Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4701-4800 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3353. තතො මාණවකා සබ්බෙ භික්ඛමානා{4} කුලෙ කුලෙ, මහාජනස්ස ආහංසු කාමභොගී අයං ඉසි.
Sinhala BJT3353. ඉක්බිති මාණවකයෝ හැමදෙන ගෙයක් පාසා පිඬු සිඟමින් “මේ ඍෂිතෙම කාමභෝගියෙකැ” යි මහජනයාට කීහු.
Pali BJT3354. තෙන කම්මවිපාකෙන පඤ්චභික්ඛුසතා ඉමෙ, අබ්භක්ඛානං ලභුං සබ්බෙ සුන්දරිකාය කාරණා.
Sinhala BJT3354. ඒ කර්‍මවිපාකයෙන් මේ හැම පන්සියක් භික්‍ෂුහු සුන්‍දරිකා පිරිවැජිය නිමිති කොට නින්‍දා ලැබූහ.
Pali BJT3355. වෙමාතුභාතරං පුබ්බෙ ධනහෙතු හනිං අහං, පක්ඛිපිං ගිරිදුග්ගස්මිං සිලාය ච අපිංසයිං.
Sinhala BJT3355. පෙර මම (එක පියකුට දාව දෙමවුකුසින් උපන්) වෙමාතික සොහොයුරු ධනය හේතුකොට ගෙන නැසීමි. ගිරිදූර්‍ගයක හෙළීමි. ගලකින් ද තැළීමි.
Pali BJT3356. තෙන කම්මවිපාකෙන දෙවදත්තො සීලං ඛිපි, අඞ්ගුට්ඨං පිංසයී පාදෙ මම පාසාණසක්ඛරා.
Sinhala BJT3356. ඒ කර්‍මවිපාකය හේතු කොට ගෙණ දෙව්දත් තෙමේ මට ගලක් පෙරළීය. (ඉන් නැගුනු) ගල් පතුරක් මාගේ පයෙහි මහැඟිල්ල තැළී ය.
Pali BJT3357. පුරෙභං දාරකො හුත්වා කීළමානො මහාපථෙ, පච්චෙකබුද්ධං දිස්වාන මග්ගෙ සකලිකං ඛිපිං.{1}
Sinhala BJT3357. පෙර මම කුල දරුවෙක් ව මහමගෙහි ක්‍රීඩා කරමින් මග (වඩිනා) පසේබුදු නමක් දැක ගල්කැබැල්ලක් (උන්වහන්සේ දෙසට) ලීමි.
Pali BJT3358. තෙන කම්මවිපාකෙන ඉධ පච්ඡිමකෙ භවෙ, වධත්ථං මං දෙවදත්තො අභිමාරෙ පයොජයි.
Sinhala BJT3358. ඒ කර්‍මවිපාකයෙන් මේ අන්තිම භවයෙහි දෙව්දත් තෙමේ මා මැරීම පිණිස දුනුවායන් යෙදවී ය.
Pali BJT3359. හත්ථාරොහො පුරෙ ආසිං පච්චෙකමුනිමුත්තමං, පිණ්ඩාය විචරන්තං තං ආසාදෙසිං ගජෙනහං.
Sinhala BJT3359. මම පෙර ඇතරුවෙක් වීමි. පිඬු පිණිස හැසිරෙන පසේබුදුනමක් දැක ඇතා ලවා උන්වහන්සේ ගටා ලැවීමි.
Pali BJT3360. තෙන කම්මවිපාකෙන භන්තො නාලාගිරී ගජො, ගිරිබ්බජෙ පුරවරෙ දාරුණො මං උපාගමි{2}.
Sinhala BJT3360. ඒ කර්‍මවිපාකයෙන් ගිරිබ්‍බජ නම් උතුම් නගරයෙහි දී (මත් වී) භ්‍රාන්ත වූ දරුණු නාලාගිරි ඇතා මා වෙත එළැඹියේ ය.
Pali BJT3361. රාජාහං පත්ථිවො{3} ආසිං සත්තිනා පුරිසං හනිං, තෙන කම්මවිපාකෙන නිරයෙ පච්චිසං භුසං.
Sinhala BJT3361. මම පෙර පෘථිවීශ්වර වූ රජෙක් වීමි. සැතකින් ගසා පුරුෂයකු මැරීමි. ඒ කර්‍මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි.
Pali BJT3362. කම්මුනො තස්ස සෙසෙන ඉදානි සකලං මම, පාදෙ ඡවිං පකොපෙසි{4} න හි කම්මං විනස්සති.
Sinhala BJT3362. ඒ කර්‍මයාගේ ශේෂ වූ විපාකයෙන් මෙකල මාගේ පාදයෙහි සිවිය සියල්ල (ඇතුළත ලේ තැල්ම නිසා) ප්‍රදුෂ්‍ය විය. කර්‍මය නැති නො වේ.
Pali BJT3363. අහං කෙවට්ටගාමස්මිං අහුං කෙවට්ටදාරකො, මච්ඡකෙ ඝාතිතෙ දිස්වා ජනයිං සොමනස්සකං.
Sinhala BJT3363. මම කෙවුල් ගමක කෙවුල් දරුවෙක් වීමි. නසන ලද මසුන් දැක සොම්නස ඉපදවීමි.
Pali BJT3364. තෙන කම්මවිපාකෙන සීසදුක්ඛං අහූ මම, සබ්බෙ සක්කා ච හඤ්ඤිංසු යදා හනි විඩූඩභො{5}.
Sinhala BJT3364. ඒ කර්‍මවිපාකයෙන් මාගේ හිසෙහි දුක් වේදනාවක් ඇති විය. යම් කලෙක්හි විඩූඩභ තෙමේ යුද කෙළේ ද, එකල්හි සියලු ශාක්‍යයෝ ද නැසුනාහු ය.
Pali BJT3365. ඵුස්සස්සාහං පාවචනෙ සාවකෙ පරිභාසයිං, යවං ඛාදථ භුඤ්ජථ මා ච භුඤ්ජථ සාලයො.{6}
Sinhala BJT3365. ඵුස්ස බුදුරජානන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවකයන්හට යව කවු බුදිවු, හැල් නො බුදිවු යී නින්‍දා කෙළෙමි.
Pali BJT3366. තෙන කම්මවිපාකෙන තෙමාසං ඛාදිතං යවං, නිමන්තිතො බ්රාහ්මණෙන වෙරඤ්ජායං වසිං{7} තදා.
Sinhala BJT3366. බමුණකු විසින් ආරාධනය කරණ ලදුයෙම් වේරඤ්ජාවෙහි විසීමි. එකල ඒ කර්‍මවිපාකයෙන් තෙමසක් යව අනුභව කරණ ලදි.
Pali BJT3367. නිබ්බුද්ධෙ වත්තමානම්හි මල්ලපුත්තං නිහෙඨයිං{8}, තෙන කම්මවිපාකෙන පිට්ඨිදුක්ඛං මමං අහුං.
Sinhala BJT3367. (පෙර) මල්ලයුද්ධයක් පවත්නා කල්හි මල්ලපුත්‍රයකු පෙළීමි. ඒ කර්‍මවිපාකයෙන් මාගේ පිටෙහි දුක්ඛවේදනාවක් විය.
Pali BJT3368. තිකිච්ඡකො අහං ආසිං සෙට්ඨිපුත්තං විරෙචයිං, තෙන කම්මවිපාකෙන හොති පක්ඛන්දිකා මම.
Sinhala BJT3368. මම පෙර වෙදෙක් වීමි. (ධනලෝභයෙන්) එක් සිටුපුතකු විරේක කරවීමි. ඒ කර්‍මයෙන් මට ලෝහිතපක්‍ඛන්‍දිකා (=ලේ අතීසාර) රෝගය වැළඳුනේ වේ.
Pali BJT3369. අවචාහං ජොතිපාලො සුගතං කස්සපං තදා, කුතො නු බොධි මුණ්ඩස්ස බොධි පරමදුල්ලභා.
Sinhala BJT3369. (පෙර) ජෝතිපාල මාණවක වූ මම එකල්හි කාශ්‍යප බුදුරජානන් වහන්සේට “මුණ්ඩයාට (හිස මුඩු කළහුට) සම්බෝධි ඥානයක් කොයින් ද? සම්බෝධි ඥානය ඉතා දුර්‍ලභය”යි කීමි.
Pali BJT3370. තෙන කම්මවිපාකෙන අචරිං දුක්කරං බහුං, ඡබ්බස්සානුරුවෙලායං තතො බොධිමපාපුණිං.
Sinhala BJT3370. ඒ කර්‍මවිපාකයෙන් උරුවේලායෙහි සාවුරුද්දක් බොහෝ දුෂ්කරක්‍රියා කෙළෙමි. ඉන් පසු සම්‍යක්සම්බෝධියට පැමිණියෙමි.
Pali BJT3371. නාහං එතෙන මග්ගෙනන පාපුණිං බොධිමුත්තමං, කුම්මග්ගෙන ගවෙසිස්සං පුබ්බකම්මෙන චාරිතො.
Sinhala BJT3371. පූර්‍වකර්‍මයෙන් (සැප) වළක්වන ලදුයේ නො මගින් බුදුබව සොයන්නෙම් මම ඒ නො මගින් උතුම් සම්‍යක් සම්බෝධියට නො පැමිණියෙමි.
Pali BJT3372. පුඤ්ඤපාපපරික්ඛීණො සබ්බසන්තාපවජ්ජිතො, අසොකො අනුපායාසො නිබ්බායිස්සමනාසවො.
Sinhala BJT3372. පින්පව් ගෙවා ලූයෙම් කෙලෙස් තැවුල් බැහැර කෙළෙම් ශෝක රහිත වූයෙම් උපායාස රහිත වූයෙම් ආස්‍රව රහිත වූයෙම් පරිනිර්‍වාණයට පත්වන්නෙමි.
Pali BJT3373. එවං ජිනො වියාකාසි භික්ඛුසඞ්ඝස්ස අග්ගතො, සබ්බාභිඤ්ඤාබලප්පත්තො අනොතත්තෙ මහාසරෙ.
Sinhala BJT3373. සියලු අභිඥාබලයනට පත් සර්‍වඥයන් වහන්සේ අනවතප්ත මහවිල් තෙරෙහි දී බික්සඟන හමුයෙහි මෙසේ වදාළ සේක.
Pali BJTඉත්ථං සුදං භගවා අත්තනො පුබ්බචරිතං පුබ්බකම්මපිලොතිකං{1} නාම ධම්මපරියායං අභාසි.
Sinhala BJTමෙහි මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පූර්‍ව චරිතය (දැක්වෙන) පුබ්බකම්මපිලෝතික නම් වූ ධර්‍මදේශනාව වදාළ සේකි.
Pali BJTපුබ්බකම්මපිලොතිකං නාම බුද්ධාපදානං දසමං.
Sinhala BJTපුබ්බකම්මපිලෝතික නම් වූ බුද්ධාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඅවණ්ටං ලබුජඤ්චෙව උදුම්බරපිලක්ඛු ච ඵාරු වල්ලි ච කාදලී පනසො කොටිවීසකො පුබ්බකම්මපිලොති ච අපදානං මහෙසිනො ගාථායො එකනවුති ගණිතායො විභාවිහි.
Sinhala BJTඅවණ්ට ලබුජ උදුම්බර පිලක්‍ඛු ඵාරු වල්ලී කදලී පනස කෝටිවීසක පුබ්බකම්මපිලෝති සම්බුදුසිරිත ද වේ මෙහි ගී එක් අනූවක් පඬුවන් ගණන ලද වේ.
Pali BJTඅවණ්ටඵලවග්ගො එකූනචත්තාළීසතිමො.
Sinhala BJTඅවණ්ටඵල වර්‍ගය එකුන්සාළිස්වැනි යි.
Pali BJT40. පිළින්දිවච්ඡවග්ගො
Sinhala BJT40. පිළින්‍දවච්ඡ වර්‍ගය
Pali BJT391. පිළින්දිවච්ඡත්ථෙරාපදානං.
Sinhala BJT391. පිළින්‍දිවච්ඡ ස්ථවිරාවදානය
Pali BJT3374. නගරෙ හංසවතියා ආසිං දොවාරිකො අහං, අක්ඛොභං අමිතං භොගං ඝරෙ සන්නිචිතං මම.
Sinhala BJT3374. මම හංසවතී නගරයෙහි දොරටුපාලයෙක් වීමි. මාගේ ගෘහයෙහි නිරවුල් වූ අපමණ භොග සම්පත් ද විය.
Pali BJT3375. රහො ගතො නිසීදිත්වා සම්පහංසිත්ව{2} මානසං, නිසජ්ජ පාසාදවරෙ එවං චින්තෙසහං තදා.
Sinhala BJT3375. මම එකල්හි පහයෙහි විවේකව හිඳ සිත පහදවා මෙසේ සිතීමි.
Pali BJT3376. බහූ{3} මෙ’ධිගතා භොගා ඵීතං අන්තෙපුරං මම, රාජාපි සන්නිමන්තෙසි ආනන්දො පඨවිස්සරො{4}.
Sinhala BJT3376. මා විසින් බොහෝ භෝගසම්පත්තීහු ලබන ලදහ. මාගේ ඇතුළුනුවර සමෘද්ධය. පෘථිවීශ්‍වර වූ ආනන්‍ද රජතෙමේ ද (බුදුරජුන් ප්‍රධාන සඞ්ඝයාට දානය සඳහා) ආරාධනය කෙළේය.
Pali BJT3377. අයඤ්ච බුද්ධො උප්පන්නො අධිච්චුප්පත්තිකො මුනි, සංවිජ්ජන්ති ච මෙ භොගා දානං දස්සාමි සත්ථුනො.
Sinhala BJT3377. සර්‍වඥ තෙමේ ලෝ වැඩ සඳහා පහළ වන්නේ වේ. මේ ඒ සර්‍වඥතෙම ලොව පහළ විය. මාගේ භෝගයෝ ද විද්‍යාමාන වෙත්. ශාස්තෲන් වහන්සේට දනක් දෙන්නෙමි.
Pali BJT3378. පදුමෙන රාජපුත්තෙන දින්නං දානවරං ජිනෙ, හත්ථිනාගෙ ච පල්ලඞ්කෙ අපස්සෙනඤ්ච’නප්පකං.
Sinhala BJT3378. පදුම නම් රාජපුත්‍රයා විසින් බුදුරජානන් වහන්සේ කෙරෙහි උතුම් වූ දානයක් දෙන ලදි. (ඒ දනෙහි) හස්තිරාජයන් ද, පර්‍ය්‍යඞ්කයන් ද හේත්තු වන පුවරු ද යන බොහෝ දේ වෙයි.
Pali BJT3379. අහම්පි දානං දස්සාමි සඞ්ඝෙ ගණවරුත්තමෙ, අදින්නපුබ්බමඤ්ඤෙසං භවිස්සං ආදිකම්මිකො.
Sinhala BJT3379. මම ද උතුම් වූ සඞ්ඝයා කෙරෙහි දනක් දෙන්නෙමි. අනුන් විසින් නො දුන් විරූ (දෑ දීමෙහි) ආදිකර්මිකයෙක් වන්නෙමියී-
Pali BJT3380. චින්තෙත්වාහං බහුවිධං යාගෙ යස්ස සුඛං ඵලං, පරික්ඛාරදානමද්දක්ඛිං මම සඞ්කප්පපූරණං.
Sinhala BJT3380. යම් යම් දෑ දීමෙහි සුඛවිපාක නන් අයුරින් සිතා මාගේ අදහස් පුරා ලන පරිෂ්කාරදානය දිටිමි.
Pali BJT3381. පරික්ඛාරානි දස්සාමි සඞ්ඝෙ ගණවරුත්තමෙ, අදින්නපුබ්බමඤ්ඤෙසං භවිස්සං ආදිකම්මිකො.
Sinhala BJT3381. ගණවරොත්තම වූ සඞ්ඝයා කෙරෙහි පිරිකර දෙන්නෙමි. අනුන් විසින් නො දුන් විරූ (දෑ දීමෙහි) ආදිකර්මිකයෙක් වන්නෙමියී-
Pali BJT3382. නළකාරෙ උපාගම්ම ඡත්තං කාරෙසිං තාවදෙ, ඡත්තසතසහස්සානි එකතො සන්නිපාතයිං.
Sinhala BJT3382. එකෙණෙහි කුලුපොත්තන් (=බටවලින් කර්‍මාන්ත කරන්නන්) වෙත එළඹ ඡත්‍ර කරවීමි. ඡත්‍ර ලක්‍ෂයක් එක්රැස් කෙළෙමි.
Pali BJT3383. දුස්සසතසහස්සානි එකතො සන්නිපාතයිං, පත්තසතසහස්සානි එකතො සන්නිපාතයිං.
Sinhala BJT3383. වස්ත්‍ර ලක්‍ෂයක් ද එක්රැස් කෙළෙමි. පාත්‍ර ලක්‍ෂයක් ද එක්රැස් කෙළෙමි.
Pali BJT3384. වාසියො සත්ථකෙ චාපි සූචියො නඛඡෙකෙ{1}, හෙට්ඨා ඡත්තෙ ලග්ගාපෙසිං{2} කාරෙත්වා තදනුච්ඡවෙ.
Sinhala BJT3384. වෑ ද කුඩා පිහි ද, හිදි ද, නියකපන සැත් ද, ඊට සුදුසු ලෙස කරවා ඡත්‍රයෙහි එල්බවීමි.
Pali BJT3385. විධූපනෙ තාලවණෙට මොරහත්ථෙ ච චාමරෙ, පරිස්සාවනෙ තෙලධරෙ{3} කාරයිං තදනුච්ඡවෙ.
Sinhala BJT3385. පවන්අතු ද, විජිනිපත් ද, මොණරපියාපත් ද, සෙමරවල් ද, පෙරහන්කඩ ද, තෙල්බඳුන් ද, එයට සුදුසු ලෙස කරවීමි.
Pali BJT3386. සූචිඝරෙ අංසබන්ධෙ අථොපි කායබන්ධනෙ, ආධාරකෙ ච සුකතෙ කාරයිං තදනුච්ඡවෙ.
Sinhala BJT3386. හිදිගුලා ද, අස්බහන් ද, යලි කාබහන් ද, (පාත්‍රාධාරාදි) මැනවින් කළ ආධාරක ද එයට සුදුසු ලෙස කරවීමි.
Pali BJT3387. පරිභොගභාජනෙ ච අථොපි ලොහථාලකෙ, භෙසජ්ජෙ පූරයිත්වාන හෙට්ඨාඡත්තෙ ඨපෙසහං.
Sinhala BJT3387. පරිභෝගයට ගන්නා බඳුන් ද, එසේ ම ලොහොතලි ද බෙහෙත් පුරවා ඡත්‍ර යට තැබීමි.
Pali BJT3388. වචං උසීරං ලට්ඨිමධුං පිප්ඵලී මරිචානි ච, හරීතකිං සිඞ්ගිවෙරං{4} සබ්බං පූරෙසිං භාජනෙ.
Sinhala BJT3388. වදකසාය, සැවැන්න (විෂ්ණුක්‍රාන්ති) මුල් ය, වැල්මී ය, තිප්පිලි ය, ගම්මිරිස් ය, අරළු ය, හිඟුරු ය යන මේ සියල්ල බඳුන්හි පිරවීමි.
Pali BJT3389. උපාහනෙ{5} පාදුකායො අථො උදකපුඤ්ඡනෙ, කත්තරදණ්ඩෙ සුකතෙ කාරයිං තදනුච්ඡවෙ.
Sinhala BJT3389. වහන් ද, මිරිවැඩි ද, එසේම දිය පිස්නාවන් ද, මැනවින් කළ සැරයටි ද, එයට සුදුසු ලෙස කරවීමි.
Pali BJT3390. ඔසධඤ්ජනනාළී ච{6} සලාකා ධම්මකුත්තරා, කුඤ්චිකා පඤ්චවණ්ණෙහි සිබ්බිතෙ කුඤ්චිකාඝරෙ.
Sinhala BJT3390. බෙහෙත් අඳුන් නාළිකා ද (බෙහෙත් ගෑම් ආදිය සඳහා ගන්නා) ලහ ද, දම්කොතුරු (=ඩබරා) ද කෙසි (යතුරු) ද පස්වණින් මසා කළ කෙසිගුලා හෙවත් යතුරු කොපු ද,
Pali BJT3391. ආයොගෙ ධූමනෙත්තෙ ච අථොපි දීපධාරකෙ, තුම්බකෙ ච කරණ්ඩෙ ච කාරයිං තදනුච්ඡවෙ.
Sinhala BJT3391. අයෝගපට්ට ද, දුම් (බොන) කෝව ද පහන් එල්ලන කොකු ද තිඹ නම් මානපාත්‍ර ද කරඬු ද එයට සුදුසු ලෙස කරවීමි.
Pali BJT3392. සණ්ඩාසෙ පිප්ඵලෙ චෙව අථොපි මලහාරකෙ, භෙසජ්ජථවිකෙ චෙව කාරයිං තදනුච්ඡවෙ.
Sinhala BJT3392. අඬු ද, කතුරු ද, යලිදු මල හරනා හඬු (=කන්හැඳි) ද බෙහෙත් පහි ද එයට සුදුසු ලෙස කරවීමි.
Pali BJT3393. ආසන්දියො පීඨකෙ ච පල්ලඞ්කෙ චතුරොමයෙ, තදනුච්ඡවෙ කාරයිත්වා හෙට්ඨාඡත්තෙ ඨපෙසහං.
Sinhala BJT3393. දික්හඟලා පුටු ද, කුඩා පුටු ද, පලඟ ද මම එයට සුදුසු ලෙස කරවා ඡත්‍රයයට තැබීමි.
Pali BJT3394. උණ්ණාභිසී තූලභිසී අථොපි පීඨිකාභිසී{1}, බිම්බොහනෙ{2} ච සුකතෙ කාරයිං තදනුච්ඡවෙ.
Sinhala BJT3394. එළුලොම් පිර වූ බිසි ද, පුලුන් පිර වූ බිසි ද, යලිදු පුටු බිසි ද මැනවින් කරන ලද මෙට්ට ද එයට සුදුසු ලෙස කරවීමි.
Pali BJT3395. කුරුවින්දෙ මධුසිත්ථෙ තෙලං හත්ථප්පතාපකං, සිපාටී ඵලකෙ සූචි මඤ්චමත්ථරණෙන ච.
Sinhala BJT3395. (ඇඟ ඉළීමට ගන්නා) කුරුඳුගල් ද, මී ඉටි ද (තල) තෙල් ද එසේ ම ඇඟ ඉළීමට ගන්නා (ඉරි ඇඳ කෙරොස් කළ) අත්වන අඟුරු කබල ද (මට කළ) ගල්පතුරු ද, පුවරු ද, හිඳි ද, ඇඳ අතුරුණු ද,
Pali BJT3396. සෙනාසනෙ පාදපුඤ්ඡෙ සයනාසනදණ්ඩකෙ, දන්තපොණෙ ච ආටලී සීසාලෙපනගන්ධකෙ.
Sinhala BJT3396. සෙනසුන් ද, පාබිසි ද, යහන්දඬු ද, දැහැටි ද, දත් කටු ද, හිසෙහි ගල්වන ගන්‍ධ (තෛලාදිය) ද,
Pali BJT3397. අරණී පලාලපීඨෙ{3} ච පත්තපිධානථාලකෙ, උදකස්ස කටච්ඡු ච චුණ්ණකං රජනම්මණං{4}.
Sinhala BJT3397. ගිනිගානා දඬු ද, පිදුරු පුටු ද, පාත්‍රයන් වහන පියන් හා තලි ද, දිය ගන්නා පිණිස යොදන කිණිසි ද, සුණුවර්‍ග ද පඬුඔරු ද,
Pali BJT3398. සම්මජ්ජනිං{5} උදපත්තං තථා වස්සිකසාටිකං, නිසීදනං කණ්ඩුඡාදී අථ අන්තරවාසකං.
Sinhala BJT3398. මුසුන් ද, දියබඳුන් ද, එසේ ම වැසිසළු ද, හිඳිනා ඇතිරි ද, කස්පිළිසන් පටි ද, යලි හඳනාකඩ ද,
Pali BJT3399. උත්තරාසඞ්ගසඞ්ඝාටී නත්ථුකං මුඛසොධනං, බිලඞ්ගලොණං පහූතං ච මධුඤ්ච දධිපානකං.
Sinhala BJT3399. උතුරුසඟසිවුරු හා සඟලසිවුරු ද, නශ්‍ය කරණ යුගහැඳි ද, මුවදෝනා බඳුන් ද, ඇඹුල් කාඩි ද, ලුණු ද, බොහෝ වූ මී ද, දිහියෙන් කළ පානවර්‍ග ද,
Pali BJT3400. ධූපං සිත්ථං පිලොතිඤ්ච මුඛපුඤ්ඡනසුත්තකං, දාතබ්බං නාම යං අත්ථි යං ච කප්පති සත්ථුනො.
Sinhala BJT3400. දුම් නඟනා ද්‍රව්‍ය ද, ඉටි ද, මහලුපිළී ද, මුව පිස්නා හා හූ දැයි (මෙසේ) දිය යුතු යමක් ඇත් ද, යමක් ශාස්තෲන් වහන්සේටත් කැප ද.
Pali BJT3401. සබ්බමෙතං සමානෙත්වා ආනන්දං උපසඞ්කමිං, උපසඞ්කම්ම රාජානං ජනෙතාරං මහෙසිනො{6}, සිරසා අභිවාදෙත්වා ඉදං වචනමබ්රවිං:
Sinhala BJT3401. මේ සියල්ල රැස් කරවා මහර්ෂි වූ බුදුරජුන්ගේ පියා වූ ආනන්‍ද රජු වෙත එළඹියෙමි. එළඹ හිස නමා වැඳ මේ වචනය කීමි.
Pali BJT3402. එකතො ජාතසංවද්ධා උභින්නං එකතො මනං{7}, සාධාරණා සුඛදුක්ඛෙ උභො ච අනුවත්තකා.
Sinhala BJT3402. (අප දෙදෙන) එක්ව ඉපද එක්ව ම වැඩුනෝ වෙමු. දෙදෙනාගේ සිත ද එක්ව ම පවතී. (දෙදෙනා පිළිබඳ සුවදුක් දෙක) දෙදෙනාට ම සාධාරණ ය. (දෙදෙනා ම ඔවුනොවුනට) අනුව පවතින්නෝ වෙමු.
Pali BJT3403. අත්ථි චෙතසිකං දුක්ඛං තවාධෙය්යං අරින්දම, යදි සක්කොසි තං දුක්ඛං විනොදෙය්යාසි ඛත්තිය.
Sinhala BJT3403. සතුරන් මඩින්නා වූ රජතුමනි, මාගේ සිතෙහි තොප අයත් හෙවත් තොප විසින් මැඩලිය යුතු දුකක් ඇත. ක්‍ෂත්‍රියයානෙනි, ඉදින් හැකිවෙහි නම් ඒ දුක දුරු කරන්නෙහිය කියා යි.
Pali BJT3404. තව දුක්ඛං මමං{8} දුක්ඛං උභින්නං එකතො මනං{9}, නිට්ඨිතන්ති විජානාහි මමාධෙය්යං සචෙ තුවං.
Sinhala BJT3404. ඔබගේ දුක මාගේ දුකය, දෙදෙනාගේ ම සිත එක්බඳුය, ඉදින් තාගේ දුක මා අයත් නම් හෙවත් මා විසින් මැඩලිය හැක්කක් නම් එය අවසන් වීය යි දැන ගණුව.
Pali BJT3405. ජානාහි මෙ මහාරාජ දුක්ඛං මෙ දුබ්බිනොදයං, පහූ සමානො ගජ්ජස්සු එකං තෙ දුච්චජං වරං.
Sinhala BJT3405. මහරජතුමනි, මාගේ දුරු කළ නො හැකි දුක දැනගණු මැනව, එය ඔබවහන්සේගේ බැහැර කළ නො හැකි එක් වරයක් වෙයි. එය කිරීමෙහි පොහොසත් වන්නේ නම් කියනු මැනව.
Pali BJT3406. යාවතා විජිතං අත්ථි යාවතා මම ජීවිතං, එතෙහි යදි තෙ අත්ථො දස්සාමි අවිකම්පිතො.
Sinhala BJT3406. විජිතය යම් තාක් ඇද්ද, මාගේ ජීවිතය යම් තාක් ඇද්ද, ඉදින් මෙකී දෙයින් ඔබට ප්‍රයෝජන නම් කම්පා නො වූයෙම් ම (එය) දෙන්නෙමි.
Pali BJT3407. ගජ්ජිතං ඛො තයා දෙව මිච්ඡා තං බහුගජ්ජිතං, ජානිස්සාමි තුවං අජ්ජ සබ්බධම්මෙ පතිට්ඨිතං.
Sinhala BJT3407. දේවයන් වහන්ස, ඔබ විසින් මෙසේ ගර්‍ජනා කරන ලදි. එබඳු බොහෝ ගර්ජිතයන් (ඇතැම් විට) බොරු වන්නේ ය. අද ඔබ සියලු ධර්‍මයන්හි පිහිටියෙක් දැයි දන්මි.
Pali BJT3408. අතිබාළ්හං තිපීළෙසි දදමානස්ස මෙ සතො, කින්තෙ මෙ පීළිතෙනත්ථො පත්ථිතං තෙ කථෙහි මෙ.
Sinhala BJT3408. (ඇති) යමකු දෙන්නා වූ මා (ඔබ) දැඩි ලෙස පෙළනෙහිය. මා පෙළීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කිම? ඔබ විසින් පතන ලද්ද මට කියව.
Pali BJT3409. ඉච්ඡාමහං මහාරාජා බුද්ධසෙට්ඨමනුත්තරං, භොජයිස්සාමි සම්බුද්ධං වජ්ජං මෙ මාහු ජීවිතං.
Sinhala BJT3409. මහරජතුමනි, මම අනුත්තර වූ බුද්ධශ්‍රෙෂ්‍ඨයන් වහන්සේ කැමැත්තෙමි. සම්බුදුරජුන් වළඳවන්නෙමි. මෙය වැරදුනහොත් මාගේ ජීවිතය නහමක් වේවා.
Pali BJT3410. අඤ්ඤං තෙහං වරං දම්මි මා යාචිත්ථො තථාගතං{1}, අදෙය්යො කස්සචි බුද්ධො මණිජොතිරසො යථා.
Sinhala BJT3410. මම ඔබට අනික් වරයක් දෙමි. තථාගතයන් වහන්සේ නො ඉල්ලනු මැනව. දැරඟමිණක් බඳු බුදුරජ තෙම කිසිවෙකුට නො දිය යුත්තෙකි.
Pali BJT3411. නනු තෙ ගජ්ජිතං දෙව යාව ජීවිතමත්තනො,{2} ජීවිතං දදමානෙන යුත්තං දාතුං තථාගතං.
Sinhala BJT3411. දේවයන් වහන්ස, ඔබ විසින් තමාගේ දිවි වුව ද දෙමැයි ගර්‍ජනා කරණ ලදුයේ නො වේ ද? ජීවිතය දෙන්නහු විසින් බුදුරජුන් දීම සුදුසුය.
Pali BJT3412. ඨපනීයො මහාවීරො අදෙය්යො කස්සචි ජිනො, න මෙ පටිස්සුතො බුද්ධො චරස්සු අමිතං ධනං.
Sinhala BJT3412. බුදුරජ තෙම (වෙන් කොට) තැබිය යුතු ය. සර්‍වඥ තෙම කිසිවකුට නො දිය යුතු වේ. මා විසින් බුදුරජුන් දෙමැයි පිළිවදන් නො දෙන ලදි. අපමණ වූ ධනය ඉල්ලනු මැනව.
Pali BJT3413. විනිච්ඡයං පාපුණාම පුච්ඡිස්සාමි විනිච්ඡයෙ, යථාසන්තං{3} කථෙස්සන්ති පටිපුච්ඡාම තං තථා.
Sinhala BJT3413. අධිකරණයට පැමිණෙමු. අධිකරණයෙහි දී විචාරන්නෙමු. (එවිට අධිකරණ නායකයෝ) ඇති පරිදි (කරුණු) කියන්නාහු ය. එය එසේ (අධිකරණයෙන් ම) විචාරමු.
Pali BJT3414. රඤ්ඤො හත්ථෙ හහෙත්ථාන අගමාසිං විනිච්ඡයං, පරතො අක්ඛදස්සානං ඉදං වචනමබ්රවිං.
Sinhala BJT3414. රජුගේ අත ගෙණ විනිශ්චයට ගියෙමි. විනිසකරුවන් ඉදිරියෙහි මේ වචනය කීමි:
Pali BJT3415. සුණන්තු මෙ අක්ඛදස්සා ජීවිතම්පි පචාරයී{4}, න කිඤ්චි ඨපයිත්වාන රාජා වරමදාසි මෙ{5}.
Sinhala BJT3415. විනිසකරුවෝ මබස අසත්වා, කිසිවක් නො තබා මට රජ තෙම වරයක් දුන්නේය. ජීවිතය පවා පැවරීය.
Pali BJT3416. තස්ස මෙ වරදින්නස්ස බුද්ධසෙට්ඨං වරිං අහං, සුදින්නො හොති මෙ බුද්ධො අථවා{6} සංසයං මම.
Sinhala BJT3416. මට වර දුන් ඔහුගෙන් මම බුදුරජුන් ඉල්ලීමි. මට බුදුරජ තෙම මැනවින් දෙන ලදී. නො එසේ නම් මාගේ සැකයෙකි.
Pali BJT3417. සොස්සාම තව වචනං භූමිපාලස්ස රාජිනො, උභින්නං වචනං සුත්වා ඡින්දිස්සාමෙත්ථ සංසයං.
Sinhala BJT3417. තාගේ වචනය ද පෘථිවිපාලක වූ රජුගේ වචනය ද අසමු. දෙදෙනාගේ ම වචන අසා මෙහි සැක දුරු කරමු.
Pali BJT3418. සබ්බං දෙව තයා දින්නං ඉමස්ස සබ්බගාහිකං{7}, න කිඤ්චි ඨපයිත්වාන ජීවිතම්පි පවාරයි.
Sinhala BJT3418. දේවයන් වහන්ස, කිසිවක් තබා නො ගෙණ සියල්ල ම ගතයුතු සේ කොට සියල්ල ඔබවහන්සේ විසින් මොහුට දෙනලද ද? ජීවිතය ද පැවරී ද?
Pali BJT3419. කිච්ඡප්පත්තොව හුත්වාන යාචී චරමනුත්තරං{1}, ඉමං සුදුක්ඛිතං ඤාත්වා අදාසිං සබ්බගාහිකං.
Sinhala BJT3419. (මෙ තෙම) දුකට පැමිණියෙක් ව උතුම් වරයක් ඉල්ලීය. අතිශයින් දුකට පත් මොහු දැන (කැමති සියල්ලක් ම දෙමැයි) සර්‍වග්‍රාහික කොට (වරයක්) දුනිමි.
Pali BJT3420. පරාජයො තවං{2} දෙව, අස්ස දෙය්යො තථාගතො, උභින්නං සංසයො ඡින්නො යථාසන්තම්හි{3} තිට්ඨථ.
Sinhala BJT3420. දේවයන් වහන්ස, පරාජය ඔබවහන්සේට ය. බුදුරජ තෙම ඔහුට දිය යුතුය. දෙදෙනාගේ ම සැක පසිඳින ලදි. සත්පුරුෂධර්‍මය වූ පරිදි ධර්‍මයෙහි පිහිටුව.
Pali BJT3421. රාජා තත්ථෙව ඨත්වාන අක්ඛදසෙස්තදබ්රවි, සම්මා මය්හම්පි දෙය්යාථ පුන බුද්ධං ලභාමහං.
Sinhala BJT3421. රජ තෙම එහි ම සිටගෙණ විනිසකරුවනට මෙය කීය. සගයෙනි, මට ද තෙපි (වරයක්) දෙන්නහු නම් නැවත මම බුදුරජුන් ලබමි.
Pali BJT3422. පූරෙත්වා තව සඞ්කප්පං භොජයිත්වා තථාගතං, පුන දෙය්යාසි සම්බුද්ධං ආනන්දස්ස යසස්සිනො.
Sinhala BJT3422. තාගේ අදහස් සම්පූර්‍ණ කොට ගෙණ තථාගතයන් වළඳවා ආනන්‍ද රජුහට නැවත බුදුරජුන් දෙන්නෙහි ය.
Pali BJT3423. අක්ඛදස්සෙ’භිවාදෙත්වා ආනන්දඤ්චාපි ඛත්තියං, තුට්ඨො පමුදිතො හුත්වා සම්බුද්ධමුපසඞ්කමිං.
Sinhala BJT3423. විනිසකරුවනට ද රජතුමාට ද වැඳ සතුටු වූයෙම් ප්‍රමුදිත වූයෙම් බුදුරජුන් වෙත එළඹියෙමි.
Pali BJT3424. උපසඞ්කම්ම සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං, සිරසා අභිවාදෙත්වා ඉදං වචනමබ්රවිං.
Sinhala BJT3424. චතුරෝඝයන් තරණය කළා වූ ආස්‍රව රහිත වූ සම්බුදුරජුන් වෙත එළඹ හිස නමා වැඳ මේ වචනය කීමි.
Pali BJT3425. වසීසතසහස්සෙහි අධිවාසෙහි චක්ඛුම, හාසයන්තො මමං{4} චිත්තං නිවෙසනමුපෙහි මෙ.
Sinhala BJT3425. පසැස් ඇතියාණන් වහන්ස, රහතුන් ලක්‍ෂයක් දෙනා වහන්සේ සමඟ (මාගේ දානය) ඉවසා වදාළ මැනව. මාගේ සිත සතුටු කරමින් මාගේ නිවසට වඩිනු මැනව.
Pali BJT3426. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම සඞ්කප්පමඤ්ඤාය අධිවාසෙසි චක්ඛුමා,
Sinhala BJT3426. ලොවැස්සන්ගේ පූජාසත්කාරයන් පිළිගන්නා වූ තුන්ලොව ම මැනවින් දතුවා වූ පසැස් ඇත්තා වූ පදුමුත්තර බුදුරජ තෙම මාගේ අදහස දැන (ඒ ආරාධනය) ඉවසීය.
Pali BJT3427. අධිවාසනමඤ්ඤාය අභිවාදිය සත්ථුනො, හට්ඨො උදග්ගචිත්තොහං නිවෙසනමුපාගමිං.
Sinhala BJT3427. මම ආරාධනය පිළිගත් බව දැන ශාස්තෲන් වහන්සේ වැඳ සතුටුව ඔදවැඩි සිත් ඇත්තෙම් සිය නිවසට එළඹියෙමි.
Pali BJT3428. මිත්තාමච්චෙ සමානෙත්වා ඉදං වචනමබ්රවිං, සුදුල්ලභො මයා ලද්ධො මණි ජොතිරසො යථා.
Sinhala BJT3428. මම මිත්‍රාමාත්‍යයන් රැස් කරවා මේ වචන කීමි. දෑරඟ මිණිරුවන වැනි අතිදුර්‍ලභ වස්තුවක් මා විසින් ලබන ලදි.
Pali BJT3429. කෙන තං පූජයිස්සාම අප්පමෙය්යො අනූපමො, අතුලො අසමො ධීරො ජිනො අප්පටිපුග්ගලො.
Sinhala BJT3429. බුදුරජානන් වහන්සේ පමණ කළ නො හැකි ගුණ ඇති සේක. උපමාරහිත වූ ගුණ ඇති සේක. අතුල්‍ය වූ සම වූ අනිකකු නොමැති බැවින් අසම නම් වන සේක. මහ නුවණැති සේක. පස්මරුන් දිනූ සේක. අප්‍රතිපුද්ගල වන සේක. ඒ බුදුරජුන්හට කුමකින් පුදන්නෙමු ද?
Pali BJT3430. තථා සමසමො චෙව අදුතියො නරාසභො, දුක්කරං අධිකාරං හි බුද්ධානුච්ඡවිකං මයා.
Sinhala BJT3430. එසේ ම ඒ බුදුරජානන් වහන්සේ අසම සමය හ. අදුතිය හ. නරශ්‍රේෂ්ඨය හ. මා විසින් ඒ බුදුරජුන්හට සුදුසු වූ පූජාවක් කිරීම දුෂ්කරය.
Pali BJT3431. නානාපුප්ඵෙ සමානෙත්වා කරොම පුප්ඵමණ්ඩපං, බුද්ධානුච්ඡවිකං එතං සබ්බපූජා භවිස්සති.
Sinhala BJT3431. නොයෙක් මල් රැස් කොට පුෂ්පමණ්ඩපයක් කරමු. මේ සියලු පූජා බුදුරජුන්හට සුදුසු වන්නීය.
Pali BJT3432. උප්පලං පදුමං වාපි වස්සිකං අධිමුත්තකං, චම්පකං නාගපුප්ඵඤ්ච මණ්ඩපං කාරයිං අහං.
Sinhala BJT3432. උපුල්, පියුම්, දෑසමන්, යොහොඹු (=කෝඹු), සපු, නා යන මලින් මම මණ්ඩපයක් කරවීමි.
Pali BJT3433. සතාසනසහස්සානි ඡත්තච්ඡායාය පඤ්ඤපිං, පච්ඡිමං ආසනං මය්හං අධිකං සතමග්ඝති.
Sinhala BJT3433. ඡත්‍රයන්ගේ සෙවනෙහි ලක්‍ෂයක් අසුන් පැණවීමි. මාගේ අන්තිම ආසනය අයිරාසියක් අගනේ ය.
Pali BJT3434. සතාසනසහස්සානි ඡත්තච්ඡායාය පඤ්ඤපිං, පටියාදෙත්වා අන්නපානං කාලමාරොචයිං අහං.
Sinhala BJT3434. මම සත්සෙවනෙහි ලක්‍ෂයක් අසුන් පණවා නිමවීමි. ආහාරපාන ද පිළියෙල කරවා (සුදුසු) කලැයි දැන්වීමි.
Pali BJT3435. ආරොචිතම්හි කාලම්හි පදුමුත්තරො මහාමුනි, වසි සතසහස්සෙහි නිවෙසනමුපෙසි මෙ.
Sinhala BJT3435. කාලය ආරෝචනය කළ කල්හි පදුමුත්තර බුදුරජ තෙමේ ලක්‍ෂයක් රහතුන් සමග මාගේ නිවසට එළඹියේ ය.
Pali BJT3436. ධාරෙන්තමුපරිච්ඡත්තෙ{1} සුඵුල්ලපුප්ඵමණ්ඩපෙ, වසීසතසහස්සෙහි නිසීදි පුරිසුත්තමො.
Sinhala BJT3436. මුදුන් සත් දරණ සුපුල් මල්මුවාමඩුවෙහි පුරුෂෝත්‍තම වූ බුදුරජ තෙම ලක්‍ෂයක් රහතුන් සමග වැඩහුන්නේ ය.
Pali BJT3437. ඡත්තසතසහස්සානි සතසහස්සමාසනං, කප්පියං අනවජ්ජඤ්ච පටිගණ්හාහි චක්ඛුම.
Sinhala BJT3437. ඡත්‍ර ලක්‍ෂයකි. අසුන් ලක්‍ෂයකි. බුදුරජානන් වහන්ස, මේ කැපය, නිවරදය. පිළිගණු මැනව.
Pali BJT3438. පදුමුත්තරො ලොවිදූ ආහුතීනං පටිග්ගහො, මමං තාරෙතුකාමො සො සම්පටිච්ඡි මහාමුනි.
Sinhala BJT3438. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ඒ මහාමුනි වූ පදුමුත්තර බුදුරජ තෙම මා (සසර සයුරින්) එතෙර කරණු කැමැත්තේ එය පිළිගත්තේ ය.
Pali BJT3439. භික්ඛුනො එකමෙකස්ස පච්චෙකං පත්තදාසහං, ජභිංසු පුබ්බකං{2} පත්තං ලොහපත්තමධාරයුං.
Sinhala BJT3439. මම එක එක භික්‍ෂුහට වෙන වෙන ම පාත්‍ර දුනිමි. පළමුවෙන් තුබුනු පාත්‍ර ඉවත් කොට හළහ. (හැමදෙනා වහන්සේ ම) ලෝහපාත්‍ර දැරුවාහු ය.
Pali BJT3440. සත්තරත්තින්දිවං බුද්ධො නිසීදි පුප්ඵමණ්ඩපෙ, බොධයන්තො බහූ සත්තෙ ධම්මචක්කං පවත්තයී.
Sinhala BJT3440. බුදුරජ තෙම දිවරෑ සතක් පුෂ්පමණ්ඩපයෙහි වැඩහුන්නේ ය. බොහෝ සත්නට දහම් අවබෝධ කරවමින් දම්සක් පැවැත්වී ය.
Pali BJT3441. ධම්මචක්කං පවත්තෙන්තෙ{3} හෙට්ඨතො පුප්ඵමණ්ඩපෙ, චුල්ලාසීතිසහස්සානං ධම්මාභිසමයො අහු.
Sinhala BJT3441. පුෂ්පමණ්ඩපය තුළ දම්සක් පවත්වන කල්හි සුවාසූදහසක් ප්‍රාණීන්හට ධර්‍මාභිසමය වී ය.
Pali BJT3442. සත්තමෙ දිවසෙ පත්තෙ පදුමුත්තරො මහාමුනි, ඡත්තච්ඡායාය මාසීනො ඉමා ගාථා අභාසථ:
Sinhala BJT3442. සත්වැනි දින පැමිණි කල්හි පදුමුත්තර බුදුරජ තෙම ඡත්‍රච්ඡායායෙහි වැඩහුන්නේ මේ ගාථාවන් වදාළේ ය.
Pali BJT3443. “අනූනකං දානවරං යො මෙ පාදාසි මාණවො, තමහං කිත්තයිස්සාමි සුණොථ මම භාසතො.
Sinhala BJT3443. “යම් මාණවකයෙක් මට කිසිවකින් නො අඩු වූ උතුම් දානයක් දුන්නේ ද, මම හේ කවරෙක් දැයි කියන්නෙමි. කියන්නා වූ මාගේ (වචනය) අසවු.
Pali BJT3444. හත්ථි අස්සා රථා පත්තී සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්ති’මං{4} නිච්චං සබ්බදානස්සිදං ඵලං.
Sinhala BJT3444. ඇත්තු ද අශ්වයෝ ද රිය ද පාබළ සෙනඟ ද යන සිවුරඟ සෙනඟ මොහු නිතර පිරිවරන්නාහුය. සර්‍වදානයාගේ මේ විපාක යි.
Pali BJT3445. හත්ථියානං අස්සයානං සිවිකා සන්දමානිකා, උපට්ඨිස්සන්ති’මං නිච්චං සබ්බදානස්සිදං ඵලං.
Sinhala BJT3445. හස්තියානය අශ්වයානය දෝලාය පල්ලැක්කිය යන මෙකී යානයෝ නිරතුරුව මොහු වෙත එළඹ සිටිත්. සර්‍වදානයාගේ මේ විපාක යි.