Pali BJT3104. හිමවන්තස්ස අවිදූරෙ හාරිතො නාම පබ්බතො, සයම්භූ නාරදො රුක්ඛමූලෙ වසී තදා.
Sinhala BJT3104. හිමවතට නුදුරෙහි හාරිත නම් පර්‍වතයෙක් ඇත. එකල්හි නාරද නම් බුදුරජ තෙම රුක්මුලක වැඩවිසීය.
Pali BJT3105. නළාගාරං කරිත්වාන තිණෙන ඡාදයිං අහං, චඞ්කමං සොධයිත්වාන සයම්භුස්ස අදාසහං.
Sinhala BJT3105. මම බටකිළියක් කොට එහි තණ (=බටකොළ) සෙවිනි කෙළෙමි. මම සක්මනක් ද පිරිසිදු කොට තථාගතයන් වහන්සේට දිනිමි.
Pali BJT3106. චතුද්දසසු කප්පෙසු දෙවලොකෙ රමිං අහං, චතුසත්තතික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං.
Sinhala BJT3106. මම තුදුස් කපක් දෙව්ලොව සිත් අලවා විසීමි. සූසැත්තෑ වරක් දිව්‍යරාජ්‍ය කරවීමි.
Pali BJT3107. සත්තසත්තතික්ඛත්තුඤ්ච{1} චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT3107. මම සත්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් ගිණිය නො හැකි ය.
Pali BJT3108. උබ්බිද්ධං භවනං මය්හං ඉන්දලට්ඨීව උග්ගතං, සහස්සථම්භං අතුලං විමානං සපභසසරං.
Sinhala BJT3108. පැනනැංගා වූ මාගේ භවනය දේදුන්නක් මෙන් උස් ව නැගුනේ ය. දහසක් ටැම් ඇති අනුපම වූ ඒ විමානය පැහැ විහිදුවන්නේ ය.
Pali BJT3109. ද්වෙ සම්පත්ති අනුභොත්වා සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිං අහං.
Sinhala BJT3109. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් ද්විවිධ (දිව්‍ය-මනුෂ්‍ය) සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජුන්ගේ සසුනෙහි පැවිදි වීමි.
Pali BJT3110. පධානපහිතත්තොම්හි උපසන්තො නිරූපධි, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3110. වීර්‍ය්‍යයෙහි මෙහෙයන ලද සිත් ඇත්තෙම් වෙමි. එසේ ම උපශාන්තයෙමි. උපධී රහිතයෙමි. ඇත්රජකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි.
Pali BJT3111. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3111. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නළාගාරිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් නළාගාරික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනාළාගාරිකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTනළාගාරික ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT346. චම්පකපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT346. චමපකපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT3112. හිමවන්තස්ස අවිදූරෙ චාපලො{2} නාම පබ්බතො, බුද්ධො සුදස්සනො නාම විහාසි පබ්බතන්තරෙ.
Sinhala BJT3112. හිමවතට නුදුරෙහි චාපල නම් පර්‍වතයෙක් ඇත. සුදස්සන නම් බුදුරජ තෙම එහි පර්‍වත අතුරෙහි විසී ය.
Pali BJT3113. පුප්ඵං හෙමවතං{3} ගය්හ ගච්ඡං වෙහාසෙනහං, අද්දසං විරජං බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
Sinhala BJT3113. හිමවත්හි හටගත් මල් ගෙණ අහසින් යන්නා වූ මම කෙලෙස් රජස් නැති ඕඝයන් තරණය කළ ආස්‍රව විරහිත බුදුරජුන් දිටිමි.
Pali BJT3114. සත්ත චම්පකපුප්ඵානි සීසෙ කත්වානහං තදා, බුද්ධස්ස අභිරොපෙසිං සයම්භුස්ස මහෙසිනො.
Sinhala BJT3114. එකල්හි මම සපුමල් සතක් හිසෙහි තමා සියල්ල තෙමේ ම අවබෝධ කළ බුදුරජුන්හට පිදීමි.
Pali BJT3115. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං,{4} දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3115. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද (එ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3116. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3116. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චම්පකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTචම්පකපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT347. පදුමපූජකත්ථෙරාපදානං.
Sinhala BJT347. පදුමපූජක ස්ථවිරාවදානය
Pali BJT3117. හිමවන්තස්ස අවිදූරෙ රොමසො නාම පබ්බතො, බුද්ධොපි සම්භවො නාම අබ්භොකාසෙ වසී තදා.
Sinhala BJT3117. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයෙක් ඇත. එකල්හි සම්භව නම් පසේබුදුරජ තෙමේ ද අභ්‍යවකාශයෙහි (එළිමහනෙහි) වැඩ විසීය.
Pali BJT3118. භවනා නික්ඛමිත්වාන පදුමං ධාරයිං අහං, එකාහං ධාරයිත්වාන පුන භවනමුපාගමිං.
Sinhala BJT3118. මම භවනයෙන් නික්ම අවුත් උන්වහන්සේට පියුමක් දැරීමි. එක් දිනක් එය දරමින් සිට යළි භවනයට එළඹියෙමි.
Pali BJT3119. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3119. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3120. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3120. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පදුමපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපදුමපූජකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTපදුමපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT348. තිණමුට්ඨිදායකත්ථෙරාපදානං.
Sinhala BJT348. තිණමුට්ඨිදායක ස්ථවිරාවදානය
Pali BJT3121. හිමවන්තස්ස අවිදූරෙ ලම්බකො නාම පබ්බතො, උපතිස්සො නාම සම්බුද්ධො අබ්භොකාසම්භී චඞ්කමි.
Sinhala BJT3121. හිමවතට නුදුරෙහි ලම්බක නම් පර්‍වතයෙක් ඇත. එහි උපතිස්ස නම් බුදුරජතෙම එළිමහන්හි සක්මන් කෙළේය.
Pali BJT3122. මිගලුද්දො තදා ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, දිස්වාන තං දෙවදෙවං සයම්භුං අපරාජිතං.
Sinhala BJT3122. එකල්හි මම මහවනයෙහි මුවවැද්දෙක් වීමි. දෙවියනට දෙවි වූ සියල්ල තෙමේ ම අවබෝධ කළ පස්මරුන් දිනූ ඒ බුදුරජුන් දැක-
Pali BJT3123. විප්පසන්නෙන චිත්තෙන තදා තස්ස මහෙසිනො, නිසීදනත්ථං බුද්ධස්ස තිණමුට්ඨිමදාසහං.
Sinhala BJT3123. එකල්හි මම පැහැදි සිතින් ඒ බුදුරජුන්හට වැඩ හිඳීම පිණිස තණ මිටක් දිනිමි.
Pali BJT3124. දත්වාන දෙවදෙවස්ස භිය්යො චිත්තං පසාදයිං, සම්බුද්ධමභිවාදෙත්වා සක්කාමිං උත්තරාමුඛො.
Sinhala BJT3124. දේවාතිදේව වූ බුදුරජුන්හට එය දී බෙහෙවින් සිත පැහැදවීමි. ඉක්බිති සම්බුදුරජුන් වැඳ උතුරු දෙස බලා ගියෙමි.
Pali BJT3125. අචිරං ගතමත්තං මං මිගරාජා අහෙඨයී,{1} සීහෙන පාතිතො{2} සන්තො තත්ථ කාලකතො අහං.
Sinhala BJT3125. එසේ ගිය නොබෝ වෙලාවකින් සිංහයෙක් මා පෙළී ය. සිංහයා විසින් බිම හෙළන ලද මම එහි කලුරිය කෙළෙමි.
Pali BJT3126. ආසන්නෙ මෙ කතං කම්මං බුද්ධසෙට්ඨෙ අනාසවෙ, සුමුත්තො සරවෙගොව දෙවලොකමගච්ඡහං.
Sinhala BJT3126. ආස්‍රව රහිත වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ විෂයෙහි මරණාසන්නයෙහි ම මා විසින් කළ කර්‍මය (හේතුකොට ගෙණ) මම දුනුයෙන් මුදන ලද වේගවත් හීයක් මෙන් දෙව්ලොව ගියෙමි.
Pali BJT3127. යූපො තත්ථ සුභො ආසි පුඤ්ඤකම්මාභිනිම්මිතො, සහස්සකණ්ඩො සතභෙණ්ඩු ධජාලූ හරිතාමයො.
Sinhala BJT3127. එහි (මාගේ) පුණ්‍යකර්‍මයෙන් නිර්මිත ශෝභන ප්‍රාසාදයක් විය. එහි සහස්‍ර භාග ඇත්තේය. සියයක් ගෝලාකාර මුදුන් ඇත්තේය. (මුදුන්වල එල්ලෙන) ධජ බහුල ය. නිල්මුවා පැහැ ඇත්තේ ය.
Pali BJT3128. පභා නිද්ධාවතෙ තස්ස සතරංසීව උග්ගතො, ආකිණ්ණො දෙවකඤ්ඤාහි ආමොදිං කාමකාමහං.
Sinhala BJT3128. උදා වූ හිරු මෙන් ඒ ප්‍රාසාදයාගේ රශ්මිය ද පැතිරෙයි. මම එහි දිව්‍යකන්‍යාවන් විසින් පිරිවරන ලදුයෙම් කාමකාමීව සතුටු වීමි.
Pali BJT3129. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, ආගන්ත්වාන මනුස්සත්තං පත්තොම්හි ආසවක්ඛයං.
Sinhala BJT3129. ඒ කුශල කර්‍මයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් සැවැ මිනිසත්බවට පැමිණ ආස්‍රවක්‍ෂයට (=රහත්බවට) පැමිණියෙම් වෙමි.
Pali BJT3130. චතුනවුතෙ ඉතො කප්පෙ නිසීදනමදාසහං, දුග්ගතිං නාභිජානාමි තිණමුට්ඨිස්සිදං ඵලං.
Sinhala BJT3130. මම මින් සිවුඅනූවන කපෙහි නිසීදනයක් දුනිමි. ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. තණමිටෙහි මේ විපාක යි.
Pali BJT3131. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3131. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිණමුට්ඨිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිණමුට්ඨිදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTතිණමුට්ඨිදායක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT349. තින්දුකඵලදායකත්ථෙරාපදානං
Sinhala BJT349. තින්‍දුකඵලදායක ස්ථවිරාවදානය
Pali BJT3132. කණිකාරංව ජොතන්තං නිසින්නං පබ්බතන්තරෙ, අද්දසං විරජං බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
Sinhala BJT3132. පර්‍වත අතුරෙහි වැඩහුන්නා වූ කිණිහිරි රුකක් මෙන් බබලන කෙලෙස් රජස් නැති ඕඝ තරණය කළ ආස්‍රව රහිත වූ වෙස්සභූ බුදුරජුන් දිටිමි.
Pali BJT3133. තින්දුකං සඵලං දිස්වා භින්දිත්වාන සකොටකං,{1} පසන්නචිත්තො සුමනො වෙස්සභුස්ස අදාසහං.
Sinhala BJT3133. පල ගත් තිඹිරි ගසක් දැක පල කිණිති සහිත ව කඩා පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම වෙස්සභූ බුදුරජුන්හට දිනිමි.
Pali BJT3134. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT3134. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිඹිරිපල දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT3135. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3135. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තින්දුකඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්‍දුකඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතින්දුකඵලදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTතින්‍දුකඵලදායක ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT350. එකඤ්ජලියත්ථෙරාපදානං
Sinhala BJT350. ඒකඤ්ජලිය ස්ථවිරාවදානය
Pali BJT3136. රෙවතො{2} නාම සම්බුද්ධො නදීකූලෙ වසී තදා, අද්දසං විරජං බුද්ධං පීතරංසිංව භානුමං.
Sinhala BJT3136. එකල්හි රේවත නම් සර්‍වඥ තෙම ගඞ්ගාතීරයෙහි වැඩ විසීය. කෙලෙස් රජස් විරහිත වූ පීතවර්‍ණ් රස් ඇති උදා හිරු බඳු වූ ඒ බුදුරජුන් දිටිමි.
Pali BJT3137. උක්කාමුඛපහට්ඨංව ඛදිරඞ්ගාරසන්නිභං, ඔසධිංව විරොචන්තං එකඤ්ජලිමකාසභං.
Sinhala BJT3137. කඹුරුඋදුන ලා පිරිසිදු කළ ස්වර්‍ණයක් මෙන් ද, ඇවිලෙන කිහිරඟුරු මෙන් ද ඕසධී තාරකාව මෙන් ද බබලන (ඒ බුදුරජුන් දැක) මම එක් වරක් ඇඳිලි කෙළෙමි.
Pali BJT3138. චතුනවුතෙ ඉතො කප්පෙ යමඤ්ජලිමකාසහං, දුග්ගතිං නාභිජානාමි අඤ්ජලියා ඉදං ඵලං.
Sinhala BJT3138. මෙයින් සිවු අනූවන කපෙහි මම යම් ඇඳිලි බැඳීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඇඳිලි බැඳීමෙහි මේ විපාක යි.
Pali BJT3139. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3139. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකඤ්ජලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකඤ්ජලියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTඒකඤ්ජලිය ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTපදුමී උප්පලමාලී ධජො කිඞ්කිණිකො නළො චම්පකො පදුමො මුට්ඨි තින්දුකෙකඤ්ජලී තථා ඡ ච සට්ඨි ච ගාථායො ගණිතායො විභාවිහි.
Sinhala BJTපදුමී උප්පල මාලි ධජ කිඞ්කිණික නළ චම්පක පදුම මුට්ඨි තින්‍දුක ඒකඤ්ජලී ගී සසැටකැයි ගිණුවෝ ගැණුම් දත් නුවණැත්තෝ
Pali BJTඑකපදුමියවග්ගො පඤ්චතිංසතිමො.
Sinhala BJTඒකපදුමියවර්‍ගය පන්තිස් වැනි යි.
Pali BJT36. සද්දසඤ්ඤකවග්ගො
Sinhala BJT36. සද්දසඤ්ඤක වර්‍ගය
Pali BJT351. සද්දසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT351. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT3140. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, තත්ථද්දසාසිං සම්බුද්ධං දෙවසඞ්ඝපුරක්ඛතං.
Sinhala BJT3140-3141. මම පෙර මහාවනයෙහි මුවවැද්දෙක් වීමි. එහි දී දිව්‍යසමූහයා විසින් පිරිවරන ලද චතුස්සත්‍යය දේශනා කරමින් මහාජනයා සසර සයුරින් ගොඩ නඟන සම්බුදු රජුන් දිටිමි. කොවුල් හඬට බඳු මිහිරි වචන ඇසීමි.
Pali BJT3141. චතුසච්චං පකාසෙන්තං උද්ධරන්තං මහාජනං, අස්සොසිං මධුරං වාචං කරවීකරුතොපමං.{*}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3142. බ්රහ්මස්සරස්ස මුනිනො සිඛිනො ලොකබන්ධුනො, ඝොසෙ චිත්තං පසාදෙත්වා පත්තොම්හි ආසවක්ඛයං.
Sinhala BJT3142. බ්‍රහ්මස්වරය ඇති ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේගේ ශබ්දයෙහි සිත පහදවා ආස්‍රවක්‍ෂයට පැමිණියෙම් වෙමි.
Pali BJT3143. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පසාදස්ස ඉදං ඵලං.
Sinhala BJT3143. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුද්ධස්වරයෙහි) පැහැදීමෙහි මේ විපාක යි.
Pali BJT3144. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3144. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සද්දසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසද්දසඤ්ඤකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTසද්දසඤ්ඤක ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT352. යවකලාපියත්ථෙරාපදානං.
Sinhala BJT352. යවකලාපිය ස්ථවිරාවදානය
Pali BJT3145. නගරෙ අරුණවතියා ආසිං යාවසිකො{1} තදා, පන්ථෙ දිස්වාන සම්බුද්ධං යවකලාපමවත්ථරිං.
Sinhala BJT3145. එකල්හි මම අරුණවතී නගරයෙහි යව (තණ) වෙළෙඳෙක් වීමි. මග දී බුදුරජුන් දැක (උන්වහන්සේට වැඩ හිඳීම සඳහා) යව මිටියක් ඇතිරීමි.
Pali BJT3146. අනුකම්පකො කාරුණිකො සිඛී ලොකග්ගනායකො, මම සඞ්කප්පමඤ්ඤාය නිසීදි යවසන්ථරෙ.
Sinhala BJT3146. අනුකම්පා ඇති කාරුණික වූ සිඛී බුදුරජ තෙම මාගේ අදහස දැන යව ඇතිරියෙහි වැඩ හුන්නේ ය.
Pali BJT3147. දිස්වා නිසින්නං විමලං මහාඣායිං විනායකං, පාමුජ්ජං{2} ජනයිත්වාන තත්ථ කාලකතො අහං.
Sinhala BJT3147. එසේ වැඩ හුන්නා වූ නිර්‍මල වූ මහාධ්‍යාන ඇති අසහාය නායක වූ (බුදුරජුන්) දැක සතුට උපදවා මම එහි කලුරිය කෙළෙමි.
Pali BJT3148. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි යවත්ථාරෙ ඉදං ඵලං.
Sinhala BJT3148. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. යවඇතිරි දනෙහි මේ විපාක යි.
Pali BJT3149. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3149. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා යවකලාපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් යවකලාපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTයවකලාපියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTයවකලාපිය ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT353. කිංසුකපූජකත්ථෙරාපදානං.
Sinhala BJT353. කිංසුකපූජක ස්ථවිරාවදානය
Pali BJT3150. කිංසුකං පුප්ඵිතං දිස්වා පග්ගහෙත්වාන අඤ්ජලිං, බුද්ධං සරිත්වා සිද්ධත්ථං ආකාසෙ අභිපූජයිං.
Sinhala BJT3150. පිපුනු කෑල ගසක් දැක ඇඳිලි බැඳගෙණ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් සිහිපත් කොට ඒ මල් අහසෙහි (ගසේ තිබියදී ම බුදුරජුන්හට) පිදීමි.
Pali BJT3151. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3151. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3152. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3152. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කිංසුකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංසුකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකිංසකපූජකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTකිංසුකපූජක ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT354. සකොටකකොරණ්ඩදායකත්ථෙරාපදානං.
Sinhala BJT354. සකොටකකොරණ්ඩදායක ස්ථවිරාවදානය
Pali BJT3153. අක්කන්තඤ්ච පදං දිස්වා සිඛිනො ලොකබන්ධුනො, එකංසං අජිනං කත්වා පදසෙට්ඨං අවන්දහං.
Sinhala BJT3153. සිඛී බුදුරජානන් වහන්සේගේ තබන ලද පියවර දැක මම අඳුන්දිවිසම එකස් කොට ශ්‍රේෂ්ඨ ශ්‍රීපාදය වැන්දෙමි.
Pali BJT3154. කොරණ්ඩං පුප්ඵිතං දිස්වා පාදපං ධරණීරුහං, සකොටකං ගහෙත්වාන පදෙ චක්කමපූජයිං.{1}
Sinhala BJT3154. පිපුනු කටුකරඬු රුකක් දැක කිණිති සහිතව මල් ගෙණ පියවරෙහි (ශ්‍රීපාදයෙහි) චක්‍රලක්‍ෂණය පිදීමි.
Pali BJT3155. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පදපූජායිදං ඵලං.
Sinhala BJT3155. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ශ්‍රීපාදය පිදීමෙහි මේ විපාක යි.
Pali BJT3156. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3156. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සකොටකකොරණ්ඩදායකො{2} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සකොටකකොරණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසකොටකකොරණ්ඩදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTසකොටකකොරණ්ඩදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT355. දණ්ඩදායකත්ථෙරාපදානං
Sinhala BJT355. දණ්ඩදායක ස්ථවිරාවදානය
Pali BJT3157. කානනං වනමොගය්හ වෙළුං ඡෙත්වානහං තදා, ආලම්බනං ගහෙත්වාන{3} සඞ්ඝස්ස අදදං අහං.
Sinhala BJT3157. එකල්හි මම වනයට වැද හුණලීයක් කපා එල්බගන්නා දණ්ඩක් (සැරයටියක්) සංඝයාට දුනිමි.
Pali BJT3158. තෙන චිත්තප්පසාදෙන සුබ්බතෙ අභිවාදිය, ආලම්බනම්පි දත්වාන පක්කමිං උත්තරාමුඛො.
Sinhala BJT3158. ඒ චිත්තප්‍රසාදය හේතුකොට ගෙණ මනා ව්‍රත ඇති සංඝයා වැඳ සැරයටිය ද දී උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
Pali BJT3159. චතුනවුතෙ ඉතො කප්පෙ යං දණ්ඩමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි දණ්ඩදානස්සිදං ඵලං.
Sinhala BJT3159. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් සැරයටි දනක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සැරයටි දනෙහි මේ විපාක යි.
Pali BJT3160. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3160. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා දණ්ඩදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් දණ්ඩදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTදණ්ඩදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTදණ්ඩදායකස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT356. අම්බයාගුදායකත්ථෙරාපදානං
Sinhala BJT356. අම්බයාගුදායක ස්ථවිරාවදානය
Pali BJT3161. සතරංසී නාම සම්බුද්ධො සයම්භූ අපරාජිතො, වුට්ඨහිත්වා සමාධිම්හා භික්ඛාය මං උපාගමි.
Sinhala BJT3161. සියල්ල තෙමේ ම අවබෝධ කොටගත් පස්මරුන් දිනූ සතරංසි නම් පසේබුදුතෙමේ සමාධියෙන් නැගිට මා වෙත පිඬුපිණිස එළඹියේ ය.
Pali BJT3162. පච්චෙකබුද්ධං දිස්වාන අම්බයාගුං අදාසහං, විප්පසන්නමනං තස්ස විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT3162. මම පිරිසිදු සිත් ඇති ඒ පසේබුදුරජුන් දැක උන්වහන්සේට පැහැදි සිතින් ම අඹ කැඳක් දුනිමි.
Pali BJT3163. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි අම්බයාගුයිදං ඵලං.
Sinhala BJT3163. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹකැඳ පිදීමෙහි මේ විපාක යි.
Pali BJT3164. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3164. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අම්බයාගුදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගුදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅම්බයාගුදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTඅම්බයාගුදායකස්ථවිරාවදානය සවැනියි.