Pali BJT357. සුපුටකපූජකත්ථෙරාපදානං
Sinhala BJT357. සුපුටකපූජක ස්ථවිරාවදානය
Pali BJT3165. දිවාවිහාරා නික්ඛන්තො විපස්සී ලොකනායකො, භික්ඛාය විචරන්තො සො මම සන්තිකමුපාගමි.
Sinhala BJT3165. දිවාවිහරණයෙන් නික්මුනු ඒ විපස්සී බුදුරජානන් වහන්සේ පිඬුපිණිස හැසිරෙන සේක් මාගේ සමීපයට එළඹි සේක.
Pali BJT3166. කතො පතීතො සුමනො බුද්ධසෙට්ඨස්ස තාදිනො, ලොණසුපුටකං දත්වා කප්පං සග්ගම්හි මොදහං.
Sinhala BJT3166. ඉක්බිති සතුටු වූ සොම්නස් වූ මම තාදී ගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ලුණුපළාවක් දී කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
Pali BJT3167. එකනවුතෙ ඉතො කප්පෙ යං සුපුටකමදාසහං, දුග්ගතිං නාභිජානාමි පුටකස්ස ඉදං ඵලං.
Sinhala BJT3167. මෙයින් එක්අනූවන කපෙහි මම (යම්) ලුණුපළා දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ලුණු) පළාදනෙහි මේ විපාක යි.
Pali BJT3168. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3168. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුපුටකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපුටකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසුපුටකපූජකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTසුපුටකපූජකස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT358. මඤ්චදායකත්ථෙරාපදානං
Sinhala BJT358. මඤ්චදායක ස්ථවිරාවදානය
Pali BJT3169. විපස්සිනො භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, එකං මඤ්චං මයා දින්නං පසන්නෙන සපාණිනා.
Sinhala BJT3169. ලොවට දෙටු වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට පහන් සිතින් සියතින් ම මා විසින් එක් මඤ්චකයෙක් දෙන ලදි.
Pali BJT3170. හත්ථියානං අස්සයානං දිබ්බයානං සමජ්ඣගං, තෙන මඤ්චකදානෙන පත්තොම්හි ආසවක්ඛයං.
Sinhala BJT3170. (එයින්) හස්තියානයන් ද, අශ්වයානයන් ද, දිව්‍යමය යානයන් ද ලැබීමි. ඒ මඤ්චදානයෙන් ම ආස්‍රවක්‍ෂයට ද පැමිණියෙම් වෙමි.
Pali BJT3171. එකනවුතෙ ඉතො කප්පෙ යං මඤ්චමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මඤ්චදානස්සිදං ඵලං.
Sinhala BJT3171. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් මඤ්චදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මඤ්චදානයාගේ මේ විපාක යි.
Pali BJT3172. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3172. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මඤ්චදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්චදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමඤ්චදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTමඤ්චදායකස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT359. සරණගමනියත්ථෙරාපදානං.
Sinhala BJT359. සරණගමනිය ස්ථවිරාවදානය
Pali BJT3173. ආරුභිම්හ තදා නාමං භික්ඛු චාජීවකො චහං, නාවාය භිජ්ජමානාය භික්ඛු මෙ සරණං අදා.
Sinhala BJT3173. එකල්හි ආජීවකයෙක් වූ මම ද, භික්‍ෂුනමක් ද නැවකට නැගුනෙමු. නැව බිඳෙන කල්හි භික්‍ෂුතෙම මට සරණ දුන්නේ ය.
Pali BJT3174. එකතිංසෙ ඉතො කප්පෙ යං ච මෙ සරණං අදා, දුග්ගතිං නාභිජානාමි සරණගමනෙ ඵලං.
Sinhala BJT3174. මෙයින් එක්තිස්වන කපෙහි මට යම් සරණයක් දුන්නේ ද (ඒ සරණගතවීම් හේතුවෙන්) දුගතියක් නො දනිමි. සරණගමනයෙහි මේ විපාක යි.
Pali BJT3175. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3175. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සරණගමනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසරණගමනියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසරණගමනියස්ථවිරාවදානය නවවැනියි.
Pali BJT360. පිණ්ඩපාතිකත්ථෙරාපදානං.
Sinhala BJT360. පිණ්ඩපාතික ස්ථවිරාවදානය
Pali BJT3176. තිස්සො නාමාසි සම්බුද්ධො විහාසි විපිනෙ තදා, තුසිතා හි ඉධාගන්ත්වා පිණ්ඩපාතමදාසහං.
Sinhala BJT3176. තිස්ස නම් සම්බුදුවරයෙක් විය. එකල්හි උන්වහන්සේ වනයෙහි විසූ සේක. මම තුසිතයෙන් මෙහි පැමිණ (උන්වහන්සේට) පිණ්ඩපාතදානයක් දුනිමි.
Pali BJT3177. සම්බුද්ධමභිවාදෙත්වා තිස්සං නාම මහායසං, සකං චිත්තං පසාදෙත්වා තුසිතං අගමාසහං.
Sinhala BJT3177. මහත් වූ ගුණ ඝෝෂ ඇති තිස්ස නම් බුදුරජුන්හට සිය සිත පහදවා වැඳ මම (ආපසු) තුසිත දෙව්ලොවට ගියෙමි.
Pali BJT3178. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පිණ්ඩපාතස්සිදං ඵලං.
Sinhala BJT3178. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් පිණ්ඩදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිණ්ඩපාතදානයාගේ මේ විපාක යි.
Pali BJT3179. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3179. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පිණ්ඩපාතිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩපාතික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපිණ්ඩපාතිකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපිණ්ඩපාතිකස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසද්දසඤ්ඤී යවසිකො කිංසු කොරණ්ඩපුප්ඵියො ආලම්බනො අම්බයාගු සුපටී මඤ්චදායකො සරණ පිණ්ඩපාතො ද ගාථා තාළීසමෙව ච.
Sinhala BJTසද්දසඤ්ඤී යවසික කිංසු කොරණ්ඩපුප්ඵිය ආලම්බන අම්බයාගු සුපුටී මඤ්චදායක සරණ පිණ්ඩපාත ද ගී සාළිසෙක් මෙහි වේ.
Pali BJTසද්දසඤ්ඤකවග්ගො ඡත්තිංසතිමො.
Sinhala BJTසද්දසඤ්ඤකවර්‍ගය සතිස්වැනියි.
Pali BJT37. මන්දාරවපුප්ඵියවග්ගො
Sinhala BJT37. මන්‍දාරවපුප්ඵිය වර්‍ගය
Pali BJT361. මන්දාරවපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT361. මන්‍දාරවපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3180. තාවතිංසා ඉධාගන්ත්වා මඞ්ගලො නාම මාණවො, මන්දාරවං ගහෙත්වාන විපස්සිස්ස මහෙසිනො.
Sinhala BJT3180-3181. මඞ්ගල නම් මාණවක වූ මම මදාරා මල් ගෙණ තව්තිසා දෙව්ලොව සිට මෙහි පැමිණ සමාධියෙන් වැඩ හුන් විපස්සී බුදුරජුන්ගේ මස්තකයෙහි දැරීමි. (එය බුදුරජුන්හට මල්කුඩයක් මෙන්) සතියක් දරා සිට නැවත දෙව්ලොව ගියෙමි.
Pali BJT3181. සමාධිනා නිසින්නස්ස මත්ථකෙ ධාරයිං අහං, සත්තාහං ධාරයිත්වාන දෙවලොකං පුනාගමිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3182. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3182. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3183. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3183. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මන්දාරවපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්‍දාරවපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTමන්දාරවපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTමන්‍දාරවපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT362. කක්කාරුපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT362. කක්කාරුපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3184. යාමා දෙවා ඉධාගන්ත්වා ගොතමං සිරිවච්ඡසං, කක්කාරුපුප්ඵං{1} පග්ගය්හ බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT3184. (මම) යාම දෙව්ලොව සිට මෙහි පැමිණ ශ්‍රීමත් වූ ගෞතමයන් වහන්සේ දැක) කැකිරිමල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
Pali BJT3185. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3185. මෙයින් දෙයානූවන කපෙහි යම් බුද්ධපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3186. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3186. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කක්කාරුපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරුපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකක්කාරුපුප්ඵියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTකක්කාරුපුප්ඵියස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT363. භිසමුළාලදායකත්ථෙරාපදානං
Sinhala BJT363. භිසමුළාලදායක ස්ථවිරාවදානය
Pali BJT3187. ඵුස්සො නාමාසි සම්බුද්ධො සබ්බධම්මානපාරගූ, විවෙකකාමො සප්පඤ්ඤො ආගච්ඡි මම සන්තිකෙ.
Sinhala BJT3187. සියලු ධර්‍මයන්ගේ තෙරපත් ඵුස්ස නම් සර්‍වඥවරයෙක් විය. විවේකය කැමැති සප්‍රාඥ වූ උන්වහන්සේ මාගේ සමීපයට පැමිණිසේක.
Pali BJT3188. තස්මිං චිත්තං පසාදෙත්වා මහාකාරුණිකෙ ජිනෙ, භිසං මුළාලං පග්ගය්හ බුද්ධසෙට්ඨස්සදාසහං.
Sinhala BJT3188. පස්මරුන් ජයගත් මහාකාරුණික වූ ඒ බුදුරජානන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම නෙළුඹුඅල හා දඬු ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට දිනිමි.
Pali BJT3189. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං භිසමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි භිසදානස්සිදං ඵලං.
Sinhala BJT3189. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් නෙළුඹල දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නෙළුඹල දනෙහි මේ විපාක යි.
Pali BJT3190. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3190. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භිසමුළාලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසමුළාලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTභිසමුළාලදායකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTභිසමුළාලදායකස්ථවිරාවදානය තෙවෙනියි.
Pali BJT364. කෙසරපුප්ඵියත්ථෙරාපදානං{*}
Sinhala BJT364. කේසරපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3191. විජ්ජාධරො තදා අසිං හිමවන්තම්භි පබ්බතෙ, අද්දසං විරජං බුද්ධං චඞ්කමන්තං මහායසං.
Sinhala BJT3191. එකල්හි (මම) හිමවත් පව්වෙහි විද්‍යාධරයෙක් වීමි. (එහිදී) මහත් යශස් ඇති කෙලෙස් රජස් නැති සක්මන් කරන්නා වූ බුදුරජුන් දිටිමි.
Pali BJT3192. තීණි කෙසරිපුප්ඵානි{1} සීසෙ කත්වානහං තදා, උපසඞ්කම්ම සම්බුද්ධං වෙස්සභුං අභිපූජයිං.
Sinhala BJT3192. දොඹමල් තුණක් හිස මත තබාගෙණ වෙස්සභූ බුදුරජුන් වෙත එළඹ පිදීමි.
Pali BJT3193. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3193. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3194. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3194. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කෙසරපුප්ඵියො{2} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කේසරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකෙසරපුප්ඵියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTකේසරපුප්ඵියස්ථවිරාවදානය සිවුවැනියි.
Pali BJT365. අඞ්කොලපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT365. අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3195. පදුමො නාම සම්බුද්ධො චිත්තකූටෙ වසී තදා, දිස්වාන තමහං බුද්ධං සයම්භුං අපරාජිතං.{3}
Sinhala BJT3195. එකල්හි චිත්‍රකූට පර්‍වතයෙහි පදුම නම් බුදුරජතෙමේ වැඩ විසී ය. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අපරාජිත වූ බුදුරජානන් වහන්සේ දැක-
Pali BJT3196. අඞ්කොලං පුප්ඵිතං දිස්වා ඔචිනිත්වානහං තදා, උපගන්ත්වාන සම්බුද්ධං පූජෙසිං පදුමං ජිනං.
Sinhala BJT3196. එකල්හි පිපුණු රුකඟුන ගසක් දැක මම ඒ මල් නෙලා පස්මරුන් දිනූ පදුම බුදුරජුන් වෙත එළඹ පිදීමි.
Pali BJT3197. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3197. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3198. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3198. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අඞ්කොලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅඞ්කොලපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඅඞ්කෝලපුප්ඵියස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT366. කදම්බපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT366. කදම්බපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3199. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ගච්ඡන්තං අන්තරාපණෙ, කඤ්චනග්ඝියසඞ්කාසං බත්තිංසවරලක්ඛණං.
Sinhala BJT3199-3200. මම උතුම් පහයෙක හිඳ ඇතුල් වීථියෙහි වඩනා වූ ස්වර්‍ණවර්‍ණ වූ දෙතිස් ලකුණෙන් විසිතුරු වූ කසුන් ඇගෑයක් බඳු ලෝකනායක වූ බුදුරජුන් දිටිමි. ඒ විපස්සී බුදුරජුන්හට කොළොම් මල් ගෙණ පිදීමි.
Pali BJT3200. නිසජ්ජ පාසාදවරෙ අද්දසං ලොකනායකං, කදම්බපුප්ඵං පග්ගය්හ විපස්සිං අභිපූජයිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3201. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3201. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ (හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3202. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3202. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කදම්බපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකදම්බපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTකදම්බපුප්ඵියස්ථවිරාවදානය සවැනියි.
Pali BJT367. උද්දාලපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT367. උද්දාලපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3203. අනොමො{1} නාම සම්බුද්ධො ගඞ්ගාකූලෙ වසී තදා, උද්දාලකං ගහෙත්වාන පූජයිං අපරාජිතං.
Sinhala BJT3203. අනෝම නම්{*} සම්බුදුරජ තෙමේ ගංඉවුරෙහි වැඩ විසීය. මම එකල්හි ඇසල මල් ගෙණ පස්මරුන් දිනූ උන්වහන්සේට පිදීමි.
Pali BJT3204. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3204. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3205. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3205. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උද්දාලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දාලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋද්දාලපුප්ඵියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඋද්දාලපුප්ඵියස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT368. එකචම්පකපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT368. ඒකචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3206. උපසන්තො ච සම්බුද්ධො වසතී පබ්බතන්තරෙ, එකං චම්පකමාදාය{2} උපගච්ඡිං නරුත්තමං.
Sinhala BJT3206. උපසන්ත නම් සම්බුදු රජ තෙමේ කඳු අතුරෙහි වෙසේ. (මම) එක් සපුමලක් ගෙණ නරෝත්තම වූ ඒ බුදුරජුන් වෙත එළඹියෙමි.
Pali BJT3207. පසන්නචිත්තො සුමනො පච්චෙකමුනිමුත්තමං, උභොහත්ථෙහි පග්ගය්හ පූජයිං අපරාජිතං.
Sinhala BJT3207. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් පස්මරුන් දිනූ පසේ බුදුරජුන්හට (ඒ මල්) දොහොතින් ගෙණ පිදීමි.
Pali BJT3208. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3208. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3209. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3209. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකචම්පකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකචම්පකපුප්ඵියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඒකචම්පකපුප්ඵියස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT369. තිමිරපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT369. තිමිරපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3210. චන්දභාගානදීතීරෙ අනුසොතං වජාමහං, අද්දසං විරජං බුද්ධං සාලරාජංව ඵුල්ලිතං.
Sinhala BJT3210. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි යටිහොයට යමි. (එකල්හි) මම පිපුනු සල්රුකක් බඳු ව බබලන්නා වූ බුදුරජුන් දිටිමි.
Pali BJT3211. පසන්නචිත්තො සුමනො පච්චෙකමුනිමුත්තමං, ගහෙත්වා තිමිරං පුප්ඵං මත්ථකෙ ඔකිරිං අහං.
Sinhala BJT3211. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම තිමිරමල් ගෙණ පසේබුදුරජුන්හට මස්තකයෙහි විසුරුවා පිදීමි.
Pali BJT3212. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3212. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3213. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3213. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිමිරපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිමිරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිමිරපුප්ඵියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTතිමිරපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT370. සලලපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT370. සලලපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3214. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරො තදා, තත්ථද්දසං දෙවදෙවං චඞ්කමන්තං නරාසභං.
Sinhala BJT3214. එකල්හි මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. එහි සක්මණෙහි යෙදෙන දෙවියනට දෙවි වූ බුදුරජුන් දිටිමි.
Pali BJT3215. ඔචිනිත්වාන සලලං පුප්ඵං බුද්ධස්ස’දාසහං, උපසිඞ්ඝි මහාවීරො සලලං දෙවගන්ධිකං.
Sinhala BJT3215. මම සලලමල් නෙලා එම බුදුරජුන්හට දිනිමි. බුදුරජ තෙමේ දිව්‍යමය සුවඳ ඇති ඒ සලල මල් ආඝ්‍රාණය කෙළේය.
Pali BJT3216. පටිග්ගහෙත්වා සම්බුද්ධො විපස්සී ලොකනායකො, උපසිඞ්ඝි මහාවීරො පෙක්ඛමානස්ස මෙ සතො.
Sinhala BJT3216. ලෝකනායක වූ මහාවීර වූ විපස්සී සම්බුදුරජතෙමේ මා බලා සිටියදී ම එය ආඝ්‍රාණය කෙළේ ය.
Pali BJT3217. පසන්නචිත්තො සුමනො වන්දිත්වා දිපදුත්තමං, අඤ්ජලිම්පග්ගහෙත්වාන පුන පබ්බතමාරුහිං.
Sinhala BJT3217. (ඉක්බිති) පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන් වැඳ නැවත ද ඇඳිලි බැඳ පර්‍වතයට නැංගෙමි.
Pali BJT3218. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3218. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3219. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3219. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සලලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.