්ඛදො චෙව උම්මා{1} ගන්ධොදකෙන ච, එකපදම සද්දසඤ්ඤී මන්දාරං බොධි වන්දකො, අවණ්ටඤ්ච පිළින්දී ච ගාථායො ගණිතා පි ච,{2} චතුසත්තති ගාථායො එකාදස සතානි ච.
Sinhala BJTපදුමාරක්‍ඛද, උම්මාගන්‍ධොදක ද, ඒකපදුමසද්දසඤ්ඤි, මන්‍දාර බෝධිවන්‍දක, අවණ්ට ද පිළින්‍දි - මෙහි ගිණු ගී ගණන, එක්දහස් එක්සියෙක - යළිදු සූ සැත්තෑවෙක.
Pali BJTපදුමවග්ගදසකං.
Sinhala BJTපද්මවර්‍ග දශක ය යි.
Pali BJTචතුත්ථං සතකං සමත්තං{3}.
Sinhala BJTචතුර්‍ත්‍ථශතකය සමාප්ත යි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයේ
Pali BJTඛුද්දකනිකායෙ
Sinhala BJTඛුද්දකනිකායෙහි
Pali BJTඅපදානපාළි
Sinhala BJTඅපදාන පාළි
Pali BJTදුතියො භාගො
Sinhala BJTද්විතීය භාගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන්වහන්සේට නමස්කාර වේවා.
Pali BJT41. මෙත්තෙය්යවග්ගො
Sinhala BJT41. මෙත්තෙය්‍ය වර්‍ගය
Pali BJT401. තිස්සමෙත්තෙය්යත්ථෙරාපදානං{*}
Sinhala BJT401. තිස්සමෙත්තෙය්‍ය ස්ථවිරාවදානය
Pali BJT3891. පබ්භාරකූටං නිස්සාය සොභිතො නාම තාපසො, පවත්තඵලං භුඤ්ජිත්වා වසතී පබ්බතන්තරෙ.
Sinhala BJT3891. ශිලාපර්‍වතකූටයක පබ්භාරයක් ඇසුරු කොට සෝභිත නම් තවුසෙක් ස්වයංපතිතඵල අනුභව කොට කඳු අතරෙහි වෙසේ.
Pali BJT3892. අග්ගිං දාරුං ආහරිත්වා උජ්ජාලෙසිං අහං තදා, උත්තමත්ථං ගවෙසන්තො බ්රහ්මලොකූපපත්තියා.
Sinhala BJT3892. මම එකල්හි ගිනි ද දර ද ගෙණවුත් උත්තමාර්‍ත්‍ථය සොයමින් බඹලොව ඉපදීම සඳහා එය දැල්වීමි.
Pali BJT3893. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි මම සන්තිකෙ.
Sinhala BJT3893. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙම මා සසරදුකින් ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට වැඩියේ ය. (වැඩ මෙසේ ද වදාළේය:)
Pali BJT3894. “කිං කරොසි මහාපුඤ්ඤ දෙහි මෙ අග්ගිදාරුකං, අහමග්ගිං පරිචරෙ තතො මෙ සුද්ධි හෙහිති.”{1}
Sinhala BJT3894. “මහපිනැත්තාණෙනි, කුම් කරහි ද? ගිනි හා දර මට ද දෙව. මම ද අග්නිපරිවරණය කරන්නෙමි. එයින් මාගේ ශුද්ධිය ද වන්නේ ය.”
Pali BJT3895. “සුභද්දකො ත්වං මනුජෙ දෙවතෙ ත්වං පජානසි, තුවමග්ගිං{2} පරිචර හන්ද තෙ අග්ගිදාරුකං.”
Sinhala BJT3895. “මනුජය, මුඛ සුභද්‍ර වෙහි. දෙවිය, මුඛ දනිහි. මුඛ අග්නිපරිවරණය කළ මැනව. මේ ගිනි හා දර මුබට ය” යී තවුසා කීය.
Pali BJT3896. තතො කට්ඨං ගහෙත්වාන අග්ගිං උජ්ජාලයී ජිනො, න තත්ථ කට්ඨං පජ්ඣායි පාටිහීරං{3} මහෙසිනො.
Sinhala BJT3896. ඉක්බිති බුදුරජ තෙම දර ගෙණ ගිනි දැල්වී ය. එහි ඒ දර නො දැල්විනි. ඒ බුදුරජුන්ගේ ප්‍රාතිහාර්‍ය්‍යයකි.
Pali BJT3897. “න තෙ අග්ගි පජ්ජලති ආහුතී තෙ න විජ්ජති, නිරත්ථකං වතං තුය්හං අග්ගිං පරිචරස්සු මෙ.”
Sinhala BJT3897. “තාගේ ගින්න නො දැල් වේ. තාගේ යාගයෙක් නැත. තාගේ ව්‍රතය නිරර්‍ත්‍ථක ය. මාගේ ගිනි පුදව” යී බුදුහු වදාළහ.
Pali BJT3898. “කීදිසො සො{4} මහාවීර අග්ගි තව පවුච්චති, මහම්පි කථයස්සෙ’තං උභො පරිචරාමසෙ.”
Sinhala BJT3898. “මහාවීරයන් වහන්ස, ඔබගේ ඒ ගින්න (ගිනිපිදුම) කෙබඳු යි කියනු ලැබේ ද, මට ද මෙය කියනු මැනව. අප දෙදෙන ම ගිනි පුදමු” යි තවුසා කීය.
Pali BJT3899. “හෙතුධම්මනිරොධාය කිලෙසසමනාය ච, ඉස්සා මච්ඡරියං හිත්වා තයො එතෙ මමා’හුතී.”
Sinhala BJT3899. දුඃඛධර්‍මයන්ගේ හේතුනිරෝධය, කෙලෙස් සන්හිඳුවීම, ඊර්‍ෂ්‍යාමාත්සර්‍ය්‍යයන් හැර ලීම යන මේ තුණ මාගේ යාග ගින්නය” යි (බුදුරජ තෙම වදාළේය:)
Pali BJT3900. “කීදිසො ත්වං මහාවීර කථං ගොත්තො’සි මාරිස, ආචාරපටිපත්තී තෙ බාළ්හං ඛො මම රුච්චතී.”
Sinhala BJT3900. “මහාවීරයන් වහන්ස, මුබ කෙබඳු වූවෙක් වෙහි ද? නිදුකාණෙනි, (ඔබ) කිනම් ගෝත්‍ර ඇත්තෙහි ද? මුබගේ ආචාර ප්‍රතිපත්ති දැඩි සේ මට රුචි කෙරේ” යි.
Pali BJT3901. “ඛත්තියම්භි කුලෙ ජාතො අභිඤ්ඤා පාරමිං ගතො, සබ්බාසවපරික්ඛීණො නත්ථිදානි පුනබ්භවො.”
Sinhala BJT3901. “මම ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්නෙම් වෙමි. අභිඥාවන්ගේ පරතෙරට ද ගියෙම් වෙමි. සියලු ආස්‍රවයන් ක්‍ෂය කෙළෙමි. දැන් නැවත ඉපදීමෙක් ද නැතැ” යි (බුදුරජ තෙම වදාළේය.)