Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4101-4200 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2944. කානනං වනමොගය්හ වසාමි ලුද්දකො අහං, පුන්නාගං පුප්ඵිතං දිස්වා බුද්ධසෙට්ඨං අනුස්සරිං.
Sinhala BJT2944. වැද්දෙක් වූ මම මහවනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
Pali BJT2945. තං පුප්ඵං ඔචිනිත්වාන සුගන්ධං ගන්ධිතං සුභං, ථූපං කරිත්වා{1} පුලිනෙ බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2945. වස්නි යුතු (එහෙයින් ම) සුවඳැති ඒ මල් නෙලා වැල්ලෙහි සෑයක් කොට බුදුරජුන්හට පිදීමි.
Pali BJT2946. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2946. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2947. එකම්හි නවුතෙ කප්පෙ එකො ආසිං තමොනුදො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2947. මෙයින් එක්අනූවන කපෙහි අඳුරු දුරුකරන්නා වූ සත්රුවනින් යුත් මහත් බල ඇති එක් සක්විති රජෙකිම් වීමි.
Pali BJT2948. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2948. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුන්නාගපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTපුන්නාගපුප්ඵියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTපුන්නාගපුප්ථිය ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT334. එකදුස්සදායකත්ථෙරාපදානං.
Sinhala BJT334. ඒකදුස්සදායක ස්ථවිරාවදානය
Pali BJT2949. නගරෙ හංසවතියා අහොසිං තිණහාරකො, තිණහාරෙන ජීවාමි තෙන පොසෙමි දාරකෙ.
Sinhala BJT2949. (එකල්හි) මම හංසවතී නගරයෙහි තෘණහාරකයෙක් (තණ වෙළෙන්දෙක්) වීමි. තෘණහාරක කර්‍මයෙන් ජීවත් වෙමි. එයින් ම අඹුදරුවන් පෝෂණය කරමි.
Pali BJT2950. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, තමන්ධකාරං නාසෙත්වා උප්පජ්ජි ලොකනායකො.
Sinhala BJT2950. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ ලෝකනායක වූ පදුමුත්තර බුදුරජතෙම (මෝහ නමැති) ගණඳුර නසා ලොව පහළ විය.
Pali BJT2951. සකෙ ඝරෙ නිසීදිත්වා එවං චින්තෙසහං තදා, බුද්ධො ලොකෙ සමුප්පන්නො දෙය්යධම්මො ච නත්ථි මෙ.
Sinhala BJT2951. එකල්හි ස්වකීය ගෘහයෙහි හිඳ මෙසේ සිතීමි. “බුදුරජතෙම ලොව පහළ විය. මට (උන්වහන්සේහට) දිය යුතු දෙයක් ද නැත.
Pali BJT2952. ඉදං මෙ සාටකං එකං නත්ථි මෙ කොචි දායකො, දුක්ඛො නිරයසම්ඵස්සො රොපයිස්සාමි දක්ඛිණං.
Sinhala BJT2952. මේ මාගේ එක ම සළුව යි. මට කිසි දායකයෙක් (දෙන කෙනෙක්) නැත. නිරයෙහි ස්පර්‍ශය (අපාගතවීම) දුකය. දක්‍ෂිණාවක් (දාන චේතනාමය කුසල් බිජුවටක්) රෝපණය කරන්නෙමි.”
Pali BJT2953. එවා’හං චින්තයිත්වාන සකං චිත්තං පසාදයිං, එකං දුස්සං ගහෙත්වාන බුද්ධසෙට්ඨස්සදාසහං.
Sinhala BJT2953. මම මෙසේ සිතා සිය සිත පැහැදැවීමි. (මා සතු) එක ම වස්ත්‍රය ගෙණ බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පිදීමි.
Pali BJT2954. එකං දුස්සං දදිත්වාන උක්කුට්ඨිං සම්පවත්තයිං, යදි බුද්ධො තුවං වීර තාරෙහි මං මහාමුනි.
Sinhala BJT2954. මම එක ම වස්ත්‍රය දි අත්පොළසන් හඬ පැවැත්වීමි “ඉදින් වීරයන් වහන්ස ඔබ වහන්සේ බුදුවරයෙක් වනසේක් නම් මහාමුනීන් වහන්ස මා සසර සයුරින් එතර කරණු මැන වැ” යි කීමි.
Pali BJT2955. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම දානං පකිත්තෙන්තො අකා මෙ අනුමොදනං:
Sinhala BJT2955. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ මාගේ දානය පසසමින් මට අනුමෝදනාවක් කෙළේය:
Pali BJT2956. “ඉමිනා එකදුස්සෙන චෙතනාපණිධීහි ච, කප්පසතහස්සානි විනිපාතං න ගච්ඡති.
Sinhala BJT2956. “මේ එකම වස්ත්‍රදානය හේතු කොට ගෙණ ද චිත්ත ප්‍රණිධීන් හේතු කොට ගෙණ ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොයයි.
Pali BJT2957. ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති, තෙත්තිංසක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT2957. ශක්‍රදේවේන්‍ද්‍ර ව සතිස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. තෙතිස් වරක් සක්විති රජ වන්නේ ය.
Pali BJT2958. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං, දෙවලොකෙ මනුස්සෙ වා සංසරන්තො තුවං භවෙ.
Sinhala BJT2958-2959. කරණු ලබන ප්‍රදෙශරාජ්‍ය ( මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නො හැකිය. ඔබ භවයෙහි මිනිස් ලොව හෝ දෙව්ලොව හෝ සැරි සරන්නෙහි නම් රූපසම්පන්න වූ ගුණවත් නො මැඩලියහෙන සිරුරු ඇති (අනුන් විසින්) ගෙණ අවසන් කොට නොලිය හැකි අපමණ වූ වස්ත්‍ර සම්පත් සිත් වූ පරිදි ලබනෙහිය.”
Pali BJT2959. රූපවා ගුණසම්පන්නො අනවක්කන්තදෙහවා, අක්ඛොභං අමිතං දුස්සං ලභිස්සසි යදිච්ඡකං.”
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2960. ඉදං වත්වාන සම්බුද්ධො ජලජුත්තමනාමකො, නභං අබ්භුග්ගමී ධීරො හංසරාජාව අම්බරෙ.
Sinhala BJT2960. ධීර වූ පදුමුත්තර නම් බුදුරජ තෙම මෙම වචනය වදාරා ආකාශයෙහි යන හංසරාජයකු මෙන් අහස් නැගුනේය.
Pali BJT2961. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, භොගෙ මෙ ඌනතා නත්ථි එකදුස්සස්සිදං ඵලං.
Sinhala BJT2961. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, එකල්හි මාගේ භොග සම්පත්තියෙහි අඩුබවක් නැති. එක වස්ත්‍රයක් දීමෙහි මේ විපාක යි.
Pali BJT2962. පදුද්ධාරෙ පදුද්ධාරෙ දුස්සං නිබ්බත්තතෙ මම, හෙට්ඨාදුස්සම්භි තිට්ඨාමි උපරිච්ඡදනං මම.
Sinhala BJT2962. පියවරක් පාසා (පියවිළි අයුරින්) මට වස්ත්‍ර පහළ වේ වස්ත්‍රය (වියන්) යට සිටිමි. මාගේ හිස මතුයෙහි නිරතුරුව ම වියනක් වේ.
Pali BJT2963. චක්කවාළමුපාදාය සකානනං සපබ්බතං, ඉච්ඡමානො ච’ හං අජ්ජ දුස්සෙහි ඡාදයෙය්ය’හං.
Sinhala BJT2963. වන සහිත වූ ද පර්‍වත සහිත වූ ද චක්‍රවාට පර්‍වතය පටන් කොට ඇති ඒ සියල්ල මම කැමැති වන්නෙම් නම් වස්ත්‍රයෙන් වසන්නෙමි.
Pali BJT2964. තෙනෙව එකදුස්සෙන සංසරන්තො භවාභවෙ, සුවණ්ණවණ්ණො හුත්වාන සංසරාමි භවාභවෙ.
Sinhala BJT2964. ඒ එක් වස්ත්‍රයක් පිදීමෙහි විපාකය වශයෙන් කුදු මහත් භවයන්හි සැරිසරන්නෙම් ඒ කුදු මහත් භවයන්හි ස්වර්‍ණවර්‍ණීව ම සැරිසරමි.
Pali BJT2965. විපාකං එකදුස්සස්ස නාජ්ඣගං කත්ථවික්ඛයං, අයං මෙ අන්තිමා ජාති විපච්චති ඉධාපි මෙ.
Sinhala BJT2965. එක වස්ත්‍රයක් දීමෙන් ලද ඒ විපාකය කිසි තැනෙක්හි අවසන් බවට නො යයි. මේ මාගේ අන්තිම ජාතියයි. මෙහිදු ඒ කුසලය මට විපාක දෙයි.
Pali BJT2966. සතසහස්සෙ ඉතො කප්පෙ යං දුස්සමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි එකදුස්සස්සිදං ඵලං.
Sinhala BJT2966. මෙයින් කල්ප ලක්‍ෂයකට පෙර වූ එකල්හි යම් වස්ත්‍රදානයක් දුනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. එක් වස්ත්‍රයක් දීමෙහි මේ විපාක යි.
Pali BJT2967. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT2967. මවිසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැමි සිඳ ගත් හස්තිරාජයකු මෙන් ආස්‍රව රහිතවූයෙම් වෙසෙමි.
Pali BJT2968. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2968. සිවුපිළිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකදුස්සදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකදුස්සදායක ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේකි යී.
Pali BJTඑකදුස්සදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඒකදුස්සදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT335. ඵුසිතකම්පියත්ථෙරාපදානං
Sinhala BJT335. ඵුසිතකම්පිය ස්ථවිරාවදානය
Pali BJT2969. විපස්සී නාම සම්බුද්ධො ලොකජෙට්ඨො නරාසභො, ඛීණාසවෙහි සහිතො සඞ්ඝාරාමෙ වසී තදා.
Sinhala BJT2969. එකල්හි ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජ තෙම රහතුන් විසින් පිරිවරන ලදුයේ සඞ්ඝාරාමයෙහි විසීය.
Pali BJT2970. ආරාමද්වාරා නික්ඛම්ම විපස්සී ලොකනායකො, සහ සතසහස්සෙහි අට්ඨඛීණාසවෙහි තු{1}.
Sinhala BJT2970. ලෝකනායක වූ විපස්සී බුදුරජ තෙමේ අටලක්‍ෂයක් රහතුන් සමග අරම්දොරින් නික්මෙයි.
Pali BJT2971. අජිනෙන නිවත්ථො’හං වාකචීරධරො’පි ච, කුසුම්භොදකමාදාය{2} සම්බුද්ධං උපසඞ්කමිං.
Sinhala BJT2971. (එකල) අඳුන්දිවිසම් පෙරෙවි වැහැරි සිවුරු දරන්නා වූ මම වනුක්මල් (තම්බා ගත් වර්‍ණවත්) දිය ගෙණ සම්බුදුරජුන් වෙත එළඹියෙමි.
Pali BJT2972. සකං චිත්තං පසාදෙත්වා වෙදජාතො කතඤ්ජලී, කුසුම්භොදකමාදාය{2} බුද්ධමබ්භුක්කිරිං අහං.
Sinhala BJT2972. මම තුටු වූයෙම් සිය සිත පහදවා කළ ඇඳිලි ඇත්තෙම් වනුක්මල් (තම්බා ගත් වර්‍ණවත්) ජලය ගෙණ බුදුරජුන් (උදෙසා) උඩ ඉසීමි.
Pali BJT2973. තෙන කම්මෙන සම්බුද්ධො ජලජුත්තමනාමකො, මම කම්මං පකිත්තෙත්වා අගමා යෙන පත්ථිතං.
Sinhala BJT2973. ඒ කර්‍මයෙන් පදුමුත්තර නම් සර්‍වඥයන් වහන්සේ මාගේ කුශල කර්‍මය පසසා අභිමත තන්හි වැඩි සේක.
Pali BJT2974. ඵුසිතා පඤ්චසහස්සා යෙහි පූජෙසහං තදා,{3} අඩ්ඪතෙය්යසහස්සෙ හි දෙවරජ්ජං අකාරයිං.
Sinhala BJT2974-2975. මම එකල්හි යම් සුවඳ දැයකින් බිඳු පන්දහසක් පිදූයෙම් ද (ඒ හේතුවෙන්) මම දෙදහස් පන්සිය වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. දෙදහස් පන්සිය වරක් සක්විති රජ වීමි. ශේෂ වූ කර්‍මයෙන් රහත්බවට පැමිණියෙමි.
Pali BJT2975. අඩ්ඪතෙය්යසහස්සෙ හි චක්කවත්තී අහොසහං, අවසෙසෙන කම්මෙන අරහත්තමපාපුණිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2976. දෙවරාජා යදා හොමි මනුජාධිපතී යදා, තමෙව නාමධෙයං මෙ ඵුසිතො නාම හොම’හං.
Sinhala BJT2976. යම් කලෙක් හි ශක්‍රදේවේන්‍ද්‍රයා වෙම් ද, යම් කලෙක් හි මිනිස් ලොව රජ වෙම් ද, මට ඒ නම ම විය. මම ‘ඵුසිත’ නම් වෙමි.
Pali BJT2977. දෙවභූතස්ස සන්තස්ස අථාපි මානුසස්ස වා, සමන්තා ව්යාමතො මය්හං ඵුසිතංව පවස්සති.
Sinhala BJT2977. දෙවි වූ ද මනුෂ්‍ය වූ ද මාගේ හාත්පස බඹයක් පමණ (සුවඳ) වැසි බිඳු වස්නේයි.
Pali BJT2978. භවා උග්ඝාටිතා මය්හං කිලෙසා ඣාපිතා මම, සබ්බාසවපරික්ඛීණො ඵුසිතස්ස ඉදං ඵලං.
Sinhala BJT2978. මා විසින් භවයෝ නසන ලදහ. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු ආස්‍රවයන් ප්‍රහීණ කෙළෙම් වෙමි.(සුවඳ) බිඳු ඉසීමෙහි මේ විපාකයි.
Pali BJT2979. චන්දනස්සෙව මෙ කායා තථා ගන්ධො පවායති, සාරීරිකො මමං{1} ගඣො අඩ්ඪකොසෙ පවායති.
Sinhala BJT2979. මාගේ සිරුරින් සඳුන් සුවඳට බඳු සුවඳ පැතිරෙයි. මාගේ සිරුරින් විහිදෙන සුවඳ අඩහඬසනක් (දුනු දෙසියපණසක්) තන්හි පැතිරේ.
Pali BJT2980. දිබ්බගන්ධං සම්පවන්තං පුඤ්ඤකම්මසමඞ්ගිනං, ගන්ධං ඝත්වාන ජානන්ති ඵුසිතො ආගතො ඉධ.
Sinhala BJT2980. පුණ්‍යකර්‍මයට අනුකූල ව මා සිරුරින් හමන දිවසුවඳ ආඝ්‍රාණය කොට “ඵුසිත තෙම මෙහි පැමිණියේ ය”යි ජනයෝ දනිති.
Pali BJT2981. සාඛාපලාස කට්ඨානි තිණානි පි ච සබ්බසො, මම සඞ්කප්පමඤ්ඤාය ගන්ධො සම්පජ්ජතෙ ඛණෙ.
Sinhala BJT2981. අතු කොළ දර තණ යන මේ දෑ හැම ලෙසින් ම මාගේ අදහස දැනගෙන (මෙන් මා ගත්) කෙණෙහි සුවඳ විහිදුවයි.
Pali BJT2982. සතසහස්සෙ ඉතො කප්පෙ චන්දනං අභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි ඵුසිතස්ස ඉදං ඵලං.
Sinhala BJT2982. මෙයින් කල්පලක්‍ෂයකට පෙර සඳුන් දිය පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (සුවඳ) බිඳු ඉසීමෙහි මේ විපාක යි.
Pali BJT2983. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2983. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඵුසිතකම්පියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵුසිතකම්පිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඵුසිතකම්පියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඵුසිතකම්පිය ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT336. පභඞ්කරත්ථෙරාපදානං.
Sinhala BJT336. පභඞ්කර ස්ථවිරාවදානය
Pali BJT2984. පදුමුත්තරස්ස භගවතො{2} ලොකජෙට්ඨස්ස තාදිනො, විපිනෙ චෙතියං ආසි වාළමිගසමාකුලෙ.
Sinhala BJT2984. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජුන්ගේ ස්තූපයක් චණ්ඩමෘගයන්ගෙන් ගැවසීගත් මහවනයෙහි විය.
Pali BJT2985. න කොචි විසහි ගන්තුං චෙතියං අභිවන්දිතුං, තිණකට්ඨලතොනද්ධං පලුග්ගං ආසි චෙතියං.
Sinhala BJT2985. සෑය වදිනු සඳහා යාමට කිසිවෙක් සමත් නො වීය. චෛත්‍යය තණ දර ලිය යන මෙයින් ගැවසී ගත් බිඳීගිය එකක් විය.
Pali BJT2986. වනකම්මිකො තදා ආසිං පිතුපෙතාමහෙන’හං{3}, අද්දසං විපිනෙ ථූපං ලුග්ගං තිණලතාකුලං.
Sinhala BJT2986. එකල්හි මම පියමුතුන් පරපුරෙහි ආ සිරිත අනුව වනකාර්මිකයෙක් (වනයෙහි මෙහෙ කරන්නෙක්) වීමි. වනයෙහි තෘණ ලතාවන්ගෙන් ගැවසී ගත් බිඳ වැටුණු එම සෑය ද දිටිමි.
Pali BJT2987. දිස්වානාහං බුද්ධථූපං ගරුචිත්තං උපට්ඨහිං, “බුද්ධසෙට්ඨස්ස ථූපො’යං පලුග්ගො අච්ඡතී වනෙ.
Sinhala BJT2987. මම බුදුරජුන්ගේ (දා නිදන් කළ) ඒ සෑය දැක ගරු සිතක් ඉපද වීමි: “බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ මේ සෑය වෙනෙහි බිඳ වැටුනේ සිටුනා වෙයි.
Pali BJT2988. නච්ඡන්නං නප්පතිරූපං ජානන්තස්ස ගුණාගුණං, බුද්ධථූපමසොධෙත්වා අඤ්ඤං කම්මං පයොජයෙ.”
Sinhala BJT2988. බුද්ධස්තූපය නො සෝධා අන්‍යකර්‍ම කරන්නේ නම් හොඳ නොහොඳ දන්නවුනට ඒ නොමැනව, නුසුදුසුය” (යී සිතීමි).
Pali BJT2989. තිණං කට්ඨඤ්ච{4} වල්ලිඤ්ච සොධයිත්වාන චෙතියෙ, වන්දිත්වා අට්ඨවාරානි පතිකුටිකො අගච්ඡහං.
Sinhala BJT2989. මම චෛත්‍යයෙහි වූ තණ ද දර ද වැල් ද පිරිසිදු කොට අටවරක් වැඳ (පිටුනොපා) ඇකිළී ගියෙමි.
Pali BJT2990. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
Sinhala BJT2990. මැනවින් කළ එම කර්‍මය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් (සිතින් කළ පැතුම්) හේතු කොටගෙන ද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT2991. තත්ථ මෙ සුකතං ව්යම්හං සොවණ්ණං සප්පභස්සරං, සට්ඨියොජනමුබ්බෙධං තිංසයොජනවිත්ථතං.
Sinhala BJT2991. එහි මට මැනවින් කරණ ලද විමානය රුවන්මුවා ය. පැහැ විහිදෙන්නේය. සැට යොදුන් උසය. තිස් යොදුන් පුළුල් ය.
Pali BJT2992. තිසතානි ච වාරානි දෙවරජ්ජමකාරයිං, පඤ්චවීසතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොස’හං.
Sinhala BJT2992. මම තෙසිය වරක් දෙව්රජය කරවීමි. පස්විසි වරක් සක්විති රජ වීමි.
Pali BJT2993. භවාභවෙ සංසරන්තො මහාභොගං ලභාමහං, භොගෙ මෙ ඌනතා නත්ථි සොධනාය ඉදං ඵලං.
Sinhala BJT2993. මම කුදු මහත් භවයන්හි සැරිසරමින් මහත් භොග ලැබීමි. මාගේ භොග සම්පත්තියෙහි අඩුබවෙක් නම් නැත. (චෛත්‍ය) පිරිසිදු කිරීමෙහි මේ විපාක යි.
Pali BJT2994. සිවිකා හත්ථික්ඛන්ධෙන විපිනෙ ගච්ඡතො මම, යං යං දිසාහං ගච්ඡාමි සරණං සම්පජ්ජතෙ{1} වනං.
Sinhala BJT2994. සිවිකාව (දෝලාව) කින් හෝ ඇතු පිටින් හෝ වනයෙහි ගමන් කරන්නා වූ මම යම් යම් දිශාවකට යෙම් ද වනය ම මට පිහිට සලසයි.
Pali BJT2995. ඛාණුං වා කණ්ටකං වාපි නාහං පස්සාමි චක්ඛුනා, පුඤ්ඤකම්මෙන සංයුත්තො සයමෙවාපනීයරෙ.
Sinhala BJT2995. එහි මම කණු හෝ කටු හෝ ඇසින් නො දකිමි. පුණ්‍ය කර්‍මයාගේ විපාකය හා යෙදුනේ (එම කණු කටු) තුමූ ම ඉවත් වෙති.
Pali BJT2996. කුට්ඨං ගණ්ඩො කිලාසො ච අපමාරො විතච්ඡිකා, දද්දුං කච්ඡු ච මෙ නත්ථි සොධනාය ඉදං ඵලං.
Sinhala BJT2996. කුෂ්ට ගණ්ඩ කිලාස ද, අපස්මාර (=මී මැස්මොර) විතච්ඡිකා නම් කුෂ්ට විශේෂය ද, දද කැසිලි ද මට නැත.(චෛත්‍ය) පිරිසිදු කිරීමෙහි මේ විපාක යි.
Pali BJT2997. අඤ්ඤම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සොධිතෙ,{2} නාභිජානාමි මෙ කායෙ ජාතං පිලකබින්දුකං.
Sinhala BJT2997. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි මට (ලැබුනු) අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: මාගේ සිරුරෙහි හටගත්තා වූ ස්වල්පමාත්‍ර පිළිකා බිඳකුදු නො දනිමි.
Pali BJT2998. අඤ්ඤම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සොධිතෙ, දුවෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ.
Sinhala BJT2998. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කළ කල්හි (ලද) අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද භව දෙකෙහි පමණක් සැරි සරමි.
Pali BJT2999. අඤ්ඤම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සොධිතෙ, සුවණ්ණවණ්ණො සබ්බත්ථ සප්පභාසො භවාමහං.
Sinhala BJT2999. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: මම හැම තන්හි රන්වන් වූයෙම් ද පැහැපත් වූයෙම් ද වෙමි.
Pali BJT3000. අඤ්ඤම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සොධිතෙ, අමනාපං විවජ්ජති මනාපං උපිට්ඨති.
Sinhala BJT3000. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: නො කැමැති දෑ බැහැර වේ. කැමැති දෑ එළඹ සිටී.
Pali BJT3001. අඤ්ඤම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සොධිතෙ, විසුද්ධං හොති මෙ චිත්තං එකග්ගං සුසමාහිතං.
Sinhala BJT3001. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: මාගේ සිත එකඟ වූ මැනවින් සමාධියට පත් වූ පිරිසිදු එකක් වේ.
Pali BJT3002. අඤ්ඤම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සොධිතෙ, එකාසනෙ නිසීදිත්වා අරහත්තමපාපුණිං.
Sinhala BJT3002. බුදුරජුන්ගේ සෑය පිරිසිදු කිරීමෙහි අනෙකුදු ආශ්චර්‍ය්‍යයක් වෙයි: එක අසුනෙහි ම හිඳ රහත් බවට පැමිණියෙමි.
Pali BJT3003. සතසහස්සෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි සොධනාය ඉදං ඵලං.
Sinhala BJT3003. මෙයින් සියක් දහස් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සෑය පිරිසිදු කිරීමෙහි මේ විපාක යි.
Pali BJT3004. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3004. ප්‍රතිසම්භිදාවෝ -පෙ- සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පභඞ්කරො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පභඞ්කර ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
Pali BJTපහඞ්කරත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTපභඞ්කර ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT337. තිණකුටිදායකත්ථෙරාපදානං.
Sinhala BJT337. තිණකුටිදායක ස්ථවිරාවදානය
Pali BJT3005. නගරෙ බන්ධුමතියා අහොසිං පරකම්මිකො, පරකම්මායනෙ යුත්තො පරභත්තං අපස්සිතො.
Sinhala BJT3005. මම බන්‍ධුමතී නගරයෙහි අනුන්ගේ බැළ මෙහෙ කිරීමෙහි යෙදුනෙම් අනුන්ගේ බත් වැටුප් බලාපොරොත්තු වන්නෙම් අනුන්ගේ බැළමෙහෙකරුවෙක් වීමි.
Pali BJT3006. රහොගතො නිසීදිත්වා එවං චින්තෙසහං තදා, “බුද්ධො ලොකෙ සමුප්පන්නො අධිකාරො ච නත්ථි මෙ.
Sinhala BJT3006. මම එකල්හි රහසිගතව හිඳ මෙසේ සිතීමි. “බුදුරජතෙම ලොව පහළ විය, මට පිනක් ද නැත:
Pali BJT3007. කාලො ගතිං{1} සොධෙතුං ඛණො මෙ පටිපාදිතො, දුක්ඛො නිරයසම්ඵස්සො අපුඤ්ඤානං හි පාණිනං”.
Sinhala BJT3007. මාගේ ගතිය පිරිසිදු කර ගන්නට මේ කාලය යි. මට (අෂ්ටදුෂ්ටක්‍ෂණ විනිර්මුක්ත) සුදුසු මොහොත පිළියෙල විය. පින් නො කළ සතුනට නිරයෙහි පහස දුකය” කියා යි.
Pali BJT3008. එවාහං චින්තයිත්වාන කම්මසාමිං උපාගමිං, එකාහං කම්මං යාචිත්වා විපිනං පාවිසිං අහං.
Sinhala BJT3008. මම මෙසේ සිතා මට වැඩ දෙන ස්වාමියා වෙත එළඹියෙමි. මම එක දිනක වැඩ ඉල්වා ගෙණ වනයට පිවිසියෙමි.
Pali BJT3009. තිණකට්ඨඤ්ච වල්ලිඤ්ච ආහරිත්වාන’හං තදා, තිදණ්ඩකෙ ඨපෙත්වාන අකං තිණකුටිං අහං.
Sinhala BJT3009. මම එකල්හි තණ ලී වැල් ද ගෙණවුත් ත්‍රිදණ්ඩකයෙහි (=කතිර සිටිනසේ එකට බැඳි දඬු තුණෙහි) තබා තෘණකුටියක් කෙළෙමි.
Pali BJT3010. සඞ්ඝස්සත්ථාය කුටිකං නිය්යාතෙත්වාන තං අහං, තදහෙයෙව ආගන්ත්වා කම්මසාමිං උපාගමිං.
Sinhala BJT3010. මම සඞ්ඝයා පිණිස කළ තෙල කුටිය පිළිගන්වා එදවස්හි ම කර්‍මස්වාමියා වෙත එළඹියෙමි.
Pali BJT3011. තෙන කම්මෙන සුකතෙන තාවතිංසමගච්ඡහං, තත්ථ මෙ සුකතං ව්යම්භං තිණකුටිකාය නිම්මිතං.{2}
Sinhala BJT3011. මම මැනවින් කළ ඒ කර්‍මය හේතු කොට ගෙණ තව්තිසා දෙව්ලොවට ගියෙමි. එහි මට (සඞ්ඝයාට පිළිගැන්වූ) තෘණකුටිය වෙනුවට මැනවින් කළ විමානයක් මැවුනේ විය.
Pali BJT3012. සහස්සකණ්ඩං සතභෙණ්ඩු ධජාලු හරිතාමයං,{3} සතසහස්සනිය්යූහා ව්යම්හෙ පාතුභවිංසු මෙ.
Sinhala BJT3012. එහි කොටස් දහසකි. ගෝලාකාර මුදුන් සියයකි. ධජ බහුලය. නිල්වන්ය. ඒ මාගේ විමානයෙහි සියක් දහසක් ශිඛර පහළ වූහ.
Pali BJT3013. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, මම සඞ්කප්පමඤ්ඤාය පාසාදො උපතිට්ඨති.
Sinhala BJT3013. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, (ඒ සියලු තන්හි) මාගේ අදහසට අනුව ප්‍රාසාදයක් එළඹ සිටී.
Pali BJT3014. භයං වා ඡම්භිතත්තං ලොමහංසො න විජ්ජති, තාසං මම න ජානාමි තිණකුටිකායි’දං ඵලං.
Sinhala BJT3014. භයක් හෝ තැති ගැණීමක් ලොමුදහ ගැණුමක් හෝ නො වේ. ඔවුන් (භයාදිය) මම නො දනිමි. මෙය තෘණකුටි දානයෙහි විපාක යි.
Pali BJT3015. සීහව්යග්ඝා ච දීපී ච අච්ඡකොකතරච්ඡකා, සබ්බෙ මං පරිවජ්ජෙන්ති තිණකුටිකායි’දං ඵලං.
Sinhala BJT3015. සිංහයෝ ද ව්‍යාඝ්‍රයෝ ද වලස්සු ද වෘකයෝ ද කළුහිස් වලස්සු ද මේ සියලු වනමෘගයෝ මා කෙරෙන් ඉවත් වෙත්. තෘණකුටි දානයෙහි මේ විපාක යි.
Pali BJT3016. සිරිංසපා{4} ච භූතා ච අභිකුම්භණ්ඩරක්ඛසා, තෙ පි මං පරිවජ්ජෙන්ති තිණකුටිකායි’දං ඵලං.
Sinhala BJT3016. සර්‍පයෝ ද භූතයෝ ද නාගයෝ ද කුම්භාණ්ඩයෝ ද රකුසෝ ද යන ඔහු ද මා කෙරෙන් ඉවත් වෙත්. තෘණකුටි දානයෙහි මේ විපාක යි.
Pali BJT3017. න පාපසුපිනස්සා’හං{5} සරාමි දස්සනං මම, උපට්ඨිතා සති මය්හං තිණකුටිකායි’දං ඵලං.
Sinhala BJT3017. මට පවිටු සිහින පෙණුමක් ගැණ මම නො දනිමි. මාගේ සිහිය එළඹ සිටියා ය. තෘණකුටිදානයෙහි මේ විපාක යි.
Pali BJT3018. තායෙව තිණකුටිකාය අනුභොත්වාන සම්පදා, ගොතමස්ස භගවතො ධම්මං සච්ඡිකරිං අහං.
Sinhala BJT3018. ඒ තෘණකුටිදානය හේතු කොට ගෙණ ම සම්පත් අනුභව කොට මම ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්‍මය ද ප්‍රත්‍යක්‍ෂ කෙළෙමි.
Pali BJT3019. එකනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි තිණකුටිකායි’දං ඵලං.
Sinhala BJT3019. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තෘණකුටි දානයෙහි මේ විපාක යි.
Pali BJT3020. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT3020. ප්‍රතිසම්භිදාවෝ ... සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිණකුටිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණකුටිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTතිණකුටිදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTතිණකුටිදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT338. උත්තරෙය්යදායකත්ථෙරාපදානං
Sinhala BJT338. උත්තරෙය්‍යදායක ස්ථවිරාවදානය
Pali BJT3021. නගරෙ හංසවතියා අහොසිං බ්රාහ්මණො තදා, අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන පාරගූ.
Sinhala BJT3021. එකල්හි (මම) හංසවතී නගරයෙහි වේදහදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ වේදත්‍රයෙහි පරතෙරට ගිය බමුණෙක් වීමි.
Pali BJT3022. පුරක්ඛතො සසිස්සෙහි ජාතිමා ච සුසික්ඛිතො, තොයාභිසෙවනත්ථාය නගරා නික්ඛමිං තදා.
Sinhala BJT3022. මැනවින් හික්මුනු ජාතිමත් (=කුලවත්) වූ මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පෙරටු කරණ ලදුයෙම් ජලස්නානය පිණිස නුවරින් නික්මුනෙමි.
Pali BJT3023. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මාන පාරගූ, ඛීණාසවසහස්සෙහි නගරං පාවිසී ජිනො.
Sinhala BJT3023. සියලු (දතයුතු) ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජ තෙමේ රහතුන් සමග නගරයට පිවිසියේ ය.
Pali BJT3024. සුචාරුරූපං දිස්වාන අනෙජකාරිතං{1} විය, පරිවුතමරහන්තෙහි දිස්වා චිත්තං පසාදයිං.
Sinhala BJT3024. රහතුන් විසින් පිරිවරන ලද විරාගයෙන් කරණ ලද්දාක් බඳු මනෝඥ රූප ඇති (බුදුරජුන්) දැක සිත පැහැදවීමි.
Pali BJT3025. සිරසි{2} අඤ්ජලිං කත්වා නමස්සිත්වාන සුබ්බතං, පසන්නචිත්තො සුමනො උත්තරීයමදාසහං.
Sinhala BJT3025. හිසෙහි ඇඳිලි බැඳ මනා ව්‍රත ඇති (බුදුරජුන්හට) වැඳ පහන් සිත් ඇත්තෙම්. සොම්නස් සහිත වූයෙම් මම උතුරු සළුව පිදීමි.
Pali BJT3026. උභො හත්ථෙහි පග්ගය්හ සාටකං උක්ඛිපිං අහං, යාවතා බුද්ධපරිසා තාව ඡාදෙසි සාටකො.
Sinhala BJT3026. මම සළුව දොහොතින් ගෙණ උඩට දැමීමි. සළුව බුදුපිරිස යම්තාක් ද ඒ තාක් (පැතිරී වියනකින් මෙන් බුදුපිරිස) වැසීය.
Pali BJT3027. පිණ්ඩචාරං චරන්තස්ස මහාභික්ඛුගණාදිනො, ඡදං කරොන්තො අට්ඨාසි හාසයන්තො මමං තදා.
Sinhala BJT3027-3028. එකල්හි පිඬු පිණිස හැසිරෙන්නා වූ ගෘහයෙන් නික්මෙන්නා වූ මහා භික්‍ෂුසඞ්ඝයාගේ ආදිම වූ බුදුරජුන්හට සෙවෙනියක් (=වියනක්) කරමින් මා සතුටු කරවමින් (ඒ සළුව) අහසෙහි සිටියේය. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ ශාස්තෘ තෙමේ වීථියෙහි සිටියේ ම මට අනුමෝදනා කෙළේය:
Pali BJT3028. ඝරතො නික්ඛමන්තස්ස සයම්භූ අග්ගපුග්ගලො, විථියංව ඨිතො සත්ථා අකා මෙ{3} අනුමොදනං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත