Pali BJT3446. සට්ඨිරථසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, පරිවාරෙස්සන්ති’මං නිච්චං සබ්බදානස්සිදං ඵලං.
Sinhala BJT3446. සියලු ආභරණයන්ගෙන් සරසන ලද සැටදහසක් රථයෝ නිරතුරුව මොහු පිරිවරන්නාහු ය. සර්‍වදානයාගේ මේ විපාක යි.
Pali BJT3447. සට්ඨිතුරියසහස්සානි{5} භෙරියො සමලඞ්කතා, වජ්ජයිස්සන්ති’මං නිච්චං සබ්බදානස්සිදං ඵලං.
Sinhala BJT3447. සැටදහසක් තූර්‍ය්‍යයෝ ද මැනැවින් අලඞ්කාර කරණ ලද භේරීහු ද මොහුට නිරතුරුව ම වැයුම් කරන්නාහු ය. සර්‍වදානයාගේ මේ විපාක යි.
Pali BJT3448. ඡළාසීතිසහස්සානි නාරියො සමලඞ්කතා, විචිත්තවත්ථාභරණා ආවුත්තමණිකුණ්ඩලා{1}.
Sinhala BJT3448-3449. මැනැවින් අලඞ්කාර කරණ ලද සයාසූදහසක් ස්ත්‍රීහු විසිතුරු වස්‍ත්‍රාභරණ ඇත්තාහු පළඳින ලද මිණිකොඬොල් ඇත්තාහු දිග ඇසිපිය ඇත්තාහු සිනා සහිත වූවාහු මැනවැයි හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහු සිහින් කටිප්‍රදේශ ඇත්තාහු නිරතුරුව ම මොහු පිරිවරන්නාහු ය. සර්‍වදානයාගේ මේ විපාක යි.
Pali BJT3449. අළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා, පරිවාරෙස්සන්ති’මං නිච්චං සබ්බදානස්සිදං ඵලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3450. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
Sinhala BJT3450. කප්තිස්දහසක් කල් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. දහස්වරක් දේවේන්‍ද්‍රව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
Pali BJT3451. සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT3451. දහස්වරක් සක්විති රජ වන්නේ ය. (කරවනු ලබන) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණය යි) ගිණිය නො හැකිය.
Pali BJT3452. දෙවලොකෙ වසන්තස්ස පුඤ්ඤකම්මසමඞ්ගිනො, දෙවලොකපරියත්තං රතනඡත්තං ධරීයති{2}.
Sinhala BJT3452. පුණ්‍යකර්‍මයාගේ (විපාකය හා) යෙදී දෙව්ලොව වසන්නා වූ මොහුට දෙව්ලොව කෙළවර කොට රුවන්සැතක් (=ස්වර්‍ණමයකුඩයක්) දැරේ.
Pali BJT3453. ඉච්ඡිස්සති යදා ඡායං{3} ඡදනං දුස්සපුප්ඵජං, ඉමස්ස චිත්තමඤ්ඤාය නිබද්ධං ඡාදයිස්සති.
Sinhala BJT3453. යම් කලෙක පිළීපුප්මුවා සෙවෙනි සේයාවක් ඉස්නේ නම් (එකල්හි) මොහුගේ සිත දැන (මෙන්) නිරතුරුව ම සෙවන කරන්නේ ය.
Pali BJT3454. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, පුඤ්ඤකම්මෙන සංයුත්තො බ්රහ්මබන්ධු භවිස්සති.
Sinhala BJT3454. කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ දෙව්ලොවින් සැව පුණ්‍යකර්‍මවිපාකය හා යෙදුනේ බ්‍රාහ්මණයෙක් වන්නේ ය.
Pali BJT3455. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන{4} සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT3455. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT3456. සබ්බමෙතං අභිඤ්ඤාය ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙස්සති.
Sinhala BJT3456. ශාක්‍යකුලයෙහි වූ ගෞතම බුදුරජ තෙමේ සියල්ල දැන භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ (මොහු) ඒතදග්‍රස්‍ථානයෙහි තබන්නේ ය.
Pali BJT3457. පිළින්දිවච්ඡ{5} නාමෙන හෙස්සති සත්ථුසාවකො, දෙවානං අසුරානඤ්ච ගන්ධබ්බානං ච සක්කතො.
Sinhala BJT3457. දෙවියන් විසින් ද අසුරයන් විසින් ද ගන්‍ධර්‍වයන් විසින් ද සත්කාර කරණ ලද පිළින්‍දිවච්ඡ නම් බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT3458. භික්ඛූනං භික්ඛුනීනං ච ගිහීනං ච තථෙව සො, පියො හුත්වාන සබ්බෙසං විහරිස්සතනාසවො.”
Sinhala BJT3458. එසේ ම හෙතෙමේ මහණුන් හට ද මෙහෙණන් හට ද ගිහියන් හට ද යන සියල්ලනට ප්‍රිය ව ආස්‍රව රහිතව වාසය කරන්නේය” යි.
Pali BJT3459. සතසහසෙස කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයී මම{6}.
Sinhala BJT3459. මෙයින් සියක්දහස් වන කපෙහි කරණ ලද කර්‍මයාගේ විපාකය මට මෙහි දී දැක්වීය. දුනුදියෙන් මිදුනු හීවේගය මෙන් මාගේ කෙලෙස් දැවී ය.
Pali BJT3460. අහො මෙ සුකතං කම්මං පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ, යත්ථ කාරං කරිත්වාන පත්තොම්හි අචලං පදං.
Sinhala BJT3460. නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි මා විසින් මැනැවින් කරන ලද පුණ්‍යකර්‍මය ආශ්චර්‍ය්‍ය යි. යම් පින්කෙතක පින්කම් කොට අචල වූ නිර්‍වාණපදයට පැමිණියෙම් වෙම් ද එහෙයිනි.
Pali BJT3461. අනූනකං දානවරං අදාසි යො හි මාණවො, ආදි පුබ්බඞ්ගමො ආසි තස්ස දානස්සිදං ඵලං.
Sinhala BJT3461. යම් මාණවකයෙක් තෙම කිසිවක් නො අඩු වූ උතුම් දනක් දුන්නේ ද, (එහි) පළමු ප්‍රමුඛයා විය. ඒ දානයාගේ මේ විපාක යි.
Pali BJT3462. ඡත්තෙ සුගතෙ දත්වාන{7} සඞ්ඝෙ ගණවරුත්තමෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3462. බුදුරජුන් කෙරෙහි ද ගණප්‍රධාන වූ සඞ්ඝයා කෙරෙහි ද ඡත්‍රයක් පුදා මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
Pali BJT3463. සීතං උණ්හං න ජානාමි රජොජල්ලං න ලිම්පති, අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා.
Sinhala BJT3463. ශීතොෂණයන් නො දනිමි. දැලිකුණු නො තැවරේ. උවදුරු විපත් නැති වේ. හැමකල්හි පුදන ලද්දෙක් වෙමි.
Pali BJT3464. සුඛුමච්ඡවිකො හොමි විසදං හොති මානසං, ඡත්තසතසහස්සානි භවෙ සංසරතො මම.
Sinhala BJT3464-3465. සියුම් සිවි ඇත්තෙම් වෙමි. සිත පිරිසිදු වේ. භවයෙහි සැරිසරන්නා වූ මට මේ ජාතිය හැර (අනෙක් හැම ජාතියක දී ම) ඒ කර්‍මයාගේ බලයෙන් සියලු අලඞ්කාරයන්ගෙන් යුක්ත වූ සියක්දහසක් ඡත්‍ර මාගේ හිසට දරත්.
Pali BJT3465. සබ්බාලඞ්කාරයුත්තානි තස්ස කම්මස්ස වාහසා, ඉමං ජාතිං ඨපෙත්වාන මත්ථකෙ ධාරයන්ති මෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3466. කස්මා{1} ඉමාය ජාතියා නත්ථි මෙ ඡත්තධාරණා, මම සබ්බං කතං කම්මං විමුත්තිඡත්තපත්තියා.
Sinhala BJT3466. ඉහාත්මයෙහි මාගේ ඡත්‍රධාරණයක් නැත්තේ මන් ද? මා විසින් කරණ ලද කර්‍ම සියල්ල විමුක්තිඡත්‍රලාභයට (=නිවන් ලැබීමට) හේතු වූ බැවිනි.
Pali BJT3467. දුස්සානි සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තෙමෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3467. බුදුරජුන් කෙරෙහි ද ගණප්‍රධාන වූ සඞ්ඝයා කෙරෙහි ද වස්ත්‍ර දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
Pali BJT3468. සුවණ්ණවණ්ණො විරජො සප්පභාසො පතාපවා, සිනිද්ධං හොති මෙ ගත්තං භවෙ සංසරතො මම.
Sinhala BJT3468. ස්වර්‍ණවර්‍ණ වූයෙම් රජස් රහිත වූයෙම් ප්‍රභා සහිත වූයෙම් ප්‍රතාපවත් වූයෙම් වෙමි. භවයෙහි සැරිසරන්නා වූ මාගේ සිරුර සිනිඳු වේ.
Pali BJT3469. දුස්සසතසහස්සානි සෙතා පීතා ච ලොහිතා, ධාරෙන්ති මත්ථකෙ මය්හං දුස්සදානස්සිදං ඵලං.
Sinhala BJT3469. සුදුවන් වූ ද කහවන් වූ ද ලෙහෙවන් වූ ද සියක්දහසක් වස්ත්‍ර මාගේ මස්තකයෙහ් දරත්. වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
Pali BJT3470. කොසෙය්යකම්බලීයානි ඛොමකප්පාසිකානි ච, සබ්බත්ථ පටිලභාමි තෙසං නිස්සන්දතො අහං.
Sinhala BJT3470. කෝසෙය්‍යවස්ත්‍රය කම්‍බල වස්ත්‍රය කොමුපිළීය කපුපිළීය යන මේ වස්ත්‍ර ඒ කර්‍මයාගේ ඵලයෙන් මම සියලු තන්හි දී ම ලබමි.
Pali BJT3471. පත්තෙ සුගතෙ දත්වාන සඞ්ඝෙ ගණවරුත්තමෙ, දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3471. බුදුරජුන් කෙරෙහි ද ගණප්‍රධාන වූ සඞ්ඝයා කෙරෙහි ද පාත්‍ර දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් දසයක් අනුභව කරමි.
Pali BJT3472. සුවණ්ණථාලෙ මණිථාලෙ රජතෙ පි ච ථාලකෙ, ලොහිතඞ්කමයෙ ථාලෙ පරිභුඤ්ජාමි සබ්බදා.
Sinhala BJT3472. රන්තලි ද මිණිතලි ද රිදීතලි ද පියුම්රාමිණිමුවාතලි ද හැම කල්හි පරිභෝග කරමි.
Pali BJT3473. අනුපද්දවො අනීතී ච හොමි අපචිතො සදා, ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස සයනස්ස ච.
Sinhala BJT3473. උවදුරු රහිත වූයෙම් විපත් රහිත වූයෙම් හැම කල්හි (සියල්ලන් විසින්) පුදන ලදුයෙම් වෙමි. ආහාරපාන වස්ත්‍ර සයනාසන ලබන්නෙක් ද වෙමි.
Pali BJT3474. න විනස්සන්ති මෙ භොගා ඨිතචිත්තො භවාමහං, ධම්මකාමො සදා හොමි අප්පක්ලෙසො අනාසවො.
Sinhala BJT3474. මාගේ භෝගයෝ විනාශ නො වෙත්. මම නැවතුනා වූ සිත් ඇත්තෙම් වෙමි. හැම කලුහි ධර්‍මය කැමැති වෙමි. කෙලෙස් නැති වූයෙම් ආස්‍රව රහිත වෙමි.
Pali BJT3475. දෙවලොකෙ මනුස්සෙ වා අනුබන්ධා ඉමෙ ගුණා, ඡායා යථාපි රුක්ඛස්ස සබ්බත්ථ න ජහන්ති මං.
Sinhala BJT3475. දෙව්ලොව්හි ද මිනිස්ලොව්හි ද මෙකී ගුණයෝ මා අනුව ම ගියාහු ගසේ සෙවන (ගස නොහරින්නාක්) මෙන් සියලු තන්හි දී මා අතහැර නො දමන්නාහුය.
Pali BJT3476. චිත්තබන්ධනසම්බද්ධා සුකතා වාසියො බහූ, දත්වාන බුද්ධසෙට්ඨස්ස සඞ්ඝස්ස ච තථෙවහං, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3476. මම විසිතුරු බන්‍ධනයන්ගෙන් බැඳුනු මැනවින් කළ බොහෝ පිහිය ද බුද්ධශ්‍රෙෂ්‍ඨයන් වහන්සේට හා එසේ ම සඞ්ඝයාට ද පුදා,
Pali BJT3477. සූරො හොම’විසාරී ච වෙසාරජ්ජෙසු පාරමී, ධිති විරියවා හොමි පග්ගහීතමනො සදා.
Sinhala BJT3477. සූර වූයෙම් සසල නො වූයෙම් විසාරද බැව්හි කෙළ පැමිණියෙම් වෙමි. හැම කල්හි (කෙලෙස් වසඟව යා නො දී) දැඩි කොට ගත් සිත් ඇත්තෙම් නුවණ හා වීර්‍ය්‍ය ඇත්තෙම් ද වෙමි.
Pali BJT3478. කිලෙසච්ඡෙදනං ඤාණං සුඛුමං අතුලං සුචිං, සබ්බත්ථ පටිලභාමි තස්ස නිස්සන්දතො අහං.
Sinhala BJT3478. මම සියුම් වූ අතුල පිරිසිදු වූ කෙලෙස් සිඳීමේ නුවණ ද ඒ පුණ්‍යකර්‍ම බලයෙන් සියලු තන්හි දී ලබමි.
Pali BJT3479. අකක්කසෙ අඵරුසෙ සුධොතෙ සත්ථකෙ බහූ, පසන්නචිත්තො දත්වාන බුද්ධෙ සඞ්ඝෙ තථෙව ච.
Sinhala BJT3479. බුදුරජුන් කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද පහන්සිත් ඇත්තෙම් කොරොස් නො වූ රළු නො වූ තියුණු කළ බොහෝ අවි මැනැවින් දී,
Pali BJT3480. පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම, කල්යාණචිත්තං විරියං ඛන්තිඤ්ච මෙත්තසත්ථකං.
Sinhala BJT3480-3481. මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි. කල්‍යාණ චිත්තය ද, වීර්‍ය්‍යය ද, ක්‍ෂාන්තිය ද, මෙත් අවිය ද, තණ්හානමැති හුල සිඳුනා ලද බැවින් අනුත්තර වූ ප්‍රඥාශස්ත්‍රය වූ විදුරුසම නුවණ ද ඒ කුශලකර්‍ම බලයෙන් ලබමි.
Pali BJT3481. තණ්හාසල්ලස්ස ඡින්නත්තා පඤ්ඤාසත්ථං අනුත්තරං, වජිරෙන සමං ඤාණං තෙසං නිස්සන්දතො ලභෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3482. සූචියො සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3482. බුදුරජුන් කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද හිදි (කටු) දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි:
Pali BJT3483. න සංසයො කඞ්ඛච්ඡෙදො අභිරූපො ච භොගවා, තික්ඛපඤ්ඤො සදා හොමි සංසරන්තො භවාභවෙ.
Sinhala BJT3483. කුදුමහත් භවයෙහි සැරිසරන්නෙම් හැම කල්හි සැක නැත්තෙම් කුකුස් සිඳුනෙම් මනා රූ ඇත්තෙම් භෝගසම්පත් ඇත්තෙම් තියුණු පැණවත් වූයෙම් ද වෙමි.
Pali BJT3484. ගම්භීරං නිපුණං ඨානං අත්ථං ඤාණෙන පස්සයිං, වජිරග්ගසමං ඤාණං හොති මෙ තමඝාතනං.
Sinhala BJT3484. ගැඹුරු වූ ද සියුම් වූ ද තැන් හා අරුත් නුවණින් දුටුවෙමි. මාගේ මොහඳුර නසන්නා වූ වීදුරු අගක් මෙන් සියුම් නුවණ වේ.
Pali BJT3485. නඛච්ඡෙදනෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණුත්තමෙ, පඤ්චනිසසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3485. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද තියසැත් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
Pali BJT3486. දාසිදාසෙ ගවස්සෙ ච භතකෙ ආරක්ඛකෙ බහූ{1}, න්හාපිතෙ භත්තකෙ සූදෙ සබ්බත්ථෙව ලභාමහං.
Sinhala BJT3486. බොහෝ දැසිදස්සන් ද ගවයන් හා අශ්වයන් ද බැළයන් ද ආරක්‍ෂකයන් ද නැවෑමියන් ද මේවඩුවන් ද සූදයන් ද මම (භවයෙහි) සියලු තන්හිදී ම ලබමි.
Pali BJT3487. විධූපනෙ සුගතෙ දත්වා තාලවණ්ටෙ ච සොභනෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3487. ශෝභන වූ විජිනිපත් ද (තල්පතින් කළ) වටාපත් ද බුදුරජුන් කෙරෙහි ද (උතුම් සඟගණ කෙරෙහි ද දි) මාගේ කර්‍මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
Pali BJT3488. සීතං උණ්හං න ජානාමි පරිළාහො න විජ්ජති, දරථං නාභිජානාමි චිත්තසන්තාපනං මම.
Sinhala BJT3488. ශීතොෂ්‍ණයන් නො දනිමි. (සිරුරෙහි හෝ සිතෙහි) දාහයක් නැත. මාගේ කාය චිත්ත සන්තාපකර දරථයක් නො දනිමි.
Pali BJT3489. රාගග්ගි දොසමොහග්ගි මානග්ගි දිට්ටිඅග්ගි ච, සබ්බග්ගී නිබ්බුතා මය්හං තස්ස නිස්සන්දතො මම.
Sinhala BJT3489. මාගේ ඒ කුශලකර්‍මයාගේ විපාකයෙන් රාගාග්නිය ද්වේෂාග්නිය මෝහාග්‍නිය දෘෂ්‍ට්‍යග්‍නිය යන සියලු අග්නීහු නිවී ගියහ.
Pali BJT3490. මොරහත්ථෙ චාමරියො දත්වා සඞ්ඝෙ ගණුත්තමෙ, උපසන්තකිලෙසො’හං විහරාමි අනඞ්ගණො.
Sinhala BJT3490. මොණරපියාපත් ද, සෙමෙරවලිග ද, බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟගණ කෙරෙහි දී මම සන්හිඳුනු කෙලෙස් ඇත්තෙම් කෙලෙස් රහිත ව වෙසෙමි.
Pali BJT3491. පරිස්සාවනෙ සුගතෙ දත්වා ධම්මකරුත්තමෙ{2}, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3491. බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟගණ කෙරෙහි පෙරහන් දී මාගේ කර්‍මයට සුදුසු වූ පඤ්චාසංසයක් අනුභව කරමි:
Pali BJT3492. සබ්බෙසං සමතික්කම්ම දිබ්බං ආයුං ලභාමහං, අප්පසය්හො සදා හොමි චොරපච්චත්ථිකෙහි වා.
Sinhala BJT3492. මම සෙසු සියල්ලන්ගේ ආයුෂ ඉක්මවා දිව්‍යමය ආයුෂ ලබමි. හැමකල්හි සොරුන් විසින් හෝ පසමිතුරන් විසින් හෝ බලයෙන් මැඩලිය නොහෙන්නේ වෙමි.
Pali BJT3493. සත්ථෙන වා විසෙන වා විහෙසම්පි න කුබ්බතෙ, අන්තරා මරණං නත්ථි තෙසං නිස්සන්දතො මම.
Sinhala BJT3493. අවියකින් හෝ විසකින් හෝ වෙහෙසකුදු නො කෙරේ. ඒ පුණ්‍යවිපාකයෙන් මාගේ (නියමිත ආයුෂ නො ගෙවී) අතරතුර මරණයකුදු නැත.
Pali BJT3494. තෙලධරෙ{1} සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3494. බුදුරජුන් කෙරෙහි ද, උතුම් සඟගණ කෙරෙහි ද තෙල්ගුලා දී මාගේ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
Pali BJT3495. සුචාරුරූපො සුගදො{2} සුසමුග්ගතමානසො, අවික්ඛිත්තමනො හොමි සබ්බාරක්ඛෙහි රක්ඛිතො.
Sinhala BJT3495. මනහර රූ ඇත්තෙම් මනෝඥ හඬ ඇත්තෙම් මැනවින් සමාධිගත සිත් ඇත්තෙම් නො කැළඹුනු සිත් ඇත්තෙම් සියලු ආරක්‍ෂාවන්ගෙන් රැකුනෙම් ද වෙමි.
Pali BJT3496. සූචිඝරෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3496. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද හිදිගුලාවක් දී මාගේ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
Pali BJT3497. චෙතොසුඛං කායසුඛං ඉරියාපථජං සුඛං, ඉමෙ ගුණෙ පටිලභාමි{3} තස්ස නිස්සන්දතො අහං.
Sinhala BJT3497. චිත්තසුඛය ද කායසුඛය ද ඉරියාපථ සුඛය ද යන මේ ත්‍රිවිධගුණයන් ඒ පුණ්‍යඵලයෙන් මම ලබමි.
Pali BJT3498. අංසඛන්ධෙ{4} ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3498. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගුණ කෙරෙහි ද අස් (=අංස) කඩ දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
Pali BJT3499. චෙතොඤාණඤ්ච වින්දාමි සරාමි දුතියං භවං, සබ්බත්ථ සුච්ඡවී හොමි තස්ස නිස්සන්දතො අහං.
Sinhala BJT3499. චේතෝපරියඤාණය (පරසිත් දන්නා නුවණ) ලබමි. දෙවෙනි භවය ද සිහි කෙරෙමි. මම ඒ පුණ්‍යඵලයෙන් හැම භවයෙහි ම මනා ඡවි ඇත්තෙම් වෙමි.
Pali BJT3500. කායබන්ධෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3500. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ දෙරෙහි ද කාබාන් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් සයක් ලබමි.
Pali BJT3501. සමාධීසු න කම්පාමි වසී හොමි සමාධිසු, අභෙජ්ජපරිසො හොමි ආදෙය්යවචනො සදා.
Sinhala BJT3501. සමාධීන්හි කම්‍පා නොවෙමි. (එසේ ම) සමාධීන්හි වශී වෙමි. නො බෙදුනු පිරිස් ඇත්තෙම් වෙමි. හැමකල් අනුන් විසින් පිළිගත යුතු වචන ඇත්තෙම් වෙමි.
Pali BJT3502. උපට්ඨිතසතී හොමි තාසො මය්හං න විජ්ජති, දෙවලොකෙ මනුස්සෙ වා අනුබන්ධා ඉමෙ ගුණා.
Sinhala BJT3502. එළඹ සිටි සිහි ඇත්තෙම් වෙමි. මට තැති ගැන්මක් නැත. මේ ගුණයෝ දෙව්ලොව හෝ මිනිස්ලොව හෝ මා අනුව ම එති.
Pali BJT3503. ආධාරකෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චවණ්ණෙහි දායාදො{5} අචලො හොමි කෙනචි.
Sinhala BJT3503-3504. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද (පාත්‍ර තබන) ආධාරකයන් දී පස්අයුරකින් ගත් දායාද ඇත්තෙම් හෙවත් අනුසස් පසක් ලදුයෙම් වෙමි: කිසිවකින් කම්පා නො වෙමි. මි විසින් අසන ලද යම් කිසි ධර්‍ම කෙනෙක් වෙත් ද ඒ ධර්‍මයෝ සිහිය හා නුවණ පොබයන්නෝ වෙති. සිත්හි ලා දරණ ලද්දෝ නො නැසෙත්. මැනවින් නිශ්චිත වූවාහු වෙත්.
Pali BJT3504. යෙ කෙචි මෙ සුතා ධම්මා සතිඤාණප්පබොධනා, ධතා මෙ න විනස්සන්ති භවන්ති සුචිනිච්ඡිතා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3505. භාජනෙ පරිභොගෙ ච දත්වා බුද්ධෙ ගණුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3505. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පරිභෝග භාජනයන් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
Pali BJT3506. සොණ්ණමයෙ මණිමයෙ අථො පි ඵලිකාමයෙ, ලොහිතඞ්කමයෙ චෙව ලභාමි භාජනෙ අහං.
Sinhala BJT3506. මම රන්මුවා වූ ද මිණිමුවා වූ ද යලි පිළිමිණිමුවා වූ ද පියුම්රාමිණිමුවා වූ ද බඳුන් ලබමි.
Pali BJT3507. භරියා දාසදාසී ච හත්ථස්සරථපත්තිකා, ඉත්ථි පතිබ්බතා චෙව පරිභොගානි සබ්බදා.
Sinhala BJT3507. භාර්‍ය්‍යාවෝ ද දාසිදාසයෝ ද හස්‍ති අශ්‍ව රථ පාබළ සෙනඟ ද පතිව්‍රතාස්ත්‍රීහූ ද හැම කල්හි පරිභෝග වස්තූහු වෙත්.
Pali BJT3508. විජ්ජා මන්තපදෙ චෙව විවිධෙ ආගමෙ බහූ, සබ්බං සිප්පං නිසාමෙමි පරිභොගානි සබ්බදා.
Sinhala BJT3508. විද්‍යාවන්ට ද මන්ත්‍රපදයනට ද විවිධ ආගමධර්‍මයනට ද සියලු ශිල්පයනට ද කන් යොමු කරමි. එ සිප්හු හැම කල්හි පරිභෝගයෝ වෙත්.
Pali BJT3509. ථාලකෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3509. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද තලි දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
Pali BJT3510. සොණ්ණමයෙ මණිමයෙ අථොපි ඵලිකාමයෙ, ලොහිතඞ්කමයෙ චෙව ලභාමි ථාලකෙ අහං.
Sinhala BJT3510. රුවන්මුවා වූ ද මිණිමුවා වූ ද යළි පිළිමිණිමුවා වූ ද පියුම්රාමිණිමුවා වූ ද තලි මම ලබමි.
Pali BJT3511. අස්සත්ථකෙ{1} ඵලමයෙ අථො පොක්ඛරපත්තකෙ, මධුපානකසංඛෙ ච ලභාමි ථාලකෙ අහං.
Sinhala BJT3511. ලබුපලමුවා තලි ද යලි පොකුරුපත් ද මිහි බොන සක් ද යන තලි මම ලබමි.
Pali BJT3512. වත්තෙ ගුණෙ පටිපත්ති ආචාරකිරියාසු ච, ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං.
Sinhala BJT3512. වතාවත් ගුණයෙහි ද ආචාරක්‍රියාවන්හි ද පිළිපැදුම යන මේ ගුණ ඒ පුණ්‍යකර්‍ම බලයෙන් මම ලබමි.
Pali BJT3513. භෙසජ්ජං සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3513. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද බෙහෙත් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් දසයක් ලබමි.
Pali BJT3514. ආයුවා බලවා වීරො වණ්ණවා යසවා සුඛී, අනුපද්දවො අනීති ච හොමි චාපචිතො{2} සදා, න මෙ පියචියොගත්ථි තස්ස නිස්සන්දතො මම.
Sinhala BJT3514. ආයු ඇත්තෙම් බල ඇත්තෙම් වීරගුණ ඇත්තෙම් සිවිපැහැ ඇත්තෙම් කීර්තිමත් වූයෙම් සැප ඇත්තෙම් උවදුරු රහිතයෙම් විපත් රහිතයෙම් හැම කල්හි (අනුන් විසින්) පුදන ලදුයෙම් වෙමි. ඒ පුණ්‍යකර්‍මයාගේ ඵලයෙන් මට ප්‍රියවිප්‍රයෝග දුකෙක් නැත.
Pali BJT3515. උපාහනෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3515. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පාවහන් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි:
Pali BJT3516. හත්ථියානං අස්සයානං සිවිකා සන්දමානිකා, සට්ඨිසතසහස්සානි පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT3516. හස්‍ති අශ්ව යාන ද දෝලා ද පල්ලැක්කි දැයි මේ යානයෝ සැටලක්‍ෂයක් මා හැම කල්හි පිරිවරත්.
Pali BJT3517. මණිමයා කම්බලිකා{3} සොණ්ණරජතපාදුකා, නිම්බතතන්ති පදුද්ධාරෙ භවෙ සංසරතො මම.
Sinhala BJT3517. භවයෙහි සැරිසරන්නා වූ මට පියවරක් පාසා මිණියෙන් කරන ලද්දා වූ ද කම්බිලි යෙන් කරණ ලද්දා වූ ද රනින් කරණ ලද්දා වූ ද රිදියෙන් කරන ලද්දා වූ ද පාදුකාවෝ (=පාවහන්) නිපදිත්.
Pali BJT3518. නියාමං පතිධාවන්ති ආගුආචාරසොධනං,{4} ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං.
Sinhala BJT3518. ඔහු කර්‍මනියාමය අනුව පවිටු ආචාරයන්ගේ ශෝධන සඳහා පවතිත්. ඒ පුණ්‍යබලයෙන් මම මේ ගුණ ලබමි.
Pali BJT3519. පාදුකෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ඉද්ධාපාදුකමාරුය්හ විහරාමි යදිච්ඡකං.
Sinhala BJT3519. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද මිරිවැඩි දී කැමැති තාක් ඍද්ධිමය මිරිවැඩි නැගී වෙසෙමි.
Pali BJT3520. උදපුඤ්ඡනකෙ චොළෙ{5} දත්වා බුද්ධෙ ගණුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3520. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද දියපිස්නා දී මාගේ කර්‍මයට සුදුසු වු අනුසස්පසක් ලබමි.
Pali BJT3521. සුවණ්ණවණ්ණො විරජො සප්පභාසො පතාපවා, සිනිද්ධං හොති මෙ ගත්තං රජොජල්ලං න ලිම්පති, ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං.
Sinhala BJT3521. ස්‍වර්‍ණවර්‍ණ වූ රජස් රහිත වූ ප්‍රභාසහිත වූ ප්‍රතාපවත් වූ මාගේ සිරුර සිනිඳු ද වේ. දැලිකුණු ද නො තැවරේ. ඒ පුණ්‍යඵලයෙන් මම මේ ගුණ ලබමි.
Pali BJT3522. කත්තරදණ්ඩෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණුත්තමෙ, ඡානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3522. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද සැරයටි දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් සයක් ලබමි.
Pali BJT3523. පුත්තා මය්හං බහූ හොන්ති තාසො මය්හං න විජ්ජති, අප්පසය්හො සදා හොමි සබ්බාරක්ඛෙහි රක්ඛිතො, ඛලිතම්පි{1} න ජානාමි අභන්තං මානසං මම.
Sinhala BJT3523. මට බොහෝ පුත්‍රයෝ වෙත්. මාගේ තැති ගැන්මෙක් නැත. සියලු ආරක්‍ෂාවන්ගෙන් රැකුනෙම් හැම කල්හි බලාත්කාරයෙන් නො මැඩලිය හැක්කෙක් වෙමි. පැකිලීමකුත් නො දනිමි. මාගේ සිත භ්‍රාන්ත නො වෙයි.
Pali BJT3524. ඔසධං අඤ්ජනං දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3524. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ඔසු අඳුන් දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් අටක් අනුභව කරමි.
Pali BJT3525. විසාලනයනො හොමි සෙතපීතො ච ලොහිතො,{2} අනාවිලපසන්නක්ඛො සබ්බරොගවිවජ්ජිතො.
Sinhala BJT3525. සුදුවන් වූ ද කහවන් වූ ද ලෙහෙවන් වූ ද මහත් ඇස් ඇත්තෙම් වෙමි. සියලු රෝගයන්ගෙන් වෙන් වූ නො කැලැඹුණු පහන් ඇස් ඇත්තෙම් වෙමි.
Pali BJT3526. ලභාමි දිබ්බනයනං පඤ්ඤාචක්ඛුං අනුත්තරං, ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං.
Sinhala BJT3526. අනුත්තර වූ දිවැස ද පැණැස ද ලබමි. මම ඒ පුණ්‍යඵලයෙන් මේ ගුණ ලබමි.
Pali BJT3527. කුඤ්චිකෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, ධම්මද්වාරවිවරණං ලභාමි ඤාණකුඤ්චිකං.
Sinhala BJT3527. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද යතුරු දී දහම් දොර හරණා නුවණ නැමැති කෙසිදු ලබමි.
Pali BJT3528. කුඤ්චිකානං ඝරෙ දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, ද්වානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම, අප්පකොධො අනායසො සංසරන්තො භවෙ අහං.
Sinhala BJT3528. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද කෙසිගුලා දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් දෙකක් අනුභව කරමි. මම භවයෙහි සැරිසරන්නෙම් ක්‍රෝධ රහිතයෙම් ආයාස රහිතයෙම් ද වෙමි.
Pali BJT3529. ආයොගෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3529. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද ආයෝගපට්‍ට (එලී සිටින පුවරු හෝ පටි) දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
Pali BJT3530. සමාධීසු න කම්පාමි වසී හොමි සමාධිසු, අභෙජ්ජපරිසො හොමි ආදෙය්යවචනො සදා, ජායති භොගසම්පත්ති භාවෙ සංසරතො මම.
Sinhala BJT3530. සමාධීන්හි කම්පා නො වෙමි. සමාධීන්හි වසඟව වෙසෙමි. නො බිඳෙන පිරිස් ඇත්තෙම් වෙමි. හැම කල්හි පිළිගත යුතු වචන ඇත්තෙම් ද වෙමි. භවයෙහි සැරිසරන්නා වූ මට භෝගසම්පත් උපදී.
Pali BJT3531. ධූමනෙත්තෙ ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3531. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද දුම්නළ දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුනක් අනුභව කරමි.
Pali BJT3532. සති මෙ උජුකා හොති සුසම්බන්ධා නහාරවො,{3} ලභාමි දිබ්බනයනං{4} තස්ස නිස්සන්දතො අහං.
Sinhala BJT3532. මාගේ සිහිය ඍජු වේ. මැනවින් සම්බන්‍ධ වූ නහර ඇත්තේ ඒ පුණ්‍යඵලයෙන් මම දිවැස් ලබමි.
Pali BJT3533. දීපට්ඨානෙ{5} ජිනෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, තීණානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3533. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පහන්මලා දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් තුණක් අනුභව කරමි.
Pali BJT3534. ජාතිමා අඞ්ගසම්පන්නො පඤ්ඤවා බුද්ධිසම්මතො,{6} ඉමෙ ගුණෙ පටිලභෙ තස්ස නිස්සන්දතො අහං.
Sinhala BJT3534. ජාත්මත් වෙමි. සම්පූර්‍ණ වූ ශරීරාවයව ඇත්තෙම් වෙමි. බුද්ධිසම්මත ප්‍රඥාඇත්තෙම් වෙමි. ඒ පින්බලෙන් මේ ගුණ ලබමි.
Pali BJT3535. තුම්බකෙ ච කරණ්ඩෙ ච දත්වා බුද්ධෙ ගණුත්තමෙ, දසානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3535. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද (ධාන්‍යමාන) ලාස්බඳුන් ද කරඬු ද දී මාගේ ඒ කර්‍මයට සුදුසු දසඅනුසසක් ලබමි.
Pali BJT3536. සදා ගුත්තො{7} සුඛසමඞ්ගී මහායසවා තථා ගතී, විපත්තිවිගතො{8} සුඛුමාලො සබ්බීතිපරිවජ්ජිතො.
Sinhala BJT3536. හැම කල්හි ආරක්‍ෂා සහිත යෙම් සැපයෙන් යුක්තයෙම් මහත් වූ කීර්ති ඇත්තෙම් එසේ ම මනා වූ ගති ඇත්තෙම්, විපත්තීන්ගෙන් වෙන් වූයෙම් සියුමැලි වූයෙම් සියලු උවදුරු බැහැර කරණ ලදුයෙමි.
Pali BJT3537. විපුලෙ ච ගුණෙ ලාභී සමාවචරණා{1} මම, සුචිවජ්ජිතඋබ්බෙගො තුම්බකෙ ච කරණ්ඩකෙ.
Sinhala BJT3537-3538. මහත් ගුණලාභී වූයෙම් සම වූ පා ඇත්තෙම් මාගේ මැනවින් බැහැර කළ සසල ගති ද වෙයි. මිණුම් බඳුන් ද කරඬු ද වර්‍ණ සතරකින් යුත් හස්ත්‍යශ්‍වරත්නයන් ද ලබමි. මාගේ ඒ සම්පත් විනාශ නො වේ. තුම්‍බ නම් වූ ධාන්‍යමාණභාජනදානයෙහි මේ විපාක යි.
Pali BJT3538. ලභාමි චතුරො වණ්ණෙ හත්ථස්සරතනානි ච,{2} තානි මෙ න විනස්සන්ති තුම්බදානෙ ඉදං ඵලං
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3539. අඤ්ජන්නාළියො{3} දත්වා බුද්ධෙ සඞ්ඝෙ ගණුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3539. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද අඳුන්ගුළා දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් අනුභව කරමි.
Pali BJT3540. සබ්බලක්ඛණසම්පන්නො ආයුපඤ්ඤාසමාහිතො, සබ්බායාසවිනිම්මුත්තො කායො මෙ හොති සබ්බදා.
Sinhala BJT3540. සියලු ලක්‍ෂණයන්ගෙන් යුක්තයෙම් ආයුෂයෙන් හා ප්‍රඥාවෙන් ද සමන්‍වාගත, සියලු අයාසයන්ගෙන් වෙන් වූ කයක් හැම කල්හි මට ඇත්තේ ය.
Pali BJT3541. තනුධාරෙ සුනිසිතෙ සඞ්ඝෙ දත්වාන පිප්ඵලෙ, කිලෙසකන්තනං ඤාණං ලභාමි අතුලං සුචිං.
Sinhala BJT3541. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද සියුම් දහර ඇති මුවහත් වූ කතුරු දී කෙලෙස් සිඳුනා වූ පිරිසිදු වූ අතුල්‍ය නුවණ ලබමි.
Pali BJT3542. සණ්ඩාසෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, කිලෙසලුඤ්චනං{4} ඤාණං ලභාමි අතුලං සුචිං.
Sinhala BJT3542. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද හඬු දී අතුල්‍ය වූ පිරිසිදු වූ කෙලෙස් සිඳුනා නුවණ ලබමි.
Pali BJT3543. නත්ථුකෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, අට්ඨානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3543. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද නශ්‍යද්‍රව්‍ය දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අටඅනුසසක් ලබමි.
Pali BJT3544. සද්ධං සීලං හිරිඤ්චාපි අථො ඔත්තප්පියං ගුණං, සුතං චාගඤ්ච ඛත්තී ච පඤ්ඤං මෙ අට්ඨමං ගුණං.
Sinhala BJT3544. ශ්‍රද්ධාව ද ශීලය ද ලජ්ජාව ද භය ද ශ්‍රැතය ද ත්‍යාගය ද ක්‍ෂාන්තිය ද අටවැනි වූ ප්‍රඥාව ද යන මොහු යි.
Pali BJT3545. පීඨකෙ සුගතෙ දත්වා සඞ්ඝෙ ගණවරුත්තමෙ, පඤ්චානිසංසෙ අනුභොමි කම්මානුච්ඡවිකෙ මම.
Sinhala BJT3545. බුදුරජුන් කෙරෙහි ද උතුම් සඟගණ කෙරෙහි ද පුටු දී මාගේ ඒ කර්‍මයට සුදුසු වූ අනුසස් පසක් ලබමි.