Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4901-5000 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3546. උච්චෙ කුලෙ පජායාමි මහාභොගො භවාමහං, සබ්බෙ මං අපචායන්ති කිත්ති අබ්භුග්ගතා මම.
Sinhala BJT3546. මම උසස් කුලයෙහි උපදිමි. මහත් භොග ඇත්තතෙම් වෙමි. සියල්ලෝ මට ගරුබුහුමන් කෙරෙත්. මාගේ කීර්ති තොමෝ උස්ව පැන නැංගා ය.
Pali BJT3547. කප්පසතසහස්සානි පල්ලඞ්කා චතුරස්සකා, පරිචාරෙන්ති මං නිච්චං සංවිභාගරතො අහං.
Sinhala BJT3547. කල්ප සියදහසක් මුළුල්ලෙහි චතුරශ්‍රක පර්‍ය්‍යඞ්කයෝ නිතර මා පිරිවරත්. මම දානසංවිභාගයෙහි යෙදුනෙම් ද වෙමි.
Pali BJT3548. භිසියො සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3548. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද බිසි දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
Pali BJT3549. සමගත්තො අපචිතො{5} මුදුකො චාරුදස්සනො, ලභාමි ඤාණපරිවාරං භිසිදානස්සිදං ඵලං.
Sinhala BJT3549. සම වූ සිරුරු ඇත්තෙම් වෙමි. (බොහෝ දෙනා විසින්) පුදන ලද්දෙම් වෙමි. මෘදු සිරුරු ඇත්තෙම් වෙමි. මනහර දැකුම් ඇත්තෙම් වෙම්. නැණවත් පිරිවර ද ලබමි. බිසිදනෙහි මේ විපාක යි.
Pali BJT3550. තූලිකා විකතිකායො කට්ඨිස්සා චිත්තකා බහූ, වරපොත්ථකෙ කම්බලෙ ච ලභාමි විවිධෙ අහං.
Sinhala BJT3550. මම පුලුන් පිරවූ මෙට්ට ද සිංහාදීන්ගේ රූ ඇති පලස් ද මැණික් ඇල්ලූ පටවස්ත්‍ර ද වියමනෙන් විසිතුරු එළුලොම් ඇතිරි ද නියඳින් කළ උතුම් වස්ත්‍ර ද නානාවිධකම්බල ද ලබමි.
Pali BJT3551. පාවාරිකො ච මුදුකෙ මුදුකාජිනවෙණියො, ලභාමි විවිධත්ථාරෙ භිසිදානස්සිදං ඵලං.
Sinhala BJT3551. මොළොක් උතුරුසළු ද මෘදු අඳුන්දිවිසම් ද නොයෙක් අතුරුණු ද ලබමි. භිසිදානයෙහි මේ විපාක යි.
Pali BJT3552. යතො සරාමි අත්තානං යතො පත්තො’ස්මි විඤ්ඤුතං අතුච්ඡො ඣානමඤ්චො’ම්හි භිසිදානස්සිදං ඵලං.
Sinhala BJT3552. යම් කලෙක පටන් තමා සිහි කෙරෙම් ද, යම් කලක පටන් නුවණැති බවට පැමිණියෙම් ද (එතැන් පටන් ම) නො සිස් වූයෙම් ධ්‍යාන නමැති මඤ්චය ඇත්තෙමි හෙවත් ධ්‍යානලාභී වෙමි. භිසිදානයාගේ මේ විපාක යි.
Pali BJT3553. බිම්බොහනෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3553. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද කන්වයින් (=කොට්ට) දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් සයක් අනුභව කරමි.
Pali BJT3554. උණ්ණිකෙ පදුමකෙ ච අථො ලොහිතචන්දනෙ, බිම්බොහනෙ උපධෙමි{1} උත්තමඞ්ගං සදා මම.
Sinhala BJT3554. ලොම් පිරවූ ද පියුම්රොන් පිරවූ ද රත්සඳුන් සුඹුළු පිරවූ ද බිම්බොහන (=කොට්ට) හැම දා ම හිස තබමි.
Pali BJT3555. අට්ඨඞ්ගිකෙ මග්ගවරෙ සාමඤ්ඤෙ චතුරො ඵලෙ, තෙසු ඤාණං උපනෙත්වා{2} විහරෙ සබ්බකාලිකං.
Sinhala BJT3555. අෂ්ටාඞ්ගික වූ උතුම් මාර්‍ගයනට ද සතර ශ්‍රාමණ්‍යඵලයනට ද (පැමිණ) එහි හැමකල්හි ප්‍රත්‍යවේක්‍ෂාඥානය එළවා වෙසෙමි.
Pali BJT3556. දානෙ දමෙ සඤ්ඤමෙ ච අප්පමඤ්ඤාසු රූපිසු, තෙසු ඤාණං උපනෙත්වා{3} විහරෙ සබ්බකාලිකං.
Sinhala BJT3556. දීමෙහි ද (කායචිත්ත) දමථයෙහි ද සංයමයෙහි හෙවත් සංහුන්බව්හි ද අප්‍රමාණධර්‍ම (සිවුබඹවිහරණ) යන්හි ද රූපාවචර ධ්‍යානයන්හි ද යන තෙල ධර්‍මයන්හි හැමකල් නුවණ මෙහෙයා වෙසෙමි.
Pali BJT3557. වත්තෙ ගුණෙ පටිපත්තිආචාරකිරියාසු ච, ඤාණං උපදහිත්වාන විහරෙ සබ්බදා අහං.
Sinhala BJT3557. මම වතාවත්හි ද ගුණයන්හි ද පිළිවෙත්හි ද අචාරක්‍රියාවන්හි ද හැමකල් නුවණ පිහිටුවා වෙසෙමි.
Pali BJT3558. චඞ්කමෙ වා පධානෙ වා විරියෙ බොධිපක්ඛියෙ, තෙසු ඤාණං උපනෙත්වා විහරාමි යථිච්ඡකං.
Sinhala BJT3558. සක්මන්හි ද පදහන්වැරෙහි ද බෝපැකිදහම්හි ද යන මෙහි නුවණ එළවා කැමැති සේ වෙසෙමි.
Pali BJT3559. සීලං සමාධි පඤ්ඤා ච විමුත්තී ච අනුත්තරා, තෙසු ඤාණං උපනෙත්වා විහරාමි සුඛං අහං.
Sinhala BJT3559. ශීල සමාධි ප්‍රඥා අනුත්තරවිමුක්ති යන තෙල දහම්හි නුවණ මෙහෙයා මම සුවසේ වෙසෙමි.
Pali BJT3560. ඵලපීඨෙ{4} ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ද්වානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3560. ඵලකපීඨ බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද දී මාගේ ඒ කර්‍මයට ද සුදුසු වූ අනුසස් දෙකක් ලබමි.
Pali BJT3561. සොණ්ණමයෙ මණිමයෙ දන්තසාරමයෙ බහූ, පල්ලඞ්කසෙට්ඨෙ වින්දාමි ඵලපීඨස්සිදං ඵලං.
Sinhala BJT3561. රන්මුවා මිණිමුවා වූ ද දළමුවා හරමුවා වූ ද බොහෝ උතුම් පර්‍ය්‍යඞ්කයන් ලබමි. ඵලපීඨදානයාගේ මේ විපාක යි.
Pali BJT3562. පාදපීඨෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ද්වානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3562. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පාපුටු දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් දෙකක් ලබමි.
Pali BJT3563. ලභාමි බහුකෙ යානෙ පාදපීඨස්සිදං ඵලං, දාසිදාසා ච භරියා යෙ චඤ්ඤෙ අනුජීවිනො, සම්මා පරිචරන්තෙ මං පාදපීඨස්සිදං ඵලං.
Sinhala BJT3563. බොහෝ යානයන් ලබමි. පාපුටු දනෙහි මෙ ද විපාකයෙකි. දැසිදස්සෝ ද බිරියෝ තදන්‍ය අනුජීවීහු ද මට මැනවින් පරිවරණය කෙරෙත්. මෙ ද පාපුටු දනෙහි විපාකයෙකි.
Pali BJT3564. තෙලානබ්භඤ්ජනෙ{5} දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම
Sinhala BJT3564. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ඇඟ ගල්වන තෙල් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.
Pali BJT3565. අව්යාධිතා රූපවතා ඛිප්පං ධම්මනිසන්තිතා, ලාභිතා අන්නපානස්ස ආයුපඤ්චමකං මම.
Sinhala BJT3565. මාගේ නීරෝග බව ද රූමත් බව ද වහා ධර්‍මය වැටහෙන බව ද ආහාරපානලාභී බව ද ආයුපඤ්චමකය (ආයු-වර්‍ණ-සැප-බල-ප්‍රඥා) ද වෙයි.
Pali BJT3566. සප්පිතෙලඤ්ච දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3566. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ගිතෙල් ද තලතෙල් ද දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.
Pali BJT3567. ථාමවා රූපසම්පන්නො පහට්ඨතනුජො සදා, අව්යාධි විසදො හොමි සප්පිතෙලස්සිදං ඵලං.
Sinhala BJT3567. හැම කල්හි බල ඇත්තෙම් රූමත් වූයෙම් ඔදවැඩිසිරුර ඇත්තෙම් නීරෝග ද පැහැපත් ද වෙමි. ගිතෙල් හා තලතෙල් දීමෙහි මේ විපාක යි.
Pali BJT3568. මුඛසොධනකං දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3568. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද මුවදෝනා ඔසුවක් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.
Pali BJT3569. විසුද්ධකණ්ඨො මධුරසරො කාසසාසවිවජ්ජිතො, උප්පලගන්ධො මුඛතො උපවායති මෙ සදා.
Sinhala BJT3569. පිරිසිදු කණ්‍ඨය (=උගුර) ඇත්තෙම් මිහිරි ස්වර ඇත්තෙම් කාශශ්‍වාසාදියෙන් තොර වෙමි. හැමකල්හි ම මාගේ මුවින් උපුල්මල් සුවඳ විහිදේ.
Pali BJT3570. දධිං දත්වාන සම්පන්නං බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, භුඤ්ජාමි අමතං චිත්තං{1} වරං කායගතාසතිං.
Sinhala BJT3570. බුදුරජුන් කෙරෙහි ද ගණපාමොක් සඟගණ කෙරෙහි ද සමෘද්ධ වූ දිහි දී උතුම් වූ කායගතාසති සඞ්ඛ්‍යාත අමෘත ධනය අනුභව කරමි.
Pali BJT3571. වණ්ණගන්ධරසොපෙතං මධුං දත්වා ජිනෙ ගණෙ, අනූපමං අතුලියං පිවෙ මුත්තිරසං අහං.
Sinhala BJT3571. බුදුරජුන් කෙරෙහි ද සඟගණ කෙරෙහි ද වර්‍ණගන්‍ධරසයෙන් යුත් මී දී මම අනුපම වූ අතුල්‍ය වූ විමුක්තිරසය බොමි.
Pali BJT3572. යථාභූතං රසං දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, චතුරො ඵලෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3572. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ඵලයුෂාදි ප්‍රකෘති රසයක් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ (සෝවාන් ආදි) සිවු ඵලයන් අනුභව කරමි.
Pali BJT3573. අන්නං පානඤ්ච දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3573. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ආහාරපාන දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ දස අනුසසක් අනුභව කරමි.
Pali BJT3574. ආයුමා බලවා ධීරො මණ්ණවා යසවා සුඛී, ලාභී අන්නස්ස පානස්ස සූරො පඤ්ඤාණවා සදා, ඉමෙ ගුණෙ පටිලභෙ සංසරන්තො භවෙ අහං.
Sinhala BJT3574. මම ආයු ඇත්තෙම් බල ඇත්තෙම් නුවණැත්තෙම් සිවිපැහැ ඇත්තෙම් යසස් ඇත්තෙම් සැප ඇත්තෙම් ආහාරපාන ලබන්නෙම් පැණ ඇත්තෙම් පැණ ඇත්තෙම් ශූරයෙම් ද වෙමි. හැමකල්හි භවයෙහි සැරිසරන්නෙම් මේ ගුණ ලබමි.
Pali BJT3575. ධූපං දත්වාන සුගතෙ සඞ්ඝෙ ගණවරුත්තමෙ, දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3575. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගුණ කෙරෙහි ද (සුවඳ) දුම් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ දසඅනුසසක් ලබමි.
Pali BJT3576. සුගන්ධදෙහො යසවා සීඝපඤ්ඤො ච කිත්තිමා, තික්ඛපඤ්ඤො භූරිපඤ්ඤො හාසගම්භීරපඤ්ඤවා.
Sinhala BJT3576-3577. මම කුදුමහත් භවයෙහි සැරි සරන්නෙම් සුවඳවත් සිරුරු ඇත්තෙම් කීර්තිමත් වූයෙම් යශස් ඇත්තෙම් ශීඝ්‍ර තීක්‍ෂණ භූරි හාසු ගම්භීර ප්‍රඥා ඇත්තෙම් විපුල ජවන ප්‍රඥා ඇත්තෙම් ඒ පුණ්‍යකර්‍ම බලයෙන් ම දැන් නිර්‍වාණසඞ්ඛ්‍යාත ශාන්තිසුඛයට පැමිණියෙම් ද වෙමි.
Pali BJT3577. වෙපුල්ලජවනපඤ්ඤො සංසරන්තො භවාභවෙ, තස්සෙව වාහසා’දානි පත්තො සන්තිසුඛං සිවං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3578. ස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3578. ඒකාන්තයෙන් බුදුජාණන් වහන්සේ ගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ. මා විසින් බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
Pali BJT3579. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3579. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තිරාජයකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT3580. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3580. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද මා විසින් සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පිළින්දිවච්ඡො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් පිළින්‍දිවච්ඡ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපිළින්දිවච්ඡත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTපිළින්‍දිවච්ඡස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT391. සෙලත්ථෙරාපදානං
Sinhala BJT392. සෙල ස්ථවිරාවදානය
Pali BJT3581. නගරෙ හංසවතියා වීථිසාමී අහොසහං, මමං{1} ඤාති සමානෙත්වා ඉදං වචනමබ්රවිං.
Sinhala BJT3581. මම හංසවතී නගරයෙහි විථීස්‍වාමියෙක් (වීදියක ප්‍රධානයෙක්) වීමි. මාගේ ඤාතීන් කැඳවා මේ වචනය කීමි.
Pali BJT3582. බුද්ධො ලොකෙ සමුප්පන්නො පුඤ්ඤක්ඛෙත්තමනුත්තරං,{2} ආසි සො{3} සබ්බලොකස්ස ආහුතීනං පටිග්ගහො.
Sinhala BJT3582. අනුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර වූ බුදුරජ තෙම ලොව පහළ විය. හේ සකල ලෝකයාගේ සත්කාර පූජාවට භාජන විය.
Pali BJT3583. ඛත්තියා නෙගමා චෙව මහාසාලා ච බ්රාහ්මණා, පසන්නචිත්තා සුමනා පූගධම්මං අකංසු තෙ.
Sinhala BJT3583. කැත්හු ද නියම්ගම්වැස්සෝ ද බමුණුමහසල්හු ද පහන්සිත් ඇත්තාහු මුළුව අධිකාර කළහ.
Pali BJT3584. හත්ථාරොහා අනීකට්ඨා රථිකා පත්තිකාරකා, පසන්නචිත්තා සුමනා පූගධම්මං අකංසු තෙ.
Sinhala BJT3584. ඇතරුවෝ ද බලඇණිවල නියුක්තයෝ ද රිය පදවන්නෝ ද පයින් ගමන් කරන්නෝ ද යන මොහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
Pali BJT3585. උග්ගා ච රාජපුත්තා ච වෙසියානා ච බ්රාහ්මණා, පසන්නචිත්තා සුමනා පූගධම්මං අකංසු තෙ.
Sinhala BJT3585. (ක්‍ෂත්‍රියනට දාව ශුද්‍රස්ත්‍රින්ගේ කුසින් උපන්) උග්‍ගයෝ ද ක්‍ෂත්‍රියයෝ (=රාජපුත්‍රයෝ) ද වෛශ්‍යයෝ ද බ්‍රාහ්මණයෝ ද පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
Pali BJT3586. ආළාරිකා කප්පකා ච{4} න්හාපකා මාලකාරකා, පසන්නචිත්තා සුමනා පූගධම්මං අකංසු තෙ.
Sinhala BJT3586. අරක්කැමියෝ ද සළුවඩන්නෝ ද දියවඩන්නෝ ද මල්කරුවෝ ද යන මොහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
Pali BJT3587. රජකා පෙසකාරා ච චම්මකාරා ච න්හාපිකා, පසන්නචිත්තා සුමනා පූගධම්මං අකංසු තෙ.
Sinhala BJT3587. රජකයෝ ද පෙහෙරු ද සොම්මරු ද කරණවෑමියෝ ද යන ඔහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
Pali BJT3588. උසුකාරා භමකාරා චම්මිකා චෙව{5} තච්ඡකා, පසන්නචිත්තා සුමනා පූගධම්මං අකංසු තෙ.
Sinhala BJT3588. හීවඩුවෝ ද ලියනවඩුවෝ ද සොම්මරු ද ලීවඩුවෝ ද යන ඔහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
Pali BJT3589. කම්මාරා සොණ්ණකාරා ච තිපුලොහකරා තථා, පසන්නචිත්තා සුමනා පූගධම්මං අකංසු තෙ.
Sinhala BJT3589. එසේ ම කඹුරෝ ද රන්කරුවෝ ද ඊයම්වැඩ කරන්නෝ ද ලෝකරුවෝ ද යන ඔහු පහන්සිත් ඇත්තාහු සොම්නස් වූවාහු මුළුව අධිකාර කළහ.
Pali BJT3590. භතකා චෙටකා චෙව දාසකම්මකරා බහූ’ යථාසකෙන ථාමෙන පූගධම්මං අකංසු තෙ.
Sinhala BJT3590. බැළයෝ ද ගැත්තෝ ද යන බොහෝ දස් කම්කරුවෝ තමන්ගේ බලපමණින් මුළුව අධිකාර කළහ.
Pali BJT3591. උදහාරා කට්ඨහාරා කස්සකා තිණහාරකා, යථාසකෙන ථාමෙන පූගධම්මං අකංසු තෙ.
Sinhala BJT3591. දිය ගෙණෙන්නෝ ද දර ගෙණෙන්නෝ ද ගොවියෝ ද තණ ගෙණෙන්නෝ ද තමතමන්ගේ බලපමණින් මුළුව අධිකාර කළහ.
Pali BJT3592. පුප්ඵිකා මාලිකා චෙව පණ්ණිකා ඵලහාරකා, යථාසකෙන ථාමෙන පූගධම්මං අකංසු තෙ.
Sinhala BJT3592. මල් ගෙණ එන්නෝ ද මල් ගොතන්නෝ ද කොළ එකතු කරන්නෝ ද ගෙඩිවර්‍ග ගෙණ එන්නෝ ද යන ඔහු තමතමන්ගේ බල පමණින් මුළුව අධිකාර කළහ.
Pali BJT3593. ගණිකා කුම්භදාසී ච පූවිකා මච්ඡිකාපි ච, යථාසකෙන ථාමෙන පූගධම්මං අකංසු තෙ.
Sinhala BJT3593. ගණිකාවෝ ද කළදැස්සෝ ද පූවෙළෙඳියෝ ද මාළුවෙළෙඳියෝ ද යන ඔහු තමතමන්ගේ බලපමණින් මුළුව අධිකාර කළහ.
Pali BJT3594. එථ සබ්බෙ සමාගන්ත්වා ගණං බන්ධම එකතො, අධිකාරං කරිස්සාම පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
Sinhala BJT3594. “එවු, සියල්ලෝ එක්රැස් ව එකට ගනබන්‍ධනය කරමු. නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි පින්කමක් කරන්නෙමු” (යයි මම ඔවුනට කීමි).
Pali BJT3595. තෙ මෙ සුත්වාන වචනං ගණං බන්ධිංසු තාවදෙ, උපට්ඨානසාලං සුකතං භික්ඛුසඞ්ඝස්ස කාරයුං.
Sinhala BJT3595. එකෙණෙහි ඔහු මාගේ වචනය අසා සමූහ වශයෙන් රැස් වූහ හෙවත් ගණවශයෙන් බැඳුනාහු ය. බික්සඟනට උවටන්හලක් ද මැනවින් කරවූහ.
Pali BJT3596. නිට්ඨාපෙත්වාන තං සාලං උදග්ගො තුට්ඨමානසො, පරෙතො තෙහි සබ්බෙහි සම්බුද්ධං උපසඞ්කමිං.
Sinhala BJT3596. ඔද වැඩි සිතැත්තෙම් සතුටු සිතැත්තෙම් ඒ ශාලාව නිමවා එකී හැම දෙනා සමඟ බුදුරජුන් වෙත එළඹියෙමි.
Pali BJT3597. උපසඞ්කම්ම සම්බුද්ධං ලොකනාථං නරාසභං, වන්දිත්වා සත්ථුනො පාදෙ ඉදං වචනමබ්රවිං.
Sinhala BJT3597. ලෝකනාථ වූ නරශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජුන් වෙත එළඹ, ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ මේ වචන කීමි:
Pali BJT3598. ඉමෙ තීණි සතා වීර පුරිසා එකතො ගණා, උපට්ඨානසාලං සුකතං නිය්යාතෙන්ති{1} තවං{2} මුනි.
Sinhala BJT3598. වීරයන් වහන්ස, මුනීන් වහන්ස, මේ තෙසියක් පමණ වූ පුරුෂයෝ එක්රැස් ව මොනොවට කරණ ලද උවටන්හල ඔබවහන්සේට පිළිගන්වත්.
Pali BJT3599. භික්ඛුසඞ්ඝස්ස පුරතො සම්පටිච්ඡිත්ව චක්ඛුමා, තිණ්ණං සතානං පුරතො ඉමා ගාථා අභාසථ:
Sinhala BJT3599. පසැස් ඇති බුදුහු බික්සඟනට පෙරටුවැ සිට (එය) පිළිගෙණ තෙසියක් දෙනා ඉදිරියෙහි මේ ගාථාවන් වදාළහ.
Pali BJT3600. “තිසතං පි ච ජෙට්ඨො ච අනුවත්තිංසු එකතො, සම්පත්තිං හි{3} කරිත්වාන සබ්බෙ අනුභවිස්සථ.
Sinhala BJT3600. “මේ තෙසියදෙන ද එහි ප්‍රධාන තෙමේ ද (එක් ව ඔවුනොවුනට) අනුවර්‍තතී වූහ. එසේ ම තෙපි සියල්ලෝ (මේ පුණ්‍යය) කොට සම්පත් අනුභව කරන්නාහු ය.
Pali BJT3601. පච්ඡිමභවෙ{4} සම්පත්තෙ සීතිභාවමනුත්තරං, අජරං අමතං සන්තං නිබ්බානං ඵස්සයිස්සථ.”
Sinhala BJT3601. අන්තිම භවය පැමිණි කල්හි නිරුත්තර ශීතිභාවය වූ අජර වූ අමර වූ ශාන්ත වූ නිවණ ද සාක්‍ෂාත් කරන්නහු ය” .
Pali BJT3602. එවං බුද්ධො වියාකාසි සබ්බඤ්ඤූ සමණුත්තරො, බුද්ධස්ස වචනං සුත්වා සොමනස්සං පවෙදයිං.
Sinhala BJT3602. ශ්‍රමණයන් අතුරෙහි උතුම් වූ සර්‍වඥ වූ බුදුරජහු මේ දැක්වූ අයුරින් වදාළහ. මම බුදුරජුන්ගේ වචනය අසා සොම්නස පැවසීමි.
Pali BJT3603. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිං අහං, දෙවාධිපො පඤ්චසතං දෙවරජ්ජමකාරයිං.
Sinhala BJT3603. මම කල්ප තිස්දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා විසීමි. දේවාධිපති ව පන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි.
Pali BJT3604. සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්ති අහොසහං, දෙවරජ්ජං කරොන්තස්ස මහාදෙවා අවන්දිසුං.
Sinhala BJT3604. මම දහස්වරක් සක්විතිරජ වීමි. දිව්‍යරාජ්‍යය කරන්නා වූ මට මහදෙවිවරු ද වැන්දාහු ය.
Pali BJT3605. ඉධ මානුසෙක රජ්ජෙ{5} පරිසා හොන්ති බන්ධවා, පච්ඡිමභවෙ සම්පත්තෙ වාසෙට්ඨො නාම බ්රාහ්මණො.
Sinhala BJT3605-3606. මේ මිනිස්රජයෙහි පිරිස සබඳකම් ඇත්තෝ ම වූ හ. අන්තිම භවය පැමිණි කල්හි අසූකෝටියක් තැන්පත් ධනය ඇති වාසෙට්ඨ නම් බමුණෙක් විය. මම ඒ වාසෙට්ඨ බමුණාගේ පුත්‍ර වීමි. සෙල යනු මගේ නම යි. ෂඩ්විධ වේදාඞ්‍ගයෙහි පරතෙරට ගියෙම් ද වෙමි.
Pali BJT3606. අසීතිකොටිනිචයො තස්ස පුත්තො අහොසහං, සෙලො ඉතී මමං නාමං ඡළඞ්ගෙ පාරමිඞ්ගතො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3607. ජඞ්ඝාවිහාරං විචරං සසිස්සෙහි පුරක්ඛෙතො, ජටාඛාරිකභරිතං කෙණියං නාම තාපසං.
Sinhala BJT3607-3608. ස්‍වකීය ශිෂ්‍යයන් විසින් පෙරටු කරණ ලදුව ජඞ්ඝාවිහාරය කරන්නා වූ (=සක්මන් කරණ) මම් දළමඩුළු හා තවුස්පිරිකර බරින් යුත් පිළියෙල කරණ ලද පූජොපහාර ඇති කේණිය නම් තවුසා දැක “ආවාහයෙක් හෝ වේ ද, විවාහයෙක් හෝ වේ ද, තා විසින් රජතෙමේ හෝ නිමන්‍ත්‍රණය කරණ ලදුයේ වේ දැ” යි මේ වචන කීමි.
Pali BJT3608. පටියත්තාහුතිං දිස්වා ඉදං වචනමබ්රවිං: ආවාහො වා විවාහො චා රාජා වා තෙ නිමන්තිතො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3609. ආහුතිං යිට්ඨුකාමො’හං බ්රාහ්මණෙ දෙවසම්මතෙ, න නිමන්තෙමි රාජානං ආහුති මෙ න විජ්ජති.
Sinhala BJT3609. මම දෙවියන් ය යි සම්මත බමුණන් කෙරෙහි පූජාවක් කරණු කැමැත්තෙමි. රජුට නිමන්ත්‍රණය නො කෙළෙමි. මාගේ යාගයෙක් ද නැත.
Pali BJT3610. න චත්ථි මය්හං ආවාහො විවාහො මෙ න විජ්ජති, සක්යානං නන්දිජනනො සෙට්ඨො ලොකෙ සදෙවකෙ.
Sinhala BJT3610-3611. මාගේ ආවාහයෙක් ද නැත. (එසේ ම) මාගේ විවාහයෙක් ද නැත. ශාක්‍යයනට සතුට ඇති කරන්නා වූ, දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රෙෂ්‍ඨ වූ, සියලු ලෝවැස්සනට හිත පිණිස (හැසිරෙන්නා වූ) හැම සත්නට සුව එළවන්නා වූ ඒ බුදුහු අද මා විසින් නිමන්ත්‍රණය කරණ ලදහ. මේ පිළියෙල කිරීම උන්වහන්සේ සඳහා ය.
Pali BJT3611. සබ්බලොකහිතත්ථාය සබ්බසත්තසුඛාවහො, සො මෙ නිමන්තිතො අජ්ජ තස්සෙතං පටියාදනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3612. තිම්බරූසකවණ්ණාභො අප්පමෙය්යො අනූපමො, රූපෙනාසදිසො බුද්ධො ස්වාතනාය නිමන්තිතො.
Sinhala BJT3612. තිඹිරි පල බඳු පැහැ ඇති, පමණ නො කළ හැකි ගුණ ඇති, උපමාවිෂයාතික්‍රාන්‍ත වූ රූපයෙන් අසදෘශ වූ බුදුරජහු සෙට දවසට පවරණ ලදහ.
Pali BJT3613. උක්කාමුඛපහට්ඨො’ව ඛදිරඞ්ගාරසන්නිභො, විජ්ජූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3613. උදුන් මුවෙහි ලා තැවූ ස්‍වර්‍ණයක් මෙන් (පැහැපත්) කිහිරඟුරු මෙන් (දිලියෙන) විදුලියක් වැනි වූ මහාවීර වූ ඒ බුදුරජුහු මා විසින් පවරණ ලදහ.
Pali BJT3614. පබ්බතග්ගෙ යථා අච්චි පුණ්ණමායෙව චන්දිමා, නළග්ගිවණ්ණසඞ්කාසො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3614. කඳුමුදුනක පෙනෙන ගිනිසිළක් වැනි වූ පුණුරැසිදිනයෙහි සඳු වැනි වූ බටගසින් හටගත් ගින්නක බඳු පැහැ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදහ.
Pali BJT3615. අසම්භීතො භයාතීතො භවන්තකරණො මුනි, සීහූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3615. බිය නැති බිය ඉක්මවූ භවයා කෙළවර කරන්නා වූ මෝනෙය්‍ය ගුණ ඇත් සිහරජකු වැනි මහාවීර වූ ඒ බුදුරජුහු මා විසින් පවරණ ලදහ.
Pali BJT3616. කුසලො බුද්ධධම්මෙහි අප්පසය්හො පරෙහි සො, නාගූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3616. දක්‍ෂ වූ බුද්ධගුණහේතුයෙන් අනුන් විසින් මැඩලිය නොහෙන හස්තිරාජයකු වැනි වූ මහාවීර වූ ඒ බුදුරජුහු මා විසින් පවරණ ලදහ.
Pali BJT3617. සද්ධම්මාචාරකුසලො බුද්ධනාගො අසාදිසො, උසභූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3617. සද්ධර්‍මාචාරයෙහි දක්‍ෂ වූ අසදෘශ වූ වෘෂභොපම වූ මහාවීර වූ ඒ බුද්ධශ්‍රෙෂ්‍ඨයානෝ මා විසින් පවරණ ලදහ.
Pali BJT3618. අනන්තවණ්ණො අමිතයසො විචිත්තසබ්බලක්ඛණො, සක්කූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3618. අප්‍රමාණ වර්‍ණ ඇති අපරිමිත යශස් ඇති විචිත්‍ර වූ සකල ලක්‍ෂණ යුක්ත ශක්‍රයා වැනි වූ ඒ බුදුරජුහු මා විසින් පවරණ ලදහ.
Pali BJT3619. වසී ගණී පතාපී ච තෙජස්සී ච දුරාසදො, බ්රහ්මූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3619. (ධ්‍යානයන්හි) වශී වූ ශ්‍රාවක සමූහයා ඇති ප්‍රතාපවත් වූ තේජස් ඇති (ගුණයෙන් කිසිවකුටත්) ලංවිය නො හැක්කා වූ මහාවීර වූ බ්‍රහ්මොපම වූ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදහ.
Pali BJT3620. පත්තධම්මො දසබලො බලාතිබලපාරගූ, ධරණූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3620. පැමිණියා වූ නිර්‍වාණ ධර්‍මය ඇති දශබලධාරී වූ බලයන් ඉක්ම වූ මහත් බලයන්ගේ පවා පරතෙරට ගිය මහපොළොව වැනි වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදහ.
Pali BJT3621. සීලවීචිසමාකිණ්ණො ධම්මවිඤ්ඤාණඛොභිතො, උද්ධූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3621. සිල් නැමැති රල යුත් ධර්‍මඥානයෙන් කැළඹුනු සයුර වැනි මහාවීර වූ ඒ බුදුරජතෙම මා විසින් පවරණ ලදහ.
Pali BJT3622. දුරාසදො දුප්පසහො අචලො උග්ගතො බ්රහා, නෙරූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3622. නො ලං විය හැකි, බලයෙන් මැඩලිය නො හෙන, නිශ්චල වූ උස්ව නැංගා වූ, වැඩෙන මහමෙර වැනි, මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදි.
Pali BJT3623. අනන්තඤාණො අසමසමො අතුලො අග්ගතං ගතො, ගගනූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3623. අනන්තඥාන ඇත්තා වූ අසමසම වූ අතුල්‍ය වූ ශ්‍රෙෂ්‍ඨත්‍වයට ගියා වූ ආකාශය වැනි වූ මහාවීර වූ ඒ බුදුජහු මා විසින් පවරණ ලදහ.
Pali BJT{*}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3624. පතිට්ඨා භයභීතානං තාණො සරණගාමිනං, අස්සාසකො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3624. බියෙන් තැති ගත්තවුනට පිහිට වූ, සරණයන්නවුනට ආරක්‍ෂා ස්ථාන වූ (සත්‍වලෝකයට) අස්වැසිල්ලක් වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණය කරන ලදහ.
Pali BJT3625. ආසයො බුද්ධිමන්තානං පුඤ්ඤක්ඛෙත්තං සුඛෙසිනං, රතනාකරො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3625. බුද්ධිමත්නට වාසස්ථානයක් වූ සුව සොයන්නවුනට පින්කෙතක් වූ (ගුණරුවන් පිරුණු) රත්නාකරයක් වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණය කරණ ලදහ.
Pali BJT3626. අස්සාසකො වෙදකරො සාමඤ්ඤඵලදායකො, මෙඝුපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3626. (කෙලෙස් තැවුල් නැති කොට) ලොව අස්වසන්නා වූ (දුක් දොම්නස් නසා) සතුට ඇති කරන්නා වූ (සෝවන් ආදී) ශ්‍රමණ්‍යඵලදායක වූ (අමාවැසි වස්වන) මහාමේඝයක් වැනි වූ ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණ කරන ලදහ.
Pali BJT3627. ලොකචක්ඛු මහාතෙජො සබ්බතමවිනොදනො, සුරියූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3627. ලොවට ඇසක් වැනි වූ මහාතේජස් ඇති සියලු අඳුරු දුරු කරණ සූර්‍ය්‍යා වැනි වූ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදහ.
Pali BJT3628. ආරම්මණවිමුත්තීසු සහාවදස්සනො මුනි, චන්දූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3628. ආලම්බනවිමුක්තිවිෂයයෙහි ස්‍වභාව කෘත්‍ය මේ මේ ය යි දක්නා වූ චන්‍ද්‍රයා වැනි වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණ කරණ ලදහ.
Pali BJT3629. වුද්ධො{1} සමුස්සිතො ලොකෙ ලක්ඛණෙහි අලඞ්කතො, අප්පමෙය්යො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3629. (ලෝකයෙහි ගුණයෙන්) වැඩී සිටි (යශසින්) උස් ව නැගි (මහපුරිස්) ලකුණින් අලඞ්කාර වූ අපමණ ගුණ ඇති මහාවීර වූ ඒ බුදුරජුහු මා විසින් නිමන්ත්‍රණ කරන ලදහ.
Pali BJT3630. යස්ස ඤාණං අප්පමෙය්යං සීලං යස්ස අනූපමං, විමුත්ති අසදිසා යස්ස සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3630. යමකුගේ ඤාණය පමණ කළ නො හැකි ද, යමකුගේ ශීලය උපමා විෂයාතික්‍රාන්ත ද, යමකුගේ විමුක්තිය අසදෘශ ද, ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණ කරණ ලදහ.
Pali BJT3631. යස්ස ධිති අසදිසා ථාමො යස්ස අචින්තියො, යස්ස පරක්කමො ජෙට්ඨො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3631. යම් කෙනෙකුන්ගේ නුවණ අසදෘශ ද, යම්කෙනෙකුන්ගේ බලය අචින්‍ත්‍ය ද, යම් කෙනෙකුන්ගේ පරාක්‍රමය ජ්‍යෙෂ්‍ඨ ද, ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණ කරණ ලදහ.
Pali BJT3632. රාගො දොසො ච මොහො ච විසා සබ්බෙ සමූහතා, අගදූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3632. යම් කෙනෙකුන් විසින් රාගය ද ද්වේෂය ද මෝහය ද යන සියලු විෂයෝ නසන ලදහු ද, ඖෂධයක් වැනි වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් නිමන්ත්‍රණ කරණ ලදහ.
Pali BJT3633. කිලෙසව්යාධි{2} බහුදුක්ඛසබ්බතමවිනොදනො{3}, වෙජ්ජූපමො මහාවීරො සො මෙ බුද්ධො නිමන්තිතො.
Sinhala BJT3633. කෙලෙස්ලෙඩ ද බොහෝ දුක් ද සියලු (මෙහො) අඳුරු ද දුරු කරන්නා වූ වෙදකු වැනි වූ මහාවීර වූ ඒ බුදුරජහු මා විසින් පවරණ ලදහ.
Pali BJT3634. බුද්ධො’ති භො යං වදෙසි ඝොසොපෙසො සුදුල්ලභො, බුද්ධො බුද්ධො’ති සුත්වාන පීති මෙ උපපජ්ජථ.
Sinhala BJT3634. පින්වත, බුද්ධ යන යම් වචනයක් කියහි ද, තෙල ශබ්දය පවා අතිශයින් දුර්‍ලභ ය. බුද්ධය බුද්ධය යන මේ වචන අසා මට ප්‍රීතිය හටගත්තේ ය.
Pali BJT3635. අබ්භන්තරමගණ්හන්තී පීති මෙ බහි නිච්ඡරෙ, සො’හං පීතිමනො සන්තො ඉදං වචනමබ්රවිං:
Sinhala BJT3635. සිතින් නො දැරිය හැක්කා වූ මාගේ ප්‍රීතිය පිටත පැතිරෙයි. ප්‍රීතිසිත් ඇති ඒ (සෙල නම් වූ) මම මේ වචනය කීමි:
Pali BJT3636. “කහං නු ඛො සො භගවා ලොකජෙට්ඨො නරාසභො, තත්ථ ගන්ත්වා නමස්සිස්සං සාමඤ්ඤඵලදායකං.”
Sinhala BJT3636. “ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ කොහි ද? සතර ශ්‍රාමණ්‍යඵලදායක වූ උන්වහන්සේට එහි ගොස් නමස්කාර කරන්නෙමි” යි.
Pali BJT3637. පග්ගය්හ දක්ඛිණං බාහුං වෙදජාතො කතඤ්ජලී, ආචික්ඛි මෙ ධම්මරාජං සොකසල්ලවිනොදනං.
Sinhala BJT3637. කේණිය තවුස්තෙමේ මාගේ දකුණු අත ගෙණ හටගත් සොම්නස් ඇත්තේ කරණ ලද ඇඳිලි ඇත්තේ සෝහුල් පහ කරණ බුදුරජුන් අරබයා මෙසේ කීය:
Pali BJT3638. “උදෙන්තං’ව මහාමෙඝං නීලං අඤ්ජනසන්නිභං, සාගරං විය දිස්සන්තං පස්සසෙතං මහාවනං.
Sinhala BJT3638. “නැග එන්නා වූ මහවලාවක් වැනි, අඳුනක් බඳු නිල් වූ සයුරක් සේ පැනෙන තෙල මහවනය දක්නෙහි ද?
Pali BJT3639. එත්ථ සො වසතෙ බුද්ධො අදන්තදමකො මුනි, විනයන්තො ච වෙනෙය්යෙ බොධෙන්තො බොධිපක්ඛියෙ.
Sinhala BJT3639. මෙහි නො දැමුනවුන් දමනය කරන්නා වූ, මෝනෙය්‍ය ගුණ ඇති, විනෙය ජනයන් හික්මවන, බෝපැකිදම් (බෝධිපාක්‍ෂික ධර්‍ම) පිළිවිදුවන (=ප්‍රතිවේධ කරවන) ඒ බුදුරජහු වැඩ වෙසෙති.
Pali BJT3640. පිපාසිතො’ව උදකං භොජනං’ව ජිඝච්ඡිතො, ගාවී යථා වච්ඡගිද්ධා එවාහං විචිනිං ජිනං.
Sinhala BJT3640. මම පැන් පවස ඇත්තකු දිය සොයන්නාක් මෙන් ද, සාදුකින් පෙළුනකු බොජුන් සොයන්නාක් මෙන් ද, වස්සා කෙරෙහි ගිජු වූ දෙනක ඒ වස්සා සොයන්නාක් මෙන් ද මෙසේ බුදුරජුන් සෙවීමි.
Pali BJT3641. ආචාරඋපචාරඤ්ඤූ ධම්මානුච්ඡවිසංවරං{1}. සික්ඛාපෙසිං සකෙ සිස්සෙ ගච්ඡන්තෙ ජිනසන්තිකං.
Sinhala BJT3641. ආචාර උපාචාර දන්නා මම බුදුන් හමුවට යන සිය සිසුන් දහමට නිසි සංවරයෙහි ලා හික්මවීමි.