Pali BJT3029. “පසන්නචිත්තො සුමනො යො මෙ පාදාසි සාටකං, තමහං කිත්තයිස්සාමි සුණොථ මම භාසතො:
Sinhala BJT3029. “පහන් සිත් ඇත්තේ සොම්නස් සහිත වූයේ යමෙක් මට සළුවක් පිළිගැන්වූයේ ද මම හේ කවරෙක්දැ යි කියන්නෙමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT3030. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, පඤ්ඤාසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
Sinhala BJT3030. මෙතෙම කප් තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. පණස් වරක් ශක්‍රදේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
Pali BJT3031. දෙවලොකෙ වසන්තස්ස පුඤ්ඤකම්මසමඞ්ගිනො, සමන්තා යොජනසතං දුස්සච්ඡන්නං භවිස්සති.
Sinhala BJT3031. පුණ්‍යකර්‍මයාගේ විපාකයෙන් යුතු වූයේ දෙව්ලොව වසන්නහුට හාත්පස සියක් යොදුන් වස්ත්‍ර සෙවෙනියක් (=වියනක්) වන්නේ ය.
Pali BJT3032. ඡත්තිංසක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT3032. සතිස් වරක් සක්විතිරජ වන්නේ ය. (ලබන්නා වූ) මහත් ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකිය.
Pali BJT3033. භවෙ සංසරමානස්ස පුඤ්ඤකම්මසමඞ්ගිනො, මනසා පත්ථිතං සබ්බං නිබ්බත්තිස්සති තාවදෙ.
Sinhala BJT3033. පුණ්‍යකර්‍මවිපාකයෙන් යුක්ත ව භවයෙහි සැරිසරන්නා වූ මොහුට සිතින් පතන සියල්ල එකෙණෙහි නිපැදෙන්නේ ය.
Pali BJT3034. කොසෙය්යකම්බලීයානි ඛොමකප්පාසිකානි ච, මහග්ඝානි ච දුස්සානි පටිලච්ඡතයං නරො.{1}
Sinhala BJT3034. කෝසෙය්‍ය ද, කම්බිලි ද, කොමුපිළී ද, කපුපිළී ද, යන අනගි වස්ත්‍ර මේ මිනිස් තෙම ලබන්නේ ය.
Pali BJT3035. මනසා පත්ථිතං සබ්බං පටිලච්ඡතයං නරො, එකදුස්සස්ස විපාකං අනුභොස්සති සබ්බදා.
Sinhala BJT3035. මේ මිනිස් තෙම සිතින් පතන සියල්ල ලබන්නේ ය. එක වස්ත්‍රයක් පිදීමේ විපාකය හැම කල්හි අනුභව කරන්නේ ය.
Pali BJT3036. සො පච්ඡා පබ්බජිත්වාන සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො ධම්මං සච්ඡිකරිස්සති.”
Sinhala BJT3036. කුශල මූලයෙන් මෙහෙයන ලද හෙතෙම පසුව පැවිදිව ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්‍මය අවබෝධ කරන්නේ ය” කියායි.
Pali BJT3037. අහො මෙ සුකතං කම්මං සබ්බඤ්ඤුස්ස මහෙසිනො, එකාහං සාටකං දත්වා පත්තොම්හි අමතං පදං.
Sinhala BJT3037. මහර්ෂි වූ බුදුරජුන් සඳහා මා විසින් මැනවින් කරණ ලද කර්‍මය ආශ්චර්‍ය්‍යයකි. මම එක සළුවක් පුදා (ඒ හේතුවෙන්) නිවණට පැමිණියෙම් වෙමි.
Pali BJT3038. මණ්ඩපෙ රුක්ඛමූලෙ වා වසතො සුඤ්ඤකෙ ඝරෙ, ධාරෙති දුස්සඡදනං සමන්තා ව්යාමතො මම.
Sinhala BJT3038. මඩුවක හෝ රුක්මුලක හො හිස්ගෙයක හෝ වසන්නා වූ මට හාත්පස බඹයක් තන්හි රෙදි වියනක් දරයි.
Pali BJT3039. අවිඤ්ඤත්තං නිවාසෙමි චීවරං පච්චයඤ්ච’හං, ලාභී{2} අන්නස්ස පානස්ස උත්තරෙය්යස්සිදං ඵලං
Sinhala BJT3039. මම නො විනවන (=වචනයෙන් පිළියෙල නො කරවන) ලද සිවුරු හදිමි. ප්‍රත්‍යය ද (ලබමි.) ආහාර පාන ද ලබන්නෙක් වෙමි. උතුරුසළුදනෙහි මේ විපාක යි.
Pali BJT3040. සතසහස්සෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි වත්ථදානස්සිදං ඵලං.
Sinhala BJT3040. මෙයින් සියක් දහස් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
Pali BJT3041. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3041. ප්‍රතිසම්භිදාවෝ ද ... සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උත්තරෙය්යදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තරෙය්‍යදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඋත්තරෙය්යදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඋත්තරෙය්‍යදායක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT339. ධම්මසවණියත්ථෙරාපදානං.
Sinhala BJT339. ධම්මසවණිය ස්ථවිරාවදානය
Pali BJT3042. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මාන පාරගූ, චතුසච්චං පකාසෙන්තො සන්තාරෙසි බහුං ජනං.
Sinhala BJT3042. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර බුදුරජ තෙම චතුස්සත්‍යය දේශනා කරමින් බොහෝ දෙන (සසරසයුරින්) එතෙර කෙළේ ය.
Pali BJT3043. අහං තෙන සමයෙන ජටිලො උග්ගතාපනො, ධුනන්තො වාකචීරානි ගච්ඡාමි අම්බරෙ තදා.
Sinhala BJT3043. මම එකල්හි උග්‍ර තපස් ඇති ජටිලයෙක් (ජටාධර තවුසෙක්) වූයෙම් වැහැරි සිවුරු සලමින් අහසෙහි යමි.
Pali BJT3044. බුද්ධසෙට්ඨස්ස උපරි ගන්තුං න විසහාමහං, පක්ඛීව සෙලමාසජ්ජ{3} ගමනං නාලභිං{4} තදා,
Sinhala BJT3044. මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මතුයෙහි යන්නට නො හැකි වෙමි. එකල්හි පර්‍වතයක හැපුනු පක්‍ෂියකු මෙන් ගමන් නො ලැබීමි.
Pali BJT3045. න මෙ ඉදං භූතපුබ්බං ඉරියස්ස විකොපනං, දකෙ යථා උම්මුජ්ජිත්වා එවං ගච්ඡාමි අම්බරෙ.
Sinhala BJT3045. මාගේ ගමනට මෙබඳු අවහිර වීමක් පෙර නො වූ විරූ ය. (පෙර) ජලයෙහි කිමිදගෙණ මෙන් මෙසේ අහසෙහි යමි.
Pali BJT3046. උළාරභූතො මනුජො හෙට්ඨාසීනො භවිස්සති, හන්දමෙනං ගවෙසිස්සං අපි අත්ථං ලභෙය්යහං.
Sinhala BJT3046. “උදාර වූ මනුෂ්‍යයෙක් යට (පොළොවෙහි) හුන්නේ වන්නේ ය. ඒකාන්තයෙන් හේ කවරෙක් දැයි සොයන්නෙමි. මම එයින් අභිවෘද්ධියක් ලබන්නෙම් නම් මැනවි” (යයි සිතීමි.)
Pali BJT3047. ඔරොහන්තො අන්තලික්ඛා සදදමස්සොසිං සත්ථුනො, අනිච්චතං කථෙන්තස්ස තමහං උග්ගහිං තදා.
Sinhala BJT3047. මම අහසින් බස්නෙම් අනිත්‍යය දේශනා කරන්නා වූ බුදුරජුන්ගේ ශබ්දය ඇසීමි. එකල්හි මම එය උගතිමි.
Pali BJT3048. අනිච්චසඤ්ඤමුග්ගය්හ අගමාසිං මමස්සමං, යාවතායුං වසිත්වාන තත්ථ කාලකතො අහං.
Sinhala BJT3048. අනිත්‍යසංඥාව ඉගෙණ මාගේ අසපුවට ගියෙමි. එහි ආයු ඇතිතාක් වැස මම කලුරිය කෙළේ වෙමි.
Pali BJT3049. චරිමෙ වත්තමානම්හි තං ධම්මසවණං සරිං, තෙන කම්මෙන සුකතෙන තාවතිංසමගච්ඡහං.
Sinhala BJT3049. චුතිය වන්නා වූ අවස්ථාවෙහි ඒ ධර්‍මශ්‍රවණය සිහි කෙළෙමි. මැනවින් කරණ ලද එම කර්‍මය හේතුකොට ගෙණ මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
Pali BJT3050. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිං අහං, එකපඤ්ඤාසක්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං.
Sinhala BJT3050. මම කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක් පණස් වරක් දිව්‍යරාජ්‍යය ද කෙළෙමි.
Pali BJT3051. එකසත්තකික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT3051. මම එක්සැත්තෑ වරක් සක්විතිරජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් විසින් ගිණිය නො හැකිය.
Pali BJT3052. පිතු ගෙහෙ{1} නිසීදිත්වා සමණො භාවිතින්ද්රියො, ගාථාය පරිදීපෙන්තො අනිච්චතමුදාහරි.{2}
Sinhala BJT3052. පියාගේ ගෘහයෙහි වැඩ හිඳ වැඩූ ඉඳුරන් ඇති ශ්‍රමණ තෙම ගාථායෙකින් අනිස බව (අනිත්‍යතාව) දක්වමින් වදාළේය.
Pali BJT3053. අනුස්සරාමි තං සඤ්ඤං සංසරන්තො භවාභවෙ, න කොටිං පටිවිජ්ඣාමි නිබ්බානං අච්චුතං පදං.
Sinhala BJT3053. කුදු මහත් භවයෙහි සැරිසරමින් එම අනිත්‍යසංඥාව සිහි කරමි. (එහෙත් සසර) කෙළෙවර වූ අමෘත පදය වූ නිවණ නො පිළිවිඳිමි.
Pali BJT3054. අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො.
Sinhala BJT3054. “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ. ඇතිවීම හා නැති වීම ස්වභාවය කොට ඇත්තාහ. උපද නිරුද්ධ වෙත්. ඒ සංස්කාරයන්ගේ සන්හිඳීම (අනුත්පාදනිරෝධය) සැප යි”.
Pali BJT3055. සහ ගාථං සුණිත්වාන පුබ්බකම්මං අනුස්සරිං, එකාසනෙ නිසීදිත්වා අරහත්තමපාපුණිං.
Sinhala BJT3055. මේ ගාථාව අසන්නා හා ම පූර්‍වකර්‍මය සිහි කෙළෙමි. එම අසුනෙහි ම හිඳ රහත් බවට පැමිණියෙමි.
Pali BJT3056. ජාතියා සත්තවස්සොහං අරහත්තමපාපුණිං, උපසම්පාදයී බුද්ධො ගුණමඤ්ඤාය චක්ඛුමා.
Sinhala BJT3056. මම උත්පත්තියෙන් සත්හැවිරිදි වූයෙම් රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති සර්‍වඥ තෙම මාගේ ගුණ දැන මා උපසම්පදා කෙළේය.
Pali BJT3057. දාරකොව අහං සන්තො කරණීයං සමාපයිං, කිං මෙ කරණීයං{3} අජ්ජ සක්යපුත්තස්ස සාසනෙ.
Sinhala BJT3057. ලදරු වියෙහි ම වූ මම කරයුතු දෑ අවසන් කෙළෙමි. ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ සස්නෙහි අද මා විසින් කටයුතු කිම?
Pali BJT3058. සතසහස්සෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි සද්ධම්මසවණෙ ඵලං.
Sinhala BJT3058. මෙයින් සියදහස් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. සද්ධර්‍මශ්‍රවණයෙහි මේ විපාක යි.
Pali BJT3059. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3059. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කෘතයහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධම්මසවණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසවණීය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක්යී.
Pali BJTධම්මසවණියත්ථෙරස්සඅපදානං නවමං.
Sinhala BJTධම්මසවණිය ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT340. උක්ඛිත්තපදුමියත්ථෙරාපදානං.
Sinhala BJT340. උක්ඛිත්තපදුමිය ස්ථවිරාවදානය
Pali BJT3060. නගරෙ හංසවතියා අහොසිං මාලිකො තදා, ඔගාහිත්වා{1} පදුමසරං සතපත්තෙ{2} ඔචිනාමහං.
Sinhala BJT3060. මම හංසවතී නගරයෙහි මල්කරුවෙක් වීමි. එකල්හි පියුම් විලකට බැස පියුම් නෙළමි.
Pali BJT3061. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මාන පාරගූ, සහ සතසහස්සෙහි සන්තචිත්තෙහි තාදිහි.
Sinhala BJT3061-3062. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් සර්‍වඥ තෙම තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති ශුද්ධ වූ ෂඩභිඥා අති සිය දහසක් ක්‍ෂීණාස්‍රවයන් සමග මාගේ අභිවෘද්ධිය ගැණ සොයමින් මා සමීපයට පැමිණියේ ය.
Pali BJT3062. ඛීණාසවෙහි සුද්ධෙහි ඡළභිඤ්ඤෙහි සො තදා,{3} මම වුද්ධිං සමන්වෙසං ආගච්ඡි මම සන්තිකෙ.{4}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT3063. දිස්වානහං දෙවදෙවං සයම්භුං ලොකනායකං, වණ්ටෙ ඡෙත්වා සතපත්තං උක්ඛිපිං අම්බරෙ තදා.
Sinhala BJT3063. මම දෙවියනට දෙවි වූ තමා ම සියල්ල අවබෝධ කළ ලෝකනායක වූ බුදුරජුන් දැක එකල්හි පියුම නටුයෙන් කඩා අහසෙහි දැමීමි:
Pali BJT3064. යදි බුද්ධො තුවං වීර ලොකජෙට්ඨො නරාසභො, සයං ගන්ත්වා සතපත්තා මත්ථකෙ ධාරයන්තු තෙ.
Sinhala BJT3064. “වීරයන්වහන්ස, ඉදින් ඔබ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ වෙහි නම් පදමයෝ තුමූ ම ගොස් ඔබ වහන්සේගේ මස්තකයෙහි දරත්වා යී” (කියායි).
Pali BJT3065. අධිට්ඨහි මහාවීරො ලොකෙජෙට්ඨො නරාසභො, බුද්ධස ආනුභාවෙන මත්ථකෙ ධාරයිංසු තෙ.
Sinhala BJT3065. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ මහාවීර වූ බුදුරජ තෙමේ (එසේ වීමට) ඉටීය. බුද්ධානුභාවයෙන් ඒ පදමයෝ උන්වහන්සේගේ මුදුනෙහි දැරූහ.
Pali BJT3066. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං,
Sinhala BJT3066. මම මැනැවින් කරණ ලද කර්‍මය හා චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.
Pali BJT3067. තස්ස මෙ සුකතං ව්යම්හං සතපත්තන්ති වුච්චති, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
Sinhala BJT3067. එම දෙව්ලොවෙහි මට කරණ ලද විමානය “සතපත්ත” යයි කියනු ලැබේ. එය සැටයොදුන් පුළුල්ය. තිස්යොදුන් උසය.
Pali BJT3068. සහස්සක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං අකාරයිං, පඤ්චසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
Sinhala BJT3068. ශක්‍ර දේවේන්‍ද්‍ර ව දහස් වරක් දිව්‍යරාජ්‍යය කෙළෙමි. මම පන්සැත්තෑ වරක් සක්විතිරජ වීමි.
Pali BJT3069. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, අනුභොමි සකං කම්මං පුබ්බෙ සුකතමත්තනො.
Sinhala BJT3069. කරවන ලද මහත් වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් විසින් ගිණිය නො හැකිය. පෙර තමා විසින් මැනැවින් කරණ ලද ස්වකීය කර්‍ම (විපාක) ය අනුභව කරමි.
Pali BJT3070. තෙනෙවෙකපදුමෙන අනුභොත්වාන සම්පදා, ගොතමස්ස භගවතො ධම්මං සච්ඡිකරිං අහං.
Sinhala BJT3070. ඒ එක පියුම පිදීමෙන් (එහි විපාක) සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්‍මය සාක්‍ෂාත් කෙළෙමි.
Pali BJT3071. කිලොසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT3071. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳි ඇතකු මෙන් ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT3072. සතසහස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි එකපදුමස්සිදං ඵලං.
Sinhala BJT3072. මෙයින් ලක්‍ෂයක් වන කපෙහි පුෂ්ප (පද්ම) පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. එක පියුමක් පිදීමෙහි මේ විපාකයි.
Pali BJT3073. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3073. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උක්ඛිත්තපදුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උක්ඛිත්තපදුමිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋක්ඛිත්තපදුමියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTඋක්ඛිත්තපදුමිය ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTගන්ධධූපො ච උදකං{1} පුන්නාගඑකදුස්සිකො, ඵුසිතො ච පභඞ්කරො කුටිදො උත්තරීයකො. සවණී එකපදුමී ගාථායො තත්ථ පිණ්ඩිතා, එකං ගාථාසතඤ්චෙච චතුතාළීසමෙව ච.
Sinhala BJTගන්‍ධධූප උදක පුන්නාග ඒකදුස්සික ඵුසිත පහඞ්කර කුටිද උත්තරීයක ස්වර්‍ණ ඒකපදුමී එහි පිඬුකළ ගී එක්සිය සුසාළිසැයි දන්නේ.
Pali BJTගන්ධධූපියවග්ගො{2} චතුත්තිංසතිමො.
Sinhala BJTගන්‍ධධූපිය වර්‍ගය සූතිස් වැනි යි.
Pali BJT35. එකපදුමියවග්ගො
Sinhala BJT35. ඒකපදුමිය වර්‍ගය
Pali BJT341. එකපදුමියත්ථෙරාපදානං.
Sinhala BJT341. ඒකපදුමිය ස්ථවිරාවදානය
Pali BJT3074. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මාන පාරගූ, භවාභවෙ විභාවෙන්තො තාරෙසි ජනතං බහුං.
Sinhala BJT3074. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර සර්‍වඥ තෙමේ කුදු මහත් භවයන් ප්‍රකාශ කරණුයේ බොහෝ ජනයා සසර සයුරින් එතෙර කෙළේය.
Pali BJT3075. හංසරාජා තදා හොමි දිජානං පවරො අහං, ජාතස්සරං සමොගය්හ කීළාමි හංසකීළිතං.
Sinhala BJT3075. එකල්හි මම පක්‍ෂීන්හට උත්තම වූ හංසරාජයෙක් වෙමි. ස්වයංජාත විලකට බැස හංසක්‍රීඩා කරමි.
Pali BJT3076. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, ජාතස්සරස්ස උපරි ආගච්ඡි තාවදෙ ජිනො.
Sinhala BJT3076. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ත්‍රිවිධලෝකයන් මැනැවින් දැනවදාළ පදුමුත්තර බුදුරජ තෙම එකෙණෙහිම එම ස්වයංජාත විල මතුයෙහි (අහසින් එතැනට) වැඩියේ ය.
Pali BJT3077. දිස්වානහං දෙවදෙවං සයම්භූං ලොකනායකං, වණ්ටෙ ඡෙත්වාන පදුමං සතපත්තං මනොරමං.
Sinhala BJT3077. මම දෙවියනට දෙවි වූ ස්වයම්භූ වූ ඒ බුදුරජුන් දැක මනරම් වූ සියපත් පියුමක් නටුවෙන් කඩා-
Pali BJT3078. මුඛතුණ්ඩෙන පග්ගය්හ පසන්නො ලොකනායකෙ, උක්ඛිපිත්වාන ගගනෙ බුද්ධසෙට්ඨමපූජයිං.
Sinhala BJT3078. බුදුරජුන් කෙරෙහි පහන් වූයෙම් තුඩින් ගෙණ ඔසවා අහසෙහි වැඩ සිටි එම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
Pali BJT3079. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, අන්තලික්ඛෙ ඨිතො සත්ථා අකා මෙ අනුමොදනං:
Sinhala BJT3079. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජ තෙම අහසෙහි වැඩ සිටියේ මාහට මේ අනුමෝදනාව කෙළේය:
Pali BJT3080. “ඉමිනා එකපදුමෙන චෙතනාපණිධීහි ච, කප්පානං සතසහස්සං විනිපාතං න ගච්ඡසි.”
Sinhala BJT3080. “මේ එක ම පියුම පිදීම් හේතුවෙන් ද, චිත්ත ප්‍රණිධි හේතුවෙන් ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි විනිපාත සඞ්ඛ්‍යාත දුගතියකට නො යන්නෙහි ය”.
Pali BJT3081. ඉදං වත්වාන සම්බුද්ධො ජලජුත්තමනාමකො, මම කම්මං පකිත්තෙත්වා අගමා යෙන පත්ථිතං.
Sinhala BJT3081. පදුමුත්තර නම් වූ සර්‍වඥ තෙමේ මේ අනුමෝදනා වදාරා මාගේ කර්‍මය පිළිබඳ තොරතුරු පවසා වැඩියේය.
Pali BJT3082. සතසහස්සෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3082. මෙයින් පෙර ලක්‍ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT3083. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3083. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකපදුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකපදුමියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTඒකපදුමිය ස්ථවිරාවදානය පළමු වැනි යි.
Pali BJT342. තිඋප්පලමාලියත්ථෙරාපදානං{*}
Sinhala BJT342. තිඋප්පලමාලිය ස්ථවිරාවදානය
Pali BJT3084. චන්දභාගානදීතීරෙ අහොසිං වානරො තදා, අද්දසං විරජං බුද්ධං නිසින්නං පබ්බතන්තරෙ.
Sinhala BJT3084. මම එකල්හි චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වඳුරෙක් වීමි. කඳු අතුරෙහි වැඩහුන් කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
Pali BJT3085. ඔභාසෙන්තං දිසා සබ්බා සාලරාජංව ඵුල්ලිතං, ලක්ඛණබ්යඤ්ජනූපෙතං දිස්වා අත්තමනො අහුං.
Sinhala BJT3085. දස දික් බබුළුවන පිපී ගිය උතුම් සල්රුකක් වැනි (දෙතිස් මහා පුරිස්) ලකුණින් අසූ අනුව්‍යඤ්ජනයන්ගෙන් යුත් බුදුරජුන් දැක තුටු වීමි.
Pali BJT3086. උදග්ගචිත්තො සුමනො පීතියා හට්ඨමානසො, තීණි උප්පලපුප්ඵානි මත්ථකෙ අභිරොපයිං.
Sinhala BJT3086. ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ප්‍රීතියෙන් පිනාගියෙමි. උපුල් මල් තුණක් මතුයෙහි නගා පිදීමි.
Pali BJT3087. පුප්ඵානි අභිරොපෙත්වා විපස්සිස්ස මහෙසිනො, සගාරවො ගමිත්වාන{1} පක්කමිං{2} උත්තරාමුඛො.
Sinhala BJT3087. විපස්සී බුදුරජුන්හට මේ මල් පුදා ගෞරව සහිතව ගොස් උතුරුදිග බලා ගියෙමි.
Pali BJT3088. ගච්ඡන්තො පතිකුටිකො විප්පසන්නෙන චෙතසා, සෙලන්නරෙ පතිත්වාන{3} පාපුණිං ජීවිතක්ඛයං.
Sinhala BJT3088. පැහැදි සිතින් හැකිළී යන්නෙම් ගලතුර වැටී ජීවිතක්‍ෂයට පැමිණියෙමි.
Pali BJT3089. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
Sinhala BJT3089. මැනැවින් කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද, මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
Pali BJT3090. සතානං තීණික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
Sinhala BJT3090. මම තුන්සියක් වර දිව්‍යරාජ්‍යය කෙළෙමි. පන්සියක් වර සක්විති රජ වීමි.
Pali BJT3091. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT3091. මෙයින් අනූඑක්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කරණ ලද ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජායෙහි මේ විපාකයි.
Pali BJT3092. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3092. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිඋප්පලමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිඋප්පලමාලියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTතිඋප්පලමාලිය ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT343. ධජදායකත්ථෙරාපදානං.
Sinhala BJT343. ධජදායක ස්ථවිරාවදානය
Pali BJT3093. තිස්සො නාම අහූ සත්ථා ලොකජෙට්ඨො නරාසභො, තස්සොපධික්ඛයෙ දිස්වා ධජමාරොපිතං මයා.
Sinhala BJT3093. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තිස්ස නම් ශාස්තෘ තෙමේ ලොව පහළ විය. උන්වහන්සේගේ උපධික්‍ෂය (=ස්කන්‍ධොපධි සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයාගේ නිරෝධය වූ නිරුපධිශේෂ පරිනිර්‍වාණය) දැක මා විසින් ධජයක් නගන ලදි.
Pali BJT3094. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT3094. මැනැවින් කළ ඒ කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
Pali BJT3095. සතානං තීණික්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං, සතානං පඤ්චක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
Sinhala BJT3095. මම තුන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
Pali BJT3096. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං, අනුභොමි සකං කම්මං පුබ්බෙ සුකතමත්තනො.
Sinhala BJT3096. මා ලත් ප්‍රදේශ රාජ්‍යය (මෙ පමණයයි) ගිණිය නො හැකිය. පෙර තමා විසින් මොනොවට කළ ස්වකීය කර්‍මඵලය අනුභව කරමි.
Pali BJT3097. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ධජදානස්සිදං ඵලං.
Sinhala BJT3097. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ධජදානයාගේ මේ විපාක යි.
Pali BJT3098. ඉච්ඡමානො’වහං අජ්ජ සකානනං සපබ්බතං, ඛොමදුස්සෙන ඡාදෙය්යං තදා මය්හං කතෙ ඵලං.
Sinhala BJT3098. අද මම කැමැත්තෙම් නම් කඳු වන සහිත වූ ලෝකය කොමුපිළියෙන් වසන්නෙමි. මේ එදා මා විසින් කළ කමේ විපාක යි.
Pali BJT3099. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3099. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධජදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ධජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTධජදායකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTධජදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT344. තිකිඞ්කිණිපූජකත්ථෙරාපදානං.
Sinhala BJT344. තිකිඞ්කිණිපූජක ස්ථවිරාවදානය
Pali BJT3100. හිමවන්තස්සාවිදූරෙ භූතගණො නාම පබ්බතො, තත්ථද්දසං පංසුකූලං දුමග්ගම්හි විලග්ගිතං.
Sinhala BJT3100. හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්‍වතයෙක් ඇත. එහි දී ගස් මුදුනක එල්බුනු පවුල් සිවුරක් (පාංශුකූල චීවරයක්) දිටිමි.
Pali BJT3101. තීණි කිඞ්කිණිපුප්ඵානි ඔචිනිත්වා අහං තදා, හට්ඨො හට්ඨෙන චිත්තෙන පංසුකූලමපූජයිං.
Sinhala BJT3101. මම එකල්හි සතුටු වූයෙම් කටුකිහිරි මල් තුණක් කඩා සොම්නස් සිතින් පවුල් සිවුර පිදීමි.
Pali BJT3102. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි තිණ්ණං පුප්ඵානිදං ඵලං.
Sinhala BJT3102. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. කටුකිහිරි මල් තුණක් පිදීමෙහි මේ විපාක යි.
Pali BJT3103. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3103. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිකිඞ්කිණිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිඞ්කිණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිකිඞ්කිණිපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTතිකිඞ්කිණිපූජක ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT345. නළාගාරිකත්ථෙරාපදානං.
Sinhala BJT345. නළාගාරික ස්ථවිරාවදානය