Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 4001-4100 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2867. තතො ඔපධිකං පුඤ්ඤං කත්වා දානෙන තං බහුං, අඤ්ඤෙපි මච්චෙ සද්ධම්මෙ බ්රහ්මචරියෙ නිවෙසය”.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2868. ඉමාය අනුකම්පාය දෙවා දෙවං යදා විදුං, චවන්තං අනුමොදන්ති “එහි දෙවපුරං පුන”.
Sinhala BJT2868. යම් කලක දෙවිවරු ච්‍යුත වන දෙවියකු දනිත් ද “දෙව්පුරයට නැවත එනු මැනවැ” යි (3) (ඔහුට) මෙබඳු අනුකම්පාවෙන් අනුමෝදනය කෙරෙත්.
Pali BJT2869. සංවෙගො මෙ{1} තදා ආසි දෙවසඞ්ඝෙ සමාගතෙ, “කිං සු{2} නාම අහං යොනිං ගමිස්සාමි ඉතො චුතො”.
Sinhala BJT2869. දිව්‍ය සමූහයා රැස් වූ එකල්හි “මම මෙයින් සැව කිනම් යොනියකට (උත්පත්ති වශයෙන්) යෙම් දැ” යි මට සංවේගයක් ඇතිවිය.
Pali BJT2870. මම සංවෙගමඤ්ඤාය සමණො භාවිතින්ද්රියො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි මම සන්තිකෙ.
Sinhala BJT2870. වඩන ලද (ශ‍්‍රද්ධාදි) ඉඳුරන් ඇති ශ‍්‍රමණයෙක් තෙම මාගේ සංවේගය දැන මා එයින් උදුරණු කැමැත්තේ මවෙත ආයේ ය.
Pali BJT2871. සුමනො නාම නාමෙන පදුමුත්තරසාවකො, අත්ථධම්මානුසාසිත්වා සංවෙජෙසි මමං තදා.
Sinhala BJT2871. එකල්හි සුමන නම් වූ ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ශ‍්‍රාවක තෙම අර්‍ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනා කොට මා සංවිග්න (උත්සාහවත්) කෙළේය.
Pali BJT[ද්වාදසමං භාණවාරං.]
Sinhala BJT[දොළොස්වන බණවර යි.]
Pali BJT2872. තස්සාහං වචනං සුත්වා බුද්ධෙ චිත්තං පසාදයිං, තං වීරමභිවාදෙත්වා{3} තත්ථ කාලකතො අහං.
Sinhala BJT2872. මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැද වීමි. ඒ වීරයන් වහන්සේට අභිවාදනය කොට මම එහි කලුරිය කෙළෙම් වෙමි.
Pali BJT2873. උපපජ්ජිසං{1} තත්ථෙව සුක්කමූලෙන චොදිතො, වසන්තො මාතුකුච්ඡිම්භි පුන ධාරිස{2} මාතුයා.
Sinhala BJT2873. (එකි) කුශල මූලයෙන් මෙහෙයන ලද මම ඒ දෙව්ලොව ම උපන්මි. නැවත මවුකුසෙහි වසනෙම් මවු විසින් දරණ ලදිමි.
Pali BJT2874. තම්හා කායා චවිත්වාන තිදසෙ උපපජ්ජහං, එත්ථන්තරෙ න පස්සාමි දොමනස්සමහං තදා.
Sinhala BJT2874. මම ඒ මිනිසත් බැවින් සැව තව්තිසා දෙව්ලොව උපන්මි. එකල්හි මම මෙදෑතුරෙහි දොම්නසක් නො දක්මි.
Pali BJT2875. තාවතිංසා චවිත්වාන මාතුකුච්ඡිං සමොක්කමිං, නික්ඛමිත්වාන කුච්ඡිම්හා කණ්හසුක්කමජානහං.
Sinhala BJT2875. තව්තිසා දෙව්ලොවින් සැව මවුකුසක උපන්මි. මවුකුසින් බිහිව මම කලූ-සුදු හෙවත් පව්-පින් දැනගතිමි.
Pali BJT2876. ජාතියා සත්තවස්සොව{3} ආරාමං පාවිසිං අහං, ගොතමස්ස භගවතො සක්යපුත්තස්ස තාදිනො.
Sinhala BJT2876. මම උපතින් සත්හැවිරිදි වයස් ඇත්තෙම් ම අරමට පිවිසියෙමි. තාදී ගුණ ඇති භාග්‍යවත් වූ ගෞතම ශාක්‍යපුත‍්‍රයන් වහන්සේගේ-
Pali BJT2877. විත්ථාරිතෙ{4} පාවචනෙ බාහුජඤ්ඤම්හි සාසනෙ, අද්දසං සාසනකරෙ භික්ඛවො තත්ථ සත්ථුනො.
Sinhala BJT2877. පැතුරුනා වූ බොහෝ දෙනාට අයත් වූ ප‍්‍රචවන සඞ්ඛ්‍යාත ඒ ශාසනයෙහි ශාස්තෘහුගේ ශාසනය පිළිපදින භික්‍ෂූන් දිටිමි.
Pali BJT2878. සාවත්ථි නාම නගරං රාජා තත්ථාසි කොසලො, රථෙන නාගයුත්තෙන උපෙසි බොධිමුත්තමං.
Sinhala BJT2878. එහි සැවැත් නම් නුවර කොසොල් නම් රජෙක් විය. හේ ඇතු යෙදූ රියෙන් උතුම් බෝධිය වෙත එළඹියේ ය.
Pali BJT2879. තස්සාහං නාගං දිස්වාන පුබ්බකම්මමනුස්සරිං, අඤ්ජලිං පග්ගහෙත්වාන සමයං අගමාසහං.
Sinhala BJT2879. මම ඒ රජුගේ ඇතා දැක පූර්‍වකර්‍මය සිහි කෙළෙමි. මම ද ඇඳිලි බැඳ සභාරැස්වීමට ගියෙමි.
Pali BJT2880. ජාතියා සත්තවස්සොව පබ්බජිං අනගාරියං, යො සො බුද්ධං උපට්ඨාසි ආනන්දො නාම සාවකො.
Sinhala BJT2880. උපතින් සත්හැවිරිදි වූයෙම් ම සසුන් වන්මි. (එකල) යමෙක් බුදුරජුන්හට උවටැන් කෙළේ ද ඒ මේ ආනන්‍ද නම් ශ‍්‍රාවක තෙමේ යි.
Pali BJT2881. ගතිමා ධිතිමා චෙව සතිමා ච බහුස්සුතො, රඤ්ඤො චිත්තං පසාදෙන්තො නිය්යාදෙසි මහාජුති.
Sinhala BJT2881. (සිටි පියෙහි ම සිට පද සැටදහසක් වුව ද බුදුරජුන් වදාළ නියායෙන් ම දැන ගැණුමෙහි සමත් බැවින්) ගතිමත් වූ ද, (බුද්ධ වචනය ඉගෙණ ගැණුම්හි වීර්‍ය්‍යය ද, සජ්ඣායනය කිරීමෙහි වීර්‍ය්‍යය ද, සිත්හි ලා දැරුම්හි වීර්‍ය්‍යය ද, ශාස්තෲන් වහන්සේට උවටන්හි වීර්‍ය්‍යය ද, අන් හැම දෙනට ම වඩා අධිකව ඇති බැවින්) ධෘතිමත් වූ ද, (අන් හැම දෙනට ම වඩා බුදුවදන් සිත්හි ලා දැරීමෙහි සිහි ඇති බැවින්) ස්මෘතිමත් වූ ද, (මෙම සසුනෙහි භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තියෙහි ම සිට බුදුවදන් උගත් බැවින්) බහුශ‍්‍රැත වූ ද, ඒ මහානුභාව ඇති ආනන්‍ද ස්ථවිර තෙම රජුගේ සිත පහදවමින් දම් දෙසීය.
Pali BJT2882. තස්සාහං ධම්මං සුත්වාන පුබ්බකම්මමනුස්සරිං, තත්ථෙව ඨිතකො සන්තො අරහත්තමපාපුණිං.
Sinhala BJT2882. මම උන්වහන්සේගේ ධර්‍මය අසා පූර්‍වකර්‍මය සිහි කෙළෙමි. එහි ම සිටි රහත් බවට ද පැමිණියෙමි.
Pali BJT2883. එකංසං චීවරං කත්වා සිරෙ කත්වාන අඤ්ජලිං, සම්බුද්ධමභිවාදෙත්වා ඉමං වාචමුදීරයිං:
Sinhala BJT2883. (ඉක්බිති) සිවුර එකස් කොට හිසෙහි ඇඳිලි බැඳ සම්බුදුරජුන් වැඳ මේ වචනය කීමි:
Pali BJT2884. පදුමුත්තරබුද්ධස්ස දිපදින්දස්ස{5} සත්ථුනො, නිග්ගුණ්ඩිපුප්ඵං පග්ගය්හ සීහාසනෙ ඨපෙසහං.
Sinhala BJT2884. මම ශාස්තෘ වූ ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජුන්ගේ සිහසුනෙහි (බුද්ධාසනයෙහි) සිඳුවරමල් ගෙණ තැබීමි.
Pali BJT2885. තෙන කම්මෙන දිපදින්ද ලොකට්ඨෙ නරාසභ, පත්තොම්හි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
Sinhala BJT2885. ද්විපදෝත්තම වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ (කුශල) කර්‍මය කරණකොට ගෙණ ජය-පරාජය දෙක හැර නිශ්චල ස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.
Pali BJT2886. පඤ්චවීසසහස්සම්හි කප්පානං මනුජාධිපා, අබ්බුදනිරබ්බුදානි අට්ඨ’ට්ඨා’සිංසු ඛත්තියා.
Sinhala BJT2886. පස්විසිදහස් කපෙක අබ්බුද - නිරබ්බුද වූ ගණන් විසින් මහා ආයු ඇති ව කපකට අට අට බැගින් මනුජාධිපති වූ ක්‍ෂත‍්‍රිය රජහු වූහ.
Pali BJT2887. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2887. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නිග්ගුණ්ඩිපුප්ඵයො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණඩිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනිග්ගුණ්ඩිපුප්ඵියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTනිග්ගුණඩිපුප්ඵිය ස්ථිවිරාවදානය සත්වැනි යි.
Pali BJT328. සුමනාවෙලියත්ථෙරාපදානං.
Sinhala BJT328. සුමනාවේලිය ස්ථවිරාවදානය
Pali BJT2888. වෙස්සභුස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, සබ්බෙ ජනා සමාගම්ම මහාපූජං කරොන්ති තෙ.
Sinhala BJT2888. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට ඒ සියලු ජනයෝ එක්ව මහා පූජාවක් කෙරෙත්.
Pali BJT2889. සුධාය පිණ්ඩං කත්වාන ආවෙලං සුමනායහං, සීහාසනස්ස පුරතො අභිරොපෙසහං තදා.
Sinhala BJT2889. මම එකල්හි සුණු පිඩක් සමන් මල්දම් සහිත කොට බුද්ධාසනය ඉදිරියෙහි නගා ලීමි.
Pali BJT2890. සබ්බෙ ජනා සමාගම්ම පෙක්ඛන්ති පුප්ඵමුත්තමං, කෙනි’දං පූජිතං පුප්ඵං බුද්ධසෙට්ඨස්ස තාදිනො.
Sinhala BJT2890. “තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට කවරකු විසින් මේ මල් පුදන ලදදැ” යි සියලු දෙනා එක්ව උතුම් මල් දෙස බලත්.
Pali BJT2891. තෙන චිත්තප්පසාදෙන නිම්මාණං උපපජ්ජහං, අනුභොසිං{1} සකං කම්මං පුබ්බෙ සුකතමත්තනො.
Sinhala BJT2891. මම ඒ චිත්තප‍්‍රසාදය හේතු කොට ගෙණ නිර්‍මාණරතී දිව්‍යාලෝකයෙහි උපන්මි. පෙර තමා විසින් කරණ ලද පුණ්‍යකර්‍මය (පිළිබඳ විපාකය) අනුභව කෙළෙමි.
Pali BJT2892. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සබ්බෙසානං පියො හොමි පුප්ඵපූජායි’දං ඵලං.
Sinhala BJT2892. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද (ඒ හැම තන්හි ම) සියලු දෙනාට ප‍්‍රිය වෙමි. පුෂ්ප පූජාවෙහි මේ විපාක යි.
Pali BJT2893. නාභිජානාමි කායෙන වාචාය උද චෙතසා, සංයතානං තපස්සීනං කතං අක්කොසිතං මයා.{2}
Sinhala BJT2893. සන්හුන් ඉඳුරන් ඇති තවුසනට කයින් හෝ වචනයෙන් හෝ වැලි සිතින් හෝ මා විසින් කළ නින්‍දාවක් නො දනිමි.
Pali BJT2894. තෙන සුචරිතෙනාහං චිත්තස්ස පණිධීහි ච, සබ්බෙසං පූජිතො හොමි අනක්කොසස්සි’දං ඵලං.
Sinhala BJT2894. මම එම සුචරිතයෙන් ද, චිත්තප‍්‍රණිධි හේතුයෙන් සියලු දෙනා විසින් පුදන ලද්දෙම් වෙමි. (තවුසනට) ආක්‍රෝශ නො කිරීමෙහි මේ විපාක යි.
Pali BJT2895. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායි’ඉදං ඵලං.{2}
Sinhala BJT2895. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2896. ඉතො එකාදසෙ කප්පෙ සහස්සාරො’සි ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2896. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සහස්සාර නම් සක්විති රජෙකිම් වීමි.
Pali BJT2897. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2897. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුමනාවෙලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනාවේලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසුමනාවෙලියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTසුමනාවේලිය ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT329. පුප්ඵඡත්තියත්ථෙරාපදානං.
Sinhala BJT329. පුප්ඵඡත්තිය ස්ථවිරාවදානය
Pali BJT2898. සිද්ධත්ථස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, සච්චං පකාසයන්තස්ස නිබ්බාපෙන්තස්ස පාණිනො.
Sinhala BJT2898-2899. තාදී ගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ සත්ත්‍වයන් නිවණට පමුණුවන්නා වූ සත්‍යය දේශනා කරන්නා වූ භාග්‍යවත් වූ සිද්ධාත්‍ථී බුදුරජුන්හට දියෙහි හටගත් මනරම් නෙළුම් මල් ගෙණවුත් පුෂ්පච්ඡත‍්‍රයක් (=මල්කුඩයක්) නගා ලීමි.
Pali BJT2899. ජලජං ආහරිත්වාන සතපත්තං මනොරමං, පුප්ඵස්ස ඡත්තං කත්වාන බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2900. සිද්ධත්ථො ච ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, භික්ඛුසඞ්ඝෙ ඨිතො සත්ථා ඉමං ගාථං{1} අභාසථ:
Sinhala BJT2900. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ත‍්‍රිවිධ ලෝකය ම අවබෝධ කළ ශාස්තෘ වූ සිද්ධාත්‍ථි බුදුරජ තෙමේ භික්‍ෂු සඞ්ඝයා මැද වැඩ හුන්නේ මේ ගාථාව වදාළේය:
Pali BJT2901. “යො මෙ චිත්තං පසාදෙත්වා පුප්ඵඡත්තං අධාරයි{2} තෙන චිත්තප්පසාදෙන දුග්ගතිං සො න ගච්ඡති.”
Sinhala BJT2901. “යමෙක් මා කෙරෙහි සිත පහදවා මල් කුඩයක් දැරී ද, හෙතෙම ඒ සිත පැහැදවීම කරණ කොට ගෙණ දුගතියකට නො යයි.”
Pali BJT2902. ඉදං වත්වාන සම්බුද්ධො සිද්ධත්ථො ලොකනායකො, උය්යොජෙත්වාන පරිසං වෙහාසං නභමුග්ගමි.
Sinhala BJT2902. ලෝකනායක වූ සිද්ධාත්‍ථි සම්බුදුරජ තෙමේ මෙය වදාරා පිරිස යවා අහසට නැංගේය.
Pali BJT2903. වුට්ඨිතෙ නරදෙවම්භි සෙතච්ඡත්තම්පි වුට්ඨහි, පුරතො බුද්ධසෙට්ඨස්ස ගච්ඡති ඡත්තමුත්තමං.
Sinhala BJT2903. නරදේව වූ බුදුරජුන් අහස් නැඟි කල්හි සේසත ද නැංගේය. බුදුරජුන්ගේ ඉදිරියෙහි මහඟු ඡුත‍්‍රය ද යෙයි.
Pali BJT2904. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඡත්තමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵඡත්තස්සි’දං ඵලං.
Sinhala BJT2904. මෙයින් සිවු අනූවන කපෙහි යම් ඡත්‍රයක් පිදූයෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත‍්‍ර පූජාවෙහි මේ විපාක යි.
Pali BJT2905. චතුසත්තතිකප්පම්හි අට්ඨ ජලසිඛා අහූ, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2905. සූසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ‘ජලසිඛ’ නම් අට සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2906. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2906. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුප්ඵඡත්තියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් පුප්ඵඡතතිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTපුප්ඵඡත්තියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTපුප්ඵඡතතිය ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT330. සපරිවාරඡත්තදායකත්ථෙරාපදානං.
Sinhala BJT330. සපරිවාරඡත්තදායක ස්ථවිරාවදානය
Pali BJT2907. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, අකාසෙ ජලවුට්ඨී’ව වස්සති ධම්මවුට්ඨියා.
Sinhala BJT2907. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජ තෙමේ අහස් ජලමේඝයක් මෙන් දහම් වහරේ (වැසි) වස්වයි.
Pali BJT2908. තමද්දසාසිං සම්බුද්ධං දෙසෙන්තං අමතං පදං, සකං චිත්තං පසාදෙත්වා අගමාසිං සකං ඝරං.
Sinhala BJT2908. අමාපදය (නිවණ) දෙසන්නා වූ සම්බුදුරජුන් දිටිමි. දැක තම සිත පහදවා සිය ගෙට ගියෙමි.
Pali BJT2909. ඡත්තං අලඞ්කතං ගය්හ උපගච්ඡිං නරුත්තමං, හට්ඨො හට්ඨෙන චිත්තෙන ආකාසෙ උක්ඛිපිං අහං.
Sinhala BJT2909. සැරසූ ඡත‍්‍රයක් ගෙණ නරෝත්තම වූ බුදුරජුන් වෙත එළඹියෙමි. සතුටු වූයෙම් සොම්නස් සිතින් මම එය අහස්හි නගා ලීමි.
Pali BJT2910. සුසඞ්ගහිතයානංව දන්තොව සාවකුත්තමො, උපගන්ත්වාන සම්බුද්ධං මත්ථකෙ සම්පතිට්ඨහි.
Sinhala BJT2910. එය මැනවින් සකස් කළ යානයක් මෙන් ද, උතුම් ශ‍්‍රාවකයකු මෙන් ද සම්බුදුන් වෙත එළඹ හිස මතුයෙහි උඩ පිහිටියේ ය.
Pali BJT2911. අනුකම්පකො කාරුණිකො බුද්ධො ලොකග්ගනායකො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT2911. ලොවට අනුකම්පා කරන්නා වූ කාරුණික වූ ලෝකාග්‍රනායක බුදුරජ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළේය:
Pali BJT2912. “යෙන ඡත්තමිදං දින්නං අලඞ්කතං මනොරමං, තෙන චිත්තප්පසාදෙන දුග්ගතිං සො න ගච්ඡති.
Sinhala BJT2912. “යමකු විසින් අලඞ්කාර කරණ ලද මනරම් වූ මේ ඡත‍්‍රය දෙන ලද ද, ඒ චිත්තප‍්‍රසාදයෙන් හෙතෙම දුගතියට නො යයි.
Pali BJT2913. සත්තක්ඛත්තුඤ්ච දෙවෙසු දෙවරජ්ජං කරිස්සති, බත්තිංසක්ඛත්තුං රාජා ච{1} චක්කවත්තී භවිස්සති.
Sinhala BJT2913. හේ දෙව්ලොවෙහි සත්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දෙතිස් වරක් සක්විති රජ වන්නේ ය.
Pali BJT2914. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT2914. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT2915. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.”
Sinhala BJT2915. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූ ධර්‍මයෙන් ම කොට නිම කළාක් වැනි ඖරස බුද්ධපුත‍්‍රයෙක් ව සියලු ආස‍්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන රහත් ව පිරිනිවෙන්නේ ය.”
Pali BJT2916. බුද්ධස්ස ගිරමඤ්ඤාය වාචාසභිමුදීරිතං, පසන්නචිත්තො සුමනො භිය්යො හාසං ජනෙසහං.
Sinhala BJT2916. වදාරණ ලද ඒ අභීත වචන බුදුරජුන්ගේ හඬ යයි දැන මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැඩියක් ම සතුට ඉපද වීමි.
Pali BJT2917. ජහිත්වා මානුසිං යොනිං දෙවයොනිං{2} සමජ්ඣගං, විමානමුත්තමං මය්හං අබ්භුග්ගතං මනොරමං.
Sinhala BJT2917. මිනිස් අත්බව හැර දෙව් අත්බවට පැමිණියෙමි. මට මනරම් වූ උතුම් විමනෙක් පහළ විය.
Pali BJT2918. විමානා නික්ඛමන්තස්ස සෙතච්ඡත්තං ධරීයති, තදා සඤ්ඤං පටිලභිං පුබ්බකම්මස්සි’දං ඵලං.
Sinhala BJT2918. විමානයෙන් නික්මෙන්නා වූ මට සේසතක් දැරෙයි. එකල්හි (පෙර කඳ පිළිවෙළ) සිහි ලැබීමි. පූවකර්‍මයාගේ මේ විපාක යි.
Pali BJT2919. දෙවලොකා චවිත්වාන මනුස්සතත්තඤ්ච ආගමිං, ඡත්තිංසක්ඛත්තුං චක්කවත්තී සත්තකප්පසතම්භි’ තො.
Sinhala BJT2919. දෙව්ලොවින් සැවැ මිනිසත් බවට ද පැමිණියෙමි. මින් සත්සිය වන කපෙහි සවරක් සක්විති රජ වීමි.
Pali BJT2920. තම්හා කායා චවිත්වාන ආගඤ්ඡිං තිදසං පුරං, සංසරිත්වා’ නුපුබ්බෙන මානුස්සං පුනරාගමිං.
Sinhala BJT2920. ඒ මිනිසත් බැවින් සැවැ දෙව්ලොවට පැමිණියෙමි. පිළිවෙළින් (එහි) හැසිරැ නැවත මිනිසත් බවට පැමිණියෙමි.
Pali BJT2921. ඔක්කන්තං මාතුකුච්ඡිං මං සෙතච්ඡත්තමධාරයුං, ජාතියා සත්තවස්සො’හං පබ්බජිං අනගාරියං.
Sinhala BJT2921. මවුකුස්හි පිළිසඳ ගත් මට සේසතක් දැරූහ. මම උපතින් සත්හැවිරිදි වූයෙම් සසුන් වන්මි.
Pali BJT2922. සුනන්දො නාම නාමෙන බ්රාහ්මණො මන්තපාරගූ, ඵලිකං ඡත්තමාදාය සාවකග්ගස්ස සො අදා.{3}
Sinhala BJT2922. වේදපාරප්‍රාප්ත වූ ඒ සුනන්‍ද නම් බමුණු තෙමේ පළිඟු ඡත‍්‍රයක් ගෙණ අග‍්‍රශ‍්‍රාවකයන් වහන්සේට දුන්නේ ය.
Pali BJT2923. අනුමොදි මහාවීරො සාරිපුත්තො මහාකථී, සුත්වා’නුමොදනං තස්ස පුබ්බකම්මමනුස්සරිං.
Sinhala BJT2923. මහාවීර වූ ද මහාකථක වූ ද ශාරීපුත්‍රස්ථවිර තෙමේ අනුමෝදනා කෙළේය. උන්වහන්සේගේ අනුමෝදනාව අසා පූර්‍ව කර්‍මය සිහි කෙළෙමි.
Pali BJT2924. අඤ්ජලිම්පග්ගහෙත්වාන සකං චිත්තං පසාදයිං, සරිත්වා පුරිමං කම්මං අරහත්තමපාපුණිං.
Sinhala BJT2924. ඈඳිලි බැඳගෙණ සිය සිත පැහැදවීමි. පූර්‍ව (කුශල) කර්‍මය සිහි කොට රහත් බවට පැමිණියෙමි.
Pali BJT2925. උට්ඨාය ආසනා තම්හා සිරෙ කත්වාන අඤ්ජලිං, සම්බුද්ධමභිවාදෙත්වා ඉමං වාචමුදීරයිං:
Sinhala BJT2925. මම ඒ අස්නෙන් නැගිට දොහොත් මුදුනේ තබා ආදරයෙන් බුදුරජුන් වැඳ මෙම වචන කීමි:
Pali BJT2926. සතසහස්සෙ ඉතො කප්පෙ බුද්ධො ලොකෙ අනුත්තරො, පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො.
Sinhala BJT2926. මෙයින් සියක් දහස් වන කපෙහි ලොව්හි හැමට ම උතුම් වූ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කළා වූ (ත‍්‍රිවිධ) ලෝකය මැනවින් දත් ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර බුදුරජතෙම (ලොව පහළ විය.)
Pali BJT2927. තස්ස ඡත්තං මයා දින්නං විචිත්තං සමලඞ්කතං, උභො හත්ථෙහි පග්ගණ්හි සයම්භූ අග්ගපුග්ගලො.
Sinhala BJT2927. මා විසින් විසිතුරු වූ මනාව අලඞ්කාර කරණ ලද ඡත‍්‍රයක් උන්වහන්සේට දෙන ලදී. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග‍්‍රපුද්ගල වූ සර්‍වඥතෙම දොහොතින් එය පිළිගත්තේ ය.
Pali BJT2928. අහො බුද්ධො අහො ධම්මො අහො නො සත්ථු සම්පදා, එකච්ඡත්තස්ස දානනෙ දුග්ගතිං නූපපජ්ජ’හං.
Sinhala BJT2928. බුදුරජතෙම ආශ්චර්‍ය්‍ය යි. ධර්‍මය ආශ්චර්‍ය්‍ය යි. අපගේ ශාස්තෘ සම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය යි. මම එක ඡත‍්‍රයක් දීම හේතුකොට ගෙණ දුගතියක නො උපන්මි.
Pali BJT2929. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT2929. මවිසින් කෙලෙස් දැවින. සියලු භව නැසින. සියලු ආස‍්‍රව පරිඥානයෙන් දැන රහත් ව වෙසෙමි.
Pali BJT2930. පටිසම්භිදා චතස්සො විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2930. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සපරිවාරජත්තදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරඡත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසපරිවාරජත්තදායකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTසපරිවාරඡත්තදායක ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඋම්මාපුප්ඵඤ්ච පුලිනං හාසො යඤ්ඤො නිමිත්තකො, සංසාවකො නිග්ගුණ්ඩී ච සුමනං පුප්ඵඡත්තකො, සපරිවාරඡත්තො ච ගාථා සත්තසතුත්තරා.
Sinhala BJTඋම්මාපුප්ඵිය පුලින හාස යඤ්ඤ නිමිත්තක සංසාවක නිග්ගුණ්ඩී සුමන පුප්ඵච්ඡත්තක සපරිවාරච්ඡත්ත දැයි එක්සියසතෙක් ගී වෙයි.
Pali BJTඋම්මාපුප්ඵියවග්ගො තෙත්තිංසතිමො.
Sinhala BJTඋම්මාපුප්ඵිය වර්‍ගය තෙතිස් වනු යි.
Pali BJT34. ගන්ධධූපියවග්ගො
Sinhala BJT34. ගන්‍ධධූපිය වර්‍ගය
Pali BJT331. ගන්ධධූපියත්ථෙරාපදානං.
Sinhala BJT331. ගන්‍ධධූපිය ස්ථවිරාවදානය
Pali BJT2931. සිද්ධත්ථස්ස භගවතො ගන්ධධූපමදාසහං, සුමනෙහි පටිච්ඡන්නං බුද්ධානුච්ඡවිකඤ්ච තං.
Sinhala BJT2931. මම සිදුහත් බුදුරජුන්හට සුවඳ දෑ දිනිමි. සමන් මලින් මුසු එය බුදුරජුන්හට නිසි ද වෙයි.
Pali BJT2932. කඤ්චනග්ඝියසඞ්කාසං සම්බුද්ධං ලොකනායකං,{1} ඉන්දීවරංව ජලිතං ආදිත්තංව හුතාසනං.
Sinhala BJT2932. කසුන් ඇගෑවක් මෙන් බබලන නිලුපුල් මලක් මෙන් දිලියෙන ඇවිලෙන ගින්නක් වැනි වූ-
Pali BJT2933. ව්යග්ඝූසභංව පවරං අභිජාතංව කෙසරිං, නිසින්නං සමණානග්ගභික්ඛුසඞ්ඝපුරක්ඛතං.
Sinhala BJT2933. ව්‍යාඝ්‍රර්‍ෂභයකු මෙන් ද අභිජාත කේශරසිංහයකු මෙන් ද ශ්‍රේෂ්ඨ වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසඞ්ඝයා පිරිවාරාගෙණ හුන්නා වූ (එම සිදුහත් බුදුරජුන්)-
Pali BJT2934. දිස්වා චිත්තං පසාදෙත්වා පග්ගහෙත්වාන අඤ්ජලිං, වන්දිත්වා සත්ථුනො පාදෙ පක්කාමිං උත්තරාමුඛො.
Sinhala BJT2934. දැක සිත පහදවා ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ උත්තරදිශාභිමුඛ ව (උතුරු දෙසට හැරී) ගියෙමි.
Pali BJT2935. චතුනවුතෙ ඉතො කප්පෙ යං ගන්ධමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ගන්ධපූජායිදං ඵලං.
Sinhala BJT2935. සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් සුවඳ දැයක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියත් නො දනිමි. ගන්‍ධධූප පිදීමෙහි මේ විපාකය යි.
Pali BJT2936. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2936. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරාජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගන්ධධූපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ගන්‍ධධූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTගන්ධධූපියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTගන්‍ධධූපියස්ථවිරාවදානය පළමු වැනි යි.
Pali BJT332. උදකපූජකත්ථෙරාපදානං.
Sinhala BJT332. උදකපූජක ස්ථවිරාවදානය
Pali BJT2937. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ගච්ඡන්තං අනිලඤ්ජසෙ, ඝතාසනංව ජලිතං ආදිත්තංව හුතාසනං.
Sinhala BJT2937. දිලියෙන ගින්න බඳුවූ ද ඇවිළගත් අග්නිය වැනිවූ ද අහසෙහි වඩින්නා වූ රන්වන් වූ සම්බුදු රජුන් දුටිමි.
Pali BJT2938. පාණිනා උදකං ගය්හ ආකාසෙ උක්ඛිපිං අහං, සම්පටිච්ඡි මහාවීරො බුද්ධො කාරුණිකො ඉසි.
Sinhala BJT2938. (දැක) මම අතින් දිය ගෙණ අහසෙහි ඉසීමි. මහාවීර වූ කාරුණික වූ සර්‍වඥ ඍෂි තෙමේ එය පිළිගත්තේ ය.
Pali BJT2939. අන්තලික්ඛෙ ඨිතො සත්ථා පදුමුත්තරනාමකො, මම සඞ්කප්පමඤ්ඤාය ඉමං ගාථමභාසථ:
Sinhala BJT2939. අහසෙහි වැඩසිටියා වූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන මේ ගාථාව වදාළේය:
Pali BJT2940. “ඉමිනා දකදානෙන පීතිඋප්පාදනෙන ච, කප්පසතසහස්සම්පි දුග්ගතිං නූපපජ්ජසි.”
Sinhala BJT2940. “මේ ජලදානය හේතුකොට ගෙණ ද මා කෙරෙහි ප්‍රීතිය උපදවීම හේතුකොට ගෙණ ද කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදනෙහි ය”.
Pali BJT2941. තෙන කම්මෙන දිපදින්ද ලොකජෙට්ඨ නරාසභ, පත්තොම්හි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
Sinhala BJT2941. ද්විපදෝත්තම වූ, ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්ස, එම කර්‍මය හේතුකොට ගෙණ ජය පරාජය හැර අවලස්ථානය වූ නිවණට පැමිණියෙම් වෙමි.
Pali BJT2942. සහස්සරාජනාමෙන තයො ච චක්කවත්තිනො, පඤ්චසට්ඨිකප්පසතෙ චාතුරන්තා ජනාධිපා.
Sinhala BJT2942. එක්සිය හැටපස් වන කපෙහි සිවුසයුර හා (සිවුමහ දිවයින් කෙළවර කොට ඇති) පෘථිවියෙහි අධිපති වූ ජනාධිපති වූ සහස්සරාජ නම් වූ තුන් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2943. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2943. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උදකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTඋදකපූජකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTඋදකපූජක ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT333. පුන්නාගපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT333. පුන්නාගපුප්ඵිය ස්ථවිරාවදානය