Pali BJTසලලපුප්ඵියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTසලලපුප්ඵියස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTමන්දාරවඤ්ච කක්කාරු භිස කෙසරපුප්ඵියො අඞ්කොලකො කදමබී ච උද්දාල එකචම්පකො තිමිරං සලලඤ්චෙව ගාථා තාළීස එව ච.
Sinhala BJTමන්‍දාරව කක්කාරු භිස කේසරපුප්ඵිය අඞ්කෝලක කදම්බී උද්දාලී ඒකචම්පක තිමිර සලල යයි ගී සාළිසෙක් ම වන්නේ.
Pali BJTමන්දාරවපුප්ඵියවග්ගො සත්තතිංසතිමො.
Sinhala BJTසත්තිස්වැනි මන්‍දාරවපුප්ඵිය වර්‍ගය යි.
Pali BJT38. බොධිවන්දකවග්ගො
Sinhala BJT38. බෝධිවන්‍දන වර්‍ගය
Pali BJT371. බොධිවන්දකත්ථෙරාපදානං
Sinhala BJT371. බෝධිවන්‍දක ස්ථවිරාවදානය
Pali BJT3220. පාටලිං හරිතං දිස්වා පාදපං ධරණීරුහං, එකංසං අඤ්ජලිං කත්වා අවන්දිං පාටලිං අහං.
Sinhala BJT3220. මම පලාවන් වූ පළොල් රුකක් දැක එකස් කොට ඇඳිලි බැඳ ඒ පළොල් බෝධියට වැන්දෙමි. (පළොල්රුක විපස්සී බුදුරජානන් වහන්සේගේ බෝධිය යි.)
Pali BJT3221. අඤ්ජලිං පග්ගහෙත්වාන ගරුං කත්වාන මානසං, අන්තොසුද්ධං බහිසුද්ධං සුවිමුත්තමනාසවං.
Sinhala BJT3221-3222. ඇඳිලි බැඳගෙණ සිතින් ද ගරු කොට ඇතුළත පිරිසිදු වූ පිටත ද පිරිසිදු වූ මැනවින් (සියලු කෙලෙසුන්ගෙන්) මිදුනා වූ ආස්‍රව රහිත වූ ලෝවැස්සන් විසින් පුදන ලද කරුණාවට හා ඥානයට සාගරයක් වැනි වූ විපස්සී බුදුරජුන් හමුයෙහි මෙන් (මම) ඒ පළොල් බෝධියට වැන්දෙමි.
Pali BJT3222. විපස්සිං ලොකමහිතං කරුණාඤාණසාගරං, සම්මුඛා විය සම්බුද්ධං අවන්දිං පාටලිං අහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3223. එකනවුතෙ ඉතො කප්පෙ යං බොධිමභිවන්ද’හං, දුග්ගතිං නාභිජානාමි වන්දනාය ඉදං ඵලං.
Sinhala BJT3223. මම මෙයින් එක් අනූවන කපෙහි යම් බෝධිවන්‍දනාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බොධිවන්‍දනාවෙහි මේ විපාක යි.
Pali BJT3224. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3224. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බොධිවන්දකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිවන්‍දක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTබොධිවන්දකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTපළමුවැනි බෝධිවන්‍දක ස්ථවිරාවදානය යි.
Pali BJT372. පාටලිපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT372. පාටලියපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3225. විපස්සී නාම භගවා සයම්භූ අග්ගපුග්ගලො, පුරක්ඛතො සසිස්සෙහි බන්ධුමං පාවිසි ජිනො{1}.
Sinhala BJT3225. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ පස්මරුන් දිනූ විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරන ලද සේක් බන්‍ධුම නගරයට පිවිසි සේක.
Pali BJT3226. තීණි පාටලිපුප්ඵානි උච්ඡඞ්ගෙ ඨපිතානි මෙ, සීසං නහාතුකාමොව{2} නදීතිත්ථං අගච්ඡ’හං.
Sinhala BJT3226. මා විසින් පළොල් මල් තුණත් හිඟෙහි තබන ලද්දේ ය. මම හිස නහනු කැමැත්තෙම් ගංතෙරට ගියෙමි.
Pali BJT3227. නික්ඛම්ම බන්ධුමතියා අද්දසං ලොකනායකං, ඉන්දීවරංව ජලිතං ආදිත්තංව හුතාසනං.
Sinhala BJT3227-3228. බන්‍ධුමතී නගරයෙන් නික්ම වඩින්නා වූ මහනිල් මලක් මෙන් බබලන ඇවිළගත් ගින්නක් බඳු වූ ව්‍යාඝ්‍රරාජයකු මෙන් වූ උතුම් වූ විශිෂ්ට ජන්ම ඇති සිංහරාජයකු බඳු වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද ලෝකනායක වූ බුදුරජුන් දිටිමි.
Pali BJT3228. ව්යග්ඝූසභංව පවරං අභිජාතංව කෙසරිං, ගච්ඡන්තං සමණාන’ග්ගං භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3229. තස්මිං පසන්නො සුගතෙ කිලෙසමලධොවනෙ, ගහෙත්වා තීණි පුප්ඵානි බුද්ධසෙට්ඨමපූජයිං.
Sinhala BJT3229. කෙලෙස්මල දෝනා වූ ඒ බුදුරජුන් කෙරෙහි පැහැදුනෙම් පළොල් මල් තුණ ගෙන බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
Pali BJT3230. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3230. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3231. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3231. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පාටලිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTපාටලිපුප්ඵියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTදෙවෙනි පාටලිපුප්ඵිය ස්ථවිරාවදානය යි.
Pali BJT373. තිඋප්පලමාලියත්ථෙරාපදානං.{1}
Sinhala BJT373. තිඋප්පලමාලිය ස්ථවිරාවදානය
Pali BJT3232. චන්දභාගානදීතීරෙ අහොසිං වානරො තදා, අද්දසං විරජං බුද්ධං නිසින්නං පබ්බතන්තරෙ.
Sinhala BJT3232. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වානරයෙක් වීමි. එකල්හි කඳු අතුරෙහි වැඩහුන්නා වූ කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
Pali BJT3233. ඔභාසෙන්තං දිසා සබ්බා සාලරාජංව ඵුල්ලිතං, ලක්ඛණබ්යඤ්ජනූපෙතං දිස්වා අත්තමනො{2} අහං.
Sinhala BJT3233. සියලු දිගුන් බබුළුවන්නා වූ පිපුණු සල්රුකකට බඳු වූ (දෙතිස්මහපුරිස්) ලකුණින් හා අනුව්‍යඤ්ජනයන්ගෙන් යුත් (උන්වහන්සේ) දැක සොම්නස් වූ මම-
Pali BJT3234. උදග්ගචිත්තො සුමනො පීතියා හට්ඨමානසො, තීණි උප්පලපුප්ඵානි මත්ථකෙ අභිරොපයිං.
Sinhala BJT3234. ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතියෙන් පිණාගිය සිත් ඇත්තෙම් උපුල් මල් තුණක් අහස්හි විසුරුවා පිදීමි.
Pali BJT3235. පූජයිත්වාන පුප්ඵානි ඵුස්සස්සාහං මහෙසිනො, සගාරවො භවිත්වාන පක්කාමිං උත්තරාමුඛො.
Sinhala BJT3235. මම ඵුස්ස බුදුරජුන්හට ඒ මල් පුදා ගෞරව සහිතව උතුරු දෙසට මුහුණ ලා ගියෙමි.
Pali BJT3236. ගච්ඡන්තො පටිකුටිකො විප්පසන්නෙන චෙතසා, සෙලන්තරෙ පතිත්වාන පාපුණිං ජීවිතක්ඛයං.
Sinhala BJT3236. පැහැදි සිතින් හැකිළී (බුදුනට පිටු නොපා) යන්නෙම් කඳු අතුරෙහි වැටී ජීවිතක්‍ෂයට පත්වීමි.
Pali BJT3237. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා පුරිමං ජාතිං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT3237. ඒ සුකෘත කර්‍මය හේතු කොට ගෙණ මම පළමු ජාතිය - එම ආත්මභාවය හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
Pali BJT3238. සතානං තීණික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොස’හං.
Sinhala BJT3238. මම තුන්සියවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සියවරක් සක්විතිරජ වීමි.
Pali BJT3239. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3239. මෙයින් දෙයානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3240. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3240. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිඋප්පලමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිඋප්පලමාලියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTතිඋප්පලමාලිය ස්ථවිරාවදානය තෙවෙනි යි.
Pali BJT374. පටටිපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT374. පට්ටිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3241. යදා නිබ්බාසි{3} සම්බුද්ධො මහෙසී පදුමුත්තරො, සමාගම්ම ජනා සබ්බෙ සරීරං නීහරන්ති තෙ.
Sinhala BJT3241. යම් කලෙක්හි මහර්ෂී වූ පදුමුත්තර බුදුරජ තෙම පිරිනිවන් පෑයේ ද, (එකල්හි) සියලු ජනයෝ එකතුව උන්වහන්සේගේ දේහය ගෙණ යත්.
Pali BJT3242. නීහරන්තෙ සරීරම්හි වජ්ජමානාසු භෙරිසු, පසන්නචිත්තො සුමනො පට්ටිපුප්ඵං අපූජයිං.{4}
Sinhala BJT3242. ශරීරය ගෙණ යද්දී බෙර වයද්දී පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම රතුලොත්මල් පිදීමි.
Pali BJT3243. සතසහස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි සරීරපූජිතෙ ඵලං.
Sinhala BJT3243. මෙයින් සියක්දහස් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධදේහය පිදූ කල මේ විපාක යි.
Pali BJT3244. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3244. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3245. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3245. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3246. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3246. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පට්ටිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පට්ටිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTපට්ටිපුප්ඵියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTපට්ටිපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT375. සත්තපණ්ණියත්ථෙරාපදානං.
Sinhala BJT375. සත්තපණ්ණිය ස්ථවිරාවදානය
Pali BJT3247. සුමනො නාම සම්බුද්ධො උප්පජ්ජි ලොකනායකො, පසන්නචිත්තො සුමනො සත්තපණ්ණිමපූජයිං.
Sinhala BJT3247. ලෝකනායක වූ සුමන නම් සම්බුදුරජ තෙමේ ලොව පහළ විය. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් රුක්අත්තන මල් පිදීමි.
Pali BJT3248. සතසහස්සෙ ඉතො කප්පෙ සත්තපණ්ණිමපූජයිං, දුග්ගතිං නාභිජානාමි සත්තපණ්ණිස්සිදං{1} ඵලං.
Sinhala BJT3248. මෙයින් සියක් දහස්වන කපෙහි යම් රුක්අත්තන මල් පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. රුක්අත්තන මල් පිදීමෙහි මේ විපාක යි.
Pali BJT3249. {*}ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3249. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහු වෙති. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJT3250. {*}කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3250. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3251. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3251. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සත්තපණ්ණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපණ්ණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසත්තපණ්ණියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTසත්තපණ්ණිය ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT376. ගන්ධමුට්ඨියත්ථෙරාපදානං.
Sinhala BJT376. ගන්‍ධමුට්ඨිය ස්ථවිරාවදානය
Pali BJT3252. චිතකෙ කරීයමානෙ නානාගන්ධෙ සමාහටෙ, පසන්නචිත්තො සුමනො ගන්ධමුට්ඨිමපූජයිං.
Sinhala BJT3252. නොයෙක් සුවඳ වර්‍ග රැස් කොට සෑයක් (=චිතකයක්) කරණු ලබන කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සුවඳ මිටක් පිදීමි.
Pali BJT3253. සතසහස්සෙ ඉතො කප්පෙ චිතකං යං අපූජයිං, දුග්ගතිං නාභිජානාමි චිතපූජායිදං ඵලං.
Sinhala BJT3253. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
Pali BJT3254. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3254. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3255. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3255. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3256. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3256. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගන්ධමුට්ඨියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධමුට්ඨිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTගන්ධමුට්ඨියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTගන්‍ධමුට්ඨිය ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT377. චිතකපූජකත්ථෙරාපදානං.
Sinhala BJT377. චිතකපූජක ස්ථවිරාවදානය
Pali BJT3257. පරිනිබ්බුතෙ භගවති ජලජුත්තම නාමකෙ, ආරොපිතම්භි චිතකෙ සාලපුප්ඵමපූජයිං.
Sinhala BJT3257. පදුමුත්තර නම් බුදුරජුන් පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දේහය) චිතකයට නැගූ විට මම සල්මල් පිදීමි.
Pali BJT3258. සතසහස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි චිතපූජායිදං ඵලං.
Sinhala BJT3258. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
Pali BJT3259. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3259. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3260. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3260. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3261. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3261. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTචිතකපූජකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTචිතකපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT378. සුමනතාලවණ්ටියත්ථෙරාපදානං.
Sinhala BJT378. සුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය
Pali BJT3262. සිද්ධත්ථස්ස භගවතො තාලවණ්ටමදාසහං, සුමනෙහි පටිච්ඡන්නං ධාරයාමි මහාරහං.
Sinhala BJT3262. මම සමන්මලින් වසා කළ මාහැඟි විජිනිපතක් දරමි. මම ඒ විජිනිපත සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට දුනිමි.
Pali BJT3263. චතුනවුතෙ ඉතො කප්පෙ තාලවණ්ටමදාසහං, දුග්ගතිං නාභිජානාමි තාලවණ්ටස්සිදං ඵලං.
Sinhala BJT3263. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් විජිනිපතක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. විජිනිපත් දනෙහි මේ විපාක යි.
Pali BJT3264. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3264. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3265. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3265. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3266. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3266. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුමනතාලවණ්ටියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනතාලවණ්ටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTසුමනතාලවණ්ටියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTසුමනතාලවණ්ටිය ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT379. සුමනදාමියත්ථෙරාපදානං.
Sinhala BJT379. සුමනදාමිය ස්ථවිරාවදානය
Pali BJT3267. සිද්ධත්ථස්ස භගවතො න්හාතකස්ස තපස්සිනො, කත්වාන සුමනදාමං ධාරයිං පුරතො ඨිතො.
Sinhala BJT3267. (චතුර්මාර්‍ගඥාන ජලයෙන් කෙලෙස් කසට සේදී යන සේ) ස්නානය කළා වූ තපෝගුණ ඇති සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට පෙරටව සිටියෙම් සමන්මල් දමක් කොට දැරීමි.
Pali BJT3268. චතුනවුතෙ ඉතො කප්පෙ යං දාමමභිධාරයිං,{1} දුග්ගතිං නාභිජානාමි සුමනාධාරණෙ{2} ඵලං.
Sinhala BJT3268. මෙයින් සිවුඅනූවන කපෙහි යම් (සමන්මල්) දමක් දැරූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුමන මල්දම දැරීමෙහි මේ විපාක යි.
Pali BJT3269. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3269. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3270. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3270. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT3271. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3271. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුමනදාමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනදාමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසුමනදාමියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසුමනදාමිය ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT380. කාසුමාරිඵලදායකත්ථෙරාපදානං.
Sinhala BJT380. කාසුමාරිඵලදායක ස්ථවිරාවදානය
Pali BJT3272. කණිකාරංව ජොතන්තං නිසින්නං පබ්බතන්තරෙ, අද්දසං විරජං බුද්ධං ලොකජෙට්ඨං නරාසභං.
Sinhala BJT3272. කඳු අතරෙහි වැඩ හුන් කිණිහිරිරුකක් මෙන් බබලන්නා වූ කෙලෙස් රජස් විරහිත ලොවට දෙටු වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් දිටිමි.
Pali BJT3273. පසන්නචිත්තො සුමනො සිරෙ කත්වාන අඤ්ජලිං, කාසුමාරිඵලං ගය්හ බුද්ධසෙට්ඨස්සදාසහං.
Sinhala BJT3273. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් හිසෙහි ඇඳිලි බැඳ ඇත්දෙමට පල ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි.
Pali BJT3274. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT3274. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT3275. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3275. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමෙක් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT3276. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3276. (මා විසින්) ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. හස්තියකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT3277. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3277. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කාසුමාරිඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කාසුමාරිඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTකාසුමාරිඵලදායකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTකාසුමාරිඵලදායක ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTබොධි පාටලි උප්පලී පට්ටි ච සත්තපණ්ණියො ගන්ධමුට්ඨී ච චිතකො තාලං සුමනදාමකො කාසුමාරිඵලී චෙව ගාථා එකූනසට්ඨිකා.
Sinhala BJTබෝධි පාටලී උප්පලී - පට්ටි සත්තපණ්ණිය ගන්‍ධමුට්ඨි චිතක - තාල සුමනදාමක කාසුමාරිඵලී දසවත් - එකුන්සැට ගී වනුයේ.
Pali BJTබොධිවන්දකවග්ගො අට්ඨතිංසතිමො.
Sinhala BJTබෝධිවන්‍දක වර්‍ගය අටතිස්වැනි යි.
Pali BJT39. අවණ්ටඵලවග්ගො
Sinhala BJT39. අවණ්ටඵල වර්‍ගය
Pali BJT381. අවණ්ටඵලදායකත්ථෙරාපදානං.
Sinhala BJT381. අවණ්ටඵලදායක ස්ථවිරාවදානය
Pali BJT3278. සතරංසී නාම භගවා සයම්භු අපරාජිතො, විවෙකකාමො සම්බුද්ධො ගොචරායා’භිනික්ඛමි.
Sinhala BJT3278. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ භාග්‍යවත් වූ සතරංසි නම් සම්බුදුරජ තෙමේ විවේකය කැමැතිවන්නේ පිඬු පිණිස නික්මියේ ය.
Pali BJT3279. ඵලහත්ථො අහං දිස්වා උපගච්ඡිං නරාසභං, පසන්නචිත්තො සුමනො අවණ්ටං අදදිං ඵලං.
Sinhala BJT3279. මම බුදුරජුන් දැක ඵල ගත් අත් ඇත්තෙම් (උන්වහන්සේ වෙත) එළඹියෙමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් නැටි රහිත පල දිනිමි.