Pali BJT3733. පුරාණං ඡඩ්ඩයිත්වාන නවෙන ඡාදයිං අහං, අඤ්ජලිං පග්ගහෙත්වාන අට්ඨාසිං තාවදෙ අහං.
Sinhala BJT3733. මම පරණ (පියුම්) අස් කොට අලුත් පියුමින් (ඒ කුළුගෙය නැවත) වැසීමි (=සෙවිලි කෙළෙමි). එකෙණෙහි මම ඇඳිලි බැඳ ගෙණ සිටියෙමි.
Pali BJT3734. වුට්ඨහිත්වා සමාධිම්හා පියදස්සී මහාමුනි, දිසා අනුවිලොකෙන්තො නිසීදි ලොකනායකො
Sinhala BJT3734. ලෝකනායක වූ පියදස්සි බුදුරජ තෙම සමාධියෙන් නැගිට දස දිගුන් පිළිවෙළින් බලමින් වැඩහුන්නේ ය.
Pali BJT3735. තදා සුදස්සනො නාම උපට්ඨාකො මහිද්ධිකො, චිත්තමඤ්ඤාය බුද්ධස්ස පියදස්සිස්ස සත්ථුනො.
Sinhala BJT3735. එකල්හි පියදස්සී බුදුරජුන්ගේ සුදස්සන නම් උපස්ථායක තෙමේ ඒ බුදුරජුන් සිත දැන,
Pali BJT3736. අසීතියා සහස්සෙහි භික්ඛූහි පරිවාරිතො, වනන්තෙ සුඛමාසීනං උපෙසි ලොකනායකං.
Sinhala BJT3736. අසූදහසක් භික්‍ෂූන් විසින් පිරිවරණ ලදුයේ වනයෙහි සුවසේ වැඩහුන් ලෝකනායක වූ බුදුරජුන් වෙත එළඹියේ ය.
Pali BJT3737. යාවතා වනසණ්ඩම්හි අධිවත්ථා ච දෙවතා, බුද්ධස්ස චිත්තමඤ්ඤාය සබ්බෙ සන්තිපතූං තදා.
Sinhala BJT3737. එකල්හි වනලැහැබෙහි අධිගෘහිත වූ යම් තාක් දෙවිවරු වෙත් නම් ඒ සියලු දෙවිවරු ද බුදුරජානන් වහන්සේගේ සිත දැන එහි රැස් වූහ.
Pali BJT3738. සමාගතෙසු යක්ඛෙසු කුම්භණ්ඩෙ සහ රක්ඛසෙ, භික්ඛුසඞ්ඝෙ ච සම්පත්තෙ ගාථා’මා ව්යාහරී{2} ජිනො:
Sinhala BJT3738. කුම්භාණ්ඩයන් ද, රකුසන් සහිත වූ යකුන් ද රැස් වූ කල්හි, බික්සඟන ද පැමිණි කල්හි බුදුරජ තෙම මේ ගාථාවන් වදාළේය:
Pali BJT3739. “යො මං සත්තාහං පූජෙසි ආවාසඤ්ච අකාසි මෙ, තමහං කිත්තයිස්සාමි සුණොථ මම භාසතො.
Sinhala BJT3739. “යමෙක් තෙම සතියක් මුළුල්ලෙහි මා පිදී ද, (එසේ ම) මට ආවාසයක් කරවී ද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. එය පවසන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT3740. සුදුද්දසං සුනිපුණං ගම්භීරං සුප්පකාසිතං, ඤාණෙන කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT3740. ඉතා දුකසේ (කලාතුරකින්) දැකිය හැකි වු ඉතා සියුම් වූ ද ගැඹුරු වූ ද ඒ පුණ්‍යකර්‍මය මැනවින් ප්‍රකාශිත ය. එය නුවණින් (බලා) පවසන්නෙමි. (එසේ) පවසන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT3741. චතුද්දසානි කප්පානි දෙවරජ්ජං කරිස්සති, කූටාගාරං බ්රහං තස්ස{1} පදුමපුප්ඵෙහි{2} ඡාදිතං, ආකාසෙ ධාරයිස්සති පුප්ඵකම්මස්සි’දං ඵලං.
Sinhala BJT3741. “(මෙ තෙම) තුදුස්කපක් (මුළුල්ලෙහි) දිව්‍යරාජ්‍යය කරන්නේ ය. ඔහු පියුමක් මෙන් වැසුනු මහත් වූ කුළුගෙයක් අහස්හි දරන්නේ ය. පුෂ්පකර්‍මයාගේ මේ විපාක යි.
Pali BJT3742. චතුබ්බීසෙ කප්පසතෙ වොකිණ්ණං සංසරිස්සති, තත්ථ පුප්ඵමයං ව්යම්හං ආකාසෙ ධාරයිස්සති.
Sinhala BJT3742. සූවිසිකප් සියයක් (කල් මුළුල්ලෙහි) දෙව්මිනිස් දෙගතියෙහි ඔබ මොබ සැරිසරන්නේ ය. ඒ සියලු තන්හි දී (මට) මල්මුවා විමනක් අහසෙහි පහළවන්නේ ය.
Pali BJT3743. යථා පදුමපත්තම්භි තොයං න උපලිම්පති, තථෙවිමස්ස ඤාණම්හි කිලෙසා නොපලිම්පරෙ.
Sinhala BJT3743. යම්සේ පියුම්පතෙහි දිය නො වැකේ ද, එසේ ම මොහුගේ නුවණෙහි ක්ලේශයෝ නො තැවරෙත්.
Pali BJT3744. මනසා විනිවට්ටෙත්වා පඤ්චනීවරණෙ අයං, චිත්තං ජනෙත්වා නෙක්ඛම්මෙ අගාරා පබ්බජිස්සති, තතො පුප්ඵමයෙ ව්යම්හෙ ධාරෙන්තෙ නික්ඛමිස්සති.
Sinhala BJT3744. මෙ තෙම පඤ්චනීවරණයන් සිතින් නඟා හැර (=බැහැර කොට) සසුන්ගතවීමෙහි සිත් උපදවා ගිහිගෙන් (නික්ම) පැවිදි වන්නේ ය. ඉක්බිති මල්මුවා විමනක් දරමින් නික්මෙන්නේ ය.
Pali BJT3745. රුක්ඛමූලෙ වසන්තස්ස නිපකස්ස සතීමතො, තත්ථ පුප්ඵමයං ව්යම්හං{3} මත්ථකෙ ධාරයිස්සති.
Sinhala BJT3745. ප්‍රාඥ වූ සිහියෙන් යුත් වූ රුක්මුල්හි වසන්නා වූ (මොහුට) එහිදී මල්මුවා විමනක් මුදුනෙහි දරන්නේ ය.
Pali BJT3746. චීවරං පිණ්ඩපාතඤ්ච පච්චයං සයනාසනං, දත්වාන භික්ඛුසඞ්ඝස්ස නිබ්බායිස්සත’නාසවො.
Sinhala BJT3746. මෙතෙම චීවර පිණ්ඩපාත (ගිලාන) ප්‍රත්‍යය සේනාසන යන සිවුපස බික්සඟනට දී ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය යී.
Pali BJT3747. කූටාගාරෙන චරතා{4} පබ්බජ්ජං අභිනික්ඛමිං, රුක්ඛමූලෙ වසන්තම්හි{5} කූටාගාරං ධරීයති.
Sinhala BJT3747. කුළුගෙයකින් පැවිද්දට නික්මුනෙමි. රුක්මුල්හි වසන කල්හි කුළුගෙය (ද) දැරේ.
Pali BJT3748. චීවරෙ පිණ්ඩපාතෙ ච චෙතනා මෙ න විජ්ජති, පුඤ්ඤකම්මෙන සංයුත්තො ලභාමි පරිනිට්ඨිතං.
Sinhala BJT3748. චීවරයෙහි ද පිණ්ඩපාතයෙහි ද මාගේ චේතනාවක් නැත. (කරණලද) පින්කම හා යෙදුනෙම් (ඒ චීවර ආදිය) අනූනව ලබමි.
Pali BJT3749. ගණනාතො අසංඛෙය්යා කප්පකොටී බහූ මම, රිත්තකා තෙ අතික්කන්තා පමුත්තා ලොකනායකා.
Sinhala BJT3749. මා විසින් ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නො හැකි බොහෝ කෙළගණන් කල්‍පයෝ ඉක්මවන ලදහ. මා විසින් හිස් ලෙස ඒ කල්‍පයෝ ඉක්මවන ලදහ. බුදුවරු අතහැර දමන ලදහ.
Pali BJT3750. අට්ඨාරසෙ කප්පසතෙ පියදස්සී විනායකො, තමහං පයිරුපාසිත්වා ඉමං යොනිං උපාගතො.
Sinhala BJT3750. අටළොස් සිය වැනි කපෙහි හෙවත් (මෙයින්) එක්දහස් අටසිය වන කපෙහි පියදස්සී නම් බුදුරජ තෙම ලොව පහළ විය. මම උන්වහන්සේ ඇසුරු කොට මේ යෝනිය (=ජන්මය) ට එළඹියෙම් වෙමි.
Pali BJT3751. ඉධද්දසාසිං සම්බුද්ධං{6} අනොමං නාම චක්ඛුමං, තමහං උපගන්ත්වාන පබ්බජිං අනගාරියං.
Sinhala BJT3751. මෙහි දී පසැස් ඇති අනෝම නම් වූ සම්බුදුරජුන් දිටිමි. මම උන්වහන්සේ වෙත එළඹ අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදිවීමි.
Pali BJT3752. දුක්ඛස්සන්තකරො බුද්ධො මග්ගං මෙ දෙසයී ජිනො, තස්ස ධම්මං සුණිත්වාන පත්තොම්හි අචලං පදං.
Sinhala BJT3752. පස්මරුන් ජය ගත් දුක් කෙළවර කරන්නා වූ බුදුරජ තෙම මට (ප්‍රතිපත්ති) මාර්‍ගය දේශනා කෙළේ ය. උන්වහන්සේගේ ධර්‍මය අසා නිවණට පැමිණියෙමි.
Pali BJT3753. තොසයිත්වාන සම්බුද්ධං ගොතමං සක්යපුඞ්ගවං, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනසාවො.
Sinhala BJT3753. සැකිකුලතිලක වූ ගොයුම් සම්බුදුන් තුටු කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3754. අට්ඨාරසෙ කප්පසතෙ යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායි’දං ඵලං.
Sinhala BJT3754. එක්දහස් අටසිය වැනි කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3755. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT3755. ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
Pali BJT3756. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3756. (බුදුරජුන් වෙතට) මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3757. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3757. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පදුමකූටාගාරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමකූටාගාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපදුමකූටාගාරියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTපදුමකූටාගාරිය ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT396. බක්කුලත්ථෙරාපදානං.{*}
Sinhala BJT396. බක්කුල ස්ථවිරාවදානය
Pali BJT3758. හිමවන්තස්ස අවිදූරෙ සොභිතො නාම පබ්බතො, අස්සමො සුකතො මය්හං සකසිස්සෙහි මාපිතො.
Sinhala BJT3758-3659. හිමවතට නුදුරෙහි සෝභිත නම් පර්‍වතයක් විය. එහි මාහට මැනවින් කරණ ලද අසපුවෙක් විය. ඒ අසපුව ස්‍වකීය ශිෂ්‍යයන් විසින් මවන ලද්දකි. එහි මණ්ඩපයෝ ද බොහෝ වූය. එහි පිපුණු සින්දුවාර වෘක්‍ෂයෝ ද එසේ ම පිපුණු ජීවජීවක වෘක්‍ෂයෝ ද කපිත්‍ථ (=දිවුල්) වෘක්‍ෂයෝ ද බොහෝ වූහ.
Pali BJT3759. මණ්ඩපා ච බහූ තත්ථ පුප්ඵිතා සින්දුවාරකා, කපිත්ථා ච බහූ තත්ථ පුප්ඵිතා ජීවජීවකා{1},
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3760. නිග්ගුණ්ඩියො බහූ තත්ථ බදරාමලකානි ච, ඵාරුසකා අලාබූ ච පුණ්ඩරීකා ච පුප්ඵිතා.
Sinhala BJT3760. නිකගස් ද ඩෙබර හා නෙල්ලිගස් ද බොරළුදමනු (=උගුරැස්ස) ගස් ද ලබු ද පිපුණු සුදුනෙළුම් ද එහි බොහෝ ය.
Pali BJT3761. ආලකා{2} බෙලුවා තත්ථ කදලී මාතුලුඞ්ගකා, මහානාමා බහූ තත්ථ අජ්ජුනා ච පියඞ්ගුකා.
Sinhala BJT3761. ආලක නම් ගස් ද බෙලි කෙසෙල් නාරන් උක් කුඹුක් පුවඟු ගස් ද එහි බොහෝ ය.
Pali BJT3762. කොසම්බා සලලා නීපා නිග්රොධා ච කපිත්ථනා, එදිසො අස්සමො මය්හං සසිස්සොහං තහිං වසිං.
Sinhala BJT3762. කෙහොඹ ය, සලල (=හොර) ය, කොළොම් ය, නුග ය, ගිවුළු ය යන මේ වෘක්‍ෂයෝ ද එහි බොහෝ වෙති. මාගේ අසපුව මෙබඳු ය. ශිෂ්‍යයන් සහිතව මම එහි විසීමි.
Pali BJT3763. අනොමදස්සී භගවා සයම්භූ ලොකනායකො, ගවෙසං පටිසල්ලානං මමස්සමමුපාගමී.
Sinhala BJT3763. සියල්ල තෙමේ ම අවබෝධ කර ගත් ලෝකනායක වූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ සැහැල්ලු පැවැත්ම (=විවේකය) සොයන්නේ මාගේ අසපුවට එළඹියේ ය.
Pali BJT3764. උපෙතම්හි මහාවීරෙ අනොමදස්සිමහායසෙ, ඛණෙන ලොකනාථස්ස වාතාබාධො සමුට්ඨහි.
Sinhala BJT3764. මහත් යශස් ඇති අනෝමදස්සී බුදුරජුන් එළඹි කල්හි ක්‍ෂණයකින් ඒ ලෝකනායක වූ බුදුරජුන්ගේ (සිරුරෙහි) වාතාබාධයක් හටගැණින.
Pali BJT3765. විචරන්තො අරඤ්ඤම්හි අද්දසං ලොකනායකං, උපගන්ත්වාන සම්බුද්ධං චක්ඛුමන්තං මහායසං.
Sinhala BJT3765-3766. මම අරණෙහි හැසිරෙන්නෙම් ලෝකනායකයන් වහන්සේ දැක මහත් යශස් ඇත්තා වූ ද පසැස් ඇත්තා වූ ද ඒ සම්බුදු රජුන් වෙත එළඹ උන්වහන්සේගේ පැවැත්ම දැක එකල්හි සියල්ල ස්‍වයම්‍භූඥානයෙන් දත් අපගේ බුදුරජුන්හට නිසැකයෙන් ම ව්‍යාධියෙක් උපනැයි සැළකීමි.
Pali BJT3766. ඉරියඤ්චාපි දිස්වාන උපලක්ඛෙස’හං තදා, අසංසයං හි බුද්ධස්ස ව්යාධි නො උපපජ්ජථ{3}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3767. ඛිප්පං අස්සමමාගච්ඡිං මම සිස්සාන සන්තිකෙ, භෙසජ්ජං කත්තුකාමො’හං සිස්සෙ ආමන්තයිං තදා.
Sinhala BJT3767. (ඉක්බිති) වහා අසපුවට පැමිණියෙමි. එකල්හි මම මාගේ සිසුන් සමීපයෙහි දී බෙහෙදක් කරුණු කැමැත්තෙම් සිසුන් ඇමතීමි.
Pali BJT3768. පටිස්සුණිත්වා මෙ වාක්යං සිස්සා සබ්බෙ සගාරවා, එකජ්ඣං සන්නිපතිංසු සත්ථුගාරවතා මම.
Sinhala BJT3768. සියලු ශිෂ්‍යයෝ ගෞරව සහිත වූවාහු මාගේ වචනයට පිළිවදන් දී එක් රැස් වූහ. මාගේ ශාස්තෘගෞරවය හේතු කොට ගෙණ-
Pali BJT3769. ඛිප්පං පබ්බතමාරුය්හ සබ්බොසධමහාසහං, පානීයයොගං කත්වාන{1} බුද්ධසෙට්ඨස්ස’දාසහං.
Sinhala BJT3769. මම වහා පර්‍වතයට නැග සියලු ඖෂධ සෙවීමි. මම ඒ ඔසු බීමට සුදුසු කොට බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දුනිමි.
Pali BJT3770. පරිභුත්තෙ මහාවීරෙ සබ්බඤ්ඤුලොකනායකෙ, ඛිප්පං වාතො වූපසමි සුගතස්ස මහෙසිනො.
Sinhala BJT3770. මහාවීර වූ සර්‍වඥ වූ ලෝකනායක බුදුරජානන් වහන්සේ ඖෂධය වැළඳූ කල්හි මහර්ෂි බුදුරජුන්ගේ වාතාබාධය වහා සන්සිඳුනේ ය.
Pali BJT3771. පස්සද්ධං දරථං දිස්වා අනොමදස්සී මහායසො, සකාසනෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT3771. මහත් යශස් ඇති අනෝමදස්සී බුදුරජ තෙම කාය දරථය (=ක්‍ලාන්තය) සන්හිඳුනා දැක සිය අසුනෙහි හිඳ මේ ගාථාවන් වදාළ සේක:
Pali BJT3772. “යො මෙ පාදාසි භෙසජ්ජං ව්යාධිඤ්ච සමයී මම, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT3772. “යමෙක් මට බෙහෙත් දුන්නේ ද, මාගේ රෝගය සන්හිඳුවී ද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT3773. කප්පසතසහස්සානි දෙවලොකෙ රමිස්සති, වාදිතෙ තුරියෙ තත්ථ මොදිස්සති සදා අයං.
Sinhala BJT3773. (හේ මේ හේතුවෙන්) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. ඒ දෙව්ලොවෙහි වාද්‍යයෙහි ද තූර්‍ය්‍යයෙහි ද මෙතෙම හැමකල්හි සතුටු වන්නේ ය.
Pali BJT3774. මනුස්සලොකමාගන්ත්වා සුක්කමූලෙන චොදිතො, සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT3774. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ මිනිස්ලොවට (උත්පත්ති වශයෙන්) අවුත් දහස් වරක් සක්විතිරජ වන්නේ ය.
Pali BJT3775. පඤ්චපඤ්ඤාසකප්පම්භි අනොමො නාම ඛත්තියො, චාතුරන්තො විජිතාවී ජම්බුමණ්ඩස්ස{2} ඉස්සරො.
Sinhala BJT3775-3776. පස්පණස්වන කපෙහි සිවුමහදිවයින් හා සිවුසයුරු කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූ (සතුරු රජවරුන්) ජයගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සත්රුවනින් යුත් මහත් බල ඇති අනෝම නම් ක්‍ෂත්‍රියයෙක් වූයේ තව්තිසාව ද කළඹා ආධිපත්‍යය කරවන්නේ ය.
Pali BJT3776. සත්තරතනම්පන්නො චක්කවත්තී මහබ්බලො, තාවතිංසෙපි ඛොභෙත්වා ඉස්සරං කාරයිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3777. දෙවභූතො මනුස්සො වා අප්පාබාධො භවිස්සති, පරිග්ගහං විවජ්ජෙත්වා ව්යාධිං ලොකෙ තරිස්සති.
Sinhala BJT3777. දෙවි වූයේ ද මිනිස් වූයේ ද ආබාධ රහිත (නීරෝග) වූ වෙක් වන්නේ ය. ගිහිගෙය හැර දමා ලොව්හි වූ ව්‍යාධි (දුඃඛ) ය ඉක්මවන්නේ ය.
Pali BJT3778. අපරිමෙය්යෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන{3} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT3778. මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි (කල්පලක්‍ෂයකින් මතුයෙහි) ඔක්‍කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
Pali BJT3779. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.
Sinhala BJT3779. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ඖරස (බුද්ධපුත්‍ර) වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ (හෙතෙම) සියලු ආස්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව පිරිනිවන් පානේ ය.
Pali BJT3780. කිලෙසෙ ඣාපයිත්වාන තණ්හාසොතං තරිස්සති, බක්කුලො{4} නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
Sinhala BJT3780. කෙලෙස් දවා තෘෂ්ණාව නමැති සැඩපහර ද තරණය කරන්නේ ය. නමින් ‘බක්කුල’ නම් වූ ශාස්තෘ ශ්‍රාවකයෙක් ද වන්නේ ය.
Pali BJT3781. ඉදං සබ්බං අභිඤ්ඤාය ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙස්සති.”
Sinhala BJT3781. ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජ තෙම මේ සියල්ල දැන භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ (මොහු) ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.”
Pali BJT3782. අනොමදස්සී භගවා සයම්භූ ලොකනායකො, විවෙකානුවිලොකෙන්තො මම’ස්සමමුපාගමි.
Sinhala BJT3782. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ ලෝකනායක වූ අනෝමදස්සී භාග්‍යවත් තෙමේ විවේකසුවය බලාපොරොත්තු වන්නේ මාගේ අසපුවට එළඹියේ ය.
Pali BJT3783. උපාගතං මහාවීරං සබ්බඤ්ඤුං ලොකනායකං, සබ්බොසධෙන තප්පෙසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT3783. එළඹියා වූ මහාවීර වූ ලෝකනායක වූ සර්‍වඥයන් වහන්සේ පහන් සිතැත්තෙම් සියතින් සියලු ඖෂධයෙන් සන්‍තර්‍පණය කෙළෙමි.
Pali BJT3784. තස්ස මෙ සුකතං කම්මං සුඛෙත්තෙ බීජසම්පදා, ඛෙපෙතුං නෙව සක්කොමි තදා හි සුකතං මම.
Sinhala BJT3784. ඒ මාගේ මැනවින් කළ කර්‍මය සාරවත් කෙතක (ඇති වූ) බීජසම්පත්තිය (අස්වැන්න) මෙන් (සරුය) අවසන් කරන්නට නො හැක්කෙමි.
Pali BJT3785. ලාභා මම සුලද්ධං මෙ යො’හං අද්දක්ඛි නායකං, තෙන කම්මාවසෙසෙන පත්තොම්හි අචලං පදං.
Sinhala BJT3785. යම්බඳු වූ මම ලෝකනායකයන් වහන්සේ දුටුයෙම් ද එය මට ලාභයෙකි. මාගේ යහපත් ලැබීමෙකි. ඒ කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් අවලපදය වූ නිවණට පැමිණියෙම් වෙමි.
Pali BJT3786. සබ්බමෙතං අභිඤ්ඤාය ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසි මං.
Sinhala BJT3786. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජ තෙමේ මේ සියල්ල දැන බික්සඟන මැද හිඳ මා ඒතදග්‍රස්‍ථානයෙහි තැබී ය.
Pali BJT3787. අපරිමෙය්යෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි භෙසජ්ජස්ස ඉදං ඵලං.
Sinhala BJT3787. මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි හෙවත් කල්පලක්‍ෂයකින් පෙර වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙසත් දන්හි මේ විපාකයි.
Pali BJT3788. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බෙසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT3788. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT3789. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3789. බුදුරජුන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3790. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3790. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බක්කුලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බක්කුල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබක්කුලත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTබක්කුලස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT397. ගිරිමානන්දත්ථෙරාපදානං.
Sinhala BJT397. ගිරිමානන්‍ද ස්ථවිරාවදානය
Pali BJT3791. භරියා මෙ කාලකතා පුත්තො සීවථිකං ගතො, මාතා පිතා ච භාතා ච එකචිතකම්හි ඩය්හරෙ.
Sinhala BJT3791. මාගේ භාර්‍ය්‍යාව කලුරිය කළා ය. පුත්‍ර තෙමේ ද සොහොනට ගියේ ය (=මළේ ය). මව ද පියා ද සොහොයුරා ද (තිදෙන) එක ම චිතකයෙහි (=දරසෑයෙහි) දැවෙත්.
Pali BJT3792. තෙන සොකෙන සන්තත්තො කිසො පණ්ඩු අහොසහං, චිත්තක්ඛෙපො ච මෙ ආසි තෙන සොකෙන අට්ටිතො.
Sinhala BJT3792. මම ඒ ශෝකයෙන් තැවුනෙම් කෘශවූයෙම් වෙමි. ඒ ශෝකයෙන් පෙළුනෙම් මාගේ චිත්තක්‍ෂේපය (=සිත්පෙරළීම) ද විය.
Pali BJT3793. සොකසල්ලපරෙතො’හං වනන්තමුපසඞ්කමිං, පවත්තඵලං භුඤ්ජිත්වා රුක්ඛමූලෙ වසාමහං.
Sinhala BJT3793. මම ඒ සෝහුලින් පෙළුනෙම් වනයට එළඹියෙමි. ස්‍වයංපතිත ඵල අනුභව කොට මම රුක්මුල්හි වසමි.
Pali BJT3794. සුමෙධො නාම සම්බුද්ධො දුක්ඛස්ස’න්තකාරො ජිනො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි මම සන්තිකෙ.
Sinhala BJT3794. පස්මරුන් ජය ගත්තා වූ දුක් කෙළවර කරන්නා වූ සුමේධ නම් ඒ බුදුරජතෙම මා (සසරසයුරෙන්) ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.
Pali BJT3795. පදසද්දං සුණිත්වාන සුමෙධස්ස මහෙසිනො, පග්ගහෙත්වාන’හං සීසං උල්ලොකෙසිං මහාමුනිං.
Sinhala BJT3795. සුමේධ බුදුරජුන්ගේ පාහඬ අසා මම හිස ඔසවා බුදුරජුන් දෙස බැලීමි.
Pali BJT3796. උපගච්ඡි මහාවීරො{1} පීති මෙ උපපජ්ජථ, තදා’සි මෙකග්ගමනො දිස්වා තං ලොකනායකං.
Sinhala BJT3796. මහාවීර වූ බුදුරජතෙම සමීපයට පැමිණියේ ය. මට ප්‍රීතිය පහළ විය. එකල්හි ඒ ලෝකනායක වූ බුදුරජුන් දැක එකඟසිත් ඇත්තෙම් වීමි.
Pali BJT3797. සතිං පටිලභිත්වාන පණ්ණමුට්ඨිමදාසහං, නිසීදි භගවා තත්ථ අනුකම්පාය චක්ඛුමං.
Sinhala BJT3797. මම සිහිය ලබා (උන්වහන්සේට) කොළ මිටක් දුනිමි. පසැස් ඇති භාග්‍යවත් තෙමේ අනුකම්පාවෙන් එහි වැඩ හුන්නේ ය.
Pali BJT3798. නිසජ්ජ තත්ථ භගවා සුමෙධො ලොකනායකො, ධම්මං මෙ කථයී බුද්ධො සොකසල්ලවිනොදනං.
Sinhala BJT3798. භාග්‍යවත් වූ සුමේධ බුදුරජ තෙම එහි වැඩ හිඳ මට (මාගේ) සෝහුල බැහැර කරන්නා වූ ධර්‍මය වදාළේ ය:
Pali BJT3799. “අනවහිතා තතො ආගුං අනනුඤ්ඤාතා ඉතො ගතා, යථා’ගතා තථා ගතා තත්ථ කා පරිදෙවනා.
Sinhala BJT3799. “(ඒ භාර්‍ය්‍යාආදීහු) කැඳවීමක් නොමැත්තෝ ව ඒ අතීත ලෝකයෙන් (මෙහි) පැමිණියාහු ය. එසේ ම අනුදැන්වීමක් නො කරණ ලද්දාහු මෙලොවින් පරලොවට ගියාහු ය. යම් සේ (ඇරයුමක් නො මැතිව) මෙලොවට පැමිණියාහු ද, එසේ ම (අනුදැනීමක් නො මැතිව) පරලොවට ගියාහු ය. එහි කවර නම් වැලපීමෙක් ද?
Pali BJT3800. යථාපි පථිකා සත්තා වස්සමානාය වුට්ඨියා, සභණ්ඩා උපගච්ඡන්ති වස්සස්සාපතනාය තෙ.
Sinhala BJT3800. යම් සේ මගීජනයෝ වැසි වස්නා කල්හි බඩු සහිතව වැසි නො වැටෙන තැනකට ඔහු එළඹෙත් ද,
Pali BJT3801. වස්සෙ ච තෙ ඔරමිතෙ සම්පයන්ති යදිච්ඡකං, එවං මාතා පිතා තුය්හං කත්ථ කා පරිදෙවනා.
Sinhala BJT3801. ඔහු වැසි නැවතුනු කල්හි කැමති තැනකට යෙත්. ඔබගේ දෙමාපියෝ ද එසේ වෙති. එහි කවර නම් වැලපීමෙක් ද?
Pali BJT3802. ආගන්තුකා පාහුණකා චලිතෙරිතකම්පිතා, එවං මාතා පිතා තුය්හං තත්ථ කා පරිදෙවනා.
Sinhala BJT3802. (ලොව්වැසි හැම සත්හු ම මෙලොවට) ආගන්තුකයෝ වෙති. අමුත්තෝ වෙති. සැලෙව කම්පා වන පියවි ඇත්තෝ වෙති. තාගේ දෙමාපියෝ ද එබඳු වෙති.
Pali BJT3803. යථාපි උරගො ජිණ්ණං හිත්වා ගච්ඡති සන්තචං, එවං මාතා පිතා තුය්හං සන්තනුං ඉධ හීයරෙ.”
Sinhala BJT3803. යම් සේ සර්‍පයෙක් ජීර්‍ණ වූ ස්වකීය සැවය හැර දමා යේ ද, එසේ ම තාගේ දෙමාපියෝ සිය සිරුර මෙ ලොව්හි හැර දමත්.”
Pali BJT3804. බුද්ධස්ස ගිරමඤ්ඤාය සොකලස්සං විවජ්ජයිං, පාමොජ්ජං ජනයිත්වාන බුද්ධසෙට්ඨමවන්දිහං{2}.
Sinhala BJT3804. මම බුදුරජානන් වහන්සේගේ වචනය අසා සෝහුල දුරු කෙළෙමි. ප්‍රමෝදය උපදවා බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වැන්දෙමි.
Pali BJT3805. වන්දිත්වාන මහානාගං ගිරිමඤ්ජරිමපූජයිං{3}, දිබ්බගන්ධෙන සම්පන්නං{4} සුමෙධං ලොකනායකං.
Sinhala BJT3805-3806. ඒ බුදුරජුන්හට වැඳ දිව්‍යමය සුවඳින් යුත් ගිරිනිල්මල් කලඹක් පිදීමි. පුදා ලෝකනායක වූ සුමේධ බුදුරජුන්හට සිරසෙහි ඇඳිලි බැඳ අග්‍ර වූ ගුණ සිහි කරමින් පැසසීමි.
Pali BJT3806. පූජයිත්වාන සම්බුද්ධං සිරෙ කත්වාන අඤ්ජලිං, අනුස්සරං ගුණග්ගානි සන්ථවිං ලොකනායකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3807. නිත්තිණ්ණොසි{5} මහාවීර සබ්බඤ්ඤූ ලොකනායක, සබ්බෙ සත්තෙ උද්ධරසි ඤාණෙන ත්වං මහාමුනෙ.
Sinhala BJT3807. මහාවීරයන් වහන්ස, ලෝකනායකයන් වහන්ස, ඔබ භවතරණය කළහු ය. මහාමුනීන් වහන්ස, ඔබ නුවණින් සර්‍වසතුන් දුකින් ගොඩලන්නෙහි ය.
Pali BJT3808. විමතිං ද්වෙළ්හකං චාපි සඤ්ඡින්දසි මහාමුනි, පටිපාදෙසි මෙ මග්ගං තව ඤාණෙන චක්ඛුම.
Sinhala BJT3808. මහාමුනීන් වහන්ස, ඔබ විමතිය ද, ද්වෙළ්හක සඞ්ඛ්‍යාත සැකය ද සිඳිනෙහි ය. පසැස් ඇත්තානන් වහන්ස, ඔබ ඔබගේ නුවණින් මාගේ මාර්‍ගය පිළියෙල කෙරණෙහි ය.
Pali BJT3809. අරහා සිද්ධිපත්තා ච{6} ඡළභිඤ්ඤා මහිද්ධිකා, අන්තලික්ඛචරා ධීරා පරිවාරෙන්ති තාවදෙ.
Sinhala BJT3809. එකෙණෙහි (ධ්‍යාන) සිද්ධියට පත් ෂඩභිඥා ඇති මහර්ද්ධිමත් ප්‍රාඥ වූ ආකාශ්චාරී වූ රහත්හු පිරිවරත්.
Pali BJT3810. පටිපන්නා ච සෙඛා ච ඵලට්ඨා සන්ති සාවකා, සූරොදයෙව පදුමා පුප්ඵන්ති තව සාවකා.
Sinhala BJT3810. (ආර්‍ය්‍ය මාර්‍ගයට) පිළිපන්නෝ ද සප්තශෛක්‍ෂයෝ ද (ශුෂ්‍කවිදර්‍ශක වශයෙන්) අර්‍හත්ඵලස්‍ථයෝ ද (ඒ පිරිසෙහි) වෙත්. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ හිරු උදාවන කල්හි (පිබිදෙන) පියුම් මෙන් ප්‍රබෝධ වෙත්.
Pali BJT3811. යථා සමුද්දො අක්ඛොභො{1} අතුලො ච දුරුත්තරො,{2} එවං ඤාණෙන සම්පන්නො අප්පමෙය්යොසි චක්ඛුම.
Sinhala BJT3811. පසැස් ඇත්තානන් වහන්ස, යම් සේ සමුදුර නො කැළඹිය හැක්කේ ද, තුලනය (=අනිකක් හා සැසඳීම) කළ නො හැක්කේ ද ඔබ එසේ වූ නුවණින් යුතු වෙහි ය. පමණ කළ නො හැකි (නුවණැත්තේ) වෙහි ය.
Pali BJT3812. වන්දිත්වාහං ලොකජිනං චක්ඛුමන්තං මහායසං, පුථු දිසා නමස්සන්තො පටිකුටිකො අගඤ්ඡහං.
Sinhala BJT3812. මම සියලු දිගුන්හි හිඳ තෙදියත දිනූ මහත් වූ යශස් ඇති බුදුරජුන් වඳිමින් (එ දෙසට) නැමුනෙම් ගියෙමි.
Pali BJT3813. දෙවලොකා චවිත්වාන සම්පජානො පතිස්සතො, ඔක්කමිං මාතුයා කුච්ඡිං සන්ධාවන්තො භවාභවෙ.
Sinhala BJT3813. (මම ඒ පිනින්) කුදු මහත් භවයන්හි සැරිසරමින් දෙව්ලොවින් ච්‍යුතව සම්‍යක් ප්‍රඥාවෙන් යුතු වූයෙම් එළඹ සිටි සිහි ඇත්තෙම් මවුකුසින් බිහි වීමි.
Pali BJT3814. අගාරා අභිනික්ඛම්ම පබ්බජිං අනගාරියං, ආතාපී නිපකො ඣායී පටිසල්ලානගොචරො.
Sinhala BJT3814. (ඉක්බිති වැඩිවියට පැමිණ) ගිහිගෙන් නික්ම සසුනෙහි පැවිදි වීමි. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතු වූයෙම් පැණැතියෙම් ධ්‍යානකරණ සුලු වූයෙම් විවේකස්ථානයන් ඇසුරු කෙළෙමි.
Pali BJT3815. පධානං පදහිත්වාන තොසයිත්වා මහාමුනිං, චන්දොව’බ්භඝනා මුත්තො විචරාමි අහං තදා.
Sinhala BJT3815. වීර්‍ය්‍යය කොට බුදුරජුන් තුටු කොට මේඝකූටය (=වැසිවලාව) කින් මිදුනු සඳු මෙන් මම හැමකල්හි හැසිරෙමි.
Pali BJT3816. විවෙකමනුයුත්තොම්භි උපසන්තො නිරූපධි, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT3816. සන්හුන් වූයෙම් කෙලෙස් උපධි රහිත වූයෙම් විවේකයෙහි යෙදුනෙම් වෙමි. සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥා වශයෙන්) දැන ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3817. තිංසකප්පසහස්සම්භි යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3817. මෙයින් තිස්දහස් කපකින් මත්තෙහි යම් සම්බුදුවරයකු මොනවට පිදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3818. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
Sinhala BJT3818. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT3819. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3819. බුද්ධශ්‍රේෂ්ඨයන් වෙත මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3820. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3820. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගිරිමානන්දො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ගිරිමානන්‍ද ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTගිරිමානන්දත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTගිරිමානන්‍දස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT398. සලලමණ්ඩපියත්ථෙරාපදානං.
Sinhala BJT398. සල්ලමණ්ඩපිය ස්ථවිරාවදානය
Pali BJT3821. නිබ්බුතෙ කකුසන්ධම්හි බ්රාහ්මණම්හි වුසීමති, ගහෙත්වා සලලං මාලං මණ්ඩපං කාරයිං අහං.
Sinhala BJT3821. වැස නිමවන ලද බඹසර ඇති, බහා තබන ලද පව් ඇති, කකුසඳ බුදුරජුන් පිරිනිවි කල්හි මම සලල මල් ගෙණ මණ්ඩපයක් කරවීමි.
Pali BJT3822. තාවතිංසගතො සන්තො ලභාමි ව්යම්හමුත්තමං, අඤ්ඤෙ දෙවෙ’තිරොචාමි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
Sinhala BJT3822. (ඒ පිනින්) තව්තිසා දෙව්ලොවට ගියෙම් උතුම් විමනක් ලබමි. අනෙක් දෙවියන් මැඩගෙන බබළමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාක යි.
Pali BJT3823. දිවා වා යදි වා රත්තිං චඞ්කමන්තො ඨිතො ච’හං, ඡන්නො සලලපුප්ඵෙහි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
Sinhala BJT3823. ඉදින් දවල් හෝ රාත්‍රි හෝ සක්මන් කරන්නා වූ ද සිටියා වූ ද මම සලල මල්වලින් වැසුනෙම් වෙමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාක යි.