Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4601-4700 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3280. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං අහං, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT3280. මෙයින් සිවුඅනූවන කපෙහි මම යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT3281. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3281. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3282. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3282. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT3283. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3283. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අවණ්ටඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අවණ්ටඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTඅවණ්ටඵලදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTඅවණ්ටඵලදායක ස්‍ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT382. ලබුජදායකත්ථෙරාපදානං.
Sinhala BJT382. ලබුජදායක ස්ථවිරාවදානය
Pali BJT3284. නගරෙ බන්ධුමතියා ආසිං ආරාමිකො තදා, අද්දසං විරජං බුද්ධං ගච්ඡන්තං අනිලඤ්ජසෙ.
Sinhala BJT3284. එකල්හි මම බන්‍ධුමතී නගරයෙහි ආරාමිකයෙක් (=අරමෙහි වතාවත් කරන්නෙක්) වීමි. අහසෙහි වඩින්නා වූ කෙලෙස් රජස් රහිත බුදුරජුන් දිටිමි.
Pali BJT3285. ලබුජස්ස ඵලං ගය්හ බුද්ධසෙට්ඨස්සදාසහං, ආකාසෙ ඨිතකො සන්තො පටිගණ්හි මහායසො.
Sinhala BJT3285. මම දෙල්ගෙඩි ගෙණ බුදුරජුන්හට දිනිමි. මහත් යශස් ඇති සර්‍වඥ තෙම අහසෙහි වැඩසිටියේ ම එය පිළිගත්තේ ය.
Pali BJT3286. විත්තිසඤ්ජනනං මය්හං දිට්ඨධම්මසුඛාවහං, ඵලං බුද්ධස්ස දත්වාන විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT3286. මට සතුට උපදවන මෙලොවදී ම සුව එළවන එ පලදන පැහැදි සිතින් බුදුරජුන්හට දී,
Pali BJT3287. අධිගච්ඡිං තදා පීතිං විපුලඤ්ච සුඛුත්තමං, උප්පජ්ජතෙව රතනං නිබ්බත්තස්ස තහිං තහිං.
Sinhala BJT3287. එකල්හි මහත් වූ ප්‍රීතිය ද උතුම් වූ සැපය ද ලැබීමි. ඒ ඒ තන්හි උපන්නා වූ තමන්හට රුවන් නිපයේ ම ය.
Pali BJT3288. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT3288. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT3289. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3289. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3290. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3290. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3291. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3291. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ලබුජදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ලබුජදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTලබුජදායකථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTලබුජදායක ස්‍ථවිරාවදානය දෙවෙනි යි.
Pali BJT383. උදුම්බරඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT383. උදුම්බරඵලදායක ස්ථවිරාවදානය
Pali BJT3292. වින්තානදියා තීරෙ විහාසි පුරිසුත්තමො, අද්දසං විරජං බුද්ධං එකග්ගං සුසමාහිතං.
Sinhala BJT3292. පුරුෂෝත්තම වූ බුදුරජතෙම විනතා ගංතෙරෙහි වැඩ විසී ය. සන්හුන් වූ කෙලෙස්රජස් විරහිත එකඟ වූ බුදුරජුන් දිටිමි.
Pali BJT3293. තස්මිං පසන්නමනසො කිලෙසමලධොවනෙ, උදුම්බරඵලං ගය්හ බුද්ධසෙට්ඨස්සදාසහං.
Sinhala BJT3293. කෙලෙස්මල දෝනා වූ උන්වහන්සේ කෙරෙහි පහන්සිත් ඇත්තෙම් මම දිඹුල් පල ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි.
Pali BJT3294. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT3294. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
Pali BJT3295. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3295. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3296. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3296. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3297. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3297. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උදුම්බරඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උදුම්බරඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTඋදුම්බරඵලදායකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTඋදුම්බරඵලදායක ස්‍ථවිරාවදානය තෙවෙනි යි.
Pali BJT384. පිලක්ඛඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT384. පිලක්ඛඵලදායක ස්ථවිරාවදානය
Pali BJT3298. වනන්තෙ බුද්ධං දිස්වාන අත්ථදස්සිං මහායසං, පසන්නචිත්තො සුමනො පිලක්ඛස්ස ඵලං අදං.{1}
Sinhala BJT3298. වනයෙහි දී මහත් කීර්ති ඇති අත්‍ථදස්සී බුදුරජුන් දැක පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පුලිලගෙඩි දුනිමි.
Pali BJT3299. අට්ඨාරසෙ කප්පසතෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT3299. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT3300. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3300. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3301. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3301. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3302. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3302. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පිලක්ඛඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පිලක්‍ඛදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTපිලක්ඛඵලදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTපිලක්‍ඛදායක ස්‍ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT385. ඵාරුසඵලදායකත්ථෙරාපදානං{*}
Sinhala BJT385. ඵාරුසඵලදායක ස්ථවිරාවදානය
Pali BJT3303. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ආහුතීනං පටිග්ගහං, රථියං පටිපජ්ජන්තං ඵාරුසඵලමදාසහං.
Sinhala BJT3303. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ රන්වන් වූ මාර්‍ගයෙහි වඩින්නා වූ බුදුරජුන් දැක මම උන්වහන්සේට බොරළුදමුනු (=උගුරැස්ස) ගෙඩි දිනිමි.
Pali BJT3304. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං අහං, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT3304. මෙයින් එක්අනූවන කපෙහි යම් ඵලදානයක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT3305. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3305. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
Pali BJT3306. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3306. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3307. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3307. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඵාරුසඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵාරුසඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඵාරුසඵලදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඵාරුසඵලදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT386. වල්ලිඵලදායකත්ථෙරාපදානං.
Sinhala BJT386. වල්ලිඵලදායක ස්ථවිරාවදානය
Pali BJT3308. සබ්බෙ ජනා සමාගම්ම අගමිංසු වනං තදා, ඵලමන්වෙසමානා තෙ අලභිංසු ඵලං තදා.
Sinhala BJT3308. සියලු ජනයෝ එක්ව එකල්හි වනයට ගියාහු ය. එකල්හි ඵල සොයන්නා වූ ඔවුහු ඵල ලැබුවාහු ය.
Pali BJT3309. තත්ථද්දසාසිං සම්බුද්ධං සයම්භුං අපරාජිතං, පසන්නචිත්තො සුමනො වල්ලිඵලමදාසහං.
Sinhala BJT3309. එහි දී සියල්ල තෙමේ ම අවබෝධ කර ගත්තා වූ පස්මරුන් දිනූ සම්බුදුරජුන් දිටිමි. (දැක) උන්වහන්සේට මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ලියපලක් දිනිමි.
Pali BJT3310. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT3310. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT3311. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3311. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3312. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3312. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3313. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3313. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වල්ලිඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් වල්ලිඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවල්ලිඵලදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTවල්ලිඵලදායක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT387. කදලිඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT387. කදලිඵලදායක ස්ථවිරාවදානය
Pali BJT3314. කණිකාරංව ජලිතං පුණ්ණමාසෙව{1} චන්දිමං, ජලන්තං දීපරුක්ඛංව අද්දසං ලොකනායකං.
Sinhala BJT3314. කිණිහිරි රුකක් මෙන් ද පණු රැසි සඳු මෙන් ද බබලන ඇවිළගත් ප්‍රදීපවෘක්‍ෂයක් බඳු වූ බුදුරජුන් දිටිමි.
Pali BJT3315. කදලිඵලං පග්ගය්හ අදාසිං සත්ථුනො අහං, පසන්නචිත්තො සුමනො වන්දිවත්වාන අපක්කමිං.
Sinhala BJT3315. මම කෙසෙල්පලයක් ගෙන පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට දුනිමි. (ඉක්බිති) වැඳ ඉවත්ව ගියෙමි.
Pali BJT3316. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT3316. මෙයින් එක්තිස්වන කපෙහි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT3317. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3317. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3318. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3318. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3319. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3319. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කදලිඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කදලිඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකදලිඵලදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTකදලිඵලදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT388. පනසඵලදායකත්ථෙරාපදානං.
Sinhala BJT388. පනසඵලදායක ස්ථවිරාවදානය
Pali BJT3320. අජ්ජුනො නාම සම්බුද්ධො හිමවන්තෙ වසී තදා, චරණෙන ච සම්පන්නො සමාධිකුසලො මුනි.
Sinhala BJT3320. එකල්හි අර්ජුන නම් සම්බුද්ධ තෙමේ හිමවතෙහි විසීය. ඒ මුනි තෙමේ (පසළොස්) චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූයේ සමාධියෙහි දක්‍ෂවූයේ ද වේ.
Pali BJT3321. කුම්භමත්තං ගහෙත්වාන පනසං ජීවජීවකං, ඡත්තපණ්ණෙ ඨපෙත්වාන අදාසිං සත්ථුනො අහං.
Sinhala BJT3321. කුඹ පමණ වූ ජීවජීවක නම් පනාපලක් ගෙණවුත් පර්‍ණචඡත්‍රයෙහි තබා මම ශාස්තෲන් වහන්සේට දුනිමි.
Pali BJT3322. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT3322. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT3323. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3323. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3324. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3324. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT3325. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3325. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පනසඵලදාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පනසඵලදායක ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපනසඵලදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTපනසඵලදායක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT389. සොණකොටිවීසත්ථෙරාපදානං.
Sinhala BJT389. සෝණකෝටිවීස ස්ථවිරාවදානය
Pali BJT3326. විපස්සිනො පාවචනෙ එකං ලෙණං මයා කතං, චාතුද්දිසස්ස සඞ්ඝස්ස බන්ධුමාරාජධානියා.
Sinhala BJT3326. විපස්සී බුදුරජුන්ගේ සසුන පවත්නා කල්හි සිවුදිගින් වඩින සඞ්ඝයාට බන්‍ධුම රාජධානියෙහි මා විසින් ලෙණක් කරවන ලදි.
Pali BJT3327. දුස්සෙහි භූමිං ලෙණස්ස සන්ථරිත්වා පරිච්චජිං, උදග්ගචිත්තො සුමනො අකාසිං පණිධිං තදා.
Sinhala BJT3327. ලෙණෙහි බිම වස්ත්‍රවලින් අතුරා (සඞ්ඝයාට) පිදීමි. එකල්හි ඔදවැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මෙබඳු) ප්‍රාර්‍ත්‍ථනාවක් ද කෙළෙමි.
Pali BJT3328. ආරාධයෙය්යං සම්බුද්ධං පබ්බජ්ජඤ්ච ලභෙය්යහං, අනුත්තරඤ්ච නිබ්බානං ඵුසෙය්යං සන්තිමුත්තමං.
Sinhala BJT3328. මම බුදුරජුන් සතුටු කරන්නෙමි. පැවිද්ද ද ලබන්නෙමි. අනුත්තර වූ උත්තම ශාන්තිසඞ්ඛ්‍යාත නිවන ද ස්පර්‍ශ කරන්නෙමි.
Pali BJT3329. තෙනෙව සුක්කමූලෙන කප්පං{1} නවුති සංසරිං, දෙවභූතො මනුස්සො වා කතපුඤ්ඤො විරොචහං.
Sinhala BJT3329. කුශලමූලයෙන් ම අනූකල්පයක් සැරිසැරීමි. කරණ ලද පින් ඇති මම දෙවි වූයෙම් හෝ මිනිස් වූයෙම් හෝ බැබළීමි.
Pali BJT3330. තතො කම්මාවසෙසෙන ඉධ පච්ඡිමකෙ භවෙ, චම්පායං අග්ගසෙට්ඨිස්ස ජාතොම්හි එකපුත්තකො.
Sinhala BJT3330. ඉක්බිති අවශේෂ කර්‍මවිපාකයෙන් අන්තිම භවයෙහි මේ චම්පා නගරයෙහි අගසිටුහුගේ එක ම පුත්‍රව උපන්නෙම් වෙමි.
Pali BJT3331. ජාතමත්තස්ස මෙ සුත්වා පිතු ඡන්දො අයං අහු, දදාමහං කුමාරස්ස වීසකොටි අනූනකා.
Sinhala BJT3331. මා උපන් පමණක් ම අසා පියතුමාහට මෙ බඳු අදහසෙක් විය. “මම කුමරුන්ට නො අඩුව විසිකෙළක් (ධනය) දෙමැයි” (කියා යි).
Pali BJT3332. චතුරඞ්ගුලා ච මෙ ලොමා ජාතා පාදතලෙ උභො, සුඛුමා මුදුසම්ඵස්සා තූලපිචුසමා සුභා.
Sinhala BJT3332. මාගේ දෙපතුල්හි සියුම් වූ මොළොක් පහස් ඇති පුලුන් කෙඳි බඳු හොබනා සිවු අගුල් දිගු ලෝමයෝ හටගත්හුය.
Pali BJT3333. අතීතා නවුතී කප්පා අයමෙකොව{2} උත්තරි, නාභිජානාමි නික්ඛිත්තෙ පාදෙ භූම්යා අසන්ථතෙ.
Sinhala BJT3333. අනූකපක් ඉක්මින. මේ ඉතිරි කල්පය යි. (මේ අනූඑක්කපතුළ) නො අතුළ බිමෙහි පා තැබූ බවක් නො දනිමි.
Pali BJT3334. ආරාධිතො මෙ සම්බුද්ධො පබ්බජිං අනගාරියං, අරහත්තඤ්ච මෙ පත්තං සීතිභූතොම්භි නිබ්බුතො.
Sinhala BJT3334. මා විසින් සම්බුදුරජතෙම තුටු කරණ ලදි. අනගාරිය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි. මා විසින් රහත්බව ලබනලදී. ක්ලේශදාහයෙන් නිවුනෙම් සිසිල් වූයෙම් වෙමි.
Pali BJT3335. අග්ගො ආරද්ධවිරියානං{3} නිද්දිට්ඨො සබ්බදස්සිනා, ඛීණාසවො ච{4} අරහා ඡළභිඤ්ඤො මහිද්ධිකො.
Sinhala BJT3335. ආරබ්ධ වීර්‍ය්‍ය ඇති මහණුන් අතුරෙන් මම අග්‍රය යි බුදුරජුන් විසින් දක්වන ලදුයෙම් වෙමි. මහත් ඍද්ධි ඇති ෂඩභිඥා ඇති ආස්‍රව ක්‍ෂය කළ රහත් නමක් ද වෙමි.
Pali BJT3336. එකනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ලෙනදානස්සිදං ඵලං.
Sinhala BJT3336. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලෙනක් දීමෙහි මේ විපාක යි.
Pali BJT3337. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3337. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ ශුභගමනෙක් ම විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදු සසුන කරණ ලදි.
Pali BJT3338. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3338. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT3339. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3339. සිවුපිළිසිඹියාවෝ ද අෂ්‍ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදු සසුන කරණ ලදි.
Pali BJT3340. ථෙරො කොටිවිසො{5} සොණො භික්ඛුසඞ්ඝස්ස අග්ගතො, පඤ්චහං පුට්ඨො වියාකාසි අනොතත්තෙ මහාසරෙති.
Sinhala BJT3340. අනවතප්ත මහවිල් තෙර දී පැණ විචාරණ ලද සෝණකෝටිවිස ස්ථවිර තෙමේ බික්සඟන ඉදිරියෙහි විසඳීය.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොණො කොටිවීසො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝණකෝටිවීස ස්‍ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසොණකොටිවීසත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසෝණකෝටිවීස ස්ථවිරාවදානය නවවැනියි.
Pali BJT390. පුබ්බකම්මපිලොතිකාපදානං
Sinhala BJT390. පුබ්බකම්මපිලෝතිකාවදානය
Pali BJT3341. අනොතත්තසරාසන්තෙ රමණීයෙ සිලාතලෙ, නානාරතනපජ්ජොතෙ නානාගන්ධවනන්තරෙ.
Sinhala BJT3341. නොයෙක් රත්නයෙන් බබලන නානාවිධ සුගන්‍ධ පුෂ්පයෙන් ගැවසීගත් (හිමාලය) වනයෙහි අනවතප්තවිල සමීපයෙහි වූ සිත්කලු ගල්තලාවෙක්හි,
Pali BJT3342. මහතා භික්ඛුසඞ්ඝෙන පරෙතො ලොකනායකො, ආසීනො ව්යාකරී තත්ථ පුබ්බකම්මානි අත්තනො.
Sinhala BJT3342. මහත් වූ භික්‍ෂුසමූහයා විසින් පිරිවරන ලද බුදුරජානන් වහන්සේ වැඩහුන් සේක්, එහි දී තමන්වහන්සේ ගේ පූර්‍වකර්‍මය ප්‍රකාශ කළ සේක.
Pali BJT3343. සුණාථ භික්ඛවො මය්හං යං කම්මං පකතං මයා, පිලොතිකස්ස කම්මස්ස බුද්ධත්තෙපි විපච්චති{*}.
Sinhala BJT3343. මහණෙනි, මා විසින් යම් කර්‍මයක් කරන ලද ද මාගේ (ඒ කර්‍මය) අසවු. විපාකාවශේෂකර්‍මය බුදුබැව් ලැබූ කල්හි ද විපාක දේ.
Pali BJT3344. මුනාළී නාමහං ධුත්තො පුබ්බෙ අඤ්ඤාසු ජාතිසු, පච්චෙකබුද්ධං සරභුං{1} අබ්භාචික්ඛිං අදූසකං.
Sinhala BJT3344. පෙර මම අප්‍රකට වූ (ශුද්‍ර) ජාතියට අයත් මුනාළී නම් ධූර්‍තයෙක් වීමි. (එකල්හි) ක්ලේශයන්ගෙන් නින්‍දා නොකටයුතු වූ සරභූ නම් පසේබුදුන් වහන්සේට නින්‍දා කෙළෙමි.
Pali BJT3345. තෙන කම්මවිපාකෙන නිරයෙ සංසරිං චිරං, බහුවස්සසහස්සානි දුක්ඛං වෙදෙසිං වෙදනං.
Sinhala BJT3345. ඒ කර්‍මවිපාකයෙන් බොහෝ කලක් නිරයෙහි සැරිසැරීමි. බොහෝ දහස් ගණන් හවුරුදු දුක්වේදනා වින්දෙමි.
Pali BJT3346. තෙන කම්මාවසෙසෙන ඉධ පච්ඡිමකෙ භවෙ, අබ්භක්ඛානං මයා ලද්ධං සුන්දරිකාය කාරණා.
Sinhala BJT3346. ඒ කර්‍මයාගේ අවශේෂ විපාක වශයෙන් මේ අන්තිම භවයෙහි සුන්‍දරිකා නම් පරිව්‍රාජිකාව නිසා මා විසින් නින්‍දා වචන ලබන ලදි.
Pali BJT3347. සබ්බාභිභුස්ස බුද්ධස්ස නන්දො නාමාසි සාවකො, තං අබ්භක්ඛාය නිරයෙ චිරං සංසරිතං{2} මයා.
Sinhala BJT3347. සබ්බාභිභු නම් බුදුරජුන්ගේ නන්‍ද නම් ශ්‍රාවකයෙක් වීය. උන්වහන්සේට නින්‍දා කොට මා විසින් බොහෝ කාලයක් නිරයෙහි සැරිසරන ලදි.
Pali BJT3348. දසවස්සසහස්සානි නිරයෙ සංසරිං චිරං, මනුස්සභාවං ලද්ධාහං අබ්භක්ඛානං බහුං ලභිං.
Sinhala BJT3348. හවුරුදු දසදහසක් පමණ වූ දීර්‍ඝකාලයක් නිරයෙහි සැරි සැරීමි. මිනිසත්බව ලත් මම බොහෝ නින්‍දා ලැබීමි.
Pali BJT3349. තෙන කම්මාවසෙසෙන චිඤ්චමානවිකා මමං, අබ්භක්ඛාසි{3} අභූතෙන ජනකායස්ස අග්ගතො.
Sinhala BJT3349. ඒ කර්‍මයාගේ ශේෂ වූ විපාකයෙන් චිඤ්චමානවිකා තොමෝ ජනසමූහයා ඉදිරියෙහි මට අභූතයෙන් චෝදනා කළාය.
Pali BJT3350. බ්රාහ්මණො සුතවා ආසිං අහං සක්කතපූජිතො, මහාවනෙ පඤ්චසතෙ මන්තෙ වාචෙමි මාණවෙ.
Sinhala BJT3350. මම බොහෝ දෙනා විසින් සත්කාර කරණ ලද්දා වූ පුදන ලද්දා වූ බහුශ්‍රුත බමුණෙක් වීමි. මහවෙනෙහි පන්සියක් මානවකයනට මන්ත්‍ර හදාරවමි.
Pali BJT3351. තත්ථාගතො ඉසි භීමො පඤ්චාභිඤ්ඤො මහිද්ධිකො, තඤ්චාහමාගතං දිස්වා අබ්භාචික්ඛිමදූසකං.
Sinhala BJT3351. මහත් ඍද්ධි ඇති පඤ්චාභිඥාලාභී වූ භීම ඍෂිතෙම එහි පැමිණියේ ය. මම (එසේ) පැමිණියහු දැක නින්‍දා නො කටයුතු වූ ඔහුට නින්‍දා කෙළෙමි.
Pali BJT3352. තතොහං අවචං සිස්සෙ කාමභොගී අයං ඉසි, මය්හම්පි භාසමානස්ස අනුමොදිංසු මාණවා.
Sinhala BJT3352. ඉක්බිති මම ශිෂ්‍යයන්හට “මේ ඍෂිතෙම කාමභෝගියෙකැ” යි කීමි. මාණවකයෝ ද මා කී වචනයට සතුටු වූවාහු ය.