Pali BJT378. නිමන්තයිත්වා සම්බුද්ධං සකං භවනමුපාගමිං, ආසනං පඤ්ඤපෙත්වාන කාලමාරොචයිං අහං.
Sinhala BJT378. බුදුරජානන් වහන්සේට ආරාධනා කොට ස්වකීය නාගභවනයට එළඹියෙමි. මම අසුන් පණවා (දානයට සුදුසු) කාලය සැළ කෙළෙමි.
Pali BJT379. ඛීණාසවසහස්සෙහි පරිවුතො ලොකනායකො, ඔභාසෙන්තො දිසා සබ්බා භවනං මෙ උපාගමි.
Sinhala BJT379. රහතුන් දහසක් විසින් පිරිවරණලද බුදුරජානන් වහන්සේ සියලු දිසාවන් බබුළුවමින් මාගේ භවනයට එළඹිසේක.
Pali BJT380. උපවිට්ඨං මහාවීරං දෙවදෙවං නරාසභං, සභික්ඛුසඞ්ඝං තප්පෙසිං{8} අන්නපානෙන’හං තදා.
Sinhala BJT380. එකල්හි මම (එසේ) වැඩහුන් භික්‍ෂුසංඝයා සහිත වූ මහාවීර වූ දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.
Pali BJT381. අනුමොදි මහාවීරො සයම්භූ අග්ගපුග්ගලො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
Sinhala BJT381. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ මහාවීර වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ අනුමෝදනාව කළසේක. මේ ගාථාවෝ ද වදාරණ ලදහ:-
Pali BJT382. “යො{1} සො සඞ්ඝං අපූජෙසි{2} බුද්ධඤ්ච ලොකනායකං, තෙන චිත්තප්පසාදෙන දෙවලොකං ගමිස්සති.
Sinhala BJT382. “යමෙක් තෙම ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ද සංඝයා ද පිදී නම්, හෙතෙම ඒ සිත පැහැදවීම් හේතුවෙන් දෙව්ලොවට යන්නේ ය.
Pali BJT383. සත්තසත්තතික්ඛත්තුං ච දෙවරජ්ජං කරිස්සති, පථව්යා රජ්ජං{3} අට්ඨසතං වසුධං ආවසිස්සති.
Sinhala BJT383. තවද සත්සත්තෑවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටසියක් වරෙක පෘථිවීරාජ්‍යය කරමින් පොළොවෙහි වෙසෙන්නේ ය.
Pali BJT384. පඤ්චපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති. භොගා අසඞ්ඛියා තස්ස උප්පජ්ජිස්සන්ති තාවදෙ.
Sinhala BJT384. පස්පණස්වරක් සක්විතිරජ වන්නේ ය. එකල්හි ඔහුට අපමණ භෝගයෝ උපදින්නාහු ය.
Pali BJT385. අපරිමෙය්යෙ ඉතො කප්පො ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන{4} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT385. මෙයින් අපරිමෙය්‍ය කල්පයෙහි (=ඒකාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයකින් පසු ව) ඔක්කාක කුලයෙහි උපන්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘන් වහන්සේ ලෝකයෙහි පහළ වන්නේ ය.
Pali BJT386. නිරයා සො චවිත්වාන මනුස්සත්තං ගමිස්සති, කොලිතො නාම නාමෙන බ්රහ්මබන්ධු භවිස්සති.
Sinhala BJT386. හෙතෙම (=චරණ නාගරාජ තෙම) නිරයෙන් චුත ව මිනිසත් බවට යන්නේ ය. නමින් කෝලිත නම් වූ බ්‍රාහ්මණයෙක් වන්නේ ය.
Pali BJT387. සො පච්ඡා පබ්බජිත්වාන කුසලමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො දුතියො හෙස්සති සාවකො.
Sinhala BJT387. හෙතෙමේ පසු ව කුශලමූලයන් විසින් මෙහෙයන ලදුයේ පැවිදි ව ගෞතම බුදුරජානන් වහන්සේගේ ද්විතීය ශ්‍රාවකයා වන්නේ ය.
Pali BJT388. ආරද්ධවිරියො පහිතත්තො ඉද්ධියා පාරමිං ගතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.”
Sinhala BJT388. පටන් ගන්නා ලද වීර්‍ය්‍යඇත්තේ ඍද්ධියෙහි කෙළ පැමිණියේ සියලු ආශ්‍රවධර්‍මයන් පිරිසිඳ දැන (දුරු කොට) ආශ්‍රවරහිත ව ක්ලේශ–පරිනිර්‍වාණයෙන් පිරිනිවන් පාන්නේ ය.”
Pali BJT389. පාපමිත්තොපනිස්සාය කාමරාගවසං ගතො, මාතරං පිතරඤ්චාපි ඝාතයිං දුට්ඨමානසො.
Sinhala BJT389. පාපමිත්‍රයන් ඇසුරෙන් කාමරාගයෙහි වසඟයට ගියේ දුෂ්ට සිත් ඇත්තේ මව ද පියා ද නැසීමි.
Pali BJT390. යං යං යොනුපපජ්ජාමි නිරයං අථ මානුසං, පාපකම්මසමඞ්ගිත්තා{5} භින්නසීසො මරාමහං.{6}
Sinhala BJT390. මම නිරයෙහි හෝ නැතහොත් මිනිසුන් අතර හෝ යම් යම් යෝනියක උපදිම් නම්, (එකී) පාපකර්‍මයෙන් යුක්ත වීම නිසා බිඳීගිය හිස් ඇත්තෙම් මැරෙමි.
Pali BJT391. ඉදං පච්ඡිමකං මය්හං චරිමො වත්තතෙ භවො, ඉධාපි එදිසං{7} මය්හං මරණකාලෙ භවිස්සති.
Sinhala BJT391. මෙය මාගේ සසරෙහි අවසානය යි. අන්තිම ආත්මභාවය වේ. මේ ආත්මයෙහි දී ද මැරෙණ කල්හි මට මෙබන්දක් වන්නේ ය.
Pali BJT392. පවිවෙකමනුයුත්තො සමාධිභාවනාරතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT392. ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනේ සමාධිභාවනාවෙහි ඇලුනේ සියලු ආශ්‍රවයන් පිරිසිඳ දැන (දුරු කොට) ආශ්‍රවරහිත ව වෙසෙමි.
Pali BJT393. ධරණිම්පි සුගම්භීරං බහලං දුප්පධංසියං, වාමඞ්ගුට්ඨෙන ඛොභෙය්යං{8} ඉද්ධියා පාරමිං ගතො.
Sinhala BJT393. ඍද්ධියෙහි කෙළ පැමිණියා වූ මම ඉතා ගැඹුරු වූ ඝන වූ නො සෙල්විය හැකි පොළොව ද වම්පය මහපටැඟිල්ලෙන් සොලවන්නෙමි.
Pali BJT394. අස්මිමානං න පස්සාමි මානො මය්හං න විජ්ජති, සාමණෙරෙ උපාදාය ගරුචිත්තං කරොමහං.
Sinhala BJT394. අස්මිමානය (=මම ය යන හැඟීම) නො දකිමි. මට මානය නැත. මම හෙරණකු පටන් කොට සියලු භික්‍ෂුසඞ්ඝයා කෙරෙහි ගෞරව සිත (ඇති) කරමි.
Pali BJT395. අපරිමෙය්යෙ ඉතො කප්පෙ යං කම්මමභිනීහරිං, තාහං භූමිමනුප්පත්තො පත්තො’ම්හි ආසවක්ඛයං.
Sinhala BJT395. මෙයින් ඒකාසඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයකට (=අපරිමෙය්‍ය කලාපයකට) පෙර (අගසවු බව පිණිස) යම් කර්‍මයක් රැස් කෙළෙම් ද, මම ඒ ශ්‍රාවක භූමියට පත් වීමි. ආශ්‍රවක්‍ෂයසඞ්ඛ්‍යාත නිවණට පැමිණියෙමි.
Pali BJT396. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT396. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහු ය. –පෙ– බුදුරජානන් වහන්සේගේ අනුශාසනය ද කරණ ලදි.
Pali BJT(396, 397, 398 ගාථා 371, 372, 373 ගාථාහි සමා.)
Sinhala BJT(396, 397, 398 යන ගාථාවෝ 371, 372, 373 යන ගාථාවන් හා සමාන වෙති.)
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාමොග්ගල්ලානො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේකි.
Pali BJTමහාමොග්ගල්ලානත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTදෙවෙනි වූ මහාමෟද්ගල්‍යානස්ථවිරාවදානය යි.
Pali BJT3. මහාකස්සපත්ථෙරාපදානං
Sinhala BJT3. මහාකාශ්‍යප ස්ථවිරාවදානය
Pali BJT399. පදුමුත්තරස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, නිබ්බුතෙ ලොකනාථම්භි පූජං කුබ්බන්ති සත්ථුනො.
Sinhala BJT399. තාදිගුණ (=අටලෝදහම්හි නො සැලෙන ගති) ඈති ලෝකජ්‍යේෂ්ඨ වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ (ශාසනයෙහි) ලෝකනාථ වූ ඒ (පදුමුත්තර) බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (දිව්‍ය මනුෂ්‍යයෝ ශාස්තෘන් වහන්සේට) පූජා කෙරෙත්.
Pali BJT400. උදග්ගචිත්තා{1} ජනතා ආමොදිතපමොදිතා, තෙසු සංවෙගජාතෙසු පීති මෙ උපපජ්ජථ{2}.
Sinhala BJT400. ජනසමූහයා ඔද වැඩි සිත් ඇත්තාහු අතිශයින් ප්‍රමුදිත වූහ. ඔවුන් සංවේගයට පැමිණ සිටින කල්හි මට ප්‍රීතියක් ඇති වි ය.
Pali BJT401. ඤාතිමිත්තෙ සමානෙත්වා ඉදං වචනමබ්රවිං, “පරිනිබ්බුතො මහාවීරො හන්ද පූජං කරොමසෙ.”
Sinhala BJT401. නෑ මිතුරන් කැඳවා “මහාවීර වූ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ සේක. ඒකාන්තයෙන් පූජාවක් කරමු” යි යන මේ වචනය කීමි.
Pali BJT402. සාධූති තෙ පටිස්සුත්වා භීයො හාසං ජනිංසු මෙ. “බුද්ධස්මිං ලොකනාථස්මිං කාහාම පුඤ්ඤසඤ්චයං.”
Sinhala BJT402. ඔහු ‘මැනවැ’යි පිළිවදන් දී “ලෝකනාථ වූ බුදුරජානන් වහන්සේ විෂයයෙහි පින් රැස් කරන්නෙමු” ය කියා මාගේ සතුට වැඩියක් ම ඇති කළාහු ය.
Pali BJT403. අග්ඝියං සුකතං කත්වා සතහත්ථසමුග්ගතං, දියඩ්ඪත්ථපත්ථටං{3} විමානං නභමුග්ගතං.
Sinhala BJT403. රියන් සියයක් උස් වූ මොනවට තැනූ ඇගෑවක් කොට රියන් එක්සිය පණසක් පුළුල් වූ උස් විමානයක් කොට–
Pali BJT404. කත්වාන හම්මියං{4} තත්ථ තාලපන්තීහි චිත්තිතං, සකං චිත්තං පසාදෙත්වා චෙතියං පූජයුත්තමං.
Sinhala BJT404. එහි තල්ගස් පෙළින් විසිතුරු වූ ප්‍රාසාදයක් කොට සිය සිත පහදවා උත්තමචෛත්‍යය පිදුවෙමි.
Pali BJT405. අග්ගික්ඛන්ධොව ජලිතො සාලරාජා’ව{5} ඵුල්ලිතො, ඉන්දලට්ඨී’ව ආකාසෙ ඔභාසෙති චතුද්දිසා.
Sinhala BJT405. ඇවිළගත් ගිනිකඳක් මෙන් ද, පිපියා වූ සල්රුකක් මෙන් ද, අහසෙහි ඉන්‍ද්‍රයෂ්ටිය (ඉන්‍ද්‍රධ්වජය බඳනා ඉන්‍ද්‍රකීලය) මෙන් ද (ඒ ස්තූපය) සිවුදිග බබුළුවයි.
Pali BJT406. තත්ථ චිත්තං පසාදෙත්වා කත්වාන කුසලං බහුං, පුබ්බකම්මං සරිත්වාන තිදසං උපපජ්ජහං.
Sinhala BJT406. මම එහි සිත පහදවා බොහෝ කුසල් කොට පෙර කරණ ලද කුශලකර්‍මය සිහි කොට තව්තිසා දෙව්ලොව උපනිමි.
Pali BJT407. සහස්සයුත්තහයවාහිං දිබ්බයානමධිට්ඨිතො, උබ්බිද්ධං{6} භවනං මය්හං සත්තභූමං{7} සමුග්ගතං.
Sinhala BJT407. යෙදූ දහසක් අසුන් විසින් උසුලනලද දිව්‍යයානයට නැඟුනෙම් වෙමි. මාගේ උස් වූ භවනය සත්බුමු වූයේ උඩට නැංගේ ය.
Pali BJT408. කූටාගාරසහස්සානි සබ්බසොණ්ණමයා{8} අහූ, ජලන්ති සකතෙජෙන දිසා සබ්බා පභාසයං.
Sinhala BJT408. දහස් ගණන් කූටාගාරයෝ තනි රනින් කරණ ලද්දෝ වූහ. (එම කූටාගාරයෝ) ස්වකීය දීප්තියෙන් සියලු දිගුන් බබුළුවමින් දිලිසෙත්.
Pali BJT409. සන්ති අඤ්ඤෙපි නිය්යූහා ලොහිතඞ්කමයා තදා, තෙපි ජොතෙන්ති ආභාය සමන්තා චතුරො දිසා.
Sinhala BJT409. පද්මරාග මාණික්‍යමය වූ අන්‍ය වූ පහකුළු ද ඇත. එකල්හි ඒ පහකුළු ද ශෝභාවෙන් හාත්පස සිවුදිග ම බබුළුවත්.
Pali BJT410. පුඤ්ඤකම්මාභිනිබ්බත්තා කූටාගාරා සුනිම්මිතා, මණිමයාපි ජොතෙන්ති දිසා දස සමන්තතො.
Sinhala BJT410. පුණ්‍යකර්‍මබලයෙන් හටගත් මැනවින් නිර්මිත වූ මිණිමුවා කුළුගෙවල් හාත්පස දසදිගුන් බබුළුවත්.
Pali BJT411. තෙසං උජ්ජොතමානානං ඔභාසො විපුලො අහු, සබ්බෙ දෙවෙ අතිභොමි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
Sinhala BJT411. බබලන්නා වූ ඔවුන්ගේ ආලොකය අධික වි ය. සියලු දෙවියන් ඉක්මවමි. මේ පුණ්‍යකර්‍මයාගේ ඵලයයි.
Pali BJT412. සට්ඨිකප්පසහස්සම්හි උබ්බිද්ධො{9} නාම ඛත්තියො, චාතුරන්තො විජිතාවී පඨවිං{10} ආවසිං අහං.
Sinhala BJT412. කල්ප සැටදහසක් මුළුල්ලෙහි උබ්බිද්ධ නම් ක්‍ෂත්‍රියයෙක් ව සිවුමහසයුර හා සිවුමහදිවයින කෙළවර කොට ඇති පෘථිවියට අධිපති වූයෙම් සතුරු රජුන් ජය ගන්නා සුලු ව මම විසීමි.
Pali BJT413. තථෙව{11} භද්දකෙ කප්පෙ තිංසක්ඛත්තුං අහොසහං, සකකම්මාභිරද්ධොම්හි චක්කවත්තී මහබ්බලො, සත්තරතනසම්පන්නො චතුදීපම්හි ඉස්සරො.
Sinhala BJT413. එසේ ම භද්‍රකල්පයෙහි තිස් වරක් මහත් බල ඇති සක්විති රජ වීමි. ස්වකීය පුණ්‍යකර්‍මයන්හි ඇලුනෙම් ම වීම.
Pali BJT414. තත්ථාපි භවනං මය්හං ඉන්දලට්ඨි’ව උග්ගතං, ආයාමතො චතුබ්බීසං{12} විත්ථාරෙන ච ද්වාදසං{13}.
Sinhala BJT414. එහි ද මාහට දිගින් සූවිසි රියන් වූ පුළුලින් දොළොස්රියන් වූ ඉන්‍ද්‍රකීලයක් වැනි වූ භවනයක් පැන නැංගේ ය.
Pali BJT415. රම්මකං නාම නගරං දළ්හපාකාරතොරණං, ආයාමතො පඤ්චසතං විත්ථාරෙන තදඩ්ඪකං, ආකිණ්ණං ජනකායෙහි තිදසානං පුරං විය.
Sinhala BJT415. විශාල පවුරු හා තොරන් ඇති දිගින් (යොදුන්) පන්සියයක් වූ ද, පුළුලින් ඉන් අඩක් වූ ද, තව්තිසාවැසියන්ගේ දෙව්පුරය වැනි ජන සමූහයාගෙන් ගැවසීගත් රම්මක නම් නගරයක් වි ය.
Pali BJT416. යථා සූචිඝරෙ සූචි පක්ඛිත්තා පණ්ණවීසති, අඤ්ඤමඤ්ඤං පඝට්ටෙනති ආකිණ්ණං හොති තං තදා{1}.
Sinhala BJT416. යම් සේ හිඳිකටුගුලාවෙහි බහනලද පස්විස්සක් හිදිකටු ඔවුනොවුන් ගැටෙත් ද, එකල්හි එය ගැවසීගත්තේ වේ ද,
Pali BJT417. එවම්පි නගරං මය්හං හත්ථස්සරථසඞ්කුලං, මනුස්සෙහි සදාකිණ්ණං{2} රම්මකං නගරුත්තමං.
Sinhala BJT417. එසේ ම මාගේ උතුම් වූ රම්මක නගරය ද හස්ති අශ්ව රථයන්ගෙන් පිරී ගියේ මිනිසුන්ගෙන් හැමකල්හි ගැවසීගත්තේ වී ය.
Pali BJT418. තත්ථ භුත්වා පිවිත්වා{3} ච පුන දෙවත්තනං{4} ගතො, භවෙ පච්ඡිමකෙ මය්හං අහොසි කුලසම්පදා.
Sinhala BJT418. එහි කා බී යලි දේවත්‍වයට ගියේ මාගේ අන්තිමභවයෙහි ද කුලසම්පත් ඇති වි ය.
Pali BJT419. බ්රහ්මඤ්ඤකුලසම්භූතො මහාරතනසඤ්චයො, අසීතිකොටියො හිත්වා හිරඤ්ඤස්සා’පි පබ්බජිං.{5}
Sinhala BJT419. මහත් වූ රුවන් සමූහ ඇති බමුණුකුලයෙහි උපන්නෙම් අසුකෙළක් රන් හැරදමා පැවිදි වීමි.
Pali BJT420-422. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT420-422. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහු ය. –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාකස්සපො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේකි.
Pali BJTමහාකස්සපත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTතෙවෙනි වූ මහාකාශ්‍යපස්ථවිරාවදානය යි.
Pali BJT4. අනුරුද්ධත්ථෙරාපදානං
Sinhala BJT4. අනුරුද්ධ ස්ථවිරාවදානය
Pali BJT423. සුමෙධං භගවන්තාහං ලොකජෙට්ඨං නරාසභං, වූපකට්ඨං විහරන්තං අද්දසං ලොකනායකං.
Sinhala BJT423. මම ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විවේකී ව වාසය කරන්නා වූ ලෝකනායක වූ සුමේධ නම් භාග්‍යවතුන් වහන්සේ දිටිමි.
Pali BJT424. උපගන්ත්වාන සම්බුද්ධං සුමෙධං ලොකනායකං, අඤ්ජලිම්පග්ගහෙත්වාන බුද්ධසෙට්ඨමයාච ‘හං.
Sinhala BJT424. මම ලෝකනායක වූ සුමේධ සම්බුදුන් වහන්සේ වෙත එළඹ ඇඳිලි බැඳගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් (මෙසේ) අයැදීමි:
Pali BJT425. “අනුකම්ප{6} මහාවීර ලොකජෙට්ඨ නරාසභ, පදීපං තෙ පදස්සාමි රුක්ඛමූලම්හි ඣායතො.”
Sinhala BJT425. “මහා වීරයන්වහන්ස, ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, අනුකම්පා කොට වදාළ මැනව. රුක්මුල්හි ධ්‍යාන කරන්නා වූ ඔබවහන්සේට පහනක් දෙමි.”
Pali BJT426. අධිවාසෙසි සො ධීරො සයම්භූ වදතං වරො, දුමෙසු විනිවිජ්ඣිත්වා යන්තං යොජෙත්ව ‘හං{7} තදා.
Sinhala BJT426. සියල්ල තෙමේ ම දන්නාවූ වාදීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ ඒ ප්‍රාඥ වූ බුදුරජතෙම එය ඉවසී ය. එකල්හි මම ගස් විද යන්ත්‍රයක් යොදා–
Pali BJT427. සහස්සවට්ටිං පාදාසිං බුද්ධස්ස ලොකබන්ධුනො, සත්තාහං පජ්ජලිත්වාන දීපා වූපසමිංසු මෙ{8}.
Sinhala BJT427. ලෝකබන්‍ධු වූ බුදුරජානන් වහන්සේට දහසක් වැටි දුනිමි. මාගේ පහන්හු සතියක් දැල්වී නිවී ගියහ.
Pali BJT428. තෙන චිත්තප්පසාදෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං විමානමුපපජ්ජහං.
Sinhala BJT428. එම චිත්තප්‍රසාදයෙන් ද, සිත්හි වූ ප්‍රාර්‍ත්‍ථනයන්ගෙන් ද, මම මිනිස්සිරුර හැර දෙව්විමනක උපනිමි.
Pali BJT429. උප්පන්නස්ස දෙවත්තං ව්යම්හං ආසි සුනිම්මිතං{9}, සමන්තතො පජ්ජලති දීපදානස්සි’දං ඵලං.
Sinhala BJT429. දෙව්අත්බැව්හි උපන් මට මැනවින් නිර්මිත විමානයක් වි ය. එය හාත්පසින් දිලෙයි. මේ පහන්පූජාවෙහි විපාකය යි.
Pali BJT430. සමන්තා යොජනසතං විරොචෙසිං{10} අහං තදා, සබ්බෙ දෙවෙ අතිභොමි දීපදානස්සි’දං ඵලං.
Sinhala BJT430. එකල්හි මම හාත්පස යොදුන් සියයක් බැබැලවීමි. සියලු දෙවියන් මැඩපැවැත්වීමි. පහන්පූජාවෙහි මේ විපාකය යි.
Pali BJT431. තිංස කප්පානි දෙවින්දො දෙවරජ්ජමකාරයිං, න මං කෙච’තිමඤ්ඤන්ති{1} දීපදානස්සි’දං ඵලං.
Sinhala BJT431. ශක්‍ර ව තිස්කපක් මුළුල්ලෙහි දිව්‍යරාජ්‍යය කරවීමි. කිසිවෙක් මා ඉක්මවා නො සිතත්, (=මට අවමන් නො කරත්). මේ පහන්පූජාවෙහි විපාකය යි.
Pali BJT432. අට්ඨවීසතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොස’හං, දිවාරත්තිඤ්ච පස්සාමි සමන්තා යොජනං තදා.
Sinhala BJT432. මම අටවිසිවරක් සක්විතිරජ වීම. එකල්හි හාත්පස යොදුනක් තැන් දිවා රෑ දෙක්හි ම (එක සේ) දකිමි.
Pali BJT433. සහස්සලොකං ඤාණෙන පස්සාමි සත්ථුසාසනෙ, දිබ්බචක්ඛුං අනුප්පත්තො දීපදානස්සි’දං ඵලං.
Sinhala BJT433. (ඥාන) චක්‍ෂුසින් දහසක් සක්වළ (ලෝක) දකිමි. සර්‍වඥ ශාසනයෙහි (පැවිදි ව) දිවැස ලැබූයෙම් ද වෙමි. පහන්පූජාවෙහි මේ විපාකය යි.
Pali BJT434. සුමෙධො නාම සම්බුද්ධො තිංසකප්පසහස්සි’තො, තස්ස දීපො මයා දින්නො විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT434. මෙයින් කල්ප තිස්දහසකට පෙර සුමේධ නම් සම්බුදුරජ තෙම වි ය. මා විසින් උන්වහන්සේට පැහැදුනු සිතින් පහනක් දෙනලදී.
Pali BJT435. 436, 437. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT435-437. ක්ලේශයෝ දවන ලදහ. –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අනුරුද්ධො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේකි.
Pali BJTඅනුරුද්ධත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTසතරවැනි වූ අනුරුද්ධස්ථවිරාවදානය යි.
Pali BJT5. පුණ්ණත්ථෙරාපදානං
Sinhala BJT5. පූර්‍ණ ස්ථවිරාවදානය
Pali BJT438. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන පාරගූ, පුරක්ඛතො’ම්හි සිස්සෙහි උපගච්ඡිං නරුත්තමං.
Sinhala BJT438. වේද හදාරවන්නා වූ මන්ත්‍රධර වූ වේදත්‍රයයෙහි පරතෙරට ගිය (මම) ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් මනුෂ්‍යොත්තම වූ බුදුරජානන් වහන්සේ වෙත එළඹියෙමි.
Pali BJT439. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම කම්මං පකිත්තෙසි සඞ්ඛිත්තෙන මහාමුනි.
Sinhala BJT439. පුදසත්කාර පිළිගැණීමට සුදුසු වූ තුන්ලෝ දත් මහා මුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ සංක්‍ෂිප්තවශයෙන් මාගේ කර්‍මය කීර්‍තනය කළ සේක.
Pali BJT440. තා’හං ධම්මං සුණිත්වාන අභිවාදෙත්වාන සත්ථුනො, අඤ්ජලිම්පග්ගහෙත්වාන පක්කාමිං දක්ඛිණාමුඛො.
Sinhala BJT440. මම ඒ ධර්‍මය අසා බුදුරජානන් වහන්සේට ඇඳිලි බැඳ අභිවාදනය කොට දකුණුදිගට මුහුණ ලා ගියෙමි. (=පැදකුණු කෙළෙමි).
Pali BJT441. සඞ්ඛිත්තෙන සුණිත්වාන විත්ථාරෙන අදෙසයිං,{2} සබ්බෙ සිස්සා{3} අත්තමනා සුත්වාන මම භාසතො.
Sinhala BJT441. සංක්‍ෂිප්ත ව අසා විස්තරවශයෙන් කීමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසා සියලු ශිෂ්‍යයෝ සතුටු වූහ.
Pali BJT442. සකදිට්ඨිං විනොදෙත්වා බුද්ධෙ චිත්තං පසාදයුං, සඞ්ඛිත්තෙනපි දෙසෙමි{4} විත්ථාරෙන තථෙව ‘හං.{5}
Sinhala BJT442. ඔහු ස්වකීය දෘෂ්ටිය හැර දමා බුදුන් කෙරෙහි සිත පැහැද වූහ. මම සංක්‍ෂිප්ත කොට ද දෙසමි. එසේ ම විස්තරවශයෙන් ද දෙසමි.
Pali BJT443. අභිධම්මනයඤ්ඤු’හං{6} කථාවත්ථුවිසුද්ධියො, සබ්බෙසං විඤ්ඤපෙත්වාන විහරාමි අනාසවො.
Sinhala BJT443. විජම්නය (=අභිධර්‍මක්‍රම) දන්නා වූ මම දශකථාවස්තුවෙහි විශුද්ධීන් සියල්ලනට අවබෝධ කරවා ආශ්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT444. ඉතො පඤ්චසතෙ කප්පෙ චතුරො සුප්පකාසකා, සත්තරතනසම්පන්නා චතුදීපම්හි ඉස්සරා.
Sinhala BJT444. මෙයින් කප් පන්සියයකින් පෙර සතරමහදිවයිනෙහි අධිපති වූ සත්රුවනින් යුත් සුප්පකාසක නම් සිවුසක්විතිරජකෙනෙක් වූහ.
Pali BJT445. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT445. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද (මා විසින්) සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ ශාසනය ද කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුණ්ණො මන්තානිපුත්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්ණමන්තානිපුත්ත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේකි.
Pali BJTපුණ්ණමන්තානිපුත්තත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTපස්වැනි වූ පුණ්ණමන්තානිපුත්ත ස්ථවිරාවදානය යි.
Pali BJT6. උපාලිත්ථෙරාපදානං
Sinhala BJT6. උපාලි ස්ථවිරාවදානය
Pali BJT446. නගරෙ හංසවතියා සුජාතො නාම බ්රාහ්මණො, අසීතිකොටිනිචයො පහූතධනධඤ්ඤවා.
Sinhala BJT446-447. හංසවතීනගරයෙහි රැස් කොට තැබූ අසූ කෙළක් ධනය ඇති සමෘද්ධ වූ ධන ධාන්‍ය ඇති වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ වෛදත්‍රයයෙහි පරතෙරට ගියා වූ (අත් පා ආදියෙහි ලකුණු බලා අනාගතය පවසන) ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද ඉතිහාසයෙහි ද ස්වකීය බ්‍රාහ්මණධර්‍මයෙහි ද පරතෙරට ගියා වූ සුජාත නම් බමුණෙක් වි ය.
Pali BJT447. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන පාරගූ, ලක්ඛණෙ ඉතිහාසෙ ච සධම්මෙ{1} පාරමිං ගතො.
Sinhala BJTSegment missing in this edition
Pali BJT448. පරිබ්බාජා එකසිඛා{2} ගොතමා{3} බුද්ධසාවකා, චරකා{4} තාපසා චෙව චරන්ති මහියා තදා.
Sinhala BJT448. (හිසැ එක් සිළුවක් ඇති) ඒකසිඛයෝ ද පරිව්‍රාජකයෝ ද ගෞතමඍෂිශ්‍රාවකයෝ ද (තැනින් තැන හැසිරෙණ) චරකයෝ ද තවුසෝ ද එකල්හි පොළොවෙහි හැසිරෙත්.
Pali BJT449. තෙපි මං පරිවාරෙන්ති බ්රාහ්මණො විස්සුතො ඉති, බහුජ්ජනො මං පූජෙති නාහං පූජෙමි කඤ්චනං.{5}
Sinhala BJT449. ඔහු ද ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙකැයි කියා මා පිරිවරත්. බොහෝ දෙන මා පුදත්. මම කිසිවෙකු නො පුදමි.
Pali BJT450. පූජාරහං න පස්සාමි මානත්ථද්ධො අහං තදා, බුද්ධොති වචනං{6} නත්ථි තාව නුප්පජ්ජතෙ ජිනො.
Sinhala BJT450. යම් තාක් කල් තථාගතයන් වහන්සේ ලොව පහළ නො වනසේක් ද, ඒ තාක් කල් බුද්ධ යන වචනය පවා (ලෙව්හි) නැත. එකල්හි මම මානයෙන් තද වූයෙම් පිදිය යුත්තකු නො දකිමි.
Pali BJT451. අච්චයෙන අහොරත්තා පදුමුත්තරනායකො{7}, සබ්බං තමං විනොදෙත්වා ලොකෙ උප්පජ්ජි චක්ඛුමා.
Sinhala BJT451. රෑදාවල් (බොහෝ හවුරුදු) ගෙවී යාමෙන් (පසු) පසැස් ඇති පදුමුත්තර නම් ලෝකනායක බුදුරජතෙම සියලු අඳුරු දුරු කොට ලොව පහළ වි ය.
Pali BJT452. විත්ථාරිතෙ{8} බාහුජඤ්ඤෙ පුථුභූතෙ ච සාසනෙ, උපාගමි තදා බුද්ධො නගරං හංසසව්හයං.
Sinhala BJT452. බුදුසසුන පැතුරුණු කල්හි මැනවැයි සම්මත වූ කල්හි අභිවෘද්ධියට පැමිණි කල්හි බුදුරජතෙම හංසවතී නගරයට එළඹියේ ය.
Pali BJT453. පිතු අත්ථාය සො බුද්ධො ධම්මං දෙසෙසි චක්ඛුමා, තෙන කාලෙන පරිසා සමන්තා යොජනං තදා.
Sinhala BJT453. පසැස් ඇත්තා වූ ඒ බුදුරජාණන් වහන්සේ පියාණන්ට වැඩ පිණිස ධර්‍මදේශනා කළසේක. එකල්හි පිරිස ද හාත්පස යොදුනක් (තන්හි පැතුරුනේ) වි ය.
Pali BJT454. සම්මතො මනුජානං සො{9} සුනන්දො නාම තාපසො, යාවතා බුද්ධපරිසා පුප්ඵෙහ’ච්ඡාදයී තදා.
Sinhala BJT454. මිනිසුන් අතර සුනන්‍ද නමින් සම්මත වූ ඒ තවුස් තෙමේ එකල්හි යම් තාක් බුදුපිරිස ද, ඒ තාක් තැන මල්වලින් වැසී ය.
Pali BJT455. චතුසච්චං පකාසෙන්තෙ සෙට්ඨෙ ච{10} පුප්ඵමණ්ඩපෙ, කොටිසතසහස්සානං ධම්මාභිසමයො අහු.
Sinhala BJT455. පුෂ්ප මණ්ඩපයෙහි සිටි බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ චතුස්සත්‍යය දේශනා කරණ කල්හි කෙළලක්‍ෂයක් (ප්‍රාණීන්ට) ධර්‍මාභිසමය වි ය.
Pali BJT456. සත්තරත්තින්දිවං බුද්ධො වස්සෙත්වා{11} ධම්මවුට්ඨියො,{12} අට්ඨමෙ දිවසෙ පත්තෙ සුනන්දං කිත්තයී ජිනො.
Sinhala BJT456. පස්මරුන් දිනූ බුදුරජ තෙම දිවා රෑ සතක් (=සතියක්) උතුම් දහම්වැසි වස්වා අටවැනි දිනය පැමිණි කල්හි සුනන්‍දට මෙසේ පැවැසී ය.
Pali BJT457. “දෙවලොකෙ මනුස්සෙ වා සංසරන්තො අයං භවෙ, සබ්බෙසං පවරො හුත්වා භවෙසු සංසරිස්සති.
Sinhala BJT457. “මෙතෙම සසරෙහි දෙව්ලොවෙහි ද මිනිස්ලොවෙහි ද සැරිසරන්නේ භවයන්හි සියල්ලනට උතුම් ව සැරිසරන්නේ ය.
Pali BJT458. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT458. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
Pali BJT459. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, මන්තානිපුත්තො පුණ්ණොති හෙස්සති සත්ථුසාවකො.”
Sinhala BJT459. ඒ ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්‍මයට දායාද (=කොටස් හිමියෙක්) වූ (දහම් අසා සෝවාන් ආදිමාර්‍ගඵල පිළිවෙළින් රහත් වූ බැවින් ‘බුදුරජුන්ගේ ඖරස පුත්‍ර වූ ධර්‍මයෙන් ම මවාලුවාක් වැනි වූ පුණ්ණමන්තානීපුත්ත නම් බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT460. එවං කිත්තයි සම්බුද්ධො{13} සුනන්දං තාපසං තදා, භාසයන්තො ජනං සබ්බං දස්සයන්තො සකං බලං.
Sinhala BJT460. එකල්හි සම්බුදුරජ තෙම සියලු දෙනා සතුටු කරමින් ස්වකීය බලය ද දක්වමින් සුනන්‍ද තවුසාට මෙසේ පැවැසී ය.
Pali BJT461. කතඤ්ජලී නමස්සන්ති සුනන්දං තාපසං ජනා{1}, බුද්ධෙ කාරං කරිත්වාන සොධෙසි{2} ගතිමත්තනො.
Sinhala BJT461. ජනයෝ කරණලද ඇඳිලි ඇත්තාහු “බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුණ්‍යකර්‍ම කොට තමාගේ ගතිය පිරිසිදු කෙළේ ය” යි සුනන්‍ද තවුසාට නමස්කාර කෙරෙත්.
Pali BJT462. තත්ථ මෙ අහු සඞ්කප්පො සුත්වාන මුනිනො වචං, අහම්පි කාරං කස්සාමි යථා පස්සාමි ගොතමං.
Sinhala BJT462. බුදුරජාණන් වහන්සේගේ වචනය අසා එහි දී මට ද (මේ) අදහස වි ය. යම් පින්කමක් කිරීමෙන් ගෞතම බුදුරජාණන් වහන්සේ දැකිය හැකි වෙම් නම්, මම ද එබඳු පින්කමක් කරන්නෙමි (කියායි).
Pali BJT463. එවා’හං චින්තයිත්වාන කිරියං චින්තයිං{3} මමං, ක්යාහං කම්මං ආචරාමි පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ?
Sinhala BJT463. මම මෙසේ සිතා මා විසින් ඒ සඳහා කෙබඳු පිනක් කට යුතු දැ යි සිතීමි. නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍රයෙහි (රත්නත්‍රයයෙහි) මම කවර පින්කමක් කෙරෙම් ද?
Pali BJT464. අයඤ්ච පාඨිකො{4} භික්ඛු සබ්බපාඨීන{5} සාසනෙ, විනයෙ ච අග්ගනික්ඛිත්තො තං ඨානං පත්ථයිං{6} අහං.
Sinhala BJT464. (මධුරස්වරයෙන් සරභඤ්ඤවසයෙන් ග්‍රන්‍ථයන් හදාරණ හෙයින්) පාඨික නම් වූ මේ භික්‍ෂූ තෙමේ බුද්ධශාසනයෙහි සියලු මධුරස්වරපාඨකයන් අතුරෙහි ද විනයයෙහි ද අග්‍රස්ථානයෙහි තබන ලදී. මම ඒ තනතුර පැතීමි.
Pali BJT465. ඉදං මෙ අමිතං භොගං අක්ඛොභං සාගරූපමං, තෙන භොගෙන බුද්ධස්ස ආරාමං මාපයිං{7} අහං.
Sinhala BJT465. මාගේ මේ අපමණ සම්පත් සයුර මෙන් නො කැලඹිය හැකි ය. මම ඒ ධනයෙන් බුදුරජාණන් වහන්සේට ආරාමයක් කරවීමි.
Pali BJT466. සොභනං නාම ආරාමං නගරස්ස පුරත්ථතො, කීත්වා{8} සතසහස්සෙන සඞ්ඝාරාමං අමාපයිං.
Sinhala BJT466. නගරයට නැගෙනහිරින් සෝභන නම් වූ උයනකි. (එය) ලක්‍ෂයකින් විකිණ ගෙණ සංඝාරාමයක් කරවීමි.
Pali BJT467. කූටාගාරෙ ච පාසාදෙ මණ්ඩපෙ හම්මියෙ ගුහා, චඞ්කමෙ සුකතෙ කත්වා සඞ්ඝාරාමං අමාපයිං.
Sinhala BJT467. කුළුගෙවල් ද ප්‍රාසාදයන් ද මණ්ඩපයන් ද සඳලු සහිත ගෙවල් ද දොර නො ලූ ගුහාවන් ද සක්මන්මළු ද මැනවින් කොට සංඝාරාමය නිමවීමි.
Pali BJT468. ජන්තාඝරං අග්ගිසාලං අථො උදකමාළකං, නහානඝරං මාපයිත්වා භික්ඛුසඞ්ඝස්ස’දාසහං.
Sinhala BJT468. උසුමෙන් ඩහ ගන්වන ගෙය ද ගිනිහල ද යලි පැන්කළ තබන ගෙය ද නහනගෙය ද කොට මම භික්‍ෂු සංඝයාට දිනිමි.
Pali BJT469. ආසන්දියො පීඨකෙ ච පරිභොගෙ ච භාජනෙ, ආරාමිකඤ්ච භෙසජ්ජං සබ්බමෙතං අදාසහං.
Sinhala BJT469. දික්හඟළාපුටු ද (කුඩා) පුටු ද පරිභෝගභාජන ද ආරමිකයනට දෙන බෙහෙත් ද යන මේ සියල්ල මම දිනිමි.
Pali BJT470. ආරක්ඛං පට්ඨපෙත්වාන පාකාරං කාරයිං දළ්හං, මා නං කොචි විහෙඨෙසි සන්තචිත්තාන තාදිනං.
Sinhala BJT470. සන්හුන් සිත් ඇති අකම්ප්‍ය ගුණ ඇත්තවුන්ගේ ඒ ගුණයනට කිසිවෙක් පීඩා නො කෙරේවා යි ආරක්‍ෂා තබවා දැඩි කොට පවුරක් කරවීමි.